මේ දවස්වල ටිකක් වැඩියෙන් බ්ලොග් වල තියෙන මාතෘකාවක් ගැන තමයි කියන්න හදන්නේ.... විවාහය ආදරය පවුල් ජීවිතේ ආදී විවිධ ඒ ආශ්‍රිත මාතෘකා සම්භන්ධයෙන් විව්ධ වූ දේවල් සිංහල බ්ලොග් ක්ශේත්‍රයේ අනන්තවත් ලිපි ලියවිලා තියෙනවා.. ඒවා ගැනත් පොඩි මාකටින් පාරක් දෙන ගමන් මම මේ මගේ අදහසුත් ඒ එක්කම දාන්න තමයි හදන්නෙ..... කුමන ලිපියෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ තවම.. කවුරුත් කියවන දුමීගෙ පෝස්ට් එකකින්ම මේ ගැන කියන්න පටන් ගමු එහෙනම්.... විවාහකයන්ගෙ බ්ලොග් ලිපි ගැන බලලා ඊට පස්සෙ බලමු තනිකඩයන්ගෙ බ්ලොග් ගැන....
දුමීගෙ බ්ලොග් එකේ තියෙන පවුල් ජීවිතේ ලිපිය බලනකොට වගේම තව බ්ලොග්ස් වල තියෙන විවිධ කතා වලිනුත් ගොඩාක් දේවල් මතක් වෙනවා... කතන්දරගෙ බ්ලොග් එකෙත් පවුල රැකෙන කතාවක් කියෙව්වා පොඩි තේ අලකලංචියක් ගැන... මේ හදිස්සියට ඒකත් හොයා ගන්න බැරි උනා..... මගෙත් පෙම් හසුන් කතාව ලිව්වෙ අනේ මේක ඩිලීට් කරන්න වෙයිදෝ කියන විචිකිච්චාවෙන්... ඒ අතරෙ මගෙ විවාහය ගැන අප්පච්චි කියපු කතාවෙනුත් ගන්න තියෙන ආදර්ශ කිහිපයක් තියෙනවා... මේ හැම කතාවකදිම කියන්නෙ සිංහයෝ වගේ බදින්න කලින් ජීවත් වෙන කොල්ලො පොඩි පසු බෑමකට ලක් වෙනවා කියන එකදෝ මන්දා.... (දුමී කියන්නෙ නම් මීයො වෙනවා කියලා...) තවත් පැත්තක් තියෙනවා... දුකාගෙ විවාහය හා සතුට කියන කොටසින් බලපුහාම ඒකෙ තියෙන ආතල් පැත්තත් අපිට පේනවා.... මාරයාත් ඉන්නේ බෑ කියාගත්ත ගමන්මනේ.... මාරයත් බයනම් අනිත් උන් ගැන කුමන කතාද නේද? මේවා බලලද කොහෙද පොඩි කුමාරිහාමිත් අපි වගේ පොඩි පිරිමි දරුවන්ට බනිනවා ඇට්ටි හැලෙන්න..... ඉතින් මේවා කියවන උන්ට බදින්න හිතෙන්නෙම නැති වෙනවා......
විවාහ වෙලා නැති අයගෙ බ්ලොග් බැලුවොත් කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි හොයා ගන්න හැටි, විවාහ වෙලා ජීවත් වෙන හැටි,මේකෙ සුන්දර පැත්ත ගැන ලියනවා, එක්කො කතා ලියනවා, එහෙම නැත්නම් කවි ලියනවා.. විවාහ ජීවිතේ සුන්දරත්වය බූට් කේස් ගමකට ලියවෙනවා.. මගේසඳ ලියන මලයත් සොදුරු සිතෙත් මේ වගේ ඒවා ඕනෙ තරම්.... හේමලයගෙත් ඒවා චුට්ටක් එහෙමද මන්දා.. පිස්සා මල්ලිත් ඉතින් කොහොමත් ආදරේට බර එකා නොවැ.. අපි දන්නවනෙ දිනිති නංගිගෙ කතා මාලාවෙන්ම.... පේනවනෙ බ්ලොග් ගඩොල් මලයත් කෙල්ලො පස්සෙ ගිහින් කරලා තියෙන දේවල්වල තරම.... විවාහ වෙලා ඉන්න අය එපා කියන විවාහ වෙලා නැති අය ඕන කියන මේ අරුම සංසිද්ධියේ තේරුම දන්න කෙනෙක් ඉන්නවද මම අහන්නෙ....
විවාහ වෙච්ච එකා විවාහ වෙන්න හදන එකාට මෙහෙම කියනවා..
අයියෝ මල්ලි මේ කසාදනම් බදින්න එපා.....
එතකොට විවාහ වෙන්න ඉන්න එකා මෙහෙම උත්තර දෙනවා...
ඒක තමයි අයියෙ සලකලා බලන්න ඕන...
මෙන්න ඊලඟ සතියේ ඌ බැඳලා....
ඕක ඉතින් කවදාවත් කෙලවර වෙන දෙයක් නොවෙන හින්දා තව කොච්චර දුර මේ බ්ලොග් පෝස්ට් එක ලිව්වත් කෙළවරක් නම් කරන්න බැරිවෙයි....
මගේ ගොඩාක් යාලුවන්ට විවාහ උත්සවයෙදි තෑග්ගක් දෙද්දි මම ඒකෙ මෙහෙම කවියක් ලියන්න පුරුදු වෙලා ඉන්නවා.... ඒ මෙහෙමයි....
සියලු සැප උතුරන....
දරුවන් ගෙදර පොර කන....
බිරිඳ බෙරිහන් දෙන......
දිනය නුඹටත් උදා වෙනු ඇත....

බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....
අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...

-
මගේ කතාව...... අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු ස...
-
විමල් වීරවංශ සහ උදය ප්‍රභාත් ගම්මන්පිල වෙත ලියමි. ඔබලාගේ වචනයෙන්ම කියනවානම්, රටක සිදුකෙරෙන විදේශ කුමණ්ත්‍රණකාරී අර්බුධයක් දඩමීමා කරගෙන සියල්...
-
මචන්, මේ ලියන මම ද, අරගල වලට ආදරය කරන මිනිහෙක්. මහ පොලවේ සටන්, අර ගල, විප්ලව මේ සියල්ලම දේශපාලනික කාරණා වුවද, සෑම තරුණ තරුණියක්ම රට වෙනුවෙන්...
අයියෝ මට බඳිනන් බෑ....මම බදින්නේ නැතෝ........
ReplyDeleteමමත් දෙතුන් වතාවක් කශාදේ ගැන ලියන්ට හිතල ඔන්න ඔහෙ අත් ඇරල දැම්මා... මොකද ඒ දවස්වල ඒ ගැන ඒ වගෙ අදහසක් හිතේ තිබුනු හින්දා... ඒත් ඕං ආයෙත් ඒක අවුරුද්දකට දෙකකට පෝස්ට්පෝන් වුනාලු...
ReplyDeleteමේ දන්නෙ නැතිකමටමයි අහන්නේ ඕං... ඇත්තටම කශාදේ ඔය බැඳපු උදවිය කියන තරම්ම තිත්තයිද ඈ...
(ආ.. අර එදා කතා කොරපු වැඩේ ඌ පෝස්ට්පෝන් කරා... ඒකයි ආපහු කතා නොකලේ.... :))
අනේ මෙ අභියෝ..බොලා වැටුනු වලට මෙ මාව වට්ටන්න හිතුවා මදි...
ReplyDeleteහනි මූන් දවසේ බාරියාවගෙන් කොට්ට ප්‍රහාරයක් එල්ල උන එක ගැනත් පෝස්ට් එකක් දැම්මනං..හිහ් හිහ්...
අභීතයෝ, ඔන්න ඕවට මම නම් නැහැ . අන්තිමට කාට හරි කසාදයක් හරි ගිය නැති උනහම මාව සහ මගෙ පරම්පරාව මතක් කොරන්න පටන් ගනියි.
ReplyDeleteඔය කසාදයක් කනවා කියන්නෙ හරියට නෙල්ලි ගෙඩියක් කනව වගේ තමයි. හැබැයි ඊට වඩා හැම ජාතියේම රස උපරිමටම තියෙනවා. ඔය නෙල්ලි ගෙඩියෙ හැම රස ජාතියක්ම යන්තමට වගේනෙ තියෙන්නෙ. ඒ කියන්නෙ ඇඹුල ටිකක් තියෙනවා, පැණි රස ටිකක් තියෙනවා, තිත්ත චුට්ටක් විතර තියෙනවා.
ඒ උනාට කසාදයක් කනව කියන්නෙ වෙලාවකට බිලිං ගෙඩියක් කනවා වගේ, තව වෙලාවකට මී වදයක් කනවා වගේ, තව වෙලාවකට කොහොඹ ජූස් බොනවා වගේ හරි ෂෝයි.
අනේ අභීත, මම එච්චරම බනිනවද? ඉන්නකෝ පොඩ්ඩක්, එන අවුරුද්දේ මාත් ඔයාල වගේ අමාරුවේ වැටුනුදාට ඔයාලට බලාගන්න පුලුවන් මම බනින රඟේ.
ReplyDeleteඔයාගේ පෝස්ට් එක ලස්සනට ලියලා තියනවා.
ඔයා ඇත්තටම බැඳලා නේ?
මොකද්ද අප්පා ඕකෙ ඔය තියන අමිහිරි පැත්ත.කවුරුවත් ඔව්ව කෙලින් කියන්නෙ නැහැනෙ.බඳින්නනම් එපා මල්ලි....කියනව මිසක් .දුමී අයියනම් මරු කතානෙ කියන්නෙ.හි..හි..,අර මී වදේ කන සිස්ටම් එක දිගටම පවත්වාගෙන යන විදිය ගැන දන්න කවුරු හරි ඉන්නවනම් කියන්නකො.
ReplyDeleteඅහලා තියන විදිහට විවාහය කියන්නේ අමු අඔ ගෙඩියක් ........
ReplyDeleteකවුරු හරි කනකොට අසාවේ බැහැ .... හැබැයි කෑවාම කට ඇඹුල් කරගන්නවා .......
හෆෝයි.... මට නං බැරියෝ....
ReplyDeleteහහ්.. හහ්.. බැඳලම තමයි ඇත්තද බොරැද කියල බලන්න ඕනෙ!
ReplyDeleteහි හි කසාදේ බැඳලම බලන්න් ඔනි.
ReplyDeleteනියම නිර්වචනය දුමී ගෙන් ලැබිල තියෙන්නෙ.
ප ලි/
මට නම් පේන්නෙ මූ කට්ටියගෙන් ජරාවක් කාලා බ්ලොග් ටික ප්‍රසිද්ද කොරල වගේ.....................D
මොනා වුනත් අන්තිම කවියනම් මරු.
ReplyDeleteදැම්ම කල් වැඩියි තව අවුරුදු 9 විතර තියනවා . "බඳින්න " මතක් වෙද්දිත් බයයි ..
ReplyDeleteජයවේවා !!
හික්ස්! බැදලාම තමයි බලන්න වෙන්නෙ.හැබැයි වැඩේ ලේසි නෑ කියලා දැන් ටික ටික තේරෙනවා........
ReplyDeleteමම තනිකඩ එකා වෙච්චි... මේ මතත් දැන් තේරෙනවා ඕක ලේසි පාසු කෙලියක් නම් නෙමෙයි කියලා... නොබැද ඉන්න එකත් ලෙඩක්... බැන්දම ඒක ඊට වඩා ලෙඩක්... අනේ මන්දා බොල මෙව්වට...
ReplyDeleteකල වයසත් හරියාගෙන නොවැ එන්නේ... හපොයි...
කවිය නම් සිරා
ReplyDeleteඔය කසාද බඳින්නේ නැහැ කියපු පොරවල් තමා මුලින්ම කසාද බඳින්නේ අපි හැමෝටම කලින් කියලයි මට නම් හිතෙන්නේ.
ReplyDeleteකොහොම වුනත් මම නම් කවුරු මොනවා කිව්වවත් කසාද බඳින එක බඳිනවාමයි. අම්මපා :) :) :)
ආපු මුලු දවසෙම හොඳ මාතෘකාවක්නෙ හම්මබ වුනේ..බඳින්න..ම්..ම්..සලකා බලන්නම්කො..
ReplyDeleteහැබීව හැබෑව... නෑ නෑ කිය කිය ඉන්න උන් තමයි කාටත් හොරා ඉස්සර වෙන්නේ... :)
ReplyDeleteරහසින්:(අඩේ අභී... පොඩ්ඩක් කොමන්‍ට් ටික ආයේ බලපං. පොඩි කුමාරිහාමි උඹ බැඳලද කියලා අහලා තියෙනවා. නෑ කියපං.... )
:D :D :D
හික්ස්.. හයියෝ....තනිකඩ ජීවිතේ හොදා අප්පා. ඔය විරහ ගීයක් දෙකක් ලියාගෙන ඉන්න එකනේ...හික් හික්...
ReplyDeleteකවියත් ඇති තෑගි නැතුව...
ReplyDeleteමං බ්ලොග් කියවන්න පටන් ගත්තේ 2010 දෙසැම්බර් විතර අභීත. මේක මට මිස් වෙච්ච පෝස්ට් එකක්, මගෙ "අන්තිම පේලියේ" පෝස්ට් එකට දාපු ලින්ක් එක හරහ ආවෙ. මේකේ දීල තියෙන ලිනක්ස් ටිකත් කියෝල බලන්නං. තෑන්ක්ස්.
ReplyDelete