Wednesday, October 3, 2018

කවදාවත් බීලා නැති උන් පලවෙනියට බීවම මෙහෙමයි... (වීඩියෝ සහිතයි)

මේ මීමුරේ පටන් ගත්ත කාලෙම කරපු වීඩියෝවකට ගිය කට්ටිය.. ඒ කාලෙ බ්ලොග් ලියපු, දැන් බ්ලොග් දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැති සෙට් එකක් තමයි මේ ඉන්නේ...

අනන්තය ලියපු අනුරාධ නානායක්කාර, සිහින ලියපු තිසර මධුවන්ත, බනී ලියපු අනුශ්ක ලක්මාල්, නම මතක නැති බ්ලොග් එකක් ලියපු යසන්ත හෙන්නායක සහ මගෙ බ්ලොග් එකට කවුරුහරි බැනලා කමෙන්ට් කලොත් පොරගෙ අම්මගෙ ඉදන් මතක් කරලා කමෙන්ට් කරන ගිහාන් කටුපිටිය සහ මේ බ්ලොග් එක ලියන මම තමයි මේ වීඩියෝ එකේ ඉන්නේ... වීඩියෝව ගන්නේ ටෙක්නිකල් බ්ලොග් එකක් ලියපු ගයාන් තාරක මල්ලි... වීඩියෝ එකේ නැති වුනත් ඔශාන් මල්ලිත් මෙතන හිටියා...

මීමුරේ වීඩියෝ වැඩසටහනේ නිශ්පාදක කණ්ඩායම විදිහට තමයි මේ කට්ටිය යන්නේ.. රෑ වෙනකොට ගමේ අය අපිට රා බෝතල් විශාල ප්‍රමාණයකින් සංග්‍රහ කලා.. ඒ වෙද්දි පොඩ්ඩක් හරි මත්පැන් පානය කලේ මමයි කට්ටායි විතරයි.. මගේ මතකය නිවැරදි නම් අනිත් කිසි කෙනෙක් මත්පැන් පානය කරලා තිබ්බ අය නෙවෙයි...

අනුරාධගෙන් (පණුවාගෙන්) තමයි යෝජනාව ආවේ අරක්කු නෙවේනේ, රානේ... ඔක්කොමලා බොමුද ඕන දෙයක් වෙන්න කියලා... එදා රෑ තිබ්බ මොරාල් එකේ හැටියට මැරෙන්න යන්න වුනත් සෙට් එක රෙඩි වෙලා හිටියේ.. ඉතින් අනුරාධගෙ යෝජනාව විරෝධතා නැතිවම ස්ථිර වුනා...

එතැනින් පස්සෙ තත්ත්වය ශෝචනීයයි හිතවතුනි.. ඉහල සෘතියෙන් ගැයෙන ගීත, නිවැරදි රිද්මයට නැලවෙන පාද, බැලේ, ලතින් බ්‍රේක් ආකාරයේ නැටුම්, තාලෙට වැයෙන කොංගො ඩොල්කි.. කතා කරලා වැඩක් නෑ ඉතින් ඒ ගැන නම්...
ටිකක් හිනාවෙන්න ඉතින් මේක බලලා....



අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...