Monday, January 30, 2012

ඔබ බ්ලොග් ලියන්නේ / කියවන්නේ විඳින්නද? විඳවන්නද?



බ්ලොග් ලියන ගොඩාක් අයගෙන් ඔබ බ්ලොග් එකක් ලියන්නේ ඇයි කියන ප්‍රශ්ණය ඇහුවොත්, ඒකට දෙන උත්තරේ මොකක්ද කියලා එක පාරටම හිතන්න අමාරුයි.. පුද්ගලිකව මමත් මම ඇසුරු කරන ගොඩාක් බ්ලොග් කරුවොත් සෑහෙන ප්‍රමාණයක් බ්ලොග් ලියන්නේ විවිධ කටයුතු නිසා තමන්ගේ මනසේ ඇතිවන පීඩනය මුදා හැරීම සඳහා කියලා තමයි මාත් එක්ක කියලා තියෙන්නේ... ඇවිදින විශ්ව කෝෂ වැනි දැනුම් සම්භාරයක් තියෙන අයත් කිහිප දෙනෙක් මේ අවකාශයේ ඉන්නවා.. මම කලින් ලිපියකත් කියලා තිබ්බ වගේ ලෝකයේ තිබෙන සෑම විශයයක් කෙරෙහි වාගේම සිංහල බ්ලොග් ලිපි තියෙනවා.. ඕනෑම සිංහල වචනයක් අන්තර්ජාලයේ සෙව්වාම පුවත්පත් ඇරුනම ඊලඟට එන්නේ බ්ලොග් ලිපි..... නමුත් බ්ලොග් කියවන අයගෙන් ඔබ බ්ලොග් කියවන්නේ ඇයි කියලා මම අහලා නෑ.. කතන්දර, මාතලන් එහෙමනම් ඒවා අහලා තියෙනවා.. ඔවුන් යටින් සටහන් කරයි ඔවුන් ඒ සම්භන්ධව දැනගෙන තියෙන දේවල්... 



ඉතින් මේ මානසික පීඩනය අවම කිරීම සඳහා වූ කරන මේ බ්ලොග් ලිවීම කියවීම තමන්ගේ ජීවිතයේ කොටසක් කරගෙන රෑ එලි වෙනකන් ඒ ගැන සිත සිත වෙන වැඩ අතපසු කරගෙන සිටින එක ඇත්තටම කරන්න පුළුවන් දෙයක්ද? මේ ගැන කතා කරන කොට මීට මාස හයකට විතර කලින් කට කහන කථා ලියන දුමී අයියා දුන්න අවවාදයක් මතක් වෙනවා... මධුවිතක් තොල ගාන ගමන් බ්ලොග් ගැන කතා බහකදි, කුමන හෝ හේතුවකට මට හෝ රංගට තරහා ගිය වෙලාවක ඔහු කිව්වේ මෙහෙමයි...


"යකෝ... ඔය මගුල ලියලා ගෙදරට වෙලා ශොට් එකක් දාගෙන හොඳට නිදා ගන්නේ නැතුව ඕක කරේ තියාගෙන මොකට දගලනවද බන් උඹලා..."


අම්මපා දුමියෝ.. උබේ අවවාදය එදාට වඩා මට අද හොඳට ඇහෙනවා.. දැනෙනවා.. ඒ අර ලිපියක් නිසා මට රෑට නින්ද ගියෙත් නැති නිසා.. ආයෙ ඉතින් එහෙම වෙන්නේ නෑ... මෙන්න ලිව්වා.. මෙන්න නිදි....



පාසැල් කාලයේ මෙන්ම රජයේ සේවය කරන කාලයේත් වෙච්ච රසමුසු අත්දකීම් වගෙම මගේ ජීවිත කතාවේ නොයෙකුත් සංසිද්ධි එක්ක පටන් ගත්ත මේ ටිකක් හිනාවෙන්න බ්ලොග් එකේ, ඉඳලා හිටලා වෙන මාතෘකා ගැනත් නොලිව්වා නෙවෙයි... හොදම උදාහරනය මීට සතියකට කලින් ඔබ දැක්කා.. ඇත්තටම එම ලිපිය මාව වෙනම ආකල්පයක් කරා අරන් ගියා.. ඒ තමයි විනෝදය සඳහා පමණක් නොව විවාදය සඳහාද යමක් ලිවිය යුතු බව.. නමුත් එය මනසට වදයක් වුනොත් මේ තියෙන ජරමර අස්සෙ තව මල ඉලව්වක් වෙයිද කියල හිතුනත් ඒ වගේ ලිපි කීපයක් ඉඳලා හිටලා ලියන්න තීරනය කලා.... අර අලුතින් පටන් ගත්ත බ්ලොග් එකක හිමිකාරියක් වන අමා කියන පරිදි ඒක "වාදයක්" නැත්නම් "වදයක්" හරි වෙන්නේ නැතෑ...


එවැනි බ්ලොග් කීපයක් අධ්‍යයනය කරද්දි එන චෝදනා රැසක් තියෙනවා කියලා පෙනුනා...... අංක එක තමයි හිට්ස් බලාගෙනද ලියන්නේ කියන එක... පසුගිය ලිපියේදීත් මේ චෝදනාව මට ලෙසටම ආවා.... මම ගැන පෞද්ගලිකව දන්න හොඳම යහලුවන්ගෙනුත් ආවා.. ඒත් හිට් කියන දෙයින් සල්ලි ලැබෙනවනම් ඒ දිහා බලාගෙන ලියන්න තිබ්බා... ඒත් එහෙම නෙමෙයි... දෙවෙනි චෝදනාව "බොරු ජනප්‍රියතාවය"ටද ලියන්නේ කියලා.. ඒකත් නෙවේනෙ.. ඒ නිසා ඒකටත් මුහුණ දුන්නෑකි....


එදා මෙදා තුර සිද්ධි, කන බොන දෑ, වගේ ඒව ලියනවට අමතරව මෙතනින් එහාට, ටිකක් හිනාවෙන්න එකේ සතියකට එක ලිපියක් ලියැවෙයි කාලීන සමාජ සංසිද්ධියක් ගැන.. ඔබටත් හැකි වේවි වාද කරගන්න... නමුත් ඉතා ගෞරවයෙන් ඉල්ලන්නේ මාතෘකාවෙන් පිට පනින්නේ නැතිව ඉතාම සංවරව තම අදහස් දක්වන ලෙසට....


ඊලඟ එක තමයි.. ඇනෝ කමෙන්ට්.. මෙන්න අද මාතෘකාව.. "ඇනෝ කමෙන්ට් හා බ්ලොග්කරණය" ගැන කියන්න ගොඩාක් දේවල් ඔබට ඇති... නිස්කාරනේ කලබල වෙලා බොරු කමෙන්ටු දාලා සිතින් විඳවන්නේ නැතුව ඇනෝ කමෙන්ට් ගැන ඔබේ අදහස් පිළිබඳව පලකරලා යහපත් සංවාදයක් විඳින්න අවස්ථාව මෙන්න....



බ්ලොග් අවකාශයේ ගොඩාක් වටිනා ලිපි බහුතරයක් ඇනෝ කමෙන්ට් නිසා පජාත වී යද්දි, අද දවසේ පටන් ඔබගේ සිතට එකඟ නම් ඇනෝ කමෙන්ට් හොඳ පැත්තට හරවමු.... මමත් ඔබේත් අප සැමගේත් උත්සහය විය යුත්තේ මෙයයි... යහපත් බ්ලොග් අවකාශයකින් යහපත් විවාදයක් තුලින් මනා අවබෝධයක් ඇති කරමු...  එහෙනම් ලිපියෙ කරුනු ගැනයි, "ඇනෝ කමෙන්ට් හා බ්ලොග්කරණය" ගැන ඔබේ අදහස් දැන ගන්න හා කියවන්න මම සූදානමින්,,,,


ප.ලි. දැන් එහෙම කියලා ඇනෝ කමෙන්ට්ම දාන්න හදන්න එපා.. නමින් එන්න.. එහෙම එන්න බැරි කාරණයක් තියෙනවානම් විතරක් ඇනෝ එන්න....

116 comments:

  1. ඔන්න උදේ පාංදර මමනම් නමිම්ම ආවා

    ReplyDelete
    Replies
    1. ගොඩ වැදිලා මදි.. අදහසයි වැදගත්...

      Delete
    2. හෙට උදෙන්ම දානවා

      Delete
  2. ඔන්න මමයි මුලින්ම නොසිතු ඇනෝ

    ReplyDelete
    Replies
    1. ගොඩ වැදිලා මදි.. අදහසයි වැදගත්...

      Delete
  3. හැබැයි පහුගිය ටිකේ වෙච්ච දේවල් හින්දා එක හොඳකුත් වුණා.. ගැහැණු ළමයි ගැන මම හිතාගෙන හිටිය විදිය වෙනස් වුණා.. මිනිස්සුන්ගෙ හැටි තේරුම් ගත්තා.. විශ්වාසය ඇති වෙන්න නැති වෙන්න යන්නේ ඇසිපිය හෙලන කාලයකටත් අඩු කාලයක්.

    ඇනෝ කමෙන්ට් ගැන කියනවනම් ... තමන් ලෝකෙට පෙන්නගෙන ඉන්න සළුව ගලවගන්නෙ නැතුව හෙළුව පෙන්නන්න තියෙන ආයුධයක් තමයි. ඇනෝ කමෙන්ට් ඕනෙ.. පත්තිනි අම්මලටයි වලත්තයින්ටයි දෙගොල්ලටම.

    ReplyDelete
    Replies
    1. ශා! එල! මූ ගෑනු ලමයි ගැන දැනගෙන තියෙන්නෙ බ්ලොග් වලින්.
      උඹ තණකොල කන්නෙ පුන්නක්කු එක්කද, මලවල ද?
      -ඇනෝපැනෝ

      Delete
    2. ස්තූතියි පැණී.. ටික සංවර වුනානම් හොඳයි ඇනෝ...

      Delete
  4. මම නම් හිතන්නේ නැහැ මම ලියන දේවලින් කාටවත් ප්‍රයෝජනයක් තිබේද කියලා. මොකද මගෙන් බේත් ගන්නයැ. අනික මම ලියන්නේ මගේ ජොලියට. මේක කීපදෙනෙක් හරි කියවන බව දන්න නිසා. ඇනෝල ගැනනම් මට වැඩක් නැහැ. අඩුගානේ තමන්ගේ ප්‍රොෆයිල් එකකින්වත් එන්නේ නැතුව අනිකගේ අනන්‍යතාවය හොයන කට්ටිය ගැන මොනවා හිතන්නද. බ්ලොග් ලෝකෙ වර්ධනයට හිතකර ඇනෝලත් ඉන්නවා. ඒ අය නිසා ඇනෝල ගැන අහිතක් හිතන්න මට නම් හිතෙන්නෙම නැහැ.

    ReplyDelete
  5. බුද්ධිමත් සංවාදයක්/කතිකාවතක් තුලින් තමයි හරවත් අදහසක් සංකල්පයක් බිහි වෙන්නේ!ඒ නිසා එවැනි දේවල් වලට ඉඩ සලසන එක වැදගත්!

    ReplyDelete
    Replies
    1. එයත් නන්නත්තාර කරලා දාන අය ඉන්නවනේ සබිත්... :(

      Delete
  6. සාතන් නම් බ්ලොග් ලියන්නෙ කියවන්නෙ පොඩි ෆන් එකක් ගන්න වගේම අලුතෙන් එකතු කරගන්න පුළුවන් දේකුත් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්...


    ඇනෝ කමෙන්ට් ගැන කියනවනම් ගොඩක්ම දකින්න තියෙන්නෙ ඒව හරහ වැදගත් සංවාදයකට තියෙන ඉඩ ඇහිරිලා තියෙනව කියන එක... ඒත් ඒව තියෙන්න අරිනවද නැද්ද කියන එක තම තමන්ගෙ තීරණයක්... මම නම් කුණුහරුප, බාහිර පුද්ගලයන්ට මඩ ගහන ඒව ඇර ඕන ඇනෝ කමෙන්ටුවක් තියෙන්න අරිනව..

    ReplyDelete
    Replies
    1. මමත් මෙච්චර කල් කලේ එහෙම එකක් තිබ්බොත් ඩිලීට් කරන එක... දැන් ඔන්න මොඩරේට් කලා... ඒත් පබ්ලිශ් කරනවා.. කරුමේ කියන්නේ මොඩරේට් කරාට පස්සේ ආපු සේරම කමෙන්ට් ඇපෲ කලා.....

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මම බ්ලොග් ලියන්න ආව මුල් කාලයේ ඒ කියන්නේ දැනට අවුරුදු තුනකට කලිං මගේ අරමුණ වුනේ ඒ වෙනකොට එක එක ෆෝරම් වල දාන මගේ කවි මගේම තැනක දාන එක.. ඒ කාලේ දැං වගේ පමණ ඉක්මවා බ්ලොග් තිබුනේ නැති නිසා වගේම බ්ලොග් කියවන අය හිටියෙත් සීමිත පිරිසක් නිසා ඒ අය බ්ලොග් එකට ඇවිත් කමෙන්ට් එකක් දාන්නේ ඇත්තටම ඒ පෝස්ට් එක රසවිඳලා.. හැබැයි අද වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා.. දැං බ්ලොග් ලියන අය අප්‍රමාණව ඉන්න නිසා වෙනත් කෙනෙකුගේ බ්ලොග් එකකට ගිහිං කමෙන්ට් කරන්නේ ඇත්තටම ඒ පෝස්ට් එක රසවිඳලා නෙවෙයි..

    එක්කෝ ඒ බ්ලොග් රචකයාට තමන්ගේ තියෙන පක්ෂපාතී බව පෙන්වන්න එහෙමත් නැත්තං ඒ බ්ලොග් රචකයා ලවා තමාගේ බ්ලොග් එකේත් කමෙන්ට් එකක් දම්මවාගන්න.. ඒ වගේම තමයි පුද්ගලික පලිගැනීම් වලටත්..


    ඇනෝ කමෙන්ට් ගැන කියනවා නම්.. මම මගේ බ්ලොග් දෙකේම ඇනෝ කමෙන්ට් ඩිසේබල් කරලා තියෙන්නේ.. කවුරුහරි මගෙන් ඉල්ලුවොත් විතරක් ඒ අදාල කෙනාට රිප්ලයි එකක් දාන්න දීලා ආයේ ඩිසේබල් කරනවා..


    හම්මෝ කමෙන්ට් එක දිග වැඩි වුනා..

    ReplyDelete
  9. සමහර ඇනෝ කොමෙන්ට් දැක්කම මළ පනිනවා ඒත් උන් නැතුවත් බෑ...

    ReplyDelete
    Replies
    1. මම හැමදාමත් කියනවා වගේ වැඩක් තියෙන කමෙන්ට් පිළිගන්නත් අනිත් ඒවා බැහැර කරන්නත් හැකියාවක් තියෙන්න ඕන...

      Delete
  10. හිතෙන දෙයක් ඔහේ ලියන්න පුලුවන් නිසා මරු !!!

    ReplyDelete
  11. පටන් ගත්තේනම් ආතල් කථා ලියනවා මට උන ඒවා ලියනවා කියල.නමුත් පස්සෙදි මම ගෙඩක් ආස කරන කෙටි කථා ලියන්න ට්‍රයි එකක් දුන්නා.
    මොනවත් බලාගෙන නම් නෙවී ලියන්නෙ.ඒත් ඉතින් කවුරු හරි ඇවිත් බලලා කියවලා යයිනෙ කියන අදහස තියෙනවා.ආයෙ බොරු මොකටද මගෙ ආතල් එකට ලීවා උනත් කවුරුවත් කියවන්නෙ නැත්නම් අහවල් එකකට ලියනවද කියල මම හිතන්නෙ.දෙයියන්ගෙ පිහිටෙන් තාම එහෙම කරදරයක් වෙලානම් නෑ.
    ගොඩක් වෙලාවට බ්ලොග් කියවන්නෙනම් ආතල් එකට.ඒ නිසා ඔය වෙන වාද විවාද වලට පැටලීමෙන් වැලකිලා ඉන්නවා.නිකන් මොකටද ආතල් කුඩු කරගන්නෙ.
    ඕනි එකෙකුට ඕනි එකක් ලියන්නනෙ මේක තියෙන්නෙ.අපි කාටවත් අයිතියක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම උනුත් නැත්තේ නෑ...

      Delete
    2. ඇත්ත.. නිකන් මොකටද ආතල් කුඩු කරන්නේ... උඩ පිළිතුර පහල කමෙන්ට් එකට... සමාවෙන්න ඕන...

      Delete
  12. ගොඩක් එවුන් ලියන්නේ මේ එකකටවත් නෙවෙයි ... තමන් පොරක් කියල පෙන්නන්න ...

    ReplyDelete
    Replies
    1. එහෙම උනුත් නැත්තේ නෑ...

      Delete
  13. මම නං බ්ලොග් කියවන්නේ මගේ ආතල් එකට... ඇනෝ තියෙන එක හොඳයි.... උන්ටත් ආතල් එකක් තියෙන්න එපැයි...

    ReplyDelete
  14. බ්ලොග් කියවන සමහර අයට ගූගල් එකවුන්ට් නෑ. ඉතිං ඒ වගේ අයට ඇනෝ තියෙන එක හොඳයි. දැන් මෙතන වැටිලා තියෙන කමෙන්ට් වලින් සෑහෙන ප්‍රමාණයකුත් ඇනෝ කමෙන්ට්ස් නේ(වෙන නම් වලින් හිටියට ලියන්නේ කවුද දන්නේ නෑනේ). කොටින්ම මාව දැකලා නැති කෙනෙක්ට මම ඇනෝ කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. මම මේකට මොකුත් නොකියමි පූසෝ.....

      Delete
  15. ඇනෝ කියන එකෙන් මම නම් අදහස් කලේ කෙලින්ම Anonymous කියලා එන අය බං පූසෝ.. උඹ කියන විදියට අපිත් ඇනෝලා තමා.. හැබැයි අපිට ගූගල් එකවුන්ට් එකක් තියෙන නිසා යම අනන්‍යතාවයක් තියෙනවා නේද..?

    ReplyDelete
    Replies
    1. ඇනෝනිමස් ආතල් බ්ලොග් එක ලියන අයටත් ගූගල් එකවුන්ට්‍ එකක් තියෙනවා!

      Delete
  16. ඇනෝ පහසුකම කියන්නෙ ජාතික ලැයිස්තුවෙං පාර්ලිමේන්තු යන්න ලැබෙනව වගේ වැඩක් . . . . කදිරගාමර්ලට පාර්ලිමේන්තු යන්න හදපු එකෙං අන්තිමට මර්වින්ලත් ගියා . . . දැං මර්වින්ල තමයි වැඩි . . . .ඒත් කදිරගාමර්ලට එන්න දොර ඇරල තියන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ, උඹල වගෙ එවුවෝ අකුරු ගලපල යමක් කමක් ලියනව කියන එකත් ලොකු දෙයක් නේ, නැද්ද ජෑ-කෝලිස්?

      -ඇනෝපැනෝ

      Delete
    2. නියම කමෙන්ට් එක..

      Delete
    3. ඕනයා.... සිරා අදහස... මූ නම් ඇනෝ පැනෝම තමා.. මරු නම... :D

      Delete
  17. යුනිකෝඩ් උන සැරේටම තිබුන කාලේ තමයි මුලින්ම බ්ලොග් ලියන්න ගත්තේ නියම අනන්‍යතාවයෙන්ම .2008 අග හරියෙ මයෙ හිතේ.සුපුරුදු පරිදි කම්මැලිකම නිසා කාලයක් ලියපු බ්ලොග් එක වල්වැදිලා ගියාට පස්සේ තමයි මේ අනන්‍යතාවයෙන් ලියන්න ගත්තේ.මේකත් එක්තරා ආකාරයකට ඇනෝ වීමක් තමා.මට හිතෙන හැටියට නම්.මොකද ප්‍රොෆයිල් එක බැලුවා කියලා මොනවා හොයන්නද? බ්ලොග් එක හොයාගන්න පුලුවන් එච්චරයි.
    ඒත් සමාජ ජාල, හා විවිද ක්‍රම මඟින් එකතරා ප්‍රමාණයකට මගේ අනන්‍යතාවයත් නිරාවරණය වෙලා තියනවා කොටසකට.
    ඇනෝ කමෙන්ට් මම ඩිසේබල් කරලා නැහැ.හේතුව කාට හරි හිතවතෙකුට මම ලියන විකාරයකට මොකක් හරි තදබල විවේචනයක් තිබුනොත් ඒක එයාගෙ ඇත්ත නමින් දාන එක එයාට අවුල් වගේ හිතුනොත් ඒ විවේචනය දාන්න විදිහක් තියෙන්න ඕන නිසා.අනික මම ඇතුලු ගොඩ දෙනෙක් ලොග් වෙලා නැති වෙලාවට කමෙන්ට් කරද්දි ආපහු ලොග් වෙන්න තියන කම්මැලිකමටත් ඇනෝ කමෙන්ට් දානවා.ඒ හින්දා ඒ අයට සහනයක් විදිහටත්.
    මම කමෙන්ට් මොඩරේට් කරලා තියනවා.ඒ කරන්නේ මොඩරේට් නොකලොත් කමෙන්ට් වලට පිළිතුරු දීම මගහැරෙන නිසයි.බොහෝ අය ලිපියකට කමෙන්ට් කලාට පස්සේ රචකයාගේ ඒ සම්බන්ධ අදහස දැනගැනීමට ආපහු එනවා ඒ ලිපිය බලන්න.එතකොට ඒකට බ්ලොග් හිමිකරු ප්‍රතිචාරයක් දක්වා නොතිබුනොත්
    “මුගෙ ලොකුකම“ වගේ හැඟිමක් එන්නත් පුලුවන්.ඒ වගේම හොඳ සංවාදයකට තියන ඉඩකඩ අහිමි වෙන්නත් පුලුවන්.අනික් අතට කමෙන්ට් මොඩරේට් කලාම සංවාදයකට තියන ඉඩ ඇහිරෙන්නත් පුලුවන්.මොකද බ්ලොග් හිමිකරු කමෙන්ට් අනුමත කරන්නේ තමන්ට පහසු වෙලාවක නිසා.
    කුණු හරුප නැත්තං, සහ ස්පෑම් නැත්තං බැනලා තිබුනත් මම කමෙන්ට් අනුමත කරනවා.ඕං ඔච්චරයි මගේ අදහස නං....අභියා ඇති නේද මේ. :D

    ReplyDelete
  18. මම නම් බ්ලොග් කියවන්න පටන් ගත්තේ ආතල් එකට වෙලාවක තියන වෙලාවක ඇවිල්ලා කියවලා යනවා. පස්සේ තමා හිතුනේ මටත් බ්ලොග් එකක් ලියන පටන්න ගන්න ඔනේ කියලා.ඒක නම් ඉතින් ඔය විනෝදාංශයක් විදිහට වගේ තමා කරන්නේ.
    මට නම් බ්ලොගේට හිට්ස් නැතිවෙන එක වැඩිය අවුලක් නෑ.මොකද හිට්ස් බලාගෙන ලියන්නේ නැති නිසා.ඒත් ඉතින් කමෙන්ට් එකක් දෙකක් වැටෙනකොට හිතට සතුටක් දැනෙනෙනවා.තවත් ඉතින් මගේ බ්ලොගේ ම කියවලා පරන දෙවල් මතක්කරන එකෙත් ලොකු ගතියක් තියනවා මට නම්. ඉතින් මගේ පෝස්ට් ම මම කාලෙකට සැරයක් කියවනවා.අනික මේ ලියන දේවල් කවදා හරි මට ලොකු මතක එකතුව කුත් වෙයි කට්ටියගේ කියන දේවලුත් එක්ක.
    ඇනෝලා ගැන නම් කියන්න තියෙන්නේ අවුලක් නෑ කියන එක තමා කුණුහබ්බ වගේ චාටර් දේවල් නැත්තම් ඔනේ කමෙන්ට් එකක පබ්ලිස් කරනවා.මොකද බ්ලොග් කියවන හැම එකාටම කමෙන්ට් කරන්න වලංගු එකවුන්ට් එකක් නැතිවෙන්න පුළුවන් නිසා.
    අය ඉතින් කියන්න තියෙන්නේ කාලීන සමාජ සංසිද්දියක් ගැන ඉඳ හිට හරි ලියන එක ගොඩක් හොඳයි කියන එක තමා.

    ReplyDelete
    Replies
    1. 100% ක් ම මේ කමෙන්ට් එකත් එක්ක මාත් එකගයි ඔන්න.. :)

      Delete
  19. ගොඩක් වෙලාවට ඇනෝ කමෙන්ට් වලින් එන්නේ බ්ලොග් කියවන එක විතරක් කරන අය කියලා මම හිතන්නේ.. ඔවුන් ගොඩක් වෙලාවට අපේ තියෙන වැරැද්දක් පෙන්නලා දෙනවා.. මේ මටත් එහෙම කමෙය් කීපයක් ඉස්සර වැටිලා තියෙනවා.. ඔවුන්ගේ අදහසුත් වැදගත්.. ඒත් සමහරු තේරුමක් නැතුව පෝස්ට් එකට කොහෙත්ම අදාල නැති දෙයක් කියලා කුණුහරප දාන එකටනම් මම පෞද්ගකිකව අකමැතියි..

    ReplyDelete
    Replies
    1. ඇනෝ එන්නේ උඹ ලියල තියෙන ගොන් කතාව හින්ද උඹේ මැටිමෝල් කම පේනව කියල මූණට කියන්න බැරි උඹේ බ්ලොග් යාලුවෝ.
      -ඇනෝපැනෝ

      Delete
    2. මේ ආයෙත් පැනලා තියෙන්නේ යස රඟට... උඹලා වගේ උන් ගැන තමයි ඌ කියලා තියෙන්නේ බන්...

      Delete
  20. මම බ්ලොග් ලියන්නේ කාලේ ගෙවන්න,පාලුව,තනිකම අඩු කර ගන්න,මට මෙහෙ යාලුවෝ නෑ ඉතින් අන්තර්ජාලයට ඇබ්බැහි උනා එතනින් අද වෙනකොට මේ ජීමේල් තුලින් තිබෙන බ්ලොග්,බස් ,ප්ලස් ගෲප් මේල් වලට ඇබ්බැහි උනා,මගේ බ්ලොග් එක ගැන කියනවා නම් අඩුම ගානේ ලගම හිතවත් වෙලා ඉන්න ඔයාලත් මට බ්ලොග් එකක් තියනවා කියලා දැනගෙන හිටියේ නෑනේ.ඇනෝ කමෙන්ට් ගැන මට කියන්න දෙයක් නෑ,

    ReplyDelete
    Replies
    1. උඹට මොනා ගැනහරි කියන්න තියෙනවනම් කියපන් ඩිලා....

      Delete
  21. මටනම් බ්ලොග් නැති නිසා ප්‍රශ්න බොහෝ අඩුයි මට. ඇනෝ කොමෙන්ට් තියන එකේනම් වැ‍රැද්දක් නැහැ . යමෙක්ගේ අඩුපාඩු පෙන්නන්න තියෙනෙ එක හොඳයි. සමහර වෙලාවට තමන්ගේ හොඳම යාලුවන් ඉන්නවා ඇනෝ එකෙන් ඇවිත් අඩු පාඩු කියා දෙන. යාලුවා තරහ වෙයි කියා සැබැ නමින් කියන්නේ නැතුව ඇති. ඒත් ඇනෝ එකෙන් ඇවිත් කෙනෙක් මානසිකව වට්ටන හා කුනුහර්ප කමෙන්ට් නොදා ඉන්න ඕන..පසුගිය ටිකේ ඇතිවූ සිද්දීන් ගැනනම් කිසිම පැහැදීමක් නැ.

    මමනම් කිසිම දිනක ඇනෝ එකෙන් ඇවිත් කමෙන්ට් දාන්නේ නැ ගූගල් එකේ
    අවුලක් නිසා මුල් කාලයේ ඇනෝ එකෙන් ඇවිත් කොමෙන්ට් කලා නමුත් මම යටින් එහි මගේ නම සටහන් කලා . ඉදිරියටත් එසේමයි. මොකද මගේ අදහස මට ඉදිරිපත් කරන්න ඕන මගේ නමින්මයි. කෙනෙක්ව මානසිකව වට්ටන හෝ අනවශ්‍ය කමෙන්ට්
    නොදාන නිසා එය කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැ.

    හොඳ ලිපියක් අභීත අය්යා .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම්හානි....

      Delete
  22. මේ පැත්තේ ඇවිත් ගියාට කොමෙන්ට් එකක් දාන්න තරම් වෙලාවක් වෙන් කරගන්න බැරි උනා... ඒත් පහුගිය ටිකේ වෙච්ච දේවල් එක්ක කියන්න ඕනේ කියල හිතුන දේ ලියනවා...

    අභීත අයියට මාව කොහොමත් ඇනෝ මොකෝ අපි ජීවිතේට දැකල කතා කරපු උදවිය නෙමෙයි... හැබැයි මගේ අදහස නම් තමන්ගේ මතේ තමන්ගේ නමින් දාන්න බැරි තරම් කොන්ද පණ නැති හෝ බයෙන් ජීවත් වෙන උදවිය ඇනෝ කොමෙන්ට් දැමීමෙන් ම වංක උන් වෙලා ඉවරයි... ඒ උදවිය පටන් ගන්නෙම බොරුකාරියෝ වෙලා බොරුකාරයෝ වෙලා ඉතිං මට කියන්න තියෙන්නේ ඔය එක එක සෙවල කාඩ්බෝඩ් වීරයන්ට වීරියන්ට කෙලින් තමන්ගේ මතේ කියන්න බැරි නම් නොකියා සිටීම වඩාත් හොඳයි කියලයි.... හෙට මෙලෝ එකෙක් නොබලා කොමෙන්ට් නොකර මම ලියන බ්ලොග් එක වේලුනත් මට කාරි නෑ ඇනෝලට මගේ නෑ ඉඩ...

    දැන් ඉතිං ඔය ඇනෝ කාට හරි මේක කටුක ලෙස රිදුනා නම් කැමති දෙයක් කියපල්ලා... උඹලා කියන දේවල් ගණන් වල වටිනාකම බිංදුවයි !!

    ReplyDelete
    Replies
    1. ලෝකයේ නිර්නාමිකව, අන්වර්තනාමිකව ලියපු බොහො ලේඛකයෝ සිටිති. දැනුත් සිටිති. ලංකාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටක "සාටකයා" ගැන නමින් විවේචනය කරන උන් සුදු වෑන් වල සවාරි ගෙනියති. මේවා ගැනවත් , ලෝක සහිත්‍ය ගැන්වත් නොදන්න දකයි පනහේ පීචමාලා කොන්ද ගැන පොර ටෝක් දෙමින් "අබීත අයියේ අයියේ" කියමින් පිට කසමින්, ගොඩේ නෑකම් කියන ගොබ්බ සංස්කෘතිය බ්ලොග් අවකාශය තුල ප්‍රචලිත කරමින් ගොන් පාට් දමති.

      Delete
    2. සංසුන් වන්න සංසුන් වන්න... ඔයාට ඉක්මනටම ජොබ් එකක් සෙට් වෙයි... එතකං ඔයාට නින්ද යන්නේම නැත්තං ඔහොමවත් ඔයාගේ සාහිත්‍යය දැනුම උරගා බලන්න... අයියේ කිව්වේ මට වඩා වැඩිමහල්ලෙක් කියලා තේරුන නිසා. ඒකට ඔයා දන්න සාතිත්‍යයේ කියන්නේ පිට කසනවා කියලා උනාට මේ පීචමා නොදන්න සාහිත්‍යයේ කියන්නේ නිහතමානිකම කියල...

      ඔයා ලංකාව ගැන කියල තියෙන ටික නම් ඇත්ත... ඒකට වග කියන්නත් ඕන ඔය අනොමින්ස්ව ගහින් ඒ අයව පත් කරපු උදවියට තමා... ඔයාට වගේ නෙමෙයි අපිට ගොඩක් වැඩ තියෙනවා... ඔයාගේ ගරිල්ලා සටනට මගෙන් උණුසුම් සුභ පැතුම්... ගිහිං එන්නං

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. ඇනෝ කමෙන්ට් තියෙන එකේ වරදක් මං දකින්නෙ නෑ කුණුහරුප නොකියා වැදගත් විදිහට සාකච්චාවට එනවානම්. :))

    මගෙ බ්ලොග් එකටත් එක පාරක් කුණුහරප කමෙන්ට් එකක් වැටිලා තිබුනා.මං ඒක ඩිලීට් කලා.ඊට පස්සෙ තමා කමෙන්ට් මොඩරේට් කරන්න ගත්තෙ.ඊට පස්සෙනම් එහෙම ඒවා ඈවිත් නෑ.ඒත් යහපත් අදහස් නම් ඇවිත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මටද කුණුහරප ඇවිත් තියෙනවා.. ඒවා එලෙසම තියෙනවා....

      Delete
  25. ඇනෝලාත් ඉන්න ඕනේ... අපි ලියන දේක අඩු පාඩුවක් ඇත්ත නමකින් පෙන්වල දුන්නොත් තරහ වෙයි කියල බයක් තියෙනවා නම්, ඕනේ කෙනෙක්ට පුළුවන් ඇනෝ විදියට කමෙන්ට් කරන්න. සංවාදයකට විවෘත මාතෘකාවකටත් ඇනෝ කමෙන්ට් දාන එක සාධාරණයි කියමුකෝ. ඒත් ඉතින් සමහර වැදගත් පොස්ට් වලටත් රටේ නැති දේවල් කියල ඇනෝ කමෙන්ට් දාල තියෙනවා මං දැකල තියෙනවා. ඒකනම් හරි අපරාදයක්.

    ReplyDelete
    Replies
    1. කෙල්ලො කොල්ලෝ තරම් ඇනෝලට බය නෑ වගේ කියලත් හිතෙනවා....

      Delete
  26. දුමියගෙ කටේ කිඹුල බනිසක් ඔබන්න වටිනව.

    ReplyDelete
  27. අභීතගේ ගෙදරට අමුත්තෙක් ආවම පාරේ යන එකෙක් ඇවිල්ල ඒ අමුත්තට හොඳටම බැනලා යනවා එතකොට අභීත ගන්න පියවර මොකද්ද තමන්ගේ වහල යටදිම තමන්ගේ හිතවතෙක්ට කොහේවත් යන එකෙක් ඇවිත් බනිනවා. ඔයාගේ වහල යට වෙන දේවල් වලට ඔයා වගකියන්න ඕනේ. ඒක වලක්වන එක ඔබේ යුතුකමක්. ඕක දෙතුන් දවසක් උනොත් එහෙම අමුත්ත සැක හිතනවා මේක වෙන්නේ අභියාගේ අනුදැනුමෙන්ද මන්දා කියලා ඊට පස්සේ මොකො වෙන්නේ අමුත්තා එන එක අතෑරලා දානව.

    බ්ලොග් එකත් ඒ වගේ මන් හිතන්නේ තම්න්ගේ බ්ලොග් එකේ තියෙන හැම දේකටම වග කියන්න ඕනේ තමන් ඒක නිසා තමන්ගේ බ්ලොග් එකේදි තව කෙනෙක් අපහසුතාවයට පත් වෙනවනම් ඒකත් තමන්ගේ වැරැද්ද.

    පහුගිය දවස් වල ඇමරිකාව සම්මත කරගන්න හදපු නීතියේත් ඕක අඩංගු වෙලා තිබ්බා. බ්ලොග් එකේ තියෙන දේවල් වල වගකීම බ්ලොග් එක අයිති කාරයා වග කියන්න ඕනේ වගේ දෙයක් ඒක මහාපරිමානෙන් බැලුවම අසාධාරණ උනත් තනි පුද්ගල වශයෙන් බැලුවම සාධාර්ණයි කියලා මට හිතෙන්නේ.

    මන් කියන්නේ බ්ලොග් වල ඇනෝ පහසුකම දෙනවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් මොඩරේට් කරන්න ඕනේ නැත්නම් ඇනෝ පහසුකම අත්හිටවන්න ඕනේ. බොහෝ වෙලාවට ඇනෝ දාන්නේ අපහසාත්මක කමෙන්ට් .

    දැන් මේ පොස්ට් එකේම ඇනෝ දාලා තියෙන කමෙන්ට් බලන්න ඒවයින් අපහාසයක් මිසක් වැදගත් දෙයක් කියවෙනවද කියලා. ඔහොම ගියොත් නම් ටික දවසක් යනකොට කවුරුත් මේ බ්ලොග් එකේ කමෙන්ට් දානන් එන එකක් නැහැ. මොකද කමෙන්ට් එකට රිප්ලයි එන්නේ අභීතගෙන් නෙමෙයි ඇනෝ කෙනෙක්ගෙන් නිසා

    ReplyDelete
    Replies
    1. උඹ හොඳ තැනකට ආවේ මචන්.... මගේ වහල යටදි එහෙම වෙන්නේ නෑ.... උදාහරනයක් විදිහට අර කලින් පෝස්ට් එකේදි කිසිම සම්භන්ධයක් නැතුව ප්‍රියන්තට, පොඩි කුමාරිහාමිට හා තව කෙනෙකුට මඩ ගහගෙන ඇනෝ කමෙන්ට් වැටුනා.. ඒවාට කවුරුත් මතයක් ඉදිරිපත් කලේ නැති නිසාත් පදනමක් නැති නිසාත් මම ඒවා ඩිලීට් කලා... නමුත් සමහර කමෙන්ට් වලදි දෙපැත්තක් වාද කර ගත්තා... ඒවා ඇනෝ කමෙන්ට් මෙන්ම ප්‍රොෆයිල් නම් වලිනුත් වාද කර ගත්තා.... එතකොට ඒවා මකන්න මට බෑ.... මොකද දෙපැත්තක් තියෙන නිසා..

      උඹ කියන විදිහට මගේ වහල යටට ඇවිත් මටම ගහලා ගිහින් තියෙනවා අනන්තවත්.... උන්ටත් මම මොකුත් කරලා නෑ.... ඊයේ දවසේ ඇනෝ කෙනෙක්ගෙන් වෙන්න ඕන ලොකුම හානියකුත් උනා.. කමෙන්ට් සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බ අයට පේන්න ඇති... ඒකත් ඩිලීට් කරලා නිකන් හිටියා...

      අපේ ගෙදර හදන ගේ කුරුලු කූඩු, මී ගුල්, ලේන් කූඩු වලට ඉඩ දුන්නට නයි හුබස් විතරක් කඩලා දාපුහාම ඇති කියලයි මට හිතෙන්නෙ මරනෙ....

      මෙතන කමෙන්ට් වලට ඇනෝ වෙසින් මම රිප්ලයි කරනවද කියලා උඹ අහනවා වගේ මගේ යටි සිතට තේරුනා මචන්.. ඒක ඇහුවානම් උත්තරේ මේකයි "මගේ බ්ලොග් එකේ පෝස්ට් 176ටම මම විසින් ඇනෝ කමෙන්ට් දාලා තියෙන්නෙ එකයි" විශ්වාස කරනවානම් විශ්වාස කරපල්ලා....

      Delete
    2. මම කියන්නේ උඹේ බ්ලොග් එකේ දිගින් දිගටම කමෙන්ට් කරන අය අපහසුතාවයට පත්වෙද්දිත් මොකුත් පියවරක් ගත්තේ නැති උනාම ඒ අය හිතන්න පුළුවන් මේවා වෙනෙන අභීතගේ අනුදැනුමත් ඇතුවද කියලා එහෙම වෙන එක වැරදියි

      උද:-
      වෙදනාගේ කමෙන්ට් එකට දාලා තියෙන මේක
      "උඹෙන් බේත් අරගන්න උන්ට කියපං මීනිපෙට්ටි සාප්පුවට ඇඩ්වාන්ස් එකක් ගෙවල එන්න කියල."

      වෙදනට මේක ගානක් නැතුව ඇති ඒත් උඹේ බ්ලොග් එකදි ඇනෝ කෙනෙක් ඇවිත් වෙදනට අපහාසයක් කරලා තියෙනවා මේක මන් දකින විදිහට වැරැද්දක් මේවා පාලයනය කරනන් ඕනේ ඇනෝ දාන්න ඉඩ දෙනවනම් කමෙන්ට් පාලනය කරන්නම වෙනවා ඒක කරන්න ඕනේ පබ්ලිශ් උනාට පස්සේ නෙමෙයි එතකොට ඒවා ගිහින් ඉවර නිසා.

      සිංහල බ්ලොග් වල කීපයක් ඇරෙන්න ඇනෝ කමෙන්ට් දාන්න දෙන බහුතරය කමෙන්ට් මොඩරේට් කරලා තියෙන්නේ. අනික දැන් උඹේ එකේ මේක වැඩියෙන් කරනවා ඇති කට්ටිය

      Delete
    3. මේ කතාවට මාත් එකඟ වෙනවා . පසු ගිය ටිකේ අමිහිරි සිදුවීම් උනේ මේ නිසා නේද ? දිගින් දිගට පහර දුන්න නිසා . ඔබ ගැනත් වැරදි ආකල්පයක් ඇති වෙලා තියනවා අර මරනේ කිව්ව වගේ .

      Delete
    4. ඒත් ඒ කමෙන්ට මකන අවස්ථාව වෙද්දි ෆලෝ කරන අයගේ මේල් වලට කමෙන්ට් මේල් වෙලා ඉවරයි. ඊට පස්සේ ඒ කමෙන්ට් තිබුනත් නැතත් වැඩක් නෑ. ඒ කියන්නේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැම්මා වගෙයි. මම හිතුවේවත් නැති දේකට මට අපහාස කරලා තිබුනා. ඒ ගැන කිසිම පැහැදිලි කීරීමක් පවා සිදු උනේ නෑ. මරණේගේ කතාවට මම 100% එකඟයි.

      Delete
    5. ප්‍රියන්තගේ කථාව මට යමක් වටහා දෙන්න සමත් වුනා.... ඇත්ත ප්‍රියන්ත අයියේ... හිත රිදුනානම් සමාවෙන්න..

      මෙතනින් පසු ඇනෝලට කමෙන්ට් කරන්න පුළුවන්... ඒත් කමෙන්ට් මොඩරේට්....

      Delete
    6. මටත් කියන්න තියෙන ටික මරනෙ මෙතන කියලා තියෙනව


      ඇනෝ කොමෙන්ට් කියන්නෙ හොඳ දෙයක් මොකද මම උනත් මුල් කාලෙ පෝස්ට් වලට කොමෙන්ට් කරේ ඇනෝ. ඒ වෙලාවලදි ඇනෝ වහල තිබ්බ තැන් වලදි කොමෙන්ට් කර ගන්න බැරුව අපහසුතාවට පත් වුනා.

      හැබැයි තාමත් මම පරන පෝස්ට් වල වෙච්ච දේවල් වලදි වරද පටවන්නෙ අභීතට මොකද මගේ ගෙදරට ඇවිත් දන්න උන් දෙන්නෙක් හරි , දන්න එකෙකුයි නොදන්න එකෙකුයි හරි නොදන්න උන් දෙන්නෙක් හරි ගහගන්නව නම් මම උන්ව එලවනව කිසිම සමාවක් නැතිව.
      ඒක නොකරපු එක ලොකු වරදක්. ඒකෙන් උනේ අභීත සහ යාළුවෝ ටික එකතුවෙලා තව කෙනෙකුට ගැහුවා කියන මතයක් නිර්මානය උන එක විතරයි.

      මේ සේරම අනවශ්‍ය දේවල්.
      අභීතම කියනවා නින්ද ගියේ නෑ කියලා. හිතන්න අනිත් පාර්ෂවයනුත් එවැනිම මානසික පීඩනයකට පත්වෙන්න් අඇති.
      මොකද පුද්ගලිකව මම හවස ගෙදර ගියයින් පස්සෙ අන්තර්ජාලය ගොඩක් ඈතින් තියාගෙන ඉන්න කෙනෙක් ඒත් ඔය කියන දවසෙ මගෙ හිතත් පොඩ්ඩක් රිදිලා ඒ ගැන කල්පනා කෙරුව.
      මොකටද අපි වින්දනය සඳහා කරන දේ නිසා විඳවන්නෙ

      Delete
    7. අභීත. බ්ලොග් එකක් යනු ප්‍රකාශණ මාධ්‍යයකි. එය ඔබේ ගෙදර නොවේ. (එය ඔබේ ජීවිතයද නොවන බව වටහාගෙන ඇතැයි සිතමි.) ඔබට අවශ්‍ය නම් ඔබේ බ්ලොගය "ආනේ-හරි-චෝයි" කල්ලියට පමණක් බැලිය හැකි අයුරින් සැකසිය හැකිව තිබුණි. එහෙත් ඔබ තෝරාගත්තේ බහුතර මහජනතාවට -world at large- බැලිය හැකි බ්ලොග් එකකි. ඉන් නොනැවතී ඔබ නිර්ණාමික ප්‍රතිචාර වලටද ඉඩදීමට තරම් "අභීත" වීම ගැන මගේ කෘතඥතාව ඔබට හිමිවෙයි. මීට අමතරව මේ ලිපියේ ඇනෝලා ගැන ඔබ ලියා ඇති යමක් (ලබ්බක්) නැති තරම්ය. බුවා මේ සම්බන්දයෙන් පරිපූර්න ප්‍රසශ්ත විග්‍රහයක් කර තිබේ. නමුත් මේ ලිපිය නොව මෙහි කමෙන්ට් ගැන ඔබ අනුගමනය කල ක්‍රියාපටිපාටිය පෙනෙන විට මට ඔබ ගැන මහත් ගෞරවයක් ඇතිවෙයි. අද බ්ලොග් අවකාශයට ඔබ වැනි නිදහස් පොරවල්ය. විවෙචනයක් දරා ගත හැකි කොන්දක් පමණක් නොව වෘෂණ කෝෂද -balls- ඇති නියම පිරිමිය.

      සමහර පීචමාලා ඔබේ බ්ලොගය උන්ට ඕනේ විදියට රන් කරන්නට උපදෙස් දීමට තරම් ඉදිමී තිබෙන බව පෙනේ. අපි නම් මරණය එනකන් මග බලා සිටින පොන්සියෝ නෙවෙමු. හොඳට කා බී ඉන් එහා සැපද ගන්නා ජීවිතය ගැන සිතන මිනිස්සුය. මරණය ගැන සිතමින් ඉන්න මානසික රොගියෝ ඔබේ ගෙදරට ආපු අමුත්තා ගැන ගොං උපමාවලින් ඔබ බය කරන්නට දඟලයි. ඉහත ඇනෝ කමෙන්ට් වලින් කාටවත් අපහාසයක් වී නම් ඊට විරුද්ධ විය යුත්තේ එයට ඉලක්කවු අයයි. අහක යන මරණ-භීතිකා පිස්සෝ නොවේ. ඉදිරියටද ඔබේ බ්ලොගයට පැමින අපි කමෙන්ට් කරන්නෙමු. ගැසිය යුතු තැනදී ඔබට වුවද ඒ දේ කරන්නනෙමු, වෙන කිසිවක් නිසා නොව බ්ලොග් එක ගෙදර යැයි සිතාගෙන ගොං පාට් දමන්නට තරම් ඔබ ලාමක නොවන බව අප දන්නා නිසාය.
      ඔබට ජය!

      -ඇනෝ පැනෝ

      Delete
    8. ගෙදරටක ඇවිත් බැනගන්න එකත් අදහස් පලකිරීමත් කියන්නෙ දෙයක් , තමන්ට විරුද්ධව යමක් කියනකොට අහන් ඉන්න බැරි නම් හොඳම දේ කට්ටිය කථා වෙලා , රැට කාපුවා ගැන , බතල තම්බන රෙසිපි ගැන , දුක හිතෙන ලව් ස්ටෝරි ගැන විතරක් ලිපි ලියන එක , එතකොට වෙන බ්ලොග් එකකදිවත් ඇනෝලගෙන් විවේචන එල්ල වෙන එකක් නැ . බ්ලොග් අවකාශය "පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි " , "දේශප්‍රේමී" මාධ්‍යයක් බවට පත්කරගන්න පුලුවන් !

      Delete
    9. බ්ලොග් අවකාශේ ගත්තම හැමජාතියේම මිනිස්සු ඉන්නවා පවුලේ සැමට ඒවා බලන අයට ඒවා බලලා නිදහසේ ඉන්නත් වැඩිහිටියන්ට පමණයි බලන අයට ඒවා බලන්නත් නිදහසක් තියෙන්නේ ඕනේ.

      Delete
    10. @ ඇනෝ පැනෝ ->
      ඔව් මේක අභීතගේ බ්ලොග් එක ඔව් ඒක ඔහුට ඕනේ විදිහට පවත්වාගෙන යාමේ නිදහස ඔහුට ඇත.

      Delete
    11. ඒක ඉතින් තම තමන්ගේ කැමැත්තේ හැටියටනේ , කැමති ඒවට විතරක් ගිහින් බලන්න පුලුවන් නේ , ඒවගේම ඉතින් ඇනෝ කමෙන්ටු වලින් කුණුහරුප වැටෙන ඒවටත් නොගිහින් ඉන්න පුලුවන් , ඇනෝ කමෙන්ටු වලට ඉඩ දීල බ්ලොග් හිමිය තමන්ට අපහාස කලා කියල හිතෙනවා නම් නඩු දාන්නත් පුලුවන් . හැබැයි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට වැට බැඳියි යුතුයි කියන එක වැරදියි

      Delete
    12. මම කියන්නේ නැහැ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැති කරන්න කියලා ඒ කියන්නේ බ්ලොග් පොස්ට් එකක කමෙන්ට් ඩිසේබල් කරනවා කියන එක. මම කියන්නේ ඇනෝ තියෙනවානම් කමෙන්ට් මොඩරේට් කරන්න නැත්නම් ඇනෝ අයින් කරන්න

      උද:- බුවා කියන්නේ මට ඇනෝ මන් ඔබව දන්නේ නැති නිසා දැන් කවුරු හරි ඇවිත් ඔබේ අතිශයින් පුද්ලික විස්තර ගොඩක් මේකේ දානවා ඇනෝ කමෙන්ට් එකක් හැටියට. ඒක යනවා මේ පොස්ට් එකේ සබ්ස්ක්‍රයිබ් වෙලා ඉන්න හැමෝටම ඔබට යම් කිසි හෝ හානියක් වෙන්නේ නැද්ද? ඔබ හිතනවද පසුව ඇවිත් ඒ කමෙන්ට් එක මැකුවට වැඩක් තියෙයි කියලා. අපේ ගොඩ දෙනෙක් 99% ඇනෝ කමෙන්ට් පාවිච්චි කරන්නේ පුද්ගලිකව අපහාස කරන්න 1% ක් පාවිච්චි කරන්නේ යහපත් දේවල් වලට

      Delete
    13. කමෙන්ට් ඩිසේබල් කිරීම විතරක් නෙවෙයි අදහස් වාරනය කියන්නේ , ඇනෝ නතර කරනවාය කියන්නේ බ්ලොග් අයිඩි එකක් තියන අය පමණක් ප්‍රතිචාර දැක්විය යුතුය කිය සීමා කිරීමක් , තමන් නිතර එන්නෙ නැත්නම්(කමෙන්ට් චෙක් කරන්න ගතවන කාලය ඉතා වැඩි නම් ) හෝ ගැණු ලමයෙකුගෙ බ්ලොග් එකකට මොඩරේට් කිරීම ඒ තරම් අවුලක් නැ , ඒත් මොඩරේට් කරනවාය කියන්නේ ඇඩ්මින්ට පුලුවන් තමන්ට විරුද්ධ එන ඕනි අදහසක් මකල දාලා බබා වගේ ඉන්න , ඒකත් අදහස් වාරනයක් තමයි ,

      ඔබේ උදාහරණය පැහැදිලි නැ , මගේ අතිශයින්ම පෞද්ගලික තොරතුරු දන්නේ ලඟම මිත්‍රයෙක් හෝ නැදැයෙක්නේ , එහෙම එකෙක් මොකටද ඇවිත් ඒක බ්ලොග් එකේ ලියන්නේ , අනික මම මේ නමින් බ්ලොග් එකක් ලියනව කියල දන්නෙ ඉතම සුලු පිරිසක් . කෙනෙක් බ්ලොග් අවකාශයේ හඳුන්ගත්ත බුවා කියන චරිතයට මඩ ගහල යන්න පුලුවන් කමක් තියෙයි , අනිවා මම ඒකට ඉඩ දෙනවා . හැකි නම් මගේ පැත්තෙන් දෙන්න පුලුවන් පිලිතුරත් දෙනවා , එච්චරයි

      ඔබේ ප්‍රතිශත මට නම් අදාල නැ , මගේ බ්ලොග් එකට ආපු ඇනෝ කමෙන්ට් සාතිශය බහුතරයක් මාතෘකාවට අදාල සාර්ථක ඒවා ,(පක්ෂ /විපක්ෂ ) . පෞද්ගලික මඩ ගැසීම් ඉතාම සුලු ප්‍රමාණයක් තමයි තියෙන්නේ

      Delete
    14. පලයන් බුවා යන්න උබ මම දාපු සෙන්ට් මාරි රෝඩ් කියන කමෙන්ටුව අද වෙනකල් පබ්ලිෂ් කලාද?

      Delete
    15. // සෙන්ට් මාරි රෝඩ්//

      ඇහ් ....මෙහෙම කමෙන්ටුවක් දාන්න වුනේ මොන පෝස්ට් එකටද ? අනික ඔය වගේ එකක් මකන්න නම් කොහොමටත් හේතුවක් නැනේ , (අර්ථයක් නැති එකම එක කමෙන්ට් එකයි පල නොකලේ ,ඒකට චෝදනා කරපු පාර තමයි මොඩරේට් කිරිල්ලත් අත් හැරියේ ) , ස්පැම් වලත් චෙක් කරා ඔය කියන විදිහෙ සාන්ත මාරි එකක් නෑ

      Delete
    16. එදා නම් කිව්වේ කලබලේට ඒක ඩිලිට් උනා
      ආයේ දාපන් කියලා
      අද ස්පැම් වල හොයලා

      නරක සමනලයා

      Delete
    17. මුලු බ්ලොග් ඉතිහාසෙ වෙන හැම සිදුවීමම මතක නැහැනොවැ ඉතින් , මොකක්ද ඔය පොස්ට් එක කියල කියන්න පුලුවන් නම් , අඩුම තරමේ ගිහින් බලන්න පුලුවන් නේ .පොස්ට් එක මතක නැත්නම් කමෙන්ටුවේ කිව්ව දේවල් වත් සම්පූර්නයෙන් කීව නම් මොකක්ද වුනේ කියල හිතාගන්න පුලුවනි නේ , අත්වැරැද්දකින් ඩිලිට් වුණා අයිමත් පුලුවන් නම් දාපන් කිව්වා නම් එවෙලෙම දැම්මා නම් හොඳයිනේ මේ වෙනත් බ්ලොග් එකක සංවාදයක් මැද්දෙ අහනවට වඩා

      Delete
    18. ඇනෝ පැනෝගේ මඳක් අසංවර භාවය ඇරුණකොට මේක මට පේන හැටියට සම්පූර්ණයෙන්ම ඇනෝ ගිය සාකච්ඡාවක්... ඉන්නෙ "ම", "ඇනෝ පැනෝ", "බුවා" තමයි වැඩියෙන්ම ඉන්නේ.. නමින් ඉන්නේ මමයි, ප්‍රියන්තයි විතරයි.. මේ අපූරුවට ගිහින් තියෙන්නේ... මම හිතන්නේ මෙන්න මෙතනයි අපි ඉන්න ඕන... ස්වයං විනයක් තියාගෙන කමෙන්ට් කරනවානම් මොකටද කමෙන්ට් මොඩරේට්....?

      Delete
  28. අනේමන්ද පහුගිය දවස් දෙකතුනේ වෙච්ච සිද්දි නිසා බ්ලොග් කියවිල්ල ඇත අරලාම තිබ්බේ වෙන හේතුවක් නිසා නෙමේ කොහෙවත් යන මාතෘකාවක් අරන් වලි දාගෙන අන්තිමට කියවන්න මුකුත්ම නැති එත් එකම එක ටොපික් එක්ක ගැන ලියවිච්ච බ්ලොග් අඩවි පිරිලා තිබ්බා. පුද්ගලිකවම ඇනෝ කමන්ට්ස් දානවට එකග නොවුනත් සමහර වෙලාවට ඒ කමන්ට්ස් වලින් තමන්ගේ අඩුපාඩු තියේනම් ඒවා පෙන්නලා දෙන එක ගැන විතරයි හොදකට මන් දකින්නේ. ලියන දේක අඩු පාඩුවක් තියේ නම් ඇනෝ එන්නේ නැතුව එක නමින්ම පෙන්නලා දෙනවා නම් නේද හොද?

    ප/ ලි : බ්ලොග් පොස්ට් එකක් යක්කු ගස් නගින වෙලාවට දාන්න එපා දැනුයි මේක දැක්කේ :D
    ප ප ලි : ඔෆ්ෆිචේ එකේ ඉන්න නිසා වෙන මුකුත් කියන්න යන්නේ නෑ ෆ්‍රී වෙලාවක අයි ඇවිල්ලා මොනා හරි කොටලා යන්නම්

    ReplyDelete
  29. අප්පේ මේවට අදහස් ප්‍රකාස කොරන්න ගිහින් සුදු වෑන් එකක්වත් ගෙදරට එයිද දන්නේ නෑ..

    ඔන්න ඉතිං මමනම් තාම ජුනියර් බ්ලොග් වලට ඒත් මට තේරෙන විදියට මාත් කියන්නේ අභීත අයියේ...

    "යකෝ... ඔය මගුල ලියලා ගෙදරට වෙලා ශොට් එකක් දාගෙන හොඳට නිදා ගන්නේ නැතුව ඕක කරේ තියාගෙන මොකට දගලනවද බං උඹලා..."

    ඒක තමා හරිම දේ

    ඇනෝ ගැන කීවෝත්නම් කියන එකා මොනවා කීවත් තමුන්ගේ වටේ ඉන්න එවුන් තමන් ගැන දන්නවනේ.. අනික අයියේ පල ඇති රුකටනේ කොල්ලෝ ගල් ගහන්නේ.

    ReplyDelete
  30. මමත් බ්ලොග් ලියන්නෙ නැති නිසා ප්‍රශ්නයක් නෑ.. කියවනවා විතරයි..හුඟක් වෙලාවට කමෙන්ට් කරන්න අමාරුයි.. බලලා යනවා..පොඩි හරි වෙලාවක් තිබුනොත් මොනා හරි ලියලා යන්නත් අමතක කරන්නෙ නෑ..
    මගෙ මතය නම් ඇනෝලත් ඉන්න ඕනෙ ලිපියක් පුළුල් සංවාදාත්මක පැත්තකට ගෙනයන්න ඇනෝලට පුළුවන්. හැබැයි ඇනෝ නමින් කුණුහරපයි, පුද්ගලික මඩ ගැහිලියි මමත් අනුමත කරන්නෙ නෑ..

    ReplyDelete
  31. මන් මග බ්ලොග් එක ලියන්නේ ජෝලියටවත් මගේ කන බොන දේවල්වත් ලියන්න නෙමේ. ඇනෝ කෙනෙක් විදිහට ලියන බ්ලොග් එකේ ඇනෝ කමෙන්ට් අයින් කරේ වදයක් උන හින්ද. එත් දැන් ඉතින් එකේ අවුලකුත් නැහැ අයෙත් බ්ලොග් එක පරණ විදිහට ඇනොලට විවර්ත කරනවා. මන් ලියන්නේ විවාදාත්මක දේ ඉතින් මන් අමු අමුවේ වාද බලාපොරොත්තු වෙනවා හරියට දේශපාලනය වගේ. හරි උනත් පිළිගන්න කැමති නැහැ. වැරදි උනත් බැහැර කරන්න බැහැ.

    ReplyDelete
  32. මම බ්ලොග් කියවන්න ඇවිත් අවු. 2-3 ක් වෙනවා. මගේ ප්‍රියතම විනෝදාංශය කියවීම නිසා, සිංහල බ්ලොග් අඩවියේ අප්ඩේට් වෙන බ්ලොග්ස් වලින් 80%ක් පමන මම දිනපතා බලනවා. නමුත් කමෙන්ට් කරන්නේ බොහොම කලාතුරකින්. ඒකත් ඇනෝ විදිහට. හේතුව මට ප්‍රොෆයිල් එකක් නැතිකම. හැබැයි මමත් යටින් මගේ නම දානවා. මුලදී මටත් ලොකු ආසාවක් තිබ්බා බ්ලොග් එකක් ලියන්න. නමුත් මේ මඩ ගහගන්න හැටි දැකලා ඒ අදහස වෙනස් කර ගත්තා.
    ඉතින් මගේ නම් අදහස ඇනෝ තිබිය යුතුයි.
    හැබයි කවුරුත් තමන්ගේ අදහස සංවරව ප්‍රකාශ කලයුතුයි.
    පුද්ගලික පලිගැනිම් ලෙසින් සංවාද දික් ගැස්සෙනකොට බ්ලොග් ලෝකය අප්‍රසන්න වෙලා කියවන්නන් ඈත් වේවි.

    සුභා.

    ReplyDelete
  33. මම බ්ලොග් ලියන්නේ කියවන්නේ විනෝදාංශයක් හැටියට. හැබැයි මම නොදන්නා දේවල් ගොඩක් දැනගන්න ලැබුනෙත් බ්ලොග් හරහා. ඉතින් මට හිතෙන හැටියට ඕනෙම දෙයක් ඕනවට වඩා ඕනෙම නැහැ. ඒ කියන්නේ බ්ලොග් උනත් ඕනෙවට වඩා සිරා ගන්න හොඳ නැහැ.

    ඇනෝල ගැන කියනවා නම්, මම නම් මුල ඉඳන්ම මගේ ඇත්ත නමින්ම ලිව්ව කෙනෙක්. හැබැයි ප්‍රොෆයිල් එකක් හෝ නැතුව අදහස් ප්‍රකාශ කරන එකේ වැරැද්දක් නැහැ. ප්‍රොෆයිල් එකක් කියන්නෙත් එක්තරා ඇනෝ කෙනෙක් තමයි (නියම නමින් නෙවෙය් නම්) ඒත්, ප්‍රොෆයිල් එකකට එක්තරා අනන්‍යතාවයක් තියෙනවා. නමුත් ඒ අනන්‍යතාවයට පිටින් අදහසක් කියන්න ඕනේ උනාම තනිකර ඇනෝ කමෙන්ට් කරන එකේ වැරැද්දක් නැහැ. නමුත් වෙලා තියෙන්නේ දැන් බහුතර ඇනෝ කමෙන්ට් නිකම් මඩ ගහන කුණුහරුප වීමයි.

    යමක් ගැන කතා කරද්දී පුද්ගලික ව මඩ ගහන්නේ නැතුව, ඒ පොස්ට් එකේ අන්තර්ගතය ගැන විතරක් විවේචන කරන්නයි ඕනේ. ඔය පර්සනල් මඩ ගණන් නොගෙන හිටියනම් හරි. මම හිතන්නේ ignore කරාම කුණුහරුප දාන අය ඉබේම නවතීවි. එයාලට අටෙන්ෂන් නැති නිසා :D

    ReplyDelete
  34. මාතෘකාව ඇතුලේ ඉගෙන අදාල දේවල් කතා කරනවා නම් ඇනෝ අවුලක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ සමහර ඇනෝ එහෙම නොකර පුද්ගලික පහරදීම් සදහා ඇනෝ යොදා ගැනීමයි.

    ReplyDelete
  35. සිංහල බ්ලොග් අවකාශයේ සිටින බොහෝ බ්ලොග්කරුවන්ගේ ලිපි වලට අපි නියම නමින් කමෙන්ට් එකක් දැමු විට අඩුම තරමින් ස්තුතියි කියාවත් කියන්නට වත් කාරුනික වන්නේ නෑ.ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ ඔවුන්ගේ බ්ලොග් කල්ලියේ (එකිනෙකාගේ පිට කසා ගන්නා) අයගේ කමෙන්ට් වලට පමනයි.නමුත් අපි ඇනෝ විදිහට පැමින ඔවුන්ට රිදෙන්නට යමක් කියු විට සියලු දෙනාම පැමින ඇනෝලා ට වැටෙන්නට පහරදෙති.ඉතින් අපි ඇනෝ විදිහට නොපැමින වෙන කුමක් කරන්නද?

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන හැමෝටම මෙක හොඳ පාඩමක්. මෙහෙ(ලංකාවෙ) හැම දේම දැන් මාෆියාවක්. බ්ලොග් වලටත් මාෆියා උනොත් බඩුම තමයි.

      Delete
  36. ඔය දුමී, කාකා, බුවා, ඔබා ඔය කවුරුත් මටමන් ඇනෝ. මම බ්ලොග් ලියන්නෙත් නෑ. ඔය ලියන එකෙක්වත් ගැන දන්නෙත් නෑ... ඒක නිසා සහ කමෙන්ට් 1ක් දානවා කියල කහනවට, වැඩ නැතුවට කමෙන්ට් දන්නෙ නැති නිසා මම මගෙ නමින් කමෙන්ට් දනවා ඉඳල හිටල...
    හැබැයි තියෙන දේට මට හිතුනොත් මුට කුනුහරපෙන් බනින්න ඕනෙ කියල එදට මම එහෙම කමෙන්ට් දනවා. එදාට උඹ මගේ කමෙන්ට් එකත් මකනව...
    කොහොම කමෙන්ට් 1 දැම්මත් ඒක විවේචනයක් නම් හරියට රිප්ලයි කරානම් තමයි හරි.

    ReplyDelete
    Replies
    1. ඔය ඔබා නං උගේ පින්තුරෙකුත් දාල ඊමේල් ඇඩ්රස් එකත් දාල තියෙන්නෙ ඒකගෙ බ්ලොග් එකේ. ඌ නං ඇනෝ කියන්න බෑ :-)

      Delete
  37. බ්ලොග් ලියන හැමෝටම මෙක හොඳ පාඩමක්. මෙහෙ(ලංකාවෙ) හැම දේම දැන් මාෆියාවක්. බ්ලොග් වලටත් මාෆියා උනොත් බඩුම තමයි.

    ReplyDelete
  38. ඇනෝ කමෙන්ට් කරන්න පහසුකම තියෙන්න ඕනි. මොකද හැම බ්ලොග් කියවන කෙනාම ලොග් වෙලා කමෙන්ට් කරන්න වද නොවෙන්න පුළුවන්... අකවුන්ට් එකක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම හුඟක් හොඳ අදහස් සමහර ඇනො කමෙන්ට් තුලින් මතු වෙනවා. ප්‍රශ්නය අපේ මිනිස්සු හැම් දේම වගේ ඒකත් වැරදියට පාවිච්චි කිරීම.

    මරණෙ කිව්ව කතාවත් හරි... මතබේදාත්මක ලිපියක් නම්.. ඇනෝ විදියට ඇවිත් වෙන වෙන අබිමතාර්ත ඉටු කර ගන්න හදනවනම් කමෙන්ට් මොඩරේට් කල යුතුයි.

    මගේ පසුගිය ලිපියකදි.. අබීත උබටත්.. තව කිහිප දෙනෙකුටත් මඩ වදින ආකරයේ කමෙන්ට් 2 ක් වැටිල තිබුනා. එකක් මම දැකපු ගමන් ඉවත් කලා.. අනික ස්පැම් වෙලා. ඒ ඇනෝලගෙ වැරදි පැත්ත.

    ඒ වගේම මම අන්තිමට දාපු ලිපියට ඇනෝ කමෙන්ට් කීපයක් මගින් හුන්නග් වැදගත් තොරතුරු එකතු කරල තිබ්බ. ඒ හොඳ පැත්ත.

    ReplyDelete
  39. ඉතිං බං අභීත අයියේ මාව දැකල නැති උන්ට මමත් තව ඇනෝ කෙනෙක් විතරයි.. වෙනස තියෙන්නේ.. නම ක්ලික් කරල ගියාම මගේ බොලොග් එකට ගොඩවෙන්න පුලුවන්කමනේ..

    ලින්ක් නැති ඇනෝවන් තමා හොයාගන්න බැරි..
    ඒක නිකං හරියට ගැහුවා පැන්නා වගේ
    කවුරුවත් දන්නෙ නැහැ ගැහුවෙ කවුද කියලා

    ඒ වගේම තමයි සමහර වෙලාවල් වලට වැදුනෙ කොහාටද කියලත් හොයන්න බැහැ ඇනෝල දාන ඒව නිසා

    ReplyDelete
    Replies
    1. ගැහුවෙ කොතනටද, ඇයි ගියල ගොඩක් පොරවල් වලට හිතාගන්න බැ ඉතින් ගැහුවේ මොකාද කියල බලනවා , ගැහුව එකා හොයා ගත්තොත් දන්න කියන සෙට් එකත් ඌට නෙලන්න පුලුවන්නේ , එහෙම බැරි උන් ගහනවට බයේ ඇනෝ බ්ලොක් කරනවා

      Delete
  40. බ්ලොග් ලියන්නේ ඇයි මාර කෙස් එකක් පොස්ට් එකක්ම දාන්න වෙයි වගේ. බ්ලොග් ලෝකයෙත් අනික් හැම දේකම වගේ හොඳ නරක දෙකම තියෙන්වා. ඒකත් සාපෙක්ෂ දෙයක්. මොකද කෙනෙකුට හොඳ දේ තව කෙනෙකුට නරක වෙන්න පුළුවන්. අවංකවම කියනවනම් බ්ලොග් ලිවීමෙන් මම නම් ළොකු වින්දනයක් ලබනවා. මොකද කුඩා කාළේ පටන් ලියපු කවි කතන්දර වලින් ඕනමනම් 5-6 පලවෙලා ඇති පත්තර වල. ඒ කාළේ ඉඳන් ලියපු කවි ඔක්කෝම නැතිවෙලා (ඒක වෙනම කතාවක්).
    ඇනෝලා නැති බ්ලොග් කලාවක් නෑ. සමහර ඇනෝලා දෘරුණුයි. නමුත් මෙහිදි වඩාත් වැදගත් වන්නේ. ඔහුන් දෙසත් සානුකම්පිතව බැලීම හා. එහිත් යමක් ඇතිදැයි බැලීම. කුණුහබ්බ කියන එක සිංහල සමාජයේ මහ ළොකු දෙයක් නෙමෙයි. ඒවට ඒ භාෂාවෙන්ම උත්තර දුන්නහම වැඩේ ඉවරයි. නැත්නම් හොඳම දේ නිහඬව සිටීම. අන්තර්ජාල සංස්කෘතිය තේරුම් ගන්න තාක් සිත් රිදීම්, බැනගැනීම්, මරාගැනිම්. අපවාද, කුණුහබ්බ කියන දේවල් තියෙයි. අවංකව කල්පනා කරන්න.... ඒවලිනුත් ආතල් එකක් ගන්නවා නේද. අඩු ගානේ වෙන බ්ලොග් එකක තියෙන ඒවලින් හරි. ඔය කුණුහබ්බ සංස්කෘතිය ඕනම තැනක උප සංස්කෘතියක්. සෙත්කවි වගේම වස්කවිත් කියන රටක්නේ..

    ReplyDelete
  41. ඇනෝ කමෙන්ට් දමන්නෙ හිතවත් කමට කියලා මට හිතෙන්නෙ නෑ කොහොමටවත්ම. මට අභීතට හොඳ හෝ නරක යමක් කියන්න තියෙනවනම් මන් ඒක කියන්නෙ මූණටමයි මගේ නමින්.. ඒක හැමෝටම එකයි.. එහෙම කරලා තරහ වෙයි කියලා මගේ බයක් නෑ.. තමන්ගෙ නරකක් තමන්ගෙම මූණට සෘජුව කියන මිතුරො තමයි නියම මිතුර් කියලාඅ මන් අදහන්නෙ ! ඉතින් එහෙම නම් ඇයි ඇනෝ එන්නෙ එච්චර් හිතවක් කමක් පෙන්නන්න අවස්ථාවක් තියෙන අවස්ථාවක !

    ReplyDelete
  42. මේ දවස් වල හැම බ්ලොග් එකේම වගේ කථා කරොත් කතා කරන්නේ ඇනෝලා ගැන ඒ තරමටම ඇනෝ බීතිකාවක් ඇති වෙලා නැතුව ඇතියි කියන එකයි මගේ නම් අදහස.ඔය ලිපි දෙක තුනකට ඇනෝ කමන්ට් ආපු ගමන ගොඩක් බ්ලොග් කරුවෝ බය වෙනවා..ඒකයි ඔවුන් ඇනෝ කමන්ට් බ්ලොක් කරන්නේ.ඒත් මට නම් හිතෙන්නේ බ්ලොග් කරුවෙක් වුනා නම් ඒවාටත් මුහුණ දෙන්න ඕන කියන ඒකයි.ඒකට තමා බ්ලොග් කෙරුවාව කියන්නේ මන් හිතන්නේ.ඉතින් අපිත් එව්වට මුහුණ දෙමු.ගොඩක්ම වැදගත් වන්නේ ඇනෝලට එයාලගේ බාශාවෙන්ම පිළිතුරු සපයන එක.නැත්තන් නිහඩව සිටීම.එහෙත් අපි නම්‍යශීලී වෙන්න ගියොත් ඕනෑවට වඩා ඒගොල්ලෝ එයි අපේ කරේ නගින්න.ඉතින් රැවුලත් කැදත් බේරාගැනීම බ්ලොග් කරුවන් සතුයි.

    ReplyDelete
    Replies
    1. අවුරුදු එක හමාරක් තිස්සෙ ලියපු වැඩි හරියක් ලිව්වේ දේශපාලනික හෝ සමාජීය පසුබිමක් තියන ලිපි , ඇනෝලගේ ප්‍රතිචාර තිබුන අභියෝගාත්මක ඒත් පටන් ගත්ත දවසේ වගේම අදටත් හෙටටත් ඇනෝ විවෘතයි

      Delete
  43. එතකොට හිතවත් කම් තිබුනම හරිද??

    ReplyDelete
  44. මමත් බ්ලොග් ලියන්නේ ආසාවට . පුළුල් පරාසයක මිනිසුන් ආශ්‍රය කරන්න හොඳ මාධ්‍යක් මේක . මොකද මුනට හමුනොවෙන නිසා ඕන නම් මග ඇරලා යන්න වුනත් පුළුවන්නේ .මව් බසින් යමක් කියවන්න , කතා බහ කරන්න සජීව මණ්ඩපයක් විදියට බ්ලොග් මට නම් හරිම වටිනවා . පත්තරේක කවියක් පල කරගන්න ඉස්සර කොයිතරම් නම් බලන් ඉන්න ඕනද . මේක නිකම් ලිව්වා තත්පරෙන් පබ්ලිෂ් කළා .
    මගේ හිතට ඇල්ලුවොත් ඕනෑම දෙයක් කියවනවා .විවාදාත්මක බ්ලොග් වුනත් කියවනවා . ඒත් ගොඩක් වෙලාවට ඒවාට කමෙන්ට් කරන්නේ නැහැ . ඇනොල ඉන්න ඕනේ . මට නම් කීපවතාවක් හොඳ තොරතුරු සහිත ඇනෝ කමෙන්ට් ඇවිත් තියෙනවා . ප්‍රොෆයිල් හද හද ඉන්න කම්මැලි ඒත් කියවන පිරිසක් ඉන්නවා . ..ඇතැම් විට කමෙන්ට් කරන්න හිතෙන. ඒ අයට ඇනෝ එන එක ප්‍රයෝජනයි . අපි වුනත් ප්‍රොෆයිල් තිබ්බට සැබෑ නමින් දන්නේ කි දෙනාද . බ්ලොග් ලියන්නෙත් කියවන්නෙත් සාමාන්‍ය මිනිස්සු නිසා ප්‍රශ්න නැති නම් තමයි පුදුමේ . එක එක්කෙනා එව්වට මුහුණ දෙන විදියයි වෙනස් . පුද්ගලිකව මඩ ප්‍රහාර එල්ල කිරීම නම් නරකයි ඉතින් . සාධාරණ විවේචන නම් ඉවසන්නත් පුළුවන් වෙන්න ඕන

    ReplyDelete
  45. මම ඇනෝ කමෙන්ට් වලට 100%ක් පක්ෂයි , සරලවම ඒක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය . තමන්ට විරුද්ධ යමක් කිව්වාම 'කොන්ද පන නැති ඇනෝ" කියන චෝදනාව දාන්නේ විවේචනයට මුහුණ දෙන්න බැරි පොරවල්

    පහත සඳහන් දේවල් ඇරෙන්න කිසිම දෙයක් මකන්නේ නැ

    01) තිත්ත කුණුහරුප වචන පෙලියක් හෝ එවැනි යමක්

    02) දරුණු මට්ටමේ කුණුහරුප වලින් වෙනත් බ්ලොග් කරුවෙක් හෝ මා නොවන වෙනත් අයෙක් විවේචනය කර ඇති අවස්ථා ,

    ඒ ඇර ඕනි කෙනෙකුට ඕනිම දෙයක් කියන්න පුලුවන් , කියන එකාගෙ නම ගම , උපන්දිනේ මට අදාල නැ .කුණුහරුපයක් දැක්ක ගමන් ඇගෙන් කැල්ලක් ගැලවිලා යන වුන් නැති නිසා පලවූ පසු මැකීමේ ඇති ගැටලුවක් නැ . ඇනෝ කමෙන්ට් ගැන තමයි මගේ අවස්න් ලිපිය , මම හිතන්නෙ ගිය සතියෙද කොහෙද ලිව්වේ කැමති නම් ගිහින් බලන්න පුලුවන් !

    ReplyDelete
    Replies
    1. ඔබ කියනවා 100% ක් එකඟලු ඒත් මේ දෙක ඇරෙන්න
      එතකොට මේ දෙක කොහෙන්ද ආවේ??? ඔබ උනත් ඇනෝ වලට එකඟ 98% ඒ කියන්නේ යම් ආකාරයක පාලනයක ඇනෝ කමෙන්ට් වලට දාන්න වෙනවා

      Delete
    2. බුවාගේ කතාව හරි. තමන් බ්ලොග් එකේ යම් අදහසක් ලිව්වාම අන් අයගේ අදහස් වාරණය කරල මම තමයි හරියි කියල හිතාගෙන ඉන්න එක වැරදියි නේද. ම කියන ආකාරයට කිසියම් බ්ලොග් කරුවෙක්ගේ අතිශය පෞද්ගලික තොරතුරු ඇනෝ කෙනෙක් බ්ලොග් එකක එලියට දැම්ම අවස්‍තාවක් මටනම් මතක් වෙන්නෙ නෑ. ඕප දූපනම් එලියට දාලා තියෙනවා. ප්‍රියන්තගේ පොඩිකුමාරිහාමිලගේ දිල්ලගේ පෝස්ට් ගැන ලිව්ව පෝස්ට් එකක කොමෙන්ට් වල ඇනෝල දැම්මේ ඒ පෝස්ට් ලිව්ව අය ගැන ඕප දූප නෙමෙයිද? කොතනකවත් එයාලගෙ අතිශය පෞද්ගලික දෙයක් එලියට ආවද? ඕපදූප කියන්නෙත් තව කෙනෙක්ගෙ අදහසක්.

      ගමේ තමන් ගැන බොරු කට කතාවක් යනකොට කට කතාව පතුරන අයව මරලා දැම්මොත් කට කතාව පැතිරෙන එක නවතියි. හැබැයි හැමෝම හිතයි ඒ කට කතාව ඇත්ත කියල.

      කව්රු කොහොම කිව්වත් ඇනෝ නැති උනානම් බ්ලොග් වල කොච්චර මෝඩ කතා ලියල දැම්මත් ඒවට 'හොදයි' 'නියමයි' 'පට්ට' කියන කොමෙන්ට් විතරක් වැටෙයි.

      එක අතකින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් කප්පදු කරපු රටක ඉන්න අපි මේ බ්ලොග් එකක අදහස් වාරණය කිරීම ගැන මොකට කතා කරනවද

      Delete
    3. ඒ දෙක ඇනෝ නෙමෙයි ප්‍රොෆයිලයක් හදාගෙන කලත් එච්චරයි , හැබැයි මකන්නේ ඒ ගැන පැහැදිලි කිරීමක් එක්ක . මොඩරේට් කරල හොරෙන්ම මකන්නේ නැ , මොඩරේට් කරපු කාලෙත් පබ්ලිශ් කරල තමයි මකන්නේ , හරි 98% කියමුකො , ඔබතුමාල කරන්නේ ඇනෝ කමෙන්ට් 100% වාරණය කරන එකනේ .

      Delete
    4. බුවා... මේකේ අවසාන ප්‍රථිපලය මෙයයි.. කලින් පෝස්ට් එකේ දි දිගින් දිගටම ඇනෙ කමෙන්ට් එද්දි ඔක්කොම කිව්වා උඩ පැන පැන ඇනෝ කමෙන්ට් දාන්නේ මමය කියලා....

      දැන් බුවා මේකේ දිගින් දිගටම දාද්දි එයාලා කියයිද දන්නේ නෑ "බුවාගේ සිතිවිලි" ලියන්නෙත් මම කියලා.......

      Delete
  46. මම නම් දකින විදියට අපි බ්ලොග්වල ලියන ගොඩක් දේවල අරමුණ වෙන්නේ විනෝදය. ඒ වගේම තමන් දන්නදේ අනිත් අයට කියලා දෙන්න වගේම තමන්ගේ හිතට එන දෙවල් කියන්නත් ගොඩක්දෙනා බ්ලොග් පාවිච්චි කරනවා. මමත් ගොඩක් වෙලාවට වැඩ අතරට ඔලුව පොඩ්ඩක් නිදහස් කරගන්න කරන්නේ බ්ලොග් කියවන එක.

    ඒත් මේ දේවල් දිරවන්නේ නැති සුළු පිරිසක් ඉන්නවා... ඒ අය තමයි තමයි ඇනෝ කමෙන්ට් වලින් ගහන්නේ. මොකද අපේ සාමාන්‍ය සමාජෙත් එහෙමනේ වෙන්නේ... කවදාවත් කිසිම දේකට 100% හොඳයි කියන්නේ නෑනේ නරකයි කියන අය එක්කෙනෙක් හරි ඉන්නවා.

    ඒත් මේ සුළු පිරිසට බයේ අපේ වැඩකටයුතු පාඩු කරගත්තොත් මෝඩයෝ වෙන්නේ අපිමයි... මොකද ඒ අයට ඕනෙත් ඒ දේ කරන්න තමයි. ඒ නිසා මම කියන්නේ ඇනෝලව ගනන් ගන්නේ නැතිව සාමාන්‍ය විදියට අපේ වැඩටික කරගෙන යන එක තමයි හොඳම දේ කියලා.

    ඒ වගේම කුණුහරුප කමෙන්ට් ගැන කියන්න තියෙන්නේ... අපි බහුතරයක් අපේ බ්ලොග් වල එකපාරක්වත් කෙලින්ම නැතත් තරු දාලා හරි වහෙන්ඔරෝ හරි කුණුහරුප ලියලා තියනවා... ඒ නිසා කුණුහරුප කමෙන්ට්එකක් උනත් බැනල දාන කමෙන්ට්එකක් උනත් පෝස්ට් එකට අදාල නම් අපිට පිලිගන්න වෙනවා. ඒ වගේම පොස්ට් එකට අදාල නැති කමෙන්ට්එකක් නමින් දැම්මා උනත් අයින්කරලා දාන එක ඒ පෝස්ට් එක කියවන අනිත් අයට කරන සාධාරණයක්.

    ReplyDelete
  47. අකවුට් එකක නැති කෙනෙක් බ්ලොග් එකට කමෙට් එකක් දානවා ඇනෝ කෙනෙක් විදියට... බ්ලොග් කියවනවනම් ගූගල් අකවුන්ට් එකක නැද්ද... ??

    සමහරු යටින් නම දානවා ඇනෝ විදියට ඇවිත් ඒක ස්ටයිල් එකක වෙලා... ඒකනම් ටිකක විතර ශේප්.. ඒත් වෙන ඕනෙ ඇනෝ කෙනෙක්ට එහෙම දාන්න පුලුවන්..

    එහෙනම් ඇනෝ විදියට කමැට් කරන්නෙ ඇයි... ඇනෝ කමෙන්ට් දැමිල්ලත් නිකන් ස්යං වින්දනේ යෙදීමක් තමයි එක්තරා විදියක... එක්තාවා විදියක නපුන්සක කමක්...

    කියන තියෙන ඕනෙම දෙයක් ඇයි බැරි තමන්ගෙ ඇත්ත නමින් හරි ගොඩනගා ගනිපු ප්‍රතිරූපෙකින් හරි ඇවිල්ල කියන්න... තියෙන නපුංසක කම වෙන මොකවත් නෙවෙයි.. වෙයි මොනවහරි උනොත්ය් ලිස්සල යන්න පුලුවන්...

    ඇනෝල නිකන් හොද්දකට ලුනු ගොරක වගේ කියල වුදෝ දාල තියෙනව දැක්ක මතලංගෙ පෝට් එකේ...

    මමනං විරුද්දයි... හොද අඩහස් දක්වන ඇනෝල ඉන්නව තමයි... ඒත් ඒකෙන් ඇනෝ හොද වෙන්නෙ නෑ.. ඇනෝල තමයි මේක ගදගස්සන්නෙ...

    මමනං ජීවිතේ කිසිම දවසක ඇනෝ කමෙට් එකක් දාලත් නෑ... දාන්නෙත් නෑ.. ඕනෙ කුනුහබ්බයක් ඕනෙ එකෙක්ට ඕන දෙයක් මූනට කියන්න මට ශක්තිය තියෙනවා එහෙම නැති උන් තමයි ඇනෝලා...... කියන්න බැරිනම නොකිය ඉන්න එක වෙන්ම කතාවක්... නපුංසක වැඩ කරන්නෙ නැතුව....

    ReplyDelete
  48. //බ්ලොග් කියවනවනම් ගූගල් අකවුන්ට් එකක නැද්ද... ??//

    මේ තර්කය සහමුලින්ම වැරදියි සහ අසාධාරණයි , බ්ලොග් එකක් පබ්ලික් නම් ඕනි කෙනෙකුට කියවන්න පුලුවන් , ඒකට එකවුන්ට් මොකද

    අන්තර්ජාලය කියන්නේ අනෙන්‍යතාවය සඟවාගෙන අදහස් ප්‍රකාශ කරන්න තියන මාධ්‍යයක් , කෙනෙකුට ඒ පහසුකම භාවිතා නොකර ඉන්න පුලුවන් හැබැයි භාවිතා කරන උන්ට නපුංසකයො කියන්න අයිතියක් නැ , කෙනෙක් මල් දෙනියේ සිමියොං කියල අයිඩි එකක් හදාගෙන ඇවිත් අද කමෙන්ට් කරනවා , ඌම මරුවා සමඟ වාසය කියල අයිඩී එකකුත් පාවිච්චි කරනවා . එතකොට අයිඩි එකක් තිබුනය කියල අනෙන්‍ය ප්‍රතිරූපයක් තියනවද , එහෙම තියනවද නැද්ද කියල උබ දන්නවද ?

    තමන්ට විරුද්ධව එන අදහසක ජාතකය හොයන්නේ නැතුව දරාගන්න සහ උත්තර දෙන්න පුලුවන් නම් අන්න ඒකටයි කොන්ද පණ ඇති කම කියන්නේ ,දන්න අඳුරන උන් වටකරගෙන අනේ ශෝයි , සිරා , පට්ට කමෙන්ට් වලින් විතරක් ස්වයං ආතල් ගන්න වුන් තමයි සැබැ නපුංසකයො

    ReplyDelete
  49. ඇනෝ කමෙන්ට් වැදගත් ඒත් හුගක් වෙලාවට අනෝ කමෙන්ට් පාවිච්චි කරන්නෙ බනින්න. ඒ නමින් බනින්න බැරි නිසා , සමහරවිට පෞද්ගලික අමනාපකම් නිසා පලිගෑනීමට කියලයි මට හිතෙන්නෙ. තවත් වෙලාවට ලියන්න බැරි නිසා ඉරිසියාවට වෙන්නත් පුලුවන්. හැබැයි මම නම් හිතන්නෙ බනින එක තමා හොඳ ඉදිරියෙදි නොබනින්න ලියන්න.

    ReplyDelete
  50. මං හිතන්නේ බ්ලොග් ලියන ඈයෝ බහුතරයක් මං වගේම මේ වැඩේට කාලේ යොදවන්නේ විනෝදාංශයක් විදියටයි. පාඨක ප්‍රතිචාර නිසා තමයි උනන්දුව අඩුනොවී තියෙන්නේ.

    බ්ලොග් කියවන පිරිස මං හිතන්නේ ටෙලිවිෂන් බලනවා නං අඩු ඇති. මොකද මාත් බලන්නේ නෑ සතියකට විනාඩි තිහකට වඩා.

    ReplyDelete
  51. බ්ලොග් ලියන්නෙ නැති, තෝරාගෙන කියවන මම නම් හිතන් ඉන්නෙ, වැඩිදෙනෙක් කමෙන්ට් මකන්නෙ නෑ කියල. ඒ විශ්වාසෙ නැති උන දාට බ්ලොග් කියවන එකත් ටෙලිවිෂන් බලනව වගේ වෙයි.

    ReplyDelete
  52. ඔච්චර බය නැති එකා. කෝ යකෝ අපි දාපු කමෙන්ට්ස් එකකවත් දැම්මේ නැත්තේ ඒවගේ තියන ඇත්තට බය නිසා නේද?

    ReplyDelete
  53. මං ඇත්තටම බ්ලොග් ලියන්නේ මොකටද කියලා මටවත් හිතාගන්න බෑ.. මාධ්‍යකරුවෙක් වෙන්ට හිත ඇතුලෙ තිබුණු ආසාව මාව මේ තැනට තල්ලු කළා ද මංදා.. පොඩි කාලෙ ඉඳන් යමක් කමක් ලියන්න පුළුවන් වුණත් අකුරු කැත හින්දද මංදා මං ඔය කිසිම තරඟයකට ඉදිරිපත් වුණේ නෑ.. ඉතිං කවුරුත් දන්නෙ නෑ මට ලියන්න හැකියාවක් තියෙනවද නැද්ද කියලා.. බ්ලොග් ලිපි ලියද්දී අබීත ලා ට වගේ සිය ගණං කමෙන්ටු නැතත් ඉඳලා හිටලා මට වැටෙන කමෙන්ටුව දෙක මං සංතෝෂෙන් බාර ගත්තා.. මිනිස්සු එකා දෙන්නා හරි මගේ අදහස් එක්ක එකතු වෙනවා, ඒවා රසවිඳිනවා කියලා දැණුනම මට සතුටක් ඇති වුණා..

    කියන්ට කණගාටුයි.. බ්ලොග් අවකාශයේ විවේචකයො කොයි තරම් හිටියත් මගේ ලිපි වලට නං විවේචනාත්මක කමෙන්ටු වැටුණේ හරිම අඩුවෙන්..

    හිට්ස් වලට, කමෙන්ටු වලට කැමැත්තක් තිබුණත් මං ලියන දෙයිං සමාජයේ කාට හරි පුංචිම පුංචි යහපතක් වත් වෙන්න කියලා හිතාගෙන තමයි මං ලිපි ලියන්නේ.. එය යහපත් සිතුවිල්ලක්, දැනුමක්, රසවින්දනයක් වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්..

    පහුගිය දොහක මං පෝඩ්ඩක් විතර වැඩිහිටියන්ට වඩාත් සුදුසු කතාවක් මගේ බ්ලොග් එකේ ලිවුවා.. දැනට මගේ බ්ලොගය තුළ වැඩිම වේගෙකින් ජනප්‍රිය වුණු ලිපිය ඒකයි කියලා මං හිතනවා..ඒත් මගෙ අතින් ලියැවුණු හොඳම ලිපිය ඒක නොවෙන බව නම් මට බුදු ශුවර්.. ඕක තමයි ලෝකේ හැටි..

    විවේචකයන්ට පිළිතුරු දෙන්ට.. මට ඒ හැටි විවේචකයො හමු වෙලා නෑ..

    ඇනෝ ලා ගැන මගේ අකැමැත්තක් නෑ.. එයාලා ඕන දෙයක් කිවුවාවේ.. බුවා මළයගේ අදහසට මං බොහෝම එකඟයි.. මේක සයිබරයේ අපේ ලිපියක් මිසක අපේ ගෙදර නෙවෙයි..

    මගේ බ්ලොග් එකේ නම් ඇනෝ ලා කමෙන්ට් කරන්නේ හරි අඩුවෙන්.. එයාලටත් ඕන ඇත්තේ ඵල ඇති රුක් ම වෙන්ට ඇති..

    ReplyDelete
  54. ආ, මට තව එකක් කියන්න බැරි වුනා, මිනිසුන්ට ජනප්‍රිය වෙන්න ක්‍රම දෙකක් තියනවා , එකක් මුණිදාස කුමාරතුංග මැතිතුමාගෙ ක්‍රමේ - තමන්ගෙ නිර්මාණශීලිතාවය පෙන්නලා. අනික ආචාර්‍ය මර්වින් සිල්වා මැතිතුමාගෙ ක්‍රමේ . එයත් ජනප්‍රියයිනෙ. මේ දෙකෙන් ඔබ ‍තෝරාගත් යුත්තේ මොකක්ද කියලා තීරණය කිරීම ඔබටම භාරයි. මිනිසුන් කා අතිනුත් වැරදි වෙනවා, ඒක සාමාන්‍යයි. වැ‍රැද්දක් වුනා නං ඒක හදාගන්න බලන්න, දිගටම ඒ වැරදි පාරේම නොගිහින්.

    ReplyDelete
  55. ඇත්තටම මම ඇනෝ ලට නම් විරුද්ධ නම් නැ, කොහොමත් සමහර අය ඉන්නවා ඒ අයට පබ්ලික් වෙන්න බැරි හේතු තියන අය...

    දවසක් මට මේ බ්ලොග් ලියන ගොඩාක් ජනප්‍රිය කෙනෙක් කිවා මල්ලි ඔයා ඔහොම ලියනකොට ඔයා සිමා වෙනවා.. හිතට එන ඔන දෙයක් ඔයාට ලියන්න බැ ඔයා ලියන්නේ ඔයාගේ නමට ජොබ් එකට ප්‍රශ්නයක් නොවෙන්න නිසා සමහර දෙවල් ලියවෙන්නේ නැ කියලා..

    කැමතිනම් වෙනම නමකින් ඇනෝ (මොකක් හරි නමක් හදාගෙන) කාටවත් නොකියා බ්ලොග් එකක් අලුතෙන් පටන් ගන්න එතකොට ඔයාට බැදිම් බය වෙන්න දේවල් නැ..

    ඇත්ත.. මමත් හිතනවා ඇනෝ කෙනෙක්ට ඒ නිදහස උපරිමයි... කවදාවත් කාගෙන්වත් ප්‍රශ්නයක් නැ..

    ඒත් දවසක අභිත අයියාගේ පොඩි බබාලා ලොකු උන දවසක උනත් නෙට් ස්ර්ච් කරලා බැලුවොත් අභිත කියලා තාත්තාගේ ගොඩාක් දේවල් දිග හැරේවි (මම මෙතන කිවේ අයියා වැරදි දේවල් ලියලා තියනවා කියලා නෙමේ.. ඒත් ඇනෝ හරි මොකක් හරි නමකින් ආවානම් අයියාට ඒ ගැන පුන්චි හරි බයක් නැති වෙනවා)

    ඉතින් මම හිතන්නේ නම් ඇනෝලා ඉන්න ඕනා... මගේ ගොඩාක් වැරදි මම හදාගත්තේ (තාම කරනවා සමහර ඒවා) මේ ඇනෝලා නිසා..

    මට ඇනෝ ඩිසේබල් කරන්න ඕනා කමක් නැ.. පුද්ගලික තරහක් තියන ඇනෝ කෙනෙක් ඇරෙන්න මම විශ්වාස කරනවා අනිත් ඇනෝලා එහෙමම චාටර් දේවල් වලින් තරහ පිට කරගන්නේ නැ කියලා

    කොකටත් කමෙන්ට් මොඩරේට් කරලා පබ්ලිශ් කරනකොට ඔය කුනු හරප ඇනෝ ලගෙන් ඇත් වෙලා වැදගත් ඇනෝලාගේ දේවල් වලින් මේ බ්ලොග් ලොකේ තවත් වටින තැනක් කරගන්න පුලුවන්..

    ReplyDelete
  56. අනේ මන්ද......කවුරු වුණත් සංවරව ඉන්නවනම් හොඳයි......

    ReplyDelete
  57. අනේ මම අද අන්තිමයානේ...

    නලිනි චන්දිමා...

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...