Tuesday, April 24, 2012

පරණ කුණුගොඩාක්, වැරදි නිවැරදි කිරීම හා සයිබරයේ සිහිණ උළෙල හා තවත් මඩ...


ඉහත මාතෘකාවේ ඇති කොටස් හතරම සම්පූර්ණ වෙන්න පෝස්ට් එකක් ලියන්න ලැබීම කෙනෙකුගේ වාසනාවක්ද? අවාසනාවක්ද? කියන එක මට තාමත් තේරෙන්නේ නෑ... නමුත් මම උනත් වැරදි දෙයක් කිව්වොත් ඒ වැරැද්ද මම ම නිවැරදි කරන්න ඕන... පහුගිය දෙසැම්බර් මාසයේ දිනෙක මම දාපු ලාංකීය බ්ලොග් අවකාශයේ පික්ෂු හැදෙන අනාවැකිය කියන පෝස්ට් එකෙන් මම අනාවැකියක් කිව්වා.. ඒ වගෙමයි ඒ අනාවැකිය බොරු වෙනවානම් මම ඔබෙන් එහි ලින්ක් එකත් දාලා සමාව ගන්න අමතක කරන්නේ නෑ කියන එකත් සඳහන් කලා එහි දෙවෙනි කොටසින්.. ගිය ඉරිදා රාජ් මල්ලි ඇතුළු පිරිසගේ වැඩේ නිසා මට ඒක අද පිළිගන්න වෙනවා... ඔන්න මිතුරනි.. සමාව භජනය කරත්වා....


ඒ වගේම එහිදී පොරොන්දු වුනා වගේම මේ සඳහා උපරිම සහයෝගයත් දීමට හැකිවීම ගැනත් ඉතාම සතුටු වෙනවා... මා විසින් ලබාදුන් දුරකථන ඇමතුමකට විතරක් සාර්ථක අදහසක් ලබා දීලා අපිට හයියක් ලබා දුන්න ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සමාන්‍යාධිකාරී (IP and Data Network) නිශාන්ත රත්නායක මහතාටත්, සමාන්‍යාධිකාරී (අලෙවි සංවර්ධන) ප්‍රභාත් දහනායක මහතාටත්, ප්‍රධාන අලෙවි නිළධාරී රොශාන් කලු ආරච්චි මහතාටත් මම ඉතාම ස්තූති වන්ත වෙනවා, අපි වෙත රුපියල් හැට දහසක අනුග්‍රාහකත්වයක් ලබා දීලා අපිට හයියක් වීම සම්භන්ධව..  නැවත වතාවක් ස්තූතියි මැතිතුමනි..


ඉතින් මේ කාර්යය සාර්ථක කරගන්නට අවශ්‍ය ලොකුම උදව්වත් ලබා දීමට හැකිවීම ගැන මගේ හිතේ තියෙන්නේ ආඩම්භරයක් මුසු වෙච්ච පුංචි සතුටක්.... දැන් හැරෙමු සයිබර් සිහිණ උළෙල දිහාවට.... 



ඇත්තටම මේ පාර සෙට් එක වැඩේ උපරිමේටම කරලා තිබ්බා... මුන් කලින් කරපු පිස්සු නිසා මේ වැඩේ සාර්ථකව වෙයිද නොවෙයිද කියලා හිටපු සැකේ පලවෙනි පැය යද්දිම හිතෙන් පහ වුනා.. ඇත්තටම නංගිලා මල්ලිලා උඹලා මේ පාර සුපිරියටම කලා... ඒකේ දෙකක් නෑ.. හැම දෙයක්ම පිළිවෙළින් මැනැවින් සිදු වුනා... 


පරණ යාළුවෝ ගොඩාක් දෙනෙක් ආවා.. ගිය සැරේ සංවිධායක මණ්ඩලය ලෙසින් අති විශාල වගකීමක් අරගෙන දගලපු පරණ සංවිධායකයෝ හිතේ හැටියට මෙවර විනෝද වුනා... ගොඩාක් දෙනෙක් එකතු වෙලා විනෝද වුනත් තුශාර රවීන්ද්‍ර මල්ලි, කුශාන්, පුතා, දිල්ශාරා, ප්‍රියන්ත අයියා, රන්දිකා යුවල, ෆා, මාරයා, වගේ කට්ටිය නැතුව පිස්සු කෙලිද්දි හිතේ කොණක පොඩි අඩුවක් වගේ දැනුනා.. ඒත් අපි පැත්තකට වෙලා කරපු සතුටු සාමීචියේදි උඹලව අමතක කලේ නෑ මචන්.. උඹලගේ පංගුවත් එක්කම භුක්ති වින්දා....


ඒ වගේමයි ජෙරූශා දැරියගේ හා ඇයගේ දෙවුපියන්ගේ පැමිනීම ගැනත් සඳහන් කරන්න ඕන... ඇය කණා මුට්ටිය ගහන්න යද්දි නිවේදක කටයුතු කරපු දුලාන් මල්ලිගේ මුවින් පිට වුන වදන මම මෙතනත් සඳහන් කරන්න කැමතියි.... " මේ කණා මුට්ටිය ගහන්න යන්නේ අපේ චූටි දියණිය.... සයිබර් අවකාශයේ අපෙ කෙලි පොඩිත්ත..." ඇත්තටම ඇය අපේ... ඔබෙ සාර්ථකත්වය අපේ සතුටයි දියණියණි..


හවස් වරුවේ පොඩි සෙට් වීමකුත් තිබ්බා.... පරණ සංවිධායක මණ්ඩලේ අපි සෙට් වීම් මුල් කරගෙන වැඩ කලාට අලුත් උන් වැඩේ ඉවර වෙනකන් කටේ තිබ්බේ නෑ රහමෙර... අන්න මිනිස්සු... අර එකෙක්නම් ගෙදර හැමදාම මෙට්ටෙ නිදා ගන්නවා කියලා වෙනසකටත් එක්ක පොඩ්ඩක් සිමෙන්තියේ නිදා ගත්තා.... මට හැඟුණ විදිහට ඒ පරිච්ඡේදයත් කරදරයක් නැතුව අවසන් වුනා.. හවස ආතල් එක 75%ක් අඩුවෙනවා ඒ පරිච්ඡේදය නොතිබුනානම්... හරි මඩ.. මඩත් නෙමේ... ඕපදූප දිහාට හැරෙමු....


පවිත්‍ර නැත්නම් සුලැගිල්ලා.. අච්චර ටොයිලට් තිබ්බ පිට්ටනියේ ප්‍රසිද්ධියේ තාප්පෙකට චූ කරන්න ගිහින් වෙච්ච සන්තෑසියත්, පිට පිට දෙවෙනි වරටත් චොර වී වාර්ථාවක් තැබූ ආකාරයත් නොකියම බෑ....


මෙතෙක් කලක් මම විසින් බොහොම අමාරුවෙන් රැකගෙන සිටි රංග - රමීශා විවාහ ජීවිතය ප්‍රසිද්ධියට පත් කිරීම ගැන උන් දෙන්නට මගේ ස්තූතිය.... නැත්නම් තවත් කොහොමද බොල ඉවසගෙන ඉන්නෙ ඔය වගේ හොට් නිව්ස් එකක්.... (මඩ පහර පසුවට)


අනුරාධ මල්ලිගේ නානායක්කාර මිය පත් කිරීමේ උත්සාහය මෙවරත් ඉතාම ශෝචනීය අයුරින් අසාර්ථක වෙලා ගියා....


රංග - රමීශා පෙම් හබය සේම සැඟවී තිබූ තිසර - මුශ්ඨාක් පෙම් හබයත් ඉතාම හිරිකිත අයුරින් එදා මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය වුනා...


ඩුබායි සිට අධික පිරිවැයක් දරා උළෙලට සහභාගී වූ රුචකගේ නටුම නරඹන්නන්ව මහත් ප්‍රීති ප්‍රමෝදයට පත් කල බවත් කිව යුතුයි...


ගිය වර අවුරුදු කුමරිය විනිශ්චයට සිටි දුකා හෙවත් සුභාශ් අයියා ගේ කුපාඩිකම් ඡායාරූප වලින් පසුව නදීශා අක්කාටම හෙලි වූ නිසා මෙවර ඇය දරුවාත් සමඟම පැමිණ සිටි අතර, මෙවර  විනිශ්චය මණ්ඩලයට දුකා සහභාගී වන විට ඔහුගේ ඇකයේ පොඩි පුතා  වාඩි කරවීමටද කටයුතු සලස්වා තිබුනා...


පොඩි මෑන් සුපුරුදු පරිදි ඔහුගේ පෙම්වතිය රැගෙන විත් ඉතා රස කට්ටක් ඇයට මෙවරත් ලබා දුන්නා සේම වටිනා එෆ් එම් මයික් එකක් වෙරි පිට පොළවේ ගැසූ බවක්ද මතකයේ ඇත...


මරණය විසින් අසේලව බදාගෙන "ඇයි මචන් උඹ බැන්දේ" කියා හඩා වැටුන අතර එවෙලෙහි ගත්ත පින්තූරයක් බුකිය පුරා සැරි සරණු දකින්නට ලැබිණ... 


මම හොර කරමින් තරඟ වැදුන බව ගොඩාක් දෙනෙක් චෝදනා කරන අතර මා විසින් එය දැඩිව ප්‍රතික්ෂේප කරමි.. මම හොර කලේ මම ජයග්‍රහණය කරණ ලද අන්ධයාට කිරි කැවීමේ තරඟයේදී පමණි...


තිසර මධුවන්ත යන අය වගේම බිම්සර වලල්ලාවිට යන අයද අක්කලාගේ සුරතල්ලු බවට පත්ව මෙවරත් ආ ලෙසටම විසිර ගියොය...


මලිත් කුශාන්... ඔබ ගැන කියන්නට අප්පිරියාය.. පට්ට පජාතය.... ගන්න දෙයක් නැත.


එසෙනම් මිතුරු මිතුරියනි.. අත් උස්සන්න බලන්න දෙසැම්බර් ඉවෙන්ට් එකක් කරන්න භාරගන්න කට්ටිය...


ප.ලි. ඕනයා... උඹ නැති අඩුව පට්ට අවුල්ය.... ක්‍රීඩංගණයේ අල්ලපු වැටේ උඹ ඉද්දි අපි මෙහෙම විනෝද වීම උඹට අවුලක් නැති උනත් අපේ හිතට තදින් දැනුනා මචන්.. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මචන්...


Monday, April 16, 2012

සයිබරයේ සිහින බක් මහ උළෙල ඇත්තටම පිට කසා ගැනීමක්ද?


පසුගිය ජනවාරි මාසයේ අවසානයේ මම ලියපු බ්ලොග් ලිපියක මම කිව්වා ටිකක් මතවාදී කරුණක් මාසෙකට සැරයක්වත් ලියන්න බලාපොරොත්තු වෙනවා කියලා.. අද දවසේ "සයිබරයේ සිහින උළෙල" ගැන වෙනත් බ්ලොග් එකක තිබ්බ ලිපියක් දැකලා තමයි මට මෙහෙම ලිපියක් ලිවිය යුතුයි කියලා කල්පනාවට ආවේ... සමහර විට මගේ අදහස වැරදි ඇති... ඔබේ අදහසට කමෙන්ට් තීරුවේ ඉඩ හැමදාමත් වගේම අදත් තියෙනවා.. ඔබේ පෙලපත කෙලෙසා නොගෙන කමෙන්ට් කිරීම ඔබ සතු වගකීමක්...


අදාල ලේඛකයා කියු කරනු කරුණා වලට අමතරව එහි කමෙන්ට් කරපු ඇනොනිමසයන් කියා තිබෙන ආකාරයට සයිබරයේ සිහිණ උළෙළ එහෙමත් නැත්නම් වෙනත් බ්ලොග් කරුවන්ගේ සුහද හමුවීම් එකිනෙකාගේ පිට කසා ගැනීම් වගේම තමන්ගේ බ්ලොග් වල හිට්ස් වැඩි කරන කරුනක්.. එය ආරම්භ කරලා තියෙන්නේ ලසියලාගේ රචියලාගේ කල්ලිය විසින්.. ඊලඟට මම ඇතුළු පිරිසක්... අවසන් පුරුක ලෙස පොඩි මෑන් ඇතුළු පිරිසක්.. ඉතින් මේක ඇත්තද? ඒ වගේමයි දැන් බ්ලොග් අවකාශයේ වැදගත් බ්ලොග් අඩවි ඇත්තේ නැද්ද? 


පළමු ප්‍රශ්ණය මගේ ඇහින් බලද්දි මට ඇත්තටම හිතෙනවා ඔවුන් යම් තරමකට හරි කියලා... නමුත් අපි සයිබර් සිහින සැනකෙලිය සංවිධානය කලේ දෑසින් නොදැකපු බොහෝ මිතුරන් පිරිසක් එකට එකතු කර ඔවුන්ගේ මිතුදම් තවත් ශක්තිමත් කිරීමටයි.. එහිදී අපි පොරක් උනා කියලා මටනම් තාමත් සිතෙන්නේ නෑ... ඒ වගේම මගේ බ්ලොග් එකට හිට් වැඩි උනා කියලත් මම හිතන්නේ නෑ... උදාහරනයක් ලෙස ආරම්භ කරපු දවසේ ඉඳන් හෙමින් හෙමින් වැඩි වුන හිට්ස් අහස උසට යන්න ගත්තේ ඔබ අපි හැමෝම කියවපු, සමහරු හොඳයි කියපු, සමහරු පලු යන්න බැනපු "ගෑනු පත්තිනි අම්මලා" කියන පෝස්ට් එකෙන්... අනිත් කාරණාව නම් මගේ බ්ලොග් එකට තාමත් ඔය කියන තරම් හිට් මහ ගොඩාක් නැති වීමයි... ඒ නිසා මම ඉතා තරයේ විශ්වාස කරනවා මේ සුහද හමු සංවිධානය කිරීම හා තමන් ජනප්‍රිය වීම අතර මේ කියන තරම් විශාල සම්භන්ධයක් නැති බව.. අනෙක් කාරණය ලෙස හුවා දක්වා තිබෙන කල්ලි ගැසීමත් එලෙසමයි... කල්ලිය තම තම මිතුරන්ගේ පිට කසනවා ඇති.. ඒත් හිට්ස් වැඩි කරගෙන තමන් ජනප්‍රිය එකෙකු බවට පත් කරන්න පුළුවන් යැයි කියන කල්ලියක් අඩු තරමේ කීදෙනෙක් සිටිය යුතු වෙනවාද? මෙයටත් උදාහරණයක් ගන්න පුළුවන්.. අපි කීප දෙනෙක් සෙට් වෙලා ඉන්නව.. අපි හිතමු ගාලු ගෙට්ටුව කියලා... ඒකට 60ක් පමණ සහභාගී වුනා... ඉතින් මේ 60 දෙනාට පුළුවන්ද බ්ලොග් එකක හිට්ස් සැලකිය යුතු ප්‍රමාණයක් වැඩි කරන්න... මම හිතන්නේ නෑ.. 



ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ කාරණයෙන් ඇත්ත 30%ක් වගේ ප්‍රමාණයක් විතර තමයි ඇත්ත කියලා...


දෙවෙනි කාරණය තමයි දැන් සිංහල බ්ලොග් අවකාශයේ වැදගත් බ්ලොග් අඩවි නැද්ද? කියවන්න දේවල් තියෙන බ්ලොග් අඩවි නැද්ද කියන මේ මහ විශාල මතය... ඇත්තටම මේ වගේ වැදගත් ලිපි කී දෙනෙක් කියවනවද කියන එක ප්‍රශ්ණයක් උනත් මෙන්න මේ පහළ ලින්ක් වල තියෙන බ්ලොග් අඩවි ගැන මේ අය දන්නේ නැද්ද? එහෙමත් නැත්නම් බලන්නේ නැද්ද කියන එක තමයි ප්‍රශ්ණේ.. මම දන්න විදිහට මම කියන්නේ, තවත් බ්ලොග් රාෂියක් ඇති මේ වගේ,,,, 


දැනුම 


මල් කැකුළු
ඩෝකින්ස්ගේ ඩෝ ඩෝ
සත් සමුදුර


ඉතිහාසය


රජස්


වෛද්‍ය


සොඳුරු සුව අසපුව
වෙද ගෙදර


සාහිත්‍ය


ලියන්නා
බීටල් ලියන අකුරු
හද ගී පොත


දේශපාලන (වැඩිය කියවන්නේ නැති නිසා දන්නෙත් දෙකයි )


බුවාගේ සිතිවිලි
ඇට මැස්සාගේ අඩවිය


විනෝදාස්වාද, ජනප්‍රිය


හිස් අහස
සයිබර් යාය
මාතලන්


විවිධ (මාතෘකා දාන්න නොතේරෙන.)


සිත් විනිවිද
සංසාරේ අපි
ආවාටය


තව ඉතින් මේ වගේ බ්ලොග් රාශියක් කියන්න පුළුවන්... මේ සමහර බ්ලොග් ලියන අයව මම දැකලවත් අද වෙනකන් කතා කරලවත් නෑ... ඉතින් හැමදාම "ටැබූ සබ්ජෙක්ට්", "බියොන්ඩ් ද ෆ්‍රේම්" වගේ අයව කරේ තියාගෙන අයියෝ එයාලා නෑ කිය කිය ඉන්නේ නැතිව ඔබටත් පුළුවන් ඒ අඩුව සම්පූර්ණ කරන්න පෙළඹෙන්න.. මම අදහස් කලේ එවැනි සාර්ථක බ්ලොග් අඩවියක් හරහා අපි අතරට එන්න.. ඉතින් ඇයි පරක්කු වෙන්නේ.... 


ඉතින් අවසාන වශයෙන් මම කියන්නේ මේ චෝදනා වල යම් පොඩි පහේ සත්‍යතාවක් තිබුනත් මේ කියන තරම් බලපෑමක් මේ වගේ නැති බවයි...  ඔබෙ වැදගත් අදහස් ඉතාම අගය කරනවා පහල කමෙන්ට් තීරුවේ...... 


ප.ලි. අන්තිමටම කියන්න ඕන මේ සැරේ සිහිණ උළෙල ගැනත්.. වැල්ලවත්තේ කුරේ ක්‍රීඩාංගණයේ තියෙන්නට තිබෙන මේ උළෙල ගැන සියළු විස්තර දැන ගත්තැකි මෙන්න මෙතනින්.. බ්ලොග් ගැන ඇඩ් දාන්නත් පුළුවන් මගේ හිතේ,,,

Monday, April 2, 2012

බ්ලොග් කාරයෝ අන්‍යෝන්‍ය වශයෙන් පිට කසා ගැනීම... කියවන ඔබ සඳහාමයි.. 18+ නැත.

ඉස්සර ඉඳන්ම මට ලොකු චෝදනාවක් තිබ්බා මම එක එක බ්ලොග් කාරයන්ගේ පිටවල් කහනවා කියලා... අත මගෙනම් කහන්නේ මමනම් ඉතින් උඹට මොකෝ කියලා අහන්න ගියේ නෑ මම ඉතින්... මගේ ලෝකය කියලා ඒ කාලේ තිබ්බ බ්ලොග් එකක් ලියපු රංගයාගේ පිට සහ ඌ මගේ පිට දෙන්නා කථාවෙලා කසාගන්නවා කියලා කමෙන්ට් වැටුනත් එක්ක ගජරාමෙට.... දැන් ඉතින් ඌත් එකලාසයක් වෙලා බ්ලොග් එකත් වැහිච්ච එකේ වෙන උන් ටිකකගේ වත් පිට කහන්න මම තීරණය කලා... ඒත් මේ පිට කසා ගැනීමනම් ඔයාලට ඉතා වැදගත් පිට කසා ගැනීමක්... මම පිට කැසුවට ප්‍රයෝජනේ ඔයාලට... ඒක නිකන් අර "මොක්කුද මොනවද තලනකොට මොක්කුන්ටද මොනවද වගේ..." මොකද කියන්නේ කසමුද පිටවල් ටික එකසිය ගානට...


තාමත් ඔබට තේරෙන්නේ නෑ නේද මම මේ කියන හරුපේ මොකක්ද කියලා... බ්ලොග් කරුවන් අතරේ ඉන්නවා තමන්ගෙම කියලා ව්‍යාපාර කරගෙන, ජීවත් වෙන අය... සමහර ඒවා ලොකු ව්‍යාපාර, සමහර ඒවා මැද හරියේ, සමහර ඒවා ලඳරු අවදියේ... ඉතින් මේ කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්න තමයි හදන්නේ.. ඉතින් ඒක නිසා මෙතනින් සම්භන්ධතාවය අරගෙන එයාලට කතා කරලා කියන්න.. අයියේ, අක්කේ, මම මෙහෙම කෙනෙක්.. බ්ලොග් වලින් තමයි ඔයා මෙහෙම කරනවා කියලා දැන ගත්තේ... ඔය අදී වශයෙන් චාටු බස් දොඩා පිට කසා වැඩේ ගොඩ දාගන්න වට්ටම් සහිතව....


හරි ඉස්සෙල්ලාම මගේ පිට කහ ගන්න එපැයි... මම කරන්නේ සංචාරක ව්‍යාපාරය හා සම්භන්ධ සේවාවන්... මොනාද කියලා කිව්වොත් ඉතින් හෝටල් වෙන්කිරීම්, වාහන කුලියට දීම්, උත්සව සංවිධාන කටයුතු, බැහැරගත පුහුණු වැඩසටහන් වගේ තවත් සේවා රාශියක් තමයි.. මේ තියෙන්නේ වෙබ් එක... මේ තියෙන්නේ සිංහල බ්ලොග් එක. දෙයියනේ කියලා බ්ලොග් වලින් සෙට් වෙච්ච පාරිභෝගිකයොත් ඉන්නවා ඕසෙට.


ඊලඟට මේ මෑත කාලෙකම තව පොඩි ඇකඩමියක් දැම්මේ අපේ කෙහෙල් කොටුවේ චූටි මහත්තයා... ඒ තමයි ස්ටාර් කිඩ් ඇකඩමිය... වෙන්නප්පුව අවට ඉන්න  පුංචි  පැංචියන්ට වගේම පුංචි පැංචන්ටත් අකුරු කරන්න, ඉංග්‍රීසි ඉගෙන ගන්න, චිත්‍ර අඳින්න, ගණන් හදන්න අපූරු තෝතැන්නක් තමයි මේ ස්ටාර් කිඩ් ඇකඩමි එක.. කෙහෙල්කොටුවේ රොබින් හුඩ් මාමයි, මැරියන් නැන්දයි එක්ක ගෙවන සොඳුරු ලමා කාලේ අපේ පොඩ්ඩන්ට ජීවිතේටම අමතක වෙන්නේ නැතිවෙයි.


zzzz..... මෙයාව මතකද? z අකුරු ගොඩාක් එක්ක සයිබර් අවකාශයේ මෙන්ම බ්ලොග් ලෝකයේත් සැරිසරන චරිතයක් තමයි.. කොන්ඩේ එහෙම වවලා, කොට කලිසමක් ඇඳගෙන කැමරාවකුත් අතේ තියාගෙන කොල්ලෙක් දැක්කොත් ඒ මූ තමයි.. නම ජේඩී... z ක්‍රියේෂන්ස් තමයි ව්‍යාපාරයේ නම.. මම දැකපු නිර්මාණශීලීම ග්‍රැෆික් ශිල්පියෙක්. ඔබට අවශ්‍ය සියළුම ග්‍රැෆික් වැඩ ඔහුගෙන් කරගන්න එක ඉතා සුළු දෙයක්.. හැබැයි මූව අල්ලන්න අමාරුයි.. ටිකක් කර්යබහුල චරිතයක්. මේ තියෙන්නේ දුරකථන අංකය 0756250669.



ඊලඟට තවත් ව්‍යාපාරයක් ගැන මේ කියන්න හදන්නේ... නිදහස් සිතිවිලි ලියන රන්දිකා සමඟ එයාගෙ මහත්තයා තමයි මේක ලියන්නේ... වෙබ් සයිට් එකක්, මූණුපොතේ පිටුවක් තියා අඩුම ගානේ නාම පුවරුවක් නැතිව ගෙදර ඉඳන්ම කරන බිස්නස් එකක් තමයි මේ.. මොනාද දන්නවද කරන්නේ...... ගෙවල් වල සැලසුම් ඇඳීම, අභ්‍යන්තර අලංකරණ කටයුතු වගේ ඔබේ සිහින නිවසට අවශ්‍ය සියළු අවශ්‍යතා කරලා දෙනවා.... සුපිරි වැඩ.. ආයේ ඒකේ දෙකක් නෑ..... මෙයාලව සම්භන්ධ කරගන්න අන්තර්ජාලයෙන් නොහැකි නිසා මෙන්න දානවා නොම්මරේ.... 0772920269


ඊලඟ ව්‍යාපාරය මේ ලඟදි බොහොම සැලසුම් සහගතව එලියට දාපු එකක්.. අපි කවුරුත් හොඳින් හදුනන දුකා තමයි මේ වැඩේ පටන් ගත්තේ එයාගේ භාර්‍යාව එක්ක එකතු වෙලා.. නම විරූස් ඩෙසයින්ස්. මේ තියෙන්නේ මූණු පොතේ ලින්ක් එක.. ගෑණු ලමයින්ට මේ ලින්ක් එක දිගේ ගියොත් හායි හූයි ගෑවෙන විලාසිතා ටිකක් බලාගන්න පුලුවන් වෙයි. මේක සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය හරහා වෙන ව්‍යාපාරයක්... තමන්ට අවශ්‍ය විදිහ කියලා තමන්ට අවශ්‍ය විඳිහට වැඩේ කරගන්න පුළුවන්...


ඊලඟ ව්‍යාපාරයාත් ජනප්‍රිය බ්ලොග් කරුවෙක්ගේ... සිතට දුකක් කරදරයක් දැනුන වෙලාවක අළුතින් වැඩක් පටන් ගන්න හඳන වෙලාවක හරි නැකතක් හදා ගන්න අපි කොච්චර දග දාන්න ඕන.. දුරකථනයෙන් වගේම ස්කයිප් හරහාද මේ ප්‍රවීන ජ්‍යෝතිශ්ඥ්ඥයාගේ සේවය ඔබට ලබා ගන්න පුලුවන්.. අපි කවුරුත් ඔහුව හඳුන්වන්නේ මාරයා කියලා... ඒත් ඔහුගේ ජ්‍යෝතිශය වෙනුවෙන්ම සැකසූ බ්ලොග් අඩවිය තමයි මේ.. හරි මෙතැනින්ම ගිහින් බලාගන්නකෝ විස්තර..


ඊලඟ ව්‍යාපාරිකයා අනන්තය ලියන අනුරාධ.. තමන්ගේ මිතුරන් ටිකක් වට කරගෙන දාලා තියෙන්නේ තින්ක් මීඩියා කියන ව්‍යාපාරය... මම මුගෙන් අහපුහාම මේකෙ මොනවාද කරන්නේ කියලා එවලා තිබ්බා මොනවාදෝ හෑලි වගයක්... මට මෙලෝ දෙයක් තෙරුනේ නෑ.. කොහොමහරි මාධ්‍යයට සම්භන්ධ දේවල් කරනවා කියලා තමයි හැඟුනේ... අනුරාධ උඹම යටින් කමෙන්ට් එකක් විදිහට දාහන්.. මට තෙරෙන්නෙ නෑ බන්.... :ඩී මේ තියෙන්නේ වෙබ් එක...



මේ තවත් දැවැන්ත ව්‍යාපාරිකයෙක් වගේම සමාජ සේවකයෙක්... නුගේගොඩ ඉඳලා පාගොඩ පාරේ යනකොට වම් පැත්තේ ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා ඔයාලා දැකලා තියෙනවා නේද "නුගේගොඩ ආයුර්වේද රෝහල" කියලා.. දන්නවද ඒ කවුද කියලා.. වෛද්‍ය රෝහණ සුසන්ත මහතා තමයි එහි හිමිකරු... ආයුර්වේද පැත්තෙන් "වෙද ගෙදර බ්ලොග් එක ලියන මහ වෙදනා" කිව්වම තමයි කියවන ඔයාලා දන්නේ.. ප්‍රවීනත්වය දක්වන්නේ ගොඩාක් දෙනෙකුට අවශ්‍ය වෙන ඒත් හැමෝටම කියන්න ලැජ්ජා වෙන ක්ෂේත්‍රයක් ගැන.. මේ තියෙන්නේ වෙබ් අඩවිය... ගිහින් බලන්න... 


ඊලඟට ගොඩාක් කාලෙකට කලින් බ්ලොග් ලිව්ව තව සිරා පොරක් ඉන්නවා... අර වටේ ගිය බයික් කවියේ නිර්මාතෲ.. සිතැඟි තමයි බ්ලොග් එකේ නම.. අයිති කාරයා කුශාන්... ඉතාම ලස්සන ඇහැක් තියෙන ඡායාරූප ශිල්පියෙක්... මේ තියෙන්නේ එයා ගහපු පොටෝ.. ලස්සනයි නේ.. ඔබගේ විවාහයට හොඳ ඡා‍යාරූප අඩු මුදලකට ලස්සනට කරගන්න අමතන්න.. මෙන්න ආයෙත් ලින්ක් එක.... මේ තියෙන්නේ ඔහුගේ දුරකථන අංකය 0777655855


නිතරම එදිනෙදා අවශ්‍ය වෙන භාණ්ඩ සපයා දෙන කෙනෙක් තමයි ඊලඟට වේදිකාවට ගේන්නේ... ලාස්ට් රෝ එකේ ලිපි ලියන අවංක (අවලං) පැට්ට තමයි මේ.... ලංකාවේ ඉදිරියෙන්ම ඉන්න වැසිකිලි බඩු හා නාන කාමර බඩු ගෙන්නන ප්‍රමුඛයෝ තමයි.... නම කියූ සැනින් දන්නවනේ "අන්කොමන් හෝම්ස්" අයිතිකරුවා තමයි මේ... අළුතින් නාන කාමරයක් හදනවානම් එහෙමත් නැත්නම් ටොයිලට් එකක් හදනවානම් කතා කරන්න.. අවංක පැට්ටා කියන්න එපා.. 0772307570න් මුශ්ඨාක් ෆාරූක් අමතන්න. 


පෝස්ට් එක දිඟ වැඩි නිසා මෙතනින් නවත්වනවා... මේක කියවන ඔබ, ඔබෙන් ලබාගත හැකි සේවාවන් පිළිබඳව පහළ කමෙන්ට් වලින් දැනුවත් කරන්න... ඉදලා හිටලා හිනාවෙන එක අත ඇරලා මේ වගේ ලිපියක් ලියන එක බ්ලොග් ලියන අපටත්, කියවන ඔබටත් ප්‍රයෝජනයි කියලා මම හිතනවා.. අවුරුද්දට කලින් මේකේ දෙවෙනි පරිච්ඡේදයත් ගේන්න තමයි බලාපොරොත්තුව.


ප.ලි. සයිබර් සිහින උළෙලට හැමෝම එන්න... මේ පාරත් වැඩේ ජයට යනවා... තාම එනවා කියලා කිව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියන්න... බොරුවට එනවා කියන්න එපා.... මතකනේ ගිය පාරත් වෙච්ච වැඩේ....



අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...