Wednesday, May 18, 2011

මෙන්න තවත් පුංචි රස කතා.... ටේල්ස් ඔෆ් ජීවන්තස් ඉන්ග්ලිශ් II

හරි ඉති ජීවන්තගේ කතාවල පාට් වන් දාලා ගොඩාක් කල් යනකම් පාට් ටූ දාන්න බැරි උනානේ... ඇයි නිදහසක් තියෙන වෙලාවට රේඩියෝ එකක් කරන්න වෙලානේ.. කවුරුත් එකතු වෙලා කරන බස් රේඩියෝව අහන්න මෙන්න මෙතනින් යන්න... උදේ 5ට විතර පටන් ගත්තම රෑ 12ත් පහුවෙලා තමයි විකාශය නිමාවෙන්නේ... නව රැල්ලේ ගීත, සම්භාව්‍ය ගීත, නූර්ති ගී හා නාඩගම් ගී, බයිලා, නන්ස්ටොප් ආදී සියළුම වර්ගයේ ගීත එකම තැනකින් අහන්න ඔය ගොල්ලන්ට පුළුවන්.... එහෙනම් අමතක කරන්නේ නැතුව මෙතනින් අහන්න බස් FM.



කොහොම හරි ජීවන්තගේ වෙඩිමේ වැඩ කටයුතු ඉවර වුනා..... හෝල් එක ලඟ තිබ්බ ගෙදරකට ගිහින් ඇඳුම් මාරු කරගෙන හනිමූන් යන්න මගේ කාර් එකටත් ගොඩ වුනා... දැන් කාර් එකේ මෙන්න මේ කට්ටිය ගමන යනවා... මනාලයා, මනාලිය, රියැදුරු හා ගොලයා තමයි රථයේ ඉන්නේ. පළවෙනි නවතැන් පල නුවර ටොපෑස් හෝටලය.... දැන් ගිහින් පිළිගැනීමේ සැටියේ ඉඳගෙන ඉද්දි ලොකු වීදුරු දෙකක් ගෙනාවා.... මට නෑ.. අරුන් දෙන්නට විතරයි... ජීවන්ත මලයත් එකක් අරගෙන බීවා...


ඒ අබීත අයියේ මේ තේ එක පට්ට සීතලයිනේ.... බොරු නම් පොඩ්ඩක් බීලා බලපන්කෝ....


මම බැලුවා මේ මොකද කියලා.. මූ මේ තේ කියන්නේ කොහොමද? ප්ලේන්ටී දෙනවද වීදුරුවල දාලා.. අරගෙන පොඩ්ඩක් බීලා බැලුවා...


යකෝ.... මේ ප්ලේන් ටී නෙවෙයි.. අයිස් ටී... උඹ පාඩුවේ බීපන්.....


මට ඉතින් හිනාව අමාරුවෙන් නවත්ත ගන්න උනා..... ඉතින් ඊට පස්සෙ මුන් දෙන්නව හෝටලේ දාලා අපි තම්මිටගේ ගෙදර ආවා.... 



දෙවෙනි දවස උදා වුනා.. එදාත් මුගේ නැවතුම ටොපෑස් හෝටලේමයි.... ඒත් ඉතින් ශොපින් යන්න ඕන උනා.... මොකද හෙට හුන්නස් ෆෝල්ස් යන්න හිටපු නිසා  ඒකෙ පොටෝස් වලට අළුත් ඇඳුම් ගන්න ඕන කියලා.... ඊට කලින් බැංකුවකටත් යන්න ඕන කිව්වා සල්ලි ගන්න... දැන් බැංකුවට ගියා.... බැංකුවේ නමටත් වඩා ලොකුවට ගහලා තියෙන්නෙ ATM කියලනේ.... මූ ඒක ලඟටම ගිහින් ආරක්ශක නිලධාරියෙක්ගෙන් ඇහුවා.... ඉතින් කොල්ලා කාර් එකට නැග්ග වෙලාවෙම ආයෙත් ඌට අභාග්‍ය සම්පන්න කාලයක් උදා වුනා.....


ඊලඟට ගියේ නෝ ලිමිට් එකට වගේ මතක... දැන් ඇඳුම් ඔක්කොම අරගෙන කවුන්ටර් ලඟට ගියා.. එතන එක කවුන්ටර් එකක Counter Closed කියලා බෝඩ් එකක් දාලා ගෑනු ලමයෙක් සල්ලි වගයක් ගනිනවා.... මූ එතනට ගිහින් සල්ලි දික් කරන කොටම තම්මිට ඒ ගෑණු ළමයගෙන් මෙහෙම ඇහුවා...


නංගි මේ Counter Closed කියන බෝඩ් එක සිංහලෙන් ගහපු එකක් නැද්ද?


අර ගෑනු ලමයා තක්බීර් වෙලා තම්මිට දිහා බලනකොටම තම්මිට අනිත් පැත්තට මෙහෙම කිව්වා...


නෑ නංගි මේ අයියට ඉංග්‍රීසි තේරෙනවා අඩුයි...ඒකයි... ජීවන්ත අයියේ ඔය කවුන්ටර් එක වහලා කියලා ඔය ගහලා තියෙන්නේ..... 



හරිනේ නේද? ඌට අපිව කන්න කේන්ති.. ඔය වගේ සුළු සුළු සිද්දීන් නම් එමටයි.... මේ කතා ඔක්කොම මතක් උනේ මේ ලඟදි මිනිහට කාර් එකක් ගන්න ඕන වෙලා මට කෝල් කරපු නිසා..... දෙබස මෙහෙමයි....


අභීත අයියේ... වෑන් එක විකුනපු නිසා කාර් එකක් ගන්න කියලා බැලුවේ... ඔයාලා පොඩ්ඩක් ඔය ගැන දන්නවනේ.. 


අහ් මරුනේ ජීවා... මොකක් වගේද බලන්නේ...


අර ටෙයොට කොලරා වගේ එකක්නම් හොඳයි....


එහෙනම් මල්ලි ඉස්පිරිතාලෙකට වගේ තමයි යන්න වෙන්නේ...


ආ..ඒ මොකො බන්... ඩොක්ටර්ස්ලා ගාවද වැඩිපුර තියෙන්නෙ ඒවා....


නෑ මල්ලි කොලරා කියන්නේ වසංගත ලෙඩක්නේ බන්.....


නෑ බන් මොකක්ද අර තියෙන්නේ ඒ වගේ නමක්....


ටොයොටා කොරොල්ලාද?


ආ ඔව් ඔව්........


ඔන්න තව එකක් මතක් වුනා.... අපි ට්‍රිප් එකක් ගියා.. ඒ ගියෙත් මමයි මගේ ප්‍රිය බිරිඳයි තම්මිටයි ජීවන්තයි..... ට්‍රිප් එක යන්න බැරි වුන එකෙක් මඟදි අපට කෝල් කලා.... ඔක්කොම කතා කරලා අන්තිමට ෆෝන් එක ගත්තේ ජීවන්ත... කලබලේට මිනිහා මෙන්න මෙහෙමයි කිව්වේ...


හෙලෝ.. දිස් ඊස් ඉන් ස්පීකිං ඔෆ් දි ජීවන්ත හියර්.....


එතනින් එහාට කතා කරලා වැඩක් නෑනේ ඉතින්... 

11 comments:

  1. හික්ස් හෆොයි හිනා වෙලාම පන නෑ....

    ReplyDelete
  2. පවු බං අභීත අයියේ මිනිස්සුන්ට ඔහොම කඩන්න හොඳ නෑ නේද ? අනික උං උඹගේ යාළුවෝ නේද . අභීත අයියේ ජීවිතේ කවදා හරි දවසක මට උඹව හම්බවෙයිනේ ! මම එදාට උඹට කඩනවා ලොවෙත් නැති වෙන්න ..

    "ටෙයොට කොලරා" අන්න නම බං ..

    ReplyDelete
  3. අර කවුදත් කිව්වලා “දැඩි නරීස් ඔන් ද ටේබල්“ කියලා. ඒ කියන්නේ ලොකු නරියෝ කිහිපදෙනෙක් මේසේ උඩ කියලා. හැබැයි ඒකට කියන්න ඕන වෙලා තියෙන්නේ “ද ඩිනර් ඊස් ඔන් ද ටේබල්“ කියලා... ;-) උඔ මොකද කතාවේ අනිත් චරිත වලට කාඩ් ගහල අක්කට විතරක් “ප්‍රිය බිරිඳ“ කියලා කියන්නේ. උඹ බයයි නේද..?

    ReplyDelete
  4. වන්නිට : සියළු සැප උතුරන
    දරුවන් ගෙදර පොරකන
    බිරිඳ බෙරිහන් දෙන
    දවස නුඹටත් උදාවෙනු ඇත...

    http://tikakhinawenna.blogspot.com/2010/11/blog-post_30.html

    ReplyDelete
  5. ටෙයොට කොලරා " අන්න වාහනේ හි හි

    ReplyDelete
  6. අභීත මට අර හොයලා දෙන්නම් කිව්වෙත් ඔය කොලරා කියන ජාතියේ කාර් එකක්ද ඈ..?? :-))

    ReplyDelete
  7. සෙල්ලම් කාර් එකක් ගන්නවනම් හොඳ බ්‍රෑන්ඩ් එක මොකක්ද. මේවා ගැන දන්නවා කියපු හින්දයි අහන්නෙ

    ReplyDelete
  8. අභීත අයියා ලස්සනට ඔයාට වෙච්ච සිද්දි ටික වෙන එකෙක්ගේ එකවුන්ට් එකට බැර කළා නේද.....?? අපිව තම්බන්න බැහැ හොදේ...

    ReplyDelete
  9. මඩ ගහනවා කියලා,,සීරීස් දාගෙන මඩ ගහන එක හොදයිද මෙහෙම,,අනික එකෙක්ට

    ReplyDelete
  10. අයියෝ මෙන්න මඩ වලක් .... නොමිලේම මඩ ගහනවෝ ....

    ReplyDelete
  11. නියමයිනෙ . . . . එතකොට උඹ කාර් ගැනත් යමක් කමක් දන්නව එහෙනං . . . . .

    උඹලෑ සීයට තිබුනලු නේද සිංගල් සිලින්ඩර් රේසිං කාර් එකක් . . .???? ෆ්‍රන්ට් වීල් . . . . ෆුල් ටයිම් ෆෝ වීල් . . . .??? ඒ දවස් වල සීය ආච්චිවත් දාගෙන කුරුනෑගල ටවුමට හෙම එනවලු ජැන්ඩි පහට . . . .

    ප.ලි.
    වාහනේ ටර්බෝ චාජරේ ඕන් කරන්නෙ "කිරිජ්ජපල්ල කෙවිටෙං කිති කවලය" කියන්නෙ ගමේ වයසක කට්ටිය . . . .

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...