Wednesday, May 17, 2023

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?


දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්මක සටහනක් මේ සමඟ දක්වා ඇත. රටක් භීතියෙන් තැති ගැන් වූ යුද්ධයක්, වත්මන් පරපුරේ මතකයෙන් ගිලි හී යෑම නිසා, අනාගතයේදී  ත්‍රස්තයන් විරුවන් වීම වැලැක්වීමේ සහ විරුවන් අපරාධකරුවන් වීම වැලැක්වීමේ අරමුණින් මේ සටහන අකුරු කෙරුවෙමි.


1972 සැප්තැම්බර් 17


දොරේ අප්පා ක්‍රීඩාංගණයේ පැවති සැණකෙලියකට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම

1974

වර්ෂය පුරාම යාපනයේ හඳුනාගත් පුද්ගලයින් හා ස්ථාන ඉලක්ක කර අත් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම.  යාපනය නගරාධිපතිවරයාවද එල්ල කර ප්‍රහාරයක් දියත් කරත් අසාර්ථක විය. මේ අතර

📍කන්කසන්තුරේ පොලිස් ජීප් රථයකට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම

📍වී. පොන්නම්බලම් බහතාගේ නිවසෙහි ඩයිනමයිට් පිපිරවීම

📍 වෙන්කතනෙයි දුම්රිය ස්ථානය තුල ඩයිනමයිට් පිපිරවීම

📍 යාපනය ප්‍රධාන කඩ මණ්ඩියෙහි බෝම්බ පිපිරවීම

📍ලංගම බස් රථ ගිනි තැබීම

1975 ජූලි 27

LTTE ප්‍රථම ඝාතනය සේ
සැලකෙන ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා

යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයිඅප්පා ඝාතනය. මෙය දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ පළමු නිල ඝාතනය ලෙස වාර්තා වේ.







1976

📍 පුත්තූර් මහජන බැංකුව කොල්ල කා 668000ක මුදල් සහ රත්තරන් බඩු කොල්ල කෑම.

📍 පුලෝලි සහ මාදගල් හි විවිධ සේවා සමූපකාර සමිති කොල්ල කෑම

📍 එම වසර පුරා යාපනයේ මූල්‍ය ආයතන සහ ව්‍යාපාර ඉලක්ක කර හොරකම් මාලාවක් ක්‍රියාත්මක කිරීම

1977

පෙබරවාරි 14 - පොලිස් කොස්තාපල් කරුණානිධි වෙඩි තබා ඝාතනය කිරීම

මැයි 18 - ඉනුවිල් හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීම

1978

ජනවාරි - කොළඹදී උමා මහේශ්වරන් විසින් යාපනයේ කීර්තිමත් දේශපාලකයෙකු වූ කනගරත්නම් ගේ හිසට වෙඩි තබා ඝාතනය කිරිම.

අප්‍රේල් 07 - මුරුකන් හිදී පොලිස් පරීක්ෂක බැස්ටියන් පිල්ලේ, උප පොලිස් පරීක්ෂක පෙරම්පාලන් සහ ඔවුන්ගේ රියදුරු වෙඩි තබා ඝාතනය කිරීම. රථයේ රේඩියෝ උපකරණ සොරාගෙන රථය ගිනි තැබීම

මැයි - යාපනයේදී පොලිස් පරීක්ෂක රාමනාදන් ඝාතනය කිරීම

ජූනි - වැල්වැටිතුරෙයි හිදී පොලිස් පරීක්ෂක කුමරු වෙඩි තබා ඝාතනය කිරීම

ජූලි - බස් රථ දෙකක්, වෑන් රථයක් හා සංචාරක වෙලෙන්දෙක් කොල්ල කෑම. බස් රථ දෙකම ගිනි බත් කරන ලදී.

සැප්තැම්බර් 7 - එයාර් සිලෝන් ගුවන් යානයක බෝම්බ සවිකර පුපුරවා හැරීම

දෙසැම්බර් 5 - නල්ලූර් මහජන බැක්කුව කොල්ල කා රුපියල් ලක්ෂ 10කට වැඩි මුදලක් සොරා ගැනීම. එහි සිටි පොලිස් පරීක්ෂක කිංස්ලි පෙරේරා සහ සචිත්තනාදන් ඝාතනය කිරීම

1979

දෙ.ඊ.වි.කො. සංවිධානයට එරෙහිව පොලීසියට සාක්ෂි සැපයීම හේතුවෙන් චාන්කනයි හී එස්. ඒ. එමානුවෙල්, කොන්ඩවිල් හී තාඩි තංගරාජා, වැල්වටිතුරෙයි හී ක්‍රිෂ්ණගොල්, චුන්නාකම් හී පූපලසිංගම් සහ තොන්ඩමන්නාර් හී සිල්වරාජා යන පිරිස ඝාතනය කිරීම.

පො.කො. ඥානසම්බන්දන්, පො.කො. සිවනේසන්, පරික්ෂක ගුරුස්වාමි, එස්. ස්වර්ණරාජා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම

1983

ජූලි 23 - සැඟවී එල්ල කරන ලද දෙමළ කොටි ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් හමුදා සෙබළුන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වීම.

1984

1984 වර්ෂය, ශ්‍රී ලංකා රජය සහ දෙමළ බෙදුම්වාදීන් අතර ගැටුම් වැඩිවූ වසරක් වෙයි. එසේම දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින් මනුෂ්‍ය සමූල ඝාතනය කිරීම් ආරම්භ කලේද මෙම වර්ෂයේ සිටයි

නොවැම්බර් 11 - ඩොලර් ෆාම් ගම්මානයේ සිටි කුඩා දරුවන් ඇතුළු සිංහල ජාතිකයින් 33 දෙනෙකු රාත්‍රියේදී ඝාතනය කිරීම.

නොවැම්බර් 30 - ඩොලර් ෆාම් ගම්මාන ප්‍රහාරයෙන් පසු, කෙන්ට් ෆාම් ගම්මානයේ සිට කුඩා දරුවන් ඇතුළු තවත් සිංහල ජාතිකයින්, 29 දෙනෙකු ඝාතනය කිරීම. නිවාස වල දේපල කොල්ලකෑම සහ ගිනි තැබීම.

දෙසැම්බර් 01 - කෝකිලායී ධීවර ගම්මානයේ සිටි සිංහල වැසියන් 11 ඝාතනය කිරීම.

දෙසැම්බර් 31 -  31 මඩකලපුවේදී දෙමල කොටි සංවිධානය වෙනුවෙන් සටන් කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දමිළ වැසියන් 30 දෙනෙකු ඝාතනය කිරීම.

1985

1985 වර්ෂය, ත්‍රස්ථවාදීන්ගේ මිලේච්ඡ ප්‍රහාර උපරිම වූ වසරක් ලෙස සැලකේ. ප්‍රථම වතාවට සිංහල බහුතරයක් වෙසෙන ප්‍රදේශයකදී, නිරායුධ සිවිල් වැසියන් 146 දෙනෙකු ඝාතනය කිරීමට කොටි ත්‍රස්ථවාදීහූ පෙළඹුනහ. මෙම සිදුවීම ශ්‍රී ලංකාව තුල පමණක් නොව ලොව පුරා කම්පනයක් ඇතිකිරීමට සමත් විය.

පුපුරවා හරින ලද යාල්දේවී දුම්‍ රිය

ජනවාරි 19 - බිම් බෝම්බ 7ක් පුපුරවා යාල්දේවී දුම්‍ රිය පුපුරවා හරිමින් සෙබලු 29ක් සහ සිවිල් පුද්ගලයන් 11ක් ඝාතනය කිරීම.


මැයි - 05 විල්පත්තු සිංහල ගම්මානයේ සිටි, කුඩා දරුවන් ඇතුළු 18 දෙනෙකු ඝාතනය කිරීම.

ශ්‍රී මහා බෝධියට එල්ල කර ප්‍රහාරය 


මැයි 14 -
අනුරාධපුරය ශ්‍රී මහා බෝධි පර්ශ්‍රයේ වන්දනාමාන කටයුතු සිදුකරමින් සිටි පිරිසක් ඇතුළුව, එහි සිට සිවිල් වැසියන් 146 දෙනෙකු ඝාතනය කිරීම.

මැයි 14 - විල්පත්තු ජාතික වනෝද්‍යානය තුලදී තවත් සිවිල් වැසියන් 18 දෙනෙකු ඝාතනය කිරීම.

මැයි 30 - මුතුර් මිහිදු පුර සහ දෙහිවත්ත යන ගම්මානවල සිටි සිංහල සිවිල් වැසියන් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.

ජූනි 4 - පොලොන්නරුවේදී,100 කට වැඩි ආයුධ සන්නද්ධ කොටි පිරිසක්, දෙහිවත්ත ගම්මානයේ සිටි වැසියෝ 15 දෙනෙකු ඝාතනය කිරීම. මියගිය බොහෝ දෙනෙකු කුඩා දරුවන් සහ කාන්තාවෝ වූහ.

ජූනි 11 - නැවතත් දෙහිවත්ත ග්‍රාමයේදී තවත් සිවිල් වැසියෝ 13 දෙනෙකු ඝාතනය කිරීම.

අගෝස්තු 02 - රුහුණු සෝමාවතිය විහාරයේ සිටි භික්ෂූන් වහන්සේලා තිදෙනෙකු සහ තවත් සිංහල සිවිල් වැසියන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම..

අගෝස්තු 14 - අම්පාර අරන්තලාව ගම්මානයේ සිංහල වැසියන් 7 දෙනෙකු ඝාතනය කිරීම සහ ඔවුන්ගේ නිවාස 40 ගිනි තැබීම .

අගෝස්තු 18 - ත්‍රීකුණාමලය නාමල්වත්ත ගම්මානයේ වැසියන් 7 දෙනෙකු කපා ඝාතනය කිරීම.

නොවැම්බර් 07 - නැවතත් ත්‍රීකුණාමලය නාමල්වත්ත ගම්මානයේ සිටි කුඩා දරුවන් ඇතුළු 10 දෙනෙකු ඝාතනය කිරීම.

දෙසැම්බර් 20 -   දෙසැම්බර් 12 වැනිදා පැහැරගැනීමට ලක්වූ මඩු වන්දනාවේ පැමිණි පිරිසක්, ඝාතනය කිරීම.

1986

පෙබරවාරි  02 - කඩු ඇතුළු ආයුධ සන්නද්ධව පැමිණි දෙමළ කොටි සාමාජිකයෝ පිරිසක්, ත්‍රීකුණාමලය කන්තලේ ග්‍රාමයහි සිවිල් වැසියන් 19 දෙනෙකු ඝාතනය කිරීම

පෙබරවාරි 19 - සේරුනුවර, දෙහිවත්ත යන ග්‍රාමවල සිට හමුදා රැකවරණ සහිතව ඇල්ල/කන්තලේ මාර්ගයේ පැමිණෙමින් සිටි සරණාගතයින් පිරිසකට, බෝම්බයක් එල්ල කිරීම සහ, ඉන් හමුදා භටයන් 4 දෙනෙකු ඇතුළුව සිවිල් වැසියන් 35 දෙනෙකු ඝාතනය වීම.

මැයි 03 - එයාර් ලංකා යානයක අටවන ලද බෝම්බයක් පුපුරා යාම සහ, ඉන් විදේශිකයින් 13 ක් ඇතුළුව යානයේ සිටි 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම. (බ්‍රිතාන්‍යයින් 3, ජර්මානුවන් 2, ප්‍රංශ ජාතිකයින් 3, ජපානුවන් 2, මාලදිවයන් ජාතිකයෙකු සහ පකිස්තානුවෙකු අනතුරින් මිය ගියහ) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළහි සිටි 41 දෙනෙකු තුවාල ලැබීම

මැයි 05 - කින්නියා ග්‍රාමයේ සිටි මුස්ලිම් ජාතිකයින් හතර දෙනෙකු අඩන්තේට්ටම් වලට ලක්කොට ඝාතනය කිරීම.

මැයි  06 - කොළඹ මධ්‍යම විදුලිසංදේශ කාර්යාලය තුල බෝම්බයක් පුපුරුවා හරිමින් කාර්යාලයේ සිටි 14 දෙනෙකු ඝාතනය කිරීම

මැයි 25 - අනුරාධපුර මහ දිවුලවැව ගම්මානයේ සිටි සිංහල වැසියන් 20 දෙනෙකු ඝාතනය කිරීම සහ නිවාස වලට ගිනි තැබීම.

ජූනි 02 - ත්‍රීකුණාමලය තුනවන සැතපුම් කණුව අසල තිබූ නිවාස වල සිටි වැසියන් 10 දෙනෙකු ඝාතනය කිරීම
ජූනි 04 - ත්‍රීකුණාමලය අඬන්කුලම් ගම්මානයේ වැඩ වාසය කල බක්මුණේ සුබද්දාලංකාර භික්ෂූන් වහන්සේ ඇතුළුව ගම්මානයේ වැසියන් 17–20 ප්‍රමාණයක් ඝාතනය කිරීම.

ජූනි 11 - කන්තලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවැති බස් රථ දෙකක අටවන ලද බෝම්බ දෙකක් පුපුරා යාමෙන් සිවිල් වැසියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සහ 75 දෙනෙකු තුවාල ලැබීම. ත්‍රිකුණාමලය ලංකා බැංකු ශාඛාව අසලදී සහ SP කාර්යාල අසලදී බෝම්බ පුපුරා යන ලදී.

ජූනි 21 - ත්‍රීකුණාමලය විල්ගම්වෙහෙර කුඩාග්‍රාමයෙහි වැසියන් 9 දෙනෙකු ඝාතනය කිරීම.

ජූනි 25 - ත්‍රීකුණාමලය කන්තලේ හිදී වාහනයක අටවන ලද බෝම්බයක් පුපුරා යාමෙන් සිංහල ජාතිකයින් 16 දෙනෙකු ඝාතනය වීම.

ජූලි 08 - ත්‍රීකුණාමලය මන්කිබ්‍රිජ් ග්‍රාමයෙහි සිටි සිංහල වැසියන් 15 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.

ජූලි 09 - ත්‍රීකුණාමලය මොල්ලිපොතාන ග්‍රාමයෙහි සිටි වැසියන් 16 දෙනෙකු රාත්‍රී ප්‍රහාරයකින් ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් මිය ගිය බොහෝ දෙනෙක් කුඩා දරුවන් සහ කාන්තාවෝ වූහ

ජූලි 13 - ත්‍රීකුණාමලය පාවක්කුලම් හිදී දෙමළ ජාතිකයින් 9 දෙනෙකු සහ සිංහල ජාතිකයින් 2 දෙනෙකු ඝාතනය කිරීම.

ජූලි 19 - ත්‍රිකුණාමලයේදී ආයුධ සන්නද්ධව පැමිණි 100කට අධික ත්‍රස්ථ සාමාජිකයෝ පිරිසක්, බේරුවිල් සහ වඩිගවැව ග්‍රාමයන් හී වැසියන් 17 දෙනෙකු ඝාතනය කිරීම සහ, 5 දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීම.

ජූලි 19 - අනුරාධපුර වඩිගවැව ග්‍රාමයේ සිවිල් වැසියන් 12 දෙනෙකු ඝාතනය කිරීම.

ජූලි 22 - වව්නියාව මම්මාඩුවහිදී සිවිල් බස් රථයක් ඉලක්ක කොට බිම් බෝම්බයක් පුපුරුවා හැරීමෙන්, සිංහල ජාතිකයින් 32 නෙකු ඝාතනය කිරීම සහ 20 දෙනෙකුට තුවාල සිදු කිරීම.

ජූලි 24 - වව්නියාව සිට අනුරාධපුරය බලා ගමන් කල බස් රථයක් තුල බෝම්බයක් පුපුරුවා හරිමින්, බසයේ ගමන් ගත් 13 දෙනෙකු මරා දැමීම. පිපිරීමෙන් 40 දෙනෙකු තුවාල ලැබූහ.
සැප්තැම්බර් 17 - කන්තලේ සීනී සංස්ථාවේ, කාණ්ඩ අංක 4 හි වූ සිවිල් වැසියන් 10 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.

සැප්තැම්බර් 17 - කන්තලේ ප්‍රහාරය සිදුකල දෙමළ කොටි පිරිසම, වඩිගවැව ග්‍රාමයේ සිටි කුඩා දරුවන් හා කාන්තාවන් ඇතුළු වැසියන් 12 ක් ඝාතනය කිරීම.

1987

පෙබරවාරි 04 -  මන්නාරම මාන්තොටම් ග්‍රාමයෙහි සිටි සිංහල වැසියන් අටදෙනෙකුට දරුණු ලෙස අඩන්තේට්ටම් කොට ඝාතනය කිරීම. (ගම්වාසීහූ මෙවැනි ප්‍රහාරයක් එල්ල වේ යැයි අවධානයෙන් සිටීමත්, ප්‍රහාරය ක්‍රියාත්මක වන විටදී අවට වනලැහැබ් තුල සැඟවීම නිසාත් මරණ සංඛ්‍යාව අඩුවූ බව පැවසේ.)

පෙබරවාරි 07 - අම්පාර, අරන්තලාව ගම්මානයේදී කාන්තාවන්, දරුවන් ඇතුළුව සිවිල් වැසියන් 27 ත් 28 ත් ප්‍රමාණයක් රාත්‍රි ප්‍රහාරයකින් ඝාතනය කිරීම. (කඩු, මන්නා වැනි තියුණු ආයුධ භාවිතයෙන් ඝාතන සිදු කර තිබුණි.)

මාර්තු 07 - වවුනියාව, අවරන්තලාව ගම්මානයේදී, බිමි බෝම්බයක් පුපුරුවා හැරීමෙන් සිවිල් වැසියන් 6 දෙනෙකු, හමුදා සෙබළුන් 7 දෙනෙකු සහ NAF භටයින් 4 දෙනෙකු ඝාතනය කිරීම.

මාර්තු 22 - සේරුනුවර, හොරොව්පතාන ග්‍රාමයෙහි සිටි සිංහල සිවිල් වැසියන් 26 දෙනෙකු ඝාතනය කිරීම.

මාර්තු 25 - සේරුනුවර ගම්මානයේ සිටි කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු සිංහල වැසියන් 25 දෙනෙකු මහා මාර්ගය වෙත දක්කා අවුත්, වෙඩි තබා ඝාතනය කිරීම.

අප්‍රේල් 17 - හබරණදී පොලිස් සහ ආරක්ෂක භටයින් 31 ක් ඇතුළුව, වැසියන් 127 දෙනෙකු ඝාතනය කිරීම. (හමුදා නිල ඇඳුමින් සැරසුණු දෙමළ කොටි ත්‍රස්ථවාදීහූ, ත්‍රිකුණාමලය වෙත ගමන් කරමින් තුබූ බස් රථ 3 ක් සහ ට්‍රක් රථ 2ක් නවත්වා, ඒවායේ සිටි ජනයා ඉවතට ඇද වෙඩි තබා ඝාතනය කොට තිබුණි.)

අප්‍රේල් 20 - පොලොන්නරුව ජයන්තිපුර ගම්මානයේ සිටි සිංහල සිවිල් වැසියන් 15 දෙනෙකු ඝාතනය කිරීම.
අප්‍රේල් 21 - කොළඹ, පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල පර්යන්තයෙහි බෝම්බයක් පුපුරුවා හැරීමෙන් සිවිල් වැසියන් 113 දෙනෙකු ඝාතනය කිරීම, සහ 298 දෙනෙකුට තුවාල සිදු කිරීම.

අප්‍රේල් 21 - ත්‍රීකුණාමලය ජයන්තිපුර ග්‍රාමයෙහි සිටි සිංහල වැසියන් 15 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.

මැයි 29 - කඩවත්මාඩු සිංහල ග්‍රාමයෙහි සිටි වැසියන් 7 දෙනෙකු ඝාතනය කිරීම සහ 5 දෙනෙකුට තුවාල සිදු කිරීම. (ත්‍රස්ථවාදී තර්ජන හේතුවෙන් ගම්වාසීහූ, ගම්මානය අවට වනපෙත් තුල රාත්‍රිය ගත කොට තුබූ නිසා ඝාතන ප්‍රමාණය අඩුවූ බව පැවසෙයි).

අරන්තලාව භික්ෂු ඝාතනය 

ජූනි 02 -
ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසය තුල සිදුවූ දරුණුතම සහ මිලේච්ඡතම භික්ෂූන්වහන්සේලා ඝාතනය මෙය වෙයි. බස්රථයකින් ගමන් කරමින් සිටි අරන්තලාවේ භික්ෂූන් වහන්සේලා 32 නමක් කපා කොටා ඝාතනය කිරීම.

ජූනි 05 - යාපනය නෙල්ලි අඩි හිදී පුපුරණ ද්‍රව්‍ය පුරවන ලද ට්‍රක් රථයක් ශ්‍රී ලංකා හමුදාවට අයත් නෙල්ලි අඩි කඳවුර වෙත ධාවනය කරවා, එහි සිටි 50 කට අධික හමුදා භටයින් පිරිසක් ඝාතනය කිරීම.

ජූනි 11 - හොරොව්පතාන සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ වෑන් රථයක සිටි හමුදා භටයෙකු සහ සිවිල් වැසියන් 13 දෙනෙකු ඝාතනය කිරීම.

ජූනි 12 -  පොලොන්නරුව ගොඩපොත්ත හිදී විහාරස්ථානයක රැස්වීමකට සහභාගීවෙමින් සිටි, හමුදා භටයෙකු ඇතුළු ගම්වාසීන් 8 දෙනෙකු ඝාතනය කිරීම සහ, 6 දෙනෙකුට තුවාල සිදු කිරීම.

ජූනි 21 - නැවතත් පොලොන්නරුව ගොඩපොත්ත ග්‍රාමයෙහි සිටි සිවිල් වැසියන් 8 දෙනෙකු ඝාතනය කිරීම, එක් අයෙකු තුවාල ලැබීම (ත්‍රස්ථවාදී තර්ජන හේතුවෙන් ගම්වාසීහූ, ප්‍රහාරය සිදු වන විට ගම්මානය අවට වනපෙත් තුලට පලායාම නිසා මරණ සංඛ්‍යාව අඩුවූ බව පැවසෙයි).

ජූලි 29 - තෝප්පූර් ගම්මානයේ සිටි සිවිල් වැසියන් නම දෙනෙකුට අඩන්තේට්ටම් සිදු කොට කපා කොටා ඝාතනය කිරීම.

ඔක්තෝබර් 06 - මඩකලපුවේදී සිංහල සිවිල් වැසියන් 18 දෙනෙකු ඝාතනය කිරීම.

ඔක්තෝම්බර් 06 - මඩකලපුව තාරාවි ගම්මානයට කඩා වැදුණු 100 කට අධික දෙමළ කොටි ත්‍රස්ථවාදීන් පිරිසක්, ගම්මානයේ සිටි කුඩා දරුවන්, ගැබිණි මව්වරුන් ඇතුළු සිවිල් වැසියන් 25 දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම.

එම පිරිස විසින්ම සාගරපුර ගම්මානයේ තුබූ නිවසින් නිවස වෙත කඩා වදිමින්, එහි සිටි සිවිල් වැසියන් 27 දෙනෙකු තියුණු ආයුධ වලින් කපා ඝාතනය කිරීම. නිවාස කොල්ලකෑම සහ තුවාල ලැබූවන් සමගම නිවාස ගිනි තැබීම.

මඩකළපුවේ සිට එමින් පැවැති රාත්‍රී තැපැල් දුම්රිය නවත්වා එහි ගමන් කරමින් සිටි සිංහල වැසියන් 40 දෙනෙකු ඝාතනය කිරීම.

ඔක්තෝබර් 7 - පොතුවිල් මොණරාගල  බසයක ගමන් කරමින් සිටි සිංහල වැසියන් 25 දෙනෙකු සහ එම මාර්ගයේම ගමන් කරමින් සිටි යතුරු පැදිකරුවන් 5 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.

ඔක්තෝබර් 10 - ගන්තලාව කුඩා ගම්මානයෙහි සිටි සිවිල් වැසියන් 9-10 පිරිසක් තියුණු ආයුධ වලින් මරා දැමීම සහ තිදෙනෙකුට තුවාල සිදු කිරීම

ඔක්තෝබර් 15 - ඇල්ල කන්තලේ සිංහල ග්‍රාමයෙහි සිටි කුඩා දරුවන් ඇතුළු සිවිල් වැසියන් 14 දෙනෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීම.


ඔක්තෝබර් 16 - පුල්මුඩේදී ගමන් කරමින් තුබූ බස් රථයක් නවත්වා එහි සිටි සිංහල ජනතාව වෙන් කර ගනිමින් පොලිස් නිලදාරීන් තිදෙනෙක් ඇතුළු 11 දෙනෙකු ඝාතනය කිරීම.

ඔක්තෝබර් 19 - කල්කුඩාහිදී දෙමළ වැසියන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් එල්ටීටීඊ බිම් බෝම්බයකට හසුවීමෙන්, ඉන්දියානු සාම සාධක හමුදා භටයෙකු ඇතුළු එහි ගමන් ගත් 40 දෙනෙකු ඝාතනය වීම.

නොවැම්බර් 09 - මරදාන බෝම්බය: මරදානේ පුපුරුවා හරිනු ලැබූ බෝම්බයකින් සිවිල් වැසියන් 23 දෙනෙකු සහ 106 දෙනෙකු තුවාල ලැබීම. තවත් 15 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.

නොවැම්බර් 11 - කල්කුඩාහිදී මත්ස්‍ය වෙළෙඳාමේ යෙදී සිටි සිංහලයින් 7 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.

නොවැම්බර් 12 - වව්නියාව චෙඩ්ඩිකුලම් හිදී PLOTE සාමාජිකයින් 13ක් සහ දමිළ සිවිල් වැසියන් 12 දෙනෙකු ගමන් කරමින් සිටි වෑන් රථයක්, එල්ටීටීඊ විසින් වැළලූ බිම් බෝම්බයකට අසුවීම නිසා රථයේ ගමන් ගත් පිරිස මිය යාම.

දෙසැම්බර් 15 - පොලොන්නරුව දේවාලගොඩැල්ල සහ සෝමාවතිය ග්‍රාමයන් හී විසූ සිවිල් වැසියන් 7-9 ප්‍රමාණයක් කපා කොටා ඝාතනය කිරීම.

දෙසැම්බර් 22 - ත්‍රීකුණාමලය මොරවැව දී  5-6 ක පමණ සිංහල සහ දමිළ පිරිසක් පැහැරගෙන ගොස් අඩන්තේට්ටම් සිදුකොට ඝාතනය කිරීම.

දෙසැම්බර් 31 - නැවතත් මහදිවුල්වැව ග්‍රාමයේ විසූ සිවිල් වැසියන් 10 දෙනෙකු ඝාතනය කිරීම සහ නිවාස 15 කට ගිනි තැබීම

කාතන්කඩු මුස්ලිම් ගම්මානයේ විසූ කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු වැසියන් 30 දෙනෙකු නිවාස වලින් එලියට ඇද දමා කපා කොටා ඝාතනය කිරීම සහ ශරීර අංගඡේදනය කිරීම.

1988

මාර්තු 02 - මොරවැව ගම්මානයේ විසූ සිංහල වැසියන් 14 දෙනෙකු ඝාතනය කිරීම.

මාර්තු 11 - අනුරාධපුර සුහදගමදී ගමන්කරමින් තුබූ බස් රථයකට එල්ල කල අත්බෝම්බ ප්‍රහාරයකින්, රථයේ ගමන් ගත් මගීන් 19 දෙනෙකු ඝාතනය කිරීම සහ, නම දෙනෙකුට තුවාල සිදු කිරීම.

මාර්තු 14 - අම්පාර ගල්මිටියාව ග්‍රාමයේ සිටි සිංහල සිවිල් වැසියන් 13 දෙනෙකු ඝාතනය කිරීම.

මාර්තු 15 - ත්‍රීකුණාමලය කිවුල්කඩේ ග්‍රිමයෙහි විසූ සිංහල වැසියන් 7 දෙනෙකු ඝාතනය කිරීම.

මාර්තු 17 - අම්පාර දීඝවාපිය ග්‍රාමයෙහි සිටි සිංහල වැසියන් 13 දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම.

මාර්තු 22 - පාඩුකුලම් ගම්මානයේ සිටි සිංහල වැසියන් 6 දෙනෙකු ඝාතනය කිරීම සහ 3 දෙනෙකුට තුවාල සිදු කිරීම.

මැදවච්චිකුලම් ග්‍රාමයෙහි සිටි සිංහල වැසියන් 9 දෙනෙකු වෙඩි තබා මරා දැමීම.

මාර්තු 29 - හොරොව්පතාන සිට මැදවච්චිය දක්වා ගමන් කරමින් තුබූ ලංගම බස් රථයක් තුල බෝම්බයක් පුපුරුවා හැරීමෙන් එහි ගමන් ගත්, මගීන් 9 දෙනෙකු ඝාතනය කිරීම සහ 14 දෙනෙකුට තුවාල සිදු කිරීම.

මාර්තු 31 -  කල්මුණේ සෙන්දමාරදු ගම්මානයට කඩාවැදුණු කොටි ත්‍රස්ථවාදීන්, එහි විසූ මුස්ලිම් වැසියන් 10 දෙනෙකු සහ දමිළ වැසියන් 7 දෙනෙකු ඝාතනය කිරීම.

අප්‍රේල් 8 - හොරොව්පතාන, මීගස්වැව ගම්මානයේ සිටි සිංහල සිවිල් වැසියන් 14 දෙනෙකු ඝාතනය කිරීම.

මැයි 1 - කන්තලේ සිත්තරු හිදී ලංගම බස් රථයකට බිමි බෝම්බයක් අටවමින්, එහි ගමන්ගත් සිංහල මගීන් 12 දෙනෙකුත්, මුස්ලීම් ජාතිකයින් 9 දෙනෙකුත්, තවත් 5 දෙනෙකුත් ඝාතනය කිරීම.

ජූලි 28 - එදාවැටුනවැව ගම්මානයේ සිටි සිංහල වැසියන් 16 දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම.
අගෝස්තු 16 - ත්‍රීකුණාමලයේදී බෝම්බයක් පුපුරුවා හැරීම මගින්, සිංහල ජාතිකයින් 6 දෙනෙකුත්, මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකුත්, දමිල ජාතිකයෙකුත්, ඝාතනය කිරීම සහ 19 දෙනෙකුට හානි සිදු කිරීම.

අගෝස්තු 25 - පොළොන්නරුව මාරවිලදී ගෙල කපා දැමීම මගින් මාරවිල ගම්මානයේ සිවිල් වැසියන් 11 දෙනෙකු ඝාතනය කිරීම.

සැප්තැම්බර් 10 - අම්පාර සෙන්ට්‍රල් කෑම්ප් හිදී සිංහල වැසියන් 7 දෙනෙකු සහ දමිළ වැසියන් 4 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.

ඔක්තෝබර් 9 - මැදවච්චිය, මහකෝන්ගස්කඩ ගම්මානයේ සිටි සිංහල වැසියන් 44 දෙනෙකු ඝාතනය කිරීම සහ නිවාස 11 කට ගිනි තබා විනාශ කිරීම.

නොවැම්බර් 14 - ත්‍රීකුණාමලය පැණිකැටියාව හිදී ආරක්ෂක නිලදාරීන් දෙදෙනෙකු ඇතුළුව සිංහල ජාතිකයින් 28 දෙනෙකු ඝාතනය කිරීම.

1989

ජනවාරි 17 - මහරඹේකුලම් ග්‍රාමයේ විසූ සිංහල වැසියන් 9 දෙනෙකු මරා දැමීම.

පෙබරවාරි  02 - බෝගමුයාය ග්‍රාමයේ සිංහල වැසියන් 11 දෙනෙකු ඝාතනය.

පෙබරවාරි 11 - දෙටුවැව ගම්මානයේ සිටි සිංහල වැසියන් 37 දෙනෙකු ඝාතනය කිරීම

සිංහපුර ගම්මානයේ සිංහල වැසියන් 6 දෙනෙකු ඝාතනය කිරීම

පෙබරවාරි 27 - බොරවැව ගම්මානයේ විසූ සිංහලවැසියන් 38 දෙනෙකු ඝාතනය කිරීම

අගෝස්තු 17 - නොච්චිකුලම් හි පිපිරවීමක් සිදුකිරීමෙන්, සිවිල් වැසියන් 8 දෙනෙකු ඝාතනය කිරීම සහ 4 දෙනෙකුට තුවාල සිදු කිරීම.

1990

ජූනි 11 - නැගෙනහිර පළාතේ සේවය කල පොළිස් නිලදාරීන් 600 - 774 අතර ප්‍රමාණයක් ඝාතනය කිරීම.

ජූනි 15 - කල්මුණේ දී හමුදා භටයින් 11 දෙනෙකු ඝාතනය සහ ඔවුන්ගේ සිරුරු කෙළෙසා දැමීම.

ජූලි 23 - මඩකලපුව වීරචෝලේ හීදී පුද්ගලයින් 8 දෙනෙකු ඝාතනය සහ සිරුරු එල්ලීම.

ජූලි 24 - පොලොන්නරුව දම්මින්න ග්‍රාමයෙහි විසූ සිංහල වැසියන් 8 දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම.

ජූලි 25 - ත්‍රීකුණාමලය වාන් ඇල විසූ සිංහල වැසියන් 9 දෙනෙකු කපා ඝාතනය කිරීම.

ජූලි 26 - මැදවච්චිය තම්මැන්නාලවකහීදී සිංහල ජාතිකයින් 19 දෙනෙකු ඝාතනය සහ නිවාස 30 ක් ගිනි තබා විනාශ කිරීම.

ජූලි 30 - මඩකලපුව අක්කරෙයිපත්තුවෙහි මුස්ලිම් ජාතිකයින් 14 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.

ජූලි 31 - කන්තලේ හිදී නොහඳුනන තුවක්කුකරුවෙකු විසින් දමිළ වැසියන් 10 දෙනෙකු ඝාතනය කිරීම.

අගෝස්තු 03 - 30 කට අධික දෙමල කොටි ත්‍රස්ථයෝ පිරිසක්, කාත්තන්කුඩිය මුස්ලිම් පල්ලි 4 ක වන්දනාවේ යෙදෙමින් සිටි මුස්ලිම් බැතිමතුන්, 147 දෙනෙකු කෘර ලෙස ඝාතනය කිරීම 

අගෝස්තු 05 - අම්පාර මුල්ලියන්කඩු කුඹුරක වැඩකරමින් සිටි මුස්ලිම් ජාතික ගොවීහූ 17 දෙනෙකු ඝාතනය කිරීම.

අගෝස්තු 06 - අම්පාර කුඹුරක වැඩකරමින් සිටි මුස්ලිම් ජාතික ගොවීහූ 33 දෙනෙකු ඝාතනය කිරීම.

අගෝස්තු 07 - අම්පාර උහන දී 40 වැඩි දෙමළ කොටි ත්‍රස්ථයෝ පිරිසක්, බණ්ඩාරදූව සිංහල ග්‍රාමයේ සිටි සිංහල වැසියන් 30 දෙනෙකු ඝාතනය සහ සිව් දෙනෙකුට තුවාල සිදු කිරීම.

අගෝස්තු 8 - අනුරාධපුර, නවගමුව සිංහල ග්‍රාමයේ සිටි සිවිල් වැසියන් 7 දෙනෙකු ඝාතනය කිරීම සහ සිව් දෙනෙකුට තුවාල සිදු කිරීම.

අගෝස්තු 11 - එරාවුර් කොට්ඨශ අංක 3 සහ 6 හී විසූ, මුස්ලිම් ජාතිකයින් 116 දෙනෙකු ඝාතනය කිරීම සහ 20 දෙනෙකුට හානි කිරීම.

අගෝස්තු 13 - පුල්මුඩේ 15 වන සැතපුම් කණුව අසලදී, මීගමුවේ සිට 25 දෙනෙකු රැගෙන ආ ලොරි රථයකට සැඟවී සිට පහර දීමෙන්, 14 දෙනෙකු ඝාතනය කිරීම.

වව්නියාව, අවරන්තලාව විසූ මුස්ලිම් ජාතිකයෝ 9 දෙනෙකු සහ එක් සිංහල සිංහල සිවිල් වැසියෙකු ඝාතනය කිරීම, තිදෙනෙකුට තුවාල සිදු කිරීම.

සැප්තැම්බර් 13 - මඩකලපුව පූනානි හිදී මුස්ලිම් වැසියන් 7 දෙනෙකු කපාකොටා ඝාතනය කිරීම සහ එක්අයෙකුට තුවාල කිරීම.

සැප්තැම්බර් 19 - වෙල්ලමුඩල් ධීවර ගම්මානයේ සිටි, සිංහල සිවිල් වැසියන් 23 දෙනෙකු ඝාතනය කිරීම සහ නිවාස 11කට ගිනි තැබීම.

සැප්තැම්බර් 21 - පුදුකුඩිඉරිප්පු ගම්මානයක විසූ මුස්ලිම් වැසියන් 15 දෙනෙකු ඝාතනය කිරීම සහ 11 දෙනෙකුට තුවාල සිදු කිරීම.

සැප්තැම්බර්  30 - පේරවැල්තලාවේ විසූ සිංහල සවිල් වැසියන් 9 දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම.

ඔක්තෝබර්  - පැය 48 ක් තුල, උතුරු පළාතේ වෙසෙන සියළුම මුස්ලිම් ජාතිකයින්ට පලාතෙන් පිටවන ලෙස සහ, එක් පුද්ගලයෙකුට රු150.00ක මුදලක් පමණක් රැගෙන යාමට නියෝග කිරීම.

ඔක්තෝබර්  02 - අම්පාර වාහල්කඩ විසූ සිංහල වැසියන් 7 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.

ඔක්තෝබර් 11 - මුස්ලිම් ජාතිකයින් 9 දෙනෙකුට, ආරුගම්බේහීදී වෙඩි තබා ඝාතනය කිරීම.

ඔක්තෝබර් 23 - තන්තිරිමලේ හීදී සිංහල සිවිල් වැසියන් 8 දෙනෙකු සහ ග්‍රාමාරක්ෂකයින් දෙදෙනෙකු මරා දැමීම.

නොවැම්බර් 01 - වැලි ඔය හළඹවැව ග්‍රාමයේදී සිංහල වැසියන් 10 දෙනෙකු ඝාතනය කිරීම.

1991

ජනවාරි 23 - නැවත වරක් බෝගමුයාය ගම්මානයේදී සිංහල සිවිල් වැසියන් 25 දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම සහ තවත් 9 දෙනෙකුට තුවාල සිදුකිරීම. බරපතල තුවාලලත් 4 දෙනෙකු පසුව මියයාම.

මාර්තු 02- හැව්ලොක් හී කාර් බෝම්බයක් පුපුරුවා හරිමින්, එවක ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වූ රන්ජන් විජේරත්න මහතා ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු ඝාතනය. ප්‍රහාරයෙන් 73 දෙනෙකුට තුවාල සිදුවීම.

මාර්තු 24 - අක්කරෙයිපත්තුව මාළු වෙළෙඳපල තුල බෝම්බයක් පුපුරුවා හැරීමෙන්, මුස්ලිම් ජාතිකයින් 9 දෙනෙකු ඝාතනයට ලක්වීම සහ පුද්ගලයින් 32 කට තුවාල සිදු වීම.

මාර්තු 31 - ඉරුදයපුරම් වෙළෙඳපලට රාත්‍රියේ කඩාවැදුණු දෙමළ කොටි ත්‍රස්ථවාදීන්, එහි සිටි සිවිල් වැසියන් 8 දෙනෙකු ඝාතනය කිරීම.

අප්‍රේල් 03 - සාගරයේ ධීවර බෝට්ටු කිහිපයක් වට කල කොටි, එහි සිටි ධීවරයින් 10 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ 11 දෙනෙකුට තුවාල සිදු කිරීම. තවත් ධීවරයින් 16 දෙනෙකු අතුරුදන් කරවීම.

අප්‍රේල් 14 - ඇතිමලේ ගම්මානයේ විසූ සිංහල වැසියන් 17 දෙනෙකු කපාකොටා ඝාතනය කිරීම.

අප්‍රේල් 20 - මොණරාගල නියදැල්ල ග්‍රාමයේ විසූ කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු පුද්ගලයෝ 21 දෙනෙකු කපාකොටා සහ වෙඩිතබා ඝාතනය කිරීම.

මැයි 19 - අම්පාර වැඩ නිමවා කුඹුරේ සිට එමින් සිටි සිංහල ගොවීන් දෙදෙනෙකුට සහ මුස්ලිම් ගොවීන් පස්දෙනෙකුට පහරදීම. ඉන් 6 දෙනෙකු මියයාම සහ එක් අයෙක් තුවාල ලැබීම.

මැයි 20 - අම්පාර මල්වත්ත හිදී කුඹුරේ සිට ට්‍රැක්ටරයකින් ආපසු එමින් සිටි මුස්ලිම් ගොවීහූ 9 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ දෙදෙනෙකුට තුවාල සිදු කිරීම.

රජීව් ගාන්ධි ඝාතනය වීමට මොහොතකට පෙර

මැයි 21 -
එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරු තෙන්මොසි රාජරත්නම් විසින් එවක ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාව, තමිල්නාඩුව තුල පැවැති මැතිවරණ රැලියකදී ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් තවත් සිවිල් වැසියෝ 13 දෙනෙකු මිය ගියහ. ඝාතනයෙන් අනතුරුව, ඝාතනයට සම්බන්ධ වූවන් සත් දෙනෙකු පොලීසිය විසින් වටකරනු ලැබූ අවස්ථාවේදී, සියදිවි නසා ගෙන තුබුණි.[33] 2006 ජුනි මසදී, එල්ටීටීඊ ත්‍රස්ථ සංවිධානය මේ ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියත්, ඊට ප්‍රතිචාර ලෙස ඉන්දියාව ප්‍රකාශ කර සිටියේ, මෙම සිදුවීම වෙනුවෙන් දෙමළ කොටින්ට සමාව දීම ත්‍රස්ථවාදයට අනුබල දීමක් වන බවයි.

ජූනි - කොළඹ 7, Joint Operations Command (JOC) ගොඩනැගිල්ල අසල Flower Road හීදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හරිමින් සිවිල් පුද්ගලයින් 12 දෙනෙකු මරා දැමීම සහ 85 දෙනෙකුට තුවාල සිදු කිරීම.

ජූනි 12 - මන්මුණේ ගංතොට බෝම්බයක් පුපුරවමින් සිවිල් වැසියන් 10 දෙනෙකු ඝාතනය කිරීම.

ජූනි 24 - මඩකලපුව, වැලිගහකන්ද පැහැරගත් සිංහල වැසියන් 8 දෙනෙකු ඝාතනය සහ දමිළ පුද්ගලයෙකුට තුවාල සිදු කිරීම

ජූනි 27 - ලාහුගලදී මගීන් පටවාගත් පුද්ගලික බස් රථයකට අත් බේම්බ ගසා, එහි වූ මගීන්ට වෙඩි තබමින් 16 දෙනෙකු ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් තවත් අට දෙනෙකු තුවාල ලැබූහ.

ජූලි - ශ්‍රී ලංකා හමුදා කඳවුරක් වූ අලිමංකඩ කඳවුර, වැටලූ 5,000 පමණ වූ දෙමළ කොටි ත්‍රස්ථයෝ අතර සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ මසක පමණ ගැටුමින් දෙපාර්ශවයේම පුද්ගලයින් 2000 ක් පමණ මිය ගිය බව සඳහන් වෙයි.

ජූලි 06 - පුදූර් වලදී මුස්ලිම් ජාතිකයින් 9 දෙනෙකු කපාකොටා ඝාතනය කල දෙමළ කොටි, ඉන්පසුව මහවැලි රිවර් බෑන්ක් හීදී තවත් අට දෙනෙකු ඝාතනය කරන ලදී. එහිදී තුවාල ලැබූ සිව්දෙනෙකුගෙන් එක් අයෙක් පසුව මිය යන ලදී.

මනම්පිටිය පැහැරගත් සිංහල ධීවරයෝ 9 දෙනෙකු ඝාතනය කිරීම

අගෝස්තු 08 - සමන්තුරේ මුස්ලිම් ගොවීහූ 6 දෙනෙකු ඝාතනය කිරීම.

සැප්තැම්බර් 19 - පොලොන්නරුව පල්ලියගොඩැල්ල මුස්ලිම් ගම්මානයේ සිටි 13 දෙනෙකු ඝාතනය සහ 6 දෙනෙකුට තුවාල සිදු කිරීම.

ඔක්තෝබර් 15 - නැවතත් පොලොන්නරුව පල්ලියගොඩැල්ල ග්‍රාමයේ සිටි වැසියන් 182 දෙදෙනෙකු කපමින් සහ වෙඩි තබමින් ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් 83 දෙනෙකු තුවාල ලැබූහ.

ඔක්තෝබර් 24 - ඉක්බාල් නගර් හීදී පුද්ගලයෝ 6 දෙනෙකු ඝාතනය කිරීම.

1992

ජනවාරි 26 - අරන්තලාව බස් රථයකට අටවන ලද බිම් බෝම්බයක් පුපුරා යාමෙන්, බස් රථයේ ගමන් ගත් මගීන් 9 දෙනෙකු මරණයට පත්වීම.

අප්‍රේල් 10 - අම්පාර බස් රථයක් තුල බෝම්බයක් පුපුරුවා හරිමින් මගීන් 25 දෙනෙකු ඝාතනය සහ 33 දෙනෙකුට තුවාල සිදු කිරීම. ප්‍රහාරයෙන් පොළිස් නිලදාරියෙකු මිය ගිය අතර තවත් හමුදා භටයින් දෙදෙනෙක් තුවාල ලැබූහ.

අප්‍රේල් 29 - ළදරුවන් 5 දෙනෙකු ඇතුළුව මුස්ලිම් ජාතිකයින් 69 ඝාතනය කිරීම. මුස්ලිම් වැසියන් සහ ග්‍රාමාරක්ෂකයින් විසින් එල්ල කල ප්‍රතිප්‍රහාර වලින් දමිළ ජාතිකයින් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම.

අලිංචිපොතාන ග්‍රාමයේ සිටි මුස්ලිම් වැසියන් 56 දෙනෙකු ඝාතනය කිරීම සහ 15 දෙනෙකුට තුවාල සිදු කිරීම

ජූනි 02 - අම්පාර 209 වන සැතපුම් කණුව අසලදී බස් රථයක් නවත්වා, එහි ගමන්ගත් මගීන්ට වෙඩි තැබීම. ප්‍රහාරයෙන් සිවිල් වැසියෝ 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, පොලිස් භටයෙකු ඇතුළු තවත් පුද්ගලයෝ දෙදෙනෙක් තුවාල ලැබූහ

ජූලි 06 - වව්නියා හිදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබා දුන්නායැයි පවසමින්, දමිළ ජාතිකයින් 10 දෙනෙකු ඝාතනය කිරීම.

ජූලි 15 - කාත්තන්කුඩි සිට කල්මුණේ දක්වා යමින් තුබූ බස් රථයක, ගමන් කරමින් සිටි මුස්ලිම් ජාතිකයින් 19 දෙනෙකු ඝාතනය කිරීම සහ 7 දෙනෙකුට තුවාල සිදු කිරීම

ජූලි 21 - දුම්රියක් නවත්වාගනු ලැබූ දෙමළ කොටි ත්‍රස්ථවාදීන්, එහි සිටි මුස්ලිම් ජාතිකයින් වෙන්කරගෙන වෙඩි තැබීම. ප්‍රහාරයෙන් මුස්ලිම් ජාතිකයින් 7 දෙනෙකු මිය ගිය අතර සිව් දෙනෙකු තුවාල ලැබූහ.

අගෝස්තු 30 - ත්‍රිකුණාමලය බස් නැවතුම්පලෙහි පුද්ගලික බස් රථයක අටවා තුබූ බෝම්බයක් පුපුරා යාමෙන්, සිවිල් වැසියෝ 9 දෙනෙකු ඝාතනය වීම සහ 34 දෙනෙකු තුවාල ලැබීම.

සැප්තැම්බර් 01 - කල්මුණේ.. හිම කිරම පටවාගත් පා පැදියක ඇටවූ බෝම්බයක් වෙළෙඳපොල මධ්‍යයේ පුපුරා යාමෙන්, මුස්ලිම් ජාතිකයින් 22 දෙනෙක් ජීවිතක්ෂයට පත්වීම සහ 67 දෙනෙකු තුවාල ලැබීම.

සැප්තැම්බර් 10 - අල්ලායි වැවෙහි ගමන් කරමින් තුබූ යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එහි සිටි සෙබළුන් 22 දෙනෙකු සහ සිවිල් වැසියන් 7 දෙනෙකු ඝාතනය කිරීම.

ඔක්තෝබර් 01 - කෝන් වැව ග්‍රාමයේ විසූ වැසියන් වෙත වෙඩි සහ බෝම්බ ප්‍රහාර එල්ල කරමින් 15 දෙනෙකු මරා දැමීම. ප්‍රහාරයෙන් තවත් 9 දෙනෙකු තුවාල ලැබූහ.

නොවැම්බර් 16 - ශ්‍රී ලංකා නාවුක ආඥාපති වයිස් අද්මිරාල් ක්ලැන්සි ෆර්නැන්ඩෝ මහතා ඇතුළු සිව් දෙනෙක්ව, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් මගින් ඝාතනය කිරීම.

1993

රණසිංහ ප්‍රේමදාස ඝාතනය 


මැයි 01 -
කොළඹ මැයි දින රැලියක් අතරතුරදී, ශ්‍රී ලංකා ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය කිරීම.

ජූලි 25 - ජනකපුර ග්‍රාමයේ සිටි සිවිල් වැසියන් 9 දෙනෙකු ඝාතනය කිරීම.

නොවැම්බර් 10 - පුනරින් ආරක්ෂක කඳවුරට එල්ටීටීඊ ත්‍රස්ථයින් විසින් එල්ල කල ප්‍රහාරයෙන්, නිළදාරීන් 8 දෙනෙකු ඇතුළුව සෙබළුන් 233 ඝාතනය වීම. ගැටුමේදී එල්ටීටීඊ ග්‍රහණයට හසුවූ හමුදා සෙබළුන් 200 දෙනෙකු, කොටි ත්‍රස්ථවාදීන් විසින් කෘර ලෙස මරා දැමූ බව සඳහන් වේ.

1994

ජනවාරි 19 - ශ්‍රී පුර සිට අනුරාධපුරය දක්වා ගමන් ගනිමින් තුබූ පුද්ගලික බස් රථයක් තුල බෝම්බයක් පුපුරුවා හරිමින් එහි ගමන් ගත්, සිංහල ජාතිකයන් 10 දෙනෙකු ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් තවත් 51 දෙනෙකු තුවාල ලැබූහ.

මාර්තු 16 - කුදිරමලේ ධීවර බෝට්ටු ප්‍රහාරය: ධීවර කටයුතු වල නිරත වෙමින් සිටි බෝට්ටු 10 කට පහරදීමෙන් එහි සිටි ධීවරයින් 17 දෙනෙකු මරා දැමීම. ප්‍රහාරයෙන් තිදෙනෙකු තුවාල ලැබූ අතර, තවත් පස්දෙනෙකු අතුරුදන් වූහ.

ඔක්තෝබර්  24 - කොළඹ රැලියක් අතරතුර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින්, ශ්‍රී ලංකා විපක්ෂ නායකවරයා වූ ගාමිණී දිසානායක මහතා ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් පුද්ගලයෝ 50 කට වැඩි පිරිසක් මිය ගියහ. මියගිය අය අතර පාම ඔසී අබේගුණසේකර, වීරසිංහ මල්ලිමාරච්චි, සහ ජී. එම්. ප්‍රේමචන්ද්‍ර යන අය වූහ. ප්‍රහාරය නිසා 75 දෙනෙකු තුවාල ලැබූහ.

1995

මැයි 25 - කල්ලරාව ධීවර ගම්මානයේ සිටි සිවිල් වැසියන් 42 වෙඩි තබා සහ කපා කොටා ඝාතනය කිරීම

මැයි 28 - තාරාවිකුලම් හමුදා කදවුරට එල්ලවූ ප්‍රහාරයෙන් හටයන් 23 ක් මියගියේය.

අගෝස්තු 07 - කොළඹදී බෝම්බයක් පුපුරුවා හැරීමෙන් සිවිල් වැසියන් 22 ක් ඝාතනය කිරීම.

ඔක්තෝබර් 20 - කොළඹ කොලොන්නාවේදී,  කොළොන්නාව සහ ඔරුගොඩවත්ත තෙල් ගබඩා සංකීර්ණයට ප්‍රහාරයක් එල්ල කිරීම. තෙල් ටැංකි වෙතට කඩා වැදුණු මරාගෙන මැරෙන කොටි ත්‍රස්ථවාදීන් සිව්දෙනෙක් සිය බෝම්බ පුපුරුවා ගනිමින්, එහි සිටි ආරක්ෂක නිළදාරීන් 22 දෙනෙකු ඝාතනය කල අතර, සංකීර්ණයට අමෙරිකා ඩොලර් මිලියන 10 ක පමණ දේපල අලාභහානියක්ද සිදු කරන ලදී.

ඔක්තෝබර් 21 - මංගලගම සිවිල් වැසියන් 16 දෙනෙකු මරා දැමීම.

ඔක්තෝබර් 25 - පානම ග්‍රාමයේ සිටි සිංහල ගොවීන් 12 දෙනෙක් ඝාතනය කිරීම

නොවැම්බර් 11 - කොම්පඤ්ඤ වීදිය දුම්රියපල ආසන්නයේ බෝම්බයක් පුපුරුවා හරිමින් කුඩා දරුවන් 15 දෙනෙකු සහ හමුදා සෙබළුන් දෙදෙනෙක් මරා දැමීම.

නොවැම්බර් 24 - මරාගෙන මැරෙන බෝම්බකාරිනියන් දෙදෙනෙකු විසින්, ශ්‍රී ලංකා හමුදා මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීම සහ එමගින් 16 දෙනෙකු ඝාතනය කිරීම.

දෙසැම්බර් 11 - තවත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු විසින්, ශ්‍රී ලංකා හමුදා මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීම. ප්‍රහාරයෙන් හමුදා භටයින් තිදෙනෙකු සහ සිවිල් වැසියන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

දෙසැම්බර් 23 - මඩකලපුවේදී භට කණ්ඩායමකට පහර දී, හමුදාභටයින් 32 ඝාතනය කිරීම. හමුදා ප්‍රතිප්‍රහාර වලින් ත්‍රස්ථවාදීහූ 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පැවසේ.

1996

මහ බැංකු බෝම්බ ප්‍රහාරය

ජනවාරි 31 -
කොළඹ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම. ප්‍රහාරයෙන් පුද්ගලයින් 90 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, 1400 දෙනෙකුට තුවාල ලැබූහ. මෙය එල්ටීටීඊ ත්‍රස්ථයින් විසින් එල්ල කරනු ලැබූ අතිශය මිලේච්ඡ ප්‍රහාරයක් ලෙස හැඳින්වෙයි.

මාර්තු 19 - ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබා දුන්නායැයි පවසමින්, දමිළ ජාතිකයින් 29 දෙනෙකු ඝාතනය කිරීම.

ජූනි 11 - ලුණුඔය දී සිවිල් වැසියන් 14 දෙනෙකු ඝාතනය කිරීම. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයට අනූව මෙම පහරදීමේ අරමුණ වී තිබෙන්නේ, එල්ටීටීඊ ය විසින් ප්‍රදේශයේ පොළිස් මුරපලකට පහර දීමකින් පසු ඇවිලී ගිය ගැටුමකින් එල්ටීටීඊ ත්‍රස්ථ සංවිධානයේ පවුල් වල සාමාජිකයින්ට හානි සිදු වීම නිසා, ඊට අදාල පිරිස් වලින් පළිගැනීමයි.

ජූලි 04 - ශ්‍රී ලංකා අමාත්‍යවරයෙකුට එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 25 දෙනෙකු ඝාතනය වීම.

ජූලි 18 - ශ්‍රී ලංකා යුධ හමුදා කඳවුරට එල්ල වූ එල්ටීටීඊ ත්‍රස්ථ ප්‍රහාරයෙන් හමුදා භටයින් 1200 කට වැඩි ප්‍රමාණයක් මිය යාම/අතුරුදන් වීම. ගැටුමේදී එල්ටීටීඊ ග්‍රහණයට ලක්වූ සෙබළුන් පණපිටින් පුළුස්සා දැමීම.

ජූලි 24 - දෙහිවලදී, කොළඹ-අළුත්ගම දුම්රිය තුල බෝම්බ 4 ක් පුපුරුවා හරිමින් මගීන් 64 දෙනෙකු ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් පුද්ගලයෝ 400 ක් පමණ තුවාල ලැබූහ.

1997

පෙබරවාරි 10 - ඔඩ්ඩෙයිමාවඩි ග්‍රාමයේ විසූ, මුස්ලිම් වැසියන් 5 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තිදෙනෙකුට තුවාල සිදු කිරීම.

මැයි 12 - මොරවැව ග්‍රාමයට සහ පොළිස් ස්ථානයට පහර දී, එහි සිටි 5 දෙනෙකුට වද දී ඝාතනය කිරීම.

ජූලි 02 - ඉරක්කණ්ඩි ගම්මානයට කඩාවැදුනු 100 ක් තරම් වූ දෙමළ කොටි ත්‍රස්ථයෝ පිරිසක් එහි සිටි මුස්ලිම් වැසියන් 34 දෙනෙකුව, තියුණු ආයුධ, මුගුරු සහ ගිනි අවි වලින් කෘර ලෙස ඝාතනය කිරීම.

ඔක්තෝබර් 15 - කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි අසල බෝම්බයක් පුපුරුවා හැරීමෙන් පුද්ගලයෝ 15 දෙනෙකු ඝාතනය කිරීම.

1998

දළදා මාලිගාවට එල්ල
කල ප්‍රහාරය

ජනවාරි 25 -
සිව් දෙනෙකුගෙන් සැදුම් ලත් කළු කොටි කණ්ඩායමක් විසින්, පුපුරණ ද්‍රව්‍ය තොගයක් පැටවූ ට්‍රක් රථයක් පුපුරුවා, මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට ප්‍රහාරයක් එල්ල කිරීම. ප්‍රහාරයෙන් 17 දෙනෙකු මිය ගිය අතර 25 දෙනෙකු තුවාල ලැබීය.

මාර්තු 05 - කොළඹ බස් බෝම්බ දෙකක් අටවමින් පුපුරුවා හැරීම. පිපිරීමෙන් සිවිල් වැසියන් 32 දෙනෙක් ජීවිතක්ෂයට පත්වීම සහ 252 දෙනෙකු තුවාල ලැබීම.

මැයි 14 - පේදුරු තුඩුවේදී ශ්‍රී ලංකා හමුදා ආඥාපති බ්‍රිගේඩියර් ලැරී විජේරත්න මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය ඉදිරියට කඩා පිනූ කළු කොටි සාමාජිකයෙකු, රථය මතදී බෝම්බයක් පුපුරුවා හැරීම. ප්‍රහාරයෙන් විජේරත්න මහතා ඇතුළු තිදෙනෙක් ඝාතනය විය.

මැයි 17 - යාපනය නගරාධිපති සරෝජිනී යෝගේස්වරන් මහත්මියව ඇගේ නිවසේදී ඝාතනය කිරීම

අගෝස්තු 29 - මගීන් 55 දෙනෙකු රැගෙන පියාසරකරමින් තුබූ AN-24 ලයන් එයාර් ෆ්ලයිට් 602 ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කොට විනාශ කිරීම.

සැප්තැම්බර් - එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමග ඇතිවූ ගැටුමෙන් හමුදා භටයින් 1,500 ප්‍රමාණයක් මිය යාම සහ 3,000 ක් පමණ තුවාල ලැබීම. ගැටුමින් සෙබළුන් 500 ක පමණ පිරිසක් අතුරුදන් වූහ.

1999

අප්‍රේල් 11 - මහනුවර මධ්‍යම බස් නැවතුම්පල අසලදී බෝම්බයක් පුපුරුවා හැරීමෙන් සිවිල් වැසියෝ දෙදෙනෙකු ඝාතනය කිරීම.

ජූනි 02 - ඉඟිණියාගලදී සිංහල වැසියන් 11 දෙනෙකු ඝාතනය.

ජූලි 29 -  ශ්‍රී ලංකා දමිළ පාම නීලන් තිරුචෙල්වම් ඇතුළු තිදෙනෙකු මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් තවත් 6 දෙනෙකු තුවාල ලැබූහ.

සැප්තැම්බර් 18 - අම්පාර ගෝනගල ග්‍රාමයේ සිටි සිංහල වැසියන් 54 දෙනෙකු ඝාතනය කිරීම.

නොවැම්බර් 01 - ඔඩ්ඩුසුඩාන් හිදී, එල්ටීටීඊ ත්‍රස්ථවාදීන් සහ ශ්‍රී ලංකා සෙබළුන් අතර ඔඩ්ඩුසුඩාන් හමුදා කඳවුරේ ඇතිවූ ගැටුමකින් හමුදාභටයින් 800 පමණ ඝාතනය වීම/ අතුරුදන් වීම.

දෙසැම්බර් 11 සිට දෙසැම්බර් 31 දක්වා - මේ කාලය තුල එල්ටීටීඊ ත්‍රස්ථ සංවිධානය සමග ඇතිවූ දරුණු ගැටුම් වලින් හමුදා භටයින් 212 ඝාතනය වීම. 37 දෙනෙකු අතුරුදන් වීම සහ 2,118 දෙනෙකු තුවාල ලැබීම.

දෙසැම්බර් 18 - මැතිවරණ රැලියකට එක්ව සිටි, එවක ශ්‍රී ලංකා ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඉලක්ක කොට ගෙන එල්ල කරන ලද මරාගෙන මැරෙන එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 23 දෙනෙකු ඝාතනය වීම.

දෙසැම්බර් 18 - එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ ස්කන්ධරාජා අශෝක විසින්, විශ්‍රාමික ශ්‍රී ලංකා හමුදා මේජර්වරයෙකු වූ ජෙනරාල් ලක්ෂ්මන් අල්ගම මහතා ඇතුළු පුද්ගලයින් දොළොස් දෙනෙකු ඝාතනය කිරීම.

2000

ජනවාරි 05 - ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිටට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් එහි සිටි පොළිස් නිළදාරීන් තිදෙනෙකු සහ සිවිල් වැසියන් 13 දෙනෙකු ඝාතනය කිරීම.

ජනවාරි 07 - මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් මගින් එවක ශ්‍රී ලංකා කර්මාන්ත අමාත්‍යවරයා වූ සී.වී. ගුණරත්න මහතා සහ තවත් සිවිල් වැසියන් 24 දෙනෙකු ඝාතනය.

ජනවාරි 27 - තැපැල් කාර්යාලයක බෝම්බයක් පුපුරුවා 11 දෙනෙක් ඝාතනය කිරීම සහ 70 කට තුවාල සිදු කිරීම.

මාර්තු 11 - මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් මගින්, ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යවරයාව ඝාතනය කිරීමට උත්සාහ කිරීම. ප්‍රහාරයෙන් පොළිස් භටයින් 6 දෙනෙකු සහ සිවිල් වැසියේ 14 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. තවත් 46 දෙනෙකු ප්‍රහාරය නිසා තුවාල ලැබූහ.

මැයි 17 - මඩකලපුව බෞද්ධ විහාරස්ථානයක වෙසක් උත්සවය සමරමින් සිටි බැතිමතුන් 23 දෙනෙකු ඝාතනය කිරීම සහ තවත් 70 දෙනෙකුට තුවාල සිදු කිරීම.

ජූනි 26 - මරාගෙන මැරෙන නෞකා ප්‍රහාරයක් මගින්, M.V. Uhana යාත්‍රාව ගිල්වා එහි සිටි නාවික භටයින් තිදෙනෙකු ඇතුළු 8 දෙනෙකු ඝාතනය.

සැප්තැම්බර් 15 - කොළඹ මහ රෝහල ඉදිරිපිටට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම. මෙම ප්‍රහාරයෙන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 28 දෙනෙකු තුවාල ලැබූහ

ඔක්තෝබර් 03 - බෝම්බ ප්‍රහාරයක් මගින් පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු වූ මොහොමඩ් බයිතුල්ලා ඇතුළු 20 කට වඩා පිරිසක් ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් 49 දෙනෙකුට තුවාල සිදුවීම.

ඔක්තෝබර් 05 - මැදවච්චියේදී, නියේජ්‍ය අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා ඉලක්ක කොට ගනිමින් පුපුරුවා හැරි මරාගෙන මැරෙන බෝම්බයකින් සිවිල් වැසියන් 7 දෙනෙකු ඝාතනය වීම සහ තවත් 40 දෙනෙකුට තුවාල සිදු වීම.

2001

ජූලි 24 - 14 දෙනෙකුගෙන් සැදුම්ලත් මරාගෙන මැරෙන එල්ටීටීඊ ත්‍රස්ථ කණ්ඩායමක් විසින්, ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයට සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ප්‍රහාරයක් එල්ල කිරීම.

2005

අගෝස්තු 12 - ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාව, එල්ටීටීඊ ස්නයිපර්කරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීම.

2006

ජනවාරි 07 - ත්‍රීකුණාමලයේ දී, පුපුරණ ද්‍රව්‍ය තොගයක් පටවාගත් ධීවර බෝට්ටුවක් යොදාගෙන ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල කිරීම. ප්‍රහාරයෙන් නාවිකයෝ 13 දෙනෙකු මිය ගියහ

මාර්තු 01 - එල්ටීටීඊ ය විසින් අටවන ලද්දැයි සැක කෙරෙන බිමි බෝම්බයකට හසුවීමෙන් සිවිල් වැසියන් 5 දෙනෙකු මරණයට පත්වීම.

අප්‍රේල් 23 - ගෝමරන්කඩවල ග්‍රාමයේ සිටි සිංහල සිවිල් වැසියන් 6 දෙනෙකු ඝාතනය කිරීම.

අප්‍රේල් 25 - ගර්භනී මාතාවක් ලෙස වෙස් පැලැඳගත් මරාගෙන මැරෙන කොටි බෝම්බකාරියක විසින්, ලුතිනර් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඝාතනයට තැත් කිරීම. එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සරත් ෆොන්සේකා මහතා බරපතල තුවාල තුවාල ලබා දිවි ගලවාගත්තත්, ඉන් තවත් පුද්ගලයෝ 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. තිහකට අධික පිරිසක් ප්‍රහාරය නිසා තුවාල ලැබූහ.

මැයි 11 - එල්ටීටීඊ මුහුදු කොටි විසින්, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා දෙකකට පහර දී එකක් ගිල්වා දැමූ අතර, අනෙකට දැඩි හානි සිදු කරන ලදී. මෙම ප්‍රහාරය,ශ්‍රී ලංකා රජය සහ කොටි ත්‍රස්ථ සංවිධානය අතර ඇතිකරගත් යුධ විරාම ගිවිසුම අමු අමුවේ උල්ලංඝනය කිරීමක් ලෙස හැඳින්වෙයි. ප්‍රහාරයෙන් නාවිකයෝ 18 දෙනෙකු මිය ගියහ.

මැයි 27 - සම්මානනීය කතුවරයෙකු වූ නිහාල් ද සිල්වා මහතා සහ තවත් සංචාරකයින් 7 දෙනෙකු, විල්පත්තු වනෝද්‍යානයේදී එල්ටීටීඊ විසින් අටවන ලද බිම් බෝම්බයකට ගොදුරුවීමෙන් ජීවිතක්ෂයට පත් වීම.

මැයි 29 -  පොළොන්නරුව වැලිකන්ද ගොවිපලක වැඩකරමින් සිටි පුද්ගලයින් 13 දෙනෙකු වෙඩි තබා සහ කපා කොටා ඝාතනය කිරීම. ප්‍රහාරය සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය එල්ටීටීඊ ය වෙත චෝදනා කල අතර, එල්ටීටීඊ ය එය ව්‍යාජ අයුරින් ප්‍රතික්ෂේප කරන ලදී. ඉන් නොනැවතුණු එල්ටීටීඊ ය, එම ප්‍රහාරය නිර්ලජ්ජාසහගත ලෙස හෙලා දකින ලදී.

මැයි 30 - වැලිකන්දට නුදුරු ඔමඩියාමඩු හීදී සිංහල වැසියන් 12 දෙනෙකු ඝාතනය කිරීම.

කැබිතිගොල්ලෑව 
බෝම්බයෙන් 
මියගිය පිරිස්
ආදාහනය කල අයුරු
ජූනි 15 - මගීන් 140 දෙනෙකු පමණ රැගෙන යමින් සිටි ලංගම බස් රථයකට කැබිතිගොල්ලෑවේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට, එහි ගමන් ගත් පාසල් ලමුන් 15 දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 68 දෙනෙකු ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් තවත් 78 දෙනෙකු තුවාල ලැබූහ. බස් රථය තුල දෙපැත්තෙහි අටවා තුබූ බෝම්බ පිපිරී යාමේදී, එම බෝම්බ වල තුබූ බෝල බෙයාරිම් මිලියන ගණනක් බස් රථය තුල විනිවිද යාම හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව වැඩි වී තිබිණ.

ජූනි 26 - පන්නිපිටියේදී එල්ටීටීඊ ය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකට ගොදුරුවී බරපතල තුවාල ලැබීමෙන්, මේජර් ජෙනරාල් පාරමී කුලතුංග මහතා ජීවිතක්ෂයට පත්වීම. ඔහු වටා සිටි පරිවාර නිලදාරීන් දෙදෙනෙකු සහ අසල සිටි තවත් අයෙක් ප්‍රහාරය නිසා මිය ගියහ.

අගෝස්තු 12 - සාම ක්‍රියාවලිය සමායෝජක මහ ලේකම් කාර්යාලයේ (Secretariat for Coordinating the Peace Process) නියෝජ්‍ය මහ ලේකම් කෙතේෂ් ලෝඝනාදන් මහතා ඔහුගේ නිවස අසලදී ඝාතනය කිරීම.

අගෝස්තු 14 - ශ්‍රී ලංකාවේ පාකිස්තාන තානාපතිවරයාට එල්ල වූ ප්‍රහාරය: ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස්, බෂිර් වලි මොහමඩ්, මහතාට ප්‍රහාරයක් එල්ල කිරීම. ප්‍රහාරයෙන් මහ කොමසාරිස්වරයා දිවි ගලවා ගත්තද, තවත් පුද්ගලයෝ 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූහ.

සැප්තැම්බර් 18 - පොතුවිල් ප්‍රදේශයේ සිටි මුස්ලිම් ජාතිකයින් 10 දෙනෙකු ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් එකම පුද්ගලයා විසින්, එම ප්‍රහාරය එල්ටීටීඊ විසින් සිදු කරන ලද්දක් බවට තහවුරු කරන ලදී.

ඔක්තෝබර් 16 - හබරණ දිගම්පතන දී, මරාගෙන මැරෙන් බෝම්බ ප්‍රහාරයක් මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවුකයන් 103 දෙනෙකු ඝාතනය කිරීම සහ 150 කට වැඩි පිරිසකට තුවාල සිදු කිරීම.
දෙසැම්බර් 01 -  ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් ගනිමින් තුබූ රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම. ප්‍රහාරයෙන් ගෝඨභය මහතා දිවි ගලවා ගත් අතර, ප්‍රහාරය නිසා පුද්ගලයෝ දෙදෙනෙකු මරණයට පත්ව තවත් 14 දෙනෙකු තුවාල ලැබූහ.

2007

ජනවාරි 05 - නිට්ටඹුවේ දී, කාර්යබහුල සවස් කාලය තුල නිට්ටඹුවේ මගීන් 80 ක් පමණ ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් තුල බෝම්බයක් පුපුරුවා හැරීම. බෝම්බ ප්‍රහාරය නිසා මගීන් 6 දෙනෙකු මරණයට පත්වූ අතර 63 තුවාල ලැබූහ.

ජනවාරි 06 - මරාගෙන මැරෙන එල්ටීටීඊ බෝමබකාරියක විසින් කොළඹ–මාතර මගී ප්‍රවාහන බස් රථයක් තුල බෝම්බයක් පුපුරුවා හැරීමෙන් සිවිල් පුද්ගලයින් 16 දෙනෙකු ඝාතනය කිරීම සහ 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කිරීම.

පෙබරවාරි 07 - එල්ටීටීඊ තුවක්කුකරුවන් පිරිසක් විසින්, මඩකලපුව සාන්තිවේලි පිල්ලෙයාර් (Santhiveli Pilleyar) කෝවිලේ ප්‍රධාන පූසාරි. සෙල්ලියා පරමේස්වරන් කුරුක්කල්තුමාව, ඔහුගේ නිවසින් පිටතට ඇද හිසට වෙඩි තබා ඝාතනය කිරීම. මීට දින හතරකට පෙර වාකරේ ප්‍රදේශයේ සංචාරය කල ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීම සහ මල් මාලාවක් පැළැඳවීම පිළිබඳව, මෙහිදී ඝාතකයෝ කුරුක්කල්තුමාගෙන් ප්‍රශ්න කොට තිබුණි

මාර්තු 09 -  ගම් වාසීන්ගේ වන අලි තර්ජන පිළිබඳ සොයා බැලීමට විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ඇතුළු වූ පුද්ගලයින් 8 දෙනෙකුට සැඟවී සිට පහර දී ඝාතනය කිරීම. මිය ගිය අය අතර ශ්‍රී ලංකා යුධ හමුදාවේ ප්‍රදේශ අඥාපති, සහ උද්‍යානය භාර නිළදාරීහූ සිව් දෙනෙක්ද වූහ.

මාර්තු 26 - රජයේ පාලනයට අයත් ගුවන් හමුදා කඳවුරකට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීම. (එල්ටීටීඊ ය සිදුකල පලමු ගුවන් ප්‍රහාරය) ප්‍රහාරයෙන් තිදෙනෙකු මිය ගොස් 19 දෙනෙකු තුවාල ලැබූහ.

මාර්තු 29 - ඉන්දීය තමිල්නාඩු වෙරළ තීරයට එපිටින් සිටි ඉන්දීය ධීවරයින් පස් දෙනෙකු ඝාතනය කිරීම සහ 12 දෙනෙකු පැහැර ගැනීම. (මෙය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාවක් බව ඒත්තු ගැන්වීමට ඔවුහූ උත්සාහ කළහ)

අප්‍රේල් 01 - එරාවූර්හිදී, 2004 සුනාමි ව්‍යසනයෙන් අනාථ වූ දමිළ දරුවන් වෙනුවෙන් ඉදිකරමින් තුබූ "Village of Hope" නම් නිවාස ව්‍යාපෘතියෙහි සේවය කරමින් සිටි සහන සේවකයින් 6 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම. වෙඩි ප්‍රහාර හේතුවෙන් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලැබූහ.

අප්‍රේල් 02 - බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් සිවිල් වැසියන් 16 දෙනෙකු ඝාතනය කිරීම සහ 25 දෙනෙකුට තුවාල සිදු කිරීම. මිය ගිය අය අතර කාන්තාවෝ 11 දෙනෙක්, පිරිමින් තිදෙනෙක් සහ කුඩා පිරිමි දරුවන් දෙදෙනෙක් වූහ.

අප්‍රේල් 05 - පොලොන්නරුවේදී සිංහල ගොවියෝ 4 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.

අප්‍රේල් 07 - උදෑසන 7:30 ට පමණ වව්නියා - මන්නාරම මාර්ගයේ ගමන් ගනිමින් තිබූ මගී බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයෝ අට දෙනෙකු ඝාතනය සහ 26 දෙනෙකුට තුවාල සිදු කිරීම.

අප්‍රේල් 12 - අවරන්තලාව ග්‍රාමයට සවස 4:45 ට පමණ කඩා වැදුණු ත්‍රස්ථ පිරිසක් එහි වූ වැසියන් හත් දෙනෙකු ඝාතනය කිරීම.

අප්‍රේල් 23 - වව්නියාව නගරය ආසන්නයේදී මගී බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් සිදු කොට, එහි ගමන් ගත් මගීන් 5 දෙනෙකු ඝාතනය කිරීම සහ 35 දෙනෙකුට තුවාල සිදු කිරීම.

අප්‍රේල් 24 - යාපනය පලාලි රජයේ ගුවන් කඳවුරට දෙවන වතාවටත්, ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීම. (එල්ටීටීඊ ය සිදුකල දෙවන ගුවන් ප්‍රහාරය)

මැයි 24 - කොළඹදී, මෝටර් සයිකලයක අටවන ලද IED පිපිරවීමක් සිදු කිරීම මගින්, ශ්‍රී ලංකා යුධ හමුදා භටයින් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකට ප්‍රහාරයක් එල්ල කොට හමුදා භටයෙක් ඝාතනය කිරීම. සිවිල් වැසියන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයෝ 6 දෙනෙක් ප්‍රහාරය නිසා තුවාල ලැබූහ

මැයි 27 - තිරුක්කෝවිල් හිදී, තිරුක්කෝවිල් මාර්ගයකදී ට්‍රක් රථයකට බෝම්බ ප්‍රහාරයක් සිදු කොට සිවිල් වැසියන් තිදෙනෙකු ඝාතනය කිරීම.

මැයි 28 - ශ්‍රී ලංකා පොලීසියට අනියුක්ත විශේෂ කාර්ය බළකාය (STF) සෙබළුන් පිරිසක් රැගෙන යමින් සිටි ට්‍රක් රථයක් ඉලක්ක කර ගනිමින් බෙල්ක්කඩේ හන්දියේදී, බෝම්බයක් පුපුරුවා හැරීම. බෝම්බ ප්‍රහාරය නිසා සිවිල් වැසියන් 7දෙනෙකු මිය ගොස් 39 දෙනෙකු තුවාල ලැබූහ. මියගිය අය අතර ගර්භණී මාතාවක්ද වූවාය.

ජූලි 16 - කොටි සාමාජිකයන් පිරිසක් විසින්, සවස 5:30 ට පමණ නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් හේරත් අබේවීර මහතා ඝාතනය කිරීම.

අගෝස්තු 20 - වව්නියාව පොළිස් මුරපලක් අසලදී, ජීප් රථයකින් පැමිණි දෙමළ කොටි සාමාජිකයෝ පිරිසක් විසින් තැබූ වෙඩි ප්‍රහාරවලට ගොදුරු වීමෙන්, ග්‍රාමාරක්ෂක භටයින් සිව්දෙනෙකු සහ සිවිල් පුද්ගලයෙක් ඝාතනය වීම. මිය ගිය ග්‍රාමාරක්ෂක භටයින් සිව්දෙනෙගෙන් තිදෙනෙක්ම කාන්තාවෝ වූහ.

සැප්තැම්බර් 22 - මගීන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම. ප්‍රහාරයෙන් බස් රථ රියදුරු මියගොස් දෙදෙනෙකු තුවාල ලැබූහ.

සැප්තැම්බර් 27 - උදෑසන 10:30 ට පමණ චුන්නාකුලම් මාර්ගයේ පොළිස් මුර සංචාර රථයක් ඉලක්ක කර ගනිමින් එල්ල කල බෝම්බ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු ඝාතනයට ලක් වීම. පොළිස් භටයින් දෙදෙනෙකු ඇතුළු 15 දෙනෙක් පමණ ප්‍රහාරය නිසා තුවාල ලැබූහ.

ඔක්තෝබර්  22 - අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට පහර දී එහි තිබූ මිලිටරි යානා 20 කට පමණ හානි සිදු කිරීම.

නොවැම්බර් 26 - මහවිලච්චිය ග්‍රාමයේ සිටි කාන්තාවක් ඇතුළු සිංහල ගොවියන් සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.

නොවැම්බර් 28 - ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දාගේ, කාර්යාලය ඉදිරිපිට බෝම්බයක් පුපුරුවා හරිමින්, ඔහුව ඝාතනයට තැත් කිරීම. ප්‍රහාරයෙන් දේවානන්දා දිවිගලවා ගත්තද, ඔහුගේ පුද්ගලික ආරක්ෂකයෙකු ප්‍රහාරය නිසා මරණයට පත්විය. තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබූහ.

කොළඹ ගබඩා අංශය තුල පාර්සල් බෝම්බයක් පුපුරුවා හරිමින් සිවිල් වැසියන් 20 දෙනෙකු ඝාතනය කිරීම. මෙවැනි ප්‍රහාර සිදුකිරීමෙන් වලකින ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, එල්ටීටීඊ ත්‍රස්ථ සංවිධානයට ප්‍රකාශ කරන ලදී.

2008

ජනවාරි 02 -  ශ්‍රී ලංකා යුධ හමුදා බස් රථයක් ඉලක්ක කර ගනිමින්, කොම්පඤ්ඤ වීදිය නිපොන් හෝටලය අසලදී එල්ල කල බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයෝ සිව්දෙනෙක් මියයාම සහ 28 දෙනෙකුට තුවාල සිදුවීම.

ජනවාරි 08 - ජා ඇල මාර්ගයේ ඇටවූ බෝම්බ ප්‍රහාරයක් මගින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ, ඩී. එම්. දසනායක මහතා ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් එම මහතාගේ ආරක්ෂයෙකුද මිය ගිය අතර තවත් දස දෙනෙකුට පමණ තුවාල සිදුවිය.

ජනවාරි 16 - බුත්තල මගී බස් රථයකට ඇටවූ මාර්ග බෝම්බයක් පුපුරුවා හැරීමෙන්, පාසල් දරුවන් තිදෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 27 දෙනෙකු ඝාතනය කිරීම. ප්‍රහාරයෙන් 67 දෙනෙකුට තුවාල සිදුවිය. බසයෙන් පළා යාමට උත්සාහ කල සිවිල් වැසියන්ට පිටත සිටි, එල්ටීටීඊ තුවක්කුකරුවෝ වෙඩි තැබූ බවද සඳහන් වේ. (මේ සිදුවීමෙන් පසුව ශ්‍රී ලංකා රජය විසින් යුධ විරාම ගිවිසුම අවසන් කරන ලදී)

පෙබරවාරි 02 - දඹුල්ල මගී බස් රථයක් තුල බෝම්බයක් පුපුරුවා හැරීම මගින් සිවිල් වැසියෝ 20 දෙනෙකු ඝාතනය සහ 50 දෙනෙකුට හානි සිදු කිරීම.

පෙබරවාරි  03 - කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුල මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන් පුද්ගලයෝ 11 දෙනෙකු ඝාතනය කිරීම. 97 දෙනෙකුට තුවාල සිදු කිරීම.

පෙබරවාරි 23 - ගල්කිස්සේදී බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම. මාස 8 වියැති බිළිඳෙකු, කාන්තාවන් 7 දෙනෙකු ඇත්ළු පුද්ගලයෝ 18 දෙනෙකු ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූහ.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් මගින් මඩකලපුවේ දේශපාලන පක්ෂ සාමාජිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීම.

පෙබරවාරි 29 - එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් පෙලිස් භටයින් තිදෙනෙකු ඇතුළු සිවිල් වැසියන් සිව්දෙනෙකුට තුවාල සිදුවීම.

මාර්තු 02 - වව්නියාව මාර්ගයක අටවා තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් පොලිස් භටයින් සිවිදෙනෙකු සහ සිවිල් වැසියන් හය දෙනෙකු තුවාල ලැබීම.

මාර්තු 10 - කොළඹ මහා මාර්ගයක මල් පෝච්චියක අටවා තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් පුදගලයෙකු මිය ගොස් තවත් හය දෙනෙකුට තුවාල සිදුවීම.

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය 

අප්‍රේල් 06 -
වැලිවේරියේ පැවති අවුරුදු උත්සවයකට එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයිකින් පුද්ගලයෝ 14 දෙනෙකු ඝාතනය කිරීම. මිය ගිය අය අතර පා.ම. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, හිටපු ඔලිම්පික් තරඟකරු කුරුප්පු කරුණාරත්න, සහ ජාතික මළල ක්‍රීඩා පුහුණුකරු ලක්ෂ්මන් ද අල්විස් යන අය වූහ. ප්‍රහාරය නිසා 90 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

අප්‍රේල් 25 - පිළියන්දල බස් රථයක් තුල පුපුරුවා හරිනු ලැබූ පාර්සල් බෝම්බයකින්, පුද්ගලයින් 24 දෙනෙකු ඝාතනය වීම. තවත් 52 දෙනෙකුට තුවාල සිදුවිය.

මැයි 16 - මරාගෙන මැරෙන යතුරුපැදි කරුවෙකු විසින්, පොලිස් කැරලි මර්ධන පොලිස් නිලදාරීන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකට එල්ල කල ප්‍රහාරයකින්, පොලිස් නිලදාරීන් 11 දෙනෙකු ඇතුළු 13 දෙනෙකු ඝාතනය වීම. ප්‍රහාරය නිසා 95 දෙනෙකු පමණ තුවාල ලැබූහ.

දෙහිවල දුම්රිය බෝම්බය

මැයි 26 -
කොළඹ සිට පානදුර දක්වා ධාවනය වෙමින් තුබූ මගී දුම්රියක පාර්සල් බෝම්බයක් පුපුරුවා හැරීමෙන් (දෙහිවලදී) දුම්රිය මගීන් 9 දෙනෙකු ඝාතනය කිරීම සහ, තවත් 67 දෙනෙකුට තුවාල සිදු කිරීම.

ජූනි 04 - දෙහිවල සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර පිහිටි දුම්රිය මාර්ගයේ අටවා තිබූ බෝම්බයක් මගී දුම්රියක ගැටී පිපිරී යාමෙන් සිවිල් වැසියෝ 24 දෙනෙකුට තුවාල සිදුවීම.

ජූනි 06 - මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ මගී බස් රථයක් තුල පුපුරුවා හැරි, බස් බෝම්බ ප්‍රහාරයකින්, සිවිල් වැසියන් 23 දෙනෙකු ඝාතනය වීම. ප්‍රහාරයෙන් 80 කට වඩා වැඩි පිරිසකට තුවාල සිදුවිය.

මහනුවර පොල්ගොල්ලේදී, මගී බස් රථයක් තුල බෝම්බයක් පුපුරුවා හැරීමෙන් එහි ගමන් ගත් දෙදෙනෙකු ඝාතනය කිරීම.

ජූනි 16 - වව්නියාව පොලිස් කාර්යාලයක් ඉදිරිපිටට එල්ල වූ මරාගෙන මැරෙන මෝටර්සයිකල් බෝම්බ ප්‍රහාරයකින්, කාන්තා කොස්තාපල්වරියන් 4 දෙනෙකු ඇතුළු පොලිස් නිලදාරීන් 12 දෙනෙකු ඝාතනයට ලක්වීම. ප්‍රහාරයෙන් පාසල් ළමුන් ඇතුළු තවත් පුද්ගලයා් 40 දෙනෙක් තුවාල ලැබූහ.

ඔක්තෝබර් 06 - එජාප දේශපාලන රැලියකට එල්ල වූ මරාගෙන මැරෙන එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරයකින්, එජාප උතුරු මැද පළාත් ප්‍රධාන විපක්ෂ නායක ජානක පෙරේරා සහ තවත් සිවිල් වැසියන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම.

2009

පෙබරවාරි  09 - පුලියම්පොක්කානෙයි හිදී, කොටි ත්‍රස්තවාදී කාන්තාවක් විසින් සිවිල් ජනතාව( IDPs ) සිටි කලාපයක් වෙත ඇතුළු වෙමින් කල මරාගෙන මැරෙන බෝම්බය ප්‍රහාරය.මෙහිදී සිවිල් වැසියන් 9 මියගොස් 49 දෙනෙකු තුවාල ලැබීය.

පෙබරවාරි 10 - පුදුකුඩියුරුප්පු හිදී, කොටි ත්‍රස්තවාදීන් විසින් මිනිස් පලිහක් ලෙස භාවිතා කල දෙමළ සිවිල් ජනතාව( IDPs ) වෙතට කල වෙඩි තැබීම.මෙහිදී සිවිල් වැසියන් 19 මියගොස් 75 දෙනෙකු තුවාල ලැබීය.

පෙබරවාරි 20 - පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහිත ගුවන් යානාවක් මගින්, කොළඹ ඉලක්කයක් වෙත ප්‍රහාරයක් සිදු කිරීමේ, එල්ටීටීඊ උත්සහයක් ව්‍යර්ථ වී යාම

පෙබරවාරි 22 - කිරිමැටියදී පුද්ගලයෝ 10 දෙනෙකු ඝාතනය කිරීම

මාර්තු 10 - අකුරැස්සේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයෝ 14 ඝාතනය කිරීම. තවත් 35 දෙනෙකු ප්‍රහාරය නිසා තුවාල ලැබූහ.

අප්‍රේල් 12 - ග්‍රාමයේ සිටි කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 9 දෙනෙකු ඝාතනය කිරීම.

මැයි 18 - පුරා තිස් වසරකට අධික කාලයක් තිස්සේ ලාංකීය ජනතාව පීඩා විඳි දෙමල ඊලාම් යුද්ධය අවසන් වීම නිසා, මෙම ප්‍රහාර මාලාව අවසන් විය.

යුද්ධය අවසන්ව ගෙවෙන 14 වසරක ඇවෑමෙන් හෙට දිනයේ "යුද්ධයේදී මිය ගිය දෙමල විරුවන්" නම් වූ පිරිසක් සමරා බොරැල්ල කනත්ත වට රවුමේදී සැමරුමක් කරන්නට සූදානම් බව සැල වී ඇත. 

රටට මේ සා විශාල හානියක් කල ත්‍රස්තවාදීන්, විරුවන් ලෙස සලකා සැමරීම අපට රටක් වශයෙන් අනුමත කල හැකිද? 

Sunday, December 18, 2022

රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....



අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? අන්තිමට අරගලයට වෙච්ච දේ ගැන කියවන්න...


අරගලය ගැන මගෙන් අහපු හැමෝටම මම කිව්වේ මේ අරගලය මහ අවජාතක සහ දූෂිත අරගලයක් කියලා.. මෙතන ඉදන් තියෙන්නෙ උඩකියපු හැම දේකම සම්පූර්ණ කතාව...

අරගලය ෆැන්ටසියක්(හීන ලෝකයක්) වුනාට ඒක රියැලියක් (යථාර්ථයක්) බවට පත් නොවුනේ ඇයි?

අරගලයට නායකයෙක් හිටියේ නෑ.. නායකත්ව මණ්ඩලයක් තිබුණේ නෑ.. අරගලය ගැන එක එක කණ්ඩායම් (දේශපාලන පිල්ලි සහ ස්වාධීන යැයි කියාගන්නා කණ්ඩායම්) එක එක වෙලාවලදී විවිධ විවිධ තීරණ ගත්තා.. දේශපාලන කණ්ඩායම් වගේම විදේශ අතකොලු ආගමික කණ්ඩායම් සහ ස්වාධීන (මේ ස්වාධීන යැයි කියාගත් කණ්ඩායමේ නායකයෝ සියල්ල ලංකාවේ ප්‍රධානම ඇඩ්වර්ටයිසිං ඒජන්සියක රැකියා කරන අය බව විමසිල්ලෙන් බැලුවොත් ඔබට පෙනේවි.. ජාත්‍යාන්තර මාධ්‍ය වලට සම්මුඛ සාකච්ඡා දුන්න නිර්පාක්ෂික අරගල කරුවා වැඩ කරන ආයතනය හොයලා බලන්න.  ඔබට සත්‍ය වැටහේවි) කණ්ඩායම් තමන්ට රිසි පරිදි විවිධ විවිධ දේ කලා...

සමහරු ගෝඨා එලවමු කිව්වා..

සමහරු මයිනා එලවමු කිව්වා..

සමහරු කපුටා එලවමු කිව්වා..

සමහරු කිව්වා හොරකම් කරපු සල්ලි ආපහු දියව් කියලා..

සමහරු කිව්වා පාර්ලිමේන්තුවෙන් පිට බලයක් පිහිටවන්න ඕන කියලා..

සමහරු කිව්වා විද්වත් සභාවකට රට භාර දෙන්න කියලා.. ඒම කියලා ගෝල්ෆේස් එකට ලොකු පොත් වගයක් ගෙනත් ඒවගෙන් බලලා ප්‍රතිපත්තිත් හැදුවා..

සමහරු ඒ හදන ආණ්ඩුවල ඇමතිවරු වෙලාත් හිටියා..

ඒ අස්සෙ යූ ටියුබ් ෆේස්බුක් පිටුවල රීච් වැඩි කරගෙන පිටරට මිනිස්සුන්ගෙන් සල්ලි ගෙන්නා ගත්තා...

මේ එකකටවත් නායකයෙක් හිටියේ නෑ.. ඒ වගේම ඔවුන් දැකපු සිහිනය යථාර්ථයක් කරගන්නෙ කොහොමද කියලා කිසි අදහසක් තිබ්බේ නෑ.. හැමෝම ඒ දවස්වල තමන් දැකපු හීනවල ආතල් එකේ සැපේ ජීවත් වුනා..

අරගලය භීෂණයක් බවට පත්වුනේ කොහොමද?

ඊට පස්සෙ මොකද වුනේ..

වාමාංශික කියාගන්නා පක්ෂ දෙකක් ප්‍රධානව තමන්ගේ ආයුධ සන්නද්ධ කට්ටිය (හෙල්මට් බලකාය) අරගලේට රිංගුවා.. ගෝල්ෆේස් එක ලඟින් අරගලේ පාට් එකක් ගලවලා පාර්ලිමේන්තුව ලඟට ගෙනාවා.. ඒක කොච්චර මානයකින් කලා නම්, හෙල්මට් කාරයෙක් අනුර කුමාර වාහනේට නග්ගාගෙනත් ගියා.. 🤣🤣 හැබැයි ඒවා විචක්ශණශීලීව කවුරුත් දැක්කෙ නෑ.. අරගල හීන වලින් කික් වෙලා හිටියේ..

ඊට පස්සෙ මේ හෙල්මට් කට්ටිය මිරිහානට ගෙන ගියා.. හිටපු ජනපතිගෙ ගෙදරට ගහන්න ගියා.. බස් පිච්චුවා.. පොලීස් වාහන පිච්චුවා.. භීෂණය වැපිරුවා.. නිර්පාක්ෂික සාමකාමී අරගලය හයිජැක් කරපු ජෙප්පොයි පෙරොට්ටොයි එකතු වෙලා මහා භීෂණයක් එකතු කලා.. අත් අඩංගුවට ගත් සැක කරුවෝ බේරගන්න සාලිය පීරිස්ගෙ නීතීඥ්ඥයෝ උසාවිය පිරෙව්වා.. ඔවුන් ජනතාවට පණිවිඩය දුන්නා මොන අලුගුත්තේරු වැඩේ කලත් අපි උඹලා එක්ක ඉන්නවා කියලා..

සිරස ඇතුළු මාධ්‍ය මෙතැන් සිට සජීවී විකාශයන් දෙමින් ඒවාට උඩගෙඩි දුන්නා.. ඒක නිවැරදි වැඩක් බවට ජනතාවට ඒත්තු ගැන්වුවා.. හිට් නිව්ස් බවට පත් වෙද්දි සමස්ත මාධ්‍යයන් ඒ වැඩේම කරන්න පෙළඹුනා.. ඒ තුලින් ජනතාව භීෂණය වැපිරුවා..

රඹුක්කන තෙල් බවුසරයක් දවා අලු කරන්න සූදානම් වෙද්දි පොලීසිය වෙඩි තැබුවා.. තරුණයෙක් මිය ගියා.. ඒ සැක කරුවන් බේරාගන්න ආයෙත් උසාවිය පුරවලා නීතිඥ්ඥයෝ පෙල ගැහුනා..

එයින් පන්නරය ලබපු අරගලෙන් මුලාවට පත් මිනිස්සු පොදුජන පෙරමුණේ දේශපාලකයන්ගේ ගෙවල් වට කලා.. ගාමිණී ලොකුගේ ගෙ ගෙදර පුච්චලා දාන්න උත්සාහ කලා.. ඒවාටත් ලොකු ප්‍රසිද්ධියක් මාධ්‍ය හරහා ලබා දුන්නා.. මිනිස්සු හිතුවා දැන් කරන්න ඕන ඒක කියලා..

දරුණුම දේශපාලන කුමන්ත්‍රණය බිහිවුනේ පොහොට්ටුව ඇතුලෙන්මයි..

ඔය ඉහත කියපු සියලු දේවල් අස්සෙ එලියට බැහැලා ජනපති අගමැති හීන දකින්න හිටපු ඩලස්ලා විමල්ලා හබන් කුකුලන්ගේ මඟුල ගන්න ලැහැස්ති වුනා.. මහින්ද රාජපක්ෂව බිලි දීලා මේ අරගලෙත් නවත්තාගෙන අගමැති පුටුවේ වාඩිවෙන්න සැලසුම් ඇන්දා.. දැන් නිදහස කියලා තියෙන එකේ ඉන්න මන්ත්‍රීවරු හිටපු ජනාධිපති හමුවෙන්න සංදේශයක් අරන් ගියා.. ඒ සංදේශයේ තිබුනේ මහින්ද රාජපක්ෂව අයින් කරන්න කියලා.. ඒ තීරණයට සැබෑ පොහොට්ටු මන්ත්‍රීවරු විරුද්ධ වුනා.. ඒ අනුවයි මැයි නවය මහින්ද ඉල්ලා මහින්දට ආදරය කරන ජනතාව කොළඹට ගේන වැඩ පිළිවෙල සකස් වෙන්නෙ..  මේ සංවිධාන කටයුතු වලදි ගෝල්ෆේස් අරගල භූමියට කිසිදු හානියක් නොවෙන්න සංවිධාන කලා.. උදාහරණෙකට සංදේශයක් අරන් ගෝඨාභය  හමුවට යන්න හිටපු තීරණය පවා අවලංගු කලා.. මැයි නවය පොලිස් ආරක්ෂක වැට ඉදි කරන්න තීරණය කලේ ගෝල්ෆේස් හෝටලය හා ගෝල්ෆේස් කෝට් එක යා කරමින්.. එතැනින් එහාට ජනතාව ගියොත් අරගලය හා ගැටෙනවා කියලා පොලීසිය තීරණය කලා..

මැයි නවය ගැටුම ඇරඹුනේ කොතනින්ද?

අරලිය ගහ මන්දිරය තුල කුමන කතා කවුරු කීවත් ජනතාවගෙන් සමහරක් ගෝල්ෆේස් අරගලයට පහර දෙමු කියන මතයේ හිටියා.. එලියට එන ජනතාව හමුවට නවම් මාවත් ගේට්ටුව දෙසින් සිංහ කොඩි රැගෙන ආපු තරුණයෝ තිදෙනෙක් මහින්ද හොරා කියමින් ජනතාව කුපිත කර මයිනාගෝගමට දිව ගියා.. එයින් කුපිත වූ ජනතාව මයිනා ගෝ ගමට පහර දුන්නා.. ගාලු මුවදොරට යන ජනතාවට නිසි ස්තානයෙන් කිසිදු බාධාවක් පොලීසියෙන් සිදු වුනේ නැහැ. ඔවුන් ජල ප්‍රහාරක රත සහ බලඇණි පසු බස්වා අරගල භූමියෙනුත් එහාට ගිහින් ස්ථාන ගත කලා.. ඒක හරියට ගෝල්ෆේස් වුන්ට ගහපන් ඇවිල්ලා කියනවා වගේ වැඩක් වුනා.. එය කාගේ කුමණ්ත්‍රණයක්දැයි ඔබට මේ වනවිටත් කල්පනා වෙනවා ඇති.. එකල හිටි ආරක්ෂක ලේකම්වත්, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවත් තවමත් බලයේ ඉන්නවා නොවේද? ඒ වීඩියෝව තමයි මේ පහතින් තිබෙන්නෙ..




එතැනින් පසු භීෂණය කෙසේ සිදුවුනාද?
ඔබ හරි පරිස්සමට බලන්න,


මාධ්‍ය ඉතා තුච්ඡ අයුරින් මේ භීෂණයට උඩ ගෙඩි දුන්නා.. මේ ගිනි නිවා සාමකාමී වෙන්න කියා කිසිදු මාධ්‍යයක ගියේ නෑ.. ඔබ සංසන්දනය කරන්න පාස්කු ප්‍රහාරයෙන් පසු මාධ්‍ය භාවිතාව සහ මැයි නවය මාධ්‍ය භාවිතාව. පාස්කු ප්‍රහාරයෙන් පසුව මාධ්‍ය දැවැන්ත කැම්පේන් එකක් කලා රටේම ගිනි නිවන්න.. හැබැයි මැයි නවය භීෂණයට වීරත්වයක් එක් කලා.. ගිනි තියන, පහර දෙන දර්ශණ අමු අමුවේ සජීවීව ලබා දෙමින් ජනතාව කුපිත කලා.. එයින් ජවය සහ ජීවය ලබා ගත්ත ජනතාව රැවටුනු හැටි තමයි මේ පහතින් තිබෙන්නේ..

මැයි නවය කියන්නේ තෙල් බිංදුවක් මිනිස්සු තමන්ගේ තාත්තාටවත් දෙන්න දෙපාරක් හිතපු කාලයක්.. හැබැයි ගෙවල් දවා අලු කරන්නට පෙට්‍රල් බූලි ගනන් තිබ්බා.. ඔබ විශ්වාස කරනවාද සාමාන්‍ය ජනතාව ලඟ මේ පෙට්‍රල් තිබ්බා කියලා..

අතුකෝරල මන්ත්‍රීවරයාගේ ඝාතනයේ සැබෑ වීඩියෝ දර්ශණ මාධ්‍ය විකාශය කලේ නැහැ. එතන කලබලය පටන් ගන්නෙ පස් දෙනෙක් වගේ පොඩි පිරිසක්.. හෙල්මට් දාගත්ත දෙන්නෙක්ගේ නායකත්වයෙන්.  නිට්ටඹුව ට්‍රැෆික් ලයිට් එක ලඟදි වාහනයෙන් බස්සගෙන කඩයක් ඉස්සරහා පොලුවලින් පහර දෙනවා.. ඔහුගේ ආරක්ෂකයා හැකි උපරිම උත්සාහ ගන්නවා ඔහුව ආරක්ෂා කරලා ඔහුව එතැනින් ඉවත් කර ගන්න.. පහර දෙන්නෙ තුන් දෙනයි.. බැරිම තැන ආරක්ෂක නිලධාරියා වෙඩි දෙකක් තබනවා.. ඉන් පසු තමයි සෙනඟ රැස්වෙලා මන්ත්‍රීවරයා ඝාතනය කරන්නේ.. කලහය ආරම්භ කරපු මිනිසුන් අද ඒකට වග කිවයුතු දඬුවම් විඳිනවාද කියා ඔබ සොයා බලන්න.. සත්‍ය වැටහේවි..

ගිනි තියපු ගෙවල් ගිනි ගත්තේ එකම විදිහට.. හෙල්මට් දමා ගත්ත, මුහුණු ආවරණය කරගත්ත පස් දෙනෙක් පමණ කුඩා කණ්ඩායමක් එන්නෙ හැම තැනටම.. ඔවුන් පළමුව ප්‍රධාන වයරය කඩා දමා විදුලිය විසන්ධි කරනවා.. දෙවනුව ආරක්ෂිත කැමරා කඩා බිඳ දමනවා.. තෙවනුව ජල ටැංකිය කඩා ජලය විසුරුවා හරිනවා.. ඉන්පසුව කලබගෑනිය ආරම්භ කර ගිනි තබා ජනතාව කුලප්පු කරනවා.. මෙයින් උද්දාමයට පත්වෙන ජනතාව වැඩේ අතට ගත්තාම අර මූලින්ම ආපු පස්දෙනා කිසිවෙකුට නොදැනී පලා යනවා.. වැඩේ අතට ගත්ත ඒ ජනතාව අදටත් නඩු හබ පැටලිලා දුක් විඳිනවා...

පාරවල් වල වාහන වලට පහර දුන් ක්‍රම වේදය බලන්න.. සෑම තැනම තිබෙන්නේ එකම ක්‍රමයක්.. පලමුවෙන්ම ඩෑශ්බෝඩ් කැම් ගලවනවා.. ජංගම දුරකථන ක්‍රියා විරහිත කරන්න අණ දෙනවා.. ඉන් පසුවයි සියළු පහරදීම් සිදු කරන්නේ.. ස්තාන 292කට ආසන්න තැන්වලදි මේ පහරදීම් කලාට වීඩියෝ දර්ශණ 10ක් වත් එලියට ආවේ නැහැ.. මේ හැම දෙයක්ම එකම විදිහට සිදු වුනේ කොහොමද කියලා ඔබම කල්පනා කරලා බලන්න..

රාජපක්ෂලා මොකද කලේ...

බැසිල් සහ මහින්ද මේ භීෂණකාරී අරගලය ඉතාම මැනැවින් කියවා ගන්න සමත් වුනා කියලයි මම තවම විශ්වාස කරන්නේ.. ජවිපෙ සහ පෙරටුගාමී ප්‍රමුඛ නඩයන් දිගින් දිගට ඉල්ලූ මිනිස් බිලි ලබාදීම වෙනුවට ඔවුන් සූක්ෂමව පසු බැස්සා.. පොලීසිය හමුදාව නොව, ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂකයින්ගේ ගිනි අවි, මන්ත්‍රීවරුන්ගේ පිස්තෝල පත්තු කලත් මහ ජනතාව 1000කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙනවා.. ඔවුන් ඒක තේරුම් ගෙන ඊට පසුදා වෙද්දි දේශපාලන ගේම් එකක් ගසමින් රනිල් වික්‍රමසිංහ ව අගමැති පුටුවේ වාඩි කලා.. එතැන් පටන් රනිල්ව ජනපති කරන තුරුම ඉතාම නිරායුධව අරගලයට මුහුණ දුන්නා.. රනිල් ජනපති වුනා.. දින තුනක් ඇතුලත රනිල් අරගලයට පහර දුන්නා.. අරගලය අවසන් වුනා.. අදත් තැන් තැන්වල හතු පිපෙන විදිහේ විරෝධතා දියත් වෙද්දි, විරෝධතා කරුවන්ට වැඩි පොලීසියේ පිරිස ඒ විරෝධතා මර්ධනය කරන හැටි ඔබ දකින්න ඇති..

එතැනින් පසු...

පැයෙන් පැයට ට්වීට් කරපු ඇමෙරිකානු නියෝජිතවරිය, චීන තානාපති කාර්‍යාලය ට්වීට් තියා ලියුමක්වත් ලිව්වේ නෑ..

පැයෙන් පැය මාධ්‍ය සාකච්ඡා තියපු කාදිනල් හිමි, NGO කාක්කෙක් වෙච්ච ඕමල්පේ සෝභිත හිමි, සිරිල් ගාමිණී පියතුමාලා අන්තරස්ධාන වුනා.

කුරුස කරේ තියන් පයින් ආපු අය, සමාජවාදී කලා කරුවෝ කොහේ ගියාද නෑ..

රැට්ටාගෙ එකවුන්ට් එකට වැටුනු ලක්ෂ පණහා ගැන සඳහනක්වත් නෑ නේද.. අරගලේට සහය දක්වපු යූ ටියුබර්ස්ලා දෙන්නෙක් රනිල් සහ ටිරාන් ලඟ දණින් වැටුනා කියලා ඔබ ඇහුවා නේද පහුගිය ටිකේ..

අරගලේ දිරිය කාන්තාවෝ සජබෙන් ඡන්දෙ ඉල්ලන්න ගිහින් නේද?

තව සමහරු ගම්පහින් ස්වාධීනව ඡන්දෙ ඉල්ලනවාලු නේද?

පැතුම් කර්නර්ලා, රසික ජයකොඩිලා මිලියන ගණන් ලොකු කැම්පේන් කරමින් අලුත් දේශපාලන කඳවුරු හදනවා පේනවාද?

ඒ ඔක්කොටම වඩා නොවැම්බර් දෙක විරෝධතාවය ජවිපේ මඟ අරිනවා නේද?

අරගලයට මඟ පෙන්වපු මිනිස්සු දැන් තම තමන්ගේ දේශපාලන කඳවුරු වලට වෙලා මරා ගන්නවා නේද?

අර නොමිලේ ඉදිරිපත් වුන නීතීඥ මහත්තුරු පේන්නවත් නෑ නේද?

අරගලෙන් ගෝඨාභය එලවලා රනිල් ගෙනල්ලා වෙච්ච වාසි මොනවාද?

අරගල කරන්න තැනක් හදලා මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරපු නායකයා පන්නලා විරෝධතාකරුවන්ට පන්න පන්න ගහන නායකයෙක් ඇවිත් නේද?

රාජපක්ෂලාගේ ජනපති පන්නලා පත්වුන අලුත් ජනපතිට, අරගල කරපු අයම රනිල් රාජපක්ෂ කියලා කියනවා නේද?

දුක් විඳින අවසන් පැය කිහිපය කියලා පෝස්ට් ශෙයාර් කරපු අයම දැන් මකන කෑල්ලේ ඉදලා ගණන් වැඩියි කියනවා නේද?

කොහෙවත් නැතිව ඉදලා ගිනිගන්න, ගහන ඒවා වීඩියෝ කර කර, බල බල ආතල් ගත්ත සාමාන්‍ය මිනිස්සුන්ට නඩු වැටිලා නේද?

සිස්ටම් එක වෙනස් කරන්න දඟලපු මිනිහාව පන්නලා, අලුත් කෙනෙක් ගෙනත් ආයේ පරණ සිස්ටම් එකටම දුවනවා නේද?

තව මේ වගේ අනන්තවත් කරුණු කාරණා කියතහැකි...

අරගලය ඇත්තටම මොකටද? අරගලයෙන් ඉටුවුන එකම සාර්ථකත්වය මොකක්ද?

ආදරණීය පාඨකයිනි... ලක්ෂ 69ක ඡන්ද කියන්නේ මේ රටේ ආගමක් මතවත්, දේශපාලන පක්ෂයක් මතවත් එකතු කරන්න පුලුවන් ඡන්ද සංඛ්‍යාවක් නෙවෙයි.. ඒ වගේම තුනෙන් දෙකක පාර්ලිමේන්තුවක් කියන්නෙත් එහෙම දෙයක්.. ගෝඨාභය දිනුවේ සමස්ත රටක එකමුතුකමේ ජයග්‍රහණයක් විදිහට.. අන්න ඒ එකමුතුකම කැඩීමයි එකම අරමුණ වුනේ.. විදේශීය රටවල ඉදන් පොහොට්ටුවේ ඇතුලෙ හිටපු ජනපති අගමැති හීන දැකපු අයට ඕන වුනා මේ රටේ ජාතිකවාදී බලවේගයන් කෑලි කෑලි වලට කඩා විසුරුවලා දාන්න.. අතීතයේ වගේ දේශපාලනය නිසා මිනිසුන් මරාගන්න තත්ත්වයට අරන් එන්න.. මේ රට අස්ථාවර කරලා විනාශ කරලා දාන්න.. පොහොර රට වටේ හැදෙන්න කලින් රසායනික පොහොර ගේන්න.. ඖෂධ ප්‍රතිපත්තියක් හැදෙන්න කලින් ඖෂධ මාෆියාව පරණ තත්ත්වෙට ගේන්න.. මත්ද්‍රව්‍ය ජාවරම විනාශ කරන්න කලින්, මත්ද්‍රව්‍ය ජාවාරම හිස ඔසවා ගන්න.. ඔව් ඒ සියල්ල ඉටුවුනා... ඒ වෙනුවෙන් ගැලූ මිලියන ගණනින් මුදල් අරගලයට පොම්ප වුනේ ඒ ගැන හාංකවිසියක් නොදැන රැවටුනු අහිංසක ජනතාවට මිනීමරු චෝදනා සහ අපරාධ ඡෝදනා ගොනු කරලා ඉවර කරලා...

අන්තිමේ හොරකම් කරපු සල්ලි කියපුවාත් නෑ.. 225න් පිට බලයත් නෑ.. රට හදන විද්වත් සභාවත් නෑ.. වැටේ එල්ලපු ජංගියත් නෑ.. නටපු නැටුමකුත් නෑ.. බෙරේ පලුවකුත් නෑ...

හැබැයි..

අරගලෙන් ගෝඨා එලෙව්වා, මහින්ද එලෙව්වා.. බැසිල් එලෙව්වා කියලා හිත හදාගෙන, ගෝඨා එලවලා ජනාධිපති වුන රනිල්ට, රනිල් රාජපක්ෂ කියනවා...

එහෙමනම් ඉතිරිය තීරණය කිරීම ඔබට භාරයි...

අභීත එදිරිසිංහ

Thursday, August 4, 2022

යාපනයේ තයානි, අරගල කරුවන්ගෙන් අහපු සංවේදී ප්‍රශ්ණය..

 



මගේ කතාව......


අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු සමාජයටම මේක කියන්න ඕනේ කියලා මම හිතාගෙන හිටියේ. 

අවුරුදු තිස් දෙකක් තිස්සේ අපේ කටවල් වහලා ඇස් බැඳලා අත් දෙක ගැටගහලා තිබ්බා වගේ තමයි අපි යාපනයේ ජීවත් වුණේ. 2009 යුද්ධය නිමාවත් සමග තමයි නීතියෙන් සහනයක් නොලැබුත් අඩුම තරමේ මේක ගැන එළියට කියන්න පුළුවන්, කතා කරන්න පුළුවන් අවස්ථාවක් ලැබුණේ. ඒ අසාධාරණය ගැන එළියට කතා කරන්න පුළුවන් අවස්ථාව අපට නිර්මාණය කරල දීපු එකට මම ශ්‍රී ලංකා රජයට අත් දෙක උස්සල වැඳලා ස්තුතිය පළකරනවා. මොකද කොටි ත්‍රස්තවාදීන්ගෙන් මේ රට නිදහස් කිරගැනීමත් එක්ක තමයි අපිට සිදුවුණ අසාධාරණය ගැන එලිපිට කතා කරන්න අවස්ථාව ලැබුනේ. 


මගේ තාත්තා සෙල්ලන් තංගතුරෙයි යාපනයේ සිට කන්කසන්තුරේ දක්වා දුවපු බස් රථයක රියදුරෙක්. මගේ අම්මාගේ නම වික්ටෝරියා. මම තමයි අපේ පවුලේ පළමුවෙනි දරුවා. ඒ කියන්නේ වැඩිමල් දරුවා. 1990 වසර වන විට මට වයස අවුරුදු පහයි. ඊලග නංගිට වයස අවුරුදු තුනයි. නංගිට පස්සේ අවුරුදු එකක මල්ලි කෙනෙකුයි තව අන්තිම මල්ලි අම්මාට ලැබිලා දවස් 53 යි.  මේක තමයි අපේ ලස්සන චූටි පවුල.


1990 පෙබරවාරි මස 20 වෙනිදා තමයි අපි අපේ තාත්තත් එක්ක අපි සෙල්ලම් කරපු, එයා අපිව හුරතල් කරපු, අපි එයාගේ උණුසුම ලබපු අන්තිම දවස. එදා රාත්‍රී 11 ත් 12 ත් අතර වෙලාවක අපේ නිවසේ දොරට කවුරුන් හෝ තට්ටු කළා. "තංගතුරෙයි තංගතුරෙයි" කවුරුහරි සද්දෙට අපේ තාත්තට එළියේ ඉදන් කතා කළා. ඒ සද්දෙට අපේ අම්මත් තාත්තත් දෙන්නම දොර ඇරගෙන එලියට ගියා. ගිහින් කවුද කියලා බලන්න ඇති. "මම තමයි නාදන්" ඔහු කිව්වා. 

ඒ අපේම ගමේ අපි හඳුනන කෙනෙක්. ඔහුත් එක්ක තව දෙන්නෙක් ඇවිත් හිටියා ඒ නාදන් කියන ගමේ පුද්ගලයා අනිත් දෙන්නව පෙන්නලා කිව්වා "මේ අය කොටි සංවිධානයේ අය, ඔයාව විමර්ශණය කරන්න ඕනලු' ඒ නිසා ඔයාගේ ගේ බලන්න ඕන කියලා මට කිව්වා ඒක නිසා මම මේ අයව එක්කගෙන ආවා" කියලා.


ඒ ආපු දෙන්නා ඒ වෙලාවේ අපේ තාත්තාව ඔවුන්ගේ කදවුරකට එක්කගෙන යන්න ඕන කියලා කිව්වා. මේ රෑ වෙලාවේ පවුලේ අයව තනියම දාල එන්න බෑ කියලා අපේ තාත්තා කිව්වා. ඒ නිසා මම උදේට එන්නම් කියලා කිව්වා. "එහෙම බෑ දැන්ම එන්න ඕන" කියලා ඒ කොටි සාමාජිකයන් දෙදෙනා තාත්තාව බලෙන් වගේ ඇදගෙන ගියා. එලියේ ඔවුන් ආපු වාහනයක් තිබ්බා. ඒකෙත් තව කීප දෙනෙක් හිටියා. ඒ අය බලෙන්ම අපේ තාත්තව පැහැරගෙන ගියා. ඊට පහුවෙනිදා 21 උදේ එළිඋණා. එදා රෑ අපේ ගමේ විතරක් 9 දෙනෙක්ව කොටි සංවිධානයෙන් පැහැරගෙන ගිහින් කියලා අපි දැනගත්තා. එල්.ටී.ටී.ඊ සංවිදානයේ චුන්නාකම් ප්‍රදේශයේ කදුරුගොඩ පිහිටි ඔවුන්ගේ කදවුරට ඒ පවුල් 9 යේම පිරිස සමග අපි උදේම ගියා. 


මේ කියන කදවුරේ සලීම් ශිවා කියන නමින් හදුන්වන පුද්ගලයෙක් තමයි කොමාන්ඩර් ලෙස හිටියේ.

අපේ අම්මාත් අනෙක් පවුල්වල අම්මලා, බිරින්දෑවරු, සහෝදර සහෝදරියෝ වගේ ඇවිත් හිටපු පිරිස මේ සලීම් ශිවාගේ කකුල් අල්ලලා වැද වැද කෑගහලා ඇඩුවා. පොඩි ළමයි ඇඩුවාම ඔහුගේ හිත උණු වෙයි කියලා හිතලා අපේ අම්මා මටත් එතන හිටපු අනිත් පොඩි අයටත් කිව්වා සලීම් ශිවාගේ කකුල් අල්ලා අඩන්න කියලා. මම ඉතින් "සලීම් මාමේ අපේ තාත්තා අපිට දෙන්නකෝ" කියලා කකුල් බදාගෙන ඇඩුවා. අනෙක් ලමයිනුත් ඇඩුවා. ඒත් ඒ හිත උණු උනේ නෑ. ඔහු ගනන්ගත්තේවත් නෑ. ඒ කදවුරේ අපේ ගමෙන් ගෙනාපු 9 දෙනත් තව පැති වලින් ගෙනාපු අයත් හිර කූඩුවක දාලා තිබුණා.


තාත්තව බලන්න අපිට ඉඩ දුන්නා. තාත්තා මගේ අත කම්බි කූරු අතරින් ඇතුලට අරන් ඉම්ඹා. තාත්තා අම්මට කතා කරලා කිව්වා ගමේ අපිට හිතවත් කොටින්ව හදුනන අය හමුවෙලා ඒ අයගෙන් උදව් ඉල්ලන්න කියලා, නම් කිහිපයක් කිව්වා. ඒ අය සමහර විට අපිට උදව් කරයි කියලා තාත්තා කිව්වා. අනිත් දවසේ උදේත් අපි ඒ කදවුරට ගියා. ඒ වෙලාවේ තාත්තගේ සාක්කුවේ තිබ්බ බඩු කියලා තාත්තගේ ලයිසන් එකයි රුපියල් 36 කුයි ඒ කදවුරෙන් අපේ අම්මට දුන්නා. 


තාත්තව විමර්ශණය කරන්න ඕනෙ කියලා මුලතිව් තුනුක්කායි ප්‍රදේශයේ තිබ්බ කොටි කදවුරකට යැව්වා කියලා සලීම් කියන පුද්ගලයා කිව්වා. තුනුක්කායි කියන්නේ කොටි ත්‍රස්ථවාදීන්ගේ වදකාගාරයක්. වචනවලින් කියන්න බැරි කම්පාවෙන් අපි ගෙදර ආවා. යාපනයේ ඉන්න හැමෝම දන්න පරිදි තුනුකායි කදවුරට ගිය කෙනෙක් ආපහු ඇවිල්ලා නෑ.  එදා ඉදලා යාපනයේ තියන හැම කොටි කදවුරකටම අපිවත් එක්කගෙන අපේ අම්මා ගියා. රතුකුරුස සංවිධානය, මානව හිමිකම් සංවිධාන හැම එකකටම අපේ අම්මා ගියා. අපේ තාත්තව බේරගන්න පුළුවන් කියලා අපේ අම්මා හිතපු හැම තැනකටම ගියා. 


දවස් යන්න යන්න අපේ අම්මට කිසිම ආදායම් මාර්ගයක් නැතුව අපි හතර දෙනෙක්ට කන්න දෙන්නවත් බැරුව ගියා. ඊට පස්සේ දවසක යාපනය් කොටි කාර්‍යාලයකට ගිය අම්මා "එක්කෝ මගේ මහත්තයාව දෙන්න නැත්තම් අපිට නොකා නොබී මැරෙන්න වෙන්නේ" කියලා කිව්වා. ඊට පස්සේ ඔවුන් අපේ අම්මගෙන් ගෙදර තත්වය ගැන ලියුමක් ලියලා දෙන්න කිව්වා. ඊට පස්සේ දිනක කොටි සාමාජිකාවක් අපේ නිවසට ඇවිත් අපිට පොත්පත් ගෙනල්ලා දුන්නා, ඇදුම් ගෙනල්ලා දුන්නා. ඒ අම්මා ලියුමේ පාසල් යන දරුවෙක් ඉන්නවා කියලා ලියලා තිබුන නිසා වෙන්න ඇති' ඒ අය අපේ අම්මාට යෝජනා කලේ ආදායම් මාර්ගයක් නැතුව ලමයි බලාගන්න බැරිනම් සෙන්චෝලෙයි ප්‍රදේශයේ තියන ළමා පරිවාස මධ්‍යස්ථානයට අපිව බාරදෙන්න කියලා. අම්මාට සංවිධානයට බැදෙන්න කිව්වා. අපේ අම්මා ඒ යෝජනා දෙකම ප්‍රතික්ෂේප කළා. එහෙනම් ස්වාමියා නැති පවුල් වලට රුපියල් දෙසීයක් මාසෙකට දෙනවා ඒක ඇවිත් ගන්න කියලා අපේ අම්මාට ඔවුන් කිව්වා. ඒ මාසෙ ඉදන් ඒ රුපියල් දෙසීය ගන්න හැම මාසෙම මාවත් එක්කගෙන අම්මා කොටි කාර්‍යාලයට යනවා. 


අපි වගේම ඒ රුපියල් දෙසීය ගන්න කොටි ත්‍රස්ථවාදීන් විසින් තාත්තලාව පැහැරගත් ගොඩක් පවුල්වල කට්ටිය එතනට එනවා. එතකොට මට සුභාෂිනී හා සුමාජිනී කියලා මගේ වයෙසෙම අවුරුදු හයේ විතර යාළුවෝ දෙක්කෙන් හමු උනා. ඒ දෙන්නාගේ තාත්තලාවත් කොටි ත්‍රස්ථවාදීන් පැහැරගෙන ඝාතනය කරලා තිබුනා. ඒ රුපියල් දෙසීය වෙනුවෙන් කොටින්ගේ ලොකු රැස්වීම් වලට බස් වලින් අපිව එක්කන් යනවා. ඒවට අපි යන්නම ඕන. තාත්තව පෙන්නනවා කියලා තමයි පොඩි අපිව එක්කගෙන යන්නේ. හැබැයි තාත්තවනම් කවදාවත් දැක්කේ නෑ. ඒ ගිහින් එනකොට අපිට බත් පාර්සලයක් දෙනවා. මේ කාලයේ අපේ අම්මාගේ වයස 29 යි. ස්වාමියෙක් නැති තරුණ කාන්තාවක් කුඩා දරුවන් හතර දෙනෙක් එක්ක මේ වගේ සමාජයක ජීවත් වෙන්න කොහොම සටනක් දෙන්න ඕනද කියලා හිතලා බලන්න. අද මට හිතෙන්නේ අපේ අම්මා යකඩ ගැහැණියෙක්! 


අපේ අම්මා කුඹුරු වැඩ සදහා යන්න පටන්ගත්තා. ගෙවල්වල වැඩට ගියා. ඒවාගේ ඉතුරුවෙන කෑම පාර්සල් කරගෙන අපිට අරන් ආවා. ඒ වගේම තාත්තා නැති අපිට අපේ ඇති හැකි නෑදෑයෝ කවුරුත් උදව් කලේ නෑ. අම්මා වැඩට යද්දී තනියම හිටපු අපිව බලාගන්න කියපු නෑදෑ හිතවතුන් අතින් අපි හින්සාවට පීඩාවට දූෂණයට ලක් උනා. අනිත් සහෝදරයෝ ගොඩක් පොඩි නිසා ඒ හැම පීඩාවක්ම ලොකු ගෑණු දරුවා විදියට මම තනියම දරාගත්තා. අද වෙනකල් මගේ ලමා කාලය මගේ තාත්තා නැති උනාට පස්සේ ගෙවපු කටුක ජීවිතය ගැන කතා කරන්නවත් මට අවස්ථාවක් ලැබුනේ නෑ. ඒ කාලය මගේ ජීවිතයේ අදුරුතම කාලයක්.


අපේ තාත්තව පැහැරගෙන ගිහින් අවුරුදු තුනකට පස්සේ 1993 ඔක්තෝබර් මාසයේ මම පාසල් ගිහින් ඇවිත් ඉන්නකොට කාර් එකක කොටි සාමාජිකයන් හතර දෙනෙක් ඇවිත් ෆයිල් එකක් දීලා අපේ තාත්තව ආයුධ ප්‍රවාහනය කිරීම, කොටින්ට විරුද්ධ කණඩායමකට සහයෝගය දීම, ඔත්තු බැලීම කියන චෝදනා වලට වරදකරු නිසා කොටි නායකයාගේ නියෝගයෙන් තාත්තාට මරණ දඩුවම දුන්නා කියලා කිව්වා. 


අපේ අම්මා කෑගහෙන ගෙදට තිබ්බ පුටු වලින් ඒ ආපු අයට ගැහුවා. ඔවුන් එහෙම කිව්වාට අපේ තාත්තාට මොකද උනේ කියලා හරියට දැනගන්න අපිට ක්‍රමයක් තිබුනේ නෑ. එදා තමයි අපේ තාත්තව මැරුවා කියල අපි දැනගත්තේ. 


1993 අපේ තාත්තා මැරුවා කියලා කොටි ඇවිත් කියද්දී මගේ වයස අවුරුදු නවයක් වගේ. 


ඊට මෑත කාලයේ 2021 දී උතුර දකුණ යා කිරීම සදහා "එකමුතුවේ පාගමන" ලෙස මාතර ඉදන් යාපනය වෙනකල් පාගමනක් යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය සංවිධානය කරලා තිබුනා ඒකට මමත් සහභාගී උනා. ඒ වෙනුවෙන් කොළඹ පැවති මාධ්‍ය සාකච්ජාවේදී මගේ තාත්තව කොටි පැහැරගෙන අතුරුදහන් කරපු සිද්දිය ගැන මම මාධ්‍යට කිව්වා. ඒ පාගමනට ආපු අපේ අල්ලපු ගමේ එක්කෙනෙක් ඒ කතාව අහලා ඒ මාධ්‍ය සාකච්ජාව ඉවර වෙලා මාත් සමග කතා කළා. එයා අපේ තාත්තත් එක්ක එකට හිර ගෙදර ඉදලා තියනවා. එයාවත් කොටි පැහැරගෙන. ඔහු එතනින් වාසනාවකට බේරිලා ආවත් අදටත් ඔහු එහිදී දුටු දහස් ගනනක් ඝාතන නිසා ඉන්නේ මානසික පීඩනයෙන්. ඒ කදවුරට මස් කඩය කියලාලු කියන්නේ. මේ වදකාගාර ගැන ජාත්‍යාන්තර මානව හිමිකම් සංවිධාන වල වාර්තාවල සදහන් වෙලා තියනවාදැයි මම දන්නේ නෑ. පස්සෙ මම දැනගත්තා තුනුක්කායි, වට්ටුවාකායි, වල්ලිපුරම් මේ තැන් තුනේම කොටි වදකාගාර තිබිලා තියනවා. ඒ වදකාගාරවල තොරතුරු වෙනම පොතක ලියන්න පුළුවන්. මේ මට මුනගැසුනු අයියගේ සහෝදරයෝ තුන්දෙනෙක් ඝාතනය කරපු නිසා මොහුව නිදහස් කරලා. ඒ දිනයේ මගේ තාත්තා ඇතුළු සීයක පමණ පිරිසක් මරා මාර්ගය අයිනක ටයර් දමා පිළිස්සූ බව ඔහු මට කිව්වා. ඒ අයියාටත් කොටි දුන් වදබන්දන නිසා ඔහු කිසිදු වැඩක් කල නොහැකි පුද්ගලයෙකු වෙලා. ඔහුගේ වකුගඩු දෙකම වැඩ කරන්නේ නෑ. 


මට මෙතනදී අහන්න ප්‍රශ්ණයක් තියනවා. කොටි පොලීසි, කොටි උසාවි පවත්වාගෙන බොරු ආණ්ඩුවක් පවතවාගෙන ගිය මේ අය අපේ තාත්තා වරදක් කලානම් ඒ උසාවියට දාලා චෝදනාවලට සාක්ෂි පෙන්නලා අපේ තාත්තට දඩුවම් නොකලේ ඇයි. වදකාගාරවල මරා දැම්මේ ඇයි. කොටි සංවිධානය දෙමළ ජනතාව වෙනුවෙන් සටන් කරපු අය නොවේ. ඔවුන් මිනීමරුවන් පමණයි. ශ්‍රී ලංකා රජය විසින් අතුරුදන් කරපු අයට සාධාරණයක් ඕනේ කියලා ජිනීවා ගිහින් කෑගහන පුද්ගල‍යන් නෙවෙයි ජිනීවා යන්න ඕන අපියි. අපි තමයි ඇත්තටම ජිනීවා යන්න ඕන අය. කොටි සංවිධානයෙන් පැහැරගෙන ගිය අතුරුදන් කල අයගේ බිරින්දෑවරු, මව්වරු, දරුවන් වගේම සහෝදරයන් දහස් ගනනක් මානසික ලෙඩුන් ලෙස උතුරේ ජීවත් වෙනවා. මම ඒ අයව හොයාගෙන අද වෙනකල් ඔවුන් සමග ඉන්නවා. මම ඒ වෙනුවෙන් "යාපනයේ කාන්තා පෙරමුණ" නමින් සංවිධානයක් පිහිටෙව්වා. ඒකේ සක්‍රීය සාමාජිකයන් ගනන පමණක් 3000කට වැඩී. ඒ හැම දෙනාම කොටි පැහැරගෙන ගිය පවුල්වල අය. මීටත් වඩා පිරිසක් සමජයෙන් වහන් වෙලා ඉන්නවා. ඒ අහගේ හඩ මෙතෙක් කල් කොටි තුවක්කුවට යටවෙලා තිබුනේ. මේ අය ජිනීවා ගියානම් ජිනීවා ගොඩනැගිලිවල ඉඩ මදි වෙනවා කියලානම් මම දන්නවා. 1990 අපේ තාත්තව කොටි පැහැරගෙන ගිහිල්ලා පස්සේ 1993 මරණ දඩුවම දුන්නා කියන දවස වෙනකල් අපේ අම්මා මානව හිමිකම් සංවිධාන වලට ගියා. හැම තැනටම ගියා නමුත් සාධාරණයක් උනේ නෑ. ඒ දුෂ්කර කාලයේ අපේ අම්මා හදපු වඩේ කඩයප්පන් පුංචි මගේ අතේ කඩවල් වලට යැව්වා. එතකොට මට අවුරුදු හතක් අටක් විතර ඇති. ඒ කාලයේ අපේ ගමේ තිබුනා පවුල් විශාල පිරිසක් හිටපු අවතැන් කදවුරක්, ඒකට ගිහින් මම ඒවා විකුණගෙන ඇවිල්ලා ඒ සල්ලි වලින් තමයි අපි පස් දෙනාම ජීවත් උනේ. 


ලගදී මගේ පාසලේ යාලුවෙක් හම්බවෙලා මම වඩේ විකුණපු කතාව කියලා එයා ඇඩුවා. කවුරුහරි මේ වගේ ජීවිතයක් ගතකලොත් විතරයි අපේ වේදනාව ඒ අයට දැනෙන්නේ. මගේ පණ යනකල් කොටි අපිට කරපු විනාශය 

ඒ මගේ චූටි පවුල විනාශ කරපු විදිය මගේ මනසෙන් යන්නේ නෑ. මම මගේ මරණය දක්වා කොටින්ට විරුද්ධයි. ඒකේ වෙනසක් නෑ.


මට අවසාන වශයෙන් කියන්න දෙයක් තියනවා. මම දැක්කා ගෝල්ෆේස් අරගලකරුවන් කියන අය මේ පහල පින්තූරයේ ඉන්න කොටි සාමාජිකාව ගැන ගොඩක් දුක් වෙලා කවි පවා ලියලා තියනවා. මේ පින්තූරයේ ඉන්නේ කොටි සංවිධානයේ මාධ්‍ය අංශයේ හිටපු, ආයුධ පුහුණුව ලබපු ඒ සංවිධානයේ ලුතිනන් කර්නල් කෙනෙක් මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් කෙනෙක්. මේ කාන්තාව බලහත්කාරයෙන් සංවිධානයට බදවාගත් කෙනෙක් නොවේ. රටවල් 35 කට වඩා මිලේච්ජ ත්‍රස්ථවාදී සංවිධානයක් ලෙස තහනම් කල කොටි සංවිධානයට මේ කාන්තාව තම කැමැත්තෙන්ම  එක්වුනා. 2007 දී කොටි සංවිධානයේම නායකයෙක් එක්ක විවාහ වෙලා දරුවෙක් ලබලා සතුටින් ජීවත් උනා. 2009 යුද්ධයේ අවසන් කාලයේ මේ ත්‍රස්ථවාදී නායිකාව මිය ගියා. ඒ මියගිය අවස්ථාවේ ජායාරූප කිහිපයක් මාධ්‍යට නිකුත් වුණා. කිසිවෙකු ඝාතනය වීම මම අනුමත නොකලත් මට මේ පින්තූරය ඔසවාගෙන යන අරගලකරුවන්ගෙන් අහන්න දෙයක් තියනවා. 


ලෝකයේ ඇති ත්‍රස්ථවාදී කල්ලිවල අල්කයිඩා, බෝකෝහරාම්, අයි එස් අයි එස් වගේ ලෝකයේ දරුණුම ත්‍රස්ථ කල්ලි වලත් මාධ්‍ය අංශයක් තියනවා. මාධ්‍ය අංශ වල හිටියා කියලා ඒ අය ත්‍රස්ථ සංවිධානයේ වගකීම් වලින් ඒ අපරාද වලින් මිදෙන්න බෑ. කොටි ත්‍රස්ථවාදීන් මගේ තාත්තා වගේ අහිංසකයන් දහස් ගනනක් උතුරේ මරලා තියනවා. දකුණෙත් අහිංසක මිනිස්සු මරලා තියනවා කැබිතිගොල්ලෑව, අරන්තලාවව, පිළියන්දල බස් බෝම්බය, කොටුව දුම්‍ රිය පළ, මඩකලපුවේ මුස්ලිම් ජනතාව වගේ. දේශපාලනය ගැන වචනයක් නොදන්න සාමාන්‍ය මිනිසුන්, කුඩා දරුවන් මරපු සංවිධානයක සාමාජිකාවක් ඇය. මට අරගලකරුවන්ගෙන් අහන්න තියෙන්නේ. ඒ කොටි කාන්තාවගේ පින්තූරය එක්ක ඇයි මගේ තාත්තගේ පින්තූරයක්, කැබිතිගොල්ලෑව බස් බෝම්බයේ පින්තූරයක්, අරන්තලාව හාමුදුරු ඝාතනයේ පින්තූරයක්, දළදා මාලිගාවට ගහපු බෝම්බයේ පින්තූරයක් අරන් ගියේ නැත්තේ? එහෙම උනානම් නේද ඒ කොටි කාන්තාවගේ පින්තූරය අරන් යන එකේ සාධාරණයක් තියෙන්නේ? උතුරේ සාමාන්‍ය ජනතාව ඇයි අරගලයට සහභාගී නොවුනේ? ඒකට හේතුව තමා ඒ...


මේ ලිපිය ලියන අද දිනය පියා නොමැතිව අනේක දුක් පීඩා මැද මා ඇතුළු සහෝදර සහෝදරියන් උස් මහත් කල යකඩ ගැහැණිය! මගේ අම්මාගේ 60 වන උපන්දිනයයි. 04.08.2022


සත්‍ය කතාව - තංගතු‍රෙයි තයානී.(සභාපති යාපනය කාන්තා පෙරමුණ)

පරිවර්ථනය - තාරුක ෆොන්සේකා.

තංගතුරෙයි තයානී ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා පල කරන ලදී.

Saturday, April 30, 2022

අන්තර්වාර පාලනයේ යටිකූට්ටු අදහස කොතනද?

 


පහුගිය දිනවල විවිධ පාර්ශ්ව විසින් අන්තර්වාර පාලනයක් එහෙමත් නැත්නම් සර්ව පාක්ෂික පාලනයක් ගේන්න ඕනා ලෙස බෙරිහන් දෙන්න පටන් ගත්තා.. මේකේ ප්‍රථිපල ලෙස අරගල, කුමණ්ත්‍රණ සාකච්ඡා වගේ බොහෝ දේවල් පැවතියා..


ගාලු මුවදොර අරගලය මෙයින් සුවිශේෂයි. ගෑස් නෑ.. තෙල් නෑ යනුවෙන් පටන් අරන් ගෝඨා ගෝ හෝම්, 225ම එපා, මහින්ද ගෝ හෝම්, ආදී විවිධ සටන් පාඨ එල්ල වුනා. ඒ වගේම පාස්කු ප්‍රහාරයට සාධාරණයක් කරන්න කියා වසර තුනකට පසු මහ පිරිසක් හඬ නගන්න පටන් ගත්තා... ඒ කාලේ නිහඬව සිටි මේ පිරිසට හදීසියේ පාස්කු ප්‍රහාරය මතක් වුනේ ඇයි කියන එක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්..

ඒ වගේම ආණ්ඩුවේ මන්ත්‍රීවරු 33ක් පමණ ස්වාධීන වෙලා තියෙනවා. ඒ ස්වාධීන වූ පක්ෂවලම සමහර මන්ත්‍රීවරු මේ වෙද්දි ඇමතිකම් අරගෙනත් තියෙනවා. ස්වාධීන වෙච්ච සමහරු ඒ කාලේ කිව්වේ ස්වාධීන වුනා කියන්නේ සජිත්ගෙ විපක්ෂෙට යනවා කියන එක නෙවෙයි කියලා. හැබැයි දැන් දැන් සෙට් එක සජිත් පස්සෙනුත් අඬ අඬ යනවා පේනවා..

අද අන්තර්වාර පාලනයක් ඕන කියන පොහොට්ටුවේ මන්ත්‍රීවරු 10 දෙනා මහනායක හිමිවරු හමුවෙලා තිබුනා. ඔවුන් කියනවා සජිතුයි අනුරයි කැමති නෑනේ අපේ හාමුදුරුවනේ කියලා.. ඒකයි මම කියන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අරගෙන ආපු මන්ත්‍රීවරු තමන්ගේ කුට්ටිය වැඩි කර ගන්න කරපු කුමණ්ත්‍රණය දැන් ගාලු මුවදොර අරගලේ වගේ වෙලා කියලා. ඒකත් දැන් මිනිස්සුන්ට ආතල් ගන්න මාතෘකාවක් වෙලා..

අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හමුවෙලා ආපු පක්ෂ 11 කල්ලිය එලියට ඇවිත් මාධ්‍යයට කතා කලා..

සිරිසේන කිව්වා, අලුත් අගමැතිවරයෙක් පත් කරන්න ජනපති එකඟ වුනා කියලා..

වාසු කිව්වා අගමැති ධූරය ගැන කතා වුනේ නැහැ කියලා..

විමල් කිව්වා අගමැති ගැන සාකච්ඡා වෙන්නේ පක්ෂ සියල්ලේ තීරණය අවසන් වුනාමය, නම් ගැන කිසිවක් කතා වුනේ නැතිය කියලා..

එලියට ඇවිල්ලා මාධ්‍යයට එක දෙයක් කියන්න තරම් සමඟියක් නැතිව කොහොම ආණ්ඩු කරයිද මන්දා...

මේ අන්තර්වාර කතාවේ හොඳම කතාව එලියට පැන්නේ අද සිරිසේනගෙ මාධ්‍ය සාකච්ඡාවේදි.. අද සිරිසේන උන්නැහැ අපූරු කතාවක් කිව්වා...

"අන්තර්වාර පාලනය පිහිටවන්නේ අවුරුද්දක කාලයකට.. ඒක මැතිවරණයකට යනකම් කෙරෙන ක්‍රියාවක්.. අන්තර්වාර පාලනය ඉවර වුන ගමන් අපි මැතිවරණයකට යනවා.."

ඉතින් මොකක්ද මේ කියන්නේ.. මේ තමයි සිරිසේන 2015 - 2019 කරපු වැඩේ.. මේ කියන්නේ කැඳ හැලිය වගේ ඔක්කොම එවුන් දා ගනින්.. ඊට පස්සෙ අපි එහෙට මෙහෙට ඇද ඇද රට තවත් පහලට දාන්නම්.. මිනිස්සුන්ට ආණ්ඩුව එපා වෙලා තියේවි.. අන්න ඒ වෙලාවට මැතිවරණයක් තියලා අපි ජයහ්‍රහණය කර ගන්නම් කියන කතාව.  ඉතින් මේක නොතේරෙන කුමන හෝ මෝඩයෙක් ඉන්නවානම්,

හා ඉචිං.. ඒම කරමු හිටං කියලා කියයි..

මේකේ ඊටත් වඩා බරපතල කාරණය මහජන පරමාධිපත්‍යයට අමු අමුවේ පයින් ගැසීම...

ජනතාව ඡන්දෙ දෙන්නේ පොදුජන පෙරමුණු ආණ්ඩුවක් හදන්න.. ඒ කැමැත්ත වෙනස් වෙන්නේ අරගලවලින්වත්, භීෂණයෙන්වත් නෙවෙයි.. ඡන්දෙකින්.. පොදුජන පෙරමුණු ආණ්ඩුවක් හදන්න ජනතා කැමැත්ත අරගෙන අන්තර්වාර පාලනයක් ඉල්ලීම තක්කඩි කමද, නැතිනම් නොදැනුවත්කමද කියලා හිතන එක ඔයාලට බාරයි..

එතකොට මොකක්ද මේකේ අවසානය..

අන්තර්වාර සිහින ගිලිහී ගොස්, ආපහු ගෝඨා ජනපති මහින්ද අගමැති රජය ස්ථිර වෙනවා.. ඊලඟ ඡන්දෙදි ආයෙමත් සිරිසේනලා විමල්ලා ගම්මන්පිලලා රෙදි නැතිව පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලනවා.. සමහර විට ජවිපෙටත් වඩා අඩුවෙන් ඡන්ද ගන්න නිකම්ම නිකම් විකල්පයක් වෙන්නත් පුලුවන්..

ඉතින් පින්වතුනි... සිරිසේන අවුරුදු පහක් රනිල් එක්ක නටපු නාඩගම විමල් සිරිසේන ගම්මන්පිල නඩයට නැවත නටන්න දී, රට කබලෙන් ලිපට තල්ලු කරනවාද කියනෙක තේරුම් ගැනීම සහ තවකෙකුට වටහා දීම ඔබට භාරයි.

අභීත එදිරිසිංහ




අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...