Sunday, May 29, 2011

එන්න ඇඩ් දාන්න.. අතීතාවර්ජනයක සොඳුරු හා දුක්බර සටහන්.... ටිකක් හිනාවෙන්න අරගෙනත් දැන් අවුරුද්දක්.......

දැන් ඉතින් දන්නවනේ මම මොකක් ගැනද මේ කියන්න යන්නේ කියලා.... පහුගිය දවස්වල ගොඩාක් බ්ලොග් කරුවෝ තමන්ගේ අවුරුද්දේ උපන්දිනේ සැමරුවා..... දුමී, වැම්පයර්, සෝරෝ, ප්‍රියන්ත, පිණිබිඳු ආදී තවත් බ්ලොග් කරුවෝ දෙතුන් දෙනෙක්.... ඔන්න ඉතින් මම අද සමරනවා... උපන් දිනේ අද සැමරුවාට හරි උපන් දිනේ ඊයේ තමයි තිබ්බේ..... ඉතින් මේ අවුරුද්ද තුල සොම්නස හා දොම්නසත් එක්ක ගෙවිච්ච අවුරුද්දක් කිව්වොත් තමයි නිවැරදි.....



හරි ඉතින් මේ අවුරුද්ද තුල වෙච්ච සිදුවීම් ලියන්න ගියොත් ඇනිවසරි සීරීස් එකක් ලියන්න වෙනවා... ඒ නිසා සතුටු සිතෙන සිද්ධි, කටු කාපු සිද්ධි වගේම දුක හිතෙන සිද්ධි වෙන වෙනම සටහන් කරලා පුංචි ඡේද තුනක් ලියලා තවත් ඡෙද දෙකක් ලියලා අවසන් කරමු මේක....


සතුටු හිතෙන සිද්ධි ගැන කිව්වොත් ඒවා තමයි වැඩිම..... හිත හොඳ යාලුවෝ ගොඩාක් දෙනෙක් අඳුරගන්න ලැබීම තම බ්ලොග් එකෙන් මට වුන ලොකුම දේ... ඉතින් ඒ එක වගේ සිත් තියෙන අය ලොකු ලොකු වැඩ ගොඩකට අත ගැහුවා නේ.... සයිබරයේ සිහින උළෙල තමයි ඒකෙදි ඉදිරියෙන්ම ඉන්නේ.... දිළුම් වෙනුවෙන් මුළු සයිබර් අවකාශයම අත්වැල් බැඳ ගත්ත හැටි මතක් වෙද්දිත් හිතට අමුතුම ජවයක් එනවා... මේ වගේ සිද්දිනම් ඉතින් අනන්තවත් ලියන්න පුළුවන් තව....


ඊලඟට ලියන්නේ මේ වසර තුල කාපු කටු.... හොඳම කට්ට තමයි මගේ ලෝකය ලියන රංග මහත්තයාත් එක්ක කාපු කට්ට.... කට්ට කොච්චර රහයිද කියනවනම් කවි සිතුවිලිත් පහල උනා.... ඊලඟට අප්‍රේල් එක සහ දෙකත් කෑවා කට්ටක් පිස්සු හැදෙන්න... ඒවා දන්නේනම් දුකා අයියා විතරයි.... හික්.


දුක හදවතට කිට්ටුවෙන් දැනුනම සිද්ධිය තමයි ඉලංදාරියාගේ වෙන්වීම... ලේසියකට කඳුළු නොගලන අපේ ඇස් වලට කඳුළු අර ආවේ ඉලංදාරියා... ඒ වගේම අපේ ආදරණීය කුමුදු පිංතු ගුරුතුමාගේ වියෝවත් දරන්න අමාරුයි.... ඒත් මේ හැම දුක් සිද්ධියක්ම එක්ක ගැටෙමින් අපි ඉදිරියට යන එක තමයි කරන්න තියෙන හොඳම එක....



ඔන්න පළවෙනි ටික ඉවරයි..දැන් ස්තූතිය..... හැමදාමත් වගේ කතන්දරට ස්තූතිවන්ත වෙන්න ඕන.. අහම්බෙන් හම්බ වුන ඔහුගේ සයිට් එක දැක්ක නිසා තමයි මම බ්ලොග්කරණයට ආවේ..... ඊලගට වැප් නිශාන්ත මල්ලි.... බ්ලොග් කරණයේ තාක්ෂණික පැත්ත හදුන්වලා දීලා මාව ටිකක් ගොඩ දැම්මේ ඔහුයි...අනිකුත් උදව් කරපු.. මෙච්චර කාලයක් මගේ වටේ හිටපු, හිට්ස් 53000කට වඩා වගේම 1800කට වඩා කමෙන්ට්ස් දාපු ඔබට ස්තූතියි... පෝස්ට් 115කට වඩා දාපු මටත් ස්තූතියි.... මම වටේ ඉන්න මගෙම සොයුරු සොයුරියන් වෙච්ච බ්ලොග්, බස්, බුකි, මිතුරු මිතුරියන් හැමෝටමත් ස්තූතියි...... 


මෙන්න එහෙනම් ඔක්කොටම උපන් දින තෑගි..... මේකට ගොඩ වෙන හැමෝම තමන්ගේ බ්ලොග් එකේ ලින්ක් එක කමෙන්ට් එකක් විදිහට දාන්න..... මේක පටන් ගත්තේ මාරයා.... ඊලඟට රංග... ඔන්න දැන් මම.... හැමෝටම පුළුවන් මෙතන තමන්ගේ බ්ලොග් එකේ මොනවද තියෙන්නේ, මොනවද ලියන්නේ කියලා කෙටි සටහනක් එක්ක ලින්ක් එක දාලා යන්න අමතක කරන්න එපා... එහෙනම්...මම ගියා.... තවත් රස කතා කිහිපයකින් ඉදිරියේදී හමුවෙමු සහෝදර සහෝදරියනි.....

63 comments:

  1. සුබ උපන්දිනයක් වේවා අබීත අයියාගේ බ්ලොග් එකට


    එකක් කියලා කියන්න බැරි අච්චාරුවක් වෙච්ච මගේ
    වැඩපොත

    ReplyDelete
  2. ‍මෙලෝ රහක් නැති ... මේලෝ වැඩක් නැති නියම ලිපි ටිකක් කියවන්න මෙතනට යන්න

    ReplyDelete
  3. Happy Happy Birthday Abi ayya's Blog.. passe dannam

    ReplyDelete
  4. සුබ උපන්දිනයක් වේවා..!
    මේ තියෙන්නේ ඉතින් මගේ බ්ලොග් කැල්ල තමා
    මෙතනින් යන්න

    ReplyDelete
  5. අවුරුද්දේ උපන් දිනේට හදවතින්ම සුභ පතනවා අභීත අයිය.
    ඉක්මනින්ම ඩබල් සෙන්චරිය ගහන්න ලැබෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා..
    මගේ ADD එක : ආදරණීය සිහින බ්ලොග් එක ලියන මම තමයි තිශ්.
    අතීත ආදරයක මතක සටහන් ටිකෙන් ටික ලියාගෙන යනවා මේ දවස වල.ඔයාලත් ඇවිත් යන්න එන්න.
    ආදරණීය සිහින

    ReplyDelete
  6. අභිත අයියට ජයවේවා..!
    (උඹට ඕනේ දෙයක් දාපං ටැංකිය ගැනග හැම දේම ටික ටික තියෙනවනේ...)

    ReplyDelete
  7. සුබ මෙව්වා එකක් වේවා අංකල්... :)

    ReplyDelete
  8. සුබම සුබ උපන්දිනක් කිව්වා. ඇඩ් දාන්න නම් පුළුවන් නේ
    තවත් කාලයක් බ්ලොග් ලියන්න අවස්ථාව ලැබේව

    http://dayariya.dcreation.info/

    ReplyDelete
  9. අහ අමතක වුන මැයි 15 මගේ බ්ලොග් එක තුන්වන වසරට පා තැබුවා http://dayariya.dcreation.info/?p=1147

    ReplyDelete
  10. හැප්පි හැප්පි මේව්වා එකක් වේවා අභිත අයියේ... චිරාත් කාලායක් හිනස්සවන්න ලැබේවා...

    http://kaveej.blogspot.com/ ඔන්න ඉතින් හංසියාගේ තවලම... දුක සතුට උපකල්පන නිර්මාණ සහ නොදැනෙන්න දෙන මඩත් එක්ක ගින්දර වගේ කවි ලියන බ්ලොග් එක...

    ReplyDelete
  11. අභීත අයියා සුබ උපන්දිනයක් වේවා... ලින්කුව දැම්මේ නැති උනාට සොරි හොඳේ.මගේ බ්ලොග් එක මෙලෝ රහක් නැති වැඩකට නැති එකක්....

    ReplyDelete
  12. සුබම සුබ උපන් දිනයක් වේවා...ඔන්න මමත් සුබ පැතුවා

    http://jeevithayewassanayen.blogspot.com/

    ReplyDelete
  13. සුබ උපන්දිනයක් වේවා සහෝ....

    ReplyDelete
  14. සුබ උපන් දිනයක්..චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා..

    ReplyDelete
  15. සුබ උපන්දිනයක් වේවා.....

    ReplyDelete
  16. සුභම සුභ උපන් දිනයක් වේවා කියන ගමන්ම අභී අය්යේ මම බොක්කෙන්ම ස්තූති කරනවා ඔයාට මගෙ චූටි බ්ලොග් 1 ඔයා කියවන ඒවා ගොඩට දාපු 1 ට.. මගේ චූටි මොන්ටිසෝරි බ්ලොග් 1ට ඒක ලොකු හයියක් හොඳේ...මේ මගේ අහින්සක බ්ලොගය..

    http://ravinyasitha.blogspot.com/.

    ReplyDelete
  17. සුභ උපන්දිනයක් වේවා. තව හුඟක් කල් ටිකක් හිනා වෙන්න ලැබේවා.

    ReplyDelete
  18. සුභ උපන්දිනයක් අභීතගේ බ්ලොග් එකට. තවත් බොහෝ කාලයක් අපිව හිනස්සවන්න ලැබේවා.
    මගේ මතකය ගැන වැඩිය කියන්න ඕන නෑනේ. කලින් බ්ලොග් කීපයකම ගියානේ

    ReplyDelete
  19. මමත් ඔබේ බ්ලොග් එක කියෙව්වට අදහස් දක්වලා නැතුව ඇති. සුභ උපන් දිනයක් වේවා.

    ReplyDelete
  20. ගෙවුන මඟ බෝ දුර
    සතුටකිය සිහිවන වර
    හින්නවෙන්නට වෙර
    දැමූවත්, නුඹ කරන් මෙහෙවර

    සුභ පැතුම්..

    ReplyDelete
  21. සුබ උපන්දිනයක් වේවා..!

    මගේ සිතිවිලි කියවන්න මෙතනට යන්න.. :)

    ReplyDelete
  22. ඔන්න බ්ලොග් එකේ උපන්දිනයට මගෙනුත් උණුසුම් සුභ පැතුම්.....

    http://kotajeewithe.blogspot.com/

    ReplyDelete
  23. තව ගොඩාක් කල්, ගොඩක් දෙනෙක්ව, ගොඩක් හිනස්සන්න ලැබේවා...

    දැනට කරන්නෙ බොලා ලියන ඒව කියවන එක විතරයි.....බ්ලොග් එකක් පටන් ගත්ත දවසක ලින්ක් එක දෙන්නම්....

    ReplyDelete
  24. අ‍බේපාල මාමාගේ බ්ලොග් කෙරුවාවට සුභ උපන් දිනයක් වේවා.....

    මම නම් හිතෙන හිතෙන එව්වා ලියන්නේ...කැමති කෙනෙක් ඉන්නවනම් ගිහින් බලන්න...මෙලෝ රහක් නැති බ්ලොග් එකක් කියලා තමා මටනම් හිනෙන්නේ

    ReplyDelete
  25. සුබ අපන්දිනයක් ‍වේවා..........!!!! වැඩි වැඩි‍යෙන් හිනා ‍වෙන්න ලිපි ලියැ‍වේවා.......!!!!!

    ‍මේ දවස් වල ම‍ගේ බ් ‍ලොග් එක දැකුළු මලින් අලංකාර වී ඇත.

    ReplyDelete
  26. හප්පි බාත් ඩේ අ‍බේපාල මාමේ... වැඩි වැඩියෙන් ලියන්න ලැබේවා..

    ReplyDelete
  27. හැපි මෙව්වා එකක් වේවා අබි අයියේ...
    මගේ ලෝකෙ පැත්තෙත් ඇවිත් යන්න එන්න වෙලාවක...
    ෆලෝ පාරකුත් දානන් අමතක කරන්න එපා..
    http://superkolla.blogspot.com/
    http://newstufflanka.blogspot.com/

    ReplyDelete
  28. සුභ උපන්දිනයක් අබේපාල මාමේ...!

    ReplyDelete
  29. සුභ උපන්දිනයක් වේවා.... ඔන්න මමම්ත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා... මාර වෙලාවක තමයි පටන් අරන් තියෙන්නෙ... බ්ලොග් අවකාශෙ ලොකු ලොකු අය දෙන තල්ලුවකුත් එක්ක බොහොම ස්තූතියි... මෙන්න මගෙ බ්ලොග් එක

    http://mamaiarui.blogspot.com/

    ReplyDelete
  30. හා සුභ උපන් දිනයක්....
    මෙන්න මගේ බ්ලොගේ ජනේලයෙන් එහා
    http://anything4every1.blogspot.com/
    මේක ගැනනං නිර්වචනයක් මට හිතාගන්න බෑ "ජීවිත කොත්තුවක්" කියමුකො.....

    ReplyDelete
  31. සොරි වේවා දොස්තර මාමේ..පලක්කු උනාට..ඈ බං උඹ උඹටම ස්තූති කරගන්නවද..ඒකත් හොදයි..එහෙනං මාත් මටම ස්තූති කරගඤ්ඤං මෙච්චර දවසක් මේක කියෙවුවට..:D

    සුභ මෙව්වා එකක් වේවා..!

    http://ctkumara.blogspot.com/

    ReplyDelete
  32. අඩෝ සුභ මෙවුව එකක් වේවා . . . .

    අමාරුවෙං වචන ටිකක් ගලපගත්ත මගෙ මෙවුව එකට http://ornaya.blogspot.com/ යන්න

    ReplyDelete
  33. ටිකක් හිනා වෙන්න කියලා බඩ රිදෙනකන්, ඉක ඇට කැඩෙනකන්, පෙරලි පෙරලි හිනා වෙන්න හිනස්සන අභීත අය්යාගේ බ්ලොග් 1ට හැපී බර්ත් ඩේ...

    ReplyDelete
  34. අන්න වැප් URL එක දාන කොට වරද්දා ගෙන.

    ළමයි! හැම විටම සම්පුර්ණ URL එක දෙන්න.

    ReplyDelete
  35. ඔන්න එහෙනම් මගේ එක. හැබැයි තාම ලියන්න පටන් ගත්තේ නෑ :( කොහෙද ඉතින් ඉස්කෝලෙත් පටන් ගත්තනේ :(
    http://www.dragonspacez.co.cc/

    ReplyDelete
  36. සුබ උපන්දිනයක් අභීත අයියේ..!!
    මෙන්න මගේ බ්ලොග් එක..

    අවංක ආදරය අදුනන හැමොටම මගෙ "ඇසි පියක මහිම" ඉඩක් වෙන් කරන්න තමයි මෙ සුදානම.....
    ඉතින් මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ... ඔයාලගෙ නිර්මාණත් මගෙ ඇසි පිය තවත් ලස්සන කරවි...

    http://asipiyakamahima.blogspot.com/

    "ඔය ඇස් අමතක වෙන්න නම්...මගේ ඇස් පියවෙන්න වෙයි..."
    ~ Mahesh4ever ~

    ReplyDelete
  37. යකෝ, මම මේ අද උදේ මේකට කමෙන්ට් කලානේ..... කෝ බං මගේ කමෙන්ට් එක.....

    හරි හරි.... ඒක නැති වෙලානන්, මතක විදිහට මම ආපහු දාන්නම්...

    උඹේ බ්ලොග් එකට සුභ උපන්දින්යක් වේවා..... උඹ මට වඩා සැබෑ ජීවිතේදි මසයක් දෙකක් බාල උනාට, බ්ලොග් එකෙන් බාල දවස් 5යි නේ බොලං. ඒ කියන්නෙ අපි සම වයසේ.... අවුරුද්දක් ඇතුලත 100 පන්නලා බ්ලොග් ලිව්වා කියන්නෙ ඉතින් සිරාම වැඩක්නේ..... මම මේ අවුරුද්ද ඇතුලත 50ක් ගැහුවෙත් අම්බානෙකට කට්ට කාලා..... ඊලඟ අවුරුද්ද ඇතුලත 1000 පැන්නීමට වාසනාව හා ශක්තිය උදා වේවා....!

    ReplyDelete
  38. සුබම සුබ පැතුම් අභීත අයියේ .. තව සෑහෙන කාලයක් හිනාවෙන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරන්නම් ..

    තව අවුරුදු ගනනාවක්ම ලියන්න වාසනාව ලැබේවා ..!

    දන්නෙම නැතිව වසරක් ගෙවිච්චි හැටි බ්ලොග් එකේ ඔයාලියූ මුල් ලිපියත් මම බලලා තියනවා ඒ කාලේ !

    ReplyDelete
  39. සුබ උපන්දිනක් වේවා, ජීවිතයම සරුවේවා, දෙවියන් මාමව රැකදේවා...!!

    මෙලොව රහක් නැති මගේ මගේ බ්ලොක්කේ

    ReplyDelete
  40. සුභම සුභ උපන්දිනයක් වේවා ටිකක් හිනාවෙන්න බ්ලොග් එකට....

    ReplyDelete
  41. සුභ උපංදිනයක් අබී මාමේ :D

    ReplyDelete
  42. මාමාට සුබ උපන්දිනයක් වේවා!
    ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න එන්නම්කෝ ආයම.

    මේ තියෙන්නෙ මගෙ බ්ලොග් එක.
    http://galaayanajeevithaya.blogspot.com/

    ReplyDelete
  43. සුබම සුබ උපන් දිනයක් වේවා.

    ඔන්න ම්ගේ බ්ලොග් එක.
    //podikumarihami.blogspot.com/
    මෙච්චර පිරිමි ලමයින්ට ආදරෙන් කතා කරන බ්ලොග් එකක් මේ බ්ලොග් යායේම නැතුව ඇති.

    කැමති අයට ඇවිත් බලන්ට පුලුවනි.http:

    ReplyDelete
  44. ඔයාගේ අවුරුද්දේ බ්ලොග් බබාට සුබ උපන් දිනක් .
    ඇඩ් එකක් දාන්න අවස්තාවක් ලැබුනම අත අරින්න හොඳ නැහැනේ . තවම මාසයක් වයස නැති මගේ බ්ලොග් පොඩ්ඩා හරි වාසනාවන්තයි . මේ ලැබුන තුන්වෙනි අවස්තාව. ස්තුතියි හොඳේ.
    වැඩිපුර මගේ වියට්නාම ජිවිතේ ..ඒ එක්කම අතීත මතක ..ස්ථිරව කියන්න බෑ මොනවා ලියවෙයිද කියලා.

    http://nelumwila.blogspot.com/

    ReplyDelete
  45. සුභ උපන්දිනක් වේවා ටිකක් හිනාවෙන්න!

    මම තමයි ජයශ්‍රී.මම තමයි මේඝය ලියන්නේ.

    මෙන්න යන පාර http://meeghaya.wordpress.com/

    ReplyDelete
  46. සුභ උපන්දිනයක් වේවා අයියේ. දිගු ගමනක් යන්නට සුභපැතුම් මෙන්න මගේ බ්ලොග් එක.
    http://lakmisher.blogspot.com/

    ReplyDelete
  47. දැන් දිගටම එන්න යන්නෙ ජුගුප්සාජනක ලිපි....
    අනන්තය

    ReplyDelete
  48. මගේ ඇඩ් එක නම් උඩින් දාලම තියෙන්නෙ. ජයවේවා.. සුබ පැතුම්

    ReplyDelete
  49. යන යන තැන තැන ජය ජය වේවා අබේපාල මාමේ. මාමට පුරුදු සුභ පැතුමක් තමා එක් කළේ ඕන්.

    එක එක ජාතියේ කතා කියවන්න නම් මම ලියන ආගිය කතා බ්ලොග් එකට ගොඩවෙන්න.

    http://aagiyakatha.blogspot.com/

    අපේ නොදුටු උරුමය ගැන දැනගන්න ගොඩවෙන්න මම ලියන e-අටුවාව බ්ලොග් එකට :)

    http://eatuwawa.blogspot.com/

    ReplyDelete
  50. සුබම සුබ උපන්දිනයක් බ්ලොග් එකට... හිනාවෙන කතා තවත් ගොඩාක් කල් ලියන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව..

    මම නං සිංහල බ්ලොග් කළාවට තාම අලුත්..

    ReplyDelete
  51. සුභ මෙවුව එකක් වේවා....

    යකෝ අවුරුද්දක් තිස්සෙ පෝස්ට් 100ද බං දැම්මේ. මම මාස 6 ට හෙට අනිද්ද 250 ගහන්න හිතන් ඉන්නේ

    මෙන්න මගේ බ්ලොගේ

    ReplyDelete
  52. ටිකක් හිනා වෙන්න බ්ලොග් එකට සුබම සුබ උපන් දිනයක් වේවා...! තව පෝස්ට් බර ගානක්ම බැලීමේ වාසනාව අපට ලැබේවා...


    මෙන්න කොල්ලගෙ බ්ලොග...
    http://aluthkolla.blogspot.com/

    ReplyDelete
  53. සුභ උපන්දිනයක් !. ඇති යාන්තං බ්ලොග් බබා බකල් ගගහා ඇවිදින වයසට ඇවිල්ල. හැරමිටියෙන් යනකල්ම කියන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. මං ඉන්න තැන ඉතිං ඔයි උඩින්ම දාල තියෙන්නෙ.

    ReplyDelete
  54. අභියා සුභ උපන්දිනයක් වේවා... පරක්කු වැඩිද මන්දා... කමක් නෑ සුද්ද කියල තියෙනවනේ අර බෙටර් මොකක්ද එකක්.... එහෙනම් එළඹෙන අවුරුද්දෙත් ටිකක් නෙවෙයි හොඳටම හිනා වෙන්ට එන්නම්කෝ
    ආහ්... මමත් බ්ලොගක් කෙරුවා බොහෝම ඉස්සර... ආයෙ හොඳ නැකතක් එනකන් බලන් ඉන්නේ...http://dubaiwattakka.blogspot.com/

    ReplyDelete
  55. පරක්කු උන සුභ පැතුමක්.. හැපි බර්ත් ඩේ කියුවා මාමගෙ බ්ලොග් එකට හිහ් හිහ් හිහ් ඔන්න මගේ බ්ලොග් එකෙත් ලින්ක් එක දැම්මා.. එකකට එකක් ගැලපෙන්නෙ නැති.. කිසිම තේරුමක් තේරෙන්නෙ නැති බ්ලොග් එකක්... http://nagaagesithuwili.blogspot.com/
    නඟාගෙ සිතුවිලි..

    ReplyDelete
  56. සුබ උපන් දිනයක්.

    115 ට 215 ක් ආයු බෝ වේවා.

    --------------

    මගේ බ්ලොග් නේද?

    බ්ලොග් දෙකක් විතර දැනටත් ලියා දාලා තියෙනව;
    /dev/null
    නිකමට ලියූ පදවැල්

    මත්තටත් දෙකක් ලියනට හිතේ ඇඳිලා...
    සංචාර හා ආ ගිය සටහන්
    ප්‍රබන්ධ [විහිළු කතා, කෙටි කතා, විද්‍යා ප්‍රබන්ධ]
    සිංහලෙන් ලියපු සටහන් වැටෙයි බොහොම ළඟ දවසක
    පස් තාච්චියක් හින්දයි වැඩේ හිර වුණේ...

    ReplyDelete
  57. සුභ උපන් දිනයක් වේවා!!! තව තවත් රස කථ, මඩ කථා ඔය අතින් ලියවේවා !!!

    මමත් බොහොම මෑතකදී තමයි ලියන්න පටන් ගත්තේ...

    http://jbasnayaka.blogspot.com/

    ReplyDelete
  58. යකඩෝ සුභ උපන් දිනක් වේවා... කිරි පැණියෙන් ඉතිරේවා...
    ඇත්තමයි මල්ලි හිනැස්සුවාට පින්.. ඒත් සෑම ලිපියක්ම කියවා නැති බව කණගාටුවෙන් දැනුම් දෙමි...

    Thanoja's Dreams කියන්නේ කාටවත් කියාගන්න කොතනකවත් ලියාගන්න බැරි වුන ජීවිත අත්දැකීම්නෙ මම ලියන්නෙ... http//thanojar.blogspot.com

    ReplyDelete
  59. ඔන්න මමත් පරක්කු වෙලා හරි සුබ පැතනවා ..........
    චිරාත් කාලයක් ටිකක් නෙමේ ගොඩක් හිනා වෙන්න ලැබේවා කියලා ....

    http://pansalhandiya.blogspot.com/

    ReplyDelete
  60. Suba Upandinayak wewaa !!!

    ReplyDelete
  61. මගෙනුත් සුභපැතුම්,
    මිථ්‍යාදෘෂ්ඨිකයා
    http://ananmanansrilanka.blogspot.com/

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...