Wednesday, July 27, 2011

අපිට ගහලා බේරෙන්න හිතුවා මදි... කෝ මේ චන්ඩි.....

ගිය සතියේ ලිව්වනේ අභීත පුතාට දෙනෝ දාහක් මැද්දේ හතර දෙනෙක් වට කරගෙන නෙළපු හැටි.... ඒකෙ රිටර්න් එක දුන්න හැටි දාන්න කියලා ගොඩාක් ඉල්ලලත් තිබුනා... මම දානවා කියලා කියලාත් තිබ්බා....  ඉතින් අද ලියන්න යන්නේ ඒ කථාව.. කොච්චර ගුටි කෑවත් මට ත්‍රිරෝද රථයේ නොම්මරේ මතක තිබ්බා... ඒ නිසා පොලීසියට පැමිණිල්ල කරන්නත් ලේසි වුනා... පස්සේ හොයලා බලද්දි මේ සෙට් එක තලවතුගොඩ මැර සෙට් එකක්.. මැර කිව්වට බොරු මැර.. විසිල් විතරයි බල්ටි නෑ.. ඒත් මට වඩා මැර... ත්‍රී වීල් එක තියෙන තැනත් ඒක පාක් කරන ස්ථානයත් බලාගෙන පාඩුවේ හිටියා සති දෙක තුනක් යනකන්.. ඒත් කරන්න දෙයක් කල්පනා වෙන්නෙත් නෑ... ඔන්න ඔහොම හිත හිත ඉද්දි තමයි ධර්මේ අයියා(නම මනහ්කල්පිතයි..) මාව හම්බෙන්න විභාග දෙපාර්තමේන්තුවට ආවේ... මෙතන ඉදන් තමයි කතාව.


ධර්මේ අයියා කියන්නේ මරදානේ මරිය කඩේ හිටපු සිරා පොරක්.. සද්ද නෑ.. වැඩ විතරයි.. මම කලින් වැඩ කරපු තැන ආරක්ෂක සේවේ ප්‍රධානියා... දේශපාලන බලයත්, මැර බලයත් ඕන එකක් ඔහු සතුයි.. ඒත් නිතරම අසාදාරනේට විරුද්ධව පෙනී ඉන්නවා වගේ තමයි මනුස්සයා ඉන්නේ.. කාර්‍යාලයේ එක පුංචි ප්‍රශ්නයක් නිසා මේ මනුස්සයා හිරේ වැටෙන තත්ත්වයක් උදා වුනා.... ඒ වගේම කාර්‍යාලයේ ප්‍රධානියාත් එක්ක මම බොහොම සමීපව වැඩ කලා.... ඉතින් මේ මනුස්සයා මම ලඟට ඇවිත් කිව්ව... අභීත මහත්තයා.. මට පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා... ඔෆිස් එක ඉස්සරහා සයිවර් කඩේට වෙලා පැයක් විතර අපි දෙන්නගේ කථාවකින් පස්සේ මම තීරණය කලා ලොක්කට මේ ගැන කථා කරන්න...


දැන් ඉතින් මම ලොක්කගේ කාමරේට ගියා... මෙන්න මෙහෙම කථාව...


ගුඩ් මෝනින්ග් සර්.. අර මනුස්සයා පව් සර්... උගේ සීන් එක අප්සෙට් ගියොත් උගේ මුළු පවුලම අනාථ වෙන සිද්ධියක් තියෙන්නේ සර්.. ඔන්න ඕක මොකක් හරි කරලා දෙමු සර්.. බ්ලා බ්ලා....


තමුසෙට මොකක්ද අභීත ඌ ගැන තියෙන කැක්කුම...?


නෑ සර්, මිනිහා මාත් එක්ක පැයක් විතර දැන් කතා කලා.. මිනිහා හරි පව් සර්... මිනිහා වැරැද්ද හරි ගස්සන්නම් කිව්වා සර් හෙට උදේ වෙද්දි... බඩු ටික ගෙන්නගෙන ඕක අත ඇරලා දාමු සර්.. පව්නේ සර් ළමයි දෙන්නෙකුත් ඉන්නවා... වයිෆ් රස්සාවක් කරන්නෙත් නෑ...


හරි.. බඩු ටික ගෙනත් දානවා කියලා අභීත වග කීම භාර ගන්නවද?


ඔව් සර්, හෙට උදේ වෙද්දි තිබ්බේ නැත්නම් අපි මේක ඉස්සරහට ගෙනියමු...


හරි තමුසේ බලාගන්නවකෝ ඒ ටික.. මම මිනිහව රිලීස් කරන්නම්...


වැඩේ කියපු පරිදිම වෙලා ධර්මේ අයියා නිදහස් උනා... එදා ඉදන් ඉතින් මිනිහගේ බොක්ක මම... එනකොට පුටුවෙන් නැගිටලා, ඔළුව නමලා එක විකාරයයි... එච්චර මැර ඩයල් එකක් මට සලකන හැටි දැක්කම ඔෆිස් එකේ උන් හිනාවෙන්නත් ගන්නවා.. ඒත් ඉතින් උන්ට සීන් එක කියන්නයැ.. හරි ඒ කතාව ඉවරයි... බැක් ටු ටොපික්.



ඉතින් අර දවසේ විභාග දෙපාර්තමේන්තුවට ආපු ධර්මේ අයියා දැක්කා මගේ නලලේ තිබ්බ ප්ලාස්ටර් එක. ඊට පස්සේ අපි දෙන්නා අතරේ ඇති වුන දෙබස තමයි මේ....


මොකද අභීත මහත්තයා මේ ප්ලාස්ටර් අලවගෙන....


මාර සීන් එකක් උනානෙ ධර්මේ අයියා... මට කට්ටියක් ගැහුවනේ වට කරලා... බ්ලා..බ්ලා.. බ්ලා... මම ඉතින් මුළු කථාවම කිව්වා... 


මුගෙ %^&&^* උන් කොහොමද එහෙම ඔයාට ගහන්නේ.. ත්‍රී වීල් එකේ නොම්මරේ මතකද? කොහෙ උන්ද?


**** 4371. තලවතුගොඩ පාක් එකේ තමයි තියෙන්නේ.... 


හරි කථා ඕනෙ නෑ.. ඉතිරි ටික මම බලා ගන්නම් අභීත මහත්තයා... මම ආපු වැඩේ ගැන පොඩ්ඩක් බලන්න...


හරි ධර්මේ අයියා.. කාඩ් එක මම ගෙනත් දෙන්නම්. ඉතිරි ටික ඔයා කරගන්න.. මම ඕනෙ නෑ ඒකට...


ඉතින් ධර්මේ අයියා ඔහොම යන්න ගියා... මට මෙතනින් නවත්තන්නමයි හිතෙන්නේ..ඒත් ඔයාල පව්නේ.... දවස් තුනකින් විතර මට කෝල් එකක් ආවා ධර්මේ අයියාගෙන්...


අභීත මහත්තයා.. හවස වැඩක් නැත්නම් අපේ ගෙවල් පැත්තේ එනවද පොඩ්ඩක්....


මේ කැඳවීම් මට අමුතු දෙයක් නෙවෙයි... ඇමති පුත්තු වැනි අයට මධුවිතකින් සංග්‍රහ කරද්දි මිනිහගේ යාළුවෙක් විදිහට මාවත් එක් කර ගැනීමේ පුරුද්දක් ධර්මේ අයියට තිබ්බා... ඉතින් මාත් දෙපාරක් අහන්න දෙයක් තිබ්බෙ නෑ.. මම ගියා හවස මිනිහගෙ ගෙදර. දොර ඇරපු වෙලේ ඉදන් පටන් ගත්ත අපේ කථා බහ පටන් ගත්තේ පහළ විදිහට...


අභීත මහත්තයා.... නියම වෙලාවට ආවේ... එන්න ඇතුලට...


මොකද ධර්මේ අයියා.. අද බීමක්වත්ද?


නෑ.. ඔයාට පෙන්නන්න නියම බඩුවක් තියෙනවා පිටිපස්සේ.. එන්නකො... මෙන්න මේක දන්නවද බලන්න....


හත් ඉලව්වේ.. මාව හප්පපු ත්‍රී වීල් එක මෙන්න පොරගෙ ගේ පිටි පස්සේ... මම නිකන් සීතල වෙලා ගියා....


කොහොමද ධර්මේ අයියා මේක ගෙනාවේ.....


උගේ අම්&*&*%^*^$&%$%*%* මම අරන් ආවා.. මොකද මේකට කරන්න ඕන.. කෑලි කරලා විකුනන්නද? ඒත් පොඩි ගැටළුවක් තියෙනවා.. අභීත මහත්තයාගේ වචනෙට තමයි මොකක් උනත් වෙන්නේ... මොකද කරන්නේ...?


මොකක්ද ධර්මේ අයියා ගැටළුව....?


මෙහෙමයි.. මම මේක අපේ උන් එක්ක ගිහින් අරන් ආවේ.. මමම ගේමකට බැස්සේ හෙන කාලෙකින්.. අභීත මහත්තයා දන්නවනේ මගේ හැටි... මේක ගේනකොටම මගේ බත්තර මුල්ලේ යාළුවෙක් කෝල් කරලා කිව්ව.... මචන් මගෙ එකෙක්ගේ ත්‍රී වීල් එකක් උස්සලා.... ඔය පැත්තට ගෙනාවොත් පොඩ්ඩක් බලපන් කියලා... ඒත් ඌ අවුලක් නෑ...


මට තේරෙන්නෙ නෑ ධර්මේ අයියා... මේ කරපු ටික මටනම් ඇති... ඔයා ඕන දෙයක් කරන්න...


එහෙනම් ඌටම විකුනමුද?


හොද දෙයක් කරමු ධර්මේ අයියා.. මට සල්ලි එපා....


අන්තිමට මනුස්සයා අයිතිකාරයාටම 80000.00ට වීල් එක විකුනලා සල්ලිත් ඔක්කොම පොර තියා ගත්තා....


මම ඉතින් ඒකෙන් පස්සේ රිටන් එකක් දුන්න කියා සැනසුනා...


ප.ලි. මට පාට් දැම්මොත් දන්නවනේ.... ධර්මේ අයියට කියලා දෙන්නේ.... 

36 comments:

  1. මඩයාට ධර්මේ අයියාගෙම පිහිටයි :P

    ReplyDelete
  2. බොරු මයන්නනෙ අභීත අයියගෙ... අපි නොදන්න ධර්මෙ අයියල... ලොවෙත් නැතිවෙන්න කාල... රිටන් එක දුන්නලු... ;)

    ReplyDelete
  3. අසේල ඉන්දික ධර්මසේන . . . ??? ම්හු . . . හරි නෑ . .
    අසේල ඉන්දික ධර්මදාස . . . . ??? ම්හු . . . ඒකත් හරි නෑ . . .
    අසේල ඉන්දික ධර්මවර්දන . . . .??? ශික් විතරක් . . . ඒකෙත් ටෝන් එක මදි . . .
    අසේල ඉන්දික ධර්මසිරි . . . . .??? නෑ නෑ . . . . ගතියක් නෑ . . .
    අසේල ඉන්දික ධර්ම . . . . .???? ම් . . ම් . . . ම් . . . මොකද්ද . . . . හරියන කෑල්ල . . . ???

    ReplyDelete
  4. ධර්මේ අයියගේ විසිල් නෑ බල්ටි විතරයි වගේ....එල එල....නරකද අබේ මාමා ඒ වගේ ත්‍රී වීල් බිස්නස් එකක් කරොත්....

    ReplyDelete
  5. හෆ්ෆෝ මගේ කකුල් දෙකත් ගැහෙනවා වගේ බයටම...

    ඕං අපිනං ආයේ මේ පැත්ත පළාතේ එන් නෑ...

    එන්නෑ කිව්වොත් එන්නෙ නෑ මයි...

    අම්මෝ අපේ අම්මට ඉන්න එකම පුතා මං...

    ReplyDelete
  6. මට සැකයි අභිත මහත්තයාව කුදලගෙන ගිහිං ගේ පිටිපස්සේ හැංගුවද කියලා....

    ReplyDelete
  7. කවුද ඩෝ චන්ඩි
    අනේ මූට අල්ලන් ආයි නෙලනවනම් :-D

    ReplyDelete
  8. මාරු කතාව මොකක් උනත්..ලෝල් තමයි..

    ReplyDelete
  9. අනේ පලයන් ඩෝ යන්න අම්බානකට කාලා මෙතන බොරු දානව. :D

    ReplyDelete
  10. ඕං මඩ ගහන උන් ප්‍රවේසම් වෙයල්ල, නැත්නම් ඉතින් ධර්මේ අය්යට වදින ගාථාව එහෙම පාඩම් කරගෙන ඉඳහල්ලා

    ඔය වගේ ගුටි සීන් නම් ඕනි තරම් කාල තියනව ඒත් ඒ හැමවේලාවකම රිටන් එකක් නම් දිගන්න ලැබුනේ නැ .


    වතාවක් මම දන්න කියන පොරකට සෙට් එකක් වට කරගෙන ගහල . (ගැනු සීන් එකක් )

    "මොකද ________ එකෙක්ට ගහන්නෙ සෙට් එක පිටින් ,අම්මගේ කිරි බීපු එකෙක් නම් වරෙන් තනියෙන් ගේමට කියල ",

    ඩයල් එක කැගහනවලු ගුටි කන අතරෙම .,ඒ පාර අනික් උන්ට අහක් වෙන්න කියල කොක්ක තිබ්බ එකා විතරක් තනියෙන් අරූට නෙලලා කාණුවකට තල්ලු කරල ගිහින් . දුන්න පොර ටෝක නිසා අමු චාටර් හැබැයි දීර්ඝ කාලීන සටනෙන් ඌ දිනුම් .කෙල්ල කැමතිවුනේ ඌට

    ReplyDelete
  11. මෙතන බොරු නැවක්, මං සල්ලි ගත්තෙ නැහැ... කියන එකෙන් පටන් ගත්තම....හැබය් මං කියන්නෙ ඔය රංගල එහෙම කියන විදියට අභීත සල්ලි ගත්තෙ නැහැ කියන එක කව්රුත් විස්වාස කොරන්නේ නැති වෙය්.
    (හැබය් අභීත මට වැඩක් කොරල දීල නං ඇත්තටම සල්ලි ගත්තේ නැහැ...රංගල, ඔනයල එහෙම නං කියය, ඉස්සරහ දත ගැලෙව්වේ නැත්තෙ හක්කේ එකක් ගලවන්න ඒම් කොරගෙන කියල... )

    ReplyDelete
  12. ධර්මේ අයියා.....................
    මාට අරුන් ගැහුවා අයියේ.....අනේ උන්ට එකක් ගහල එන්නකෝ...........
    ඔහොම නේද එදා කිව්වේ.....

    ReplyDelete
  13. හික් හික්!! මේ ආටිකල් එක කියවද්දි පුටුව යටින් නයෙක් ගියා. උගෙ පෙනේ තිබුනෙ “අ“ යන්න.

    ReplyDelete
  14. ඒත් තවමත් මඩයා යහතින්ය...අපි බලා සිටින්නෙමුය..

    ReplyDelete
  15. අභීත අයියේ බැරිද ධර්මෙ අයියට කියලා පොඩි ගේමකට බස්සවගන්න :D

    ReplyDelete
  16. හරි හරි මේ බොරු නෙමෙයි :D හැබැයි ඊළඟට ආයෙමත් ත්‍රීවීල් අයියා අභියයියව උස්සන් ගිහින් කළුවර කාඅමරේක කකුල් දෙකෙන් එල්ලලා තියපු කතාවත් කියන්න හොඳේ :D

    ReplyDelete
  17. අපිටනම් බයිය ඉත්තෙනව දොරේ.. පොයි නේ ...
    යෙන්න මාතියා යෙන්න.. අම්බානක් කේවේ.. මරියකඩේ..
    අප්පිල තෙක්කනේ.. දොරේ තූනවා.. වෙඩ්ඩි වගේ...

    ReplyDelete
  18. "හත් ඉලව්වේ.. මාව හප්පපු ත්‍රී වීල් එක මෙන්න පොරගෙ ගේ පිටි පස්සේ... මම නිකන් සීතල වෙලා ගියා"

    ඇයි අයියේ රෝද තුනක් දැකලා සීතල වෙලා ගියේ ත්‍රීවීලර් එක ඇතුලේ හිටපු අය ගේ ඇතුලේ කියලා හිතුනද ?

    ReplyDelete
  19. හෆොයි ගිය දුරක් රන්ගයාට වෝර්නින් එකක් දෙන්න. පෝස්ට් දෙකක් ම ගත්තා. අවුලක් නැහැ, ඌත් ඉතින් කරන්නේ ඒකමනේ.

    ReplyDelete
  20. "මැර කිව්වට බොරු මැර.. විසිල් විතරයි බල්ටි නෑ.. ඒත් මට වඩා මැර.."
    දවසේ වැකිය හිකි හිකි

    ඊට පස්සේ මගදී අයෙම ගුටි කෑවා නේද? ;)

    ReplyDelete
  21. හික් හික් ලොල්ම තමා

    ReplyDelete
  22. මට එහෙම ඔය නසරානියො පාට් එකක් දාන්න ආවොත්, පොන්නයෙකුට කියලයි ගස්සන්නෙ.. ගහපං මල්ලි මූට දෙකක්..!!

    ReplyDelete
  23. ආත්තද බොරුද දන්නේ නැ...එත් මාරු රිටන් එක අ.......

    ReplyDelete
  24. මට පේන්නෙ මේකනම් රංග මලයව බය කරන්න දාපු සීන් කෝන් එකක් කියලා. අර පොඩි හොරකමක් නිසා අභීත ගාව දණින් වැටිලා ලොක්කට කියලා ගොඩ ගිය පොර, ත්‍රී වීලර් එකක් උස්සලා ගෙදර පිටිපස්සෙ හංගගෙන ඉන්නකං කාටවත් නෝන්ඩි උනේ නැද්ද ?

    අර අභියට ත්‍රී වීලර් කාරයෝ පේන්න බැරි එකේ රහස දැන් තමයි දන්නෙ....!

    එන්න කියපිය ඔය ධර්මෙට කළුබෝවිල පැත්තෙ ....!

    ReplyDelete
  25. madayaa vs pachayaa

    ReplyDelete
  26. ඒ පාර අතේ පත්තුවෙන බොරු කියන්න පටන් අරගෙන,,,මඩ නවත්තලා

    ReplyDelete
  27. අපොයි අපි නම් බයවෙයි ධර්මේ අය්යට......:D

    ReplyDelete
  28. අම්මේ මෙන්න පච හලනවෝ............. ධර්මේ අය්යාගේ මොබයිල් නම් එක දෙනවද??මටත් තියනවා පොඩි වැඩක් කරගන්න...

    ඇමති පුත්තු කාවද දැන් අදුනන්නේ

    අනේ මේ ධර්මේ අය්යා ඔය ඇමතිලා ඔක්කොම අදුනනේ එකේ කේස් එක ශේප් කරගන්න දැන් ඔයා ගාවට ආවා කියන එක අපි දැන් විශ්වාස කරන්නම්කෝ එහෙමනම්

    ReplyDelete
  29. ගුටි කාපු නෝන්ඩිය වහගන්න ගහපු බොරුවක් කියලා තමා ඉතින් කියන්න තියෙන්නෙ.

    ReplyDelete
  30. මෙන්න මූ බොරු කියනවා.....

    ReplyDelete
  31. "මම ඉතින් ඒකෙන් පස්සේ රිටන් එකක් දුන්න කියා සැනසුනා..."
    හි හි.. මේවාට නම් කියන්නට දෙයක් නැතිය...

    ReplyDelete
  32. අයියො සල්ලි කිව්වලු. ඒ වුනාට තුවාල වලට බේත් දාගන්නවත් අර 80000න් කීයක් හරි ඉල්ල ගත්තනම් හරි.

    ReplyDelete
  33. ටික දවසකට පස්සේ කියවන්ට බ්ලොග් කියවන්ට ගත්තේ.. හපොයි කොයි වෙලේ නයා ගහයිද කියලා කියෙව්වේ...

    ReplyDelete
  34. මම තලවතුගොඩ ඉන්නේ. මෙහෙම කේස් එකක් ආරන්චි වුනේ නෑනේ. කවදාද මේක වුනෙ ? ලඟදි ද ? ඈත අතීතයේ දී ද ?

    මම අවුරුදු 50ක් විතර ඉඳලා මෙහෙ ඉන්නෙ

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...