බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Monday, November 25, 2013
ඉස්කෝලෙදි බත් එක කාපු හැටි මතක අය ඉන්නවද?
මට මේක ලියන්න මතක් වුනේ හර්ශන මල්ලිගේ පෝස්ට් එකක් කියවමින් ඉද්දි... පාසැල් කාලය ගැන මම ගොඩාක් ලිව්වත් අමතක වෙලා තිබ්බ එක සීරීස් එකක් තමයි අපි ඉස්කෝලෙදි බත් කාපු හැටි.. කියවන හැම කෙනාටම පොදු හින්දද කොහෙද මේක ගැන ලියවෙලාම නැති තරම්.. ඒත් මේක හරිම සුන්දර මාතෘකාවක්.. බත් පතට පොර කාපු නැති කවුරුත් බ්ලොග් අවකාශෙ ඉන්නවද කියලත් මට සැකයි...
එක වසරෙ ඉදන් පහ වසරට එනකන් මේ මාතෘකාවෙදි අපි හරිම විනීතයි.. අම්මලා ගෙදරින් ගෙනත් දෙන බත් පැකට් එක කාලා ඒක අයෙත් ඔතාගෙන ගෙදර ගියා.. පහ වසරෙන් පස්සෙ බාලදක්ෂ, පැසි පන්දු වගේ ඒවා නිසා ටිකක් අසංවර වුනාට ලොකු බලපෑමක් උනේ නෑ.. 9 හා 10 වසරට එද්දි මතකද අපි පන්තියේ අනිත් උන්ගේ කෑම එකට එබුනා අපි කන්න කැමති කෑම තියෙනවද බලන්න.. හාල් මැස්සෝ කන්න කොච්චර කැමති වුනාද කියනවානම් මට හාල් මැස්සා කියලා කාඩ් එකකුත් වැටුනා ඒ කාලේ.. අන්තිමට මොකෙක් හරි හාල්මැස්සෝ ගෙනාවොත් මට ගෙනත් දෙන ප්‍රවනාතාවකුත් ඇති වුනා.. අප්ප.. 11 වසර.. ඒ ගැනනම් කතා කරලා වැඩක් නෑ.. තත්ත්වේ වඩා බර පතල වුනේ උසස් පෙළදි.. කතා එනවා මතකෙට හෝ ගාලා.. ඒකෙන් කිහිපයක් තෝරා ගන්න එක තරම් අමාරු වැඩක්.. මතකෙට එන පිළිවෙලට ඔන්න ලියනවා ඔන මල ඉලව්වක් කියලා...
ඉස්සර, ඒ කියන්නේ 10,11 වසරෙදි මගේ බත් එක පන්තියේ තිබ්බ හොඳමබත් කිහිපයට අයත් වෙච්ච එකක්.. බාලදක්ශ කාමරයට, ශිෂ්‍ය භට කාමරයට ගිහින් එන පමාවට ඒක අතුරුදන් වෙලා තිබ්බා.. හප්පා.. බත් එක නෑ කියලා දැනෙනකොට පනින මල ගැන නම් කියලා වැඩක් නෑ.. අම්මත් ඉස්කෝලෙම හිටපු නිසා වැඩි කල් නොගොස්ම විකල්පයක් හොයා ගත්තා,, ඉන්ටවල් එකට ගිහින් අම්මගෙන් බත් එක අරන් ඇවිත් කනවා.. එතකොට බත් එක ආරක්ෂා වෙනවනේ.. දවසක් ඉන්ටවල් දෙනකොට මම බාලදක්ෂ කාමරේ.. එතන ඉඳන් ගුරු විවේකාගාරෙට එන්න මට පොඩි වෙලාවක් ගත වුනා.. මේ මමයි අම්මයි අතරේ වුන දෙබස..
මැඩම්.. බත් එක... (ඉස්කෝලෙදි මම අම්මට කතා කලේ මැඩම් කියලා.. )
එක අරන් ගියානේ කමල්..
ඈ.....?
ඔයා ස්කවුට් රූම් එකේ ඉන්නව කියලා බත් එක අරන් එන්න කියලා කිව්ව
දැන් ඉතින් මොකේදැයි දන්වලදන්නේ.. අරූව පාවලා දෙන්නත් බෑනේ..
අහ්.. මට අමතක වුනා මැඩම්.. මම එතනට ගිහින් බලන්නම්...
මම කෙලින්ම ගියේ පන්තියට.. ඔය කට්ටිය වට වෙලා දෙන්නේ අපූරුවට.. මම පන්තියෙන් ඇතුලට යනවා දැක්ක ගමන් අවදි වුනේ කමල් ගේ කට..
මචන්, උඹ පරක්කු වෙන නිසා මම ගිහින් උඹලගේ අම්මගෙන් කෑම එක අරන් ආවා.. උඹටත් ඕනනම් ඉක්මනට වරෙන්.. තව එක කටක් ඉතුරුයි..
අනේ උඹේ.. $%^#&##***#... මම ආපහු හැරිලා කැන්ටින් එකට ගියා..
මහේශ්.. (ලොම්බා..) අපේ උසස්පෙළ පන්තියේ හිටපු සිරාම චරිතයක්.. ඒ ලෙවල් කරද්දි අපි බත් ගෙනාවෙම නෑ.. ඒත් මූ විතරක් ගේනවා.. මූට බත් එක පරිස්සම් කරන්න වෙන්නේ ඉතාමත් කලාතුරකින් දවසක.. හැබැයි අනිවා බිත්තරයක් තියෙනවා.. මේකට විසදුමක් නැති තැන මූ පොඩි බෑග් එකක දාගෙන ඌ යන යන තැන අරන් යනවා.. කන වෙලාව වෙද්දි කොල්ලෝ ටික උගේ පස්සෙන් කඨින පෙරහැර වගේ.. දැන් මේකත් මූට අරිම වදයක්.. බත් එක දිග ඇරපු ගමන් අත් දහයක් විතර එනවා.. කලින්ම අත දාපු එකා බිත්තරේටමයි ශොට් එක දෙන්නේ..
මේකට පිළියමක් විදිහට මූ කලේ බත් එක ඇරපු ගමන් බිත්තරේ අරගෙන කට ඇතුලට දාලා ආපහු එළියෙන් තියන එක.. එකෙක්වත් බිත්තරේට අත දාන්නේ නෑ.. අපේ උන්ට ඉතින් මලේ උපරිම ඒ වෙලාවට...
එදත් සුපුරුදු පරිදි ලොම්බා බිත්තරේ කටේ දාලා ආපහු තිබ්බා.... මලේ උපරිම හිටපු කෝට්ටයා කලේ ඒ බිත්තරේ අරගෙන ඌත් කටේ දාලා පැත්තකින් තියපු එක...
ඔන්න ඕකෙන් පස්සෙ තමයි අපේ පන්තියේ තිබ්බ අන්තිම කෑම පර්සලෙත් අපට අහිමි වුනේ...
ප.ලි. මට හිතෙන්නේ මේ කෑම පිළිබඳ අත්දැකීම් බොහොම දෙනෙකුට ඇති... කමෙන්ට් වැටෙයි මම හිතන්නේ ඒ ගැන කියලා...
ප.ප.ලි : ඇනෝ ඩිසේබල් කලා.. දැන් ගහපල්ලකෝ පිනුම්..... :D :D :D
Subscribe to:
Post Comments (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
ඔය අනුන්ගෙන් ණයට කන, එහෙමත් නැත්නම් හොරට කන පුරුද්ද සමහරුන්ට ඉස්කෝලෙන් අස්වෙලා අවුරුදු ගානකට පස්සෙත් අත ඇරගන්න බෑ.
ReplyDeleteකෑමද කතා කරන්න එපා.... බත් එක දිගාරිනව විතරයි දකින්නෙ... අන්තිමට බලද්දි කොලේවත් හොයාගන්න බෑ....
ReplyDeleteබාලදක්ෂ කාමරේට ගිහින් එනකොට කෑම එකේ බිත්තරේ අතුරුදන් වෙන එක නම් හැමෝටම පොදු දෙයක් වගේ :v
ReplyDeleteඅපි A/L කරන කාලෙත් ඔය ටිකම තමයි.. හැබැයි ඉතින් කොල්ලන්ගේ කෑම නම් හොරෙන් කාවේ නැහැ... එත් ඉතින් කෙල්ලන්ගේ කෑම ටිකට නම් Sorry කළා...
ReplyDeleteකැම්පස් එකෙත් එහෙමයි!!! ආයේ ගෙදරින් කෑම එකක් එනවා කියන්නේ දිව්‍යලෝකෙන් අමුර්තේ ආවා වගේ තමා!
ReplyDeleteමම ජීවීතේට ඉස්කෝලේ යන කාලේ බත් කාලා නෑ.. ඔන්ලි කිරි බත්. ඉස්කෝලේ කිරි බත් නෑ නේ. මගුල් ගෙවල් වල ගියත් බත් කෑවේ නෑ. මගින් පාන් ගෙඩියක් අරගෙන ගියේ.
ReplyDeleteඅප්ප එ කාලේ තමයි මරු කාලේ
ReplyDeleteඔය සගිස්කෘතිය ඉස්කෝල වලින් ගන්න පුළුවන් හොදම ඒවගෙන් එකක්.සුන්දරම කාලය ජිවිතේ . . .
ReplyDeleteඇයි පන්තියෙ උගන්නද්දි බත් කාපු හැටි...
ReplyDeleteඅපේ ඉස්කෝලෙ හැන්ද ගෑරුප්පුව භාවිතය අනිවාර්යයි. අතින් කෑම තහනම්. ඉතින් පන්තියෙ මිස් උගන්නද්දි අපූරූවට අනපු බත් එක තියන කෑම පෙට්ටිය හැන්දත් එක්ක කණ්ඩායම වටේ යනව. ඉන්ටවල් වෙද්දි කන්න බත් ඉතුරු වෙන්නෙ කලාතුරකින්. ඉස්කෝලෙදි බත් කාපු අත්දැකීම් නං පෝස්ට් 10ක් වුනත් ලියන්න පුළුවන්. ඒ තරං අපි එක්ස්පර්ට්ලා..
අපි කොච්චර කෑමට විතරක් අවධානේ දුන්නද කිව්වොත් අපි සෙට් එකට අනිත් ළමයි කිව්වෙ "බඩජාරි සංගමේ" කියලා.බිත්තරේ කටේ දැම්මා කියලා නොකා ඉන්න කෙනෙක්නම් හොයා ගන්න අමාරුයි අපේ අයගේ ඉතින්.
ReplyDeleteහැම දාම අම්මා අර නොලිමිට් බෑග් එකට දාගෙන යන්න පුලුවන් සයිස් බත් එකක් තමයි දෙන්නේ. ඒකත් දකින්නේ දිග අරිනවා විතරයි. පාසල් කාලේ තරම් සුන්දර කාලයක් කැම්පස් කාලේවත් නෑ.අතීතේ මතක් කරාට ස්තූතියි.