Tuesday, September 3, 2013

මේ දවස්වල මම පොරක්.. අළුත්ම බ්ලොග් ආතල් ගොඩාක්...


කාලයක් බ්ලොග් නොලියා හිටියේ තිබ්බ දැඩි කාය්ර්‍බහුලකම හින්දා.. දැන් මීමුරේයි, මගේ ව්‍යාපාරයයි දෙකම එක විදිහට පිළිවෙළකට දුවන නිසා දැන් ඉතින් ආයෙත් බ්ලොග් කෙරුවාවට එන්න පුළුවන්... 

ඒ නිසා දැන් ආයෙත් ටිකක් හිනාවෙන්න බ්ලොග් එක කලින් සැරේ වගේ වැඩ. ඒ නිසා ඔයාලට පුළුවන් ආයෙත් ටිකක් හිනාවෙන්න.. .. ඇනෝලට ආයෙත් උඩ දාගෙන පිනුම් ගහන්න පුළුවන්.. මම මේ ප්‍රවේශය ගන්න හදන්නේ මේ දවස්වල මට විරුද්ධව තියෙන චෝදනා වලට උත්තර දෙන්න.. එදා මෙදා තුර මට චෝදනා දාන්නයි මඩ ගහන්නයි ආතල් දෙන්නයි ගොඩාක් කට්ටිය හිටපු නිසා එයාලටත් කම්මැලි ඇති කියලත් හිතුන නිසා ඔන්න මම ආයෙත් ලියනවා.. මේ දවස්වල මම ගැන කතා වෙන්නේ කාරණා 2යි.. මම කියන්නේ බ්ලොග් ලෝකේ.. ඉතින් ඔන්න දැන් ඒ ගැන කියන්නයි යන්නේ.. මේ තියෙන්නේ මම ගැන තියෙන අළුත්ම කතා දෙක...

1. අභීත හොරෙක්.. ඌ වරෙන්තු පිට ඉන්නේ...

2. අහිංසක සඳරුවා අමාරුවේ දාලා වැඩට අරගෙන.. ඌට පඩි නොගෙවා ඉන්නයි මූ හදන්නේ...

දැන් බලමු පළවෙනි කාරණේ... ලංකාවේ වරෙන්තු පිට පොලීසියට අසු නොවී ගෙදරටම වෙලා ඉන්නේ සිරා කන්ටැක්ට් තියෙන නියම පොරවල්.. සුධර්මන් රදලියගොඩ අදටත් එලියේ ප්‍රසිද්ධියේ හැසිරෙමින්.. මමත් එහෙම ප්‍රසිද්ධියේ හැසිරෙමින්.. මට මම ගැනම හෙන ආඩම්භරයක් දැනෙනවා මචන්ලා... මම මාර පොරක්නේ බලාගෙන ගියාම... ඔන්න මට දැන් හිනා යනවා... අනික ඔය කියපු කෙනා කරුණාකරලා මට හොයලා කියනවාද මට වරෙන්තුව තියෙන උසාවිය හරි ඒක ක්‍රියාත්මක කරන්න අදාල පොලිසිය මොකක්ද කියලා හරි... ගේමට නෙමෙයි... නිකම් එහෙම එකක් තියෙනවානම් නීතිඥ්ඥයෙක් මාර්ගයෙන් හරි ගිහින් භාර වෙන්න...

දෙවැනි කාරණේ තමයි මේ සඳරුගේ පලහිලව්ව.. ඒකේ කථාව මෙහෙමයි.. සඳරූට පොඩි පෞද්ගලික ප්‍රශ්ණෙකට මුහුන දෙන්න වෙලා ඌ කීප දෙනෙකුට කෝල් කලා.. මමත් ඒ දවස්වල හිටියේ මීමුරේ නිසා මිනිහට මාව සම්භන්ධ කරගන්න බැරි වුනා.. සඳරූ බ්ලොග් ලියන ගොඩ දෙනෙකුට කතා කරලා අන්තිමට දුලිප් (ඕනයා)ට කතා කලාම, දුලිප් කිව්ව "අභියා ඉන්නවා මීමුරේ.. උඹ ඌට කථා කරපන්.. ඌ උඹට ඔය ප්‍රශ්නෙට උත්තරයක් දෙයි." කියලා.. වාසනාවට මම එහෙ ඉදන් මොකක් නමුත් කාරණේකට දුලිප්ට කථා කරද්දි තමයි ඌ කිව්වේ "සඳරුවාට කෝල් එකක් දියන්" කියලා.. මම එහෙ ඉඳන් සදරූට කථා කලාම සඳරූ මට එයාගේ ප්‍රශ්ණේ කිව්වා.. ඊට පස්සේ මම කීවා " කිසි අවුලක් නෑ, මම ලඟට වරෙන්" කියලා.. දින දෙකක් තිස්සේ මීමුරේත් ඉඳලා, අපි කොළඹට ඇවිල්ලත් දවස් තුන හතරක් සිටියා.. ඊට පස්සේ ඌ ගෙදර ගියා.. මමත් එක්ක සඳරූ හිටපු ආරංචිය දැනගත්තු සමහර අමන ගොන් හරක් ඇනොනිමස් බ්ලොග් කාරයෝ පුංචි ස්වයං ආතල් එකක් ගත්තා... ඒකට මට හිනා... ඔන්න ඔහොමයි කථාව සිද්ධ වුනේ... පව් හලෝ උන්...

ඔන්න ඔහොමයි තත්වේ... සදරුගේ අර පෝස්ට් එකකට කට්ටිය දාපු කමෙන්ට් වලට මට.. නෑ.. ඒ ටික ඕන නෑ.. මොනා උනත් අසරණ මිනිස්සුනේ...

අනික් කාරණේ තමයි මේ බ්ලොග් ලෝකේ කිසිම හැපනින්ග් එකක් නැතිකම.. කිසිම ප්‍රති උත්තරයක් ලියැවෙන්නේ නෑ.. හැම පෝස්ට් එකකටම "නියමයි", "මරු", "ඕවා ඔහොම තමයි" වගේ ඒවා කියනවා ඇර කිසිම ගෝ එකක් තියෙන කිසිම දෙයක් නෑ.. කතන්දරගේ, බියොන්ඩ් ද ෆ්‍රේම්ගේ, W3ලංකාගේ,පොඩි කුමාරිහාමිගේ, මගේ ;), අසේලගේ, වැප් නිශාන්තගේ වගේ ඉස්සර පෝස්ට් වලට ගිහින් බලන්නකෝ කොහොමද කට්ටිය සංවාද ගොඩ නගන්නේ කියලා.. එතකොට තමයි බ්ලොග් කරුවනුත් බ්ලොග් පාඨකයොත් බ්ලොග් වල ඇලිලා ගැලිලා ඉන්නේ ..

හරි දැනට ඇති.. අද මූණු පොතේ දැක්ක ස්ටේටස් දෙකක් නිසා, බ්ලොග් ලෝකේ කළඹපු පෝස්ට් ගොඩාක් මතකෙට ආවා.. ඉතින් අද නොලියන බ්ලොග් කුමට කියලා හිතුනා.. මේ තියෙන්නේ ඒ ස්ටේටස් දෙක... මෙන්න එක.. මෙන්න අනික..

එහෙනම් ජය වේවා.. පරණ පුරුදු විදිහට ඉස්සරහට හම්බෙමු....

47 comments:

  1. පරන බ්ලොග් කාරයො බොහොම අතලොස්සයි දැන් ඉතිරි. උනුත් යලට මහට ලියන්නෙ. දැන් ඔක්කොම වගේ අළුත් උන් (මම ඇතුළුව) කොමෙන්ට් දාන්නෙත් රිප්ලයි කොමෙන්ට් බලාගෙන විතරයි. සමහර වෙලාවට පෝස්ට් නොබලම කොමෙන්ට් දානව මෙලෝ ගැලපීමක් නැති..

    ඉක්මනටම සිංහල බ්ලොග් අවකාශෙ ඉවරයක් වෙයි වගේ :(

    ReplyDelete
    Replies
    1. සිංහල බ්ලොග් ඉවර වෙන්නෙ බ්ලොගර් සේවාව නැවතුනු දවසට. නැත්තං සල්ලි දීල සේවාව ගන්න වෙච්ච දවසට. හැමෝම තමුන්ගෙ මට්ටමින් මනින්න එපා. එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නව එහෙම නොවෙන

      Delete
    2. යසිත්
      තාමත් කොමෙන්ට්ස් හෝ හිට්ස් බලාපොරොත්තුවක් නැතුව බ්ලොග් ලියන මිනිස්සු ඉන්නව. රාජ් කීව වගේ සිංහල බ්ලොග් නවතින්න නං බ්ලොගර් වහන්නම ඕනෙ

      Delete
    3. සල්ලි වලට දුන්නොත් නං ඒක අඩුවේවි. ඒක ඇත්ත...

      Delete
    4. අඩුවේවි නෙවේ.. අඩු වෙනවා මචන්....

      Delete
    5. බ්ලොග් ලියලා සල්ලි හොයන එවුන් නම් දිගටම බ්ලොග් ලියයි....

      Delete
    6. @“ඉක්මනටම සිංහල බ්ලොග් අවකාශෙ ඉවරයක් වෙයි වගේ :(“

      මං නම් හිතන්නේ නෑ එහෙම වෙයි කියල.

      Delete
  2. කතාව ඇත්තයි,, මාත් පරණ බ්ලොග් ටිකක් කියෙව්ව.සමහර එව්වා පොස්ට් එකට වඩා කරුණු එකතුවෙලා කොමෙන්ට් වල..දැන් ඒ වගේ ආතල් පොස්ට් අඩුයි..පරණ උදවිය ඒ වගේ ලිපි ටිකක් ආපහු ලිව නම් ආපහු හැදෙයි ඒ වගේ.

    ReplyDelete
  3. //අනික් කාරණේ තමයි මේ බ්ලොග් ලෝකේ කිසිම හැපනින්ග් එකක් නැතිකම.. කිසිම ප්‍රති උත්තරයක් ලියැවෙන්නේ නෑ.. හැම පෝස්ට් එකකටම "නියමයි", "මරු", "ඕවා ඔහොම තමයි" වගේ ඒවා කියනවා ඇර කිසිම ගෝ එකක් තියෙන කිසිම දෙයක් නෑ..//

    පරණ මිනිස්සු ඉතින් පරන අයගෙම ගුනේ වර්නනා කරනවා.. එන්ඩකො අපේ පැත්තෙ . ඇවිත් අඩු පඩුව්ක්වත් කියල යන්ඩලකො. හ.. ඇත්තම කිව්වොත් සංවාදයක් ගොඩ නගන්ඩ නං මුකුත් ලියල නෑ :D

    මොනා උනත් ලියන්ඩ ගත්ත එක ලොකු දෙයක්..

    ReplyDelete
  4. බ්ලොග් අවකාශය කියන්නෙත් අනිත් සමාජයේම එක කොටසක්. ඒකෙ තියෙන හැම දේම බ්ලොග් වලත් තියෙනවා. අවශ්‍ය වෙන්නේ ඒවා නිසි පරිදි තේරුම් ගැනීමයි. කොහොම වුනත් අපි බ්ලොග් කියව කියව හිටපු කාලෙ (ලියන්න ඉස්සර) දැකපු රසවත් කමෙන්ට් දැකගන්න ලැබෙනවා අඩුයි තමයි. හැබැයි සමහර අළුත් බ්ලොග් වල හරිම නිර්මාණාත්මක පෝස්ට් පළ වෙනවා. ජය...!

    ReplyDelete
  5. අලුත් ලිපි කියවන්න වෙලාවක් ලැබුනෙම නැති නිසා ඉතින් එහෙම කාලෙකට ඉස්සර එකෝමත් එක දවසක වගේ අපි රණ්ඩු උනා වගේ සමහර වෙලාවට මරණ තර්ජන වගේ ඒවා දැන් බ්ලොග් වල තියනවද කියලාත් දන්නේ නෑ//// ඒ මොනවා උනත් සිරාවටම ඒ කාලේ වගේ බ්ලොග් වල ෆිලින් එකක් දැනෙන්නේ නැති නිසයි ලියන්න වෙලාවක් සෙට් වෙනවා අඩු නිසයි ලියවෙන්නෙම නැති තරම්.... මොනවා උනත් ආයේ අටන් ගන්නවානම් සුභ පැතුම්

    ReplyDelete
  6. මං නං පුලුපුලුවං විදිහට ලියනවා බං . පරණ බ්ලොග් කාරයෝ තරං මම නිර්මාණශීලි නැති හින්දා මගේ බ්ලොග් එකේ ඔය බුද්ධිමත් සංවාද ඇති වෙන්නේ නැ ,

    ඒත් අපේ කාලේ සමහරක් බ්ලොග් තියනවා හොද මට්ටමේ ඒවා , ඒවායේ සංවාදත් ඇති වෙනවා , හැබැයි පරණ බ්ලොග් කාරයෝ ඒ තැන්වල අදහස් ප්‍රකාශ කරනවා හරිම අඩුයි,

    මෑත කාලේ නං අළුත් බ්ලොග් වල අදහස් වැඩියෙන්ම පුකාශ කරන්නේ කතන්දරකාරයා , මාරයත් ඉදලා හිටලා බහිනවා , මාස දෙක තුනකට සැරයක් දුකාව දකිනවා , පොඩි කුමාරි හාමිත් පහුගිය කාලේ නැතුවට හැමතැනම යන එන මනුස්සයා ,

    ඒ ඇරුනහම අනිත් අය එන්නේ හරම අඩුවෙන් ,

    අත්දැකිම් තියන පරිණත උන් පැත්තවත් බලන්නේ නැතුව කොහොමද සංවාද ගොඩ නැගෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අටං... මෙතන උඹ ආයෙත් වරද්ද ගත්තා... පරණ බ්ලොග් කාරයෝ කියලා ජාතියක් නෑ.. ඉන්නෙ සිංහල බ්ලොග් කාරයෝ.. මෙන්න මෙතන කියලා තියෙනවා ඒ ගැන... http://www.chamiladealwis.com/reaction-to-bullshit/

      නමුත් අත්දැකීම් තියෙන පරිණත් බ්ලොග් කාරයෝ කියපුහාම ඒකට ඇතුල් වෙන කුලකයක් ඉන්නවා.. මට එක පාරටම මතකෙට එන්නේ පස් දෙනයි, ඒ හද ගී පොත ලියන තිස්ස අයියයි, මාරයයි, මාතලනුයි, කතන්දරයි, වැපායි... මේ පස් දෙනාගෙන් තුන් දෙනෙක් නම් පේන්න ඉන්නවා හැම තැනම වගේ...

      Delete
    2. //පරණ බ්ලොග් කාරයෝ කියලා ජාතියක් නෑ..//

      මම ඕක මෙතන ලියුවට ඕක මම හදාගත්ත එකක් නෙමෙයි අභිත , ඔහොම එකක් හදාගත්තේ , හදාගන්නේ කවුද කියනඑක ඔයත් දන්නවා මාත් දන්නවා ,

      //අටං... මෙතන උඹ ආයෙත් වරද්ද ගත්තා...//

      මතක නැනේ බං කලින් කොතනද වරද්ද ගත්තේ

      Delete
    3. ඇත්ත අටම්... හදාගත්තේ, හදාගන්නේ කවුද කියපු එක නෙමේ මම මෙතන මතු කලේ.. එහෙම එකක් නෑ කියලා විතරයි..

      දෙවෙනි කාරණේ මතක් කරන්න ගියොත්නම් පුතේ නිමිල තියෙන ගිනි කූරුත් පත්තු වෙනවා...

      Delete
  7. ado abiya meka liyapan ban,,sirawatama me blog eka patta watinawa..dan yana sukiri kata walatam wada (ex: bassige kathawa)adenwa oii samahara blog dakkama, tawa tika dawasakin padayak yana welawath danawa kattiya sure, aruta mokada une i mean ranga.

    ReplyDelete
  8. මං හිතන්නෙ උඹ බ්ලොග් කියවල නෑ. වාද විවාද ඕන තරම් ඇතිවුනා පහුගිය කාලෙ. ඒත් ඒව දැනගන්න අදාල අඩවි කියවන්නම වෙනව. උදාහරණයක් විදියට මාතලන්ගෙ අඩවියට ගිහිං බලපං කොච්චර වාද විවාද සහිත පෝස්ට් තියනවද කියල.

    ReplyDelete
    Replies
    1. ඉතාම හොඳ පොයින්ට් එකක් රාජ්.. මාතලන් සහ දුකා.. ඔය දෙකේ විතරයි තර්ක විතර්ක මතු වෙන්නේ... මම කියන්නේ අනිත් අයටත් ඒ වගේ තර්ක මතු කරන ලිපි ලියන්න කියලයි.. ඔය බ්ලොග් දෙකේ හිමි කරුවෝ දෙන්නත් අපේ වීරයෝ අපි බ්ලොග් වලට එන කාලෙත්..

      Delete
  9. ඔන්න ඕකනෙ අප්ප වැඩේ... අනේ මන්ද මේ පරණ බ්ලොග් අයිතිකාරයෝ මොනව හිතං ඉන්නවද කියල.. සමහර බ්ලොග් ලියවෙන්නෙත් නෑ... කමෙන්ට් එකක් පේන මානෙක නෑ.. ඒත් බ්ලොග් උඩින් පල්ලෙන්වත් කියෝනව නං මෙහෙම හිතන්න හේතුවකුත් නෑ මට පේන විදියට.... හි හි...

    මාත් දැන් අවුරුදු 5ක් විතර තිස්සෙ ඉඳල මේ කෙහෙල්මල් කියවනවනෙ.. කොහොමත් බ්ලොග් එකක් ගත්තම අග ඉඳලා මුලටම කියවන එක මගේ පුරුද්ද.. කමෙන්ට් එක්කම.. සංවාද අඩු වෙන්න හේතුවක් තියෙනව.. ඒ තමයි චැට් සිස්ටම් සහ ෆේස්බුක්.. බ්ලොග් එකේ වැටෙන කමෙන්ට් ටික බලාගන්න පුලූවන් ෆේස්බුක් එකට ගියාම... ඒ උනාට එහෙමයි කියලම බ්ලොග් වල සංවාද අඩු වෙලා නෑ... අඩුගානේ මට නං එහෙම පෙනිලා නෑ...

    දැන් අලුත් අය ගොඩක් ඉන්නව.. අලුත්ම මාතෘකා ගැනත් මහ පරණ කසිකබල් මාතෘකා ගැනත් ලියවෙනවා... සමහර විට ප්‍රමිතියත් බාල වෙලා ඇති... ඒත් සමහර වෙලාවට අලුතින්ම මතුවෙන මැණික් හම්බුවෙනව... අන්න ඒවයේ වටිනාකමක් තියෙනව... හැම‌ පෝස්ට් එකකම තර්ක විතර්කම විතරක් තියෙන්න ඕනෙ නෑ.. සමහර පෝස්ට් වල මාර නොස්ටලොජියා ගතියක් තියෙනව.. නිකමට වගේ ගිහින් බලන්නකො පටන් අරන් අවුරැද්දක් වත් නැති හැලපගේ බ්ලොග් එකට..

    ReplyDelete
    Replies
    1. මෙතන මට අමතක උන කාරණේකුත් තියෙනව.. ඒකත් කියලා දාන්නං... මීට අවුරුදු ගානකට කලින් ඉන්ටනෙට් එකෙ තත්වෙයි, ඒක පරිහරණය කරපු කට්ටියගෙ තත්වෙයි අද වෙනකොට වෙනස් වෙලා තියෙන්නෙ... අුගානේ 22 වත් උනාම තමයි නෙට් එකේ බ්ලොග් බලන්න පටන් ගත්තෙ ඒ කාලේ... දැන් අවුරුදු 16 ඉඳලා වගේ කට්ටිය බ්‌ෙලාග් ලියනවා, කියෝනවා.. ඒක නිසා වයසින්, අත්දැකීම් වලින් පරිණත කට්ටියට ඒ අය ලියන මාතෘකා දිහා හිතයටින් හිනාවෙවී කියවලා යන්න පුළුවන් සහ වයසින් පොඩි අය ගොඩක් දේශපාලන, කාලීන වගේ සංවාද වල ෂේප් කමෙන්ට් දාලා හරි කමෙන්ට් නොදාම හරි යන්න හිතෙනවා..

      Delete
  10. අභීත මචන් අපි බ්ලොග් ලෝකෙට අලුත්... අනික මම දන්න මට පුලුවන් වෙලාවට කොහොම හරි කාගෙ හරි බ්ලොගයකට ගිහිල්ල මොකක් හරි කොටල එනව.. මොකද බොලේ අපි හරිම කාර්යභහුලයි... ඉතින් ඒකට මක්ක කොරන්නෙයි...

    උබ ඔය කියන විදියට අපිට බෑ බන් ඔච්චර හොදට බ්ලොග් ලියන්න..

    ReplyDelete
  11. අගය කිරීම් වලට ස්තූතියි.. මම හිතන්නේ උඹ බ්ලොග් නොබලපු නිසා උඹට මග ඇරෙන්න ඇති. සංවාදයට ලක්විය යුතු මාතෘකා ලියවුනාම සංවාදය අදත් ඇති වෙනවා.. නමුත් එකම් දේ එහෙම ලියන ලිපි බොහෝම අල්ප වීමයි... හැබයි සුපිරියටම ලියන කීප දෙනෙක් අළුතෙන් එක්වෙලා තියෙනවා. මට නම් පේන්නේ ඉදිරිය සුභයි කියලා....

    ReplyDelete
    Replies
    1. උඹ තමයි හරිම තැනින් අල්ල ගත්තේ... මම මෙතන මතු කරන්න උපරිම උත්සහ කලේ ඔය අල්ප බව මතු කරන්න..

      Delete
  12. ලියන්න, කියවන්න , දැනගන්න ,ආයෙත් ලියන්න, තර්ක කරන්න , ඕක තමයි බ්ලොග් චක්කරේ .... බලමු බලමු මොකද වෙන්නේ කියලා..... . බුද්ධිමතුන්, පණ්ඩිතයෝ, උගත්තු ඔය ඔක්කම අතරේ මෝඩයෝ පිස්සෝ හා කබ්බොත් ඉන්න ඕන එතකොට තමයි මේවා ලස්සන වෙන්නේ හැඩ වෙන්නේ වැදගත් වෙන්නේ ..... ලෝකේ පාට ගොඩක් තියෙන නිසා තමයි ලස්සන වෙලා තියෙන්නේ එක පාටක් හරි දෙකක් විතර හරි තිබුනානම් ඕක මෙච්චර ලස්සන නෑ බාන්ස්ලා .....

    ReplyDelete
  13. මේක දැන් මතක් උන කාරණාවක්. වාද විවාද බොහෝවිට ඇතිවෙන්නෙ දේශපාලන බ්ලොග්වල-පෝස්ට් වල. ඒ කාලෙ නං දේශපාලනය කිව්වොත් හිටිය මහින්ද, ෆොන්සේකා, රනිල්, සජිත්, ජෙප්පො,.... වගේ මාතෘකා ගනනාවක්. දැං ඉන්නෙ ඉතිං වන් ඇන්ඩ් ඔන්ලි මහින්ද රාජපක්ෂ මහත්තය විතරයිනේ. මාරය, නලින් වගේ කිහිප දෙනෙක් ඇරුනම අනිත් කවුරුත් මහින්දට බනිනව විතරයි. ඉතිං කොහොමද විවාදයක් ඇතිවෙන්නෙ? මේක ටිකක් හිනාවෙන්න ඕන කාරණාවක්.

    ReplyDelete
    Replies
    1. මේක නම් ටිකක් නෙමෙයි, හොඳටම හිනා වෙන්න ඕන කාරණයක්... හැබැයි අනිත් පැත්තට මැරෙන්න තරම් අඩන්නත් ඔන කාරණයක්...

      Delete
  14. මමනම් බ්ලොග් ලෝකෙට අලුත්. මම දැක්ක විදිහටනම් බ්ලොග් වල සංවාද ගොඩ නැගෙන්නෙ සම්මත විරෝදී පෝස්ටු වල. ඒ සන්වාද ගොඩ නැගෙන්නෙ මතවාදීව නෙවේ. පුද්ගලානුරූපීව. ඒ කියන්නෙ සම්මතයට විරුද්ධ වෙලා තමුන් පොරක් කියල නමක් හදාගන්න. උදාහරනයක් විදිහට ආගම් පිලිගන්නෑ කියන අය ආගම් වල නිෂේදනීය බව නෙවේ කතා කරන්නෙ. හාමුදුරු කෙනෙක් පුද්ගලිකව කල වැද්දක් අල්ලගෙ සමස්ත සංඝයාටම බනින එකයි. එවැනි සංවාද වලට සංවාද කියන්න පුලුවන්ද. ඔය ඉහත හොදෛ කියපු බ්ලොග් කරුවොෝක්කොම වගේ බුදු දහමට විරුද්ධ අය. හැබැයි එයාල එක්කෙනෙක්වත් ඒ ගන ප්‍රබුද්ධ ලිපියක් ලි‍යල තියෙනවද?

    ReplyDelete
  15. හොද සංවාද ඇතිවෙන බ්ලොග් නැතුවමත් නෙවෙයි තවම තියෙනවා.. ලියවෙන මාතෘකා අනුව තමයි ඒක සිද්ද වෙන්නේ.. දැන් ලියවෙන ගොඩාක් දේවල් වල සංවාදයක් ගොඩ නගන්න තරම් හේතු කාරණා අඩුයි.. එතකොට ඉතින් කමෙන්ට් කරුවා ලිපිය අගය කිරීමක් හෝ අදහස් ප්‍රකාශ කිරීමක් පමණක් තමයි වෙන්නේ ..ඒ නැතත් මම මේ කාලේ දකින හොදම දේ ලිපියට අදාළ නොවන පුද්ගලික මඩ ගැසීම් කමෙන්ට් බොක්ස් එකෙන් එලියට එන එක.. අන්න එතනදිනම් අපුරු සංවාද ඇතිවෙනවා දැකලා තියෙනවා.. මේ දේ ගොඩාක්ම සිද්ද වෙන්නේ ඇනෝනිමස් නිදහස දීලා තියෙන බ්ලොග්වල තමයි ...

    මේ කාලේ මෙහෙමයි ඒ කාලෙත් මෙහෙමද ?:D

    ReplyDelete
  16. මම නම් ඉතින් ඔය සංවාද ඇතිවෙන විදිහට ලියාපු එකෙක් නෙවෙයි . ගමේ වෙච්ච බ්‍රන්තයක් ලියලාදාලා ආයේ වැඩකට හිර වුණාම සතියක් හමාරක් යනකම් බ්ලොග් එක පැත්තටවත් නොඑන එකක් නේ මම .. ඒ වගේම මම නම් වාද විවාද කරගන්න බ්ලොග් පෝස්ට් වලට හරිම අකමැතියි .කමෙන්ට් වලින් වාද විවාද කරලා කවද්ද බං කවුරු හරි දින්නේ ? උඹ එහෙම දිනපු එකෙක් හරි සෙට් එකක් හරි ගැන දන්නවාද ? . අනික සංවාදෙ කියලා පටන් ගත්තට එතන යන්නේ හෙන ගෝරියක්නේ අන්තිමේට ..

    අපේ පැත්තේ කොල්ලො නම් ගමේ කාව හරි එකෙක්ව දිරවන්නැති වුණාම..කෙලින්ම ගිහින් මූනට මූන හම්බු වෙලා උන් දෙන්නා කෙල ගන්නවා එකෙක්ට සිහි නැති වෙනකම්ම .. අනික් පහුවදා ඉඳන් උන් දෙන්නා හොඳයි . බ්ලොග් ලියන අපිටත් දැන් ඒවගේ පොඩි වෙනසක් ලැබුනොත් හොඳ නැද්ද ?

    පුළුවන්නම් මෙහෙම දෙයක් ඕගනයිස් කරමු. බ්ලොග් කාරයන්ගේ වලියක් වගේ දෙයක්.. හොඳ ඉඩ කඩ තිය පිට්ටනියකට කට්ටියම එකතු වෙලා කෙලගමු අනේ අපොයි බුදු අම්මෝ මෙන්න මැරුනෝ කියලා කෑ ගහනකම් කෙලගමු .. කාලයක් යනකම් අවුලක් එන එකක් නෑ .. බොලොග් අවකාසේ සාමකාමී වේවි හරියට නෝර්වේ වගේ



    ReplyDelete
    Replies
    1. ඒ අදහස නම් හොදයි මට ලොකු ආසාවක් තියනවා ඔය දේවා කියන එකාගේ කන පැලෙන්න ගහන්න . ඌ එනවා නම් මාත් එනවා .

      Delete
    2. මම මොනවා කලාට ද බන්.... ඔහොම ගිහින් තව මොන මොන ආසාවල් ඒවිද දන්නේ නැනේ..

      Delete
  17. අභීත උත්තර දීපු එක හොඳයි චෝදනා වලට. නිහඬවම ඉන්න ඉන්න වැඩේ නුහුරට යනවා සහ නයි පනික්කියෝ මැද්දට පැනලා රඟනවා.. උන්ගේ කටවල් වැහෙන්න උත්තර දීපු එක හොඳයි..

    ReplyDelete
    Replies
    1. සහන්,

      මම මොකුත් නොලිය ඉන්න හිතුවට උඹේ මේ කතාවට යමක් නොකිය බෑ.

      අභීතට වරෙන්තු තියෙන බවත්, එක පාරක් වරෙන්තුවකට අල්ල රිමන් කල බවත්, කොටින්ම මගේ සල්ලි නොගෙව කට්ටි පැනීම ගැන පොලිස් වරෙන්තුවක් ( එහෙම වරෙන්තු ජාතියක් ඇතිද‍යි මම නොදනිමි ) තියෙන බවත් කිව්වෙ කොට්ටාවෙ පොළිසියෙ අපරාධ අංශෙ ස්ථානාධිපති. ඒ විතරක් නෙමෙයි උනැහෙ කියාපු විදියට අභීත කියන්නෙ කොට්ටාවෙ පොළිසියෙ මහ ගොඩක් පැමිණිලි තියෙන ප්‍රසිද්ධ මුදල් වංචාකාරයෙක්. අභීතගෙ සල්ලි අරන් පොළු කපු අයගෙ විස්තර මම දැනගත්තෙත් පොළිසියෙන් ( එහෙව් පොළු කරයෙක්ට ඉස්සරහට මොකද කරන්නෙ කියන එක පොළිසිය සහ අදාල ණය හිමියො දැනගත්තම ඇති දැනට )

      ලංකාවෙ පොළිසිවල වරෙන්තු තියෙන, ඒත් බේරිල ඉන්න සිය දහස් ගානක් ඉන්නව. ඒකට මහ ලොක්කෙක් වෙන්න ඕන නෑ. ඒවට ක්‍රම සහ ලංකාවෙ පොළිසිවල රාජකාරි කරන ක්‍රමය ගැන ඔබ මට වඩා හොඳට දන්නව ඇති කියල හිතනව.


      Delete
    2. මූ කොහේද සහන් මල්ලි උත්තර දුන්නේ?

      http://upashantha.blogspot.com/2012/07/blog-post.html

      කෝ මේක ගැන වචනයක්වත් කියනවද මෙයා. ලිස්සලා යනවා ආඳා වගේ. සහෝදර බ්ලොග්කාරයෝ දුක් මහන්සියෙන් හරි හම්බ කරගත්ත සල්ලි වලට පොලු තියන මිත්‍රද්‍රෝහී මෙහෙම මිනිස්සු ආස්සරේ කරන අය ගැනයි මට පුදුම.

      Delete
    3. එක පාරක් අල්ලලා රිමාන්ඩ් කරපු කතාව මගෙ බ්ලොග් එක මීට මාස කීපෙකට කලින් කියවපු හැමෝම දන්නවා.. මට පැමිණිලි දෙකක් තියෙනවා.. එකක් උඹෙන්..අනික සහන් රන්වලගෙන්.. දෙකම එක වගේ සීන්.. වෙනසකට තියෙන්නේ සහන් ලංකාවේ.. උඹ පිටරට.. දෙකටම මම අවශ්‍ය කට උත්තර දීල තියෙන්නේ.. උඹ මේ පාර ඇවිත් ගියාමත් මම ගිහින් මට අවශ්‍ය කට උත්තර දුන්නා.. මහ ගොඩාක් කියන්නේ දෙකකටනම් දාහකට විතර කොහොමද කියන්නේ කියලයි මම මේ කල්පනා කරන්නේ...

      තව ඕනනම් කුරුනෑගල උසාවියෙත් නඩුවක ඇප කරුවෙක් විදිහට ඉන්නවා... එච්චරයි...මේවා උඹලා නොදන්න දේවල්...

      එතකොට අර සදරූගේ බ්ලොග් එකෙ දාපු කමෙන්ට් ටික.. ඒ ටික අපරාදෙ නේද මචන්...

      මගේ බ්ලොග් එක පැත්තේ පස් පාගන්නේ නෑ කියලා හිටපු ඔයාගේ ආගමනය සහ කමෙන්ට් එකක් දැමීම මට සතුටට කාරණායක්

      Welcome back to tikak hinawenna...

      Delete
    4. ඉන්දික ,

      මේකයි මචන් උඹයි අභියයි අතර මුදල් සම්බන්ධව ගැටළුවක් උනා, ඒක ඇත්තයි. ඒත් මේ වෙන වෙන අය මැද්දට පැනලා උඹලා දෙන්නව චූන් කර කර ආතල් ගන්න හැටි කාලයක් තිස්සේ සියලු බ්ලොග් කාරයෝ දකිනවා. මම කියන්නේ උඹලා මේක පුද්ගලිකව විසඳ ගන්න ඕනේ . එහෙම නැතුව ඉන්ටර්නෙට් එක පුරා අරූට මූට අපහාස කර කර කමෙන්ට් / බ්ලොග් පෝස්ට් වැටීම සුදුසු නැහැ.. එහෙම වෙන්න වෙන්න වෙන්නේ එකම දෙයයි, ඒ තමයි උඹලගේ ප්‍රශ්නේ විසදෙන්නේ නැහැ කවදාවත්..

      අභීත අතේ වරදක් තිබ්බයි කියමු , ඒත් බලපන් ඌට බැනලා වැටෙන බලු කමෙන්ට් .. හරියට මේ ලෝකේ එකම වරද කරපු මිනිහා අභීත වගේනේ මේකේ උන් හැසිරෙන්නේ.. මේ වගේ 2.50 දේවල් වෙන්න වෙන්න උඹලගේ සල්ලි ප්‍රශ්නේ තව තව දිග්ගැස්සෙන එක විතරයි වෙන්නේ.. මම කියන්නේ ඒකයි.. ( එහෙම නැතුව උඹලා දෙන්නා අලුත් බ්ලොග් දෙකක් පටන් අරන් පැය 24 ම බැනගත්තත් අපිට අවුලක් නැහැ.. ඒත් ප්‍රශ්නේ විසදෙනවද ? )


      මම දැනුත් කියන්නේ උඹලා දෙන්නා හම්බෙලා මේ ප්‍රශ්නේ විසදගන්න. එහෙම නැති වුණාම වෙන්නේ කොහෙවත් ඉන්න උන් උඹලා දෙන්නගෙන් ආතල් ගැනීම..

      හොඳට බලපන් වටේ ඉන්න උන්ට ඕනේ මේකෙන් කුණු රසයක් විඳින්න විතරයි. නැතුව උඹලගේ ප්‍රශ්නේ විසදෙනවා දකින්න උන්ට ඕනේ නැහැ..

      Delete
    5. අභීත,

      මම එහෙම උඹ වගේ තමංගෙම එකට කාපු යාළුවගෙ ගෑණිට කැත කතා කියල ඇනෝ කමෙන්ට් දාන, නිර්නාමිකව එක එකාට මඩ ගහන ජරා ඌරෙක් නෙමෙයි. මට කියන්න තිබ්බ දේ සඳරුගෙ බ්ලොග් එකේ මගේ නමින්ම කියල ඇති.


      සහන්,

      මම මේක ගැන ප්‍රසිද්ධියෙ කතා නොකලනම් තව බරගානක් මම වැටුන වලේ මෙලහකටත් වැටිල. එහෙම නැතුව කාවත් චූන් කරන්න මට මේ කතා කියන්න ඕනෙ නැහැ.අනික උඹ අභීත ගැන දරණ් මතය උඹෙ අයිතිය. ඒත් හිතල බලහන් අභීතගෙයි, සක්විතිගෙයි, මරාගෙයි තියෙන වෙනස මොකද්ද කියල? අරුන් ලොකු ගානක් ගහපු එක සහ මූ ටිකක් වංචා කරපු එකද?

      Delete
    6. උඹේ පෝස්ට් එකෙන් පස්සේ මම බ්ලොග් කාරයොත් එක්ක ගනුදෙනු කරලා නෑ කියලා උඹ හිතනවනම් උඹ එහෙමම හිතපන් මචන්.. ඒකෙ කිසි අවුලක් නෑ.. ඔය හීනේ සුන්දරයි නම් උඹ ඒ හීනේ ජීවත් වෙයන් මචන්...

      මම ඇනෝ දානව කියලා උඹ හිතනවා.. උඹ කියනවා.. එච්චරයි.. උඹේ තව යාලුවෙකුත් හිතනවා මම ඇනෝ දානවා කියලා.. එයාත් වටේට කියනවා.. මිනිස්සු හිතලා නිකන් හිතලා කියන කතා වලට මට උත්තර දෙන්න අවශ්‍යතාවක් නෑනේ.. සහන්ට හෝ වෙන කෙනෙකුට වගේම උඹටත් මම ගැන ඕන විදිහකට හිතන්න පුළුවනි.. වෙන ඕන කෙනෙකුටත්, වෙන ඕන විදිහකට හිතන්න පුළුවනි.. එච්චරයි... ඒවා සාපේක්ශයි...

      මම කිව්වෙත් උඹ නමින් දාපු කමෙන්ට් ගැන තමයි...

      Delete

    7. @ ඉන්දික

      \\\උඹ අභීත ගැන දරණ් මතය උඹෙ අයිතිය.\\\\

      මට මචන් උඹ එක්ක අවුලකුත් නැහැ අභීත එක්ක අවුලකුත් නැහැ.මම කියන්නේ උඹලා දෙන්නගේ ප්‍රශ්නෙන් කුණු රසයක් ගන්න ලොකු පිරිසක් ඉන්නවා.එහෙම නැතුව මම අභීතව සුද්ද කරනවා කියලා හිතන්න එපා ..

      \\\\ඒත් හිතල බලහන් අභීතගෙයි, සක්විතිගෙයි, මරාගෙයි තියෙන වෙනස මොකද්ද කියල? අරුන් ලොකු ගානක් ගහපු එක සහ මූ ටිකක් වංචා කරපු එකද? \\\\

      මෙහෙමයි මචන් අභීත සිතාමතා උඹට වංචාවක් කරලා තියේ නම් ඒක පැහැදිළිවම වැරදියි.. ඒත් උඹ දන්නවද අභීතට පුළුවන් " අභීත එදිරිසිංහ වන මට -------- දරණ පුදගලයා -------- ස්ථානයේදී පුද්ගලික අපහාසයක් කර ඇති බැවින් ඊට එරෙහිව වන්දි ඉල්ලා සිටිමි " කියලා ඉදිරි පියවර ගන්න.. බැරි වෙලා හරි නඩුවෙන් අභීත දින්නොත් මොකද කරන්නේ ...?

      අන්න ඒකයි මම කියන්නේ මේවා විසදගන්න ඕනේ කල්පනාවෙන්.උඹ හම්බකරපු දෙයක් නැති වෙලා තියේ නම් දැනෙන දුක මට තේරෙනවා.ඒත් මේවා කොහෙන් කොහෙට කැරකේවිද කියන්න බැහැ.. දක්ෂ ලෝයර් කෙනෙක් හිටියොත් ඒ පැත්ත තමයි දිනන්නේ ( යුක්තිය සදාරණත්වය මොකක් උනත් ) ..

      Note : මම කතා කරපු විදිහෙන් හිතන්න එපා මම අභීතට සපෝර්ට් හරි ඉන්දිකට සපෝර්ට් හරි කියලා. මගේ ජීවිතේට මම උඹලා දෙන්නගෙන් එක්කෙනෙක් එක්ක වත් කතා කරලා නැහැ මේල් එහෙකින් වත් .. මම කියන්නේ උඹලා දෙන්නා මේ ප්‍රශ්නේ විසඳගන්න බලන්න. විසඳගන්න බැරි තත්වයක් තියේ නම් තව තව උඩු දුවන්න දෙන්න එපා.. අන්තිමට ජීවිත නැති වෙන තැනටම ආවොත් වැඩක් තියේද ..?

      Delete
    8. දැන් උඹ කියන විදිහටම "මීමුරේයි, ව්‍යාපාරයයි දෙකම එක විදිහට පිළිවෙළකට දුවන නිසා " රුපියල් 1000 ගානෙවත් ඕක ටික ටික ගෙවපන් කො.

      උඹ එහෙම ගෙවන්න උත්සහවත් කලොත් එක උඹල දෙන්නගෙම හිත් වලට හොඳ වෙයි.

      එතකොට උඹලව පාවිච්චි කරල එක එකා කොමෙන්ට් වලින් කුණු අතල් ගන්න එකත් නවතී.

      දැන් උනත් උඹේ මෙලෝ රහකට නැති පෝස්ට් එකක් කියවනවට වඩා මේකට හිට් එන්නෙ උඹල දෙන්න ඇරගෙන තියන හැටි බලන්න.

      යකෝ ණයක් ගත්තහම එක ගෙවන්න ට්‍රයි කරපං.

      නිකමට හිතපං ඉන්දික උඹට සල්ලි දුන්නේ මොන _කේ අමාරුවට ද කියල. උඹල දෙන්නගේ අතර අපි නොදන්න මොන ප්‍රශ්න තිබුනත් උඹේ මේන් ටාර්ගට් එක වෙන්න ඕන ඔය සල්ලි ටික ගෙවන එක.

      උඹ කුණු විදිහට හිතන එකෙක් නෙමේ නම්, උඹ මේක උඹේ හිතින් කොහොම ද සාධාරණීකරණය කරගෙන ඉන්නෙ?

      ඌ උඹට බ්ලොග් පොස්ට් එකකින් ඇරිය කියල ද?

      දෙයක් ගත්තොත් ඒක ගෙවන්නම වෙනව... එක ස්වභාවධර්මයෙ මුලිකම නීතියක්. උඹට උනත් ඒක මග ඇරල යන්න අමාරු දවසක් එනව. එදාට උඹට හිතෙයි මොන තරම් ලේසියෙන් විසඳගන්න තිබුණු දෙයක් ද ඇදගෙන නෑවේ කියල.

      Delete
    9. සල්ලි ගෙවනවද නැද්ද කියලා සහ මම ඒ සම්භන්ධයෙන් ද්ක්වන ප්‍රතිචාරය මමත් එක්ක ඉන්න බ්ලොග් යාලුවෝ වගේම බස් රේඩියෝ එකේ මා ආ මඟ අහපු හැමෝම දන්නවා.. ඒ ගෙවීම කොහොමද වෙන්නේ කියලත් දන්නවා.. එච්චරයි..

      Delete
    10. ඒක නොදන්න මා වගේ පිරිස වෙනුවෙන් ඒ කතාව කිව්වොත් නරකද? අභීතව අපහසුවට පත් කරන්න නෙවෙයි මේ අහන්නේ. අභීත හා ඉන්දික දෙදෙනාම නොදන්නා අපට හරියට මේ කතාව අග පිටු ටික ඉරුණු රහස් පරීක්ෂක කතාවක් වගේ. ඇත්තටම වුණේ මොකද හොයා ගන්නකල් නින්ද යන්නෙ නෑ. ඒක දැනටමත් ප්‍රසිද්ධියේ කියපු දෙයක් නම්, කියන්න පුළුවන් දෙයක් නම් ඇයි කියන්නේ නැත්තෙ?

      Delete
  18. සිරාවටම අභීතයියෙ අද ඇනෝ කමෙන්ට් සෑහෙන්ඩ අඩුයි :)

    ReplyDelete
    Replies
    1. ආපු ඒවා ඔක්කොම පබ්ලිශ් කලා මචන්.. ඉදිරියටත් කරනවා... කුණුහරප නැත්නම්...

      Delete
  19. සිංහල බ්ලොග් ලොකේ වෙනස් නොවී එදා වගේම තිබුණා නම් ඇති වැඩේ මොකක්ද? එහෙම නං හුඟ දෙනෙක් මේක දාලා ගිහිල්ලා.

    එදා ගැන විංජිං කර කර, එදා අද සංසන්දනය කර කර ඉන්න එක මහා මෝඩකමක් කියලයි මට හිතෙන්නේ!

    අපිට ඕනෑ ගලා යන ගඟක්. එකතැන පල්වෙන මඩ වගුරක් නොවෙයි!

    ReplyDelete
    Replies
    1. කකා මම කියන්නේ එදා වගේ තියෙන ඕන කියලා නෙමෙයි.. මේකේ ටිකක් ගෝ එකක් තියෙන්න ඕන කියලා.. පොඩ්ඩක් ඉන්නකෝ තව දවස් හතරක් පහක්... :D :D :D

      Delete
  20. අභීත.......මට හිතෙන්නේ බ්ලොග්ස් තුල සාකච්ඡාමය ස්වරූපය අඩුයි කියලා. වැදගැම්මකට නැති රන්ඩු සරුවල් සහ පිටකසා ගැනීම්. පෝස්ට් එක ලියණ කෙනා යම්කිසි අදහසක් උලුප්පා ගන්න දරණ උත්සාහයට මතවාදීව එකතු වෙන අදහස් අල්පයි..කල්ලි ගැසුණු ස්වරූපයක් පේනවා. මම බ්ලොග් ලෝකේ කිසිම කෙනෙක්ව පෞද්ගලිකව දන්නේ නැහැ. ඒකම වාසියක් වෙනවා ස්වාධීනව අදහස් දක්වන්න.මම හිතන්නේ ගොඩාක් අය අනිත් අයගේ ප්‍රොෆයිල් එකට අනුව තමයි අදහස් ඉදිරිපත් කරන්නේ. මම නම් කිසිම කෙනෙකුගේ ඉලවු ප්‍රොෆයිල් එක බලන්නෙවත් නැහැ සහතිකෙන්ම.ගොඩක් ඇනෝ කමෙන්ට්ස් බ්ලොගර් කෙනෙක්ගේ කමෙන්ට්ස් වලට වඩා ඉහලින් තියෙනවා කියල මට හිතෙනවා.

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...