Sunday, October 16, 2011

පුංචි කාලේ අපේ ලොකේ.. ආදරණීය ටයි මාමාට නිවන් සුව ලැබේවා.......

ආදරණීය ජෝ අන්කල්ට ලියුමක් ලියලා වැඩි කලක් යන්නට මත්තෙන්ම ටයි මාමා ගැනත් ලියන්න උනා.... ඒක ඉතින් අපේ අවාසනාවක්... ඒත් පුංචි කාලේ ඉඳන්ම මේ වනතුරුත් අපේ ලෝකයේ රජවරු වෙලා ඉන්න සහ හිටපු කීර්තිධරයින් අපෙන් සමු ගන්නකොට ඒ පිළිබඳව සටහනක් නොතැබීම යම් ගුණමකු ක්‍රියාවක් හැටියට මට හැඟෙනවා.. මීට පෙරත් ප්‍රේමකීර්ති ද අල්විස්, රන්බණ්ඩා සෙනෙවිරත්න වගේ පුදගලයින් පිළිබඳව සටහන් තබපු මට මගේ සමකාලීනයෝ ප්‍රිය කරපු ටයිටස් තොටවත්තයන් පිළිබඳව නම් නොලියම බැහැ.....


මගේ මතක පොතට ටයි මාමා ආවේ හඳයා චිත්‍ර පටයෙන්... කුරුණෑගලිනුත් මඳක් ඈතට වෙන්න හිටපු අපිට බයිස්කෝප් අරුමයක් වෙලා තිබ්බ කාලයක් ඒ... කුරුණෑගල ඉම්පීරියල් සිනමාහලට ලමා චිත්‍රපටියක් වෙච්ච "හඳයා" ඇවිල්ල කියලා ගමේ කඩේ පෝස්ටරයක් ගහලා තිබ්බා... ඉතින් අපේ ලොකු අක්කගේ සහ බන්ඩා මාමාගේ ලොකු පුතා වෙච්ච කාංචනගේ මූලිකත්වයෙන් යුතු කොල්ලො කෙල්ලො හත් දෙනෙක් ගියා "හඳයා" බලන්න... මේක තමයි මම බලපු මුල්ම චිත්‍ර පටය.... ටින් බෙලෙක්ක දුරකථනය අපි හඳා ගත්තෙත් ඔය "හඳයා" චිත්‍රපටිය බලලා.. අසාධාරණයට විරුද්ධව කල්ලි ගැහෙන්න පොඩි ලමයි ටික කණ්ඩායමක් හැදුනෙත් ඔය "හඳයා" බලලා... ඉතින් "හඳයා" අපේ සිතේ තිබ්බ සිනමා සලකුණ අදටත් එහෙමයි... බලලා නැති අය "හඳයා" සිනමා පටය හොයාගෙන බලලා කියන්න අද තියෙන ලමා සිනමාව මොකක්ද කියලා හිතෙන්නෙ නැද්ද කියලා..... (අවාසනාවට මට මෙහි ටොරන්ට් ලින්ක් එකක්වත් යූ ටියුබ් ලින්ක් එකක්වත් හොයා ගන්න බැරි වුනා... බයිස්කෝප් එකේ වාසල මල්ලිත් සෑහෙන්න මහන්සි උනත් හොයාගන්න උනේ නෑ... ස්තූතියි වාසල මහන්සියට.. කා ලඟ හරි තියෙනවා නම් අප්ලෝඩ් කරලා ලින්ක් එක දාන්න කියලා ඉල්ලා සිටිනවා ඉතා ආදරෙන්...)


ටයි මාමා කියනකොටම ඔබේ හිතට ආපු දේ ගැන තමයි මම මේ කථා කරන්න හදන්නේ... අපි පොඩි කාලේ බලපු කාටූන්... ගමේ පොහොසත්ම මුදලාලිගේ ගෙදරට ටීවී පෙට්ටිය ගෙනාපු ගමන් අපේ සෙල්ලම් කාලේ තාවකාලිකව නැවතුනා ඒ ගෙදරට අපිව ඇණයක් වෙනකම්... හරියට පස්වරු 4 වෙද්දි අපි එහෙ.... මතකද ඒ කාලේ කාටූන්.. මේ තියෙන්නේ.... 


දොස්තර හොදහිත




පිස්සු පූසා..




හා හා හරි හාවා..





තව දානවානම් ලින්ක්ස් ගොඩාක් දැම්මැකි... ඒත් මේ ටික ප්‍රමාණවත් වෙයි... ටයිටස් තොටවත්තවයන්ගේ ප්‍රමුඛ තවත් සිංහල කාටූන් සිංදු වැප්ගේ මේ පෝස්ට් එකේ තියෙනවා... මට මතකෙට එන පොඩි චිත්‍ර පටයක් තියෙනවා පුංචි අලි පැටියෙක් ගැන... ජපන් චිත්‍රපටයක්.. එයත් ටයි මාමාගේ අපූරු හඬ කැවීම නිසා සිත් ඇතුලටම කා වැදිච්ච චිත්‍රපටයක්.... නම මතක් කලා. නම මතක් වෙන්නෙම නෑ.... පුංචි ඇත් පැටවා වගේ තමයි මතක.. මතක කෙනෙක් ඉන්නවනම් යටින් සඳහන් කරන්න....


ඉතින් ටයි මාමේ... අපි ඔක්කොටම ඔබ ලබා දුන් වින්දනය වෙනුවෙන් අපි ඔබට සදා ණයගැතියි... ඔබ තරම්ම නැතත් අතුල රන්සිරිලාල් මාමා අපේ පොඩි උන්ට ඒ අත්දැකීම ලබා දෙනවා.... 


ඔබට සුභ ගමනක් වේවා ටයි මාමේ....


ප.ලි. මේ ඇමතීම වැම්පයර්ට.... මචන් උඹට අමතක වෙච්ච සංකලණයක් තියෙනවා... ටයිටස් තොටවත්ත හා ප්‍රේමකීර්ති. මේක නම් මරුම මරු.. පුළුවන්නම් ලියමුද මචන් බ්ලොග් කියවන අපි ගැන හිතලා....

35 comments:

  1. ආදරණීය ටයි අංකල්,
    මුලින්ම හඳයා නිසා දැන ගත්තත්, වැඩිහිටියෙක් වෙනකම්ම කථාබහ කරල තිබ්බේ නැහැ. හැබැයි රූපවාහිනියට යන්න එන්න ගත්තට පස්සෙ ඉතාම හොදින් ඔබව දැන අදුනා ගැනීමට ලැබුනා. ඔබ ඉතාමත් යහපත් වැඩිහිටියෙක් වගේ අපිට බොහෝ දැනමුතුකම් දුන්නා.
    අභීත දන්නවද මෙතුමාගේ මලණුවන් තමයි, අපේ කකාත් සැරයක් දෙකක් පෝස්ට් වලට මාතෘකා කරගත්තු මැවිසුරු ඊලියන්ද සිල්වා. ඉතාම වටිනා සිංහළ ලේඛකයෙක්.
    ටයි අංකල් ඔබට නිවනින් සැනසීම ලැබේවා!!!!!!

    ReplyDelete
  2. ඇත්තටම අහන්න ලැබුනු දුක්බරම නිව්ස් එකක් .....
    ටයි මාමාට නිවන් සුව .......

    ReplyDelete
  3. පුංචි ඇත් පැටවා මෙන්ම පුංචි ඉත්තෑවා කතාවත් මෙයාගෙම නේද?

    ලිස්ට් එක නම් ලියලා ඉවර කරන්න බැරි වෙයි. හැමදේටම වඩා වටින්නේ හැමදාම අලුත් දෙයක් හරි විදිහට සමාජගත කරපු එක. නරලොව හොල්මනුත් අනුන්ගෙන් කොපි කරන අද මහා ලෝකේ මාධ්‍ය ඔස්තාද් ලා මේ මහා චරිතය අභියස කුඩු පට්ටම් වෙනවා.

    ඔන්න මටත් ආපු මෙව්වෙක බ්ලොග් ගත කළා. හරිම කනගාටු වෙන්වී යාමක්.

    ReplyDelete
  4. ලාංකීය රූපවාහිනී වංශ කතාවට අලුත් මානයක් එක්කල ටයි මාමේ.. ඔබට නිවන් සුව !

    ReplyDelete
  5. ටයි මාමා ගැන මගේ මතකය පටන් ගන්නේ ඔශින් නාට්‍යයෙන්.... අද එක එක පිස්සොන්ගේ අතින් බල්ලට ගිහින් තියෙන හඬ කැවීම් කලාව ලංකාවට හඳුන්වලා දු‍න්නේ ටයි මාමා.අපි අදටත් ඒ කතා බලන්නේ අළුතෙන් බලනවා වගේ....පිස්සු පුසා දෙබස් පවා කටපාඩම්..."හොඳයි අපි වැඩ පටටාන් ගන්නයි යන්නේ."
    හැබැයි කවදා හරි දවසක චැප්ටර් ක්ලෝස් කියලා කියන්න වෙනවා.ටයි මාමා එයාගේ පරිච්ඡේදය වසා දැම්මා.

    ආදරණිය ටයි මාමේ ඔබට නිවන් සුව!

    ReplyDelete
  6. ආදරණිය ටයි මාමේ ඔබට නිවන් සුව!

    ReplyDelete
  7. අර කතාව පුංචි ඇත් පැටවා තමයි. ඒක කීපාරක් නං අපි බලලා තියෙනවද? අභීතට මතකද හාහා හරි හාවා යන්නෙ රසාර වැඩසටහන අතරතුර. ඒක කරන්නෙ ඉස්කෝලෙ හාමිනෙයි තව කට්ටියකුයි එකතු වෙලා. ඒක මපට්ලා කලත් ඇත්ත කියෙලා හිතෙන තරමට තාත්විකයි. තව ගියා කැන්දෙ ලන්ද කියලා වැඩසටහනකුත්.

    ඔය හඬකැවීම් වැඩසටහන් ඔක්කොම මමත් බලලා තියෙනවා. ඇයි රොබින් හුඩ් වල සිංහල උපසිරැසිත් එතුමගෙනේ. කතාව ඉවර වෙලා රොබින් හුඩ් විදින ඊය ගිහිං බෝලෙක වැදිලානෙ ටයිටස් තොටවත්තගෙනි කියලා නම වැටෙන්නෙ. අර උඔ කියනවා වගේ අපිත් ඔය කතා බැලුවේ චාලි මුදලාලි ගාව තිබුනු කලර් ටීවී එකෙන්. හවසට කොල්ලො ඉස්තෝප්පුවෙ පිරිලා මිනිහගෙ ගෙදර.

    හැබැයි එක දෙයක් මම බලලා නෑ. ඒ හඳයා. ඒක තිරගත වෙද්දි අපි පොඩියිලු. මමත් හැමතැනම හෙව්වා අඩුම ගානේ පොඩි ක්ලිප් ටිකක්වත් බලන්න කොහෙවත් නෑ. මං හිතන්නෙ ඒක ටීවී එකේවත් ගියෙ නැතුව ඇති.

    ඉතින් ටයි මාමාට නිවන් සුව අත්වෙන්න කියලා පතන්න මමත් එකතු වෙනවා! ඒවගේම විදේශීය කාටුන් චරිත අපේ හිතවතුන් බවට පත්කල එතුමාට අනේක වාරයක් ස්තුතියි.

    ReplyDelete
  8. මීට ටික කාලෙකට කලින් තිබ්බ ඉන්ටවීව් එකකදී ටයි මාමා කිව්වා රූපවාහිණයට තව එයාගෙන් වැඩ ගන්න තිබ්බා තියලා. තව ගොඩක් දේවල් කරන්න එයාට පුලුවන් කම තිබ්බත් ඒ දේවල් කරගන්න හැටි රූපවාහිණිය දැන ගෙන හිටියෙ නැහැල්ලු.

    ReplyDelete
  9. ආදරණිය ටයි මාමාට නිවන් සුව!

    ReplyDelete
  10. ඒ කාටුන් ටික ගැන කියලා වැඩක් නැ.සිරසේ කාටුන් මොනාද?.ටයි මාමාගේ හඩකැවීම් පුංචි හිත් වලට‍ කා වදින විදියටම තිබුනා.හාස්‍ය වුනත් ඕන තරම්.සිරසේ වගෙ රස්තියාදු බාසාවක් තිබුනේ නැ.ඔය දොස්තර හොදහිත,හා හා හරි හාවා වගෙ කාටුන් ජනප්‍රිය වෙන්න ඒ කාටුන්වල ප්‍රබලත්වයට වඩා හඩකැවීම්වල ප්‍රබලත්වය හේතු වුනා කියලයි මට හිතෙන්නේ.


    ::::::::::: ආදරණිය ටයි මාමාට නිවන් සුව! ::::::::::

    ReplyDelete
  11. මට මතක විධියට මේ ගොඩටම “සුරංගනා කතා කරළිය“ ත් එන්න ඕනි. ටයි මාම හැකියාවෙන් සුවිශේෂී පුද්ගලයෙක්. මතකද දියරකුස්ගෙ කොඩිය. විදෙස් නිර්මාණයක් අපේ සිත් වලට ලං කරන්න එයා කොච්චර දුර හිතලද? සිප්යුරු රසාර, හසරැලි රසාර, දෙදාහෙන් එහා ලෝකය රසවින්දනයට විතරක් සීමා නොවී අපේ ජීවිත වලට වටිනා යමක් එකතු කලා. තව කියන්න කොච්චර දේවල් තිබ්බත් දැන් ටයි මාම නික්මිලා ගිහින්.
    දයාබර ටයි මාමේ ඔබට නිවන් සුව!

    ReplyDelete
  12. ටයි මාම අපේ හිත් වල ඉතුරු කරපු මතකය ගැන ආයෙ අමුතුවෙං කියන්න ඕනෙම නෑ නේද සයිබර් අවකාශය දිහා බැලුවාම . . . . අපිට ඉන්නවනෙ බ්ලොග් ලියන පිස්සු පූසො . . .
    බොරු නං ගිහිල්ල බලන්න "බ්ලොග් ගඩොල්"එක පැත්තෙ.

    ආදරනීය ටයි මාමාට . . . . . සුභ ගමන් . . . .!!!!!

    ReplyDelete
  13. ටයි මාමාට නිවන් සුව!...

    ReplyDelete
  14. ටයි මහත්තයා ගැන පොතක් ලියලා තියනවා නුවන් නයනජිත් කුමාර "සොඳුරු අදියරු සකසුවානෝ" කියලා.එයාගෙ ජීවිත කතාව පුදුම හිතෙනවා කියෙව්වහම.ඔයගොල්ල කවුරුහරි බලලා තියනවද හාර ලක්ශෙ ඒකත් ටයි මහත්තයාගෙ හොඳ චිත්‍රපටියක්.එතුමාට නිවන්සුව පතනවා.

    ReplyDelete
  15. ටයි මාමාට නිවන් සුව පතන්න එකතුවෙනවා මමත්.

    පහත කෙටි සටහන තැබුවේ රාත්‍රීයේ මේ සෝබර ආරංචිය කන වැකුන මොහොතේමයි.
    http://meeghaya.wordpress.com/2011/10/15/%E0%B6%A7%E0%B6%BA%E0%B7%92-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7-%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B6%E0%B7%9D%E0%B7%80%E0%B6%B1%E0%B7%8A/

    ReplyDelete
  16. පරිකල්පන,

    අනිවාර්යෙන් සුරඟන කතා කරළියත් එකතු වෙන්න ඕනා තමා.
    මතකද “අද අපි ඔබට කියන්න යන්නෙ....“ කියලා සුරගන කතා පටන්ගන්න යද්දි පසුබිමින් ඇහෙන හඬ ඇහෙද්දි අපේ ඇඟවල් කිලිපොලා යන හැටි.

    ReplyDelete
  17. ඉස්සර අපි ටයි මාමගේ කාටූන් කවදාවත් අත්හරින්නේම නැතුව බලනවා. ලොකු පොඩි හැමෝම රසවින්දා අඩුවක් නැතුව..
    ඒ අතරින් දොස්තර හොඳ හිත ගොඩාක් ආසාවෙන් බලපු එකක්. එහි ගීත වලටත් හරිම ආසා කලා.
    හඳයා චිත්‍රපටියත් අමතක නොවන එකක්..

    ටයි මාමත් අප සියලුදෙනා කවදා හෝ යායුතු ගමන ගිහින්.
    ඔබට නිවන් සුව මාමේ!

    ReplyDelete
  18. කුඩාකල සිට අපව පිනවූ ටය් මාමේ , ඔබට නිවන් සුව !
    මේ වගේ වැදගත් ලිපියක් පල කල ඔබට ද මාගේ ස්තුතිය!
    *වසිලිස්සා*

    ReplyDelete
  19. ටයි මාමාට අප සැමගේ ආචාරය ...........!!!!!

    ReplyDelete
  20. ජාතික රූපවාහිනිය විතරක් දැකපු ඒ කාලේ කාටුන් එකක් යනකම් කොයිතරම් ආසාවෙන් ටීවී එක ලඟ කල් මරනවාද ? එතකොට ඔබ ගැන හරියට දැනං උන්නේ නෑ .

    ඉතින් ටයි මාමේ ඔබට නිවන් සුව !!

    ReplyDelete
  21. ටයි මාමේ ඔබට නිවන් සුව !

    ReplyDelete
  22. ඔහුට නිවන් සුව පතනවා.

    (මොකද මේ දක්ෂ කට්ටිය ඔක්කොම එක කාලේ එකට යන්නේ?)

    ReplyDelete
  23. අපි නම් හඳයා බලපු වාසනාවන්ත කට්ටිය .
    ''යාලුයි අපි යාලුයි
    හැමදාමත් යාලුයි
    එක ඉත්තක එකට පිපුන පුංචි යාලුවෝ ''

    ඔය හඳය බලද්දී මන් හරිම පොඩියි . ඒත් හොඳට මතකයි . ඒක තමයි ලංකාවේ හොඳම ළමා චිත්‍රපටය මට නම් .
    ටයි මාමට නිවන් සුව ලැබේවා .

    ReplyDelete
  24. ටයි මාමේ..ඔබට නිවන්සුව..අත්වේවා..

    ReplyDelete
  25. ආදරණිය ටයි මාමේ ඔබට නිවන් සුව!

    ReplyDelete
  26. මාත් හඳයා බලලා තියෙනවා. ටයි මාමගෙ වැඩ වලින් බොහොමයක් අපේ හිත් තුල තාමත් තියෙනවා.

    ටයි මාමෙ ඔබට නිවන් සුව..

    ReplyDelete
  27. ටයිටස් තොටවත්ත මහතාට නිවන් සුව....!!!!

    ReplyDelete
  28. සුභ ගමන් ටයි මාමේ.

    පවුලක් විදියට අපි [අම්මයි, තාත්තයි, මායි. නංගියි] බලපු පලවෙනි චිත්‍රපටිය ගාල්ලෙ ජීවන් එකේ [දැං ක්වීන්ස් එකට කලින් කිව්වෙ ජීවන් කියල]

    ReplyDelete
  29. ටයි මාමාට නිවන් සුව .......!!!!

    ReplyDelete
  30. දැන් එන හඳ කැවීම් එක්ක බලද්දි ඒ හඳ කැවීම් කොයි තරම් තාත්විකද... අපිට කිට්ටුද... ඒ එක කාටූන් එකක් වත්... නට්ටියක්වත් පිට රට ඒව කියල හිතට නොදැනෙන තරම් ටයි මාම ගෙ හඩ කැවීම් සාර්ථකයි.

    ඔය වැඩසටහන් වල සින්දු ටික මූනු පොතේ තිබ්බා....

    ටයි මාමේ නුබට නිවන් සුව....

    ReplyDelete
  31. මොනා කියන්න මචන්.. අපේ වීරයා මැරිලා

    ReplyDelete
  32. ටයි මාමට නිවන් සුව ලැබේවා!

    ReplyDelete
  33. This comment has been removed by the author.

    ReplyDelete
  34. /*----පුංචි ඇත් පැටවා වගේ තමයි මතක.. මතක කෙනෙක් ඉන්නවනම් යටින් සඳහන් කරන්න....----*/

    ෆිල්ම් එකේ නම "Little Elephant" (පුංචි ඇත් පැටවා) තමය්. ටය් මාම නැතිවෙන්න කලින් සති අන්තේ (ඔක්තෝම්බර් 8-9) මේක නැවත විකාශය කලා.

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...