උදෑසන 5.50ට අපිව පටවගන්න මහව කෝච්චිය හැල්මේ කොළඹට ඇවිත් 8.20 විතර වෙද්දි අපිව මරදානෙන් හලනවා... දැන් නම් මේ කාලසටහන වෙනස් කියලා තමයි ආරන්චි... ඉතින් මේ පැය දෙක හමාර ඉත විනෝදයෙන් ගෙවෙන්නෙ නිකන් විනාඩි 15ක් ගත වෙනවා වගේ.... මඩ ගැසීම්, විහිළු තහළු, කාඩ් සෙල්ලම්, අනියම් ප්‍රේම සම්බන්ධතා, නියම ප්‍රේම සම්භන්ධතා ආදී මෙකී නොකී ගොඩාක් ක්‍රියා කෝච්චිය ඇතුලෙ තියෙනවා මේ පොඩි වෙලාවෙ....
අපි ඉතින් තාරුන්‍යයෙ හොදම කාලෙ නිසා කෝච්චියේ එලියෙ සහ ඇතුලෙ ගිය ගෑණු ළමයි කෙරෙහි තමයි වැඩි අවධානයක් යොමු කලේ... වැඩියෙන්ම අවධානයක් යොමු කලේ කෝච්චි පාරත් එක්ක සමාන්තරව දිවෙන ගුරු පාරවල් වල පයින් යන ගෑණු ළමයි කෙරෙහි තමයි..... ඔවුන් තමයි අපේ විහිලු වලට ගොඩාක්ම ගොදුරු උනේ.... ඒත් ඒවා හරි අහින්සක විහිළු.... 13 වෙනි පෙට්ටියෙන් දෙන ගැට වලට ගොදුරු වන අයට විශාල හූවක් නිර්මාණය වෙන්නෙ 14 වන පෙට්ටියෙන්..... අනේ මන්දා වටේ යනවද කියලා..ඒත් පසුබිම නොකිය කතාව කිව්වම වැඩකුත් නෑනෙ.... හරි ඔන්න කථා ටික.....
උදේ පාන්දර ගුරු පාරවල් දිගේ ලස්සනට ඇද ගත්ත ගෑණු ළමයි ලස්සනට ඇවිදගෙන එනවා... කුරුණෑගල ඉදන් එද්දි ප්‍රධාන වශයෙන් දුම්රිය පලවල් තුනකදී මේ දසුන් ඉතා සමීපව අපිට දකින පුළුවන්.... ගිරාඹේ, අඹේපුස්ස, සහ වේයන්ගොඩ දුම්රිය ස්ථාන කිට්ටුව තමයි මේ ගුරු පාරවල් සෙට් එක තියෙන්නෙ... ඔන්න ආයෙත් කතාව පිට... ඉතින් මේ ගෑණු ළමයි දකින අපේ උන්ට කට වහගෙන ඉන්න බෑනෙ... ඔන්න ඉතින් එකෙක් මෙහෙම කෑ ගහනවා....
ආ.. නංගී මොකද තවම පනාව ඔළුවේ......
එක පාරටම එයාලට හිතෙන්නෙ උදේ කොන්ඩෙ පීරපු පනාව තවම ඔලුවෙ ගහගෙනදෝ කියලා... ඉතින් අතේ තියෙන දේවල් බිම අත ඇරලා අත කෙලින්ම ඔළුවට ගෙනියනකොට තමයි තේරෙන්නෙ රැවටුනා නේද කියලා... ඒ එක්කම 14 වෙනි පෙට්ටියෙන් එන හූ සද්දෙට බනින්න හදනකොටම මෙන්න කෝච්චිය ගිහින්....
පිරිමි අයට වෙන්නෙත් මේ හා සමාන දෙයක්.... කොච්චර දැකලා තිබ්බත් කෝච්චිය දිහා හැමෝම බලනවනෙ.... ඉතින් මේ කෝච්චිය දිහා බලන පිරිමි අයට අපේ උන් බෙරිහන් දෙන්නෙ මෙහෙම....
ඔන්න මනුස්සයෝ හැප්පෙයි..........
මොහොතකින් කෝච්චිය දිහා බලාගෙන ඉන්න මනුස්සයා හෙනට කලබල වෙලා කානුවට පනින්න හදන්නෙ පස්ස බලන ගමන්.... අන්තිම මොහොතෙදි තේරෙද්දි තමන් රැවටුනා කියලා තියෙන හොදම වචන වලින් තමයි අපිට බනින්න හදන්නෙ.... ඒ වෙනකොත් 14 වෙනි පෙට්ටියේ හූවට මනුස්සයා ගොදුරු වෙලා ඉවරයි...... බනින කොට කෝච්චිය ගිහිල්ලත් ඉවරයි.......
ඉතින් අපේ උන් මේ අම්මට නැන්දම්මේ කියලා කෑ ගහනවා.. එයත් ඒක විහිලුවක් ලෙස භාර අරගෙන අපිට අතත් වනලා ගෙදරට යනවා... ඔහොම යද්දි අර එක්ස් අයියටත් ඕන උනා නැන්දම්මේ කියලා කෑ ගහන්න.... මිනිහත් දුවන කෝච්චියෙන් ඔළුව එලියට දාලා මෙහෙම කිව්වා....
නැන්.. න්...න්... නැන්.... නැන්.. න්...න්... නැන්....
කියද්දි කෝච්චිය ගියා......
ඕක අහන් හිටපු කුමාර අයියා එක්ස් අයියට මෙහෙම කිව්වා...
මචන් එක්ස්, උඹ හෙට පොල්ගහවෙල හරියෙන් ඕක කියන්න පටන් ගනින්..... එතකොට මේ හරියට එද්දි ගානට කියා ගන්න පුළුවන්.....
තමන් බයිට් උන බව දැන ගත්ත එක්ස් අයියා කුමාර අයියා දිහා රවලා බලලා පාඩුවේ ඉද ගත්තා...
හික් හික්!! එළකිරි සහෝ! අරූ පව් හැබැයි
ReplyDeletenan nan nan.... elazzz.....
ReplyDeleteඅභීත කොතැනද එතැන ඉතිං මඩ නැත්තන් මොකද්ද මොකද්ද වගේනේ නේ..??
ReplyDeleteහික්ස්.. මරු කථා ටික අයියේ..
ReplyDeleteලොලේ ලොල්ස්.....
ReplyDeleteපට්ට පට්ට......
හික් හික් පට්ට ආතල් කාලයක් වගේ.
ReplyDeleteහිතලා හිනා වෙන්න දෙයක් නෑ අයියේ... නිකන්ම හිනා යනවා. එල එල තව ඇතිනේ කතා... දාන්න ඕනේ ඉක්මනට. අපි බලාගෙන ඉන්නවා.
ReplyDeleteහෆොයි..............
ReplyDeleteසිරා සීන් 1. නෑන්දම්මා නිකන් බලන්න ඈති මොකො මේ උනේ කියලා
ReplyDeleteඅනේ පව් දෙය්යනෙ එක්ස් අයියා.
ReplyDelete