Wednesday, September 7, 2011

ටැබුයි, ඇනොනිමසුයි, කතන්දරයි එක්කෙනෙක්ද?

මාතෘකාව දැක්ක ගමන්ම ටිකක් හිනා යනවා නේද? මටත් හිතුන ගමන් ටිකක් හිනා ගියා.... ඒත් වෙලාවකට හිතුනා මේක ඇත්තක්ද කියලා... කවුද ඇනොනිමස්, කවුද ටැබූ, කියලා මෙච්චර කලක් නොහිතුවාට අද උදේ කතන්දරගේ පෝස්ට් එක කියවනකොටම බ්ලොග් කරුවෙක්ගෙන් ආපු ඇමතුමත් එක්කම මට හිතුනා එක පාරටම අම්මපා මේක ඇත්තක්ද කියලා..... ඉතින් හිතන්න හිතුනා.. එක එක ජාතියේ ඒවා හිතලා දැන් හිතට නිවනක් නෑ මේක ලියනකන්....


කතන්දර.... කියන පුද්ගලයා තමන්ගේ බ්ලොග් එකට ගොඩ වෙන්නේ තමන්ගේ බ්ලොග් එකේ හිට් වැඩි කර ගැනීමේ උන්මාදයෙන් කියලා ගොඩාක් දෙනෙක් කියනවා... ඒක කමෙන්ට් කියවනකොට නිතරම කියැවිලා ගොබෙල්ස් න්‍යාය වගේද මන්දා, දැන් මටත් එහෙම හිතෙනවා..... ඒ වගේමයි ඔහු මාකට් කරන්නේ ඔහුගේ ජීවිතේට වඩාත් සමීප ස්ථාන, පොත්, පුද්ගලයෝ වගේ දේවල්.. විශේශයෙන්ම රසික සූරිය ආරච්චිගේ කවි, යාළුවන්ගේ පොත්, වගේ දේවල්. අද පෝස්ට් එකෙත් තිබ්බේ ඒ වගේ දෙයක්... ඩෙස්මන්ඩ් මොරිස්ගෙ නේකඩ් ඒප් පොත ගැන මීට කලින් කිව්වේ කවුද අපිට.... ටැබූ.... අද කතන්දර ඒකේ දාලා තිබ්බේ එම පොතේ සිංහල පරිවර්ථනය ගැන.... ඉතින් එහි තියෙන කතා අපිට කියවන්න ටැබූ වෙනුවට, කතන්දර අපිට ඉස්සරහදි ඉඳීවි....


අනිත් එක තමයි ටැබූගේ පෝස්ට් වල තිබ්බ කථා වල සහ කතන්දරගේ සම්භාව්‍ය පෝස්ට් වල තියෙන භාශා සමානාත්මතාවය.... උදාහරණ රාශියක් දෙන්න පුලුවන් උනත් හැමෝම තම තම නැණ පමණින් මේ ගැන සිතා බලාවි... ක්ෂේත්‍ර රාශියක දැනුමත් ඕනෑම කුණුහරපයක් කූල් පිට ප්‍රකාශ කරන්නට හැකි ලිවීමේ හැකියාවත් දෙදෙනාගෙම පොදු සාධක ලෙස තමයි මම දකින්නේ.....


එතකොට කතන්දරයි ඇනොනිමසුයි සම්භන්ධ වෙන්නේ කොහොමද? මම දන්න විදිහට සහ මට පෙනෙන විදිහට මේ බ්ලොග් අවකාශයේ පහත තුන් විදිහටම ලිවිය හැකි එක පොරයි ඉන්නේ.. ඒ තමන් පොර කියන කතන්දර විතරයිද මන්දා....


1. තමන්ගේ වෘත්තීය මට්ටමෙන් පිට ඇති විෂයයන් සම්භන්ධයෙන් එහි වෘත්තීය මට්ටමට ලන් වෙන්නට සුදුසු පරිදිම එම විශය කරුණු ගොනු කරමින් ලිවීම


2. තමන්ගේ තියෙන සරල සුගම බවට හරි යන පරිදි නිකන් ඔහේ ලියන්නට හැකි වීම...


3. තමන්ගේ මට්ටමටත් වඩා අන්ත පහලට බසිමින් අමු චාටර් පෝස්ට් පල කිරීමේ හා කමෙන්ට් දැමීමේ හැකියාව...


ඉතින් මෙහෙම හිතාගෙන යනකොට මට ඇනොනිමස් පෝස්ට් එකක තිබ්බ වෛද්‍ය වචන වගයක් ඇහැ ගැටුනා..එම වචන ඒ ලෙසට කියන්නනම් වෛද්‍යවරයකු හෝ වෛද්‍යවරයෙකුට අතිශය සමීප පුද්ගලයකු විය යුතුයි කියලා මට හැඟුනා... ඒක දිගේ කල්පනා කරගෙන යද්දිත් අන්තිමේ ට හිත නැවතුනේ කතන්දර ලඟ..


මේ හේතු සහ තවත් ඔය වගේ පොඩි පොඩි ගැජමැටික් නිසා මට හිතුනා මුන් තුන් දෙනාම එකෙක් කියලා... ඇනෝයි ටැබුයි දන්නේ නැති නිසා සැකේ බර උනේ කතන්දරගේ පැත්තට......


මේක කියවලා ඕනනම් හිතන්න පුළුවන්... නැත්නම් අනේ මූට පිස්සු කියලා හිනාවෙන්න පුළුවන්.. අමතක කරන්න එපා... මගේ බ්ලොග් එකේ නම ටිකක් හිනාවෙන්න..


ඇත්ත නමින් සභ්‍ය වචනයෙන් විතරක් කමෙන්ට් කරන්න... පුද්ගලික පලිගැනීම් මෙතන කරන්න එපා.. එහෙම උනොත් මට කමෙන්ට් මොඩරේට් කරන්න වෙයි....


ඡායාරූපය කතන්දරගෙන්....

74 comments:

  1. කතන්දරයි ටැබූයි එක්කෙනෙක් වෙන්න පුලුවන්. ඒත් ඇනොනිමස් ආතල් කියන්නේ නං කතන්දර නොවෙන වග සහසුද්දෙන්ම විස්වාසයි :D

    ReplyDelete
  2. කතන්දරගෙත්.. ටැබු ගෙත් පෝස්ට් ඒ තරම්ම කියවල නෑ... ඇනෝ ගෙ අඩවියට ගොඩ වැදුනෙත් එක පාරද මන්ද.... ඉතින් නෝ අයිඩියා.

    ReplyDelete
  3. ටැබුවාගෙ පෝස්ට් කියවලා නැතිවුනත් අනිත් දෙන්නෑ ගැනනං දන්නවා ඒත් ඉතින් කතන්දරයි ඇනෝනියා නං එකෙක් වෙන්න බෑ

    ReplyDelete
  4. ඔන්න එහෙනං මාත් ටිකක් හිනාවුනා.

    (මොන පැත්තෙන්ද කියලත් කියන්න ඕනෑද?)

    ReplyDelete
  5. අපෝ ඕක හිතන්න දෙයක්ද ?
    ටැබූ කියන්නෙ කතන්දරගෙ වයිෆ්.

    මතකද ටැබූ, කතන්දර වලියක් ගියා
    http://kathandara.blogspot.com/2010/06/blog-post_1669.html

    ඒ කියන්නෙ මෙන්න මේ වලිය ගැන

    http://kathandara.blogspot.com/2010/06/blog-post_262.html

    ReplyDelete
  6. කතන්දර නම් වෙන්ට බෑ කියන්ට හැදුවා විතරයි.

    ReplyDelete
  7. ඇනොනිමස් ආතල් ලියන්නෙ රචින්තයනේ බං. උබ ඒකවත් දන්නෙ නැද්ද? මෙන්න මටත් හිනාගියා

    ReplyDelete
  8. අභීත නිකං බොරු කතා කියලා නිකං නොන්ඩි වෙලා යන්න හදන්න එපා. කතන්දර කියන්නේ කොහොම කෙනෙක්ද? කොහොමද ඔයා කතන්දර වගේ කෙනෙකුට ඔහොම චෝදනා කරන්නේ?
    කතන්දර කියන්නේ මේ බ්ලොග් ලොකේ මාරයා ගාවට ඉන්න සුපිරිම තරුව. එහෙම කෙනෙකුට කතා කරන්නවත් ඉගෙන ගන්න. ඔයාගේ අර මෙලෝ රහක් නැති ටුවරිසම් බ්ලොග් එකට ප්‍රචාරණ විදියක් විදියට මෙහෙම පෝස්ට් දානවා නේද? යන්න මෙයා යන්න.

    ReplyDelete
  9. මට තියෙන ප්‍රශ්ණය මේකයි.

    අභීතයි, රංගයි බ්ලොග් ලියන්නේ සින්ක්‍රොනයිස් කරලාද?

    රංග ගේ අද ලිපියේ මාත්‍යකාව මෙන්න මෙහෙමයි.
    තට්ටෙයි ‍රැවුලයි තියෙන හැම එකාම අහවලාද?

    ReplyDelete
  10. ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද ???? එහෙම උනත් කතන්දර කියන්නෙ ඇනෝනිමසනං වෙන්න බෑ . . . . මොකද ඇනෝනිමස් එදා ඔබ්සර්වර් අයියගෙ බෝතලෙං අඩියක් ගහපු එකෙක් නෙව . . . කතන්දර ශුවර් එකටම එදා හිටියෙ නැහැනෙ.

    ReplyDelete
  11. ඔය ඔක්කොම කරන්නෙ වැප් අයියා නෙවෙයිද? මම හිතුවෙ එයා කියලා...

    ReplyDelete
  12. කතන්දර කියන්නේ රසික සූරිය ආරච්චි කියලා දඹානේ වැද්දොත් දන්නවා.කතන්දර ට තියෙන්නෙ පොර වීමේ මේනියාවක්.

    ReplyDelete
  13. ඇනෝනිමස්4ට-

    වැරදි තීන්දුවක් නේද බොස්.
    මාරයා 1නං ‍2ක සදරු 3නේ ඉන්නේ ඩොක්ටර් නලිනි. කතන්දර ඔය අහලකවත් නැහැ.මගේ ලෝකය ලියන රංග ඉන්නෙත් කතන්දරට වඩා ගව් ගානක් ඉහලින්. එතකොට සිහි සටහන්,මහ වෙදනා,බින්දි,දිනේශ් දීපාල් ඔය වගේ කීදෙනෙක් ඉන්නවද කතන්දරකාරයට වඩා ඉස්සරහින්. තව ඕනනං ලිස්ට් එකක්ම දෙන්නං.

    ReplyDelete
  14. මෙය කියවා ටිකක් නොව බිම පෙරළි සිනාසුනෙමි :D
    ස්තූතියි..!

    @ ඇනෝස්:

    කවුරු මොනවා කිව්වත් කතන්දර කියන්නේ බ්ලොග් අවකාශය තුළ පොරක්. කතන්දර සහ ටැබූ දෙදනාම [බ්ලොග් අවකාශය තුළ] කරන ලද එකම වැරැද්ද තමන්ට කඩේ යන්න කොල්ලෝ ටිකක් හදා ගත්තු නැති එක.

    ReplyDelete
  15. ටැබූ ගෙ ලිපි සියල්ලම කියවල නැතත් මම කතන්දරගේ ලිපි සියල්ලම වාගේ කියවල තියෙනව..ඇනොනිමස් කවුද මන්දා? නිරුවත් වානරය කියෙව්ව පලියට අපිට ටැබූ, කතන්දරම කියන්නෙ කොහොමද? ඩෙස්මන්ඩ් මොරිස්ගෙ මනුසත් උයනත් කියවපු මම ඒකෙන් මොනවහරි දෙසා බෑවොත් මම ටැබූ වෙනවද? මේ තුන් දෙනා සංසන්දනය කලොත් මම එක දෙන්නෙ කතන්දරට, දෙක ටැබූට සහ තුන ඇනොනිමස්ට..පුද්ගලයව පැත්තකින් තියලා ලියන නිර්මානයක රස විඳින්න තමයි මම නම් ට්‍රයි කරන්නෙ..

    ReplyDelete
  16. අභීතගේ ගොබ්බ කතා. ටැබූ ලිව්වා ඇති උනාම නැවැත්තුවා. ඌ දැන් ඇනෝනිමස් එකට ලියනවා. කතන්දර තාම ලියනවා. තාමත් ලියනවා. ඇයි අනේ එයා තාමත් ලියන්නේ? ඇනෝනිමස් ආතල් රචියගෙත්, ලසියගෙත්, චමියගෙත් නගුට අග වත් පණ තියෙනකම් ලියනවා. කවුරු නවත්තන්නද මෙයා?

    ඒත් ඇයි මේ ටැබූවත්, ඇනෝවත් අහු නොවෙච්ච අභීතගේ උගුලකට කකා අහුවෙලා?

    ReplyDelete
  17. ඇනොනිමස් ආතල් ලියන්නේ බන් ලසිත බෙනරගමයා එහෙම නැත්තම් පහනා එකත් නෙමෙයිනම් හත්මාලුවෙම එකෙක් විශේශ සිදු වීමක් ඇතිව මේක කියන්නේ

    ReplyDelete
  18. ඇනෝනිමස් ආතල් එක කරන්නේ සිංඩිකාරයෙක් බලන්න එස්බියු එකටම බැනලා ලිපි කීයක් යනවද. s.b.u එක්ක තදියෙම ඉන්න සිංඩිකාරයෙක්. මමනම් නෙමෙයි :D එහෙම නැත්තම් අනුකම්පාව ගන්න ලිංගයම කරනවා වෙන්න බැරි නෑ. :D

    ReplyDelete
  19. මමනේ ඇනෝ. බලන්න මගේ වචන වල ස්වරෑපය.

    ReplyDelete
  20. කතන්දර, ටැබූ, සහ ඇනෝනිමස් යන තිදෙනාගෙම ලිපි කියවා ඇත්තෙමි. මේ තිදෙනාගේ බොහෝ සමානකම් සහ වෙනස්කම්ද දැක ඇත්තෙමි. මගේ අදහස නම් මේ කවුරුත් බ්ලොග් අවකාශය තුල සිටිය යුතු බවයි. එතකොටනේ විවිධත්වය වැඩි. අපිව විවේචනය කරන්නත් ඕනෙ. හැබැයි කෙනෙක්ට මෙහෙම හිතා ගන්නත් පුලුවන්. මේක බ්ලොග් අවකාශය නොවැ. අනික අභී ලියන්නේ හිනා වෙන්න නිසා මමත් හිනා වුනා.

    ReplyDelete
  21. හිකිස්‌..!!! නෝ-කමෙන්ට්ස් :D

    ReplyDelete
  22. මම හිතන්නෙ ඔය තුන් දෙනාගෙම හැම ලිපියක්ම වගේ කියවලා තියෙන කෙනෙක් විදිහට මේ බ්ලොග් තුන ලියන්නෙ තුන් ගොල්ලක්. තුන් දෙනෙක් නෙවෙයි. කතන්දර බ්ලොග් එක ලියන්නෙනං කකා විතරයි.

    කතන්දරගේ බ්ලොග් එක පහත් කරලා සලකන හැමෝටම - කතන්දර පොරක් තමයි. මොකද කතන්දර කියන්නෙ සිංහල බ්ලොග් අවකාශය නව මාවතකට යොමු කරන්න මුල් වුණ පුද්ගලයෙක්. හැබැයි මගේ පුද්ගලික මතයනම් බ්ලොග් අවකාශයේ එදා මෙදා තුර පහළ වෙච්ච දක්ෂම රචකයා තමයි ටැබූ. දැන් දැන් සඳරුත් එතනට කිට්ටු වෙනවා

    ReplyDelete
  23. ටැබූ, කතන්දර සහ ඇනෝනිමස් ගේ සියළුම ලිපි කියවා ඇති මාත් ඔන්න හිනා උනා.

    ReplyDelete
  24. සින්හල blog එකටත් ලැජ්ජය් මෙ ගොන් කතා නිසා මෙච්චර බුද්ධ්මත් අය මෙහෙම මොඩ කතා කියනවනන් ලන්කාව ගැන මොන කතාද
    ilovesinhalablog

    ReplyDelete
  25. බ්ලොගයක් රස විදින්න ඒක ලියන පුද්ගලයා ගැන දැනගැනීම වැදගත්ද?

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. අභියෝ මඤ්ඤොක්කා ගන්න ගියා නම් අරන් එන්නේ නැතුව උඹ මක්කෙයි වත්තේ හතර මායිම් හොයන්නේ?

    හික් හික් හික් . . .

    ඔන්න මාත් ටිකක් නෙමෙයි ගොඩක් හිනා උනා . . .

    ReplyDelete
  28. අභියෝ මාත් ඕං එහෙනම් උඹේ පෝස්ට් එක කියවලා ටිකක් හිනා වුනා.. කමෙන්ට් ටික කියවලානම් හොඳටෝම හිනා වුනා..
    හිඳල හිටලා මේ වගේ එකක් ඇදල ගත්තමත් පොඩි මෙව්ව එකක් තියෙනවනේ..

    ReplyDelete
  29. කතන්දරට කඩේ යනවා නෙවයි. කතන්දර කියන්නේ පුකේ අමාරුවට හරි සිංහලෙන් අම්බානක කොටපු එකෙක්. ඌ නිසා කී දෙනෙක් බ්ලොග් කරන්න ආවාද කියලා උඹලම දන්නවනේ. ඒ වගේම සිංහල කී වර්ඩ්ස් සමහර ඒවා ඒව ගූගල් වලින් සර්ච් වෙලා එන්නත් කතන්දරගේ බ්ලොග් එකට. මම ඔය තුන් දෙනාගේම පොස්ට් කියවල තියනවා. තුන් දෙනා තුන් දෙනෙක් කියන එකයි මගේ විශ්වාසෙ. සමානකම් ඉතින් කොහොමත් තියනවනේ කාගෙත්.


    මාත් ටිකක් නෙමෙයි ගොඩක් හිනා උනා . . .

    ReplyDelete
  30. Thamange blog ekata hit adu unama, hit wadi karagannath thama kastiya use karanne Tahboo kiyana wachane, ekenma penawa tharama :)

    ReplyDelete
  31. කොච්චර Computerඑකේ Internetඑකේ හිටියත් එකක් ලියන්න හිතුනෙ [කතන්දර සූරීන්ගෙ blog] එක කියෙව්වට පස්සෙ. වැඩ කරල මහන්සි උනහම මගෙ එකටත් ගොඩ වෙලා ටිකක් හිනා වෙලා යන්න. මගෙ ජීවිතේ වෙච්ච, අනිත් අයට වෙච්ච සහ අහපු පුන්චි පුන්චි කතා ටිකක් ලියන්න තමයි අදහස් කරන්නෙ. ඔයාලගෙ අදහස් තමයි ගොඩක් වටින්නෙ. කතා කියවලා ටිකක් හිනාවෙලා Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.

    ReplyDelete
  32. මටනම් හිනා යන්නේ වෙන මොනවටත් නෙවේ එක එක්කෙනාට ගහන
    මඩ ප්‍රචාර නිසා ඒ පුද්ගලයා මොනතරම් ප්‍රසිද්ධියට පත්වෙනවද කියලා මේ ලියන අයට නොතේරෙන එකටයි.. එකටනම් හිනා යන්නේ ටිකක් නෙමේ....@@@@

    ReplyDelete
  33. කතන්දර තමයි මන් මුලින්ම කියවපු බ්ලොග් එක . තවම කියවනවා .මේක මේ අභීත හිනා වෙන්න ලියපු එකක්නේ . වැඩිය සීරියස් යන්න හොඳ නැහැ . ඔන්න අපිත් හිනා වුනා .

    ප.ලි .

    අභීත ..අර සුද්දා හමු වුනා . ලංකාව හරි ලස්සනයි ..මිනිස්සුත් හරි හොඳයි කිව්වා . එකම වැරැද්ද වාහන වල යද්දී දෙය්යන්ට කිව්වලු ලංකාවේ මැරෙන්න බැහැ කියල .

    ReplyDelete
  34. සිංහල බ්ලොග්කරුවන් එදා සිටම තම තමන්ගේ පිට කසා ගැනීමේ න්‍යායක් අනුගමනය කරයි. ඔවුන්ට සිය බ්ලොග් අඩවිය ජනප්‍රිය කරගැනීමේ උන්මාදයක් පවතී. තවත් සමහරු කමෙන්ට් ඉල්ලමින් හඬා වැටෙයි.

    දේශපාලන බ්ලොග් ලියන්නන් හට ඔවුන් තරම් පොරවල් තවත් නැත. බෙහෙවින් විවාදාත්මක කරුණක් ගැන ලියා කියවන්නන්ගේ ලේ කුපිත කර කමෙන්ට්, හිට්ස් ලබා ගැනීඑමට ඔවුන් දක්ෂය..

    පෞද්ගලික අත්දැකීම් ගැන බ්ලොග් ලියන්නෝ සිය මිතුරන්ට, නෑදෑයින්ට නොසෑහෙන්න මඩ ගසති. කන හැටි බොන හැටි ලියා තෘප්තියක් ලබති.

    ටෙක්නිකල් බ්ලොග් ලියන්නන් කඩ්ඩ බ්ලොග් එකක් කොපි කර ලිපි ලියති. පසුව කමෙන්ට් නැතැයි හඬා වැටෙති.

    මා දකින හැටියට නම් සිංහල බ්ලොග් අවකාශයේ නියම ආස්වාදයක් සිය රසිකයන්ට ලබා දෙන්නේ බ්ලොග් ගඩොල්, සඳරු, නලිනි චාන්දිමා ඇතුලු පිරිසක් පමණි. බ්ලොග් ලියන්නන් මොනවා කීවත් ඔවුන්ගේ ජනප්‍රියතාවය තීරණය කිරීමේ සාධක කමෙන්ට්, හිට්ස් නොවේයි. මොකද ගොඩක් නවක බ්ලොග් ලියන්නන් ගොඩක් හිට්ස් වැඩි බ්ලොග් අඩවි වලට ගිහින් කමෙන්ට් දාන්නේ තමන්ගේ බ්ලොග් එකටත් කට්ටිය ගෙන්න ගන්න..

    (මමත් බ්ලොග් එකක් ලියන්නෙක්, සහ බ්ලොග් කියවන්නෙක්)

    ReplyDelete
  35. මෙතෙන්ට වගේ යන්ඩනං ඔහොම බෑ. තව ගොඩක් මහන්සි වෙන්ඩ වෙනවා සහෝ
    http://kathandara.blogspot.com/2011/08/blog-post_24.html?showComment=1314280057315#c5418524578014726010

    ReplyDelete
  36. ඔන්න ඇවිල්ල ටිකක් හිනාවෙලා ගියා.

    ReplyDelete
  37. ඔන්න මාත් හිනා උනා .......

    ReplyDelete
  38. මට නං සැක අර ඕනයව.....හිකිස්....

    ReplyDelete
  39. හිනා වෙන්නද අඬන්නද කියලයි මට තේරෙන්නේ නැත්තේ...

    ReplyDelete
  40. කතන්දරගෙ ඔය පෝස්ට් එක බැලුවම මටත් හිතුනා මේ ටැබූද කියලා..:D

    ReplyDelete
  41. මටනම් ඔය දෙකම {ටැබූ, කතන්දරකාරයා} එච්චර අල්ලන්නෙ නැහැ. ට්‍රයි කරන්නෙම හිට්ස් වැඩි කර ගන්න.
    දේශපාලකයො වගේ.

    ReplyDelete
  42. කතන්දර කියන්නෙ ටැබූ නම් නෙමෙයි.....ටැබූ තරම් ආකර්ශනීය විදියට භාෂාව හසුරවල ලියන්න හැකියාවක් කතන්දරට තිබුන නම් බ්ලොගේට හිට්ස් අද්දන්න ඔය තරම් දඟලන්න ඕන වෙන්නෙ නැහැ...

    කතන්දර හා ඇනොනිමස් එකෙක් වීමේ නම් යම්කිසි සම්භාවිතාවක් තියෙන්න පුලුවන්. කතන්දරට වඩා බොහෝ පසුව පැමිනි අය ඔහු පසු කර ගව් ගනන් ඉදිරියට යද්දී ඔහුට ඇති වෙන ඊර්ෂ්‍යාව පිට කර ගන්නට ඇනොනිමසයා ඉතා හොඳ මාධ්‍යක් නිසා..
    DK

    ReplyDelete
  43. ++කතන්දරට වඩා බොහෝ පසුව පැමිනි අය ඔහු පසු කර ගව් ගනන් ඉදිරියට යද්දී++
    හික් හික් හික්...
    කවුද අප්පා ඔච්චර දුර ගිහිං තියෙන මහත්තුරු? නං දෙක තුනක් කියන්ඩ පුලුවංද...

    blog gadol
    ++බ්ලොග් අවකාශයේ එදා මෙදා තුර පහළ වෙච්ච දක්ෂම රචකයා තමයි ටැබූ. දැන් දැන් සඳරුත් එතනට කිට්ටු වෙනවා++
    ගොබ්බ කතා කියන්ඩ එපා බං. සදරුවා ලියන එව්වා ඌ ලස්සනට ලියනවා... ඒක වෙන කතවක්. ඒත් ටැබුවා කියන්නෙ ලව් කරප්වයි බූට් කාපුවයි ලියපු එකෙක් නෙමේ. ඔව්ව ලියල ටැබුවට ලං වෙන්ඩ ඔය එකෙකුටවත් බෑ. උඹලා නිකං මාරයට සදරුවට ලනුදීල උංව විනාස කරන්ඩ එපා.

    ReplyDelete
  44. අද නම් බිම පෙරලෙමින් හිනාඋනා...
    ටිකක් හිනා වෙන්න ඇවිත් ගොඩක් හිනා උනා...
    හිනාව හිර වෙන්න වගේ...:DDDDDDDDDDDDDDDDDD

    ReplyDelete
  45. කතන්දර : අර මුගේ කතාවෙ තියෙන කෝල් එකක් දුන්න බ්ලොග් කරුවා මම කියල හිතාගත්ත නම් අහපු ප්‍රශ්නෙට ලේසියෙන්ම උත්තරයක් එතන තියෙනවා

    ReplyDelete
  46. //අන්තිමේ ට හිත නැවතුනේ කතන්දර ලඟ..///

    ඈ.. මේ මොන හරුපයක්ද කියල තියෙන්නෙ. මට හිතෙන්නෙ ටැබුව කියන්න වෙන මොකක්වත් නෙමෙයි අබේපාල ගොයියා කියල. හා බොරුද?

    පෝස්ට් එකට වඩා පට්ටයි දමාපු කමෙන්ට්ස්. බ්.පෙ.සී මදිවී බි.රෝ.සී උනෙමි. කාලකට පාරක් මහෙම එකක් දාන එක අගෙයි බං.

    ReplyDelete
  47. මදැයි අභියා ඉඳලා ඉඳලා කරගත්ත වින්නැහියක්.......! මට නම් දැන් පේන්නේ ඇටි කෙහෙල් කාපු උගුඩුවෙක්ව.....!!! හික් හික් හික්.....!

    ReplyDelete
  48. මම හිතන්නේ මේ සේරම පිටුපස ඉන්නේ එක්කෙනෙක් .. !

    ReplyDelete
  49. ලියම් දෝ නොලියම් දෝ කියා හිතමින් උන්නු මට අන්තිමේදී ලියන්නට හිතුනේ අභීත ගේ පොස්ට් එකක් නිසා [අපිත් හිනාවෙන්න ගොඩ වදින තැන නිසා]. මොකද "අරයා මෙයාද" ජාතියේ තර්ක දැකලා එපා වෙලා ඇත්තටම. ඒත් මේ බොහොම ප්‍රසිද්ධ බ්ලොග් කාරයෙක්‌ ඇයි මෙහෙම ලිව්වේ කියන පදනම මතයි මා ලියන්නේ.

    පළමුවෙන්ම උඹ මේක දැනටත් අහස උසට තියෙන හිට් තවත් වැඩි කර ගන්න ලිව්වා නම් ඔන්න මං මොකුත් කියන්නේ නැහැ. උපකල්පනය එසේ නොවන බවයි හරිය?

    ඩෙස්මන් මොරිස් කාරයාගේ කතාවක් ලිව්ව ගමන මෙහෙම කියනවා නම් කතන්දර ටැබූ නොවන බවට කාරනා කොච්චර තියේද?

    - ටැබූ ලියු වග විස්තර වල හැටියට ඔහු ලංකාවේ ඉන්නවා විය යුතුයි, ප්‍රභාශ්වරි කතාව බලන්න [තර්ක කරන්න පුළුවන් මෙහෙ ඉන්න අයගෙන් ලද තොරතුරු මත ලියනවා කියල]

    - දෙදෙනාගේ ලේඛන ශයිලීන් දෙකක්.

    - දෙදෙනා ස්වරූප දෙකක්. කතන්දර සාමකාමී ජොලියට බර, මොකක් කිව්වත් විහිළුවකින් නවත්තන. ටැබූ තම මතය වෙනුවෙන් තර්ක කරන, ඩොග්මටික්, ලෙහෙසියෙන් ඇත හරින්නේ නැති, මතවාදී වෙනස්කම් මත පස්සෙන් පන්නන [අජිත් පැරකුම් සිද්ධිය]

    - කතන්දර ගීත නාට්‍ය කළා චිත්‍රපට ඇසුරින් ලියන. ටැබූ මේවා නොබලනවා නොවේ එහෙත් බොහෝ විට කතන්දර තරං පුළුල් දැනුමක් නොවේ.

    - ටැබූ විද්‍යාත්මක කෝණයකින් බලන. කතන්දර විද්‍යාවට කුණු හබ්බයක් ගොතන [නොදකින්].

    මෙව්වා ඔක්කොම සුපිරි රඟපෑම් වෙන්න පුලුවන්ද?

    ඔබ මගෙන් ඇහුවොත් ටැබූ කවුද කියා මටත් උත්තරයක්‌ දෙන්න පුළුවන්. එයට මේ පුද්ගලයාගේ ක්‍රියාකාරිත්වය ගැන කල දිගු අධ්‍යනයක් මෙන්ම ඔබට මෙන් චැට් කරලා කරුණු පෙන්නා දුන් සහෝදර බ්ලොග් කරුවන්ගේ දත්තද ඇතුලත්. එහෙත් මා නම් එම මනුස්සයා හෙළි කරන්නේ නැහැ.

    ඇයි ඒ?

    ටැබූ කලේ සුළුපටු වැඩක් නොවේ. ටැබූ පස්සේ රාජ්‍ය මර්ධනයක් යන්නේ නැහැ ඒක මට ඉර හඳ වගේ ෂුවර්. ඒත් ටැබූ කියන මනුස්සය ලියු දේවලින් ඔහුගේ පුද්ගලික මිතුරන් රැසක අහිමි වේවි. ඔහු ජාල අවකාශය තුල "සුදු වෑන්" වේවි.

    මේ ඔක්කොම රිස්ක්‌ ඒක ඔහු ගත්තේ ඇයි?

    කියවන අප වෙනුවෙන්.

    ඔහුගේ සතුරන් කියූ මොට්ට කතාව වන ආණ්ඩුවට ටිකක් කඩේ යාමට ලද සොච්චම් මුදල [කොපි රයිට් ටැබූ :)] හැර ඔහු උපයා ගත් කෙහෙම්මලක් නැහැ. ඔහු ලියුවේ භයානක දේවල්. ඔහු ගත්තේ රිස්ක් එකක්. ඔහු අද නොලියන්නෙත් හැක් වෙලා කියා මා නම් හිතන්නේ නැහැ. ඔහු අද සිය කැමැත්තෙන් නොලියන නිසා තේරෙන්න ඕනේ ඔහු එතෙක් කල දෙය කොයි තරම් අසීරුයි ද කියා. ප්‍රසිද්ධියේ හිනි පෙත්තෙන් ඔහු අතුරුදන් උනේ.

    ඇත්තටම කෙනෙක් ලියන්නේ ජොලියට. ලියන ෆන් එකට.කීර්තියට විසිල් වලට ලයික් පට්ට වලට. ඒක එක එක දුරට කාටත් පොදුයි - ඇත්ත. ඒත් මේ පොදු සාධකය ඉවත් කල විට ටැබූ ගත් අවදානම් මාවතට [අමතර] හේතුව හැටියට ඌනනය වන්නේ "අප වෙනුවෙන්" යන්නයි.

    එහෙම ලියපු මිනිහා අමාරුවේ දාන්න අපි කෙස් පලා ගෙන දඟලන්නේ ඇයි? හෙළි වීමට බයේ සැඟවුණු ඌව කුදලාගෙන ඇවිත් බ්ලොග් අවකාශයේ ගල් ගසා මරා දමන්න උඩ ගෙඩි දෙන්නේ ඇයි?

    උඹට එක ඩෙස්මන් මොරිස් පොස්ට් එකකින් කතන්දර ව අහුවෙනවා නම් මේ විදිහට [පෝස්ට් නොලිව්වට] වැඩියෙන්ම විද්‍යාව සම්බන්ධ කරගෙන ලියන්නේ මා යි, රිටිගල ජයසේනයි, පිටායි. අපි තරම් ටැබුවත් ඔය දේවල් ගැන ලියන්නේ නැහැ. අර රංගයා අදම "අහම්බෙන්" ලිව්වා වගේ රැවුලයි තට්ටෙයි තිබ්බ පමණින් සනත් නන්දසිරි වෙන්නේ නැහැ මචෝ.

    [කවුරුහරි හිතනවා නම් මං පොරට කඩේ යනවා කියලා, ඔය ටබුවට කවුන්ටර් ආගියු කල ප්‍රධාන කෙනෙක් මං. ඔහුගේ සමහර ආන්තික අදහස් වලට මං නොසෑහෙන්න තර්ක කළා. ඔහු සුපුරුදු ඩොග්මටික් උත්තර මටත් දුන්නේ. එහෙත් අගය කල යුතු කොටස මට මිස් වෙන්නේ නැහැ]

    ටැබූ කවුද කියන ඒක හොයන්න තවත් බ්ලොග් කරුවෙකු වශයෙන් උඹට ඇති අයිතිය ඇහිරීමක් නොවේ. ගොඩක් හිනා වෙන ගමන ටිකක් හිතන්න යමක් ලිව්වා පමණයි.

    ReplyDelete
  50. ඔන්න ලැබෙන්න ඕන හොඳම කමෙන්ටුව සුජීවගෙන් ලැබිලා තියෙනවා...
    මේ ලගදිත් මං කෙනෙක් එක්ක කතා කරද්දි සුජීව ගැන කතා කලා... මොකද සුජීවව මං හඳුනාගත්තේ ටැබූගේ බ්ලොග් එක හරහා... ටැබූ තමන්ගේ මතවාදයට ඔහුගේ දැනුමෙන් එක්කරපු කරුණු මත පදනම්ව ලියපු දේවල්වල නියම තැනින් වරද අල්ලගෙන ඔහුගේ ලියවිලිවල අඩුපාඩු නියම විදියට පෙන්නලා දීලා කමෙන්ට් කල දෙන්නෙක් විතරයි හිටියේ..එක්කෙනෙක් "මිගාර" අනිකා "සුජීව" සමහර වෙලාවට ටැබූ කලේ පැනලා යන එක හරි වෙන පැත්තකට ගෙනියන එක හරි උත්තර නොදී ඉන්න එක හරි තමයි.

    මං දන්න තරමට ටැබූ හිර උනේ ඔය දෙන්න ගාවදී විතරයි. ඒ නිසා සුජීව මෙතනදී කතා කරපු එක හොඳයි ටැබූව හොඳින්ම දන්නා කෙනෙක් හැටියට...

    ටැබු ගැන එක ලිපියක කරුණු හරහා අධ්‍යයනය කරන්න හදන එක තේරුමක් නැති දෙයක් විතරයි. මතවාදීමය වශයෙන් මම ටැබූට එකඟ නැහැ බොහෝමයක් තැන් වලදී.. ඒ වගේම මං මට හිතෙන දේත් ටැබූ ගැන කියලා ඇති..ඒත් ටැබූ කියන්නේ දක්ෂයෙක්.. ඒ වගේම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බ්ලොග් අවකාශයේ පොරක්. ආයේ ඒකේ දෙකක් නැහැ... ටැබූට කතන්දරව සමාන කිරීම ඒ දෙදෙනාටම කරන අපහාසයක් විතරයි. ටැබූ හැක් උනේ නැහැ කියන මතවාදයේ මම හැමදාම ඉන්නවා. ඒ වගේම ටැබූව එළිදරවු වීම මත ඔහු නැවතුනා කියන එකත් මම පිළිගන්න දෙයක්. ඒ එළිදරවු කිරීම් එකකදීවත් කතන්දර ගැන කතාවක් ආවේ නැහැ. එහෙම හිතන්න පුංචිම තරංවත් හේතුවක්වත් දැක්කෙත් නැහැ මමනං.

    ඊ ළගට ඇනෝනිමස් ගැන කතා කරනවනං..කියන්න දෙයක් නැහැ..ඒ ටැබූ වෙන්නත් පුළුවන්.. කතන්දර වෙන්නත් පුළුවන්..අභීත වෙන්නත් පුළුවන්. මේ ලියන මම වෙන්නත් පුළුවන්... ඒකේ යන පෝස්ට් හැම එකක්ම ඇනෝනිමසයාගේම නොවෙන හින්දා ලිපියෙන් ලිපියට අපි කවුරු උනත් එතන තිරය පසු පස්සේ ඉන්න පුළුවන්...

    අනිත් වැදගත්ම දේ තමා ඇනෝනිමස් ලෙස ලිපියක් ලියනවනං මම කවදාවත් මගේ රටාවෙන් ලියයිද..? අනිවාර්යයෙන් මං හිතා මතාම ඒක වෙනස් රටාවකින් ලියනවා ඇර..

    දැන් කියන්න එහෙම එපා එහෙනං ඔය මං ගැන වර්ණනා කරලා ලියපු ඇනෝගේ ලිපි ටිකත් මංම රටාව වෙනස් කරලා ලියපු ඒවා වෙන්න ඇති කියලා... අනේ නැහැ... මටවත් එච්චර හොඳට මගේ පිට කහ ගන්න තේරෙන්නේ නැහැ...

    අර සුජීව කිව්වා වගේ මේකට කොමෙන්ට් එකක් ලියනවද නැද්ද කියලා මං සෑහෙන්න කල්පනා කලා.. ඒකමයි කලිනුත් පුංචි එහෙකින් ලිස්සලා ගියේ.. ඒත් මේ පාරත් ලියඋනේ ලියන්න ඕනම ටික නෙවෙයි.. බොහෝම ටිකයි.. කියන්න ඕන ටික ලියන්න තව සෑහෙන්න ලියන්න වෙනවා..මට කම්මැලියි ඕවා කොට කොට ඉන්න.. ඊට වඩා ලේසියි මං දන්න තාලෙට පරිප්පු හොද්දක් හදන හැටි ලියාගෙන මගේ පාඩුවේ ඉන්න එක...:D

    ReplyDelete
  51. මට සුජීවගේ කමෙන්ට් එක කියෙව්වයින් පස්සේ හිතුනා සිරියස් කමෙන්ට් එකක් දාන්න.

    1. සුජීවට වගේම මටත් [ටැබූව හරියට කියවපු තව කීප දෙනෙක්ටත්] ටැබූ කියන්නේ කවුද කියලා දල අදහසක් තියෙනවා, ඒ ඔහුමයි කියලා ඔප්පු කරන්න තරම් සාක්ශිත් තියෙනවා. ඒත් ඒ කවුද කියලා අපි ප්‍රසිද්ධ කරලා අපේ බ්ලොග්ස් වල හිට්ස් වැඩි කරගන්න අපිට අදහසක් නැහැ. මොකද අපි ටැබූගෙන් දෙවල් ගත්තු අය. මට එක අතත්‍ය [ටැබූගේ වචනයක්] මිතුරෙක් කිව්ව දෙයක් තමයි "මචන් මගේ ජිවිතේ ටර්නින් පොයින්ට් එක ටැබූ" [ඒ ඔහු කලක් නවත්වා තිබූ ලිවීම නැවත පටන් ගත්තු නිසා]. ඒක නිසා අපෙන් කවදාවත් ටැබූ කියන්නේ කවුද කියන එක එළියට එන්නේ නැහැ.

    2. මමත් පුද්ගලිකව හිතන්නේ නැහැ ටැබූ හැක්වුනා කියලා. මට ඒක මුල ඉදලම හිතුණු දෙයක්. ටැබූ රහසෙම "නික්මුනා". ටැබූට වෙච්ච දේ දන්නේ ටැබූ විතරයි.

    3. ටැබූ එදිනෙදා/කාලීන මාතෘකා ගැන එසැනින් ලිව්වා. ඔහුගේ වේගය මා පුදුමයට පත් කළා. ඒ වගේම ඔහු ලියන දේ පතුළ පේන පොකුණක් වගේ හරි පැහැදිලි. ඔහුට බුද්ධිමත් පාඨක පිරිසක් එකතු කර ගැනීමටත් හැකි වුනා, එතන සංවාදයක් තිබුනා. ඔව් ඇත්ත ටැබූට මහා ලොකු ඊගෝ එකක් තිබ්බා, තමන්ගේ මතය හරි යැයි පිළි ගන්නා තුරු එළව එළවා ගැසීමේ පොඩි අවුලක් තිබුනා. ඒත් ඔහු සහ අනෙකා අතර ඇතිවෙන සංවාදයෙන් අපිට ගන්න දෙයක් තිබුනා.

    4. පහු ගිය දවස් වල ලංකාවේ සිදුවුනු විවිධාකාරයේ සිදුවීම් [ග්‍රීස් යකා, වරායේ ගල් ගෙඩිය, අලි සංගනනය ආදි] දකින කොට අහනකොට නිතරම හිතුනු දෙයක් තමයි "ටැබූ හිටියනම්" කියන එක. මොකද ඔහු ඒ මාතෘකා ගැන ලියන දේ සහ ඒ නිසා මතුවෙන මතුකරන සංවාද තුළින් අපිට නොපෙනෙන නොහිතනන මානත් අපිට පේන්න ගන්නවා, දැනුවත් වෙනවා.

    5. මේ කමෙන්ට්ස් ගොඩේ මට ටිකක් හිනා ගිය කමෙන්ට් එකකුත් තියෙනවා. ඊට පස්සේ කළින් කියවපු ලිපියක තිබ්බ මෙන්න මේ කෑල්ල

    """
    මා කුමක් ලීවත් නුඹලා නුඹලාගේ බඩගෝස්තරවාදී වැඩ කටයුතු නවතා නොදමන බැව් මා හොදින්ම දනිමි.
    මක් නිසාද යත් මෙ බ්ලොග් නොලීවාට දහඩිය මහන්සියෙන් හම්බකරගෙන කන අපට නැති වීමට දෙයක් නැති බවත් ,නුඹලාට මෙ ලිවීම නැතිව ගියහොත් එදා වෙල කන්නට වෙන්නේ පාර අයිනේ සිගා කෑමෙන් පමනක් බව දන්නා නිසාත්ය.
    """

    කියවලා මට තවත් හිනා ගිය [කොහොමත් මට ඔය තනියම හිනා යන ලෙඩේ තියෙනවා]
    මම හිතන්නේ දැන් ටැබු පාර අයිනේ හිඟා කනවා ඇති. දැක්කොත් කීයක් හරි දාල යන්න අමතක කරන්න එපා. :)

    ReplyDelete
  52. contd.

    6. ටැබූ නික්මිලා මාස 6ක් [පහුගිය මාර්තු සිට] ගත වෙලත් තවමත් ඔහු විකිනෙණ [හිට්ස් වැඩි කරන] මතෘකාවක් වීම තුළින්ම ටැබූ සින්හල බ්ලොග් අවකාශයට ඔහු කරන ලද බලපෑම ගැන වෙනත් උදාහරණ ඔනේ නැහැ මම හිතන්නේ. ඒ වගේම ඔහු නික්මීම නිසා ඇතිවූ හිඩැසද එළෙසමයි.

    ReplyDelete
  53. හො‍ඳයි ඉතිං හිනාවෙලා යන්නං... පොඩි පිට කසනවා වගේ ගතියකුත් තියනවා.... ඒ වුනාට ඒකත් මරැ...

    ReplyDelete
  54. අමුතුවෙන් මොනවත් කියන්න දෙයක් නැහැ. සුජීවගෙ කමෙන්ට් එකට ටිකක් අඩු වැඩි කිරීම් කරන්න විතරයි තියෙන්නෙ.

    අර උඩ කවුද පොර ටෝක් එකක් දීල තිබුන හිට්ස් ගැන හිත හිත බ්ලොග් ලියනව කියල. ඒකත් අන්තයටම ගිහින් කරන එවුන් වැඩියි තමයි. ඒත් බ්ලොග් ලියන එකෙක්ට හිට්ස් දැක්කාම සතුටක් එන්නෙ නෑ කියන්නෙත් අනිත් පැත්තෙ ලෙඩේ.

    මාලන්ගෙ කමෙන්ට් එකත් අන්තිමට මේකට එකතු කරන්න. විශේෂයෙන්ම,

    "6. ටැබූ නික්මිලා මාස 6ක් [පහුගිය මාර්තු සිට] ගත වෙලත් තවමත් ඔහු විකිනෙණ [හිට්ස් වැඩි කරන] මතෘකාවක් වීම තුළින්ම ටැබූ සින්හල බ්ලොග් අවකාශයට ඔහු කරන ලද බලපෑම ගැන වෙනත් උදාහරණ ඔනේ නැහැ මම හිතන්නේ. ඒ වගේම ඔහු නික්මීම නිසා ඇතිවූ හිඩැසද එළෙසමයි. "

    උඹල ලියන දේවල් බලල ආතල් එකක් අරන් අපි යනව. ඒත් ලියන දේවල් වලට වගකියන්නත් ඕනෙ මචං. ඒකත් මතක තියාගත්තොත් හොඳයි.

    ReplyDelete
  55. ""උඹල ලියන දේවල් බලල ආතල් එකක් අරන් අපි යනව. ඒත් ලියන දේවල් වලට වගකියන්නත් ඕනෙ මචං. ඒකත් මතක තියාගත්තොත් හොඳයි.""

    ඇත්තටම මෙතන පිටස්තරයා මතුකරන පොයින්ට් එක
    හරිම වැදගත්.

    මේ ලිපියේ සැබෑ අරමුණ [intention එක] මොකක්ද?

    ටිකක් හිනාවෙන එකමද?

    කතන්දර කියන්නේ මේ වගේ දේවල් සීරියස් නොගන්න, වලිය බර නැති කෙනෙක් නිසා හොඳයි. සමහර විට ඔහු මේක හෙඩිමකට දාලා හෙට අළුත් පෝස්ට් එකකුත් ලියයි.

    ඒත්... මේ කථාව එතනින් ඉවරද?

    ReplyDelete
  56. මට හිතෙන්නෙ අභිය හිනාවෙන්න ලියපු පෝස්ට් එක කට්ටය සීරියස් අරගෙන වගේ :-(

    මොනව උනත් කතන්දර නිසා තමයි ගොඩක් අය බ්ලොග් කියවන්න/ලියන්න පටන්ගත්තේ (ගොඩක් අය තමන්ගෙ බ්ලොග් වල ඒක ලියල තියෙනවා)
    ඒ නිසා අහක ඉන්න කතන්දරට බනින්න/මඩ එපා.

    මට නම් ෂුවර් ටැබූ කියන්නෙ සයිබර් යායෙ ටිකිරි කියලා :-)

    ReplyDelete
  57. කිවයුතු සියල්ලම වගේ සුජීව හා මාලන් කියා තිබුනත් තවත් සුලු දේවල් කීපයක් පැවසිය යුතුයැයි සිතමි.

    එකඟ නොවිය හැකි කරුනු තිබූ නමුත් ටැබූ යනු ගැඹුරක් සහිතව, හිතන්න හා සංවාද කිරීමට යමක් ලිවූ සිංහල බ්ලොග් කරුවන් අත්ලොස්ස අතරින් කෙනෙකි. ඔහුගේ ලිපි සඳහා ඔහු ගත් අවදානම හා කැපකිරීම (Time & effort for literature search etc.) කල වෙනත් බ්ලොග්කරුවෙකු මෙතෙක් සිටියාද හෝ මතුවට හෝ ඇතිවනු ඇතිදයි සැක සහිතය. (එවැනි අවදානමක් ගැනීමට කැමති අයෙකුට වුවත්, ටැබූගේ තිබූ ආකර්ශණීය ලෙස බස හැසිරවීමේ හැකියාව ලැබීමට ඇත්තේ අඩු සම්භාවිතාවකි.) ටැබූ යනු "පරමාදර්ශී සිංහල බ්ලොග් රචකයා" නොවූවත්, ඔහුගේ නික්මයාමෙන් දැඩි රික්තයක් ඇතිවූ බව අවිවාදිතයැයි සිතමි.

    අවධානයට ලක්විය යුතු අනෙක් කරුණ නම්, බොහෝ අවස්ථා වලදී සිංහල බ්ලොග් අවකාශය තුල දකින්නට ලැබෙන කුණු ඕපාදූප ඇවිස්සීමට දක්වන ලොල් බව හා කල්ලිවාදයයි.

    ටැබූ, කතන්දර, බියොන්ඩ් ෆ්‍රේම්, කොලූ, පෙරමුණේ රාළ හෝ අන් අයෙකු නිර්ණාමික හෝ ආරූඪ නාමයකින් ලිවීම, අපට ප්‍රශ්නකල නොහැකි ඔවුන්ගේ පුද්ගලික තෝරාගැනීම්ය. ඔවුන්ගේ පැටිකිරිය සෙවීමටයැයි කියා අතාර්කික උපකල්පනයන් ප්‍රසිද්ධියේ සිදු කිරීම එතරම් බුද්ධිගෝචර නොවන ක්‍රියාවක් සේම, මෙම වැරදි උපකල්පනයන් නිසා ඔවුන්ට පමණක් නොව, බ්ලොග් කෙරුවාවට කිසිදු සම්බන්ධයක් නැති තුන්වන පාර්ශවයන්ටද විය හැකි හානි බොහෝය.

    යමෙකුගේ අදහස් සමග මතවාදී ලෙස ගැටීමට හෝ එකඟ වීමට ඔහුගේ පෞද්ගලික තොරතුරු අදාල නොවේ. ඒවා අවශ්‍ය වන්නේ මතවාදී නොවන ග්‍රාම්‍ය මට්ටමේ පුද්ගලික ආරවුල් වලදීය.

    ReplyDelete
  58. මේවා බලල අභීත අයිය කොහොම හිනා වෙනවද දන්නෙ නෑ....
    දෙපැත්තෙන්ම වෙන්න ඕන...

    ReplyDelete
  59. ඇත්තටම මමත් මේකෙන් ලිස්සලා ගියා. මොකද මම මේකෙ ආගිය මුලගිය විත්ති දන්න නිසා. මම කලින් ලිවුවනේ මම, ඕනය, අභියා කඩුගන්නාවෙ ට්‍රිපක් ගියා කියල. ඔතන යන ගමන් (තනි කෑල්ලට බීල) එක එක මාතෘකා කතා උනා. ඔතෙන්දි ගිය එක ආගියුමන්ට් එකක් තමා බ්ලොග් පෝස්ට් එකක තියෙන කරුනුද වැදගත් එහෙමත් නැත්නම් මාතෘකාවද කියලා. අභියා කිවුවේ කතන්දරගෙ ස්ටයිල් එකට කන්ට්‍රොවශල් මාතෘකාවක් දැම්මොත් අනිවා හිට්ස් වැඩිවෙනව කියල. ඌ උගේ කතාව ඔප්පු කරන්න තමා මේ පෝස්ට් එක දැම්මේ.

    හැබැයි ඌ බලාපොරොත්තු වෙච්චි තරම් හිට්ස් ලැබුනද නැද්ද කියල නම් මම දන්නෙ නෑ. ඒත් මේ පෝස්ට් එකට හම්බ උන කමෙන්ට්ස් ප්‍රමානෙට නම් ඌට සෑහෙන්න සතු‍ටු වෙන්න පුලුවන් වෙයි. අනික අභිය කියන්නෙ කතන්දරගෙ පාරෙ යන කෙනෙක්. ඒ කියන්නෙ අපි වගේ නෙමේ දරුණු මාකටියර් කෙනෙක්. හෙට අනිද්ද ඌත් කතන්දර වගේ උගේ බ්ලොග් එකේ ලින්ක් එක තියෙන විසිටිං කාඩ් ප්‍රින්ට් කරල බෙද බෙද ගියොත් මම ඒ ගැනත් පුදුම වෙන්නෙ නෑ.

    මට සෑහෙන්න විශ්වාසයක් තියෙනව නිකම් ජොලියට මේ පෝස්ට් එක ලිවුවත් අභිය අනිවාර්යෙන් කතන්දර එක්ක මේ ගැන කතා කරල තමා මේ පෝස්ට් එක ලියන්න ඇත්තේ. මොකද ඌ කාට හරි මඩක් ගහද්දි පර්මිශන් අරන්තමා මඩ ගහන්නේ. මෙන්න එක උදාගරණයක්.

    දුමීගෙ පැදුරු පාටියට පස්සෙ දවසෙ මූ මට කෝල් කරනව

    අභිය : අඩෝ රංගය පොඩි සීන් එකක් තියෙනව
    මම : කියපන්
    අභිය : මචං අර ඊයෙ චමිඳු උඹ ගැන කිවුව ඒව ලියන්නද?
    මම : එළ අවුලක් නෑ. ‍තෝ බීලනෙ හිටියේ තොට ඒව හරියටම මතකද?
    අභිය : හරි යකෝ මමනෙ ලියන්නෙ

    ආයෙ විනාඩි 5 කින් මුගෙන් කෝල් එකක් එනව

    අභියා : මචං පොඩි වැඩක් අහන්න අමතක උනා
    මම : මොන මගුලක්ද බං?
    අභියා : මම දාන පෝස්ට් එකත් එක්ක උඹගෙ අර "ජයවිමන වයින් ස්ටෝස්" ෆොටෝ එක දැම්මට කමක් නැද්ද?
    මම : ඒක හැමෝම දැකල ඉවරයි. ‍තෝ ඕනෙ මගුලක් කර ගනිං

    ReplyDelete
  60. අය්යෝ මට මේක කියන්න අමතක උනා.

    සුජීවගෙයි, චමිලගෙයි, මාලන්ගෙයි කෙමෙන්ට්ස් පට්ට

    මට නම් ශුවර් ටැබූ කියන්න කොකා ;-)

    (සුජීවය මගෙ ගැන දන්න නිසා මාත් එක්ක දැන් මරා ගන්න එන එකක් නැතිවෙයි කියල හිතනව)

    ReplyDelete
  61. එහෙම එකක් කියලා මටත් හිතුනා රංග. මේ අත්හදාබැලීම සාර්ථකත් ඇති. නමුත් මෙහි අතුරුඵල වලට අභියා වග කියනවද? අභියා මතභේදකාරී මොකුත් නොලිව්වට මෙතන කමෙන්ට් හැට ගානක් තියෙනවනෙ. ඒවායේ සමහරක් තුල ඇති මඩ/අවලාද/සිත් රිදවනසුළු ඇනුම්පද වැනි දේ මේ විදිහට ප්‍රසිද්ධියට පත්වීම ගැන මොකද හිතන්නෙ?
    හැම තැනකම වගේ සිංහල බ්ලොග් අවකාශයේත් විවිධ ගැටුම් තිබෙනවා. මේවා තවත් තීව්‍ර වෙන මේ විදිහෙ අත්හදාබැලීමක් නොකර හිටියනම් හොඳයි නේද?

    ReplyDelete
  62. මටත් තව පොඩි කතාවක් දෙකක් කියන්න තියෙනවා.

    මේ ලිපිය දමා විනාඩි ගාණකින් අභීත මා සමග චැට් කල වෙලේ මං ඇහැව්වේ එක ප්‍රශ්ණයයි.

    "කෝ මනුස්සයෝ මගේ ගෑණුන්ගේ තන කතන්දරේට ලින්ක් එකක්?"

    පස්සේ පොර ඒ ලින්ක් එක දැම්මා!

    මගේ මාකටින් වැඩ ගැන රංග/අසේල කියා තියෙනවා.

    මං විසිටින් කාඩ් බෙදීමෙන්, ෆේස් බුකියේ, ගූගල් ප්ලස් එකේ ලින්ක් දැමීමෙන් මගේ කතන්දර බ්ලොග් එකට අළුතින් පාඨකයෝ ගෙන්නා ගන්නවා වගේම, ඒ අය ඊලඟට මගේ බ්ලොග් රෝල හරහා සිංහල බ්ලොග් අවකාශයට පිවිසෙන බව අමතක කරන්න එපා!

    ReplyDelete
  63. @කතන්දර Kathandara
    "මං විසිටින් කාඩ් බෙදීමෙන්........ බ්ලොග් එකට අළුතින් පාඨකයෝ ගෙන්නා ගන්නවා"
    අම්මප ඒකටනම් හිනාගියා

    ReplyDelete
  64. @ ජෝති
    හිනා වුනාට නං මොකෝ?

    ඇත්ත කතාවක් කිව්වේ. මං යන හැම තැනම මගේ බ්ලොග් එකේ නම තියෙන බිස්නස් කාඩ් එකක් අරං යනවා. යාළුවන්ට, යාළුවන් ගේ යාළුවන්ට, අළුතින් අඳුණාගන්නා අයට දෙනවා.

    නිකං නෙමේ, සිංහල බ්ලොග් ගැන විස්තර හෙම කියලා.

    මේ මගින් ජීවිතේට බ්ලොග් නොබලපු අය දැන් නිතිපතා බ්ලොග් කියවන්නන් බවට පත්වී තීයෙන බව මං පෞද්ගලිකව දන්නවා.

    ReplyDelete
  65. මගේ ගාවට හදහන් බලන්න එන අයට ටෙලිෆෝන් නම්බරේ දෙන්නෙත් කඩදාසි කොළ කෑලි වල ලියලා.විසිටින් කාඩ් එකක් හදාගන්න උවමනාවක් තියෙනවා.බ්ලොග් එක ලියන්නෙනම් හම්බ කරන්න නෙවෙයි.කතන්දර මහත්තයාගේ වැඩේ බ්ලොග් ලියන හැමෝටම සේවයක් කියලා දැන් තේරෙනවා.ඔයාගේ විසිටර් එක්කෙනෙක් හරි මගේ බ්ලොග් එකත් කියවන්න ඇති නේද?

    ReplyDelete
  66. ඇනෝනිමස් ආතල් ඇඩ්මින් කවුරු වුනත් අපිට මොකෝ..ඒ චමිල අල්විස්,ටැබූ,කතන්දර,ලසිත බෙනරගම,වැපා,රචින්ත,පහන් හෝ සින්ඩි කාරයෙක් වේවා අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි.හැබැයි ඇනෝනිමස් ආතල් එකේ පාඨක ලිපි වලට තැනක් තියෙනවා කියන එක මට 100% ශුවර්.

    ReplyDelete
  67. අපිට මොටෝ බං ඔව්වා.... කියවල රස වින්දනම් ඒ මදෑ අර දුකා කිව්ව වගේ.

    හිනා නම් ගියා

    ReplyDelete
  68. @JHOTHISHALANKA: කතන්දර නිසා බ්ලොග් බලන්න පටන් ගත්තු කෙනෙක් මම... කතන්දරව මුලින්ම හම්බ වෙච්ච දවසෙ, මටත් හම්බ උනා බිස්නස් කාඩ් එකක්... පලවෙනි වතාවට තමයි මං එහෙම දෙයක් දැක්කෙ (ඒ කිව්වෙ බ්ලොග් එකක් ගැන බිස්නස් කාඩ් එකක්)... ඉතින් ඒකෙ ගුණේ තියන්නත් එක්ක මං කතන්දරගෙ බ්ලොග් එක ටිකක් කියෙව්ව... කියවද්දි ආස හිතුන මටත් බ්ලොග් එකක් ලියන්න... කියන්න දේවල් නම් ඕනෙ තරම් තියෙනව, ඒත් ලියන්න තරම් ඉවසිල්ලක් මට නැහැ... මං මගේ යාලුවෙක්ටත් දුන්න ඒකෙ ලින්ක් එක... පොරත් දැන් හැමදාම බ්ලොග් එක බලනවා... මං මෙ බ්ලොග් එකත් හොයා ගත්තෙ, කතන්දරගෙ තියෙන ලින්ක් එකකින් තව එකකට ගිහින්, ඒ වගෙ ලොකු රවුමක් ගහල... කතන්දරගෙ අභිප්‍රාය මොකක් උනත්, බ්ලොග් බලන කට්ටිය ගනන, අඩුම ගානෙ දෙන්නෙකුගෙන් වැඩි වෙලා කියල සහතිකයි... ඒ මමයි මගෙ යාලුවයි... :D

    ReplyDelete
  69. මමනම් බ්ලොග් බලන්ඩ පටන් ගත්තෙ දුමී ගෙ බ්ලොග් එකෙන්, ඊටපස්සෙ කතන්දර හරහ අනෙකුත් බ්ලොග්. මටනම් ලියන්ඩ බෑහෑ ඒ උනාට කියවන්ඩ පුලුවන්......

    බ්ලොග් ලියන්නෙ කවුරු උනත් කමක් නෑහෑ... ඒ ඔක්කොමලටම පිං.....

    ReplyDelete
  70. අභියෝ මඤ්ඤොක්කා ගන්න ගියා නම් අරන් එන්නේ නැතුව උඹ මක්කෙයි වත්තේ හතර මායිම් හොයන්නේ?
    මේ කතාවනම් නියමයි...

    __චමී___

    ReplyDelete
  71. අම්මො කමෙන්ට් ගොඩ බෙල්ල රිදෙනවා කියවලා.

    ReplyDelete
  72. හම්මෝ ,.,., කවුරු උනත් මොකෝ ,.,., හොදට ලියනවනන් ,.,., අම්මෝ ,.,මගෙත් බෙල්ලයි අඑස් දෙකයි ,.,ඇස් දෙකේ පොට පැන්නොත් එහෙම

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...