ජීවිතේ කාර්යබහුලම සතිය ගත කරපු නිසා බ්ලොග් එකක් තියෙනවද කියලා අමතක වෙලයි හිටියේ... කතාව ලියන්න කලින් අපේ ආදරණීය බ්ලොග් සහෘදයෙක් වන වැප් නිශාන්ත මිතුරාගේ පියාගේ වියෝව වෙනුවෙන් මගේ සාතිශය සංවේගය ප්‍රකාශ කරනවා... බ්ලොග් කරුවන් වගේම බස් කරුවන් රාශියක්ම එතනදිත් මුණ ගැසුනා.. හරි අපි කතාවට එමු...
මීට මාස දෙකකටවිතර කලින් මගේ හිටපු හොදම යාළුවෙක් (මිතුරෙක්) පිට රටකට ගියා.... ඔහු මීට කලින් ගුවන් ගමන් වල නිරත වෙලා තිබ්බෙත් නෑ.. ගියෙත් ලොකු දුරකට නෙමෙයි... දකුණු ආසියාවටම අයත් මාළු වෙළදාමට ප්‍රසිද්ධ රටකට. මොකක්ද ඇහුවේ බ්ලොග් ලියනවද? ඔව් බ්ලොග් එකකුත් ලියනවා තමයි... ඉතින් මේ මනුස්සයා රට යන දවසේ මමයි අර අවංක පැට්ටා කියන එකයි ගියා මෙයාට ටිකක් උදව් කරන්න...හවස තමයි ගමන.. ඉතින් දවල් ඉදන් එක එක සිද්දි....
ටිකකින් බලද්දි මේ පොර වැසිකිලියට යනවා, එනවා, ආයේ යනවා, ආයේ එනවා.... අපිත් ලංවෙලා ඇහුවා මොකද බන් මේකෙ තේරුම කියලා...
දැන් දෙබස යන්නේ මෙහෙමයි...
මාර සීන් එක මචන්.. ෆ්ලයිට් එකේ යනවා කියලා මතක් වෙද්දි ටොයිලට් යන්න ඕන වෙනවා බන්....
හරි හරි.. තව ටිකක් බලලා ඩොකෙක් ගාවට යමු.. දැන් ඉවසමු.....
මොන ඉවසිලිද? යනවා එනවා.. අන්තිමේ ත්‍රී වීල් එකකුත් අරන් ගියා... ඩොක්ටර් සේලයින් එකක් දුන්නා.... ඔන්න හිතත් හැදුවා.. අපිට එලියට යන්න කියලත් මොකක්ද කලා... ඔන්න දැන් ඒ ප්‍රශ්ණේ ඉවරයි....
ඔක්කොම වැඩ ඉවර වෙලා අපි යනවා එයාර් පෝට්.. කොල්ලව බස්සන්න... මූ ඉතින් අපේම එකානේ කියලා.. ජා-ඇල කිට්ටුවට යද්දි මූ කිව්වා මචන් ෆුඩ් සිටි එකක ලඟින් නවත්තපන් කියලා.... රට යන උන් ඉතින් ගොඩාක් දේවල් ෆුඩ් සිටිවලින් ගන්නවනේ.. ඔන්න නැවැත්තුවා ෆුඩ් සිටි එක ලඟ.. එතුලට ගිය අපේ කොල්ලා ආපහු එද්දි අතේ මොනවද තිබුනේ.....
ලීටර් 2 වතුර බෝතලේකුයි ප්‍රින්ගල්ස් ටින් එකකුයි.... එසැනින්ම අපේ එකෙක් ඇහුවා මොකටද බන් මේ කියලා...
පැය දෙකක් විතර යන්න ඕනනේ බන් ප්ලේන් එකේ... කන්න බොන්නත් මොනවාහරි ඕනනේ මචන්.....
මොකුත් නොකියපු අපි ඉදිරිය බලාගෙන ගමන ගියා...

බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....
අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...

-
මගේ කතාව...... අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු ස...
-
විමල් වීරවංශ සහ උදය ප්‍රභාත් ගම්මන්පිල වෙත ලියමි. ඔබලාගේ වචනයෙන්ම කියනවානම්, රටක සිදුකෙරෙන විදේශ කුමණ්ත්‍රණකාරී අර්බුධයක් දඩමීමා කරගෙන සියල්...
-
මචන්, මේ ලියන මම ද, අරගල වලට ආදරය කරන මිනිහෙක්. මහ පොලවේ සටන්, අර ගල, විප්ලව මේ සියල්ලම දේශපාලනික කාරණා වුවද, සෑම තරුණ තරුණියක්ම රට වෙනුවෙන්...
ඌ බජට් එයාලයින් එහෙක වෙන්ටැ යන්න උන්නෙ!
ReplyDeleteහික් හික් . . හොඳ වෙලාවට මගෙ පලවෙනි ගුවන් ගමනට මම උඹලත් එක්ක නෑවිත් තනියමම ආවෙ එයාපෝට් එකට . . .
ReplyDeleteඅහ් ඕනයා . . උඹ නෙමේද?
ReplyDeleteහික්ස් මෙහෙමත් මඩ
ReplyDeleteඅන්තිම කෑල්ල නං මඩ පාරක් වගේ!
ReplyDeleteබජට් එයාලයින් කොහෙද මාලදිවයින පැත්තේ?
එයාට කීවේ නැද්ද කලින් සීට් එක බුක් කරලා නොතිබ්බොත් හිටගෙනත් යන්ට වෙනවා කියලා...:D
ReplyDeleteකාට හරි මඩ පාරක්...!
ReplyDeleteඒ යාළුවටමද දන්නෙ නෑ.. යන්න තිබුනු දවසෙ ටිකට් එක ගන්න ගියහම, "සර් හිට ගෙන ඉන්නත් බැරි ගානට බීලා නේද ඉන්නෙ?" කියලා අහලා වෙන දවසකට ටුවර් එක සෙට් උනේ ?
ReplyDeleteමාලදිවයිනට කකා කිව්වැහේ බජට් එයාර්ලයින් නැහැ නොවැ. මමත් මුලින් හිතුවේ අපේ ඕනයා මල්ලිද කියලා. ඒකත් වැරදියි. ම්...ම්... හිතලා බලමු....(මෙහෙමත් මඩ.)
ReplyDeleteඊයේ රංග අද අභීතත් මඩට බැහැලා වගෙ..
ReplyDeleteහැබෑටම කවුද අප්පේ මේ..... ඕනය අයියේ උබ දන්නවද බන් මුන් එක්ක ගිය අසරණයව... ?
ReplyDeleteමේ දෙවනි කොමන්ට් එක.. බලමු මේකවත් පබිලිස් වෙයිද කියලා..
ReplyDeleteමෙව්වා කාටද මන්දා අප්පා.. නම කියලත් බෑ.. රට්ටු මොනවා හිතයිද මන්දා.. හලේ.. පවු ඌ..........
පව් අප්පා කොල්ලා. මූලික අධ්‍යාපනයක් වත් දීලා නැද්ද ප්ලේන් එකේ යන ගමනක් ගැන...හික්ස්...
ReplyDeleteඔය BLOG ගඩොල්....ඕකට ඇවිල්ල තමා මම හැමදාම අනිත් අයගෙ අලුත් ලිපි මොනාද කියල බලන්නේ.......ඔය ලිපිය මෙන්න http://bloggadol.blogspot.com/2011/09/blog-post_9265.html
ReplyDeleteමගෙ ඔලුව ඇතුලෙන් නිකන් ඇන්ඩය්යා ඇන්ඩය්යා කියල සද්දයක් එන්නේ ඇයි දන්නේ නැ.
ReplyDeleteඇයි අබියෝ මතක නැද්ද තව පත්තර කඩයක් ගාවින් නවත්තල '' බුදුසරණ'' පත්තරේකුයි ෆාමසියකින් මොනාදෝ පැකට් වගේකුයි ගත්තා එහෙ ගියාට පස්සෙ ගොඩාක් උවමනා වෙනව කියල. ඒක දාල නැහැනෙ. :P
ReplyDeleteඅඩේ මේ පිස්සු කියවන්න එපා. මූ උඹල දෙන්නට කොලේ වහල ගහල තියෙන්නෙ. යකුනේ මිනිහ ප්‍රින්ගල්ස් ටින් එකක්යි වතුර බෝතලෙයි ගත්තෙ ඌට ආයෙම බඩේ අමාරුව ආවොත් කියල. අහසෙන් යනකොට කක්කුස්සි කොහෙන් හොයන්නෙයි.
ReplyDeleteහැබෑවටම ඕනයියා අභියයියා එක්ක ගියානම් මෙතන මොන මොන කතා කියයිද :D
ReplyDelete"දකුණු ආසියාවටම අයත් මාළු වෙළදාමට ප්‍රසිද්ධ රටට" යන්න පය දෙකක් යන්නේ මොන ෆ්ලයිට් එකේද බන් .......
ReplyDeleteමෙහෙමත් මඩක් .................
ඕනය වෙන්න නං බෑ, මොකද ඌ ඇට් කොරන් ඉන්නෙ හරියට ප්ලේන් වල හැමදාම උදේ හවස වැඩට යන එන පොරක් වගේනෙ.
ReplyDeleteහැබැයි ලඟදි අලුත් සූට් එකක් මැහුවද,ඊට ඉස්සෙල්ල සුළු ශල්‍ය කර්මෙකට එහෙම භාජනේ වුනාද එහෙම භාජනේ වුනාද විස්තර කිව්වොත් නං කනෙන් පෙන්නන්නං කව්ද කියල ෂුවර් එකටම.
ඊට ඉස්සෙල්ල සුළු ශල්‍ය කර්මෙකට එහෙම භාජනේ වුනාද
මට නම් හිතෙන්නෙම අර මාල දිවයිනේ කරෝල වේලන ඕනයියා කියලමයි. එයා අවධානමට පෙර සූදානම කියලා කලින්ම කමෙන්ට් එකක් දාලා බේරෙන්නයි බැලුවෙ.
ReplyDeleteඒ අස්සේ ඇනියෙක් ඇවිත් අර කොහෙවත් නැති පුරු පුරුවව අල්ලාගෙන .......................':)
ReplyDeleteප්‍රින්ගල්ස් ගත්ත එක හොදයි.. වතුර හම්බුනත් සමහර ෆලයිට් වල ප්‍රින්ගල්ස් නෑනේ.. :)
ReplyDeleteහික්ස්!
ReplyDeleteප්රින්ග්ල්ස් කාල වතුර බිව්වම අධෝ මුකයට කොන්ක්‍රීට් දැම්ම වගේ හිටී කියල ඕනය හිතුවද දන් නැහැ
ReplyDeleteෆුඩ් සිටියෙ පොල් තියෙනව නං ශේප් එකේ පොල් මුඩු කෑල්ලක් ගලෝල දුන්න නං වියදමක් නැතුව වැඩේ ගොඩ දාගන්න තිබ්බ
සුවර් ඕනයා තමයි... හොරට කලින් කෙහෙල් කැන පැනලා තියෙන්නේ අපූරැවට....
ReplyDeleteමේ මඩපාර කාටද ගැහුවේ කියලා හිතාගන්න බෑ.
ReplyDeleteහික්ස්!මඩ
ReplyDeleteආහ් මේ අර කරෝල වේලන්න ගිය උන්දැ නේද නම මතක විදියට නම් ඕනයාද කොහෙද හි හි හි
ReplyDeleteසතියේ ගැටළුව වගේ :))
ReplyDeleteඔබා අයියෙ පොල් මුඩ්ඩක් ?????කියන නසරානි කතා වල හැටියට වැඩත් තිබ්බානම් මීගොං කලපුවෙං පොල් ලෙල්ලක් ගියාට දැනෙයියැ..සල්ලි සල්ලි කියල නොබලා පොල් ගෙඩියක්ම ගන්න වෙයි..
ReplyDeleteඒ කියන්නේ ප්ලේන් එකේ කක්කුස්සියකුයි කැන්ටිමකුයි තියනවා !
ReplyDelete