Tuesday, July 19, 2011

දෙනෝ දාහක් මැද අභීත පුතාට හතර දෙනෙක් වට කරගෙන නෙලයි...

ඔන්න කාලෙකට පස්සේ එක ලඟ දින දෙකක් පෝස්ට් දෙකක් දානවා... බ්ලොග් එක පටන් ගත්ත මුල් කාලෙම ලිව්වට පස්සේ එහෙම ලියවෙනවමද කොහෙද? ඊයේ ලිව්වනේ අසේල අයියා ගැන.. හැරෙන තැපෑලෙන් ඔය ඇවිත් තියෙන්නේ උත්තරේ මඩ බාල්දියකින්ම.. ඒත් මම නිහඬයි... මේ කතාවත් මතක් උනේ හදිස්සියෙන්...


සිද්ධිය උනේ මම විභාග දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාලේ.. උසස් පෙළ, සාමන්‍ය පෙළ තියෙන කාලෙට අපි ගෙදර එන්නේ නැති තරම්.... මේ කියන දවසෙ දවස් දෙකකට පස්සෙ මම ඕෆ් උනේ සෙනසුරාදා හවස 1ට විතර. නිදිමතයි මහන්සියයි නිසා මම මගේ පාඩුවේ ඉතා හෙමින් මගේ යතුරු පැදි බූම් එකත් පැදගෙන කම්මැලිකමේ ආවා.... තලවතුගොඩ හංදිය පහු වුනා විතරයි.... පිටිපස්සෙන් අඩෝ කිව්වා.....


පිටිපස්ස හැරිලා බලනකොට පස්සෙන් ආපු ත්‍රී රෝද රථයක් මගේ යතුරු පැදිය හැප්පුවා.... මම කණුවකුත් කඩාගෙන බයිසිකලෙත් පෙරලගෙන වැටෙන්න ගියෙ බොහොම පොඩි වෙලාවයි.... හෙල්මට් එක වම් අතට ගත්ත මම කවුද යකෝ කියාගෙන චණ්ඩියා වගේ නැගිට්ටා.... ත්‍රී වීල් එක පැත්තකින් නතර කරලා ඒකෙ රියැදුරු පිඹගෙන වේගෙන් මම ලඟට දුවගෙන එන හැටිත් පිටි පස්සෙ ඉඳගෙන හිටපු කොල්ලො තුන් දෙනාත් ඒ පස්සෙන් දුවගෙන එන හැටිත් මම දැක්ක.... මම හොඳට දෙකක් කියන්න හිතාගෙන ඉස්සරහට ගියා... රියදුරායි මායි අතරෙ ඇති වෙච්ච දෙබස මේ....


කවුද **** මේ බයික් එකේ ආවේ....


මම .... ඇයි මොකද? තමුසෙලාට පිස්සුද ඔහොම පාරෙ යන්න...


උබේ අම්මට ****** $%^&#& #&$%*%**#$# 


මෙන්න හතර දෙනා මට වට කරගෙන ගහනවා... ඒ අතරෙ මම කෑ ගහනවා..


යකෝ... තොපි හතරදෙනෙක් මට ගහන්නෙ චන්ඩිකමටද? ගහන්නේ ඇයි කියලා කියපියාව්....


එතකොටත් මට මුන් හොඳටම බීලා කියලා තේරිලා තිබ්බේ....


තෝ අපිට අරක මේක පෙන්නලා පැනලා යන්න හිතුවා මදි *** බල්ලා... තෝ දැනගනින්.. තෝ පෙන්නපු දේවල්වලට වඩා කුණු හරප අපි දන්නවා යකෝ...


මට තේරුනා මුන් වරද්දගෙන කියලා.. මූට කවුරු හරි බයික්කාරයෙක් මොකක් හරි හස්ත සංඥාවක් කරගෙන ගිහින්.. ඒ පිටිපස්සෙන් පන්නගෙන ආපු මේ සෙට් එකට හිතුනේ ඒ විදිහටම කළු ජැකට් දාලා ෆුල් ෆේස් හෙල්මට් දාලා ගිය මම තමයි අදාල පොර කියලා.... කොච්චර කිව්වත් මුං ඇහුවේ නෑ මේ මම නෙමෙයි කියලා... මගෙම හෙල්මට් එක උදුරගෙන මගෙම ඔළුවට ගැහුවා.... මාව බිම දාගෙන හතර පැත්තෙන් පයින් ගහලා අන්තිමට හෙල්මෙට් එකෙන් දමලා ගහලා 


දැන් තොට ඇත්ද කියලා අහලා ගියා.....


මට කරගන්න දෙයක් නෑ.. එදා තමයි මම වඩාත් අසරන උන දවසට.. බිරිඳගෙ මල්ලිට කතා කරලා කිව්වා කාර් එක අරගෙන එන්න මට කවුදෝ කට්ටියක් ගැහුවා කියලා... විනාඩි 5ක් යන්න කලින් මගෙ සෙට් එතනට ආවත් මම ගුටි කාල ඉවරයි... ගහපු උන්ව අදුරන්නෙත් නෑ... වටේ හිටපු උන් උන්ව අදුරනවා කියල දැනුනත් උන් කවුරුත් කිව්වේ නෑ.... 


ත්‍රී වීල් කාරයාට දෙන්නම් කියලා නැගිට්ට මම අන්තිමට නතර උනේ කොස්වත්ත පොලිසියේ.... ඊට පස්සේ කොළඹ හදිසි අනතුරු ඒකකයේ... කොහොම හරි ඔළුව දෙපැත්තෙන් ලොකු ගෙඩි දෙකක් ඇවිත් ඇහි බැමි උඩ තනිකර නිල් පාට වෙලා, නලල පැලිලා ඒ වගේ ලොකු ජරමරයක් කරගෙන තමයි ගෙදර ආවේ.... 


කුරුණෑගල ටව්මේ ලොකු සීන් දැම්මට, බාලදක්ෂ ව්‍යාපාරෙදි හෙන පොරක් වෙලා හිටියට ගුටි කෑවට පස්සේ තමයි හිතෙන්නේ අනික් උන්ටත් මෙහෙම නේද කියලා... එතකන් විතරයිද මංදා අපි චන්ඩි.... එදායින් පස්සේ ඕන කොක්කකට බහින්නෙත් උපරිම ආරක්ෂාවක් තියෙනවනම් විතරයි... 


රිටර්න් එකක් දුන්නේ නැද්ද කියලා නේද අහන්නේ.. දුන්නා... ඒක ඊලඟ ලිපියෙන්....   

ප.ලි. : ඕනයාට සඳරූට නම් මෙහෙම වෙලා තියෙනවා කියලා දන්නවා.. තව කී දෙනෙක් මෙහෙම කාලා කට වහගෙන ඉන්නවා ඇත්ද?

35 comments:

  1. අභීත අයියත් කුරුණෑගලද... එහෙ ගොඩක් ඉන්නෙ චන්ඩි තමයි... කුරුණෑගලින් පිටට ගිය ගමන් කනව පැණි බේරෙන්න.. ;)

    ReplyDelete
  2. හෆොයි මාමා කාලානේ හොඳටම.....

    ReplyDelete
  3. හෙහෙ මෙන්න මෙයා ගුටිකාලා කොයෙවත් යන එකකට.

    ReplyDelete
  4. ඔය තියෙන්නෙ උනට බෙහෙත්.. රිටර්න් එකෙත් කෑවද දන්නෙ නෑ...

    ReplyDelete
  5. ආ දැන් තමයි තේරෙන්නේ මොකද මෙයා මේ ත්‍රීවිල් අයියලත් එක්ක අම්බානෙකට තරහා කියලා :D

    ReplyDelete
  6. හැක් හැක් රිටර්න් එක දුන්නයි කිව්වේ... අර ඉබින්න ගිය ත්‍රීවීල් කාරය ගැන වෙන්නඇතිනේ ඔය කියන්නේ....

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. රිටන් කතාව ඉක්මනට දාන්න බලන්න රිටන් එක දුන්නේ කොහොමද කියලා අපිටත් දැන ගන්න ........

    ReplyDelete
  9. සහතික ඇත්ත බං . සෙට් පිටින් ගෝරි වලට බැස්සාම කිසි බයක් නෑ අපි තමයි එතන වීරයෝ . ඒත් බං තනියෙන් අහුවෙච්ච ගොඩක් වෙලාවන් වලදී අපි නැතිවෙන්න කනවා ..

    මට තනියෙන් වලි සෙට් වෙලා තියෙන්නේ 5 පාරක් හරි 6 පාරක් හරි විතරයි එතනින් දෙපාරක් විතර මම දිනුම් .. ඉතුරුවා ගැන කියන්න ඕනෑ නෑ මගේ ඇඟේ සලකුනු ඒ ගැන කියනවා ..

    මචං අයියෙ මම උපදෙසක් දෙන්නම් ගහන්න පුලුවන් තැනදී ගහපන් බැරිවෙන තැනදී කෙල ගහලා දුවපන් ..එතකොට උඹ දිනුම්

    රිටන් එක මොකද්ද බං ? උඹ උන්ට හූ කියලා දිවුවද ?

    ReplyDelete
  10. හික් හික්!! පැණි බේරෙන්න කන්න ඇති නේද? ඔන්න අභීත අයියා අපි රිටර්න් එක කියවන්න බලාගෙන ඉන්නවා. (අනිවා තවත් කෑමක්)

    ReplyDelete
  11. පූසා said...
    ආ දැන් තමයි තේරෙන්නේ මොකද මෙයා මේ ත්‍රීවිල් අයියලත් එක්ක අම්බානෙකට තරහා කියලා :D
    July 19, 2011 9:42 AM

    ReplyDelete
  12. මට හිතෙනවා හූ කියන්ඩ අප්පා එත් පව්

    ReplyDelete
  13. මට වැඩකරපු ටෙක්නික් එකක් ලියලා යන්නම් කාට හරි ප්‍රයෝජනවත් වෙන්න කියලා... දන්න කාලේ ඉඳන්ම ඈත ඉඳන් බලන් ඉන්නව මිසක් මම වලි වලට නම් සෙට් වෙන්නෙම නෑ...වෙන මොනවට වත් නෙමෙයි බයට.. ඒත් ඉතින් හිරිමල් වයස නිසා නොවැලැක්විය හැකි හේතුවක් මත මටත් දෙයියනේ කියලා වලියක් සෙට් වුණා...

    වෙනදා එකට පංති යන උන් මාව මඟෑරියේ හරියට නිකං මට වසංගත රෝගයක් හැදිලා වගේ... “කොහොමත් ගුටි කන එකනේ මචං,බොරුවට සේරම ගුටි කන්න ඕනි නැහැනේ...” එහෙම කෙලින්ම කියලා වැදගත් විදියට මඟෑරපු උනුත් හිටියා...

    ඔන්න පිංකම හෙටයි කියලා මම ගියා ඔය කරාටේ පංති එහෙම කරලා ගානක් හොයා ගන්න අයියා කෙනෙක් ගාවට පොඩි උපදේශයක් ගන්න... ඇත්තටම බුවාටම මේ වැඩේ ඉවරයක් කරලා දෙන්න බැරිද කියලා අහන්නත් එක්කයි ගියේ... මූ කියපි ඌ උදේ හවස ප්‍රාර්ථනා කරන්නේ ඌ ඉගෙන ගත්ත ශිල්පයෙන් තවත් කෙනෙකුට ශාරීරිකව හරි මානසිකව හරි පීඩාවක් කරන්න නොලැබේවා කියලා...

    ඉතිං අන්තිම පිදුරු ගහත් අතහැරුණු මට ඉතුරු වුණේ ඌ දුන්න තාක්ෂණික උපදේශයක් විතරයි... කාට හරි ප්‍රයෝජනවත් වෙන්න ඒක උගේ වචන වලින්ම දාන්නම්...

    "මල්ලි පිරිසක් ඔයාට ගහන්න එද්දි ඔයා හැම එකාටම ගහන්න ට්‍රයි කරන්න එපා... ටක් ගාලා එකෙක් සිලෙක්ට් කරගන්න... ඊට පස්සේ ඌටම ගහන්න...ඌටම ගහන්න...අනිත් උන් ඔයාට කොච්චර ගැහුවත් ඌටම ගහන්න... "

    පහුවදා වරද්දන්නේ නැතුව උන් ආවා... අර කිව්ව විදියටම ඈත තියාම මම ඉස්සරහින්ම එන එකාව සිලෙක්ට් කරගත්තා...

    මේක දිග වැඩි වෙන නිසා ඉතුරු ටික ලියන්නේ නැතුව මම නවතින්නම්... :)

    ReplyDelete
  14. හික්ස් මාමා කාලා,,මාමා කාලා

    ReplyDelete
  15. මමත් ජීවිතේටම එක ම එක වලියකට විතරයි ගිහින් තියෙන්නේ... හැබැයි අහුවුණු එකාට මදි නොකියන්ඩ දුන්නා....
    කනවයි කියල දනන් තැනකදි වලි නැතුව ෂේප් වෙන එක ඇඟට ගුණයි නේ අභිත අයියේ‍‍‍.....?

    ReplyDelete
  16. මේකනම් පෙරකල කර්මයක්ද කොහෙද අනුන්වෙනුවෙන් ගුටිකන එක....

    ReplyDelete
  17. මාමා ඉල්ලන් කාලා

    ReplyDelete
  18. චිකේ චිකේ මං හිතුවේ අභීත අයියා කාගෙන් ගුට්ටක් නොකාපු නොඉඳුල් පොරක් කියලා.... බැලුවම ඔක්කොටම වැඩිය අගේට කාලා තියෙන්නේ මූනේ....

    ReplyDelete
  19. @සාතන්:
    අඩෝ . . . . මම සෙල්ලං ඔක්කොම දාන්න ගත්තෙ කුරුනෑගලිං ආවට පස්සෙ හරිද . . . . .!!!

    ප.ලි.
    මට ආයෙත් හිතෙනව ගුටි කාපුව එකක් දෙකක් ලියන්න . . . .

    ReplyDelete
  20. හෆෝයි ත්‍රීවීල් එකේ නොම්මරේවත් බලාගත්තෙ නැතෙයි?

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. අනෙ අම්මේ මදි නොකියන්නම කාලා.

    ReplyDelete
  23. රිටන් එක කොහොමද දුන්නෙ අයියේ

    ReplyDelete
  24. ඕනය, අභීත, ගොඩය, කුරුනෑගල ගෑවිච්ච හරි එවුං ඉන්නව නං ඉතින් ගුටිකන්නම උපන් එවුන් තමා. ගණන් ගන්න එපා කොල්ලනේ, ඔය මුගලන් හාමුදුරුවොත් අම්බානකට කෑව කියන්නෙ පෙර කල අකුශල කර්මෙකට. මාරයා උන්නාන්සෙගෙන් බන ටිකක් අහලවත් හිත සැහැල්ලු කොරගන්න බලහල්ල.

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. සහොදයා ඔයා මාව දන්නේ නෑ එති මම ඔයගේ පොස්ට් අනිව කියවනවා.අනිත් කට්ටියගෙත් එහෙමයි මේ මගේ පලවෙනි කමෙන්ට් එක අනිතෙ එකත් ඉක්මනට දන්න.....මෙතන්නටම ලින්ක් කරන්න කියල ඉල්ලනවා.

    ReplyDelete
  27. බීල ඉන්නෙ කියල තේරුණ ගමන් හෙල්මට් එකෙන් දෙකක් ඇනල දුවන්නනෙ තිබේබේ....

    ReplyDelete
  28. හොඳ හෝටලයක් අහුවුණාම කවුරුත් කනවා අම්බානට . . . :පී

    ReplyDelete
  29. අර කිවත් වගේ අභිත අයියලා ලොකු සීන් දාන කාලේ පොඩි උන් විදිහට අපි ගත්ත ආදර්ශ තමයි ඕවා.... ඔබා මාමා, මිනිහෙක්ට අතක් උස්සලා තියනවා නම් මොකෙක්ට හරි ඌ ගුටි කාලත් ඇති කොහෙන් හරි... ඕක කුරුණෑගල නෙවෙයි ඕනෑම තැනකට අදාළයි...

    ReplyDelete
  30. සිරාවට අයියේ...තනි වෙලා පෝරියල් එකක් සෙට් වෙච්ච වෙලාවට තමා හිතෙන්නේ අපි කොච්චර අසරණද කියලා....

    ReplyDelete
  31. ඕවට අපිනම් කියන්නේ ගං ගුටි කියලා....හික්ස්...

    ReplyDelete
  32. පව් ගෙවෙන්නෙ කොයිවෙලාවෙද කියල කාට කියන්න පුළුවන්ද .........

    ReplyDelete
  33. හපොයි මාමට කොල්ලො හොදටම ගහලනෙ. ත්‍රී වීල් එකේ නම්බර් එකවත් බලාගත්තෙ නැද්ද මාමේ. පස්සෙ වෙලාවක රිටර්න් එක දෙන්න..

    ReplyDelete
  34. Me akki oya gang 1 wath patan ganna yanawada?

    ReplyDelete
  35. rama kapan mawa poosa kiwwalu ........ ;D lol

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...