Thursday, May 3, 2012

සෝ සෝ ගාන සුදේසීය සේවේ.....


මගෙ බ්ලොග් එකේ නම "ටිකක් හිනා යන්න" වුනාට මොකද පහුගිය ටිකේ අනන්මනන්, සමාජ සුභ සාධන කටයුතු, පිට කසා ගැනීම්, කඩේ යාම් වගේ දේවල් ලිව්වට පස්සේ මගේ තේමාවට අදාලව මොකුත් ලිව්වේ නැති නිසා මට හිතුනා මොනා හරි අටමගලයක් අදනම් ලියන්නම ඕන කියලා.. ගමේ කතා කිහිපයක්ම ඔයාල කියවපු නිසා තවත් එක් අපූරු චරිතයක් ගැන මම අද ලියන්නයි හිතුවේ... 


මතකද අර උරුලෑවා කථාව.. ඒකෙදි මම කීවනේ  අපේ ගමේ උඩහ සහ පහල ලෙස කොටස් දෙකක් තිබෙන බවත් ගමේ හැමෝම නැදෑයෝ වෙන බවත් මම කීවා.. වර්තමානයේ අඩු උනත් කුල බේදයත් මීට අවුරුදු 10කට විතර කලින් ටිකක් සැරට තිබ්බා.. ඒ වුනාට හැමෝටම කියන්න දුරින් උනත් ඕනම වෙලාවක නෑ කමක් තිබ්බා.. ප්‍රේමයේ නාමයෙන්... "අසිරිමත් වු දේකි මෙලොව ප්‍රේමය නමිනා.. " කියනවනේ... ඔන්න යනවා වටේ.. මෙන්න කථාව....



ලීලා කිරි අම්මයි කුඹල්පොල අත්තයි 55 පැනපු වයසක ජෝඩුවක් ඒ කාලේ... දරු මල්ලෝ නැතුව පොඩි ගෙදරක තමන්ගේ පාඩුවේ ජීවත් උනා... ඒ වුනාට කිරි අම්මානම් පට්ට ඕපෙ, ඒ වගේම මෝහෙ.. කෙල්ලෙක් පැනලා ගිය විස්තරේ අල්ලපු ගෙදර කණ නෑහෙන පියතිස්ස අත්තගේ කිරි අම්මට බෙරිහන් දීලා කියන ගමන් බල්ලෙක් හරි තමන්ගේ වත්තේ මායිමට එනවද කියලා ඇහැ දාගෙන ඉන්නේ... ගේ ඉස්සරහ වගේම වැටේ මායිමේ පුවක් ගස්වල හැදෙන පුවක් ඉතිවල තියෙන ගෙඩි ගනන ටක්කෙටම කිව්වැකි උන්දැට කණ්ණාඩි නොදාම.... කුඹල්පොල අත්තා වැඩි කරදරයක් නැති උන්දැ කියලා තමයි ගමේ වැඩිහිටියෝ කියන්නේ... උන්දෑ කරපු රස්සාවෙන් විශ්‍රාම ගිය ගමන්ම තමුන්ගේ වාහේ දාල ගිහින් මහණ වුනා... එදායින් පස්සේ කුඹල්පොල හිමි බලන්න නිතර යන එන එක ගමේ කාගෙත් පුරුද්දක් වුනා වගේම ලීලා කිරි අම්මාටත් හැකි ලෙස උදව් පදව් කරමින් ගම් වාසීන් ජීවත් වුනා...


ලීලා කිරි අම්මට දරුවෝ හිටියේ නෑ කියලා අපි කිව්වනේ.. සහෝදර සහෝදරියන්ගේ දරුවෝ තමයි සැලකුවේ.. ඇත්තම කියනවානම් හතර ලියද්දෙ හිටපු අක්කගේ දරුවෝ තමයි අදටත් වැඩියෙන් සලකන්නේ... ඉතින් මේ දරුවෝ අතරේ විදේශගත වෙලා හිටපු තිස්ස බාප්පා එයාගේ ගෙදරට අළුත් රූපවාහිනියක් ගෙනාපු නිසා ගෙදර තිබ්බ පරණ රූපවාහිනිය ලීලා කිරි අම්මට දුන්නේ ඇගේ පාළුව මකාගන්නටත් බණක් දහමක් ගෙදර ඉඳන් අසා ගන්නටත් රුකුලක් වේවි කියලා හිතුණු නිසා වෙන්න ඇති.... ලීලා කිරි අම්මත් බණ්ඩා මාමගේ ලොකු පුතා වෙච්ච කාන්චනයට කියලා මේකට ඇන්ටොනා එකක් එහෙම ගෙනත් අටෝගත්තා.. ඕන්න දැන් උන්දැ බලනවා ටැලිවිසොන්....


මේ අතරේ දවසක සමූපෙට යන්න ආපු ලීලා කිරි අම්මා අපේගෙදරට ගොඩ වෙලා තමන්ට සුපුරුදු කුස්සියේ පොඩි පුටුවෙන් ඉද ගත්තා.. එතනින් ඉද ගන්නේ කුස්සියේ වැඩ කරන ලුසියයි, අපේ අම්මයි එක්ක හොඳ ඕපයක් ගහගෙන තේ පොඩ්ඩක් බොන්න හම්බෙන එක නිසයි... දෙයියනේ කියලා අපේ අම්මාටත් බැරිම දේ තමයි ඔය ඕප වලට ඔළුව දාන එක. බත් මුට්ටිය රොස් වෙන සුවඳට අපි කාමරේ ඉඳන් කෑ ගැහුවේ නැත්නම් ලීලා කිරි අම්මා එන කවදාවත් අපට කන්න නම් වෙන්නේ නෑ.. සහතිකයි.... දැන් මෙන්න පටන් ගත්තා දෙබස...


දුවේ.. අර මාපලෑ ලොකු කෙලී අන්න චමිරයත් එක්ක පැනලා ගිහිල්ලු....


ඇත්තද පුංචි අම්මේ.. කවද්ද?


ඊයේ රෑ කියන්නේ.... ඇඳගෙන හිටපු ඇඳුම පිටින්ම ගිහිල්ලලු...


අනේ .. පව් නේද පුංචි අම්මේ.. අපේ කිරීගේ වයස... කිරීගේ පංතියේමයි මයෙ හිතේ....


අනේ නෝන මහත්තයා.. ඕවා ඔහොම තමයි.. මේ ගමේ කී දෙනෙක්නම් දැන් යනවද ඔහොම... ඒ ලුසියා...


අනේ හිටපන් ලුසියො... උඹලට පොඩි දේවල් උනාට මේවා හොඳ දේවල් නෙවේ.. නේද දුවේ.....


අනේ මන්දා පුංචි අම්මේ... උන්ට හොඳනම් අපෙ මොකෝ ඉතින්...


ඔන්න එතකොටම මම යනවා කුස්සිය මැදින්... පොල් ගෙඩියක් ලෙලි ගැසීමේ අම්මගේ අණට කීකරු වෙලා ක්‍රියාත්මක කරන්න තමයි මේ යන්නේ.... මාව දැක්ක කිරි අම්මගේ මාතෘකාව වෙනස් වුනා...


අනේ කසුන් පුතේ.. මම මේ උඹව හම්බෙන්නමයි ආවෙත්...


ආ.. මොකෝ කිරි අම්මේ....


තිස්ස පුතා ටැලිවිසොනයක් ගෙනත් දුන්නනේ...


අප්පා.. එහෙමද? මරුනේ... මොකක්ද කිරි අම්මේ වර්ගේ...


කළු සුදු එකක්... බන්ඩා පුතාලයෙ කාන්චනායාට කියලා ඇන්ටොනාවක් ඒම දාලා අටෝ ගත්තා... ඒත් ඒක සෝ සෝ ගානවනේ....


එහෙනම් හරියට ටියුන් වෙලා නැතුව ඇති කිරි අම්මේ....


ඒක තමයි.. උඹලට තේරෙන තරම් තෙරේනවය මේ ගමේ එකාලට.. අනේ වෙලාවක් තීන වෙලාවක වරෙන්කො මයෙ අම්මේ.. (කොහොමද කිරි අම්මගේ බටර් පාර.)


මම එන්නම්කො කිරි අම්මේ හවස දිහාට... මෙහෙම කිව්වට මමත් ඒ කාලේ දැකලා තිබ්බේ රූපවාහිණී 5යි. අපේ ගෙදර එක විතරයි ටියුන් කරන්න දන්නේ... ඒකත් ගෙදර එක නිසා... දැන් පලයන්කෝ මේක ටියුන් කරන්න... මේ කියන අවුරුද්ද 1994 වගේ.. හිතන්නකො මීට අවුරුදු 20කට විතර කලින් කුරුණෑගල ඩොටේ ගමක කොල්ලෙක් දන්න ටැලිවිසොන් ගැජමැටික් තත්වේ.... 


අනේ පුතේ ගිහින් ඕක හදලා දීලා එන්න...


හා අම්මේ... කිරි අම්මේ, මම ගිහින් බන්ඩා මාමලාගේ ගෙදර ගිහින් ක්‍රිකට් ගහනවා... කිරි අම්මා ඇවිත් කතා කරන්න... 


හා පුතේ.. මම ඇවිත් කතා කරන්නම්....


ඔය ඉතින්... උඹට කිව්වේ කිරි අම්මගේ ටීවී එක හදලා දෙන්න කියලනේ... නැතුව ඉතින් කාන්චනලත් එක්ක නටන්ට කියලයැ....  අම්මා එහෙම කියනකොටත් මම ඒක ඇසෙන නෑසෙන දුරකට ගිහින් ඉවරයි....


කොහොමහරි සෙල්ලම් කර කර ඉන්න ගමන් කිරි අම්මා කතා කලා.. දැන් මමත් ගියා ලීලා කිරි අම්මගේ ගෙදර.. මුළු ගමටම පෙනුන සුවාදීනෙයි ජාතිකෙයි ලෙසටම පේනවා ඒ ටීවී එකේ... ඉතින් මේකේ වැරැද්ද මොකක්ද බොලේ....


මේ පේන්නේ කිරි අම්මේ අයිටීඑන් එකයි ජාතිකයි දෙකම.. මේකේ මොකුත් ප්‍රශ්ණයක් නෑනේ...


අනේ පුතෙ, ඕකේ සුදේසීය සේවෙයි වෙළඳ සේවෙයි අල්ලලා දීහන්කෝ.....


කෙළලා තියෙන්නේ... දැන් මේ කළු සුදු ටීවී එකට ටියුන් කරහන්කෝ ස්වදේශීය සේවෙයි, වෙළඳ සේවෙයි.... මුන්දැට කිව්වට තේරෙයිද මන්දා කියලා හිතුනත් ඔන්න ඔහේ කිව්වා....


කිරි අම්මේ... ස්වදේශීය සේවය අහුවෙන්නේ රේඩියෝ වලට.. වෙළඳ සේවෙත් එහෙමයි... ටීවී වලට අහුවෙන්නේ ජාතික එකයි අයිටීඑන් එකයි විතරයි.. අපේ ගෙදරත් එච්චරයි අහුවෙන්නේ....


අනේ පලයන්.. උඹලගේ ඉරිසියාව... අර පියතිස්ස මල්ලිගේ ගෑනි කිව්වේ ඕව මෙකට අහුවෙනවා කියලා....


කිරි අම්මේ, එහෙ තියෙන්නෙ රේඩියෝ එකක්නේ... ඉතින් ඒ රේඩියෝ එකට ඒවා අහුවෙනවා ඇති...


ඉතින් බන්, රේඩියෝවට අහුවෙනවානම් ටැලිවිසොන් එකට අහුවෙන්නෙ නැත්තෙ මොකොද? උඹ මාව රවට්ටන්න නේද හදන්නේ.....


කිරි අප්පට බල්ලො පැනපි... දැන් දීපල්ලකෝ උත්තර.. දන්න ශිල්ප දාලා එතැනින් බේරිලා ගෙදර ආවා අන්තිමට.


මෙතන ඉදන් තමයි විසිල් හා බල්ටි...


පහුවදා තමයි හොඳම ආතල් එක ආවේ... පාසැල් බස් රථයට මම නගින නැවතුමට පස්සේ නැවතුමෙන් තමයි කාන්චනයා බස් එකට නගින්නේ... මූ නැගලා දොර ලඟ ඉදන්ම මට බෙරිහන් දුන්නා...


අඩේ කසුනයා..., උඹ මොනාද අර ලීලා කිරි අම්මාට කලෙ ඊයේ....


මල හත්වලාමේ.. මේ මොකක්ද මේ කියන්නේ.. ඇරත් මුළු බස් එකටම ඇහෙන්න... 


ඇයි බන්... 


ඊයේ රෑ අපේ ගෙදරටත් ඇවිත් බැන්නා උඹට.. උඹ බොරු කියනවා කියලා ඉරිසියාවට.... 


නෑ බන්.. ටීවී එකට ස්වදේශීය සේවෙයි වෙළඳ සේවෙයි අල්ලලා දෙන්න කිව්වා.. මම කිව්වා ඒවා රේඩියෝ චැනල් කියලා.. පිළිගන්නේ නෑ බන්... මටත් බැන්න මම ඉරිසියාවටලු එහෙම කියන්නෙ කියලා....


ඉතින් බන්, උඹ ගියාට පස්සේ මම ටියුන් කරලා දුන්නා.. අන්න උදේ පාන්දරම පියතිස්ස අත්තගේ කිරි අම්ම එක්කලත් උඹට බනිනවා ගමටම ඇහෙන්න..


ඈ....? උඹ කොහොමද ටියුන් කලේ.....


නෑ බන්. මම එකටයි දෙකටයි ජාතිකේ ටියුන් කරලා තුනටයි හතරටයි අයිටීඑන් ටියුන් කලා...


ඉතින්....


ඊට පස්සේ කිව්වා දෙකේ යන්නේ ස්වදේශීය කියලා.. හතරේ යන්නේ වෙළඳ සේවේ කියලා....


ඉතින් බන් දෙකේම එකනේ යන්නේ...


ඔව් බන් මම කිව්වා ස්වාදීනෙයි වෙළඳ සේවෙයි එකම කොම්පැනියේ කියලා, ජාතිකෙයි ස්වදේශීයයිත් එකම කොම්පැනියෙ කිව්වා... ඒ හින්දා දෙකේම එකම පේන්නේ කියලා කිව්වා...


නෙද්දකින්.. උඹේ වැඩනම්....


ඇයි යකෝ නැත්නම් මටත් වෙන්නේ උඹට වගෙම ඉරිසියාකාරයා කියලා අහගන්නනේ.....


ඕන්න ඔහොමයි අපේ ලීලා කිරි අම්මා ස්වදේශීය සේවෙයි වෙළඳ සේවෙයි ටීවී එකෙන් බැලුවේ......


ප.ලි. : මොකුත් නැත...


උඩම පින්තූරේ මෙතනින්..

34 comments:

  1. මම එකද ?

    කිරි අම්මාව රවට්ටල හරි සතුටු කරන එක පිනක්. පිලිගන්නෙ නැති වුනාට හිත සැනසෙනවනේ

    ජය !

    ReplyDelete
  2. අනේ කසුන් පුතේ මයේ ස්මාට් ෆෝන් එකට වෙළඳ සේවේ අහන්ට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදා දියන්කෝ.....

    හියැක් හූ... හූ....

    කසුන් පුතාටත් මාර වැඩ තමා වෙන්නේ....

    අන්න කාන්චනයා... මාර මීටරේ.... :D

    ReplyDelete
  3. කසුන් පුතාට බැරු උන වැඩේ කාන්චන කලා.. කොහොමද ගමම එහෙම කියනකොට.. :)

    ReplyDelete
  4. පලමු සැරේ කියෙව්වම හිනානම් ගියා..

    දෙවැනි සැරේ කියවනකොට......හැබෑටම මූ මොකක්ද කියන්න හැදුවේ...???

    ReplyDelete
    Replies
    1. තුන්වෙනි පාරනම් කියවන්න එපා ලොකු අය්යේ.. මෙලෝ රහක් නෑ....

      Delete
    2. හෙහ් හෙහ් හෙහ් අදකථාවනම් මරු - ඒත් පුතයව දන්න හින්ද හිතුනේ වටේටම නෙළුවද කියල :-)

      Delete
  5. අනිවා මේකා ගිහිල්ලා ආච්චිගෙ පෙනි පෙනි තිබුන මෙව්වා එකත් නැති කරලා එන්න ඇති. අපි දන්නැද්ද මිනිහගෙ හැටි......

    ReplyDelete
  6. මුලදිම මමත් හිතුවේ අදත් පටන් අරගෙන කියලා මඩකට,,බලද්දී අද නම් හිනා යන එකක්

    ReplyDelete
  7. අප්පද බොල කිරි අම්මට ට්වි දුන්න වගේ..

    ReplyDelete
  8. ඒ තරං දෙයක් කරගන්නවත් මේ (පු) කසුනාට මොළයක් නැති හැටි...!

    ReplyDelete
  9. දැන් කිරි අම්මා නැතුව ඇති නේද...?

    මේ දවස්වල සුදේසීය සේවෙ අල්ලලා දෙන්න ගියානම් තමයි සොරි වෙන්නෙ....

    ReplyDelete
  10. කාලෙකින් මෙන්න මූ කියවන්න පුලුවන් එකක් දාලා.. :-D

    ReplyDelete
  11. යකෝ මාර ටියුන් කිරිල්ලක්නෙ ඒක......

    ReplyDelete
  12. පොතේ දැනුම නෙවෙයි යකෝ.. තියෙන්න ඕන බුද්ධිය.. කාන්චනයා බලපන්.. අන්න මිනිස්සු!!

    ReplyDelete
  13. උඹත් මහා ඉරිසියාකාරයෙක් බං අභීත. කිරි අම්මට සුවදේසීය සේවෙයි වෙළඳ සේවෙයි අල්ල්ලා දුන්න නං උඹේ අතින් පයින් යනවෑ.
    henryblogwalker the Dude

    ReplyDelete
  14. එක දවසක් ටී.වී. එකේ ප්‍රවෘත්ති යද්දී පින්තූර අපැහැදිලි වුනා. කන්නාඩි දාපු නිවේදකයෙක් ප්‍රවෘත්ති කිව්වේ. මම හයියෙන් ටී.වී. එකේ උඩ පැත්තට තට්ටු කළා පින්තූර අපැහැදිලි ඇතුලේ මොකවත් බුරුල් වෙලාද බලන්න. මෙන්න බොලේ මගේ තට්ටුවටද මන්දා අර නිවේදකයාගේ කන්නාඩිය ගැලවෙලා එයාගේ කට ලඟට වැටුනා.

    ReplyDelete
  15. මේක කිව්වහම මතක් වුනේ එක මිනිහෙක්ගෙ රේඩියෝ එක කැඩිලා. හදන්න ගිනිහින් හදන මිනිහට කිව්වළු "මේකේ බණ මීටරෙයි, දෙමළ මීටරෙයි ඇර අනිත් ඔක්කෝම හදන්න" කියල.

    ReplyDelete
  16. කාලෙකට පස්සේ ඇත්ත කතාවක් දමා තිබේ

    ReplyDelete
  17. ඈ බං අපේ ටී.වී එකටනං ඔය එක එක රේඩියෝ චැනල් එහෙම අහු උනා. ඒ මදිවට පොලිස් මැසේසසුත් අහු උනා. ඒකෙ වී.එච්.එෆ්. යූ.එච්.එෆ් වලට අමතරව තවත් මොකක්ද මන්ද බෑන්ඩ් එකක් තිබුන. ඒකට දාල ටියුන් කලාම රටේ නැති දේවල් අහුවෙනව. ඒ දවස් වල ගෙදර කවුරුවත් නැතුවෙනකල් ඉඳල ඕක කරකවන එකමයි වැඩේ.

    ReplyDelete
  18. ඉරිසියාකාරයා...... උඹ අර අහිංසක කිරි අම්මට සුදේසීය සේවෙ අල්ලලා දුන්නනම් මොකද වෙන්නෙ. :D

    ඔපීසියේ ඉන්න නිසා හිනා වීමට නොහැක.

    ReplyDelete
  19. අන්න මොළේ තියන කොල්ලො.

    ReplyDelete
  20. අහීත අයිය පොඩි කාලෙ හෙන අවංක පොරක් නිසා වෙන්න ඇති ඒකටත් එක්ක හරියන්න අවුරුදු උත්සව වලින් අවංකකම කවර් කරන්නෙ..........:)))) මොනව වුනත් නියම කතාව......

    ReplyDelete
  21. හික් හික් කසුන් පුතා...... ;)

    ReplyDelete
  22. ඉරිසියාකාරයෙක්නේ බලං ගියාම!!! :)) හොඳටම හිනා ගියා මේ
    කටනං!!!

    ReplyDelete
  23. අන්න මිනිස්සු ස්දේශීය සේවයත් ඇල්ලුවා ලු ටි වී එකෙන් ..!!

    ReplyDelete
  24. අන්න වැඩකාරයෝ :D මම නම් ආච්චිඅම්මලා එක්ක බණක් ගැනවත් කතා කරන්න යන්නේ නෑ කොච්චර කිව්වත් අපි කියන ඒවා පිළිගන්නෙම නෑනේ ඒ කියන කතා වලට වහ කන්න හිතෙනවා ඊට පස්සේ....

    ReplyDelete
  25. දැන් සමහර ටීවී වල එෆ් එම් චැනල අහන්නත් පුළුවන්..ඒ ටීවී එකත් ඒ ජාතියේය කියලා හිතන්න ඇති..

    ReplyDelete
  26. "තමුන්ගේ වාහේ දාල ගිහින් මහණ වුනා"
    වාහේ කියන්නේ පිරිමි සතාට. ගාල්ලේ ඈයෙක්ගෙන් අහගනින්කෝ

    ReplyDelete
  27. හික්ක්කිස්......මාර මොලේ....

    ReplyDelete
  28. අම්මේ තමා ඔය කිරි අම්මලට කියලා දෙන්න ගියහම සෑහෙන අමාරුයි

    පලි : අත්දැකීමෙන්

    ReplyDelete
  29. කාන්චනයා ගේ මොලේ තමයි මොලේ. අඩේ එවලේ අභි අයියට වහ කන්න හිතෙන්න ඇති. මට නම් තවමත් හිනාව නවත්ත ගන්න බෑ.

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...