ඇත්ත නමින් බ්ලොග් ලියන එකේ වාසි වගේම අවාසිත් තියෙනවා.... ලොකුම අවාසිය තමයි රසවත් සිද්ධි ලියනකොට සැර උපරිමෙන් බාල කරලා ලියන්න සිද්ධ වීම.. මේතනත් ඒ වගේ කථාවක් තියෙනවා.. ඒත් බලන අයට අසාධාරණයක් නොවෙන්න ලියන්න හිතනවා.... හරි පටන් ගත්ත ගමන්ම වටේ යන්නේ....
සම්මත මිනුම් ක්‍රම වගේම කට වහරින් එන මිනුම ක්‍රම ගොඩාක් අපේ සමාජයේ තියෙනවා.. ඉස්සර හිටපු අපේ මුතුන් මිත්තෝ වෙලාව කිව්වේත් ඉර දිහා තරු දිහා බලලනේ.... ඉතින් ඒ වගේ කතා කිහිපයක් තමයි මේ....
ඉන්දික කියලා මගේ යහලුවෙක් හිටියා කටුගස්තොට.. මිනිහගේ ගෙදරට යන පාර අපට කිව්වේ මෙහෙමයි...
මචන්, දෙවෙනි පටුමගේ හතරවෙනි ගෙදර......
හික්.. දෙවෙනි පටුමගේ හතරවෙනි ගෙදරට කිලෝමීටර එක හමාරක් යන්න ඕන... අහන මිනිහා මොන තරම් මුලාවක වැටෙනවද?
නුවර එළිය පැත්තේ කට්ටිය වංගු වලිනුත් දුර කියනවා...
තව වංගු තුනයි...
අයියෝ.. ඔය හතර වෙනි වංගුවේ තියෙන ගෙදර..
නමුත් ඒ පැත්තේ වංගු ගනින්න මාර ගේමක් දෙන්න ඕන.. මොකද, ඔවුන් වංගු ගනින්නේ පොඩි වංගු අත ඇරලා...
දුර මනින නවීනතම මිනුම් ඒකකය මට ලබුනේ ගිය සෙනසුරාදා... මාතර පැත්තේ ගෙදරක යන්න ගිහින්... මේ තියෙන්නේ දෙබස...
මේ හරියට වරකාපිටිය කියලද කියන්නේ....
ඔව් මහත්තයා...
අර බන්දුල මහත්තයාලගේ ගෙදර කොහෙද?
මේ පාරේ තව ටිකක් යන්න ඕන... තැපල් පෙට්ටියක් තියෙනව ඔන්න ගෙදර ඉස්සරහා.. ඔහෙලා කොහෙයි?
අපි ටිකක් ඈත... කොච්චර විතර දුරද සමාන්‍යයෙන්..?
අනේ.. වැඩි දුරක් නෑ.. තව බෝක්කු තුනයි.....
(ඔය වැම්පා මලයා එහෙම ආඩම්බරෙන් කිව්වට ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කියලා උනුත් දුර කියන්නේ බෝක්කු වලින්ද කොහෙද... මටනම් හිතේ මැවෙනවා මාතර එකෙක් ඕස්ට්‍රේලියාවේ සුද්දෙකුට බෝක්කුවලින් පාර කියන හැටි....)
මේ සිද්ධිය මට මතක් උනේ තාරුණ්‍යයේ අඩවිය ලියන රාජ් එක්ක මේ සෙනසුරාදා (ජනවාරි 7) තියෙන බ්ලොග් කරුවන්ගේ ගෙට්ටුව ගැන කථා කර කර ඉද්දී... අනනමනන් වල්පල් ගැන කතා කර කර ඉන්න ගමන් රාජ් කිව්ව මිනිහා සිරිපාදෙ ගිය කථාවක් කැලේ පාරකින්.. අන්න එතකොට තමයි මේ සීතල මනින අලුත්ම ඒකකය ගැන මගේ මතකය අළුත් වුනේ.... 2004 හතරේ අවුරුද්දේ අගෝස්තු මාසේ අපි සිරීපාදේ ගියා.. අවාරේ සිරීපාදෙ යන එක බයානක වගේම හරිම මිහිරි අත්දැකීමක්.. සීතල උපරිමෙන්.. ඉතින් දෙවි පිහිටෙන් මේ ගමන ගිහින් ආපහු ආවා..
මේ ගැන ඔෆිස් එකේ කතා වුනේ මම ආවට පස්සේ.. එක ගෑනු ලමයෙකුයි, අර මගේ කලින් කථාවක හිටපු ප්‍රදීප් කියන රියදුරයි අතරෙ තමයි මේ සංවාදේ උනේ.. ගෑනු ලමයගෙන් තමයි ප්‍රශ්නේ...
ඉතින් අභීත, සිරීපදෙ ගමන කොහොමද?
හොදයි... හරිම නිස්කලන්කයි... අවාරෙ හින්දා සෙනග නෑනේ....
මාත් ගිහින් තියෙනවා අභීත මහත්තයෝ අපි බඳින්න කලින්... අවාරේ සිරීපදේ යන එකනම් ඉතින් ඔය වයසට ගියොත් තමයි.. නැත්නම් ආයේ යන්න වෙන්නේ නෑ.... සීතලේ තරම තේරෙනවනේ.....
අනේ ඇත්තද ප්‍රදීප්.. ගොඩාක් සීතලද?
මිස් මේ මොනවා අහනවද මන්ද? කොච්චර සීතලද කියන්නේ උපරිම දිග සෙන්ටිමීටර එක හමාරක් විතර ඇති...
කථාව එතනින් ඉවර වුනේ මට හිනාව නවත්තගන්න බැරි වෙච්ච නිසාත් ප්‍රදීප් එතනින් ගිය නිසාත්... අර ගෑනු ලමයා හිස් බැල්මකින් අපි දෙන්නා දිහා බලන් හිටියේ ඇයත් ටියුබ් ලයිට් නිසා වෙන්න ඇති....
ප.ලි. මතකනේ ඔක්කොටම.. අපි සොඳුරු මොහොතක් ගත කරන්න යනවා කියලා ගාල්ලේ. දිනේ මතකද? ජනවාරි 7.. වැඩි විස්තර මෙතනින්... මෙතනින්.. මෙතනින්...

බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....
අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...

-
මගේ කතාව...... අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු ස...
-
විමල් වීරවංශ සහ උදය ප්‍රභාත් ගම්මන්පිල වෙත ලියමි. ඔබලාගේ වචනයෙන්ම කියනවානම්, රටක සිදුකෙරෙන විදේශ කුමණ්ත්‍රණකාරී අර්බුධයක් දඩමීමා කරගෙන සියල්...
-
මචන්, මේ ලියන මම ද, අරගල වලට ආදරය කරන මිනිහෙක්. මහ පොලවේ සටන්, අර ගල, විප්ලව මේ සියල්ලම දේශපාලනික කාරණා වුවද, සෑම තරුණ තරුණියක්ම රට වෙනුවෙන්...
This comment has been removed by the author.
ReplyDeleteඅබේපාල මාම .... කොයිවෙලාවෙත් සෙන්ටි මීටර් දෙකහමාරයි නේද?
ReplyDeleteබීපෙසි..
ReplyDeleteඅනේ පවු :D
අපේ එකෙක්ට නමක් වැටුනා සිතලයා කියලා සිරිපාදෙ ගමනෙදි
ඌට නම් උනේ සීතලෙදි 1.5cm වෙන එකේ අනික් පැත්ත උනා කියලා :D
පැණි දොඩම් අයියා කොමද ඒක දන්නෙ ? O_o
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteදැන් ගාල්ලට කොට්ටාවේ ඉදලා තියෙන්නේ හු තුනක දුරක්ලු. හු තුන යන්න පයක් යනවලු. අභීත අයියා අපි හත ගාල්ලේදී සෙට් වෙමු එහෙනම්
ReplyDeleteදැන් ගාල්ලට කොට්ටාවේ ඉදලා තියෙන්නේ හු තුනක දුරක්ලු. හු තුන යන්න පයක් යනවලු. අභීත අයියා අපි හත ගාල්ලේදී සෙට් වෙමු එහෙනම්
ReplyDeleteමාතරට මඩ ගහන්න එපා හරිය. :)
ReplyDelete:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
ReplyDeleteඈක්කා කතා ලියනවා මෙයා... :P
ReplyDeleteබවලත් උදවිය සෑහෙන බට ලයිට් ගොඩක් නේ. හීක්ස් :)
ReplyDelete@බනී :
ඔය සීතලයා කියලා එකෙක් ඉන්නේ. ඌ වෙන්න් ඇති නේ. හික්ස් :)
ගමේ ප්‍රජා ශාලාව කොහේද මල්ලි ?
ReplyDeleteඔහොම ඉස්සරහට යං එතකොට බල්ලෙක් බුදියං ඉන්න වංගුවක් හම්බෙනවා අන්න එතන
යකෝ පොස්ට් එකට වඩා හිනා ගියේ සඳරුවගෙ කමෙට් එකට...
ReplyDeleteමොට්ට ආයුද නම් අතුරුදහන් වෙනවා ඇති එහෙනම්...
ReplyDeleteහික් හික් මරු මිම්ම...රස්නේ මනින්නේ ඕකේ අනික් පැත්තට වෙන්ටෑ.....
ReplyDeleteතේරුනේ නම් නෑ..ඒත් දුර මනින එක ගැන කිව්වමයි මතක් උනේ..මම ඉන්න රටේ උදවිය දුර කියන්නේ පැය වලින්...පැය භාගේ දුර,පැයේ දුර...කොහොම උනත් කතාව ආයිත් කියෝල බලල හිනාවෙන්නම්..අනේ මමත් ටියුබ් ලයිට්ද?
ReplyDeleteපෝස්ට් එකට හිනා ගියා වගේම .. සඳරූගේ කමෙන්ට් එකටත් හිනා ගියා..සිරීපාදේ ගිහින් සීත ගඟුලෙ නාලා ගොඩට ඇවිත් එකෙක් කියනවා "අඩෝ ඇත්තටම නෑනෙ බන්.. වැටුනද දන්නෙ නෑ" කියල..
ReplyDeleteමේකේ තියෙන කොමෙන්ට් කිවුවම සේරටම වැඩ ෆන්.තවලම පැත්තේ කියන්නේ හපෝ තව දන්වැල් දෙකයි දුර..
ReplyDelete@පුංචි කුමාරිහාමි.ඔය ඉන්නේ අප්‍රිකා රටකද.මං ඉන්න රටේ එහෙමයි දුර කියන්නේ..
hapoyi oya choo kurulla gena ne'da kiwwe
ReplyDeleteබවලත් උදවියට ටියුබ් ලයිට් වගේ ..!මොනා උනත් අවාරේ සිරිපාදේ යන එක නම් පට්ට ආතල් ..!!අභීත අයියේ අර කුරුවිටෙන් පැත්තෙන් ගියේ ..!!
ReplyDeleteමේ ලෝකේ දෙයක් තේරුනේ නෑ සිරීපාදේ යන එක ඇර. :D:D:D
ReplyDeleteඉස්සර දුර මැන්නේ හූ වලින්..
ReplyDeleteහූවක දුර..
හූ දෙකක දුර..
මටත් තේරුනේ නෑ . ඒත් දැන් තේරෙනෙවා ඔෆිස් එකේ අයගෙන් අහගත්තා . කෙලින්ම කිව්වෙ නෑ. ලාවට ඉඟියක් දුන්නා . :D
ReplyDeleteayyo salli..
ReplyDeleteබලාගේන ගියහම...ලොකේ කොහෙවත් නැතුව ඇති ලංකාව වගේ වෙනස් වෙන සුලු රටක්..දැන් බලාපල්ලා..පරිසරයත්....ගැමිවහරත්..පැයගානක් ඇතුලත වෙනස් වෙන අපුරුව..ඉතින් ගොහින් බලාපල්ලා..අඩේ ගාලු ඇවිත් බලාපල්ලා..ජනවාරි 7..ඔක්කොම එතන..හික්.
ReplyDeleteසම්මත තත්ත්ව යටතේ දිග කොච්චරද දන්නෙ නෑ. :D
ReplyDeleteසෙන්ටිමීටර එකහමාරක්! බයහිතෙනව! සයිබීරියාවට වගේ ගියොත් මිලිමීටර් ගානට අඩුවේවි.
ReplyDeleteඇඩෝව් බීටලයා මොට ආයුද නම් එහෙම්ම තමා... මොකද මොට ආයුදේකට හැංගෙන්න තැනක් නැහැ නෙ බන්.... :P :P :P
ReplyDeleteane tube light kellane,oya 1.5 cm kiyanne oba thumilage mahaththurunta thiyana malli patia gana bolau.eka seethalata punchi wenawa,that means diga adu wenawa saththalane..... :D
ReplyDeleteapoo mehemath babala,hah dannema na ehenam neda... :D
සෙ.මී 2යි ...... පට්ට කතාව අබි අයියා....
ReplyDeleteපෝස්ට් එකත මරු..ඊටම වටින කමෙන්ට් ටික.ඔයිං ගියා මදැයි..අපි නම් ටියුබ් ලයිට් නෙමේ හරිය.
ReplyDeleteඅපිත් එකපාරක් දෙසැම්බර් විසිපහ නුවරෑළි ගිහින් නැවතුනේ හෝටන් තැන්නෙ වනජීවි ස්පොට් එකේ. මහ රෑ කට්ටිය චූ කරන්න එලියට බැගැල එකෙක් චූ නොකර අනික් උන් ඉවර වෙනකල්ම කළිසම අස්සෙ අත දාං මොනාද හොයනව. පස්සෙ මොනාද යකෝ ඔච්චර හොයන්නෙ ඇහුවම " නෑ බං මේ ඇටේ පේන්න නැත්තෙ මොකද කියල බැළුවෙ"
ReplyDeleteඉන්දිකගෙ කමෙන්ට් එකෙන් පස්සෙ ඕනෙ මෝඩයෙක්ට තේරෙන්නෙ ඕනෙ මේ මොන ගැජට් එක ගැනද අභිය කියල තියෙන්නෙ කියල :D
ReplyDeleteඅවංක පැට්ටට එක තොප්පියක් හරියටම හරි ගිහිල්ල වගේ :-D
ReplyDeleteපට්ට ආතල් කතාව......
ReplyDeleteප්‍රදීප් බඳින්න කලින් අවාරෙ සිරීපාදෙ ගියෙ වෙන්න පවුලත් එක්කද?
ReplyDeleteපට්ටම කතාව.....
ReplyDeleteමොකද මේ ගෑනු ලමයි කට්ටියම කමෙන්ට් අයින් කරන් තියෙන්නේ....
සයින්ෆෙල්ඩ් එකේ එක එපිසෝඩ් එකක ජෝර්ජ්ටත් ඕක වෙනවා!
ReplyDeleteයකෝ එහෙනං හනිමූං යන්න ඕනෙ හම්බන්තොට හරි පුත්තලමෙ පැත්ත හරි තමයි. ඕං සැප ගන්න කියල නුවර එළි යනව එහෙම නෙවෙයි මීටපස්සෙ.. ලත් තැනම ලොප් වෙයි හරිය.
ReplyDeleteහික්ස්... මාත් මුලින් බැලුවා මොකක්ද කියලා.ට්යුබ්ම නැති වුනත් ටිකක් වෙලා ගියා මීටර් වෙන්න.
ReplyDeleteමං මුලින්ම හිතුවෙ උෂ්නත්වමානයෙ රසදිය කදේ දිග කියලා...:))
නිසුපා කියන්න වගෙ cm, මීටර් වෙන්න ටිකක් වෙලා යනව තමයි ලොල්ස්
ReplyDeleteඔබා: බදින්න කලින් අවාරෙ සිරිපා ගියොත් වෙන්න බාරි එක්ක මගුල හබක් තමා :)
ReplyDeleteකොල්ලෝ නම් දුර ඇහුවම හපෝ හංදියේ ඉඳලා විසිල් එකයි බල්ටි දෙකයි කියලත් කියනව නේ!
"මේ...මේ......අයියේ.......අර ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න බ්ලොග් එක ලියන අයියලාගෙ ගෙදර කොහෙද තියෙන්නේ......."
ReplyDelete"ආ......අර සීතලට සෙන්ටිමීටර් එකහමාරට බහින එකාගෙ ගෙදරද??"
"ඔව් ඔව්...එයාගෙ ගෙදර තමයි..."
"අර හිස් අහස ලියන සඳරු කිවුව බල්ලෙක් නිදියන් ඉන්න වංගුව ගාව ඉඳල හූවයි....බල්ටි දෙකයි....."
"ආ.....එහෙමද?.....තෑන්ක්ස් අයියා....!"
ඇයි සමහර දුර පළාත් වැල මිනිස්සු කියන "රබර් හැතැම්ම" ගැන අහල නැද්ද
ReplyDeleteකොහෙට හරි යන්න දුරක් ඇහුවම කියන්නේ
"අනේ.. මහත්තයෝ වැඩිම උනොත් හැතැම්ම 2 ක් ඇති කියලා",
ඒ කියන්නේ ෂුවර් එකටම අඩුම ගානේ හැතැම්ම 5 ක් වත් යන්න වෙනවා
එන්න එන්න දුර වැඩි වෙන නිසා අපි ඒවාට කියන්නේ රබර් හැතැම්ම කියලා
නිසුපා කියුවේ උෂ්නත්වමානයෙ රසදිය කදේ දිග කියලාද... නෑ නෑ... උෂ්ණත්වමානෙ දිග
ReplyDeleteIthin yahaluwane kalaya gena kiyana kota maasa 4 k nam kiyanne thawa poya 4 k kiyali
ReplyDeleteහපොයි!!! හික් හික් හික්!!! නුවර එළියේ යද්දී අපිටත් ඔය වගේම අත්දැකීමක් වුනා මාසෙකට කලින්...මිනුමත් ඔය කිට්ටුවෙන්ම තිබුනේ :)) මොනාවුනත් පොස්ට් එකේ තියන මිනුම් ටික සුපිරි !!!
ReplyDeleteසදරුගේ කමෙන්ට් එකයි රාජ්ල දෙන්නගේ කමෙන්ට් කියවලා හිනා වුනා...
ReplyDeleteලක්ශපානෙ ගිය වෙලාවක දුර අහල.. ' දම්වැල් 3යි කිව්වෙ නැද්ද '
ReplyDeleteඈ බන් එතකොට නුවරෑලියෙ දිහාවෙ හනිමුන් යන උන්ට දෙයියන්ගෙම පිහිටයි.
කමෙන්ට් ටිකත් පට්ට.
@වෙනී:
ReplyDeleteමගෙ මිත්‍රයෙකුත් ඔය විදියෙම කතාවක් කියල ජීවිත කාලෙටම පවතින කාඩ් එකක් ගහගත්ත "තනිය" කියල
@නිසූපා:
//.ට්යුබ්ම නැති වුනත් ටිකක් වෙලා ගියා මීටර් වෙන්න.//
ඔක්කොම හරි කියමුකො . . . ඒත් ඕකා අලියෙක්ද ???? (මීටර් ගනං ???)