බෝඩිමක් කියන්නේ ඉතා රසවත් තැනක්. මගේත් බ්ලොග් සටහන් කීපෙකම බෝඩිං ජීවිතේ වෙච්ච රස කථා ගොඩාක් ලිව්වා... තව තව බ්ලොග් සහෘදයොත් බොඩිං ජීවිත හොස්ටල් ජීවිත වගේ එව්වා ගොඩාක් ලිව්වා.. ජනවාරි පළවෙනිදා අපි ගියා අපේ බ්ලොග් කරුවෙකුගේ බෝඩිමකට... ශහ්.. ඒකනේ බෝඩිම... මෙන්න තියෙනවා පින්තූර... කියන්න බලන්න කාගෙද කියලා මේ බෝඩිම ඔයාලට හිතෙන විදිහට....
අපිට කට කොනට හිනා ගියාට අපේ කාමරත් ඒ කාලේ මෙහෙමද මන්දා තිබ්බේ.... මෙච්චරම නෑ හැබැයි.....
ප.ලි. අමතක කරන්න එපා... ගාලු ගමන සෙනසුරාදා.... කොළඹ ඉදලා යනවනම් රාජ්ව කන්ටක්ට් කරන්න.. මේ තියෙන්නේ ඒ පාර....

බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....
අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...

-
මගේ කතාව...... අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු ස...
-
විමල් වීරවංශ සහ උදය ප්රභාත් ගම්මන්පිල වෙත ලියමි. ඔබලාගේ වචනයෙන්ම කියනවානම්, රටක සිදුකෙරෙන විදේශ කුමණ්ත්රණකාරී අර්බුධයක් දඩමීමා කරගෙන සියල්...
-
මචන්, මේ ලියන මම ද, අරගල වලට ආදරය කරන මිනිහෙක්. මහ පොලවේ සටන්, අර ගල, විප්ලව මේ සියල්ලම දේශපාලනික කාරණා වුවද, සෑම තරුණ තරුණියක්ම රට වෙනුවෙන්...
මඩයගෙ බෝඩිම :D
ReplyDeleteමම කියන්නද එක්කො එපා නේද? කාටවත් යාළුවෙක්ට වමනේ ගියාද ඊයේ මේ බොඩිමේදි ?
ReplyDeleteඔව් ඔව් වෙදන අයියේ වමනෙ ගිහින් ඉදාගෙන එක කෙලියයි..... සාක්ශිත් තියෙනවා. :)
ReplyDeleteඅභීතයියේ මා ගාව තියෙනවා ඔය වගේම බෝඩිමක එක්කෙනෙක් නිදාගෙන ඉන්න පොටෝ එකක්. මෙතන ලින්ක් එක දාන්න්ද? :D
ReplyDeleteමැරෙන්න බීල, ෆිට් එකෙත් ඉන්න ට්‍රයි එක දෙන පොරකගෙ වගේ...හෙහ්...හෙහ්...මට ගෙස් කොරන්න නං පුළුවන්
ReplyDeleteඅර එක්සයිස් මැශින් දෙකක් තියෙන්නෙ .. වමනෙ දමන කොට අල්ල ගෙන ඉන්නද ?
ReplyDeleteසුබ නව වසරක් වේවා.. හැමෝටම..
ReplyDeleteමඩකින්ම අවුරුද්ද පටන් අරගෙන තියෙන්නෙ..
මඩයාගෙ වෙන්න බැහැ.... මම පිළිගන්නෙ නැහැ මඩයාගෙ කියලා.... මෙවා දකිද්දි හරිම වෙදනාවයි.... රට රකින්න තියන තරුණ ජිවිතෙක ශක්තිය නෙද මෙ ජිම් වලටයි, බැන්ඩ් කැලි වලටයි වියදම් කරලා තියන්නෙ
ReplyDeleteඅ..යන්නේන් පටන්ගන්න.....නමක් තියෙන... ලෝකයක් ගැන රස බ්ලොගක් ලියන..අලුත්ම පොස්ටුවෙන්..ගෘහ නිර්මාණ ශිල්පය ගැන කාතා කොරපු.. කෙනෙක් ගේ නොවැ.හික්..මෙන්න අලුත් අවුරුද්දේ මඩ ගහනවෝ
ReplyDeleteහ්ම්..... කෙනෙක්ව නම් හිතෙනවා...එක්කොත් ඕනෙ නෑ.මොකටද මඩ ගහන්නෙ....
ReplyDeleteලොවොත් නෑ තව සතියක් ඇතුලත මඩයා අභියා ජොකෙක්පිටිං ඉන්න ෆොටෝ එකක් හරි දානවා :D :D :D කාලයක් නැවතිලා තිබ්බ මඩ ප්‍රහාර ආපහු පටංගන්න වගේ යන්නේ
ReplyDeleteවෙන කාගේද?
ReplyDelete:D
ReplyDeleteඊයෙ මැරිච්ච එකාගෙ නේ.. :D :D
ReplyDeleteඔය බෝඩිමේ තව එකෙක්ට ඉඩ නැද්ද කියල අහපං??? :ඩි
ReplyDeleteමඩ ගොඩක් නේ අප්පා! :D
ReplyDeleteඅභියා... අඑ සෙටි එකේ බෝතලේ බදාගෙන නිදාගෙන හිටපු එකාගේ ෆොටෝ එක දාන්නද???
ReplyDeleteහපොයි දෙයියනේ මේ බෝඩිමේ බෝතල් ගොඩක් තියෙන හැටි ...
ReplyDeleteකාගෙ කාගෙත් කිල්ලොටවල හුනු කික ටික හරි තියනවග අමතක කරන්න එපා ...
ReplyDeleteඔය බෝඩිමේ මම දන්නෙ තුන්දෙනයි . . .
ReplyDeleteබෝතල් ටික - අපි හැමෝම දන්න එකාගෙ
සංගීත උපකරන - සිංදු කියන්න පුලුවං එකාගෙ
බෙන්ච් එක - බඩාගෙ
මම හරිද ????
මගේ ලෝකය ලියන රංග . . . . මේ ඔබේ අවධානය පිනිසයි
බෝඩ්මේ අයිතිකරුගේ වකුගඩ්ඩ කෙසේ ඇත්ද???? හක හක!!
ReplyDeleteWeni,
ReplyDeleteඒ රෙදි වනන්න!
බෝඩිමක් නෙවෙයි ස්කාගාරයක්ද කොහෙද? :))
ReplyDeleteඊලග බ්ලොග් කරුවන්ගේ හමුව ගාල්ලෙන් පසු. මේ කාමරේ පිරිසිදු කිරීමේ ශ්‍රමදානය...
ReplyDelete//කොල්ලෙක්ගේ බෝඩිමකට ගිහින් තියෙනවද?//
ReplyDeleteමේ පලවෙනි පාරට ගියාමයි. ඔය අරයාගේ ප්ලේස් එක නේද?:D:D:D
මොනා නැතත් පර්සනල් ජිම් එක නම් වටිනව..බෝඩිම අයිතිකරුටත් සුභ අලුත් අවුරුද්දක් පතමු.!!!
ReplyDeleteහාඩු ගඳ පල් පුවක් ගඳ වගේ එන්නේ නැද්ද
ReplyDeleteමට හිතෙන්නෙත් 'අ'යන්නෙන් නම පටන් ගන්න එකෙක්ගේ වගේ ඒක! ඒ උනාට ඉතින් ඔහොම ම මඩ ගහන්න හොඳ නෑ නේ!!කට්ටිය ගාලු ආවම බලමුකෝ තව මඩ ටිකක් සෙට් කර ගන්න!!
ReplyDeleteමේක නම් ස්කාගාරයක් ද කොහෙද ..?? අදහන්න වටිනා පොට් එකක් ..!!
ReplyDelete- චරිත් -
මම නම් දන්නවෝ... ඊයේ රැම කට්ටිය ෆේස් බුකියේ හෙව්වේ මේ මනුස්සයාවනේ...
ReplyDeleteආයේ මොනවද ඔය උඩින් කියලා තියෙන්නේ.....
බෝඩිම මොකාගෙ වුනත් හොඳට බොන යාළුවො සෙට් එකකට උරුමකම් කියන හොඳ ෆිට්නස් තියන කොල්ලෙකුගෙ වෙන්න ඕන......
ReplyDeleteඅයියෝ අයියෝ ලොවෙත් නැති මඩක්...!
ReplyDeleteමේක ලයිසන් අරන් පවත්වාගෙන යන තැනක්ද???
ReplyDeleteඅලුත් අවුරුද්දෙම මාර මඩක්නේ...හික්ස්...
ReplyDeleteහෆ්ෆේ කාගේද මේ කාමරේ?
ReplyDeleteඅනේ අයියා මේ http://waishawaknowe.blogspot.com/ අක්කා වගේ ඔයත් සෙක්ස් ගැන ලියන්නකෝ ඔයාගේ ලිපි හරි බොරිං. ලියනවා නේද .?
ReplyDeleteඅනේ අයියා මේ http://waishawaknowe.blogspot.com/ අක්කා වගේ ඔයත් සෙක්ස් ගැන ලියන්නකෝ ඔයාගේ ලිපි හරි බොරිං. ලියනවා නේද .?
ReplyDeleteඅඩේ මේ අපේ හොස්ටල් එකේ කාමරයක් වගේ නේ.
ReplyDeleteඕකේ අබේපාල මාමගෙ සර්පයෝ පිරිල හිටියෙ.. කෝ යකෝ එකෙක්වත් වැටිලා නෑ ෆොටෝ එකට..
ReplyDeleteමං නං පුටුවෙන් බැස්සෙ නෑ.. පූසා සාක්කි.
ඊකේ මෙව්ව බොඩිම් ඇ...යකො මෙව්වා අධි සුපොගිබොගි නිවාස නේ...ඒකට අපේ බොඩිම නේ බොඩිම කියන්නෙ..අඩි 5 , 7 කාමරේ තුන් දෙනෙක් නිදියන්නෙ වෙන මුකුත් නිසා නෙවෙ බදුල්ල හීතල නිසා...
ReplyDeleteකොහොම නමුත් අබේ මාම එක්ක අර කිතුල්ගල ගිය පොරක් නේද මේ..
මට නම් පේන්නෙ මේක තමන්ගේ සෞඛ්‍යය තත්වය ගැන ඉතා හොඳින් වෙහෙසෙන, කලා කාමී හදවත් ඇති, කිසිදවසක කල ගුණ අමතක නොකරන හොඳ කොල්ලො සෙට් එකක් ඉන්න තැනක් මේක....!
ReplyDeleteමචං මොක බෝතල් පත්තර එකතු කරන තැනක් ද?... මරැ....
ReplyDeleteජීවිතේ එක වතාවක් බෝඩිමක ගත කල නිසා මටත් ඉතින් ඔය ලයිෆ් එක සහ අවට පරිසරය ගැන හොඳ අවබෝධයක් තියනවා . මේ බෝඩිම නම් පට්ට සල්ලි කාරයෝ සෙට් එකක් වසන බෝඩිමක්
ReplyDeleteඅපේ බෝඩිම වටේ තිබුනේ සිගා කොටයි , ගල් බෝතලුයි බීර ටිනුයි විතරයි
මේකට කොයි වගේ රිටර්න් එකක් හම්බෙයිද දන්නෑ
ReplyDeleteඔය බෝඩිම හොයා ගන්නද අර අපි හෙන කට්ටක් කෑවෙ එක දවසක්... ???
ReplyDeleteයකෝ මෙතන ස්කාගාරයක්ම තියෙනවනේ... මම නම් 3 - 4 ක් එකතු වෙද්දි කුණු පෙට්ටියට දාල යවනවා...
ආයෙම මඩ ජීවිතේ පටන් අරන් වගේ... මගේ ලෝකය පැත්තෙත් /ිහින් බලලා එන්ඩ වෙයි වගේ
ReplyDeleteමං නම් දැකලම නෑ... කොහෙද මේ....???
ReplyDeletemekata asela ayya arenna anith hamoma comment karala.......
ReplyDelete