Friday, November 25, 2011

පිටරට යන ඔබට උපදෙස්...... අපේ එකෙක් පිටරට ගිය හැටි...

ජීවිතේ කාර්යබහුලම සතිය ගත කරපු නිසා බ්ලොග් එකක් තියෙනවද කියලා අමතක වෙලයි හිටියේ... කතාව ලියන්න කලින් අපේ ආදරණීය බ්ලොග් සහෘදයෙක් වන වැප් නිශාන්ත මිතුරාගේ පියාගේ වියෝව වෙනුවෙන් මගේ සාතිශය සංවේගය ප්‍රකාශ කරනවා... බ්ලොග් කරුවන් වගේම බස් කරුවන් රාශියක්ම එතනදිත් මුණ ගැසුනා.. හරි අපි කතාවට එමු...


මීට මාස දෙකකටවිතර කලින් මගේ හිටපු හොදම යාළුවෙක් (මිතුරෙක්) පිට රටකට ගියා.... ඔහු මීට කලින් ගුවන් ගමන් වල නිරත වෙලා තිබ්බෙත් නෑ.. ගියෙත් ලොකු දුරකට නෙමෙයි... දකුණු ආසියාවටම අයත් මාළු වෙළදාමට ප්‍රසිද්ධ රටකට. මොකක්ද ඇහුවේ බ්ලොග් ලියනවද? ඔව් බ්ලොග් එකකුත් ලියනවා තමයි... ඉතින් මේ මනුස්සයා රට යන දවසේ මමයි අර අවංක පැට්ටා කියන එකයි ගියා මෙයාට ටිකක් උදව් කරන්න...හවස තමයි ගමන.. ඉතින් දවල් ඉදන් එක එක සිද්දි....


ටිකකින් බලද්දි මේ පොර වැසිකිලියට යනවා, එනවා, ආයේ යනවා, ආයේ එනවා.... අපිත් ලංවෙලා ඇහුවා මොකද බන් මේකෙ තේරුම කියලා...



දැන් දෙබස යන්නේ මෙහෙමයි...


මාර සීන් එක මචන්.. ෆ්ලයිට් එකේ යනවා කියලා මතක් වෙද්දි ටොයිලට් යන්න ඕන වෙනවා බන්....


හරි හරි.. තව ටිකක් බලලා ඩොකෙක් ගාවට යමු.. දැන් ඉවසමු.....


මොන ඉවසිලිද? යනවා එනවා.. අන්තිමේ ත්‍රී වීල් එකකුත් අරන් ගියා... ඩොක්ටර් සේලයින් එකක් දුන්නා.... ඔන්න හිතත් හැදුවා.. අපිට එලියට යන්න කියලත් මොකක්ද කලා... ඔන්න දැන් ඒ ප්‍රශ්ණේ ඉවරයි....


ඔක්කොම වැඩ ඉවර වෙලා අපි යනවා එයාර් පෝට්.. කොල්ලව බස්සන්න... මූ ඉතින් අපේම එකානේ කියලා.. ජා-ඇල කිට්ටුවට යද්දි මූ කිව්වා මචන් ෆුඩ් සිටි එකක ලඟින් නවත්තපන් කියලා.... රට යන උන් ඉතින් ගොඩාක් දේවල් ෆුඩ් සිටිවලින් ගන්නවනේ.. ඔන්න නැවැත්තුවා ෆුඩ් සිටි එක ලඟ.. එතුලට ගිය අපේ කොල්ලා ආපහු එද්දි අතේ මොනවද තිබුනේ.....


ලීටර් 2 වතුර බෝතලේකුයි ප්‍රින්ගල්ස් ටින් එකකුයි.... එසැනින්ම අපේ එකෙක් ඇහුවා මොකටද බන් මේ කියලා...


පැය දෙකක් විතර යන්න ඕනනේ බන් ප්ලේන් එකේ... කන්න බොන්නත් මොනවාහරි ඕනනේ මචන්.....


මොකුත් නොකියපු අපි ඉදිරිය බලාගෙන ගමන ගියා...

32 comments:

  1. ඌ බජට් එයාලයින් එහෙක වෙන්ටැ යන්න උන්නෙ!

    ReplyDelete
  2. හික් හික් . . හොඳ වෙලාවට මගෙ පලවෙනි ගුවන් ගමනට මම උඹලත් එක්ක නෑවිත් තනියමම ආවෙ එයාපෝට් එකට . . .

    ReplyDelete
  3. අහ් ඕනයා . . උඹ නෙමේද?

    ReplyDelete
  4. හික්ස් මෙහෙමත් මඩ

    ReplyDelete
  5. අන්තිම කෑල්ල නං මඩ පාරක් වගේ!
    බජට් එයාලයින් කොහෙද මාලදිවයින පැත්තේ?

    ReplyDelete
  6. එයාට කීවේ නැද්ද කලින් සීට් එක බුක් කරලා නොතිබ්බොත් හිටගෙනත් යන්ට වෙනවා කියලා...:D

    ReplyDelete
  7. කාට හරි මඩ පාරක්...!

    ReplyDelete
  8. ඒ යාළුවටමද දන්නෙ නෑ.. යන්න තිබුනු දවසෙ ටිකට් එක ගන්න ගියහම, "සර් හිට ගෙන ඉන්නත් බැරි ගානට බීලා නේද ඉන්නෙ?" කියලා අහලා වෙන දවසකට ටුවර් එක සෙට් උනේ ?

    ReplyDelete
  9. මාලදිවයිනට කකා කිව්වැහේ බජට් එයාර්ලයින් නැහැ නොවැ. මමත් මුලින් හිතුවේ අපේ ඕනයා මල්ලිද කියලා. ඒකත් වැරදියි. ම්...ම්... හිතලා බලමු....(මෙහෙමත් මඩ.)

    ReplyDelete
  10. ඊයේ රංග අද අභීතත් මඩට බැහැලා වගෙ..

    ReplyDelete
  11. හැබෑටම කවුද අප්පේ මේ..... ඕනය අයියේ උබ දන්නවද බන් මුන් එක්ක ගිය අසරණයව... ?

    ReplyDelete
  12. මේ දෙවනි කොමන්ට් එක.. බලමු මේකවත් ‍පබිලිස් වෙයිද කියලා..

    මෙව්වා කාටද මන්දා අප්පා.. නම කියලත් බෑ.. රට්ටු මොනවා හිතයිද මන්දා.. හලේ.. පවු ඌ..........

    ReplyDelete
  13. පව් අප්පා කොල්ලා. මූලික අධ්‍යාපනයක් වත් දීලා නැද්ද ප්ලේන් එකේ යන ගමනක් ගැන...හික්ස්...

    ReplyDelete
  14. ඔය BLOG ගඩොල්....ඕකට ඇවිල්ල තමා මම හැමදාම අනිත් අයගෙ අලුත් ලිපි මොනාද කියල බලන්නේ.......ඔය ලිපිය මෙන්න http://bloggadol.blogspot.com/2011/09/blog-post_9265.html

    ReplyDelete
  15. මගෙ ඔලුව ඇතුලෙන් නිකන් ඇන්ඩය්යා ඇන්ඩය්යා කියල සද්දයක් එන්නේ ඇයි දන්නේ නැ.

    ReplyDelete
  16. ඇයි අබියෝ මතක නැද්ද තව පත්තර කඩයක් ගාවින් නවත්තල '' බුදුසරණ'' පත්තරේකුයි ෆාමසියකින් මොනාදෝ පැකට් වගේකුයි ගත්තා එහෙ ගියාට පස්සෙ ගොඩාක් උවමනා වෙනව කියල. ඒක දාල නැහැනෙ. :P

    ReplyDelete
  17. අඩේ මේ පිස්සු කියවන්න එපා. මූ උඹල දෙන්නට කොලේ වහල ගහල තියෙන්නෙ. යකුනේ මිනිහ ප්‍රින්ගල්ස් ටින් එකක්යි වතුර බෝතලෙයි ගත්තෙ ඌට ආයෙම බඩේ අමාරුව ආවොත් කියල. අහසෙන් යනකොට කක්කුස්සි කොහෙන් හොයන්නෙයි.

    ReplyDelete
  18. හැබෑවටම ඕනයියා අභියයියා එක්ක ගියානම් මෙතන මොන මොන කතා කියයිද :D

    ReplyDelete
  19. "දකුණු ආසියාවටම අයත් මාළු වෙළදාමට ප්‍රසිද්ධ රටට" යන්න පය දෙකක් යන්නේ මොන ෆ්ලයිට් එකේද බන් .......
    මෙහෙමත් මඩක් .................

    ReplyDelete
  20. ඕනය වෙන්න නං බෑ, මොකද ඌ ඇට් කොරන් ඉන්නෙ හරියට ප්ලේන් වල හැමදාම උදේ හවස වැඩට යන එන පොරක් වගේනෙ.
    හැබැයි ලඟදි අලුත් සූට් එකක් මැහුවද,ඊට ඉස්සෙල්ල සුළු ශල්‍ය කර්මෙකට එහෙම භාජනේ වුනාද එහෙම භාජනේ වුනාද විස්තර කිව්වොත් නං කනෙන් පෙන්නන්නං කව්ද කියල ෂුවර් එකටම.

    ඊට ඉස්සෙල්ල සුළු ශල්‍ය කර්මෙකට එහෙම භාජනේ වුනාද

    ReplyDelete
  21. මට නම් හිතෙන්නෙම අර මාල දිවයිනේ කරෝල වේලන ඕනයියා කියලමයි. එයා අවධානමට පෙර සූදානම කියලා කලින්ම කමෙන්ට් එකක් දාලා බේරෙන්නයි බැලුවෙ.

    ReplyDelete
  22. ඒ අස්සේ ඇනියෙක් ඇවිත් අර කොහෙවත් නැති පුරු පුරුවව අල්ලාගෙන .......................':)

    ReplyDelete
  23. ප්‍රින්ගල්ස් ගත්ත එක හොදයි.. වතුර හම්බුනත් සමහර ෆලයිට් වල ප්‍රින්ගල්ස් නෑනේ.. :)

    ReplyDelete
  24. ප්රින්ග්ල්ස් කාල වතුර බිව්වම අධෝ මුකයට කොන්ක්‍රීට් දැම්ම වගේ හිටී කියල ඕනය හිතුවද දන් නැහැ
    ෆුඩ් සිටියෙ පොල් තියෙනව නං ශේප් එකේ පොල් මුඩු කෑල්ලක් ගලෝල දුන්න නං වියදමක් නැතුව වැඩේ ගොඩ දාගන්න තිබ්බ

    ReplyDelete
  25. සුවර් ඕනයා තමයි... හොරට කලින් කෙහෙල් කැන පැනලා තියෙන්නේ අපූරැවට....

    ReplyDelete
  26. මේ මඩපාර කාටද ගැහුවේ කියලා හිතාගන්න බෑ.

    ReplyDelete
  27. හික්ස්!මඩ

    ReplyDelete
  28. ආහ් මේ අර කරෝල වේලන්න ගිය උන්දැ නේද නම මතක විදියට නම් ඕනයාද කොහෙද හි හි හි

    ReplyDelete
  29. සතියේ ගැටළුව වගේ :))

    ReplyDelete
  30. ඔබා අයියෙ පොල් මුඩ්ඩක් ?????කියන නසරානි කතා වල හැටියට වැඩත් තිබ්බානම් මීගොං කලපුවෙං පොල් ලෙල්ලක් ගියාට දැනෙයියැ..සල්ලි සල්ලි කියල නොබලා පොල් ගෙඩියක්ම ගන්න වෙයි..

    ReplyDelete
  31. ඒ කියන්නේ ප්ලේන් එකේ කක්කුස්සියකුයි කැන්ටිමකුයි තියනවා !

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...