Wednesday, November 27, 2013

මොන මගුලකටද බන් මේ සයිබර් ගෙට් ටුගෙදර්......

ඡායාරූප අයිතිය වැපා සතු වන අතර නිර්මාණීය අයිතිය රන්දිකා සතුය...
දැන් මේ බ්ලොග් අවකාශෙ ඇතිවෙලා තියෙන අළුත්ම හා හූව තමයි ඊලඟ 21 වෙනිදා තියෙන බ්ලොග් සුහද හමුව.. මටත් කීප දෙනෙක් කථා කලා... ඒත් සති අන්ත ගොඩාක් ගෙවෙන්නේ මීමුරේ නිසා තවමත් සැකයි එන්න පුළුවන්ද බැරි වෙයිද කියලා.. මම අද කියන්න කතා කලේ ඇයි මේ ගෙට් ටුගෙදට් සංවිධානය කරන්නේ කියලා.. මෙලෝ වැඩකට නැති වැඩක් මේක... මොන කරුමෙකට මේවා සංවිධානය කරනවද මන්දා.. කාලා බීලා ජොලි කරලා නටලා ගෙදර ගිහින් ෆොටෝ ටිකක් දාලා.. අනේ මන්දා ඉතුරු ටික නම් ඉතින්... 

මතකද මේ බ්ලොග් සෙට් වීම් වල සුල මුල...

මේ තියෙන්නේ ඒ ඡායාරූප....

මේ තියෙන්නේ පළවෙනියටම මම සෙට් වුන බ්ලොග් කට්ටිය... මේ 2010 සැප්තැම්බර් මාසේ පොත් ප්‍රදර්ශනේ...

මෙන්න පින්තූර ටික... පේන්නේ නැති අය වැප් නිශාන්ත මල්ලිට මිතුරු ඉල්ලීමක් කරන්න....

මේ තියෙන්නේ දෙවෙනි එක... වැද්දයි වැද්දියි කොළඹ ආපු එක අපි සැමරුවේ මෙන්න මෙහෙම.... 

මෙතන තියෙනවා ඔන්න පින්තූර ටික....

මේ තියෙන්නේ පළවෙනි සුහඳ හමුව... මෙතනත් ඉන්නෙත් බ්ලොග් කියන කන්සෙප්ට් එක කණපිට හරවපු සෙට් එකක්.. මේ තැන නම් හොඳට හුරු පුරුදු තැනක් මගේ හිතේ...

මෙන්න ඒකේ පින්තූර ටික...

මේ ගෙට් වල අවසන් ප්‍රතිපලය උනේ වයික්න් බස් එකක් පුරෝලා 15ක් විතර ට්‍රිප් එකක් ගිය එකයි.. මට දත් දොස්තර කියලා කාඩ් එකක් වැදිච්ච එකයි.. මේ තියෙන්නේ ඒ සොඳුරු ගමනේ පින්තූර..

මෙතනින් බලන්න..

ඊට පස්සේ ඉතින් සයිබර් ෆෙස්ටිවල්.. විවිධ හමුවීම් ආවනේ ඔයාල දන්න.. ඒවා මම මෙතන කියලා වැඩක් නෑනේ...

එහෙනම්.. කට්ටිය සෙට් වෙන්න 21 වෙනිදට.. වැඩි විස්තර සංවිධායකයන්ගෙන් අහගන්න... මමත් ඉඩක් ලැබුනොත් අනිවාර්යයෙන් එනවා...

එහෙනම් ජය වේවා කිව්වා... මොනවා වුනත් සයිබර් හමුවීම් හරිම සුන්දරයි....

6 comments:

  1. අර වයිකින් බස් එක දැක්කම උඹට දත් දොස්තර කියලා කාඩ් එකක් නොවැදුනොත් නේ පුදුමේ.......

    ReplyDelete
  2. ඇනෝ අරින්ඩ අයියා.... ඔයා ගැන අපේ හිතේ තියෙන හැගීම් දෝරෙ ගලනවා..... කියාගන්න බෑ..... අපිට ඇනෝ ඇරලා දෙන්නකො පොඩි චෑන්ස් එකක්....

    ReplyDelete
  3. අඩේ සිරාවට... වරෙන් අබීත....නටල ජොලියක් දාල එන්න....

    ReplyDelete
  4. මලා.........මාත් ඉන්නවනේ බොලේ පෝසට් එකේ.

    ReplyDelete
  5. මලා.........මාත් ඉන්නවනේ බොලේ පෝසට් එකේ.

    ReplyDelete
  6. නියමයි.දිගටම කරගෙන යන්න සුභ පතනවා.අපිත් බ්ලොග් අඩවියක් ආරම්භ කරා.ගිහින් බලන්න
    http://tv-sinhapedia.blogspot.com/

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...