Wednesday, November 24, 2010

කෝච්චි කතා වල අවසන් කතාව.... සෙට් වෙච්ච හැටි....


කෝච්චි කතා මාලාව අවසන් කරන්නයි යන්නෙ..... පළවෙනි කතාවෙදිම කිව්වනෙ අපි සෙට් වෙනවා කියලා මාසෙකට සැරයක් විතර මධු විතක් තොල ගාන්න..... ගොඩාක් වෙලාවට සෙට් වෙන්නෙ පොල්ගහවෙල තානායමට... මොකද ඒක තියෙන්නෙ පොල්ගහවෙල දුම්රිය ස්ථානයට අල්ලපු ඉඩමේ.... කොටුවෙන් 5.10 ට පිටත් වෙන පවර්සෙට් එකේ අපි ඇවිත් 6.40 විතර වෙද්දි පොල්ගහවෙලින් බැහැලා යනවා.... යනකොට සියළු ආම්පන්න රෙඩි වෙලා තියෙන්නෙ.. ආ.. ඒ කොහොමද කිව්වෙ නෑනෙ... අර දෙවෙනි කතාවෙ තියෙන්නෙ උදේ කෑ ගහන සීන් එකක්.... පොල්ගහවෙල තානායම ලගින් යද්දිත් අපි සමහර දවස්වලට දෙනවා අමුතු හූවක්.... (අර කෝපි කඩේ හූව..) ඒකෙන් තමයි තානායමේ කට්ටිය දැනගන්නෙ අපි හවස එනවා කියලා.... ආයෙත් කතාවට යමු.... අපිට හරියටම තියෙන්නෙ පැය එකයි විනාඩි විස්සයි... මොකද 5.50ට කොටුවෙන් පිටත් වෙන මහව කෝච්චිය පොල්ගහවෙලට එනවා 8.00 වෙද්දි... ඒකෙ තමයි ගෙදර එන්නෙ... ඉතිරි ඒවා අරගෙන මහව කෝච්චියේ ඉන්න යාලුවන්ටත් පොඩ්ඩක් අරගෙන තමයි අපි එන්නෙ... දැන් කියන්න යන්නෙ ඒ හා සම්බන්ධ සිද්ධි කීපයක්.....


මෙහෙම සෙට් වීම් වලදි ගොඩාක් වෙලාවට බයිට් වෙන්නෙ චින්තක මල්ලි.... කෝච්චි පෙට්ටි පහක විතර ආදර සම්බන්ධතා කිහිපයක් එකවර කිසි ගේමක් නැතිව කරගෙන ගිය සත්‍ය ප්‍රේම බෘංග රාජයෙක්... ඉතින් කට්ටිය අසිහියට එලඹෙන කොට මේ අහිංසකයව තමයි බයිට් එකට ගන්නේ.. ඒ මීට කලින් බීපු දවස්වල චින්තක ගෙදර ගියාම වෙච්ච දේ.... සමහර ඒවා ගොතපු ඒවා කියලයි මට හිතෙන්නෙ..ඒත් පළවෙනි කතාව නම් ඇත්ත එකක්..... ඔන්න කතා දෙක....

දවසක් මේ වගේ සෙට් වෙච්ච චින්තක මල්ලි යනවා ගෙදර... මහව කෝච්චියෙන් මිනිහ බහින්නෙ වැල්ලවින්.. එතන ඉදලා කිලෝ මීටර් දෙකක් විතර මිනිහා යන්නෙ පාගන බයිසිකලෙන්.... කොහොමත් මූ පොඩි එකා නිසා ඒ දවස්වල ගෙදරට හොරෙන් නෙ බොන්නෙ... ඉතින් ගෙදරට අහු වෙයි කියන බයෙන් තමයි නිතරම හැසිරෙන්නෙ.....ඉතින් ගෙදර ගේට්ටුව ගාවින් බැහැලා උනබට ගේට්ටුව තල්ලු කරලා ඇතුලට ඇවිත් ආයෙත් ගිහින් උනබට ගේට්ටුව වහලා ඉස්තෝප්පුව ගාවට බයිසිකලේ තල්ලු කරගෙන ඇවිත් එතනින් බයිසිකලේ උස්සලා ගේ ඇතුලින් තියලා දොර වහලා ගියාම තමයි දෙමවුපියෝ සැක හිතන්නෙ නැත්තේ... ටිකක් වැඩි වෙන සමහර දවසට ඔය පිලිවෙල අවුල් යනවා....


දවසක් ඉතින් අපේ චින්තක මල්ලි ගෙට ගොඩ වෙලා බයිසිකලේ එහෙම නවත්තලා සාලෙට ඇතුල් වෙන කොටම පොරගේ තාත්තා මෙහෙම ඇහුවලු කිව්වලු....


තෝව නම් ජීවිතේට හදන්න බෑ.... අදත් බීලා නේද ආවේ.....


නෑ තාත්තේ... බීලා නෑ.....


බීලා නෑ.... එහෙනම් මොකද වෙනදට තල්ලු කරන් එන බයිසිකලේ උඹ ගේට්ටුව ලග ඉදන් කරේ තියාගෙන ආවේ...


කොල්ලා පාඩුවේ කට වහගෙන ගේ ඇතුලට ගියාලු.....


දෙවෙනි කතාවත් චින්තක මල්ලි ගැනමයි.... මේ කියන දවසෙ මිනිහට කණ පැලෙන්න බීලා නෝන්ඩි නොවී ගේ ඇතුලට රිංගලා තමන්ගෙ පාඩුවේ නාලා කරලා ලාවට ගේ ඇතුලට එන්න පුළුවන් උනාලු.... ඊට පස්සෙ අපේ මලයට ඇහුනේ එයාගෙ අම්මා කතා කරන සද්දේ...


පොඩි පුතා... ඔන්න කෑම එක මේසෙ උඩ.. කාල නිදා ගන්න.....


මිනිහත් කෑම එක කාල පිගාන හෝදලා රැක් එකට දාලා පාඩුවෙ නිදාගෙන.....


පහුවදා උදේ අපේ චින්තක කොලුවා නැගිට්ටෙ අම්ම යක්ශාවෙශයෙන් කෑ ගහන සද්දෙට.. අම්ම මෙහෙම කියනවා පොරට ඇදේදිම ඇහුනා....


මේකා නම් කවද හරි අපේ මූනෙ දැලි ගානවා.... ඊයෙ රෑත් බීලා ඇවිත්... මූව හැදුවට වඩා හොදයි ගොන් වස්සෙක් හදා ගත්තානම්, අඩු ගානෙ ඌ මිදුලෙ තියෙන තණකොල ටික හරි කනවා...... අම්මා බනිනවා හිටු කියලා.....


මූත් පාඩුවෙ කුස්සිය පැත්තට ගියා.... හොරෙන් බලපු පොරට සීන් එක තේරිලා ඉක්මනට ඇදගෙන ගෙදරින් මාරු උනා... කලින් දවසෙ රෑ අම්මා රොටී හදලා තියෙන්නෙ.. රොටිය උඩට ලුනුමිරිසුයි පොලුයි දාපු අම්මා මේක මේසෙ උඩින් තියලා වහලා නිදා ගත්තා.... අන්තිමට උන දේ හිතා ගන්න පුලුවනිද?


කණ පැලෙන්න බීලා ආපු පුතන්ඩියා ලුනු මිරිසුයි පොලුයි කාල රොටිය හෝදලා රාක්කෙට දාල ගිහින් නිදා ගත්තා......


පහුවදා රොටිය දැකලා තමයි අම්මට මාරයා ආවේශ උනේ.....



  

18 comments:

  1. ටිකක් නෙමේ. ගොඩක් හිනාවෙලා ගියා.

    ReplyDelete
  2. නියම කතාවක් ෆන් තමායි.............

    ReplyDelete
  3. මං හිතුවේ පොර කැම එක ඇඳ උඩ තියලා මේසෙ උඩ නිදාගන්න ඇති කියලයි!

    ReplyDelete
  4. මං හිතුවා පිඟාන කාලා රොටිය හොදලා තිබ්බා කියලා....

    දෙවෙනි කතාව බයිට් කරන්න හදපු එකක් තමා...මොකද ඕක ඔයිට කලින් අහලා තිබ්බා මම.....

    ReplyDelete
  5. ඔය මහව කෝච්චියේ ගොඩක් සීන් තියෙනවා..කතා පොතක් එහෙමත් තියෙනවා.ටිකක් ආතල් සීන් එකක් තමයි එකෙත් තියෙන්නෙ

    ReplyDelete
  6. හික්ස්! නියම වැඩේ මචෝ වෙලා තියෙන්නෙ.එළකිරි!!!

    ReplyDelete
  7. Yako tho mewage katha thiyagenada kisimagathiyak nathi halmasso vali katha livve......

    ReplyDelete
  8. අනේ අෆ්ෆේ හෙමෙමත් කොල්ලෝ. මුන්ට තමා කොල්ලෝ කියන්නේ. සිරා කතාව. බ්ව්වම වයර් මාරු වනවා තමා. හීහ්...

    ReplyDelete
  9. බීපුවාම වෙන සෙල්ලම් ඔයින් ගියා මදැයි

    ReplyDelete
  10. බීම කොහොද අපි එතන

    නියමයි නියමයි මචෝ ගති කතාව ..එලටම හිනාගියා මාර ෆන් ..

    ජයවේවා !!

    ReplyDelete
  11. යකෝ ඌ බීල තියෙන්නේ අරක්කුද නැත්තම් වෙන මොනා හරිද... හිනා කාල නහිනවා

    ReplyDelete
  12. එල එල..

    මම හිතුවෙ බයිසිකලෙ ගෙට්‍ටුවගාව තියල උනබම්බුව ගෙට අරන් කියල...

    ReplyDelete
  13. මමත් අහලනම් තියෙන්ව.. ඒත් නියමයි!! හික්!! හික්!!

    ReplyDelete
  14. me roti katahwa nam mama kalin ahala tiyanawa :D

    ReplyDelete
  15. හිනා වෙලා පන යනවා.

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...