Tuesday, January 3, 2012

මෙන්න හිනා වෙන අයට... ටියුබ් ලයිට් අයට නෙවේ... දුර, සීතල, වේගය මනින අළුත්ම මිනුම් ඒකක....

ඇත්ත නමින් බ්ලොග් ලියන එකේ වාසි වගේම අවාසිත් තියෙනවා.... ලොකුම අවාසිය තමයි රසවත් සිද්ධි ලියනකොට සැර උපරිමෙන් බාල කරලා ලියන්න සිද්ධ වීම.. මේතනත් ඒ වගේ කථාවක් තියෙනවා.. ඒත් බලන අයට අසාධාරණයක් නොවෙන්න ලියන්න හිතනවා.... හරි පටන් ගත්ත ගමන්ම වටේ යන්නේ....


සම්මත මිනුම් ක්‍රම වගේම කට වහරින් එන මිනුම ක්‍රම ගොඩාක් අපේ සමාජයේ තියෙනවා.. ඉස්සර හිටපු අපේ මුතුන් මිත්තෝ වෙලාව කිව්වේත් ඉර දිහා තරු දිහා බලලනේ.... ඉතින් ඒ වගේ කතා කිහිපයක් තමයි මේ....


ඉන්දික කියලා මගේ යහලුවෙක් හිටියා කටුගස්තොට.. මිනිහගේ ගෙදරට යන පාර අපට කිව්වේ මෙහෙමයි...


මචන්, දෙවෙනි පටුමගේ හතරවෙනි ගෙදර......


හික්.. දෙවෙනි පටුමගේ හතරවෙනි ගෙදරට කිලෝමීටර එක හමාරක් යන්න ඕන... අහන මිනිහා මොන තරම් මුලාවක වැටෙනවද?


නුවර එළිය පැත්තේ කට්ටිය වංගු වලිනුත් දුර කියනවා... 


තව වංගු තුනයි...


අයියෝ.. ඔය හතර වෙනි වංගුවේ තියෙන ගෙදර..


නමුත් ඒ පැත්තේ වංගු ගනින්න මාර ගේමක් දෙන්න ඕන.. මොකද, ඔවුන් වංගු ගනින්නේ පොඩි වංගු අත ඇරලා...


දුර මනින නවීනතම මිනුම් ඒකකය මට ලබුනේ ගිය සෙනසුරාදා... මාතර පැත්තේ ගෙදරක යන්න ගිහින්... මේ තියෙන්නේ දෙබස...


මේ හරියට වරකාපිටිය කියලද කියන්නේ....


ඔව් මහත්තයා...


අර බන්දුල මහත්තයාලගේ ගෙදර කොහෙද?


මේ පාරේ තව ටිකක් යන්න ඕන... තැපල් පෙට්ටියක් තියෙනව ඔන්න ගෙදර ඉස්සරහා.. ඔහෙලා කොහෙයි?


අපි ටිකක් ඈත... කොච්චර විතර දුරද සමාන්‍යයෙන්..?


අනේ.. වැඩි දුරක් නෑ.. තව බෝක්කු තුනයි.....
(ඔය වැම්පා මලයා එහෙම ආඩම්බරෙන් කිව්වට ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කියලා උනුත් දුර කියන්නේ බෝක්කු වලින්ද කොහෙද... මටනම් හිතේ මැවෙනවා මාතර එකෙක් ඕස්ට්‍රේලියාවේ සුද්දෙකුට බෝක්කුවලින් පාර කියන හැටි....)

මේ සිද්ධිය මට මතක් උනේ තාරුණ්‍යයේ අඩවිය ලියන රාජ් එක්ක මේ සෙනසුරාදා (ජනවාරි 7) තියෙන බ්ලොග් කරුවන්ගේ ගෙට්ටුව ගැන කථා කර කර ඉද්දී... අනනමනන් වල්පල් ගැන කතා කර කර ඉන්න ගමන් රාජ් කිව්ව මිනිහා සිරිපාදෙ ගිය කථාවක් කැලේ පාරකින්.. අන්න එතකොට තමයි මේ සීතල මනින අලුත්ම ඒකකය ගැන මගේ මතකය අළුත් වුනේ.... 2004 හතරේ අවුරුද්දේ අගෝස්තු මාසේ අපි සිරීපාදේ ගියා.. අවාරේ සිරීපාදෙ යන එක බයානක වගේම හරිම මිහිරි අත්දැකීමක්.. සීතල උපරිමෙන්.. ඉතින් දෙවි පිහිටෙන් මේ ගමන ගිහින් ආපහු ආවා..


මේ ගැන ඔෆිස් එකේ කතා වුනේ මම ආවට පස්සේ.. එක ගෑනු ලමයෙකුයි, අර මගේ කලින් කථාවක හිටපු ප්‍රදීප් කියන රියදුරයි අතරෙ තමයි මේ සංවාදේ උනේ.. ගෑනු ලමයගෙන් තමයි ප්‍රශ්නේ...


ඉතින් අභීත, සිරීපදෙ ගමන කොහොමද?


හොදයි... හරිම නිස්කලන්කයි... අවාරෙ හින්දා සෙනග නෑනේ....


මාත් ගිහින් තියෙනවා අභීත මහත්තයෝ අපි බඳින්න කලින්... අවාරේ සිරීපදේ යන එකනම් ඉතින් ඔය වයසට ගියොත් තමයි.. නැත්නම් ආයේ යන්න වෙන්නේ නෑ.... සීතලේ තරම තේරෙනවනේ.....


අනේ ඇත්තද ප්‍රදීප්.. ගොඩාක් සීතලද?


මිස් මේ මොනවා අහනවද මන්ද? කොච්චර සීතලද කියන්නේ උපරිම දිග සෙන්ටිමීටර එක හමාරක් විතර ඇති...


කථාව එතනින් ඉවර වුනේ මට හිනාව නවත්තගන්න බැරි වෙච්ච නිසාත් ප්‍රදීප් එතනින් ගිය නිසාත්... අර ගෑනු ලමයා හිස් බැල්මකින් අපි දෙන්නා දිහා බලන් හිටියේ ඇයත් ටියුබ් ලයිට් නිසා වෙන්න ඇති....


ප.ලි. මතකනේ ඔක්කොටම.. අපි සොඳුරු මොහොතක් ගත කරන්න යනවා කියලා ගාල්ලේ. දිනේ මතකද? ජනවාරි 7.. වැඩි විස්තර මෙතනින්... මෙතනින්.. මෙතනින්...

50 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අබේපාල මාම .... කොයිවෙලාවෙත් සෙන්ටි මීටර් දෙකහමාරයි නේද?

    ReplyDelete
  3. බීපෙසි..
    අනේ පවු :D
    අපේ එකෙක්ට නමක් වැටුනා සිතලයා කියලා සිරිපාදෙ ගමනෙදි
    ඌට නම් උනේ සීතලෙදි 1.5cm වෙන එකේ අනික් පැත්ත උනා කියලා :D

    ReplyDelete
  4. පැණි දොඩම් අයියා කොමද ඒක දන්නෙ ? O_o

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. දැන් ගාල්ලට කොට්ටාවේ ඉදලා තියෙන්නේ හු තුනක දුරක්ලු. හු තුන යන්න පයක් යනවලු. අභීත අයියා අපි හත ගාල්ලේදී සෙට් වෙමු එහෙනම්

    ReplyDelete
  7. දැන් ගාල්ලට කොට්ටාවේ ඉදලා තියෙන්නේ හු තුනක දුරක්ලු. හු තුන යන්න පයක් යනවලු. අභීත අයියා අපි හත ගාල්ලේදී සෙට් වෙමු එහෙනම්

    ReplyDelete
  8. මාතරට මඩ ගහන්න එපා හරිය. :)

    ReplyDelete
  9. ඈක්කා කතා ලියනවා මෙයා... :P

    ReplyDelete
  10. බවලත් උදවිය සෑහෙන බට ලයිට් ගොඩක් නේ. හීක්ස් :)

    @බනී :
    ඔය සීතලයා කියලා එකෙක් ඉන්නේ. ඌ වෙන්න් ඇති නේ. හික්ස් :)

    ReplyDelete
  11. ගමේ ප්‍රජා ශාලාව කොහේද මල්ලි ?

    ඔහොම ඉස්සරහට යං එතකොට බල්ලෙක් බුදියං ඉන්න වංගුවක් හම්බෙනවා අන්න එතන

    ReplyDelete
  12. යකෝ පොස්ට් එකට වඩා හිනා ගියේ සඳරුවගෙ කමෙට් එකට...

    ReplyDelete
  13. මොට්ට ආයුද නම් අතුරුදහන් වෙනවා ඇති එහෙනම්...

    ReplyDelete
  14. හික් හික් මරු මිම්ම...රස්නේ මනින්නේ ඕකේ අනික් පැත්තට වෙන්ටෑ.....

    ReplyDelete
  15. තේරුනේ නම් නෑ..ඒත් දුර මනින එක ගැන කිව්වමයි මතක් උනේ..මම ඉන්න රටේ උදවිය දුර කියන්නේ පැය වලින්...පැය භාගේ දුර,පැයේ දුර...කොහොම උනත් කතාව ආයිත් කියෝල බලල හිනාවෙන්නම්..අනේ මමත් ටියුබ් ලයිට්ද?

    ReplyDelete
  16. පෝස්ට් එකට හිනා ගියා වගේම .. සඳරූගේ කමෙන්ට් එකටත් හිනා ගියා..සිරීපාදේ ගිහින් සීත ගඟුලෙ නාලා ගොඩට ඇවිත් එකෙක් කියනවා "අඩෝ ඇත්තටම නෑනෙ බන්.. වැටුනද දන්නෙ නෑ" කියල..

    ReplyDelete
  17. මේකේ තියෙන කොමෙන්ට් කිවුවම සේරටම වැඩ ෆන්.තවලම පැත්තේ කියන්නේ හපෝ තව දන්වැල් දෙකයි දුර..

    @පුංචි කුමාරිහාමි.ඔය ඉන්නේ අප්‍රිකා රටකද.මං ඉන්න රටේ එහෙමයි දුර කියන්නේ..

    ReplyDelete
  18. hapoyi oya choo kurulla gena ne'da kiwwe

    ReplyDelete
  19. බවලත් උදවියට ටියුබ් ලයිට් වගේ ..!මොනා උනත් අවාරේ සිරිපාදේ යන එක නම් පට්ට ආතල් ..!!අභීත අයියේ අර කුරුවිටෙන් පැත්තෙන් ගියේ ..!!

    ReplyDelete
  20. මේ ලෝකේ දෙයක් තේරුනේ නෑ සිරීපාදේ යන එක ඇර. :D:D:D

    ReplyDelete
  21. ඉස්සර දුර මැන්නේ හූ වලින්..
    හූවක දුර..
    හූ දෙකක දුර..

    ReplyDelete
  22. මටත් තේරුනේ නෑ . ඒත් දැන් තේරෙනෙවා ඔෆිස් එකේ අයගෙන් අහගත්තා . කෙලින්ම කිව්වෙ නෑ. ලාවට ඉඟියක් දුන්නා . :D

    ReplyDelete
  23. බලාගේන ගියහම...ලොකේ කොහෙවත් නැතුව ඇති ලංකාව වගේ වෙනස් වෙන සුලු රටක්..දැන් බලාපල්ලා..පරිසරයත්....ගැමිවහරත්..පැයගානක් ඇතුලත වෙනස් වෙන අපුරුව..ඉතින් ගොහින් බලාපල්ලා..අඩේ ගාලු ඇවිත් බලාපල්ලා..ජනවාරි 7..ඔක්කොම එතන..හික්.

    ReplyDelete
  24. සම්මත තත්ත්ව යටතේ දිග කොච්චරද දන්නෙ නෑ. :D

    ReplyDelete
  25. සෙන්ටිමීටර එකහමාරක්! බයහිතෙනව! සයිබීරියාවට වගේ ගියොත් මිලිමීටර් ගානට අඩුවේවි.

    ReplyDelete
  26. ඇඩෝව් බීටලයා මොට ආයුද නම් එහෙම්ම තමා... මොකද මොට ආයුදේකට හැංගෙන්න තැනක් නැහැ නෙ බන්.... :P :P :P

    ReplyDelete
  27. ane tube light kellane,oya 1.5 cm kiyanne oba thumilage mahaththurunta thiyana malli patia gana bolau.eka seethalata punchi wenawa,that means diga adu wenawa saththalane..... :D
    apoo mehemath babala,hah dannema na ehenam neda... :D

    ReplyDelete
  28. සෙ.මී 2යි ...... පට්ට කතාව අබි අයියා....

    ReplyDelete
  29. පෝස්ට් එකත මරු..ඊටම වටින කමෙන්ට් ටික.ඔයිං ගියා මදැයි..අපි නම් ටියුබ් ලයිට් නෙමේ හරිය.

    ReplyDelete
  30. අපිත් එකපාරක් දෙසැම්බර් විසිපහ නුවරෑළි ගිහින් නැවතුනේ හෝටන් තැන්නෙ වනජීවි ස්පොට් එකේ. මහ රෑ කට්ටිය චූ කරන්න එලියට බැගැල එකෙක් චූ නොකර අනික් උන් ඉවර වෙනකල්ම කළිසම අස්සෙ අත දාං මොනාද හොයනව. පස්සෙ මොනාද යකෝ ඔච්චර හොයන්නෙ ඇහුවම " නෑ බං මේ ඇටේ පේන්න නැත්තෙ මොකද කියල බැළුවෙ"

    ReplyDelete
  31. ඉන්දිකගෙ කමෙන්ට් එකෙන් පස්සෙ ඕනෙ මෝඩයෙක්ට තේරෙන්නෙ ඕනෙ මේ මොන ගැජට් එක ගැනද අභිය කියල තියෙන්නෙ කියල :D

    ReplyDelete
  32. අවංක පැට්ටට එක තොප්පියක් හරියටම හරි ගිහිල්ල වගේ :-D

    ReplyDelete
  33. පට්ට ආතල් කතාව......

    ReplyDelete
  34. ප්‍රදීප් බඳින්න කලින් අවාරෙ සිරීපාදෙ ගියෙ වෙන්න පවුලත් එක්කද?

    ReplyDelete
  35. පට්ටම කතාව.....

    මොකද මේ ගෑනු ලමයි කට්ටියම කමෙන්ට් අයින් කරන් තියෙන්නේ....

    ReplyDelete
  36. සයින්ෆෙල්ඩ් එකේ එක එපිසෝඩ් එකක ජෝර්ජ්ටත් ඕක වෙනවා!

    ReplyDelete
  37. යකෝ එහෙනං හනිමූං යන්න ඕනෙ හම්බන්තොට හරි පුත්තලමෙ පැත්ත හරි තමයි. ඕං සැප ගන්න කියල නුවර එළි යනව එහෙම නෙවෙයි මීටපස්සෙ.. ලත් තැනම ලොප් වෙයි හරිය.

    ReplyDelete
  38. හික්ස්... මාත් මුලින් බැලුවා මොකක්ද කියලා.ට්යුබ්ම නැති වුනත් ටිකක් වෙලා ගියා මීටර් වෙන්න.

    මං මුලින්ම හිතුවෙ උෂ්නත්වමානයෙ රසදිය කදේ දිග කියලා...:))

    ReplyDelete
  39. නිසුපා කියන්න වගෙ cm, මීටර් වෙන්න ටිකක් වෙලා යනව තමයි ලොල්ස්

    ReplyDelete
  40. ඔබා: බදින්න කලින් අවාරෙ සිරිපා ගියොත් වෙන්න බාරි එක්ක මගුල හබක් තමා :)
    කොල්ලෝ නම් දුර ඇහුවම හපෝ හංදියේ ඉඳලා විසිල් එකයි බල්ටි දෙකයි කියලත් කියනව නේ!

    ReplyDelete
  41. "මේ...මේ......අයියේ.......අර ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න බ්ලොග් එක ලියන අයියලාගෙ ගෙදර කොහෙද තියෙන්නේ......."
    "ආ......අර සීතලට සෙන්ටිමීටර් එකහමාරට බහින එකාගෙ ගෙදරද??"
    "ඔව් ඔව්...එයාගෙ ගෙදර තමයි..."
    "අර හිස් අහස ලියන සඳරු කිවුව බල්ලෙක් නිදියන් ඉන්න වංගුව ගාව ඉඳල හූවයි....බල්ටි දෙකයි....."
    "ආ.....එහෙමද?.....තෑන්ක්ස් අයියා....!"

    ReplyDelete
  42. ඇයි සමහර දුර පළාත් වැල මිනිස්සු කියන "රබර් හැතැම්ම" ගැන අහල නැද්ද
    කොහෙට හරි යන්න දුරක් ඇහුවම කියන්නේ
    "අනේ.. මහත්තයෝ වැඩිම උනොත් හැතැම්ම 2 ක් ඇති කියලා",
    ඒ කියන්නේ ෂුවර් එකටම අඩුම ගානේ හැතැම්ම 5 ක් වත් යන්න වෙනවා
    එන්න එන්න දුර වැඩි වෙන නිසා අපි ඒවාට කියන්නේ රබර් හැතැම්ම කියලා

    ReplyDelete
  43. නිසුපා කියුවේ උෂ්නත්වමානයෙ රසදිය කදේ දිග කියලාද... නෑ නෑ... උෂ්ණත්වමානෙ දිග

    ReplyDelete
  44. Ithin yahaluwane kalaya gena kiyana kota maasa 4 k nam kiyanne thawa poya 4 k kiyali

    ReplyDelete
  45. හපොයි!!! හික් හික් හික්!!! නුවර එළියේ යද්දී අපිටත් ඔය වගේම අත්දැකීමක් වුනා මාසෙකට කලින්...මිනුමත් ඔය කිට්ටුවෙන්ම තිබුනේ :)) මොනාවුනත් පොස්ට් එකේ තියන මිනුම් ටික සුපිරි !!!

    ReplyDelete
  46. සදරුගේ කමෙන්ට් එකයි රාජ්ල දෙන්නගේ කමෙන්ට් කියවලා හිනා වුනා...

    ReplyDelete
  47. ලක්ශපානෙ ගිය වෙලාවක දුර අහල.. ' දම්වැල් 3යි කිව්වෙ නැද්ද '

    ඈ බන් එතකොට නුවරෑලියෙ දිහාවෙ හනිමුන් යන උන්ට දෙයියන්ගෙම පිහිටයි.

    කමෙන්ට් ටිකත් පට්ට.

    ReplyDelete
  48. @වෙනී:
    මගෙ මිත්‍රයෙකුත් ඔය විදියෙම කතාවක් කියල ජීවිත කාලෙටම පවතින කාඩ් එකක් ගහගත්ත "තනිය" කියල

    @නිසූපා:
    //.ට්යුබ්ම නැති වුනත් ටිකක් වෙලා ගියා මීටර් වෙන්න.//
    ඔක්කොම හරි කියමුකො . . . ඒත් ඕකා අලියෙක්ද ???? (මීටර් ගනං ???)

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...