පහුගිය ලිපි දෙක මනා ආංදෝලනයක් ඇතිකරමින් උඩට ගිහින් යටට ඇවිත් නරා වලක් වෙලා දැන් ටිකක් උණුසුම අඩුවෙලා ගිහින් තියෙනවා.... ඒත් තාමත් කට්ටිය නිතර ඒ පැත්තට ගොඩ වෙලා ඇනෝ කමෙන්ට් එකක් එහෙම ඔබලා කාට හරි මඩක් ගහලා යනවා... මේ පෝස්ට් දෙක ඩිලීට් කරන්නවත් කමෙන්ට් ඩිසේබල් කරන්නේවත් නැත්තේ මම ඒ දෙකෙන්ම මතු කල කාරණයකට මමම එයින් විරුද්ධ වෙන නිසා.. ඒ නිසා බ්ලොග් එක පවතින තාක් කල් ඒ ලිපි දෙකත් මම ලියපු අනිත් ලිපි වගේම ඔන්න ඔහේ පැත්තකට වෙලා හිටපුවාවේ.... හරි දැන් කතා කරන යන්නෙත් ඒ වගේ දෙයක් ගැන.... ඒ කියන්නේ මිනිස්සු පිස්සු වට්ටන තුන් දෙනෙක් ගැන.. බ්ලොග් අවකාශේ කට්ටියටත් යහමින් හම්බෙන තුන් දෙනාගේ අන්තිම ප්‍රථිපලය කොහොම වුනත් වෙනස මෙන්න මේකයි කියන්න තමයි හදන්නේ....
දුප්පතාගේ හිතවතා (ගල් අරක්කූ), තනි අකුරේ බඩු (රා), තණමල්විල ගුවන් යානා (ගංජා) මෙන්න මේ තුන් දෙනා ගැන තමයි අද කියන්න යන්නේ.... දැන් කවුරු හරි ඉන්නවාද කටට කෙල ගිලපු අය... එයාල අද හවසම සෙට් වෙන්න එහෙනම්.... මේ තුන් දෙනා ගැන නියම විදිහට තේරුම් ගන්න මරු කථාවක් ඇහුවා මම ඊයේ... ඒක තමයි අද මම මේ කියන්න හදන්නේ... වටේ තලා අවසන්... මෙන්න කථාව....
එකම බෝඩිමේ ඉන්න යාළුවෝ තුන් දෙනෙක් බාර් එකක් සෙට් වෙලා නද වෙන්න ගහනවලු... එකෙක් බොන්නේ ගල්... අනිකා බොන්නේ රා.... මේ දෙකම පාවිච්චි නොකරන අනිත් එකා මලක් ගහනවලු මුල්ලකට වෙලා.... කොහොමහරි යහමින් ගත්ත තුන් දෙනා තමන්ගේ පාඩුවේ බෝඩිම වෙතට ආවලු නිදා ගන්න... එතකොට තමයි තුන් දෙනාට මතක් උනේ යතුර නෑ කියලා.... ඒ කියන්නේ සෙට් වෙච්ච තැන යතුර... මේක අවබෝධ වෙච්ච තුන් දෙනා ඒ සම්භන්ධව දක්වපු ප්‍රතිචාරය තමයි මෙ තියෙන්නේ.....
ගල් බීපු එකා : තොපිට පිස්සුද යකෝ.. යතුර අමතක කරලා එන්න.. තොපි වගේ $&$&$$& එක්ක මොකුත් කරන්නේ බෑ.. හැම #$@#@ ම අමතක කරල එනවා යන හැම තැනම....
රා බීපු එකා : හරි බන් බෙරිහන් දෙන්න ඕනේ නෑ.. මම ගිහින් ගේන්නම්.. උඹලා හිටපල්ලා....
පාවෙවී හිටපු මල් ගහපු එකා : අනේ උඹ යන්න ඕන නෑ බන්.. යතුරු හිලෙන් රිංගලා නිදාගෙන හෙට උදේ ගිහින් යතුර ගේමු බන්....
ප.ලි. දැන් කියන්න එපා සුපියල් පා කෑව තෝ කියලා.... :D
ප.ප.ලි. අර අවුරුදු උත්සවේ තියෙනවලුද බන්... :(

බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....
අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...

-
මගේ කතාව...... අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු ස...
-
විමල් වීරවංශ සහ උදය ප්රභාත් ගම්මන්පිල වෙත ලියමි. ඔබලාගේ වචනයෙන්ම කියනවානම්, රටක සිදුකෙරෙන විදේශ කුමණ්ත්රණකාරී අර්බුධයක් දඩමීමා කරගෙන සියල්...
-
මචන්, මේ ලියන මම ද, අරගල වලට ආදරය කරන මිනිහෙක්. මහ පොලවේ සටන්, අර ගල, විප්ලව මේ සියල්ලම දේශපාලනික කාරණා වුවද, සෑම තරුණ තරුණියක්ම රට වෙනුවෙන්...
මේක අන්තිම පේලියේ ගියා
ReplyDeleteමම ඊයෙනේ ඇහුවේ....
Deleteඅන්තිම පේලිය බලපු එක්කෙනෙක් ලොක්ක වගේ කියන්න ඇති :P
Deleteහපෝ ඕක අන්තිම පේලියේ යන්න කලිං මම නම් අහලා තිබුනා
Deleteබ්ලොග් පිටිය යුධ පිටියක් වෙලාද???
ReplyDeleteමොකද මන්ද ???
දවසක් දෙකක් මේ පැත්තට එන්න බැරුව හිටිය විතරයි මේක තනිකරම අනිත් පැත්ත ගැහිලා නෙව..O.o
මාත් මේක අන්තිම පෙලියෙ දැක්කො..
ReplyDeleteඋඹ අපෙ සුපියල් පා කේවා..!! :D
කෑවෙ නේන්නම් සුපියල් 5...
ReplyDeleteසයියෝ මගේ සුපියල් 5 :D :D
ReplyDeleteෂික් විතරක්.. සුපියල් පා කෑව තමයි උඹ.
ReplyDeleteඕක තමා කියන්නේ ලෝකල් උනත් වදින්නේ වෙනස් වෙනස් විදිහට කියල. මිනිස්සුත් ඔහොමයි
ReplyDeleteකොහොමද හරියටම ලෝකල් කියන්නේ??? KG දන්නේ නැහැ නේ
Deleteඅනේ මන්දා.............
ReplyDeleteඅත්දකීම්නේද කිව්වේ. රා බොන එක හොදයි වගේ
ReplyDeleteගඳ තම අව්ල
Deleteරා හොදයි . . .
Deleteකංසා හොදාදාදායි . . . . .
හොඳ ලිපියක් ....
ReplyDeleteඋඹ හිට් බලන්මද කොහෙද ලියන්නෙ..මාතෘකාවෙන්ම පේනවා
ReplyDeleteමම හිට් බලාගෙනම ලියනවයි කියමුකෝ මචන්... ඉතින් උඹට පාංද කියපන්කෝ....
Deleteමට ඉරිසියයි බං
Deleteඅයියෝ.. මගෙ තූති සුපියල...
ReplyDeleteThe last row කලින් ඕක ජනප්‍රිය කතාවක් නිසා සුපියල් පා ගැන ගනං ගන්න එපා.
ReplyDeleteමේ මම අහල තියන විදිය,
ReplyDeleteගල් - අඩොව්....අපි දොර කඩාගෙන ඇතුලට යං.
රා - දොර කඩන්න ඕනි නෑ බං. අපි මෙන්න මේ එලියට වෙලා නිදාගමු.
මල් - ආ...තල් එක කන්ඩ එපා...... ආ..තල් එක කන්ඩ එපා......අපි තුන්දෙනා හෙමි...හිට යතුරු සිදු..රෙන් ඇතුලට යමු
ඒක ආතල්ද මංදා
Delete//ඒ කියන්නේ සෙට් වෙච්ච තැන යතුර...//
ReplyDeleteසෙට් වෙච්ච තැන යතුර මොන හුන්නස්ගිරියකටද බෝඩින් කාමරේට රිංගන්න ?
ඊයේ බිව්වෙ පැට්ටත් එක්කද? ෂුවර් එකටම ඌ තමා කතාව කියන්න ඇත්තෙ
ReplyDeleteහපොයි සුපියල් පහ... ;)
ReplyDeleteඅන්තිම පේලියේ මේ ළගදි ගියේ!
ReplyDeleteෂැහ් අපි ආවේ මේ කඩු පයිට් පෙන්නනවා කියලා හිතාන.රුපිය්ල් පා කේවා... :D
ReplyDeleteප.ප.ලි. - එක ගැනනම් මටත් තියෙන්නේ ලොකු ප්‍රශ්නයක්..... :)
ReplyDeleteහනේ හනේ උඹට අවුරුදු උත්සව අරහේ උඹලගෙ එකෙක් නේද මැරෙන්න යන්නෙ.
DeleteWho is going to die ?
Delete@AnonymousJan 28, 2012 04:13 AM:
Deleteබය වෙන්න එපා මෙයා . . . . "සද්ද දාල අරින පඩේ ගද නෑ" කියනවනෙ . . . ඕකත් එහෙමම තමයි
මල් ගැන ලියවුන හොඳම ගීතය.
ReplyDelete"මලක් වෙලා ඔබ පිපෙන්න... ආදරේ සුවඳ දෙන්න.."
මේවා කවුරුත් දන්නේ නෑ.. උන් හිතන්නේ
"තනමල්විල මල් පිපුනට" කියන එක තමයි හොඳම එක කියලා
හිකිස්......
ReplyDeleteරා ගඳයි... අරක්කු තිත්තයි... (දැන්නම් අඹ ඇපල් අනං මනං ගොඩයි...) මල කෑම රුචිය වඩවයි
ReplyDeleteනියම කතාව.. හොද වෙලාවට මගේ රුපියල් පහේ ඒවා කැපෙන්නේ නෑ...
ReplyDeleteආදර්ශය: රා බොන්නා සමාජ සේවකයෙකි...
ReplyDeleteමලක් ගහලම answer එකක් දෙන්නම් ..............shit පසට කතාව
ReplyDeleteගත හැකි ආදර්ශය මල් ඇදීමෙන් ඕනෑම කුඩා සිදුරක් හරහා ඉතා පහසුවෙන් යාමට හැකි වීම.
ReplyDeleteහරි හරි විස්කි බ්‍රැන්ඩි ගහන උන් කරන දෙවල් හොඳයි කියලනෙ ඔය කියන්නෙ
ReplyDeleteඅපි ආවේ කඩු පයිට් බලන්න කෑවා මාත්තියා කෑවා අපේ සුපියල් පහ
ReplyDeleteඅයියෝ මගේ සුපියල් පහ.. :(
ReplyDeleteසුපියල් 5 පාඩු නැත...අවුරුදු උත්සවය පැවැත්වෙන බවට වාර්තා වී ඇත....අර යතුරු හිලෙන් රිංග්වේ අබියා බවට සැකයක් ඇත....
ReplyDeleteඑළ එළ මලේ ආතල්ම සීන් එක දැක්කේ අපේ එකෙක් සිගරට් පැකට් එක සාක්කුවේ දාගෙන වැටිච්ච එක ගන්න ඇලට පැනපු වෙලාවේ....කාටවත් කරදරයක් නැති පානයක්....
ReplyDeleteඅවුරුදු උත්සවේ තියනවො.....මේදා පොටේ වැල්ලවත්ත පැත්තේ කියලයි ආරංචී.....
ReplyDelete