Saturday, September 10, 2011

ටැබුයි, ඇනොනිමසුයි, කතන්දරයි එක්කෙනෙක්ද? අංක දෙක කොටස..

මේකේ පළවෙනි කොටස.. කියවපු නැති අය ඉන්නවද? එහෙනම් කියවලා එන්න මෙන්න මෙතනින්... මෙතනින් එහාට මම මෙහි දෙවෙනි කොටස කියන්න යන්නේ... ටැබූ, කතන්දර හා ඇනොනිමස් කියන්නේ මේ බ්ලොග් අවකාශය තුල කවුරු හෝ හමු උනාම අනිවාර්යයෙන්ම කතා කරන මාතෘකා තුනක්... මම මගෙ කලින් පෝස්ට් එකක්දි කියලා තියෙනවා වගේම බ්ලොග් කරුවන් අතර සිදු වූ සමාජ සේවා ව්‍යාපෘති, එක එක සුහද හමුවීම්, විද්වත් සාකච්ඡා, පැදුරු පාටි, හදිස්සියේ බොන්න සෙට් වීම්, ට්‍රිප් ආදී එකී මෙකී ගොඩාක් දේවල් වලට සහභාගී වෙලා තියෙනවා... ඒත් එක අවස්ථාවකදීවත් මේ වචන තුන කණට නොඇසී මම ඒ එක තැනකින්වත් පිටවෙලා නෑ.... මේ කියවුන ඕනෑම හමුවකදිම වැඩිපුරම කියවුන වාක්‍ය තුනක් තමයි මේ පහත තියෙන්නේ....


මේ වැඩේට පබ්ලිසිටියක්ද? කතන්දර වගේ ලින්ක් ගොඩාක් දාල ලියමු....


අඩෝ ටැබුවද? වැපානේ බන් ටැබූ ලියන්නේ.. ඌනේ නුවර පාරත් ලියන්නේ....


පරිස්සමින් කතා කරපියව්.. ඇනෝ බලාගෙන ඇති කොහෙ හරි ඉදන්.. අනික මේ රචියයි චමිලයයි ලසියයිත් ඉන්නව මෙතන.....


මේ හැම වාක්‍යයක්ම කවුරු විසින් කියවුනත් අන්තිමට උනේ අපි ටිකක් හිනා වුන එක විතරයි....  



ඒ වගේම මේ නම් කියවුන පුද්ගලයින් විසින් ඒ බ්ලොග් පිටු රචනා කරනවයි කියලා එතන කවුරුත් හිතුවෙත් නෑ.. ගොඩාක්ම විනෝදය සඳහා කියූවක් වූ අතර හිනාවකින් ඒ හැම දෙයක්ම අවසන් උනා... කොටින්ම කිසි දවසක මටවත් මේ තුන් දෙනා කවුද කියලා හොයන්න උවමනාවක් වෙලා තිබ්බේ නෑ... කතන්දරවනම් හමු වෙලා තිබුනනේ කලින්ම....


එහෙනම් මොන මගුලකටද ඕයි අර වගේ එකක් ලියුවේ....?


මේ සුභාශ් අයියා (දුකා) චැට් එකෙන් මගෙන් අහපු ප්‍රශ්ණේ... 


මෙන්න නිධාන කථාව.....


අපි පහුගිය දවසක රේල් පාර දිගේ පයින් ගියානේ.. ගමන ගැන විස්තර මගේ ලෝකයේ දාලා තිබ්බනේ... ඔය යන ගමන් බ්ලොග් හිට්ස් ගැන කතාවෙවී ගියා...  අපි තුන් දෙනාම හිට්ස් ගැන බලාගෙන බ්ලොග් ලියන අය නොවෙන බව කවුරුත් දන්නවනේ.... ඒත් අහස උසට හිට්සුත් තියෙනවනේ.... ඉතින් අපි කතාවුනා එක ලිපියක් හිට්ස් ටාර්ගට් කරලා ලියලා බලමුද කියලා... අපේ බ්ලොග් වලට ගොඩ වදින අයට අපි සිරා ටෝක් දුන්නොත් මමනම් පෞද්ගලිකව හිතුවේ වෙන පෝස්ට් වලට වඩා මේ මිනිස්සුන්ට හිනා යයි කියලා.... ගොඩාක් අය බිම පෙරලි පෙරලි හිනා වෙලා තිබුනත් ගොඩාක් අය සංකීර්ණ මාතෘකාවක් විදිහට ඒක අරගෙන තිබුනා.... මෙන්න ඒ පිළිබඳ සමාලෝචනය හා තවත් දේ....


කලිනුත් කිව්වා වගේ මේක හිට්ස් වැඩිවෙනවද කියලා බලපු තවත් එක පෝස්ට් එකක් විතරයි... හරියට නන්දා මාලිනීගේ "නාන්න නන් නාන්න නෝනා" වගේ... නමුත් එහි තිබ්බ කමෙන්ට්ස් කිහිපයක් අපේ බ්ලොග්ස් ලියන හැමෝම වෙනුවෙන් අරන් පෙන්නන්න මම කැමතියි....


කමෙන්ට් ගොඩක අද බ්ලොග් ලෝකයේ ඉන්න හොදම රචකයා අහවලා ලෙස තම තම නැන පමනින් අදහස් දක්වලා තිබා... මාරයාට, සදරුට, නලිනිට හොද අවස්ථාවක් ඒකෙන් හම්බෙලා තිබ්බ.... නමුත් මගේ අදහස ඒක සාපේක්ශයි කියලයී... මෙන්න මෙහෙම කමෙන්ට් එකක් නිසා මම හිතුවා හැමෝගෙම ශෛලීන් වෙනස් නිසා මේක තමයි ඇත්ත කියලා.... 


සදරුවා ලියන එව්වා ඌ ලස්සනට ලියනවා... ඒක වෙන කතවක්. ඒත් ටැබුවා කියන්නෙ ලව් කරප්වයි බූට් කාපුවයි ලියපු එකෙක් නෙමේ. ඔව්ව ලියල ටැබුවට ලං වෙන්ඩ ඔය එකෙකුටවත් බෑ. උඹලා නිකං මාරයට සදරුවට ලනුදීල උංව විනාස කරන්ඩ එපා.


ඇනෝ කෙනෙක් ලියපු ඉහත කමෙන්ට් එකේ අන්තිම වාක්‍යය විතරක් සැලකිල්ලට ගන්න... අනිත් ඒවා අදාල නෑ මම හිතන්නේ.... නලිනි හා මාරයා මේකෙන් වෙනස් වෙන්නෙ නෑ.. සඳරූත් වෙනස් වෙන්නෙ නැතිවෙයි... මොකද දෙන්නම් සරල මිනිස්සු... නමුත් සඳරූ වයසින් බාල නිසා ඔහුගේ ජනප්‍රියත්වය කෙසේ නඩත්තු කල යුතුද යන්න ගැන ඔහු තව පාරක් සිතිය යුතු බව මගේ අදහසයි.... 


සුජීව කොකාවලයින්ගේ කමෙන්ට් එක ගිහින් බලලා එන්න... මොකද ඒක දිග වැඩියි.. මගේ අදහස හරියටම වටහගෙන වෙන කෙනෙකුට කණ පුරවලා ගැහුවද කියලයි මට සැක මචන්....


තවත් එක දෙයක්... මේක චමිල, එහෙම නැත්නම් පිටස්තරයා මට දුන්න අවවාදයක්ද, එහෙම නැත්නම් මට ගහපු කණේ පාරක්ද කියලා හිතා ගන්න බෑ... ඒත් අලුතෙන් බ්ලොග් ලියන්න ආපු හැමෝටම ඉතාම වැදගත් වාක්‍යයක්... ලියන්නන් වාලේ බ්ලොග් ලියන හැමෝම ඉතා තදින් හිතට ගත යුතු වාක්‍යයක්.. මෙන්න ඒක...


උඹල ලියන දේවල් බලල ආතල් එකක් අරන් අපි යනව. ඒත් ලියන දේවල් වලට වගකියන්නත් ඕනෙ මචං. 


දැනට වැටුන අන්තිම කමෙන්ට් එක අසේලගෙන්.. එහෙම නැත්නම් රංගගෙන්... ඒක තමයි ඇත්ත කථාව.... ඒකෙ රංග හිතන එක දෙයක් විතරක් වැරදි.. මම මේ පෝස්ට් එක දාලා තමයි කතන්දරගෙන් කමක් නැද්ද කියලා ඇහුවේ..... කතන්දර කමක් නෑ කිව්ව ඉතින්....



දැන් තේරෙනවනේ.... කලින් පෝස්ට් එක නිශ්චිත හිට් සංඛ්‍යාවක් බලාගෙන අභියෝගයකට ලියපු පෝස්ට් එකක්.. ඒත් මම පරාදයි... ඒකෙන් වෙන්නේ ලබන බ්‍රහස්පතින්දාට පසු දිනකදී ඕනයාටයි අසේලයාටයි මගෙන් හක්කෙන් දතක් දන් දෙන්න වෙන එක.. 


මීට පස්සේ විහිලුවටවත් මතාභේදාත්මක පෝස්ට් ලියන්නෙ නෑ කියලත් හිතා ගත්තා... මොකද විවිධ ව්‍යාපාරික කටයුතු අතරේ පීඩණයකින් ඉන්න මට මගෙ බ්ලොග් එකේ කමෙන්ට් වලින් තවත් පීඩණයක් එනකොට මගෙ බ්ලොග් ලිවීමේ පරමාර්ථය එලියට යන නිසා.. මෙහි පලවෙනි ලිපියෙත් තුන් හතර තැනකදිම ටිකක් හිනාවෙන්න කියන වචනේ මතක් කලේ ඔයාලට මගේ අරමුණ වැටහේවි කියලා.... ගොඩාක් අයට වැටහිලා තිබුනත් සමහර අයට ඉතාම සංකීර්න පෝස්ට් එකක් වෙලා තිබ්බා....


ඊලඟ ලිපියේ ඉදන් ආයෙත් ගොඩ වදින්න ටිකක් හිනාවෙන්න බලාගෙන... මේ ලිපියෙන් කාගේ හරි සිත් රිදවීමක් උනා නම් සමාවෙන්න.. මේ ලිපියටත් මුවඟට නැගෙන මඳ සිනාව ඔහොමම පිට කරලා දාන්න.....


ප.ලි. මේ ටිකට රංගයා තව කමෙන්ට් එකක් දාලා... අන්තිම හරියේ එක ලඟ තියෙන කමෙන්ට් එකෙන් උඩ තියෙන කමෙන්ට් එක ගැන තමයි මම ඉහත සඳහන් කරලා තියෙන්නේ...... හැබැයි දෙවෙනි කමෙන්ට් එකේ තියෙන කොකා කියන එකෙන් අදහස් වෙන්නෙ කොකාවලද? :D


ප.ප.ලි. මේකෙන් සිදු වුන දුකම සීන් එක එතෙක් මෙතෙක් කල් මගේ බ්ලොග් එකේ මම ලියපු මම ආසම කථාව වෙච්ච "නවම් මචන්, ආයෙ ලියන්න එපා බන් මේ වගේ කථා.... මේ කථාව ටිකක් හිනා වෙන්න නෙවෙයි" කියන කථාව ටොප් ටෙන් එකෙන් එළියට විසි වෙච්ච එක.....

43 comments:

  1. Post එක වගේම comments ටිකත් කියව්වා කියලා විතරක් සටහන් කරන්නම් :)

    ReplyDelete
  2. ටාර්ගට් එක කීයද අබීත අයියා... ? අපරාදේ තවත් බෝතල් පාටියක් මිස වෙනවා.... මමත් උබෙ බ්ලොග් එකෙ කැමතිම පොඑස්ට් එක තමයි නවම් ආයේ මේවා ලියන්න එපා කියන පොස්ට් එක...

    ReplyDelete
  3. //මගෙන් හක්කෙන් දතක් දන් දෙන්න වෙන එක..//

    මේ විත්තිය කලින් දැන හිටියානම් මොනවා හරි කරන්ට තිබුනා. දැන් නම් කරන්ට දෙයක් නෑ. දත දන්දීලා එන්ට...:D:D:D

    ReplyDelete
  4. හ්ම්...මේකත් කියෙව්වා....

    ReplyDelete
  5. කමෙන්ට් ඇවිල්ල හිට්ස් ඇවිල්ල පොරක් වෙනව කියන්නෙත් එක්තරා වධයක්...මොකෙක්වත් බලනව කියල නොදන්න කාලෙ ඔහේ කරන ලියවිල්ල වෙනස් වෙනව එතකොට...
    මට ඕනි ලිපියක් ලියන්න මං ආසම නිලිය ගැන ...එයා තමයි සාටිවා රෝස්...පෝන්ස්ටාර් කෙනෙක්...
    ඒත් දැන් මට තියෙන බොහොම සුට්ටං ජනප්‍රියත්වයත් මට මහ බාධාවක් වෙලා ඒක ලියන්න..

    ReplyDelete
  6. අභියගෙත් දත් ගලවන්න පුළුවන් එවුං ඉන්නව එහෙනං....

    ReplyDelete
  7. හක්කේ දතක් දෙන්න වෙන එක ගැන කලින් කිව්ව නම් දෙන XXතක් (දතක්) දීපන් කියලා නෑවිත්ම ඉන්න තිබ්බා.

    ReplyDelete
  8. හොඳ වැඩේ හැමදාම කාගේ හරි දත් ගලවනවට...:DDD
    Observer +++++++++++++

    ReplyDelete
  9. ඒ කියන්නෙ අභීත අයියා දැන් අපිව විද්‍යාගාරවල ඉන්න මීයො ගානට දාලා තියෙන්නෙ?

    ReplyDelete
  10. දැන් තමයි මට හරියට හිනා යන්නෙ.. බි.පෙ.සි. බි.පෙ.සි...බි.පෙ.සි...අභී ගෙන් දතක් ගලව ගත්තාය කියන්නෙ ඉතින් සුළුපටු දෙයක්යැ ? බි.පෙ.සි..

    ReplyDelete
  11. අ‍බේපාල මාමාව මුලින්ම මුණ ගැහුනේ ඔය හයික් දවසේ.....
    පෝස්ට් එක නම් නියමයි....ඒ වගේම අර වාක්‍ය සෑහෙන්න වටිනවා..."උඹල ලියන දේවල් බලල ආතල් එකක් අරන් අපි යනව. ඒත් ලියන දේවල් වලට වගකියන්නත් ඕනෙ මචං. "....නියම ලිපියක්....ඇත්තටම කිව්වොත් මේ ලිපියෙන් ගන්න දෙයක් තියෙනවා..

    ReplyDelete
  12. මට මුලින් කලින් පෝස්ට් එක කියවන්න බැරි උනා.මම ඒකත් කියවලා යථා ස්වභාවය අවබෝධ කරගෙන තමයි මේක බැලුවේ......:D

    හැබැයි විහිලුවට වගේ ලියපු සමහර දේවල් සමහරු සීරියස් අරන් වගේ.

    තවත් සමහරු ඉන්නවා මෙහෙම පෝස්ට් එකක් වැටෙනකන් තව එකෙක්ගේ බෙල්ල කපන්න බලාගෙන. :(

    ReplyDelete
  13. adenawa neda puthalata abiyage marketing walata....meeta kathandara :D

    ReplyDelete
  14. හිනා වුනා කියල ලියල ගියත් , ඒ පෝස්ට් එකට ආපු කමෙන්ට් නිසා මාත් එක්තරා දුරකට බ්ලොග්කරණය ගැන හිතන්න පෙලඹුනා කිව්වොත් නිවැරදියි . ඒ වගේ අය තවත් ඇති . එහෙම ඉන්නවා නම් අභිත සහෝගේ දතක් ගැලවෙන්නෙ බ්ලොග් කරණය වෙනුවෙන් වැදගත් සාක්ච්ඡාවකට මඟ පාදලාය කියල සතුටු වෙන්නත් පුලුවන් වෙයි

    ReplyDelete
  15. අභියා;

    100 % ක් ෂුවර් නොතිබ්බට උඹේ වැඩේ හිට්ස් වැඩි කරගන්නද කියලා සැකයක් තිබ්බා. මොකද උඹට හේතුවක් තිබ්බේ නැහැනේ මෙහෙම ලියන්න. එත ඉතින් උඹල වගේ බ්ලොග් කරුවන්ට මොන හිට්ස් වොරිස්‌ ද කියලා හිතුන නිසා ටිකක් ශේප් එකේ ලිව්වේ. මං මුලින්ම උපකල්පනයක් ගෙනාවේ ඒකයි [කොයි පැත්තත් ශේප් වෙන්න].

    මගේ අදහස උඹට විතරක් ලියන එකක් නම් ළඟම හොප් එකකින් [රංගය කියමු] උඹේ ප්‍රයිවෙට් කොන්ටක්ට් එක අරන් දානවනේ. මේක පොදු කතාවක්. උඹ දන්නවා මේ මනුස්සය හොයන්න සමහරු වෙහෙසුණු තරමක්. මං දන්නා දෙන්නෙකුගේ මුහුණු පොත් එකවුන්ට් අල කළා මේ දෙන්න ටැබූ කියා සිතු අන්තවාදීන්. ඒ නිසා පොදුවේ මං ලිව්වේ මේ ගැන වෙහෙසෙන අයට.

    හරි මේක එක්ස්පෙරිමෙන්ට් එකක් නේ. ඔන්න ඔහේ ගියදෙන්.

    දත ගැන අපේ කනගාටුව. උඹ කියන්නේ අපේ බ්ලොග් කියවන්නන් බුද්ධිමත්, බාල හෙඩින් වලට වැටෙන්නේ නැහැ කියල ද?

    ReplyDelete
  16. කලින් පෝස්ට් එකේ රංගගේ කමෙන්ට් එකට පස්සේ චාමි දාල තියෙන මේ කමෙන්ට් එක මම කොපි පෙස්ට් කරන්නම්. මොකද කළින් පෝස්ට් එකට ලැබුනු සමහර කමෙන්ට් කියවලා මායි චාමියි කරන්න හිටපු පොඩි වැඩක් එහෙම්ම නතර කරලා දාපු නිසා.

    ------------------------
    එහෙම එකක් කියලා මටත් හිතුනා රංග. මේ අත්හදාබැලීම සාර්ථකත් ඇති.

    නමුත් මෙහි අතුරුඵල වලට අභියා වග කියනවද?
    අභියා මතභේදකාරී මොකුත් නොලිව්වට මෙතන කමෙන්ට් හැට ගානක් තියෙනවනෙ.

    ඒවායේ සමහරක් තුල ඇති මඩ/අවලාද/සිත් රිදවනසුළු ඇනුම්පද වැනි දේ මේ විදිහට ප්‍රසිද්ධියට පත්වීම ගැන මොකද හිතන්නෙ?

    හැම තැනකම වගේ සිංහල බ්ලොග් අවකාශයේත් විවිධ ගැටුම් තිබෙනවා. මේවා තවත් තීව්‍ර වෙන මේ විදිහෙ අත්හදාබැලීමක් නොකර හිටියනම් හොඳයි නේද?
    ------------------------

    සඳරුයි, ටැබු ගැනයි කතාවක් ලියලා තියන නිසා මේකත් ලියන්නම් [මොකද දෙදෙනාම මගේ ප්‍රියතම ලේඛකයන් නිසා],
    ඇපල් කියන්නේ ඇපල්, දොඩම් කියන්නේ දොඩම්. රස දෙකක්.

    P.S: You got a born talent in business,
    Keep it up!!!

    ReplyDelete
  17. අභීත මගේ බ්ලොග් එක කියවා බ්ලොග් ලියන්න හිතූ බව හෙඩිමේම කියා තිබේ.

    මේ ලිපියේ ලින්ක්ස් දමා ඇති අන්දම දකින විට මට ඇතිවෙන්නේ නිකං ගුත්තිලට ඇතිවුණා හා සමාන හැඟීමකි.

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. අනේ දෙය්යනේ අභීතට මාලන් අන්තිමට කියල තියෙන්නේ දන්න බිස්නස් එක කරගෙන නොදන්නා දේට කට නොදා ඉන්න කියලද මන්ද ........අනේ ඉතින් අභීත මහත්තයාගේ හක්කේ දත බේරගන්න උදව් කරන්න පුළුවන් උනානම් හොඳය්...මටත් මේ පොස්ට් දෙකට අනිත් ඒවට වඩා හිනා ගියා..ඒක නිසා මේ බ්ලොග් එක පැත්තේ කාලයක් තිස්සේ ඇවිල්ල ටිකක් හිනා වෙලා ගියාට මගේ මංගල කමෙන්ටුව විදිහට මෙන්න මේක දාන්න හිතුව ..

    ReplyDelete
  20. සඳරුගේ ජනප්‍රියත්වය ගැන සඳහන්ව තිබූ නිසා මෙහෙම ලියන්ඩ මට හිතුණා ..

    උගේ ජනප්‍රියත්වය නම් ආයේ කියලා වැඩක් නෑ .. මෙච්චර කාලෙකට සඳරුට උගේ බ්ලොග් එක කියවන අයගෙන් කියලා ඊමේල් හතරයි ඇවිදින් තියෙන්නේ ..

    මේ පෝස්ට් එක ගැන නම් කියන්න තියෙන්නේ මම බයෙන් බයෙන් හිනා වුණා කියලයි ..

    ReplyDelete
  21. ඊලඟ සැරේ ලියන්න හොදම අදහසක් දෙන්නද? ඒකේ ලියන්න තියෙන්නේ
    කතන්දර ලියන මහතාට කුණුහරුපෙන් බනින එක විතරයි.ඊට පස්සේ බ්ලොග් අවකාශේ ඉන්න අපි වගේ(මමත් එක්කම) කට්ටිය ඒක විවේචනය කරලා වර්නනා කරලා තව එක එක විදියේ විග්‍රහ විමර්ශන කරලා කමෙන්ට් කරයි.ඊට පස්සේ රැට ඔයා කතන්දරත් එක්ක චැට් කරලා (හරි බොන්න සෙට් වෙලා හරි) හිනා වෙලා ඔට්ටුව ගැන කියන්න ඊට පස්සේ දවසේ මෙන්න මේ විදියටම
    "දැන් තේරෙනවනේ.... කලින් පෝස්ට් එක නිශ්චිත හිට් සංඛ්‍යාවක් බලාගෙන අභියෝගයකට ලියපු පෝස්ට් එකක්.. ඒත් මම පරාදයි.." කියලා ලියලා දාන්න.
    මේ කමෙන්ටුව ලිව්වෙ ටිකක් හිනාවෙන්න විතරයි.තරහ හිතකින් නොවේ.

    ReplyDelete
  22. හික් හික් . . . . පෝස්ට් එක ගැන මොකුත්ම ලියන්නෙ නෑ . . . . . ලබන සතියෙ බ්‍රහස්පතින්දායින් පස්සෙ හම්බවෙලාම කතා කරමු . . . (උදේ වරුවක නං එල ඈ)

    ReplyDelete
  23. @ සඳරු

    කෝ බලන්න ඊ මේල් ඇඩ්රස් එක . බොට එපාවෙනකම් ඊ මේල් එවන්න .

    ReplyDelete
  24. අඩෝ උදේ හම්බ වෙන්න බෑ. අපි තාම ජොබ් කරන මිනිස්සු :D

    ReplyDelete
  25. මම ඒක කියවලා හිනා වුණා... මම වැපා ගැන මගෙ කමෙන්ටුවෙ සඳහන් කළෙත් අපි ඒක නිතර විහිලුවට කියන දෙයක් නිසා... නමුත් මේක තියවලා හිනා ගියා... කියලා විතරක් ඔන්න මම ලිව්වා...

    ReplyDelete
  26. ඇයි මොකද අයියා සුදු වැන් එකක් ගේ පැත්තේ කැරකුනාද? :D හරි හරි විහිළුවට කියලා අපි හිතා ගන්නං............

    ReplyDelete
  27. http://boondionline.blogspot.com/2009/01/blog-post_1260.html

    මෙකත් මෙතැන අලවලා යන්න හිතුනා

    ReplyDelete
  28. මෙහාටත් ඇවිත් ගියෙමි.. :)

    ReplyDelete
  29. මේක නම් අභියා නෙවෙයි ලියල තියෙන්නෙ ....කැත වැඩ කරන්න එපා බන් උඹ කතන්දරගෙ ඩ්‍රාෆ්ට් එකක් ඉස්සුවා නේද? :D

    ReplyDelete
  30. බෝතලෙ ගහනකොට බයිට් වලට කොත්තු හොඳද චිකන් ඩෙවල් හොඳද?.....ලොල්.

    අනේ සාදු අබීත අය්යගෙන් දතක් ගැලවෙනව නම් සාදු සාදු සාදු...!!!

    ReplyDelete
  31. හුටා... ඒක වීසි උනාද?

    ඒක වීසිවෙලා හරි අභියාගෙන් දතක් ගැලවෙච්ච එක අප්‍රමාණ ප්‍රීතියට කාරණාවක් !

    ReplyDelete
  32. මළ කෙළියයි!

    රසික සූරියආරච්චි සහ ශාස්ත්‍රපති හැරිස් පරකන්දෙනිය දෙදෙනෙකු නොව එක් අයෙක් බව මම ඉක්මණින්ම තේරුම් ගතිමි. මා හැරෙන්නට මේ සැකය සාක්ෂි සහිතව අල්ලා ගත්තේ සන්නස සාහිත්‍යතරගාවලියේ විනිශ්චය මණ්ඩලයේ සිටි ප්‍රවීණ ලේඛක ඩී බී කුරුප්පු වියතාණන් ය.

    —ජගත් මේ එකම කවිය රසික සූරියආරච්චි යි ශාස්ත්‍රපති හැරිස් පරකන්දෙනිය යි කියන නම් දෙකින්ම එවලා තියෙනවනෙ.. මට පේන්නෙ මේ හාදයො දෙන්නම එක්කෙනක් වගෙයි..˜ එක් දිනෙක උදෑසනක කුරුප්පු මහතා මට දුරකතනයෙන් කී හැටි තවමත් මතක ය.

    රසික හා හැරිස් පමණක් නොව රනුක යනු ද එක් අයෙකුම බව මේ වන විට මම සැක කරමින් සිටියෙමි. කෙසේ වුව ද තරගය සඳහා මේ තිදෙනාම තිදෙනකු ලෙස සළකන්නට අපට සිදුවිය. අවසන සන්නස සාහිත්‍ය තරගයේ විවිධ අංශ වලින් මේ තිදෙනා ම සම්මානයට පාත්‍රව සිටියහ.

    —රසිකා පෙරේරා කියන්නෙත් රසික සූරියආරච්චිම තමයි˜ සිඩ්නි වාසී හිතවත් මාධ්‍ය වේදියකු මෙයට වසරකට පමණ පෙර දුරකතනයෙන් මට හෙළිදරව් කරන තුරු ඇගේ අනන්‍යතාව පිලිබඳව අංශ=මාත්‍රයක හෝ සැකයක් මසිතෙහි නොවී ය.

    එකම පුද්ගලයකු තුළ විවිධාකාර වූ චරිත සහිත තවත් පුද්ගලයෝ ජීවත් වෙති. එය මනෝ විද්‍යාත්මකව තහවුරු වනු ඇතැයි මම සිතමි. එකම සිතක පහළ වන විවිධාකාර වූ මනෝභාවයන් නිසි ලෙස වර්ගීකරණයකට ලක් කර ඒ එක් එක් මනෝභාවයන් සඳහා වෙනස් පුද්ගල අනන්‍යතා තෝරාගෙන නිර්මාණකරණයෙහි යෙදුණ වෙනත් නිර්මාණකරුවකු මගේ මතකයට නොඑයි. රසික සූරියආරච්චි නම් වන නිර්මාණකරුවා අපූර්ව පුද්ගලයකු වන්නේ එනිසා ය.

    ReplyDelete
  33. හසිත : ස්තූතියි මල්ලි...

    පිස්සා : 1750ක් මචන්... 179ක් අඩු වුනා. :(

    පොඩී : තේරුම් ගන්න තිබ්බනේ පොඩී....

    ඉන්දි : ඔයා කියපු නිසාම මමත් එයා ගැන හොයලා බැලුවා එයාගේ ඔෆීෂියල් සයිට් එකටම ගිහින්.. නරක නෑ.. හොඳයි තමයි... :D

    ඔබා : නැතුව ඔබා මාමේ...

    දුකා, ප්‍රියන්ත : තුහ් නොදකින්....

    බ්ලොග් ගඩොල් : පොඩි වෙනස්කමකුත් තියෙන්න ඕනනේ මල්ලි...

    වෙනි : දුකාටයි ප්‍රියාටයි දුන්න උත්තරේමයි...

    මකුළුවා : ගත්තානම් එච්චරයි...

    රජිත් : කාරණා දෙකම ඇත්ත...

    ඇනෝ : මම අහිංසකයි බන්...

    බුවා : මොන මඟුලට ගැලවුනත් මගේ දතනේ බන්... :(

    කොකා : එහෙම කට්ටියකුත් ඉන්නවා නේද? තර්කානුකූලව නැති පෝස්ට් අපේ අය රිජෙක්ට් කරනවා..ඒකයි පළවෙනි පෝස්ට් එකට ආපු සෙනඟ මේකට ගොඩ නොවුනේ... මූ ඒ පාර මොන මගුලක් කියයිද කියලා ආපු අය විතරයි මේ පෝස්ට් එකට ආවේ...

    මාලන් : සමාවෙන්න.. ආයෙත් කරන්නේ නෑ ඉතින්

    කකා : අදටත් මගේ ගුත්තිල ඔබයි.. ඒත් මම මූසිල නොවෙමි... අවුරුදු කීයක් ගියත් හිට් කොච්චර වැඩිවුනත් මගේ බ්ලොග් හෙඩින් එක ඔහොමම තියේවි....

    චීටා : දිගටම බලාපොරොත්තු වෙනවා කමෙන්ට්...

    සදරු : ඔන්න බින්දි එවයි කණ පලෙන්න..

    ජ්‍යෝතිශ : අයියෝ ඔයාට බැනලා ලියන්න තරම් ඔයාගේ එක බ්ලොග් එකක්ද? අපිනම් ගොඩ වෙන්නෙවත් නෑ ඉඳලා හිටලවත්.. මොනවද ඒකේ තියෙන්නේ බයිලා.... "තරහා ගන්න එපා... විහිලුවට කිව්වේ.."

    ඕනයා : දවල්ට බොන්න බෑ නොල

    බින්දි : ඔන්න ඔහෙ යවන්න බින්දි....

    රංග : ඒකනේ බන් මමත් කිව්වේ...

    නෙරන්ජි : මට තේරුනා..

    රන්දිල් : මෙතනටත් ගෙනත් දැම්මා ඉතින් කුණු ගොඩාක්... :D

    හිමී : හරි

    නිශ් : සද්දෙ වහලා හිටු..

    අවංක පැට්ට : බයිට් එක මොනා උනත් උඹ කඩේ පලයන්..

    නවම් : ආයෙත් උඩට ආවා මචන්.. ඒක ටොප් ටෙන් විසි වෙන්න දෙන්නෙ නෑ මම...

    ඇනෝ : මටනම් මෙලෝ හසරක් තේරුනේ නෑ....

    ReplyDelete
  34. හැහ්...හැක් ...මගේ කට කැඩිච්ච කතාවට නියම උත්තරේ දීලා තියෙන්නේ.එළම කිරි.

    ReplyDelete
  35. ජ්‍යොතිෂ බ්ලොගේට නම් කට්ටිය අඩුයි තමයි.ඒත් වෙස් පෙරලල ලියන අනිත් බ්ලොගේට අභීතත් නිතරම එනවනේ..හික්..

    ReplyDelete
  36. @ජ්‍යෝති : මේ ගැන එච්චරම හිතන්න එපා..... කිව්ව ඉවරයි... මෙතනින් සුදු කොඩියක් දාමුද? :D

    ReplyDelete
  37. අපෝ සුදු කොඩි කියන්නෙ මතක් කරන්නවත් හොඳ සීන් එකක් නෙවෙයි , පේන්නේ නැද්ද් එක්කෙනෙක් කරගෙන තියන හරිය ... මොකක්ද මේ අපේ ජ්‍යෝතිශය සහෝගෙ අනික් බ්ලොග්ගේ ??????????

    ReplyDelete
  38. @buwa
    ඒකනම් කියන්නේ නැහැ."ඇනෝනිමස් ආතල්" බ්ලොගයේ මුල් පාඨක ලිපි කීපයෙන් එකක් මගේ හොදම යාළුවෙක්ගේ ලිපියක්.ඒකේ වෙනත් පාඨකයෝ ලිපි ලියන බව 100% කිව්වේ ඒකයි.(ඇනෝනිමස්ගේ මුල් ලිපි 10 කියවලා බලන්න.)ඒත් "ඇනෝනිමස් ආතල්" බ්ලොග් ඒක පස්සේ පස්සේ කැලෑ පත්තරයක් බවට පත් වෙනකොට අපටත් ඒක එපා වුනා.එයා නැවත මුල් තත්ත්වයට පත් වේවි කියලා හිතන්න අමාරුයි.දැන්නම් ඒකේ ලිපි ලියන්නේ එයා විතරයි වගේ.

    ReplyDelete
  39. ටැබූගේ ලිපි එකක් නෑර කියවලා, සමහරක් ඒවා නැවත නැවත කියවලා, මගේ ඉන්බොක්ස් එකේ තියෙන ඔහුගේ ලිපි වර්තමානෙදිත් විටින් විට කියවන කෙනෙක් විදියට පාඨක අදහසක් කියන්නම්...

    නලිනි, සදරු, බුද්ධි, සුජීව ඇතුළු මේ හැමෝගේම ලිපි කියවලා මම කොච්චර රසවින්දත් ටැබූගේ ලිපි වල තියෙන ඒ අමුතුම මෙව්වා එක නම් මේ කාගෙන්වත් ගන්න බෑ...

    ටැබූ ගියාට පස්සේ ඒ ලියවිල්ලේ ආතල් එක ආසන්නයට හරි මම ගත්තේ චානුක වත්තේගමගෙන් විතරයි...

    ReplyDelete
  40. @Cheeta:

    ""අනේ දෙය්යනේ අභීතට මාලන් අන්තිමට කියල තියෙන්නේ දන්න බිස්නස් එක කරගෙන නොදන්නා දේට කට නොදා ඉන්න කියලද මන්ද ........""

    මමනම් අදහස් කළේ ඒක නෙමෙයි :)

    @අභීත:

    අපි කවුරුත් පර්ෆේක්ට් නෑනේ සහෝ.
    මගේ අතිනුත් මොනවහරි හිත රිදෙන දෙයක් කියවුනානම් සමාවෙන්න.

    ReplyDelete
  41. ඔන්න මමත් ටිකක් හිනා උනා ............:D

    ReplyDelete
  42. @ බුවා : ඇනොනිමස් ආතල්ද දන්නේ නෑ...... :D

    @ ජ්‍යෝති : මමත් එහෙම හිතනවා....

    @බීටා : ටැබූගේ හිස්තැන පුරවන්න කෙනෙක් නෑ බන්. වත්තේගමත් ඒ කිට්ටුවවත් ඉන්නවා කියලා මට හිතෙන්නෙ නෑනේ...

    @ මාලන් : කියන දේ මූණට කියන එකට මම පුද්ගලිකව ගරු කරනවා මාලන්... ඒකෙ කිසි ගැටළුවක් නෑ....

    @ ලයන් : හිනා වුනානම් එච්චරයි....

    ReplyDelete
  43. @රංග:
    සෙනසුරාද, ඉරිද දවස්දෙකේ උඹ නිවාඩු නෙ . . . . . කොහෙහරි වතුරපාරක් ගාවට ගිහිල්ල කරවටක් ගිලිල . . . .

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...