Wednesday, March 9, 2016

මචං චින්තන ධර්මදාස,


දැන් ඉතින් අර සිකුරුටි කාරයාගේ ගෑණිට දරුවට කන්න දෙන්න ක්‍රමයක් හොයපල්ලා... කරාබු දාලා, අව් කණ්නාඩි දාලා, කොටට ගහලා, ඉංග්‍රිසියෙන් ලියපු පෝස්ටර් ටිකක් අල්ලගෙන උඹලා හිටියා තමයි.. ඒකට හෙන පට්ට වටිනාකමක් දීලා හර්ෂ ද සිල්වාත් එතනට ඇවිත් අර අහිංසක මිනිහාව බයිට් එකට ගත්තා තමයි.. අන්තිමට උන් දෙන්නා රස්සවෙන් අස් කලා.. දැන් උඹලට හම්බුනේ මොකක්ද? නිදහස් චතුරශ්‍රේ ඉදගෙන ඉන්න...
මට කියපන් චින්තන, උඹ දවස් කීයකට සැරයක්ද ඕකේ ඉද ගන්න යන්නේ... ඒ වගේම උඹත් එක්ක හිටගෙන හිටපු මිනිස්සු කී දවසකට සැරයක්ද යන්නේ... අන්තිමේට කොන්ක්‍රීට් එකක පුක තියාගෙන ඉන්න, උඹලා අහිංසක මිනිස්සු දෙන්නෙක්ව ගෙදර එලෙව්වා..
මතක තියාගනින් චින්තන, තොපි ඔය කරන වැඩෙන් කෙලවෙන්නේ උඹලට වඩා උපදින්න ඉන්න අළුත් පරපුරට... ලව් කරන්න තැන් තියෙනවා... මුහුදු වෙරල, විහාර මහ දේවි, දියත උයන, බොරලැස්ගමුව, කොටින්ම නිදහස් චතුරශ්‍රේ කියන්නේ මේ රටේ ලව් කරන උන් ලොවෙත් අඩිය නොගහන තැනක්.. මෙලෝ රහක් නැතිව ලව් කරන්නේ කොහෙද කියලා හිතා ගන්න බැරි අහසෙ පලක් බැදගෙන ෆැන්ටසිවල ඉන්න උන්ට නිදහස් චතුරශ්‍රෙ කියන්නේ ලව් කරන්න හදපු තැනක් කියලා පේනවා ඇති..
අනිත් කාරණේ චින්තන, උඹ ඔය අල්ලන් ඉන්න පෝසටරේ ගිහින් ගහපන් රටේ අධ්‍යාපන ඇමතිගේ පිටේ... ඕක අහපන් උගෙන්...
මාසයක් ඇතුලත පාතාලෙන් මිනී 21ක් මරපු රටක, තාත්තා ඒඩ්ස් හැදිලා මිය ගියා කියලා දරුවට පාසලක් හම්බෙන්නේ නැති රටක, මේ රටේම අපිත් එක්ක සහජීවනයෙන් ඉන්න මිනිස්සු කොට්ඨාශයක් ස්වයං පාලනයක් ඉල්ලන රටක, ගොවියට කිසිදු වටිනාකමක් නොලැබී ඇති රටක, ආර්ථිකය අමු පල්ලමට වැටිලා ඇති රටක, උඹලා නිදහස් චතුරශ්‍රයේ ලව් කරන්න නිදහස ඉල්ලලා උද්ඝෝෂණය කරනවා... අළුත් විදිහට හිතන උඹලට කොතනද වැරදුනේ මචන්...?
මචන් චින්තන, ගොනෙක් උනාට තප්පුලන්න එපා... උම්බෑ කියන්න එපා... කෝවිලේ පුජාවන්ට ගේන කින්නියා හරකෙක් වෙන්න උත්සාහ කරපන්... නිකම්ම බයිට් එකට මේසෙට එන කාලකණ්ණි හරකෙක් වෙන්නේ නැතිව...

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...