Wednesday, September 21, 2011

සදාදරණීය ජෝ අංකල්ට ටිකක් හිනාවෙන්න ලියන අභීතගෙන් ලියුමක්....

ආදරණීය ජෝ අන්කල්,


ඔයා දන්නවද? මම ෆිල්ම් වලට පොඩ්ඩක්වත් ආස වෙච්ච පොඩි එකෙක් නෙවෙයි ඒ කාලේ.... ටයි මහත්තයාගේ හඳයා කියන ලමා චිත්‍රපටිය තමයි පොඩි පෙළබවීමක් කලේ අපිව චිත්‍රපටි බලන්න.. ඊට පස්සේ පාරේ දැක්ක චිත්‍රපටි පෝස්ටර් අපිට චිත්‍රපටි එපා කලා.... අම්මලා වුනත් කැමති වුනේ නෑ අපි බයිස්කෝප් පිස්සෝ වෙනුවට... ඔන්න ඔහොම ඉන්න දවසකදි ගමේ හිටපු පොහොසත්ම මුදලාලිගේ ගෙදරට වීඩියෝ පීස් බලන පෙට්ටිය ගෙනාවේ.. මිනිහගේ පුතාගේ යාළුවෝ වෙච්ච අපට පිනා චෑන්ස් එකක් වැදුනා ජෝ අන්කල්, වීඩියෝ පීස් බලන්න.. ජෝ අන්කල් දන්නවද, මොකක්ද අපි බලපු බයිස්කෝප් එක කියලා ඒ පෙට්ටියෙන්... ඒක තමයි අර සුද්දිගේ වණ්ඩු ආප්පේ තිබ්බ කොළඹ සන්නිය.... වීඩියෝ පීස් එක ඉවර වෙද්දි මමත් අපේ පොඩි උන් ටිකත් ඔයාගේ රසිකයෝ උනා.....


ගෙදර තිබ්බ ටීවී පෙට්ටියේ අද තරම් බයිස්කෝප් යන්නේ නෑනේ ඉස්සර. මාසෙකට දෙකක් විතර යන්නේ... ඒකෙ කමිං කෑල්ලේදි ජෝ අන්කල්ගෙ මූණ පෙනුනොත් අපි මහ රෑ නිදි මරාගෙන ඒක බැලුවා... 



කඩවුන පොරොන්දුව, සුද්දිලාගේ කථාව, සාරවිට, කපටිකම, හොරුන්ගෙත් හොරු වගේ පරණ චිත්‍රපටි ඔයාගේ රඟපෑම් නිසා අපි කට ඇරගෙන බලාගෙන හිටියා... ගාමිණී ෆොන්සේකා එක්ක ඔයා හිටපු බයිස්කෝප්වලට  නිළියෝ නොහිටියත් සෙනග එන බවක් තමයි අවුරුදු 15, 16 කාලේ මට වැටහුනේ... මම ලොකු සිනමා විචාරකයෙක් නෙවෙයි ජෝ අන්කල්... ඒත් ඔයාගේ නික්ම යෑම ශ්‍රී ලාංකික සිනමා ක්ශේත්‍රයට දරා ගන්න අමාරු පාඩුවක් වේවි.... 


අයියෝ තව පොඩ්ඩෙන් අමතක වෙනවනේ.... බැද්දෙගම... අන්කල් ඔයාට පේනවද මගෙ ඇස් දෙකේ කඳුළු... දුව කසාද බඳිනවා කිව්වම ඔයා පොතෙ තිබ්බටත් වඩා හොදට ඒක අපට දන්නපු හැටි.. තව ටික කාලයක් හිටියනම් ජෝ අන්කල්.... ඇයි පුරහඳ කළුවර.. ඒ මුළු චිත්‍රපටියේ දෙයක් කලේ ඔයා විතරයි කියලයි මට හිතෙන්නේ....


මම ආයෙත් කියන්නේ ජෝ අන්කල්, මම මහ ලොකු සිනමා විචාරකයෙක් නෙවෙයි, මහේන්ද්‍ර, ශ්‍රියන්ත, පාලිත, කමල් මේ කවුරු හිටියත් ඔයාගේ පාඩුව මකන්න පුළුවන් වෙයිද ජෝ අන්කල්... මම හිතන්නේ නෑ....... ඔයාගේ රඟපෑම් දැකලා අපි ඉල කැඩෙන්න හිනා වුනා...., ඒ වගේමයි උපෙක්ෂාවෙන් බලාගෙන හිටියා.. තවත් වෙලාවක ඇස්වල කඳුළු පුරෝගෙන ඇඩුවා... තවත් මොහොතක අත් නිකටට තියාගෙන අනෙ අම්මේ කියලා හිතුවා.... ඒ හැම වින්දනයක්ම අපිට එක ලෙස ලබා දුන්න ඔබ අද අපේ ඇහැට කඳුලක් නංවමින් නික්මිලා...


ආයෙත් මතක් වෙනවනේ ජෝ අන්කල්.. මේවත් නොලියම බෑනේ.. සකිසඳ එලියස් වගේ ටෙලි නාට්ටි.. බඩ පැලෙනවානේ ඒවා බලලා..... අනේ මට තවත් කියන්න දේවල් ගොඩායි ඔයා ගැන.. ඒත් මේක ඉවර කරන්න ඕනනේ... පහුගිය කාලෙ අසනීපෙන් සිටි බවක් දැන ගත්තත් මම ඔයාව දැකපු හැම වෙලාවෙම මූනෙ හිනාවක් පුරවගෙන හිටියේ.... මට තවත් ලියන්න බෑ ජෝ අංකල්.. බෞද්ධයෙක් හැටියට මම ප්‍රාර්ථනා කරන්නම්...


සදාදරණීය ජෝ අංකල්.. අපව පිනවූ සැනසූ පිනෙන් ඔබට නිවන් සුවම අත් වේවා...


මීට, 


ටිකක් හිනාවෙන්න එකේ දුකෙන් පෝස්ට් එකක් ලියපු පුතා
අභීත.

32 comments:

  1. අපිව හිනස්සපු ජෝ වෙනුවෙන් අපි කොහොමද අද හිනා වෙන්නේ. අදනම් මෙතනට ඇවිත් ටිකක්වත් හිනා වෙන්න බෑ.

    ReplyDelete
  2. පරණ ෆිල්ම් නම් වැඩිය බැලෙන්නෙ නෑ.එත් මට හොඳටම මතකයි සකිසඳ එළියස් එකේ ආරච්චිව.

    ඔබට නිවන් සුව.....!!!

    ReplyDelete
  3. ජෝ මහතාණනි ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  4. කකා පොස්ට් ඒක දාල සුමානයක් වත් ගියාද මන්ද . ඔහුට නිවන් සුව පතමු

    ReplyDelete
  5. මම් ආසම අර පුරහඳ කළුවර එකේ රලපාපු ජෝ මහත්තයාව.
    ජෝ අබේවික්‍රම මහත්තයාට නිවන් සුව !!!!

    ReplyDelete
  6. හරිම දුකයි අයියෙ... මමත් ආසම කෙනෙක්

    ReplyDelete
  7. ලාංකීය සිනමාවෙ පතාකයෙක් ජෝ අබේවික්‍රමයන්...! ඔහුගේ අඩුව කිසිදා නොපිරවෙනු ඇති...!

    අභියාට ස්තූතියි මේ සටහනට....!

    ReplyDelete
  8. ගාමිණී හා ජෝ එකට රඟපෑ චිත්‍රපටි බොහොමයක් මම නරඹල තියනවා..ඒ දෙදෙනා අතර ලොකු මිත්‍රත්වයකුත් තිබුනා..!
    ජෝ කියන්නෙ සිංහල සිනමාවෙ මහා ප්‍රථාපවත් යෝධයෙක්...
    ජෝ ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  9. මම සති දෙකකට ඉස්සල්ලා කොළබ සන්නිය බැලුවා ආයෙත් යූටියුබ් එකෙන් හම්බෙලා,,,මම හිතන්නේ ලාංකීය සිනමාවේ යෝධයෝ ඉවරයි ආයේ මේ වගේ යෝධයෝ බිහි වෙන එකක් නෑ...
    නිවන් සුව පතනවා!!!

    ReplyDelete
  10. joe mageth priyathama naLuwek. ohuta niwan suwa pathamu !

    ReplyDelete
  11. අයියෝ.. මම ආසම නලුවෙක්. මේ අඩුව පුරවන්න නම් කාටවත් බැහැ.
    ජෝ අබේවික්‍රම මහතානනි.. ඔබට නිවන් සුව!!!!

    ReplyDelete
  12. ජෝ අබේවික්‍රම කලාකරුවාණනි, ඔබට නිවන් සුව!

    ReplyDelete
  13. ජෝ අබේවික්‍රම කලාකරුවාණනි, ඔබට නිවන් සුව

    ReplyDelete
  14. ජෝ රඟපාපු ගොඩක් චිත්‍රපටි බලල තියනව. . . . . . පුරහඳ කලුවර තමයි ඒ චිත්‍රපට අතරින් වඩාත්ම මගේ සිතගත්ත චිත්‍රපටය.
    ජෝ . . . .ඔබට නිවන් සුව . . . .

    ReplyDelete
  15. පුර හඳ කලුවර චිත්‍රපටියෙන් තමයි මමත් ජෝ අබේවික්‍රම කියන ඒ දක්‍ෂ නලුවාගේ රසිකයෙක් වුණේ ..

    ජෝ ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  16. සැබෑ කලාකාරයෙක්, සැබෑ මිනිසෙක්, සැබෑ ශ්‍රිලාංකිකයෙක්... ඔබ නැති අඩුව හැමදාටම දැනේවි.. ඔබට නිවන් සුව ජෝ මහතානනි....

    ReplyDelete
  17. අපි කවුරුත් දවසක මැරෙනවා! එතකං රඟපාමු.

    ReplyDelete
  18. නැතිඋන බව දැනගත්තේ මේ පෝස්ට් එකෙන්.

    මේ වගේ නලුවෝ හරිම දුර්ලභයි. හරිම කණගාටුයි අහන්ටත්.

    ඔහුට නිවන් සුව පතමු.

    ReplyDelete
  19. දක්ෂ ප්‍රතිභාපූර්ණ නලු ජෝ අබේවික්‍රමයාණන්ට නිවන් සුව !

    ReplyDelete
  20. ජෝ අබේවික්‍රමට ජනාධිපති සම්මාන ලබාදුන් ධර්මසිරි ගමගේ ගේ පූජා....

    Youtube link

    ReplyDelete
  21. ජෝ ඉතා දක්ෂ නළුවෙක්. මම ගොඩක් ම ආස පුරහඳ කලුවර චිත්‍රපටියටයි, කොලඹ සන්නියත් මම ගොඩාක් කැමතියි "ජෝ ඔබට නිවන් සුව."

    ReplyDelete
  22. විකට නලුවෙකුගෙන් පටන් ගෙන විශිෂ්ට චරිතාංග නලුවෙක් දක්වා විශාල පරාසයක ප්‍රතිභාව නැංවු ඔබට නිවන් සුව..

    ReplyDelete
  23. ජෝ නම් ඒ විශිෂ්ඨ රංග ධරයානන්ට නිවන් සුව ලැබේවා..!!!!!

    ReplyDelete
  24. ජෝ අබේවික්‍රම මහතානෙනි ඔබට නිවන් සුව..

    ReplyDelete
  25. ලාංකීය සිනමාවේ ජෝ ගේ හිස්තැන...
    ඒක පුරවන එක නං ලේසි නෑ. ඔහුගේ ප්‍රතිභාව සැබැවින්ම පූර්ණයි. චරිතාංග නළුවෙකුට ඔහු තරම් අපූරු උදාහරණයක් තවත් ඇතැයි මං නං හිතන්නේ නෑ...

    ජෝ මහතානනි! ඔබ තුමාට ඉක්මනින්ම නිවන් අවබෝධය ලැබේවා!


    ඔබේ ලිපියට බොහොම ස්තුතියි අභීත..

    ReplyDelete
  26. අපි ආස කරන හැමෝම අපිව දාල යනවා. අපිත් කවදා හරි යනවා තමයි. ඒත් අපේ හිත්වල ජීවත් වුණු මේ අයගේ අඩුව පුරවන්නේ කවුද? මිල්ටන් මල්ලවාරච්චි, ගුණදාස කපුගේ, කේ . ජයතිලකයන් වගේම ජෝ මහත්තයාත් යන්න ගියා.....

    ReplyDelete
  27. ඔබට නිවන් සුව.... :(

    ReplyDelete
  28. ගාමිණීත් ගියා ජෝත් ගියා, ආය ඉතින් තව යන්න කෙනෙක් නෑ,
    සදාදරණීය ජෝ මහතාණෙනි, ඔබට නිවන් සුව !

    ReplyDelete
  29. ජෝගෙ තැනට ලං වෙන්නවත් කෙනෙක් තව කාලයකට පේන්න වත් නෑ... ඔබට නිවන් සුව.....

    ReplyDelete
  30. අද කාලේ ඉන්න කාඩ්බෝඩ් නලුවෝ මොක්කුද! මෙන්න නලුවෝ! ජෝ අබේවික්‍රම මහතාණනි ඔබට නිවන් සුව!

    ReplyDelete
  31. ජෝ මැරුවද මැරුනද?

    http://www.paparasinews.com/2011/09/blog-post_7449.html

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...