
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Saturday, November 30, 2013
ඔබේ බිරිඳත් ඔබ බොනවට අකමැතිද? මෙන්න මෙහෙම වෙලා තියෙනවද?
මේකට තියෙන්නේ ඉතා සරල උත්තරයක්..
කොයි බිරිඳද තමන්ගේ මිනිහා බොනවට කැමති..
ඉතින් බීලා ආපු දවසට ගෙදර තියෙන අඬහැරවල නිමක් නෑ ගොඩාක් ස්වාමිපුරුශයන්ට.. ගොඩාක් ස්වාමි පුරුෂයෝ බිරිඳගේ චුරු චුරුව අහන්න බැරි නිසාම කසාඳ බැන්ද ගමන් බීම නවත්තනවා... ඇයි බොන එක නැවැත්තුවේ කියලා බිරිඳ අහපුහාම...
"ඔයාට තියෙන ආදරේට අනේ මම බොන එක නැවැත්තුවේ.."
කියලා තව ලකුණකුත් දාගන්නවා.. ඔන්න ඔහොමයි රටේ තත්වේ... බීපු ස්වාමි පුරුශයොයි නොබීපු බිරිඳයි අතර ඇති වෙන නොහොඳ නෝක්කඩු ගොඩාක් සාමන්‍ය සිදුවීමක්.. ඔය දේ මටත් පොදුයි.. ඒත් මම ඉතා කලාතුරකින් මත්පැන් පානය කරන ගොඩට අයිති වෙන නිසා, එච්චර නෙවෙයි කොහොමත් අවුලක් වෙලා නෑ තවම...
අද ඉතින් කියන්න යන්නේ ඒ වගේ සිදුවීම් කිහිපයක්.. අද මේ කතාවේ ප්‍රධාන චරිත තුන හමුවෙලා සොඳුරු මොහොතක් ගත කල නිසා මේ අතීත සිද්ධි මතක් උනා.. වටේ නොයා පඳුරු නොතලා කථාවට යමු නේද?
ධනායි මායි සමුද්‍රයි කියන්නේ පාසැල් කාලයේ ඉඳලම යාළුවෝ.. එක ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිටීම නිසා ඒ බැඳීම දෙගුන තෙගුන වුනා.. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෝ වෙද්දි, ධනෙයා ප්‍රධාන ශිෂ්‍ය නායකයා වුනා.. ඉතින් ඌ යටතේ අපිත් වැඩ කරගෙන ගියා.. මේ ටික සහ ඉදිරියේ ටික මම කියන්නේ අපි තුන්දෙනා ගැන කියවන ඔයාලට වටහා ගැනීම පිණිස.. ධනෙයා අපි ගන්න ආතල්ම ගත්තේ හරිම මොලේ ඇති විදිහට.. ඌත් කරන්න තියෙන ඔක්කොම නොසන්ඩාලකම් ටික කලා.. ඒත් කවදාවත් මාට්ටු වුනේ නෑ.. සමුවයි මමයි එහෙම නෑ.. උපරිම ආතල් අරගෙන හත්පොලේ ගා ගෙන තමයි වැඩ කලේ.. මොනව වුනත්, වෙන්න තිබ්බත් අපිට ඒකේ වගක් තිබ්බේ නෑ.. අද ධනෙයා රජයේ ප්‍රධාන බැංකුවක නීතිමය පැත්තේ ටිකක් තදයෙක්.. සමුද්‍ර පුද්ගලික ආයතනයක විධායක නිළධාරියෙක්.. මම ගැන ඉතින් ඔයාල දන්නවනේ.. පාසැල් ජීවිතෙන් පස්සේ අපි තුන් දෙනාම එක බෝඩිමේ හිටියේ.. එකම කාලෙක විවාහ උනේ.. ඒත් අද මුණ ගැහුනේ අවුරුදු 2කට විතර පස්සේ.. හරි දැන් කථාව..
අපි තුන් දෙනා එකට ඉන්නකොට පොඩි මධුවිතකින් දෙතොල තෙමන්න අපි අමතක කලේ නෑ.. විවාහයෙන් පස්සේ උනත් අපි ඒ පුරුද්ද අත ඇරියේ නෑ.. මමයි රන්ජුයි විවාහයෙන් පස්සේ පුංචි ඇනෙක්ස් එකක පදිංචි වුනා.. මට කලින් ධනෙයා විවාහ වෙලා හිටියේ.. ඉතින් මමයි රංජුයි කතා වුනා මුන් ටිකට පොඩි සාදයක් පවත්වන්න අපේ ඇනෙක්ස් එකේ.. සාදයට පස් දෙනයි.. කෑම බීම අපිත් ගොඩාක් ගෙනත් තිබ්බා.. මුන් තුන් දෙනත් තව ගෙනත් තිබ්බා.. ඊට අමතරව මුන් දෙන්නා අපි ප්‍රියකරනම වර්ගයේ මත් පැන් බෝතලේකුත් අරගෙන ආවා.. එයාලට බැරි වෙලාවත් බැරි වුනොත් කියලා, මමත් ඒ වර්ගෙන්ම භාගයක් ගෙනත් තිබ්බේ.. දැන් සාදය යනවා.. නොයෙකුත් විහිළු තහළු, අනාගත ජීවිත සැලසුම්, මඩ ගහ ගැනීම් ආදී විවිධ මාතෘකා ඔස්සේ කථාව යද්දි කෑම වර්ගත් එක එක මේසෙට ආවා.. නිසි වෙලාව එද්දි අර බෝතලෙත් ආව අනෙක් විච්චූරණ ටිකත් එක්ක... ධනෙයගේ බිරිඳගේ මූණ ඇබුල් වුනත් අපට විරුද්ධ වෙලා තේරුමක් නැති නිසා කට පියාගෙන හිටියා ඔන්න ඔහේ... බෝතලේ භාගේ සීමාව පනිද්දි ඔන්න ධනෙයගේ බිරිඳගේ කමෙන්ට් ටික ටික මතු වෙනවා...
මේ ඇති නේද දැන් බීවා....
දැන් නම් මෙයාලට හොඳටම වෙරි වගේ.. නේද රංජුලා...
ඔහොම බොන්න එපා මනුස්සයෝ...
අපි තුන් දෙනාගේ කටවලුත් ටිකක් හොඳ නිසා උන්ඩ ටික වලකාගෙන බෝතලේම හිස් වුනා... මේ ඊට පස්සේ අපේ වචන...
අභියා.. මදි වගේ නේද?
තව භාගයක් නම් තියෙනවා.. ඔන්න ඔහෙ එකත් ගහමුද?
අනේ ගෙනෙන් බන්.. මොකෝ අපි හැමදාම බොනවයැ..?
හිටහන් මන් අරන් එන්නම්..
ඒ එක්කම ධනෙයගේ බිරිඳගේ කට...
මේ බීවා ඇති දැන් ඔයාලා...
මොකටද ඔහොම බොන්නේ...
ඔය බීපු ටික ඇතිනේ....
වැඩේ ටිකක් නැගලා යනවා... මම කොහොම හරි භාගේ ගෙනත් තිබ්බා මේසේ උඩින්... තිබ්බ ගමන් ධනෙයගේ බිරිඳ ඒක උදුරගෙන දිව්ව කුස්සියට...
අපි ඉතින් සීරියස් ගත්තෙ නෑ...
ඒත් පරක්කුයි කියලා දැනෙද්දි අපිත් දිව්ව මොකද මේ කරන්නේ බලන්න.. අපේ පපුව සීතල වෙලා ගියා දැක්ක දසුනට.. අනේ අර භාගේ හච හච ගාලා මෙයා සින්ක් එකට හලනවා... අයියෝ සල්ලි කියලා හිතුනා.. ඒ වෙලාවේ නිකන් දුකයි වගේ දැනුනත් මදි නොවුන නිසයි හලපු එකත් සාධාරන නිසත් අපි ඒක විහිලුවෙන්ම අමතක කරලා දැම්මා..
අද මුණ ගැහුනම ධනෙයා අළුත් ආරන්චියක් කීවා..
මම බොන එක නැවැත්තුවා මචන්... දැන් අවුරුද්දක් විතර ඇති..
මගෙයි සමුවගෙයි දෙන්නගෙම කටින් එක පාරටම පැන්නේ එකම වාක්‍යයක්..
ඔව් ඉතින් සල්ලි දීලා ගෙනත් සින්ක් එකට හලනවට වඩා ඒක හොඳයි මචන්...
ධනෙයගේ බිරින්ඳගේ මූන ලැජ්ජවෙන් පිරෙනවා මම ඇහේ කොනින් දැක්කා...
දෙවෙනි කථාවට ඉඩ මදි වගේ... ඒක දාන්නම් පස්සේ.. තව දවස් දෙකක් දෙන්නකො....
ප.ලි. :ඔය උඩ පින්තූරේ තියෙන්නේ අපි ඒ කාලෙ ආසම බ්‍රෑන්ඩ් එක තමයි...
Subscribe to:
Post Comments (Atom)
රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....
අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...

-
මගේ කතාව...... අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු ස...
-
විමල් වීරවංශ සහ උදය ප්‍රභාත් ගම්මන්පිල වෙත ලියමි. ඔබලාගේ වචනයෙන්ම කියනවානම්, රටක සිදුකෙරෙන විදේශ කුමණ්ත්‍රණකාරී අර්බුධයක් දඩමීමා කරගෙන සියල්...
-
මචන්, මේ ලියන මම ද, අරගල වලට ආදරය කරන මිනිහෙක්. මහ පොලවේ සටන්, අර ගල, විප්ලව මේ සියල්ලම දේශපාලනික කාරණා වුවද, සෑම තරුණ තරුණියක්ම රට වෙනුවෙන්...
පලි-එතකොට දැන් බ්‍රෑන්ඩ් එක?
ReplyDeleteදැන්නම් අහුවෙන එකක් ගහනවා.... ඒත් වැඩි කැමැත්ත ඇබ්සින්ත් වලට..
Deleteඋඹ නං නොම්මර එකේ බිස්නස් කාරයම තමා.. යකෝ කතාවේ හොදම තැන නවත්තලා තව දවසක බලන්න කියනවා....
ReplyDeletehttp://tikakhinawenna.blogspot.com/2011/09/blog-post_12.html?showComment=1316269066584#c1324523819198833848 මේ කමෙන්ට් එක බලලා එන්න නලීන්.. මේවා අද ඊයෙක කට්ටිය කියපුවා නෙවෙයි..
Deleteමත් නම් එහෙම චුරු චුරු ගාන කාලයක් තිබුනා අභියා ඒත් දැන් නෑ ...දැන් මම බීලා මලත් වගේ වගක් නෑ ..
ReplyDeleteඒ උනාට උඹ බීලා මැරෙන්න එපා.. උඹ උඹේ අගේ දන්නේ නෑ තවම....
Deleteමම නං එහෙම ගෑනු අය එන දවසට ගේන්නෙ බියර් එකක් දෙකක් විතරයි බං..
ReplyDeleteමොකෝ පහුවදාට අපේ එකා පව් නිසා . උගෙ රෙස්පෙක්ට් එකත් බේරෙනවනෙ එතකොට..ඒ ගැනත් හිතන්නෙපැයි .ඌ පව්නෙ !
තමන්නේ මචන් තමන්ගේ ගානට බොන්න දැන ගන්න ඕනේ...
Deleteඒත් මම ඉතා කලාතුරකින් මත්පැන් පානය කරන ගොඩට අයිති >නිසා, එච්චර නෙවෙයි කොහොමත් අවුලක් වෙලා නෑ තවම...
ReplyDeleteඋඹ කොච්චර නම් බොරු කාරයෙක්ද කියලා මේ කතාවෙන්ම තේරෙනවා....!
මම වැඩිම උනොත් සතියට දවස් හතයි බොන්නේ බොල.. ඒකත් මහ ලොකු ගානක්ද? ගිහින් බ්ලොග් එක ලියහන් අයියේ.. අන්න ඒක මකුලුදැල් දූවිලි තියෙන ඔක්කොම බැඳිලා....
Deleteඅපොයි මටත් ඉන්නව ඔයවගෙ බොක්කක්.රජයෙ පරිපාලන තනතුරක් දැරුවට මිනිහ පාලනෙ වෙන්නෙ වලලු අතෙන්.බිවුවොත් බොන්නෙ වැඩ ඇරිල ගෙදර යන ගමන් විතරයි.එත් නොතෙරෙන ගානට විතරයි.අවුරුද්දට යාලුවො සෙට් එකට අපෙ ගෙදර දෙන පාටියටත් එන්න බැරි සයිස් එකක් තියෙන්නෙ.
ReplyDeleteමට මතක් උනේඅ අපේම අපේ බ්ලොග් කාරයෙක්ව.. දෙවෙනි කථාවට අනිවා ඒක දානවා....
Deleteඅපේ හාමිනේ නම් බොනවට මුකුත් කියන්නේ නෑ. ඒ මොකෝ බිව්වම මම තවත් ආතල්..
ReplyDeleteබුදු තාත්තේ බොන්න එපා... (මට මදිවෙයි... ඒ නිසා...)
උඹේ බීපු ආතල් වල තරම මම ඇති තරම් විඳලා තියෙනවා...
Deleteහයියෝ... සල්ලි දීලා ගෙනත් හලනවාට වඩා නම් ඒක හොඳයි :v
ReplyDeleteනැතුව ඉතින්.. හලන දිහා බලාගෙන දුක් විඳිනවට වඩා ඒක මොන තරම් සැපතක්ද?
Deleteඅපේ තාත්ත නං අපි පොඩි කාලෙ ඉදන්ම කන බොන මනුස්සය. පිරිමි ලමයෙක් නොහිටපු නිසා අපිට එයාගෙ බීම නවත්තන්න බැරි වුනා. ඒ වෙලාවට මං හිතා ගත්ත එකම දේ බොන මනුස්සයෙක්ව නං කවදාවත් බදින්නෙ නෑ කියන එක. බිව්වම ගෙදර ඇති වන ප්‍රශ්න කිසිම දෙයක් නැතුව අද මං සතුටින් පවුල් ජීවිතේ ගෙවනව. මට නං හිතෙන්නෙ එහෙම බිරිදක් වෙන්න වාසනාව තියෙන්න ඕන කියල.
ReplyDeleteදැං ඉතිං ඔය බ්ලොග් ලියන බොනපාට්ල ටිකට මට බනින්න පුළුවන්ලු ඈ... :)
සුරාවේ අගයත්..
Deleteඑහි ඇති මනා ගුණයත්...
බොන උතුමෝ මිසක්...
නොබොන අණුවන ගැහැණු නොදනිත්..... :D :D :D
ගෙදරින් පිටදි ගෑණි ඔහොම කරද්දි මිනිහට ඇතිවෙන තත්වෙ මොකක්ද අයියෝ :D
ReplyDeleteපොඩි කාලෙම දන්න උන් නිසා අවුලක් නෑනේ බන්.. වෙන තැනකදි ඔහොම කරන්නේ නෑ ඒ කෙලී කොහොමටවත්....
Deleteඅපිත් ඒ දවස් වල ටිකක් ගත්ත.කෙල්ලො හින්ද ඒකත් දැන් නැහැ.හැබැයි දැන් කෙල්ලොත් නැහැ.
ReplyDeleteආශික් 2 බලහන්.... :D
Deleteබැලුව බන්..වරදක් නැහැ..ටිකක් වදිනවා
Deleteමම නම් බොන්නෙ සතියෙ දවස් පහයි, සෙනසුරාදයි ඉරිදයි විතරයි. ඉතිරි දවස් වල කටේවත් තියන්නෙ නැහැ.
ReplyDeleteඒකනේ සාගර.. සතියේ තව දවස් කීයක් ඉතුරුද? බොන දවස් ටික විතරයි ගෑණුන්ට පේන්නේ...
Deleteඅන්න මචෝ කමෙන්ට සාගර ආයි කවද්ද සෙට් වෙන්නේ
Deleteඅපේ උන්දෑ මගේ ඩ්‍රින්ක් එකෙන් පොඩ්ඩක් ගහලා තමයි මට දෙන්නේ... වයින් නම් ග්ලාස් දෙකකටවත් වග කියනවා... හැබැයි සතියට දවස් දෙකක් විතර!
ReplyDeleteමේ වෙබ් සයිට් එකට ගිහින් තියෙනවද? නැත්නං පොඩ්ඩක් එබිලා බලන්ට! http://www.drinkaware.co.uk/
අන්න උන්දැලෑ...
Deleteහොද වෙලාවට අමධ්‍යප වුනේ කියලා හිතෙනවා..
ReplyDeleteපසු බැසීම උතුම් කාර්‍යයක් මචන්....
Deleteමාත් උඹ වාගේ ඉදලා හිටලා බොන එකා හන්දා හාමිනේගෙන් අවුලක් නැ , අනික බිව්වහම පාඩුවේ ඉන්න එකානේ
ReplyDeleteඅපි නොදන්න පාඩුවේ....
Deleteඅඩේ පට්ට පට පට....
ReplyDeleteපට පටස්...
Delete***ඒත් මම ඉතා කලාතුරකින් මත්පැන් පානය කරන ගොඩට අයිති වෙන නිසා*** ඒ ගොඩ කොහෙද තියෙන්නේ කියහන්කෝ මටත්.....
ReplyDelete***උපරිම ආතල් අරගෙන හත්පොලේ ගා ගෙන තමයි වැඩ කලේ*** දැන් කියලා වැඩි වෙනසක් නෑ නේ.....
දෙවෙනි එකනම් ලඟදි උඹ අත් වින්දනේ.... හයියෝ....
Deleteඊළඟ පාර කරනවා නම් වැඩක් තියෙනවා. ගානට ගැලපෙන්න කහට ටිකක් හදලා හිස් භාගෙකට පුරවලා, පලවෙනි එක ඉවර වුනහම ගෙනත් තියනවා. ඒ කිට්ටුවම නියම භාගේත් තියෙන්න ඕනේ. ඔන්න අරයා අරන් දිව්වම අරක මෙසේ උඩින් හරි යටින් හරි තියන්න පුළුවන්.
ReplyDeleteමනුස්සයෙක් බීමත් ඉවසන්න පුළුවන්, සිගැරට් දුම තමා එපාම කරපු එක. :/
ReplyDelete