Tuesday, January 29, 2013

සනත් විජේවර්ධනයන්ට [ඔබ්ස(ර්)වර්, ඔබා] පිං පිණිස....


මම පහුගිය ලිපියෙන් කිව්වා මට ගම්පහ ගෙට්ටුවට එන්න වෙන්නේ නෑ ඒ බ්ලොග් කරුවෙක් සම්භන්ධ වැඩකට යන්න තියෙන නිසා කියලා.. මගේ ගමනටත් බ්ලොග් කරුවන් එකතු කර ගැනීමට අවශ්‍ය වුවත් එයින් යම් තරමක හෝ බලපෑමක් ගම්පහ ගෙට්ටුවට වෙයි කියලා සිතූ නිසා මම තනියම ගිහින් එන්න තීරණය කලා.. දිග සති අන්තයක් ලැබුණු නිසා එයින් කොටසක් පවුලේ චාරිකාවක් බවටත් හරවාගෙන  මෙම කටයුත්ත සිදු කලා..  හරි .. ඔබාගේ වචනයෙන්ම කියනවානම් වටේ තලන්නේ නැතුව කථාවට යමු...

මේ ජනවාරි මාසයේ මුල් දිනෙක සනත් අයියා ලංකාවට ඇවිත් නවතින ගම්පහ ගෙදරින් මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවා.. දෙබස මෙහෙමයි...

හෙලෝ.. මේ අභීතද..?

ඔව්..

අභීත, මම සනත් අයියගේ අක්කා කතා කරන්නේ... අර ඔයාලා හදපු පුස්තකාලෙට ආධාර කරන්න කැමතියි මම යන්න කලින්.. මම කොහොමද ඒක කරන්නේ...

හරි වසන්තා අක්කේ.. මම කතා කරලා බලලා කෝල් එකක් දෙන්නම්..

හරි අභීත.. සනත් අයියව සිහි කරලා දෙන දානයකුත් තියෙනවා ගම්පහ ගෙදර... 17 වෙනිදා තියෙන්නේ.. පුළුවන්නම් ඇවිත් සහභාගි වෙන්න...

හරි අක්කා... මම එන්නම්...

අනතුරුව මම හිස් අහස ලියන සඳරූටත් කතා කරලා ගලහිටියාගොඩ විදුහල්පතිවත් අමතලා ඔවුන්ට අවශ්‍ය පොත් පත් පිළිබඳ විස්තර ලබා ගත්තා... ඉන්පසු වසන්තා අක්කාට මතා ඒ පිළිබඳ විස්තර පැවසුවා.. අනතුරුව ඇය පැවසුවේ රුපියල් 25000.00ක පොත් පරිත්‍යාග කරන බවත් 17 වෙනි දිනට යෙදී ඇති දානමය පිංකම දිනයේදී ඒ පොත් මා වෙත භාරදීමට හැකි බවත්ය.. අම්පාරට ගොස් එතුමිය අතින්ම මෙම පරිත්‍යාගය කිරීමට මම යෝජනා කලත්, ඇයගේ කාර්ය බහුලත්වය නිසාම ඒ සඳහා ඇති අපහසුව ඇය මා සමඟ ප්‍රකාශ කලා..

ජනවාරි 17 දිනයට සනත් අයියා වෙනුවෙන් පැවැත්වූ දනමය පින්කම දවසේ වසන්තා අක්කා ඇතුළු සැම විසින් මේ පොත් මා වෙත ලබා දෙනු ලැබුවා.. මේ සඳහා අපේ රොබින් මලයත් සහභාගී වුනා.. සනත් අයියාගේ තිබ්බ සුහදත්වය, සොඳුරුකම මෙන්ම ඒ තිබූ මිත්‍රශීලීකම වසන්තා අකාගෙන් මෙන්ම ඇගේ දූවරුන්ගෙන්ද අප වෙත ලැබුනා...

අනතුරුව ගලහිටියාගොඩ පාසලේ විදුහල්පතිතුමා අමතා මෙම පොත් ලබා දීම සඳහා අපි 26 වෙනිදා යොදා ගත්තා.. ඒ පිළිබඳව සඳරූත් එක්ක කතා කල විට ඔහු කීවේ 25 වන දින ඔහුගේ පියාට පින් පිණිස දානයක්ද දීමට කටයුතු කර ඇති බවයි.. සනත් අයියා වෙනුවෙන් එම අනාත නිවාසය වෙනුවෙන් ඇඳුම් පරිත්‍යාග කිරීමටද මම සිතුවා.. ක්ෂ්ණිකව දුන් දුරකථන ඇමතුම් කිහිපයකින් ඒ සඳහා ඉතා සුදුසු ඇඳුම් විශාල ප්‍රමානයක් ද ඔවුන් වෙනුවෙන් ලබා දෙන්නට මගේ හිතවතුන් බොහොමයක් කටයුතු කලා.. කෙසේ වුවත් එම කාර්‍යයන් හිතුවටත් වඩා හොඳින් සංවිධානය කර ගැනීමට හැකි වුනා.. මම කියපු දේවල් වලට වඩා කරුණු ගොඩාක් පහත පින්තූර වලින් ඔබට පවසාවි... 

සනත් අයියා වෙනුවෙන් පැවැත් වූ දානමය පුණ්‍ය කර්මය...



සනත් අයියා වෙනුවෙන් පැවැත් වූ දානමය පුණ්‍ය කර්මය...

වසන්තා අක්කා විසින් රුපියල් 25000.00ක පොත් මා වෙත භාර දුන් අයුරු..


වසන්තා අක්කා විසින් ලබා දුන් සියළු පොත් පත්...


ඒ අතරට එකතු කල මගේ පුද්ගලික පුස්තකාලයේ පොත් කිහිපයක්...

ගලහිටියාගොඩ විදුහලේ විදුහල්පතිතුමා වෙත පොත්පත් ලබා දුන් අයුරු..

පොත් බලන සිසු දරුවන්..

සිසු දරුවන් පුස්තකාලාධිපතිනිය හා හිස් අහස ලියන සඳරූ සමඟ....

උහන සරණ ලමා නිවාසයට ඇඳුම් පැලඳුම් භාර දෙමින්..

ඔවුන්ගේ පොත් පත්වල සනත් විජේවර්ධනයන් වෙනුවෙන් සටහන් යොදමින්...

උහන සරණ ළමා නිවාසයේ දසුන්....


උහන සරණ ළමා නිවාසයේ දසුන්....

ගමන අතර මගදී හමුවූ බ්ලොග් පාඨකයා...

Hi abeetha, thank you for keeping thaththa's legacy alive. We really appreciate your work. Amma mentioned that she was very happy to be able to contribute to the library project. we are coming in june/july so we will organise for a visit or donation then too the library. I don't have a google account to directly comment on the blog post. Take care , see ou in June/ July. Kamalika - මේ සනත් අයියාගේ දුව මා වෙත එවා තිබූ මූණු පොත් පණිවිඩයයි...

ප.ලි. සනත් විජේවර්ධනයන් වෙනුවෙන් වූ මෙම සද් කාර්‍යයට සහය දුන් වසන්තා අක්කා මෙන්ම ඔවුන්ගේ දූවරුන් වන තෙරුණි හා කමලිට සයිබර් අවකාශයේ සනත් අයියාගේ මිතුරන් වෙනුවෙන් හෘදයාංගම ස්තූතිය පුදකරන අතර මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා සහය දුන් සැමට ද මගේ කෘතඥ්ඥතාවය පිරි නැමේ.. 

ප.ප.ලි. : ගමනේ විස්තර සහ බ්ලොග් ගොසිප් කිහිපයක් ඉදිරි ලිපියෙන්...

Wednesday, January 23, 2013

මීමුරේ රස ගැමි කතා....

ගිය සැරේ වැපාට උත්තර දෙන්න ගිහින් ඒක මාකටිං ලිපියක් කියලා මිනිසුන්ගෙන් කතා ඇහුවා.. කතානම් මොනාද කියලා ඊලඟ ලිපියත් මීමුරේ ගැන ලියනවා කියලා හිතුවා.. මේ කියන්න යන්නේ මීමුරේ ගමේ ප්‍රසිද්ධ සමහර පුද්ගලයින් ගැන ගම්මුන්ගේ මුවේ තියෙන ඉතා රසවත් කතා.. ඔන්න මේ ලිපියෙනම් මගේ නිවාඩු බංගලාව එක වචනෙකින්වත් මාකට් කරන්නේ නෑ.. (මේකට මට ටිකක් හිනා ගියා.....) නාය යෑම්වලට අහුවෙලා දින 15ක් තිස්සේ මම මීමුරේ ගත කල කාලය මම මීමුරේ ගැමියෙක් සේම ගත ඔවුන්ගේ දුක සැපත් සමඟ ජීවත් වූ නිසා මේ රස කථා දැනගන්න මට හැකි වුනා.. වැඩි කථා නැතිව කථාවට බහිමු...


සිරියා මුදලාලි... මීමුරේ අයත් ප්‍රදේශයේ තිබෙන ග්‍රාම සේවක වසම් පහේම ඉන්න තරමක පොහොසතෙක්... සිල්ලර කඩයක්, වෑන් රථයක්, ලොරියක් මෙන්ම බසයකද අයිති කරුවෙක්... ඔහු පොහොසත් වූ ක්‍රම ගැන ගමේ තියෙන්නේ හාස්‍යජනක කථා... බොහොම කාලෙකට කලින් ඔහුගේ කඩේට ආපු අහිංසක ගැමියෙක් හා ඔහු අතර වුන දෙබසක් තමයි මේ පහතින් තියෙන්නේ....

අහ්.. මුදලාලි.. අර සෙරෙප්පු කියන ඒවයින් දෙකක් ගන්න කියලා....

ඔය තියෙන්නේ රාක්කේ... ගැලපෙන තරම තෝරලා ගනින්...

අනේ මට තේරෙන්නේ නෑ මුදලාලි අයියා...

මේක දාපන් බලන්න.. ඔය තියෙන්නේ ගානට... මේක හරි...

කීයද ගාන....

ඔය තියෙනේ ගහලා....

එකකනම් ගහලා තියෙනවා.. හැට හයයි පණහක් කියලා.. එතකොට මුදලාලි අනික් එක...

ඒකත් ඒ ගනන්ම තමයි.. එකසිය 33ක් වෙනවා.. එකසිය විස්සක් දියන්කො... ඔන්න අඩුත් කරලා දුන්නේ...

අනේ පින් සිද්ද වෙච්චාවේ මුදලාලි...

හා හරි හරි....

මේ වගේ කතා තව ඕන තරම්....


මැනේජර් මහත්තයාත් ගමට පිටින් ආපු චරිතයක්.. ගමේ සමූපකාරේ මැනේජර් වෙලා ඇවිත් ගමෙන්ම කසාදයක් කරගත්ත අපූරු සුන්දර මිනිසෙක්.. ගම්මු කියන්නේ කාටවත් කරදරයක් නැති නිහතමානී මනුස්සයෙක් කියලා... නමුත් අපි අපේ අතීතය කොච්චර යටට එබුවත් රබර් බෝලේ වගේ හිටපු ගමන් උඩට එනවා.. මේ ඒ වගේ අවස්ථාවක්... මීමුරේ පාර හදන්න ගිය 15ක විතර බලකායේ මැනේජර් අයියත් සමාජිකයෙක්.. මමත් ඒ අයත් එක්කම ගියේ මාර්ගය සකසාගෙන හෝ ඉක්මනින් නිවස බලා ඒමට තිබූ අවශ්‍යතාවය නිසයි... වැඩ ඔක්කොම ඉවර වෙලා අපි එන්න පිටත් වෙද්දි මැනේජර් අයියගේ පවුලගේ අක්කගේ පුතත් එතන හිටියා.. ඒ එක්කම හුන්නස්ගිරියේ ඉදන් මහ දුකක් විදගෙන එතනට ආපු ගැමියෙකුත් ඒ කට්ටියට එකතු වුනා... ඔහු එන ගමන් මග දිගට රා පානය කරමින් පැමින තිබූ නිසා හිටියේ බඹර පදමේ... කාලෙකින් දැකපු මැනේජර් මහත්තයත් එක්ක ඔහු දොඩමළු වුනේ මෙන්න මේ විදිහට...

 අම්මට සිරි.... මැනේජර් මහත්තයා දැක්ක කල්...

ඒක නේන්නම්...

මැනේජර් මහත්තයත් මීමුරේ අත අරින්නෙම නෑ නේද? දැන් අවුරුදු කීයක් නම් මීමුරේද?

ඔව්.. දැන් තිහකට වැඩියි...

ඒකනේ ඒකනේ... මැනේජර් මහත්තයත් ඉදලා ඉදලා අල්ලගත්ත අත්ත තමයි අත්ත... ආයේ මොකට ගෙදර යනවද නැද්ද මැනේජර් මහත්තයා....

දැන් වටේ හිටපු උන්ට හිනාව නවත්තගන්න බෑ.. මොකද මැනේජර් මහත්තයා බැදලා ඉන්නේ මීමුරේ සහ කයිකාවල ගම් දෙකේ වැඩිම ඉඩම් ප්‍රමාණයක් හිමි පවුලේ සමාජිකාවක්.. අර පුතා ඉන්න නිසා මැනේජර් අයියටත් ලැජ්ජාව, ඊලඟට මේකා මොනවා කියවයිද දන්නේ නෑනේ... අනිත් උන් මැනේජර් මහත්තයාට හොරෙන් අරූට උල්පන්දම් දෙනවා.. අනේ අවාසනාවට ඊලඟට අර පොරගෙ කටින් මෙන්න මෙහෙම කතාවක් පිට වුනා...

අනේ බලන්න එපෑ ඒ කාලේ අපේ මැනේජර් මහත්තයා... හරිම මනමාලයා.. අක්කයි නන්ගියි දෙන්න හිටියේ කිහිලි දෙකේ... ඒ වුනාට නංගි තමයි දිනුවේ....

වහපිය වල් පරයා කට... උඹේ අම්මට.........

එතනින් එහා හරිම සෝචනීයයි....

තව මේ වගේ කථා ඕන තරම්... ඒත් ලියන්න තමයි වෙලාවක් නැත්තේ... ඒත් ඉඩ ලැබෙන හැම වෙලාවකම මොනවාහරි ලියන්න බලාපොරොත්තු වෙනවා.....

ප.ලි. 27 තියෙන ගෙට්ටුවට යන්න වෙන්නේ නැති එක ගැන දුකයි.. සියළු බේද අත ඇරලා එදාට එක්කහු වෙන්න කියලා මම අළුත් පරණ සියළු බ්ලොග්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා... මට යන්න වෙන්නේ නැත්තේ බ්ලොග් මෙන්ම බ්ලොග්කරුවෙක් හා සම්භන්ධ වැඩකට බ්ලොග්කරුවෙක්වම මුණ ගැහෙන්න යන්න වෙන නිසා... ඊලඟ පෝස්ට් එකෙන් දාන්නම් විස්තරේ.... එහෙනම් සුභ පතනවා ගෙට්ටුව සාර්ථක වේවා කියලා...

Thursday, January 3, 2013

වැප් නිශාන්තගේ පරණ ලිපියකට පිළිතුරක්... බොරු ලියන්න එපා මචන්...


සියළු දෙනාට සුභ අළුත් අවුරුද්දක් වේවා....! අවුරුදු සුභ පැතුමකින් ආරම්භ කලත් වැප් නිශාන්ත මහතාගේ ලිපියකට උත්තරයක් දෙන්න කාලෙක සිට සිතා සිටියත් කාර්ය බහුලත්වය නිසා එය දිනෙන් දින ප්‍රමාද වුනා..  ඈත කාලයේ බ්ලොග් ක්ශේශ්ත්‍රය තුල පිළිතුරු ලිපි අනන්තවත් ලියවුනත් මෑත කාලයේ එවැනි කටයුත්තක් දකින්නට නැහැ. මමත් එහෙම ලිපි ගොඩාක් ලිවුවත් ඒවාට ඇනෝ ප්‍රහාර එල්ල වුනේ මහ විනාශකාරී විදිහට.. එහෙම කියලා නොලියා පුලුවන්ද? මගේ බ්ලොග් එකේ හිට් වැඩිම හා කමෙන්ට් වැඩිම ලිපියත් එවන් පිලිතුරු ලිපියක්.. ඒ වගේම මම මගේ බ්ලොග් එකේ ලිපි අතරින් ඉතා කැමතිම ලිපිය වෙන නවම් මචන්, ආයේ ලියන්න එපා බන් මේ වගේ කතා කියන ලිපියත් නවම් මාවතගේ ලිපියකට ලියපු පිළිතුරක්.. ඒ වගේමයි බියොන්ඩ් ෆ්‍රේම්ගේ ලිපියකට ලියවුණු පිළිතුරු ලිපිය විභාග දෙපාර්තමේන්තුව සම්භන්ධව.. වැප් නිශාන්තගේ කූරගල ලිපියට පක්ශව ලියපු මහින්ද රාජපක්ශ මැතිතුමනි, ඔබ මේ පිළිබඳවනම් ගොඩාක් අසමත් කියපු ලිපියත් එවැන්නක්... දැන් ඉතින් පරන ලිපිවලට ලින්ක්ස් දුන්නා ඇති.. කෙලින්ම කථාවට බහිමු...

මීට වසරකට කලින් වැපා ලියපු ලිපියක් තමයි මීමුරේ තව දුරටත් දුෂ්කර ගමක් නෙවෙයි කියන ලිපිය.... ඒත් පසුගිය මාස දෙක පුරා මම මීමුරේ ගත කල නිසා එය තව දුරටත් දුෂ්කර ගමක් ලෙස හදුන්වා දෙන්න මම කැමතියි... ඒ පහත කරුණු නිසා.. ඔබේ අවබෝධය පිණිස මම වැප් නිශාන්තගේ කරුණුත් එක්කම කරුණු දක්වන්නම්..

අබලන් වී ඇති මීමුරේ මාර්ගය 
හුන්නස්ගිරියේ ඉඳලා කිලෝමිටර් 36 ක් දුරින්, නකල්ස් කඳුවැටියෙන් වටවූ මේ සුන්දර ගම්මානය කෙළවරට යනතුරුම දැන් කොන්ක්‍රීට් කරනලද පාරක් ඇත. 

පාර හදපු කාලයේ එය එලෙසින් තිබෙන්නට ඇති.. දැන් නම් එම මාර්ගය බොහෝ සේ අබලන්ය. සාමාන්‍ය වාහනයකට ඉතා අසීරුවෙන් එහි ලඟාවිය හැකි අතර 4 X 4 වාහනයක් වඩා උචිතය. පසුගියදා පතිත වුන වර්ශාවෙන් එම මාර්ගයට වූ හානිය මෙතනින් බලාගන්න පුලුවන්.. ඒ වගේම මීමුරේ ගැමියන්ගේ එකමුතු කම වගේම ජවයත් එම පින්තූර වලින් බලාගන්න පුළුවන්... 

මී මුරේ ඉතිහාසය - History of Meemure
අනුරාධපුර යුගයේ සිදුවු වියසනයක් හේතුවෙන් රහතුන් වහන්සේලා වෙනත් පෙදෙස් කරා වැඩම කර ඇත. පසුව රජතුමා විසින්, වඩනහලු/රන්දුනුවා හා කහටගහකුඹුරා කියන පුද්ගලයින් තුන්දෙනා ගේඳුරුවා නම් වැදිනායකයාගේ මග පෙන්වීම යටතේ උන්වහන්සේලා සොයාගැනිමට පිටත් කරවා ඇත. එම සිද්ධිය මීමුරේ ගමෙහි ආරම්භයයි. අදටත් පවතින දන්දෙනිකබුර කහටගහවෙල සහ ගලමුදුන ජනාවාස වී ඇත්තේද එහිම ප්‍රථිපලයක් ලෙසය. ඊට අමතරව රන්දුනුවා විසින් ජනාවාස කරන ලද ගලමුදුන සොයාගෙන ඇත්තේ මී වදයක් සොයාගෙන යාමේදිය. නවරත්න මහතාට අනුව ගලමුදුන නම් ගම අති දුශ්කරය. එම ගමට මොන ආකාරයකින් ගියත් කිලෝමිටර් දහයක් පමණ පයින්ම යා යුතුය.


මෙයට එකඟ විය හැකි අතර කන්ද උඩරට අවසන් රජු වෙච්ච ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පලා යෑමේදී අන්තඃ පුර බිසෝවරුන් සැඟවූ ප්‍රදේශය ලෙසත් මෙය සැලකෙනවා.. මීමුරේ ගමේ පෞරාණික නිවසක් වෙච්ච "උඩ වලව්ව" ගමේ පැරණිම නිවස යැයි සැලකෙන අතර අදටත් එහි ආයු කාලය කියන්න සමත් කිසිවෙක් මීමුරේ ගමේ නැහැ... පදිංචි අයවත් දන්නේ නෑ...

පහසුකම් - Facility of Meemure
දැනටමත් ලංකාබෙල් CDMA දුරකතන ජාලය වැඩකරයි. ගම කෙළවරට යනතුරු කොන්‍ක්‍රීට් කරන ලද පාරක් පවතියි. ගම තුල කඩ තුනක් පවතීයි. එවාහි ඒ මිනිස්සුන්ට අවශ්‍යතාවයට සරිලන බඩු බාහිරාදිය විකිණිමට ඇත. ගමපුරා විදුලි රැහැන් ඇද ඇත. ජලවිදුලි බලාගාරයක් හා ඇල්බිසියා වලින් ක්‍රියාත්මක වන තාබ බලාගාරයක් පවතියි. නමුත් තාපබලාගාරය දැනට අක්‍රීයව පවතින්නේ එහි තාක්ෂනික ‍දෝෂයක් පවතින බැවිනි. ඊට අමතරව සූර්ය තාප විදුලි බලය බොහෝ නිවෙස්වලට ඇත. මේ කරුණු සලකා බැලූ කල මි මූරේ තව දුරටත් දුශ්කර නැති බව පැවසිය හැක. ත්‍රීවිල් ලොරි යතුරු පැදි මෙන්වම වැන් ද එහි ගැමියන් සතුය. අනෙක් පෙදෙස් වලින් වෙන්ව පැවතියත් මී මුරේ යනු ස්වයංපෝෂිත ගමක් බව නවරත්න මහතා ආඩම්බරයෙන් පැවසීය. 



මෙයද සත්‍යයකි... නමුත් කරුණු කාරණා මීට වඩා වෙනස් වේ... ජල විදුලි බලාගාරය දැන් ක්‍රියාත්මකයි... එයින් ගමට විදුලිය ලැබෙන්නේ හවස 5.30 සිට උදෑසන 7.00 වෙනතුරු පමණි. නියඟය කාලයට එහි ක්‍රියාකරිත්වය ගැමියන්ට තවමත් අවිනිශ්චිතයි.. ගමේ බොහෝ නිවෙස්වලට සූර්‍ය තාප විදුලි බලය තිබෙන නමුත් එයින් ඔවුන්ට නිපදවා ගත හැක්කේ ආලෝකය පමනයි... වාහන ඇත.. නමුත් ආසන්නම නගරයට යෑමට ඔවුන් කිලෝමීටර 36ක දුරක් ගමන් කල යුතු වේ... වාහන තිබෙන ගැමියන්ද නගරයට යෑමට භාවිතා කරන්නේ ගමට තිබෙන එකම වෑන් රථයයි... එය උදෑසන 5.30ට මීමුරේන් පිටත්වන අතර හවස 2.00ට හුන්නස්ගිරියෙන් මීමුරේ බලා පිටත් වේ... මී මුරේ අවට ගම්වලට වඩා ස්වයන්පෝශිතයි.. ගමේ කඩවල්වල විකුනන්නට තිබෙන්නේ අතිශය ප්‍රාතමික අවශ්‍යතා පමනි..

මීමුරේ ප්‍රසිද්ධ මී ගස සහ ප්‍රාථමික විදුහල
අධ්‍යාපනය - Education 
ළමයිගේ අධ්‍යාපන උවමනාව මෙන්ම දෙමාපියන් ළමයි අධ්‍යාපනයට උනන්දු කිරිමද සිදුවන්නේ ඉතා අල්ප වශයෙනි. එයට හේතුව එදිනෙදා වැඩ කටයුතු කරගැනිමේන් පැවතගෙන එන පාරම්පරික කර්මාන්ත ටික රැක බලාගැනිම ප්‍රමාණාත්මක බැවිනි. එම ගමේ උපාධරින් කිහිප දෙනෙක් සිට ඇත. එහෙත් වර්තමානයේ උසස් අධ්‍යාපනයට හිමිකම් කරගත් සිසුන් නැත. වෘත්තිය අධ්‍යාපනයක් හඳුන්වා දෙන්නේ නම් එය වඩා යෝග්‍ය බව නවරත්න මහතා පැවසීය. ගම තුල පන්සල මෙන්ම පාසලද පවතියි.

දැන් දැන් දෙමාපියන්ගේ උනන්දුව වර්ධනය වන අතර ලමයින්ගේ උනන්දුවනම් ඉතා අල්පය.. බොහෝ ලමයි ප්‍රාථමික අධ්‍යාපනය අවසන ද්වීතීයික අධ්‍යාපනය සඳහා කයිකාවල ද්වීතියික පාසලට ගමන් කරයි..  නමුත් ගුරුවරු හිඟය ඉතා විශාල ප්‍රශ්ණයකි.. අදටත් මේ විදුහල් දෙකටම ඉංග්‍රීසි ගුරුවරයෙක් නැත.. සිටින සමහර ගුරුවරු විශයයන් කිහිපයක් උගන්වනු ලැබේ... නගරයේ පාසැල් වලට යන සිසුන් ඉතා සීමිත පිරිසකි... නිසි අධ්‍යාපනයක් නොලබන සිසුන් සිටින ගමක් දුෂ්කර ගමක් නොවේද? 

ආර්ථිකය - Economy
පාරම්පරික කිතුලි පැණි  ගම්මිරිස් එනසාල් හා හේන් ගොවිතැන හා වි ඔවුන්ගේ ප්‍රධාන ජිවනෝපාය මර්ගයයි. ගම තුල වෙලඳාම මෙන්ම. නගරයට ගෙන ගොස් විකිණිමද සිදුවේ. ආර්ථිකමය වශයෙන් ඔවුහු සැලකිය යුතු මට්ටමක සිටිති. මුදල් අතේ ඉතුරු විමට ප්‍රධානම හේතුව බොරු වියදම් නැති වීමයි. ඊට අමතරව සංචාරකයන්ගෙනුත් සැලකිය යුතු අදායමක් ඔවුන්ට ලැබෙයි. ගමේ තරුණ තරුණියෝ කිහිප දෙනෙක් ඇඟලුම් ක්ෂේත්‍රයේද රැකියා කරයි. ඊට අමතරව නගරයේ වෙනත් රැකියා සඳහාද පිටත්ව යයි. තවද විදෙස් රැකියා වලට ගිය කාන්තාවන්ද සිටිති.

ඉහත කරුණු අතරින් මොවුන්ගේ ආදායම වන්නේ ගම්මිරිස් පමණි.. එනසාල් කැඩීමට යෑම රජයෙන් දැන් තහනම් කර ඇත. සංචාරකයින්ගෙන් ගම්මුන්ට මුදල් නොලැබේ.. සංචාරකයන්ගෙන් මුදල් උපයන්නේ නවරත්න මහතා හා මම පමනකි.. මට මෙන්ම නවරත්න මහතාටද ඉන්නේ එකම කාර්‍ය මණ්ඩලයක් වන අතර ඔවුන්ගේ දිනෙක වැටුප් ඔවුන්ට සාමාන්‍ය ආදායමක් බවට පත් වේ... එය සැලකිය යුතු ආදායමක් නොවේ.. කිතුල් පැණි හා හකුරුද එසේමය.. වසරකට එක කාලයකදී ඔවුන් ගම්මිරිස් තුලින් ලක්ශ ගනනක් මුදල් උපයති.. වසර පුරාම එය ප්‍රවේශමෙන් වියදම් කරති.. කුලී වැඩට සහභාගී වන්නේ අත්තම් ක්‍රමයට නිසා එයින්ද ආදායමක් නොලැබේ.. නමුත් වෙන අස්ථාවර ආදායම් නැතුවාමත් නොවේ...

සංචාරකයෝ - Tourism 
ගමට පැමිණෙන පරිසර හිතකාමි නැති සංචාරකයින්ට ඔවුන්ගේ බලවත් විරෝධය පවතියි. එලෙසම පිටින් පැමිණ ගම තුල අනවශ්‍ය ලෙස හැසිරිමද ඔවුන් අනුමත නොකරයි. ඒ සඳහා ඔවුන් වැඩපිලිවෙලක්ද යෝජනා කරයි. එනම් ඕනැම සංචාරකයෙකුට පැමිණිය හැකි උනත්. ඔවන් සඳහා වෙනම තීරු හෙවත් සංචාරක කලාප ඇති කල යතුයි. එලෙසම එන සෑම සංචාරක කණ්ඩායමකටම ගමේ නියෝජිතයෙකුගේ මගපෙන්විම අනිවර්ය යැයිද පවසයි. දැනට එලෙස සංවිධනය වූ ක්‍රමවේදයක් නැතත් නුදුරේදිම එයදියත් කරන බව නවරත්න මහතා පැවසීය.

ලකේගල සහ මීමුරේ වෙල්යාය
පළවෙනි හා දෙවැනි වාක්‍ය ඇරුණාම අනිත් ඒවාට එකඟ විය නොහැක.. මීමුරේ ගම සංචාරකයන්ට ඉතා ලැදිය.. නමුත් සංචාරකයෝත් ගමට හානියක් වන ලෙස හැසිරෙන්නේ නැතිනම් පමණි. තම මතයට පිස්සු නටපු රටේ ප්‍රභලයින්ට මීමුරේදී මතක හිටින පාඩම් ඉගැන්වීමටද මීමුරේ වැසියෝ අමතක කර නැත. මගේ නිවාඩු නිකේතනයට එන බොහෝ අයව මම ඒ පිළිබඳව දැනුවත් කරන අතර ඉතා අහිංසක ගැමියන් යක්කු කරන්නේද සංචාරකයෝමය. එහෙත් ඉහත තිබෙන පරිදි සංචාරක තීරු හෝ වෙනත් වැඩපිළිවෙලක්මනම් මට පෙනෙන මානයේ නැතිය..     

තර්ජන - Influence  
පාසල් වලට පැමිණ තැගි බෝග දිමේ කූට උපක්‍රමයෙන් ආගම මරු කිරිමේ ක්‍රම වේදයට පසුබිම සැකසීමද සිදුවෙයි. ඊට අමතරව බරපතලම කාරණය වන්නේ, හරක් මස් නොකන මිනිසුන්ට හරක් මස් කෑම පුරුදු කිරිමයි.
ඔනෑම ගමක සිටින කසිප්පු බොන පුද්ගලයන් හට නොමිලේ හරක් මස් ගෙන දිමක් මුස්ලිම් හොර හරක් මුදලාලිලා සිදු කරයි. එයට ගිජු හා ලොල් වූ පුද්ගලයන් ගමේ සිටින හරක් හොර රහසේ එම මුදලාලිලාට විකුණයි.

ස්භාවික තර්ජනයක් ලෙස වල් අලි තර්ජනය ඇත. නමුත් තවමත් මෙය ඉතාම බරපතල තත්වයේ නැත

ආගමික තර්ජනයනම් විහිලුවකි... ගමේ සිටින 100%ක්ම සිංහල බෞද්ධ නියම ගැමියන්ය.. විදුලිය ලබා දෙන්නට පැමිණි යුනිඩෝ නම් සංවිධානයක ප්‍රධානියෙක් වෙච්ච පුද්ගලයෙක් මීමුරේ ගැන මවුබිම පත්තරයට ලියපු ඉතා සාවද්‍ය ලිපියක් පසුගියදා පලවින. අන්න එවැනි තර්ජන හැරෙන්නට ඔවුන්ට තර්ජන නැත.. ඉතාම එකමුතු ගැමියන් සිටින මීමුරේට තර්ජන කිරීම ලේසි පහසු දෙයක්නම් නොවේ.. 

වෙඩි ලුණු ගුහාව ඇතුලත....
සංචාරක ස්ථාන - Attraction 
ගම ඉතා සුන්දරය. අවට කඳුවලල්ල ඉතා අලංකාර ලෙස දර්ශණය වෙයි. ඊට අමතරව ලකේගල හා වෙඩි ලුණු ගලද නැරබිය හැක. එමනිසා ඔබත් මි මුරේ යන්නේ නම් අවම වශයෙන් දවස් තුනක ගමනක් යා යුතුයි. සූරිය අරණ චිත්‍රපටය රූගත කල ස්ථන හා එහි සුන්දර දසුන් මැවූ ගංගාවද දැක ගත හැක. ඊට අමතරව  වල් ඌරා වලිකුකුලා දිවියා වැනි සතුන්ද සිටිති.


තාලි කට අසල
මෙය ඉතාම සුන්දර ගමකි. එක දවසක මෙන්ම දින දෙකක සංචාරයද ප්‍රමාණවත් නොවෙන බව මගේ හැඟීමයි.. එවන් සංචාරකයන්ට සිදුවන්නේ වැප් නිශාන්තට මෙන් කවුරු හෝ කියන දෙයක් අසා සිතිවිලි ඇති කර ගැනීම මිස අත් විද අවභෝධ කර ගැනීම නොවෙයි.. එනිසා අවම වශයෙන් මීමුරේ රාත්‍රී දෙකක්වත් ගත කලයුතු වේ.. ලකේගල නැගීම මෙන්ම වෙඩිලුණු ගුහාව නැරඹීමට යෑම තරුණ පිරිසට අපූරු අත් දැකීමකි.. ගම හරහා ගලන දිමි ගොල්ල ඔයෙන් නිර්මානය වන තාලි කට ආශ්‍රිත දිය ඇලි සංකීර්ණය මීමුරේ යන බාල මහලු කාටත් එකසේ ප්‍රීති විය හැකි ස්ථානයකි. එය එතරම් සුන්දරය. 

තාලි කට දිය ඇලි සංකීර්ණය..

වැප්ට ලියන්න අතපසු වුන නවාතැන් ගැනද ලියන්නට අවශ්‍යය.. මීමුරේ නවාතැන් ගැනීමට නම් ප්‍රධාන වශයෙන් සිටින්නේ පුද්ගලයන් දෙදෙනෙකි. ඒ නවරත්න මහතා සහ මමයි... නවරත්න මහතාගේ ගෙදර නවාතැන් ගත හැකි සේම මගේ නිවාඩු නිකේතනයේ, කඳවුරු භූමියේ මෙන්ම කමත් පැල්පතේද නවාතැන් ගත හැකියි...

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...