Friday, April 26, 2013

සයිබර් ෆෙස්ටිවල්, ලොක්කෝ, කබ්බෝ සහ මම.....

අද කවුරු හෝ මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාලා තිබ්බා.. ඒ පහුගිය ටෙස්ට් පෝස්ට් එක වෙනුවෙන්.. ඇනෝ දාලා තිබ්බත් ඔන්න ඔහේ මේ ගැන ලියනවා කියලා හිතාගෙන කැෆේ එකකටම ලොග් වෙලා ලියන්න පටන් ගත්තා.. මාරයා, ආගන්තුකයා වගේ ලඟදි පදින්චිය මාරු කරපු ගොඩට මමත් මේ ලඟදි එකතු වුන නිසා තවම අන්තර්ජාල පහසුකම් ලබාගෙන නෑ.. බ්ලොග් කරුවන්ගෙන් වංචා කරපු සල්ලි ටික එකතු කරලා මගේම කියලා සංචාරක නිකේතනයක් පටන් ගත්ත නිසා මේ දිනවල නිතරම නුවර - කොළඹ දුවනවා.. ඒ අතරට ලැබිච්ච පුංචි විවේකයේදි තමයි මේ ලිපිය ලියන්න පටන් ගත්තේ....            

පහුගිය දෙවාරයටම වඩා කල්ලි ගැසීම බලවත්වම පෙන්නුම් කරපු සයිබර් ෆෙස්ටිවල් එක කියලයි මම මේ පාර සයිබර් සැණකෙළිය දකින්නේ.. එක එක විදිහේ ටී ශර්ට් ඇදගෙන පිරුණ කට්ටිය ගොඩාක් තැන්වල හිටියා.. බස් රේඩියෝ, ලාස්ට් රෝ, වගේම ඇනොනිමස් සංකල්පය උදෙසා ලෙසින් ටීශර්ට් කල්ලි තුනක් තිබ්බා.. ඒත් හැමෝම බලාපොරොත්තු වුනේ මේක නෙවෙයි.. කබ්බෝ කියන අයගෙයි අනිත් අයගෙයි වලිය.. ඒත් දකින්නට ලැබුනේ නිකන්ම නිකන් ගෑණු වලියක්.. ඒක ගැන කියන්න ගියොත් මුළු සයිබර් ෆෙස්ටිවල් එකම චාටර් වෙන බව මගේ හැඟීම...

පළවෙනි සයිබර් සැණකෙළියේදිම මම කිව්වා මේක අපේ දෙයක් කියලා.. ඒ අපේ දෙයක් ලෙස මෙම උළෙළ මාකට් කරපු එක මම මේ පාර ඉතා හොඳින් දුටුවා.. පහුගිය දෙපාරම සයිබර් සැණකෙළිය ගැන සඳහන් උනේ "අභීත අයියාගේ සිහිනයෙන් එළියට ආපු" වගේ වැකි.. මේ පාර එය ඉතා ලස්සනට අපි, ඒ කියන්නේ බ්ලොග් කාරයෝ කරපු සයිබර් ෆෙස්ටිවල් එකක් ලෙස මුල සිටම මාකට් වෙච්චි එක ගැන බොක්කෙන්ම සතුටු විය යුතු වෙනවා...

ඒ වගේම සමරු කලාපයටත් සෑහෙන බ්ලොග් කරුවන් පිරිසක් මුදල් ලබා දීලා තියෙනවා මම දුටුවා.. එයත් මම හිතන්නේ, සින්හල සයිබර් අවකාශය ගැන කවුරු මොනවා කිව්වත් උන්ගේ හිත්වල ඒ පිළිබඳව හැගීම් තියෙනවා කියන්නට සාධකයක්.. 

ඊලඟට මේ සයිබර් උළෙලට මගේ දායකත්වය... රුපියල් පන්දහසක් දෙනවා කියලා පොරොන්දු වුනත් අන්තිමේදී "සල්ලිත් දීලා පවුලටත් එක්කම බැනුම් අහගන්නේ මොකටද" කියලා හිතුන නිසා එය වලක්වන්නට කටයුතු කලා.. ඒත් සංවිධායක මණ්ඩලය පිටු භාගෙක ඇඩ් එකක් දාලා තිබ්බා.. උන්ට බැන බැන ඒකට 1000.00ක් දුන්නා... මුලදී ග්‍රවුන්ඩ් එකක් නැතුව සංවිධායක මණ්ඩලය පොඩ්ඩක් හිර වුනා.. ඒ වෙලාවේ තමයි ප්‍රදීප් මල්ලි මට කතා කලේ... මමත් ඒ වෙනුවෙන් ටිකක් මහන්සි වුනා.. ඒත් අපිට සුදුසු තැනක් හම්බ වුනේ නෑ.. ඒ වෙලාවම තමයි මගේ ඉතාම ලඟ මිත්‍රයෙක් වෙච්ච තරුණ සේවා සභාවේ ක්‍රියාකාරී අධ්‍යක්ශ මිලින්ද රාජපක්ශව මතක් වුනේ.. දුරකථන ඇමතුම පහත පරිදියි..

මිල්ලා.... මට පොඩි උදව්වක් ඕන...

කියන්න අභීත අයියේ... මොකෝ සීන් එක...

මචන් අපෙ අවුරුදු උත්සවයක් තියෙනවා... ඒකට යූත් එකේ පිට්ටනිය ඕන.. උඹලගේ ස්පොන්සර්ශිප් එකෙන් ඒක අරන් දියන් අපිට...

කවද්ද අභීත අයියේ දවස...

අප්‍රේල් 22..

හරි.. උඹ වැඩේ වුනා කියලා හිතා ගන්න අභීත අයියේ... මට එ-මේල් එකක් දෙන්න රික්වෙස්ට් එකක් විදිහට..

එල.. තැන්ක් යූ මිල්ලා....

ඔන්න ඔහොමයි ඒ ප්‍රශ්නේ විසදුනේ... එක කෝල් එකකින්, දවසට රුපියල් 33000.00ක් අය කරන ක්‍රීඩා පිටිය අපට ලබා දීමටත් ඒ වගේම ඊට අවශ්‍ය සියළු අවශ්‍යතා ලබා දීමටත් ප්‍රධාන ආරධිතයා ලෙස එම අව්ස්ථාවට සහභාගී වීමත් යන කරුනු වලට ජාතික තරුණ සේවා සභාවේ මිලින්ද රාජපක්ෂ මැතිතුමාට ඉතාම ස්තූතිවන්ත වන අතර ඒ සම්හන්ධ උපදේශකත්වය ලබා දුන් ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරෙරා මැතිතුමාටද ගෞරව පූර්වක ස්තූතිය පුද කරනවා...

ඉතින් ක්‍රීඩා පිටියෙන් පස්සේ මාව ඕන වුනේ කඹේටනේ... ඒකත් සපයලා දුන්නා.. ඇනෝ ඇවිදින් මට බනින සමහරු මගේ කඹේ හති දාගෙන ඇඳපු හැටි මම උපේක්ෂා සිතින් බලාගෙන හිටියා.. අභීතයා සම්භන්ධ වෙනවානම් අපි ඕකට එන්නේ නෑ කියපු අය එදා ඇවිල්ලා උඩ පැනපු හැටිත් මම උපේක්ශාවෙන් බලාගෙන හිටියා.. ඒ විතරක් නෙවෙයි... මට එක එක අතවර කරනවා කියලා පාරම් බාපු සමහරු මට මූණවත් නොදී පැත්තකට වෙලා ඉන්නවා දැකපු මට, උන් ගැන දුකත් හිතුනා...   


කොහොම වුනත් මෙවර සයිබර් සැණකෙලිය හොඳින් ඉවර වුනා.. සුපුරුදු පශ්චාත් කටයුතුත් කොට්ටාව කැසබ ලංකා එකේදි පැවැත්වුනා.. ඒක ගැන නම් කතා කරලා වැඩක් නෑ... මම දැක්ක අවුරුදු උත්සවය ඔච්චරයි... අන්තිමට කාරණා තුනක් ගැන කියන්න ඕන...

1. කබ්බෝ නරක නෑ... එයාලා හරිම අහිංසක සමණල ලමයි ටිකක්...... ප්‍රදීප්, ගයාන් වගේ උන් එතනින් බැබලිය යුතු චරිත.....

2. බ්ලොග් ලියන පරණ උන් අභීතයාත් එක්ක තරහයි කියපු අයට එදා දවසෙදි එහි සැබෑ තත්ත්වය දැකගන්නට ලැබෙන්න ඇති... මට එක එක ඒවා කරනවා කියපු අයට පුළුවන් වුනේ මගේ හෙල්මට් එක හන්ගලා පොඩි සිඟිති ආතල් එකක් ගන්න විතරයි... 

3. මේක තමයි වැදගත්.. මෙවර සමාජ සත්කාර්‍යය උදෙසා තිබෙන මුදල මදි කියන එක තමයි මගේ පෞද්ගලික මතය... එයටත් මොකක් හරි වැඩ පිලිවෙලක් අවැසි වෙනවා.. ඒකට දරුවනේ දැන්ම ඉදන් පෙළ ගැහියල්ලා... 

එහෙනම් මගේ කථාව මෙයින් අවසානයි... අවශ්‍ය අයගෙන් අහන්න ඕන එක ප්‍රශ්ණයක් විතරක් මම අහලා යන්නම්....

කෝ... දැන් උඹලා මට කලාද?

72 comments:

  1. පලවෙනි පිටුවෙම ඉන්දිකයා දාලා තිබුන ඇඩ් එකනං ගති නේද අබීත අයියා

    ReplyDelete
    Replies
    1. ඔව් බන්.. ඒක දැක්කම මට හිතුනේ ඒ 5000ත් මම දුන්නේ කියලා... නැතුව ඕවා කවදා තිබ්බ ඇඩ්ද?

      Delete
    2. Indika Kodithuwakku

      Apr 11

      to බ්ලොග්
      මල්ලි, මෙන්න මම ට්‍රාන්සර් එක කලා. හෙට ඔයගොල්ලන්ගෙ එකවුන්ට් එකට සල්ලි එයි, නැත්තන් නෙක්ස්ට් වර්කින් ඩේ එකේ එයි. මේ එක්ක මම රිසිට් එක අමුණල තියෙනව.

      [lion.jpg]

      මගේ ඇඩ් එක කියපු විදියටම දාන්න. පුළුවන්නම් මේ එක්ක මගෙ ප්‍රොෆයිල් පින්තූරෙ එවනව ඒකත් දාන්න.

      උඹලගෙ අවුරුදු උත්සවයට එන්න වෙන්නෙ නැති එක ගැන දුකයි. හැමෝටම සුභ අළුත් අවුරුද්දක් පතනව වගේම ඔය වැඩෙත් උපරිමෙන් සාර්ථක වෙන්න කියල පතනව!

      මම මේක කරන්නෙ ඕගොල්ලන්ගෙ මේ හොඳ වැඩේට උදව්වක් කරන්න වගේම අභීතල වගේ හොරු ගැන අමතක වෙන්න නොදෙන්න.

      මේ දේවල් නිසා ඒ පරය සමහරවිට කවදාවත් මගෙ සල්ලි දෙන එකක් නෑ. ඒත් ඒ කියල මට උන දේ වෙන එකෙක්ට වෙන්න දෙන්න හොඳ නෑ.

      ps.
      මගේ සුවනියර් එක ගන්න පුළුවන් විදියකුත් කියන්න.

      Delete
    3. ඉන්දික, වැරදි මේල් එකක් මගෙ බ්ලොග් එකේ කමෙන්ට් එකක් විදිහට වැටිලද කොහෙද? මට කමෙන්ට් වැඩිවෙන නිසා ඒක පබ්ලිශ් කලා... සමාවෙන්න...

      Delete
    4. අභීත,

      මා ජූනි මස 10 සිට 30 දක්වා ලංකාවේ සිටින අතර ජූනි 15 දිනට පසු දිනක ඔබව
      හමුවීමට බලාපොරොත්තු වෙමි!

      Delete
    5. @ ඉන්දික, අභීත...,

      උඹලගේ ප්‍රශ්නය සාධාරණව සහ සතුටුදායකව අවසන් කරගනියි කියලා බලාපොරොත්තු වෙනවා.

      Delete
  2. හවස සෙට්වූ බව ආරංචි වුණා එතැන ට එක්වෙන්න නොහැකි වීම ගැන කනගාටුයි.. ඒ වගේම ඔබව හදුනාගන්නත් නොහැකි වුණා..ඒකට වරද මගේමයි.. දවල්ම සෙට් වෙච්ච එක..
    විවිරණය ගැන බොහෝ දුරට එකගයි..

    ReplyDelete
    Replies
    1. මල පෙරේතයො වගේ බොන්න ගියාම කරන්න ආපු රාජකාරිය අමතක වෙනවා.........

      Delete
    2. ඒකනේ ඇනෝ වරද මගේ කියල මං පිළිඅරන් තියෙන්නේ.. හැමදාම වැඩ එක්ක ඉන්න කොට නිවාඩුවක් ලද දා හොදට විනෝද වෙන්න ඕන බං. ටික කාලෙනේ අපි ජීවත් වෙන්නේ.

      Delete
  3. කතා බහ කරන්න බැරි වෙච්ච එකටනම් කනගාටුයි! මේ කබු පරණ ලොන්ත වලිය (වලියක් නෑ! බොරුවට හදා ගත්ත එකක්) නැති වෙනවනම් මමත් ඇත්තටම කැමතියි!

    ReplyDelete
    Replies
    1. සිරා..
      ඉන්න ටිකේ වැලි මොකටද..

      Delete
    2. ආගන්තුකයා | StrangerApril 26, 2013 at 11:26 AM

      මෙතන රණ්ඩුවක් නෑ නංගි.. මෙතන තියෙන්නේ මතවාදී අවුලක් ලිහාගන්න හදන පොඩි සංවාදයක්.. මේක කොයි පැත්තට යයිද කියන්න මම දන්නේ නෑ.. හැබැයි තාම නම් සංවාදයක් යන්නේ..

      Delete
  4. මට නම් එකම දෙයයි අහන්න තියෙන්නේ.

    "කෝ... දැන් උන් උඹට කලාද?"

    ReplyDelete
  5. /බ්ලොග් කරුවන්ගෙන් වංචා කරපු සල්ලි ටික එකතු කරලා මගේම කියලා සංචාරක නිකේතනයක් පටන් ගත්ත නිසා/

    හොක් හොක් හොක්... :D :D :D

    ReplyDelete
  6. ඒ..එදා හවස දුෂ් ට උපදෙස් දුන්නේ අයියද..??
    අපරාදේ මට අඳුනගන්න බැරි වුනා.

    ReplyDelete
    Replies
    1. දුශ් එක්ක හිටියේ ඔයාද? අර මම දුශ්ගේ නංගිද කියලා ඇහුවේ... අපරාදේ දැනගෙන හිටියේ නෑ...

      Delete
    2. හානේ අභීත උපදෙස් දුන්න නම් දුශ් ගොඩ තමයි.....නිවාඩු නිකේතන 10ක් ගහයි....

      Delete
    3. හානේ අභීත උපදෙස් දුන්න නම් දුශ් ගොඩ තමයි.....නිවාඩු නිකේතන 10ක් ගහයි....

      Delete
  7. කොහෙද උඹ එක්ක නවාගන්න අරං ආපූ බෝතල් එකහා මාරම අර ගේට්ටුවේ හිටිය නැන්දා අපිට ගේන්න දුන්නේ නෑ නොවැ...

    ReplyDelete
  8. නැති උන හෙල්මට් එක හම්බුනා ද අයියේ

    ReplyDelete
    Replies
    1. ඔව්.. කවුදෝ කෙනෙක් ගෙනිහින් මග දාලා තිබ්බා... අගහරුවාදා යනවා CCTV එකෙන් හරියටම කවුද කලේ කියලා බලා ගන්න...

      Delete
    2. e video eka blog eke daapan

      Delete
    3. කෝ බන් වීඩියෝ... ලොකු ටෝක දුන්නනම් ඒවත් දාපන්....

      Delete
    4. අභීත මල්ලි (උඹ මට වඩා අවුරුද්දක් බාලයි ).... හෙල්මට් එක හැංගුවෙ මම. අර උඹ කිව්ව වගේ සිඟිති ආතල් එකකට. ඒකයි වැඩිදුර යන්නෙ නැතුව කැන්ටිමට යන පඩිපෙලට පොඩ්ඩක් එහායින් තියන කණුවක් පිටිපස්සෙ තිබ්බෙ. සමාවෙන්න ඕන ඇනෝ ආවට. නමෙන් ආවත් උඹ මාව අඳුනන්නෙ නෑ. සිඟිති ආතල් එක ඔලුවට ආවෙ අන්තිම පේලියේ කස්සා ඒක රුපියල් 200 කට විකුනන්න හදපු හින්දා. ඌට එන්න තියන ගානෙ හිලව්වට.

      මම ඉන්නවා අව්වෙ ඩාන්ස් කරන වීඩියො ඔක්කොම වගෙ (මම බලපූ ).

      Delete
    5. අම්මට හුඩු මූ කස්සාටත් පොල්ල තියලද?

      Delete
  9. අවුරුදු උත්සවේට ආවෙ නැතත් එන්න අදහසක් නැතත්, කවුරුවත් කාටවත් 'කලේ' නැතිඑක ලොකු දෙයක්. මොකද ඔතන ගහගත්ත නං තවත් වාරයක් ඔප්පු වෙනව සිංහලය එකට ඉන්න බැරි ජාතියක් කියල. කවදාවත් දැකල නැති එවුන්ගෙන් ගේම ඉල්ලන එක මට නං විකාරයක් බං.

    ReplyDelete
  10. උදවු කරා කියලා අභීතයගෙ නම කොහේවත් සදහන් වෙලා තිබුනද.... මම මේ දැනගන්න අහන්නෙ?

    ReplyDelete
    Replies
    1. අභීත මචන් උඹෙන් ඇහැව්වෙ? නිකමට හරි උඹ කරපුවයෙ නමක් ගමක් දාල තිබ්බද කොහේ හරි බොගක?

      Delete
    2. මම මුළ ඉඳන්ම ඒක ප්‍රසිද්ධ කරන එක නවත්වන්න කියලා සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලා සිටියා...

      අනිත් එක මම බලාගෙන හිටියා "මම එනවානම් සයිබර් ෆෙස්ටිවල් එන්නේ නෑ" කියපු බ්ලොග් අවකාශයේ පොරවල් මේ වෙනුවෙන් මම නැති වෙලාවක මොනවද කරන්නේ කියලත්.. සමරු පලකෙට ඇඩ් එකක් දෙනවට වඩා මොනවද කරන්නේ කියලත්...

      මම දැනගත්තා මචන්... මම බ්ලොග් ෆෙස්ටිවල් වෙනුවෙන් සහ බ්ලොග් වෙනුවෙන් කරපු ඒවා කියන්න යන්නේ නෑ.. මෙතනින් එහාට මම නිහඬව ඉන්නෙත් නෑ..

      Delete
    3. අම්මෝ ඔන්න කට්ටිය සාක්කු පරිස්සම්
      කරගන්න.

      ලැජ්ජාව කියන එක අහලවත් නැත්ද කොහෙද

      Delete
    4. ඔයාගෙ කමෙන්ට් එකෙන් තමයි ඔය වචනේ ඇහුවේ..... ඔයාට නමින් කමෙන්ට් කරන්න ලැජ්ජද?

      Delete
    5. ඔයාගෙ බ්ලොග් එකේ නම තියෙන එකත්
      ලැජ්ජාවට හේතුවක් හින්දා නොවැ
      මෙහෙම ලියන්නෙ

      Delete
    6. ඔයාට මෙතනට එන්න ලැජ්ජා හිතෙන්නේ නැද්ද? ඇවිත් නමින් හැසිරෙන්න විතරද ලැජ්ජ... හරී ශෝයි.....

      Delete
    7. ආවා කියලා කවුරුවත් දන්නෙ නෑ නේ අනේ
      එතකොට කොහෙද ලැජ්ජාවක්
      ඇවිල්ල සලකුනු තියල ගියහම නෙ රටේ ලෝකේ මිනිස්සු දනගන්නෙ
      රට්ටු දැන ගත්තම නෙ ලැජ්ජා වෙන්නෙ.

      Delete
    8. මට සතුටුයි... ඔයාත් හරියට කසිප්පු ගුබ්බෑයමට රින්ගන ආරච්චි කෙනෙක් වගේ...

      Delete
    9. අයියෝ කොහොමටවත් නොගැලපෙන උපමාවක් නෙ අනේ.

      කසිප්පු මෙවුවා වල අයිති කාරයොත් බොන්න එන අයට පොලු තියනවද?
      ඒකේ අනිත් පැත්ත නෙ වෙන්නෙ.

      Delete
    10. රිප්ලයි එක පෝස්ට් කරන්න ලැජ්ජ හිතුනද මෙයා

      Delete
    11. ඔයා හරි ශෝක්.... කියන දේ හරියටම තේරුම් ගැනීමේ හැකියාව ඔයාට තියෙනවා... ඔළුව අතගාලා බලන්න චූටි බබෝ කෙස් වලට අමතරව පොඩි ගැට දෙකක් අහුවෙනවද කියලා.... ඊට පස්සේ බලන්න උඩ මගේ කමෙන්ට් එකේ කසිප්පු මුදලාලි කෙනෙක් ගැන කියලා තියෙනවද කියලා...

      Delete
    12. අනේ සෝලෝ.. ලාංකීයේ මේල් කියවන ඕනම හරකෙකුට මේ භාෂා විලාසය තියෙන්නේ කාගෙද කියලා අමුතුවෙන් තේරුම් ගන්න ඕන නෑ.. මොනර නටනකොට පස්ස එලියේ... :D :D :D

      Delete
  11. // කබ්බෝ නරක නෑ... එයාලා හරිම අහිංසක සමණල ලමයි ටිකක්...... ප්‍රදීප්, ගයාන් වගේ උන් එතනින් බැබලිය යුතු චරිත.....//

    ප්‍රදීප් සහ තව කීපදෙනෙක් වැටිල තියෙන්නෙ කන්දෙ වැරදි පැත්තට, එි කිවුවෙ තාපසයො ඉන්න පැත්තට

    ReplyDelete
  12. උඹ මේ කියපු කාරණා ටික මේ පෝසට් එක දාන්න කලින් මම දැනගෙන හිටියා..ඒක නිසා මම දැනගෙන හිටියා උඹ මොනවිදියට හරි මේක පස්සෙන් ඉඳන් උදව් කරන බව..එක එක හේතු නිසා හැම එකාම මේ සිංහල සයිබර් හවුල දාලා ගියොත් මේක නැතිවෙනවා බං..මේකේ ලබන්න ලාබ නෑ අපිට..මේකේ උපයන්න වස්තුව නෑ අපිට..තියෙන්නේ ලියන දෙයක් කියවලා කියවන උන් ජීවිතයට එකතු කරගන්න දේවල්වලින් අපි ලබන තෘප්තිය විතරයි..ඒක උඹත් මමත් විඳිනවා..අවුරුදු හතරක් තිස්සේ මේ අවකාශේ ඉඳන් වෙන හැමදේම බලන් ඉඳිද්දි කළකිරීමක් තිබුණත් කවදහරි මේවා වෙනස් වෙයි කියලා හිතෙනවා බං..

    ReplyDelete
    Replies
    1. //මේකේ ලබන්න ලාබ නෑ අපිට..මේකේ උපයන්න වස්තුව නෑ අපිට.//
      ඔහේට පිස්සුද.... ණය අරන් නොගෙවා ඉන්න එක ශුද්ධ ලාබනෙ බන්....

      ඊට පස්සෙ.. හොර වෙද්දු, කේන්දර කාරයො, බඩු කාරයො මේකෙ වැහි වැහැල ඉන්නෙ..... ඔයා හිතන සුසමාදර්ශෙ ගොඩ නගන්න සෑහෙන්න කලක් යයි මයෙ හිතේ....

      Delete
    2. ජනා, කතාව ඇත්ත....

      ඇනෝ, සමස්ථ සමාජ දේහයම කුණු වෙලා තියෙද්දි බ්ලොග් අවකාශය විතරක් සුද්ධ වෙන්න හේතුවක් නෑ.

      Delete
  13. සයිබරෙත් හීන් ආතල් තියනවා නේද ?

    ReplyDelete
  14. ane manda ban ..methana hamoma randu
    nowi eka ekata kapaganne nathuwa innawa
    nam iwarai..anith de mokakda me aluth parana
    bedaya ...?

    kalli gaseema , ita passe gansiyen pita unawa
    halana eka nam waradi..

    ReplyDelete
  15. ඇයි දන්නෙ නෑ සංවිදායක බුවාලා

    අභීත ඔය දේවල් වලට ගෑවුනා කියලා
    ප්‍රසිද්ද නොකරේ...?
    සමහර විට එහෙම ප්‍රසිද්ද උනා නම් කට්ටිය එන එකක්
    නෑ කියලා බය උනාද දන්නෙ නෑ

    ReplyDelete
  16. මෙතෙන්ට මුදල් වංචා ගාවගන්න වඩක් නෑනේ..ඉන්දික සල්ලි දෙනකොට බ්ලොග් ලියන අයට කීවද මම අභීතට සල්ලි දෙනවා කියලා...ගනුදෙනු ඒ දෙන්නගෙ වැඩක් අභීත අයියා බලෙන් සල්ලි ගත්තෙ නෑනෙ...ඉන්දික අයියෝ ඇඩ් දාලා සිඟිති ආතල් ගත්තට වැඩක් නෑ..ඕක දැක්කට කාටවත් ඒ ගැන ගානකුත් නෑ...අයියෝ සල්ලි...වඩි තන්හාවට සල්ලි දුන්නට ඉන්දිකටත් හොඳ වඩේ

    ReplyDelete
  17. මේකෙන් ගොඩක් දේවල් දැන ගත්තා.

    ReplyDelete
  18. ඇත්තටම අභීත අයියා නොවෙන්න සයිබර් සිහින උළෙල සිහිනයක්ම වෙන්න ඉඩ තිබුනා. ක්‍රීඩා පිටිය පිලිබඳ කාරනේදී අපිට ඒක ලොකු උදවුවක් වුණා. නමුත් ඒ ගැන කියන්න එපා කියල මුල ඉඳලම කියපු නිසා සමරු කලාපයේ අන්තිම පිටුවට විතරක් ඒක සීමා කරන්න වුණා. ඒ වගේම පරණ අලුත් කියල නැතුව බ්ලොග් ලියන බොහෝ දෙනෙක් උදවු කළා. අඩු පාඩු එමට ඇති. වැඩි පිරිසක් සහභාගී වීම ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි ප්‍රදීප්

      Delete
  19. ස්තුතියි අයියා මේක කරන්න උදව් කරාට.මට ගොඩක් බ්ලොග් ලියන අය මුනගැහුනා.ඇත්තටම ඔයාට,ප්‍රදීප් අයියට ස්තුතිවන්ත වෙනවා මේ වගේ ෆෙස්ටිවල් එකක් කරාට.

    ReplyDelete
  20. //ඇනෝ ඇවිදින් මට බනින සමහරු මගේ කඹේ හති දාගෙන ඇඳපු හැටි මම උපේක්ෂා සිතින් බලාගෙන හිටියා.. //

    ++++++

    ReplyDelete
  21. මට හිතෙන්නේ set වෙලා තනි උන්ගෙන් ගේම ඉල්ලන්නෙත් නැතුව, ගේම ඉල්ලලා කුජිත වෙන්නෙත් නැතුව තනියම දෙපැත්තෙන්ම ගේම ඉල්ලන උඹ වීරයෙක්, හැබය් ඔය දෙපැත්තේම ඉන්න radical ඩයල් වල පුද්ගලික විස්තර මම දන්නවා මුන් blog වල කොච්චර නයි අරිනවද කියලා දැක්කමත් හිනා

    ReplyDelete
  22. සයිබර් ‍ෆෙස්ටිවල් එකක් තිබ්බද? :D :D :D

    ReplyDelete
  23. අප්පා... අභියා අයියා.. පෝස්ට් එකක් ලිව්වාද? හොඳයි... හොඳයි...

    මම නම් ඔය හුඟක් දේවල් දන්නෙ නෑ.. ඇත්තම කියනවා නම්, ආරංචි වුණේ නෑ... පිට්ටනිය වැඩේ නම් මුල ඉඳන් දන්නවා...

    කොහොම නමුත්, මම හරි ආසයි.. ඕනෙම අලුත් වැඩක, කලින් දුටු මුහුණු දකින්න.. හේතුව අලුත් අලුත් දේ එනකොට හිටපු අය හැලෙනවා නම්, ඒක ඇතුළෙ කිසි සුන්දරත්වයක් නෑ.. හැමදාම එකම කෙනා මූලික විය යුතු නැතත්, හැමෝම සාමුහිකත්වයේ හිටියාම එතන හරි ලස්සනයි.. ආරවුල් රණ්ඩු කුහක කම්, ඉරිසියාකාරකම්, මඩ මේ හැම දේම හැම සමාජෙටම පොදුයි... දුකා අයියා, අභි අයියා, මාරයා අයියා.. ඉන්දරේ අයියා.. වගේ පැරණි බ්ලොග් නියාමකයන් එතැන දැකීම ඇත්තටම හරි සතුටක්.. ඉදින් ලබන වසරක, නුඹලා වාගෙම අපේ අනික් පරණ සියලු දෙනාම එනවා නම් ගොඩක් වටිනවා...

    එච්චරයි.. :D

    ReplyDelete
  24. මමත් දැක්කා එනවා... කතා කරන්න චාන්ස් එකක් සෙට් උනේ නෑ. ඒ වෙලාවෙ ආපහු යන්න ලැස්ති වෙලා හිටියේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පලයං කුලෑටි ලොන්තයා යන්න. මිනිහෙක් ගේ මූන බලල කතාකරන්න බැරි පොන්සියා. රාජ සම්පත් ලැබේවා ගාගෙන එනවා මෙතන පුක දෙන්න. ඉස්සෙල්ලා මිනිහෙක්ගෙ මූන බලාගෙන කතාකරන්න ඉගනගෙන වරෙං ගුබ්බෑයමා.
      දැං කියපං මූ නම කියන්න බැරුව මෙතන ටෝක් දෙනවා කියලා.
      මගේ නම සිරිමාන්න. හරිද

      Delete
  25. කල්ලි ගැසීම් වලට මම තදින්ම විරුද්ධයි. උඹත් විරුද්ධයිලුනේ. හැබැයි කාලෙකට කලින් උඹත් ඔය කල්ලි සංකල්පය ප්‍රමෝට් කරා නේද අභීත අයියේ?

    ReplyDelete
  26. Nama nodama hitiyanam ivarai ne.passe man araka kala meka kala kiyanawa.mewa dakina kota apita pukenuth hina ooi.

    ReplyDelete
  27. නොදකිං බං... මං බ්ලොග් ලියන්න පටං ගත්තෙ ආතල් එකට.. ඒකාකාරී බවින් මිදිල පොඩි ජොලියක් ගන්න. දැං බලං ගියාම මේක ෆේස් බුක් එකට වඩා අන්තයි වගේ..
    මඩ ගහ ගන්න එකයි ඒ මදිවට ඊටත් එහා ගිහිල්ල මරා ගන්න එකයි..
    පිටරටවල බ්ලොග් ලියන සුද්දොත් මෙහෙමද දන්නෑ

    ReplyDelete
  28. උඹෙයි නවමගෙයි අර කතාව ඇහුවහම..මට බය හිතුනා බන් උඹලා දෙන්නම එක්ක කතා කරන්නවත්... :-D

    ReplyDelete
  29. හොඳම හරිය ---- කෝ... දැන් උඹලා මට කලාද? -----

    මඩ පිට මඩ ගහද්දි , ඒ දිහා උපේක්ෂාවෙන් බලන එකත් සුපිරිතම වැඩක් අභීත අයියේ .. ජය වේවා!!!

    ReplyDelete
  30. මොකා මොන විදියට කිවත් කතා කරපු නිහතමානි මිනිසුන්ගෙන් එකෙක් අභීත කියන්නේ මට නම් . ඉන්දික ගේ අභිතගේ මුදල් හුවමාරු පෞද්ගලික ජිවිතේ දේවල් නිසා සයිබරයට ඒවා ඇදලා ගැනීම තනිකර හීන මානෙන් ජිවත් වෙන එවුන්ගේ කතා .
    මමත් කලින් දනන් හිටියා අභිතා අයියා දෙන සපෝර්ට් එක ගැන , කොහොමත් හැබයි මේ එකට එකතු වීම් ආරම්භ උනේ අභීත නිසා කියල දැන් එකෙක්ටවත් මතකත් නැහැ , සමහරුන්ට මතක් කරන උවමනාවකුත් නැහැ ,
    ලොකු පොඩි කළු සුදු ශේෂ්ට , ජෙෂ්ට ,කබු , නයි විදියට් කල්ලි ගැහෙන්න එක එකාගේ වර්ගෙට හදපු දෙයක් නෙමෙයි බ්ලොග් ලිවිම කියන්නේ , එක එකාට ඕනේ විදියට ඕක වෙන් කරන්නත් බැහැ , පරණ අලුත් කියල නැහැ , බ්ලොග් එකකට මිනිස්සු යන්නේ අන්තර්ගතේ හොද නම් විතරයි , කියල තේරුම් ගන්න බැරි ප්‍රථමික මනසෙන් ඉන්න අය ගැන කුමට කතාද .
    මොකක්ද අභීත අයියා හෙල්මට් එකේ කතාව ?

    ReplyDelete
  31. මට එන්න බෑරි උනනේ අබිතයට දෙකක් නෙලලා යන්න.

    ReplyDelete
  32. බය වෙලාද අපි ලියන එව්වා දාන්නෙ නැත්තෙ....

    ReplyDelete
  33. ඔය කල්ලි ගැහිල්ලටනම් මමත් සම්පූර්ණයෙන්ම විරුද්ධයි.

    හැබැයි ඕක සිංහලයන්ගෙ හැටියක්, බ්ලොග් වලට කියලා ඒක වෙනස්වෙන්න විධියක් නෑ.

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...