Sunday, May 29, 2011

එන්න ඇඩ් දාන්න.. අතීතාවර්ජනයක සොඳුරු හා දුක්බර සටහන්.... ටිකක් හිනාවෙන්න අරගෙනත් දැන් අවුරුද්දක්.......

දැන් ඉතින් දන්නවනේ මම මොකක් ගැනද මේ කියන්න යන්නේ කියලා.... පහුගිය දවස්වල ගොඩාක් බ්ලොග් කරුවෝ තමන්ගේ අවුරුද්දේ උපන්දිනේ සැමරුවා..... දුමී, වැම්පයර්, සෝරෝ, ප්‍රියන්ත, පිණිබිඳු ආදී තවත් බ්ලොග් කරුවෝ දෙතුන් දෙනෙක්.... ඔන්න ඉතින් මම අද සමරනවා... උපන් දිනේ අද සැමරුවාට හරි උපන් දිනේ ඊයේ තමයි තිබ්බේ..... ඉතින් මේ අවුරුද්ද තුල සොම්නස හා දොම්නසත් එක්ක ගෙවිච්ච අවුරුද්දක් කිව්වොත් තමයි නිවැරදි.....



හරි ඉතින් මේ අවුරුද්ද තුල වෙච්ච සිදුවීම් ලියන්න ගියොත් ඇනිවසරි සීරීස් එකක් ලියන්න වෙනවා... ඒ නිසා සතුටු සිතෙන සිද්ධි, කටු කාපු සිද්ධි වගේම දුක හිතෙන සිද්ධි වෙන වෙනම සටහන් කරලා පුංචි ඡේද තුනක් ලියලා තවත් ඡෙද දෙකක් ලියලා අවසන් කරමු මේක....


සතුටු හිතෙන සිද්ධි ගැන කිව්වොත් ඒවා තමයි වැඩිම..... හිත හොඳ යාලුවෝ ගොඩාක් දෙනෙක් අඳුරගන්න ලැබීම තම බ්ලොග් එකෙන් මට වුන ලොකුම දේ... ඉතින් ඒ එක වගේ සිත් තියෙන අය ලොකු ලොකු වැඩ ගොඩකට අත ගැහුවා නේ.... සයිබරයේ සිහින උළෙල තමයි ඒකෙදි ඉදිරියෙන්ම ඉන්නේ.... දිළුම් වෙනුවෙන් මුළු සයිබර් අවකාශයම අත්වැල් බැඳ ගත්ත හැටි මතක් වෙද්දිත් හිතට අමුතුම ජවයක් එනවා... මේ වගේ සිද්දිනම් ඉතින් අනන්තවත් ලියන්න පුළුවන් තව....


ඊලඟට ලියන්නේ මේ වසර තුල කාපු කටු.... හොඳම කට්ට තමයි මගේ ලෝකය ලියන රංග මහත්තයාත් එක්ක කාපු කට්ට.... කට්ට කොච්චර රහයිද කියනවනම් කවි සිතුවිලිත් පහල උනා.... ඊලඟට අප්‍රේල් එක සහ දෙකත් කෑවා කට්ටක් පිස්සු හැදෙන්න... ඒවා දන්නේනම් දුකා අයියා විතරයි.... හික්.


දුක හදවතට කිට්ටුවෙන් දැනුනම සිද්ධිය තමයි ඉලංදාරියාගේ වෙන්වීම... ලේසියකට කඳුළු නොගලන අපේ ඇස් වලට කඳුළු අර ආවේ ඉලංදාරියා... ඒ වගේම අපේ ආදරණීය කුමුදු පිංතු ගුරුතුමාගේ වියෝවත් දරන්න අමාරුයි.... ඒත් මේ හැම දුක් සිද්ධියක්ම එක්ක ගැටෙමින් අපි ඉදිරියට යන එක තමයි කරන්න තියෙන හොඳම එක....



ඔන්න පළවෙනි ටික ඉවරයි..දැන් ස්තූතිය..... හැමදාමත් වගේ කතන්දරට ස්තූතිවන්ත වෙන්න ඕන.. අහම්බෙන් හම්බ වුන ඔහුගේ සයිට් එක දැක්ක නිසා තමයි මම බ්ලොග්කරණයට ආවේ..... ඊලගට වැප් නිශාන්ත මල්ලි.... බ්ලොග් කරණයේ තාක්ෂණික පැත්ත හදුන්වලා දීලා මාව ටිකක් ගොඩ දැම්මේ ඔහුයි...අනිකුත් උදව් කරපු.. මෙච්චර කාලයක් මගේ වටේ හිටපු, හිට්ස් 53000කට වඩා වගේම 1800කට වඩා කමෙන්ට්ස් දාපු ඔබට ස්තූතියි... පෝස්ට් 115කට වඩා දාපු මටත් ස්තූතියි.... මම වටේ ඉන්න මගෙම සොයුරු සොයුරියන් වෙච්ච බ්ලොග්, බස්, බුකි, මිතුරු මිතුරියන් හැමෝටමත් ස්තූතියි...... 


මෙන්න එහෙනම් ඔක්කොටම උපන් දින තෑගි..... මේකට ගොඩ වෙන හැමෝම තමන්ගේ බ්ලොග් එකේ ලින්ක් එක කමෙන්ට් එකක් විදිහට දාන්න..... මේක පටන් ගත්තේ මාරයා.... ඊලඟට රංග... ඔන්න දැන් මම.... හැමෝටම පුළුවන් මෙතන තමන්ගේ බ්ලොග් එකේ මොනවද තියෙන්නේ, මොනවද ලියන්නේ කියලා කෙටි සටහනක් එක්ක ලින්ක් එක දාලා යන්න අමතක කරන්න එපා... එහෙනම්...මම ගියා.... තවත් රස කතා කිහිපයකින් ඉදිරියේදී හමුවෙමු සහෝදර සහෝදරියනි.....

Thursday, May 26, 2011

කෙල්ලොන්ට ඇඹරෙන්නෙ නැති මගේ ලෝකයේ රංග (මඩයා) ගේ නිරුවත හෙලි වේ.....

මගේ ලෝකය ලියන රංග.... අපි කවුරුත් දන්න සුපිරිම චරිතයක්..... කෙළින් කතාව... ගෑණු ලමයිව තුට්ටුවකට මායිම් කරන මිනිහෙක් නෙවෙයි..... ස්වාධීන පොරක්... බෝතල් තුන හතරකටම එක පාර උනත් වග කියලා ගෙදර යන්න බැරිව කවි කොළත් ගහ ගන්නවා... අනිත් එක ඉතින් කාගේ හරි මඩක් අහු වුනොත් දෙනවා ලෙසටම.... ඒ නිසාම තමයි මඩයා කියලා කාඩ් එකකුත් වැටුනේ... මඩ ගහන්න තිබ්බොත් කාටද කියලා නෑ.. ලඟදි පාසැල්ගේ තාත්තටත් මඩ පාරක් නෙලලා තිබුනේ... මමනම් ඉතින් මේ මඩ ප්‍රහාර වලට නිතරම ගොදුරු වෙනවා.... අද පරන මේල් එකක් හොයද්දි ගූගල් දෙයියෝ හොයලා දුන්නා මේ මඩයගේ නිරුවත.... ඒ කාලේ මට ඉතින් මේක කියන්න හිත් දුන්නෙම නෑ.. මොකද ඉතින් අපේම කොල්ලෙක් නොවැ... දැන් කියවන ඔයාලට යකා නැඟලා නේද ඉන්නේ මේ වැල්වටාරම් නිසා.... හරි එහෙනම් මෙන්න කථාව.....


එක්තරා දවසක් මම බ්ලොග් ලියන සහෝදරියෙක්ගේ රාජකාරී ස්ථානයකට ගියා.... එදා ඇය එම ස්ථානයේ ඉන්න රාජකාරී ස්ථානයෙම සිටි පිරිසකට බැන වැදුනා.. අපිට පේන්නද නැද්ද කියලා මම දන්නේ නෑ... ඒත් අපි ඇයට කීවා අපි ඒ බැනිල්ල පටිගත කලා කියලා ජංගම දුරකථනයේ.... පස්සේ දවසක ගූගල් බස් එකෙත් කිව්වා අපි ඔයාගෙ අර බැනිල්ල දැන් බ්ලොග් එකේ දාන්න යන්නේ කියලා... ඕක අහපු මඩ අයියත් මගෙන් ඔය වොයිස් කට් එක ඉල්ලුවා... ඊට පස්සේ අපි දෙන්න අතරේ ගිය දෙබස මෙහෙමයි....



මචන් අභියා..අර වොයිස් කට් එක දියන් මඩක් ගහන්න


මොන වොයිස් කට් එකද බන්....


අර #$%^ගේ බැනපු එකක් තියෙනවා කිව්වේ.....


එහෙම එකක් නෑ බන්... කෙල්ල බය වෙලා ඉන්නේ අපි ලඟ එහෙම එකක් තියෙනවා කියලා.. හිටපන් මම ඒක උඹට දුන්න කියන්නම්.... උඹත් අහපන් දාන්නද කියලා


හරි අභියා එළකිරි... දෙමු ලෙසටම......


දැන් මමත් අදාල සහෝදරියට කිව්වා මඩ අයියාට විතරයි දුන්නේ.. දැන් මම ලඟත් නෑ කියලා... දැන් මඩයගෙන් ගෑණු ළමයා අහලා මේක තියෙනවද? ඊට පස්සෙ වෙච්ච දේ තමයි පහළ තියෙන්නේ..... අන්තිමට මේ චැට් එකේ කොපි පේස්ට් එකක් මේ ගෑණු දරුවා මට එව්වම  මට තමයි වහ කන්න උනේ....



Ano: mokakdha me mage voice cut ekak thiyenawa kiyanne.. ko thiyenawanam dhaanna buzz eke


madaya : ehema hari nane.. oyaata avul ne....


Ano: ane mata kisi avulak ne.....


madaya: sirawatada kiyanne awulak ne kiyala ?


madaya: on HTC


Ano: ov.....  daanako


madaya: shh.. abea pala mamata kiyanna epa


Ano: e moko?


madaya: oya bayit una wage inna , u langa ehema ekak ne  :D
           mawa wikunanna epa


Ano:  aththata? happata siri :D


madaya: mama oyata meka kiwuwa kiyala dena gaththoth u math ekka tharaha weyi
oya bayit una wage inna


Ano: ha
:D


දැන් ලෑස්ති වෙන්න මඩයාගේ හංස ගීතය අහන්න.... දැන් මේකට මොන මොන කතා කියයිද දන්නේ නෑ.... ඒත් ඉතින් සිද්ධිය වෙලා ඉවරයිනේ....


ප.ලි. මචන් රංග (මඩයා) මම දෙපැත්තෙන්ම අවසර අරන් තමයි මේ චැට් එක දැම්මේ....... ඒත් අපි හැමෝටම කෙළින උඹටත් සලකන්න එපැයි....ඔන්න මගෙන් සුදු කොඩි... ආයේ මඩ බෑ..

මේක දානකම් රත්ගමයා මල්ලිගෙන් කරදරේ.....

Wednesday, May 25, 2011

කොත්මලේ කථාව.....ප්‍රශ්ණ ගොඩකට මෙන්න පිළිතුරු.....

ඊයේ පෝස්ට් එක දැම්ම වෙලාවේ ඉදන් දුරකතන ඇමතුම්, ඊ මේල, චැට් මැසේජ් ආදී ගොඩාක් දේවලින් මගේ කොත්මලේ වැඩේ ගැන අහලා තිබ්බා... ඉතින් අකැමැත්තෙන් උනත් කියලා දන්න හිතුවා.... (අ යන්න වැරදිලාද කොහෙද ටයිප් උනේ....) මඩ රංගයා පෝස්ට් එකකින් මට ලස්සනට නෙලලාත් තිබුනේ... ඔබ සියළු දෙනා හිතන මහා සරුවට නෙමෙයි නෝනාවරුනි මහත්වරුනි... පුංචිම පුංචි ලී බංගලාවක් (Wooden Cottage) තමයි මම පටන් ගත්තේ.... රොකී ක්ලිෆ් තේ වත්ත අයිති වින්ඩ්ස් ප්‍රමෝෂන් (Winds Promotions (pvt.) Ltd.) කියන ප්‍රචාරක ආයතනයට... එහි තියෙන ලී බංගලාව තමයි මේ මම කියන තැන.. එහි සියළුම සංචාරක සම්භන්ධීකරණ කටයුතු කරන්නේ මට අයිති එක්ස්ප්ලෝර් ලංකා ඉන්ටනැෂනල් ආයතනයයි (Explore Lanka International (Pvt.) Ltd. ) ...


දැන් නයා ඇරියා ඇතිනේ... ඔන්න කොටේජ් එක ගැන විස්තර... මේ ලී කොටේජ් එක, එක් කාමරයකින් විසිත්ත කාමරයකින්, ආලින්දයකින්, කෑම කාමරයකින් හා කුස්සියකින් සමන්විතයි... දෙදෙනෙක්ගේ සිට හයදෙනෙක් දක්වා ඉතා සුව පහසුව නවතින්න පුළුවන්.... පිරිමි ළමයි කණ්ඩායමක් වගේ නම් දහදෙනෙකුට වගේ නවතින්න පුළුවන්... ඊට අමතරව කූඩාරම් වල අවශ්‍ය තරම් නවතින්න පුළුවන්...

ආහාර ප්‍රශ්ණය නේද? කෑමට අදාල කළමණා ගිහින් දුන්නම එතන බලාගන්න අය ඔබට ආහාර පිළියෙල කරලා දෙයි.. හරි හරි...., බයිට් එහෙමත් හදලා දෙයි..ඒත් බඩු ටික අරන් යන්න... බත් සහ එළවළු සහිත කෑම වේලක් සහ තෝසෙ ඉට්ලි වගේ දමිළ කෑමකට අවශ්‍ය කළමණා අරගෙන යනවනම් මට ඔබට විශේශයෙන් යමක් කියන්න ඕන... ඒ ඉතාම රහට සැකසූ අහාර වේලක් භුක්ති විඳින්නට ඔබට හැකිවේවි.... 

ඊලඟට මොකක්ද දැනගන්න ඕන.. ආ.. සනීපාරක්ෂාවද? ප්‍රධාන ලී කොටේජ් එක සඳහා ඉතා පිරිසිඳු වැසිකිලියක් හා නාන කාමරයක් තියෙනවා... කූඩාරම්වල ඉන්න අය සඳහා පිරිසිඳු වැසිකිළි පහසුකම් වගේම විවෘත නාන වතුර මල් සවි කරලා තියෙනවා... දිය නෑම සඳහා ලස්සන පිහිල්ලක් වගේම දිය ඇල්ලක්ද ඉඩමේ කෙලවරක පිහිටා තියෙනවා...

හරි.. දැන් ආලෝකය... කිසිදු විදුලි බල්බයක් නෑ... ලැන්තෑරුම් හා ගෑස් ලාම්පු ඔබේ අඳුර මඟ හරවාවි... සෑම ඇඳකම තියෙන විඳුලි පන්දම හදිසි අවශ්‍යතාවයකට ඔබ ලඟ හිඳීවි. ඔබගේ බැටරි අඩු වෙච්ච ජංගම දුරකතන රාත්‍රියේ ස්විචය ඕෆ් කර භාර දුන් පසු උදේට චාජ් කර දෙන්න එතන කාර්ය මණ්ඩලය කටයුතු සලසා දේවි...

කලු පාට ටීෂර්ට් එකක් ඇඳන් ඉන්නෙ කවුද කියලා දන්නවනේ...
එහෙ ගිහින් බලන්න තියෙන්නෙද? කොත්මලේ ජල විදුලි වැඩසටහන වගේම ඉහල කොත්මලේ ජල විදුලි වැඩසටහනත් නැරඹීමේ හැකියාව තියෙනවා... මහනුවරට කිලෝ මීටර 40කින් පමණ ලඟාවිය හැකි නිසාත් නුවර එළියට කිලෝමීටර 30කින් පමණ ලඟා විය හැකි නිසාත් ඒ ආශ්‍රිත ප්‍රදේශ නැරඹීමේ හැකියාව තියෙනවා.... මේ කොටේජයේ නවාතැන් ගන්න ඔබට අත්පන්දු, බැඩ්මින්ටන් වැනි එළිමහන් ක්‍රීඩාවලත් චෙස්, කැරම් වැනි ගෘහස්ත ක්‍රීඩාවලත් යෙදීමේ පහසුකම තියෙනවා.... ඊට අමතරව පා පැදියක නැගී ප්‍රදේශය පුරා සංචාරය කිරීමේ අවස්තාවක්ද ලබා ගත හැකියි.. වනය තුල පා ගමන් මෙන්ම කුරුල්ලන් නැරඹීමටද පහසුකම් සලසා තියෙනවා... ඊට අමතරව ධීර ක්‍රියාකරකම් සහිත විශේෂ පැකේජයක්ද ඔබට සුදානම් කර ගන්න පුළුවන්.... 


දැන් ඉතින් ගාස්තුව නේද? මෙහි නැවතීමට පමණක් එක රාත්‍රියකට රුපියල් 7500.00ක මුදලක් අය කරනවා.... කූඩාරම් ගහගෙන ඉන්නවනම් එක් අයෙක්ගෙන් රුපියල් 500.00ක මුදලක් අය කරන්න තමයි තීරණය කරලා තියෙන්නේ.. කූඩාරම් සංකල්පය කෙරේ එනවානම් අඩුම තරමේ පස් දෙනෙක්වත් පැමිණිය යුතුයි. මීට අමතරව විශේෂ සේවාවන් සඳහා එක් එක් අය කිරීම් තීරණය වෙනවා... උදාහරණයක් ලෙස මධු සමය ගත කරන්නට එන පාරිභෝගිකයින්ට විශේෂ වට්ටම් මෙන්ම ධීර ක්‍රියාකාරකම් (Adventure Activities) සඳහා එන අයටද සුවිශේෂ පැකේජයන් ලබා ගත් හැකියි.

වැඩි විස්තර දැනගන්න ඕනනම් හෝ මෙය වෙන් කරවා ගැනීමට අවශ්‍යනම් ඉතින් දෙන්න තියෙන්නෙ මගේම දුරකථන අංකය තමයි.... මෙන්න කවුරුත් දන්න ඒ අංකය 0714449162.

එහෙනම් කට්ටියම එන්න නවතින්න බලාගෙන.. විශේශ වට්ටමකුත් ලබා දෙන්න බැරිවෙන එකක් නෑ...

Tuesday, May 24, 2011

ආයෙත් නිදහසේ ලියන්න පුළුවන්.... බ්ලොග් ලියන කියවන කවුරුත් මේක කියවන්න එපා......

උඩ තියෙන මාතෘකාව දැක්ක ගමන් මොකක්ද මේ කියලා හිතෙන්න පුළුවන්... ආයෙත් නිදහසේ ලියන්න පුළුවන් කියල කිව්වේ මම ටිකක් කාර්ය බහුලත්වයෙන් හිටපු නිසා දැන් ටිකක් නිදහසේ ලියන්න පුළුවන් කියන් එක.... මගේම වගේ හෝටලයකට අඩිතාලමක් දැමීම පිළිබඳ සිහිනය පසුගිය දිනවල ඉටුවීම නිසා ඒ දවස්වල ඉතා කාර්ය බහුල වුනා... දැන් ඔය හැමෝටම විවේකය ගත කරන්න තැනක් තියෙනවා කොත්මලේ.. විස්තර පසු ලිපියකින්....


හරි මෙතන ඉඳන් බ්ලොග් ලියන කියවන කිසි කෙනෙක් මේ ලිපිය කියවන්න එපා.... මොකද මේක මම ලියන්නේ බ්ලොග් නොලියන නොකියවන අය වෙනුවෙන්.... හරි නංගියේ මල්ලියේ, අම්මේ තාත්තේ, නැන්දේ මාමේ, බාප්පේ පුංචි අමම්මේ, අක්කේ අයියේ ඔයාල තව වෙනකන් බ්ලොග් ලියලා කියවලා නැද්ද? එහෙනම් අද පටන් බ්ලොග් කියවන්න පටන් ගන්න... හිතුනොත් ලියන්නත් පටන් ගන්න. ඔයාලගේ සියළු වැදගත් කටයුතු අතපසු වේවි.... දවසට පැය තුන හතරක් නැත්තටම නැති වෙලා යාවි... හැබැයි දැනුම උපරිම කර ගනීවි, බඩ පැලෙන්න හිනාවේවි... ඒ විතරක් නෙවෙයි ඔයාල වටේට සැපට දුකට ලඟින් ඉන්න යාළුවෝ ගොඩාක් එකතු වේවි...



ඔයාලා දන්න මූණු පොත වගේ නෙමෙයි.. ඔබේ ඕනෑම අවශ්‍යතාවයක් සඳහා ලියූ ලිපියක් ඔබට හමුවේවි.... මේ ඔක්කොම ගැන විස්තර ඕනනම් මෙන්න මේ පහල තියෙන වචන උඩ කොටන්න... සියළු වැඩ පසෙක ලා කියවා කියවා ඉන්න සිංහලෙන්ම ලියූ දහස් ගානක් බ්ලොග් ලිපි ඔබට හමුවේවි... මෙන්න ඒ වචන...


1. සිංහල බ්ලොග් කියවනය


2. ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනය


ඔන්න හරි නේද? දැන් ඔයාල ඕවට ගියාට පස්සෙ මේකට එන්නෙම නැතිවෙයි.... උදේට වැඩට ආපු ගමන් මේ ලින්ක් දෙකෙන් එකකට හෝ දෙකටම ගොස් වැඩ පටන් ගන්න.... දවල් වෙනකන්ම කිසිම වැඩක් කරගන්න අමතක වේවි.... 


ඉතින් මේ බ්ලොග් ලියලා කියවලා තවත් වේලාව ඉතිරි එක්කෙනෙක් ඉන්නවානම් කියන්න.. තව තියෙනවා දේවල් කරන්න.. ගූගල් බස් පැදිල්ල සහ ඔන්ලයින් රේඩියෝව විකාශය කිරීම වගේ දේවල් සහ තවත් ගොඩාක් වැඩ තියෙනවා.... ඒවත් පටන් ගත්තොත් දවසෙම වැඩක් කරන්න වෙන්නේ නෑ...


හරි එහෙනම් දුවලා එන්න.... අපිත් එක්ක බ්ලොග් කියවන්න.. අපිත් එක්ක බ්ලොග් ලියන්න... අපේ සමාජයට එකතු වෙන්න..


ප.ලි. කතන්දරගේ පියතුමාගේ මළගෙදර දවසෙත් මේ බ්ලොග් බලන ලියන කට්ටිය වැඩි කරගමුයි කියලා අපි කත වුනා.. දුකාගේ අද ලිපිය දැක්කමත් ඒක ආයෙ මතක් වුනා... ටිකක් හිනාවෙන්න නොවුනට එක් අයෙක් හෝ වැඩි කරගැනීමට සිතා ගත් පුංචි උත්සහයකි.

Thursday, May 19, 2011

දිලුම් මචන්,


දිළුම්, අද උදේ උඹගේ මල්ලි ශාන් කෝල් කරලා මහ කාළකණ්ණි ආරංචියක් කිව්වා.. ඒ අපිත් එක්ක අපේම එකෙක් වෙලා හිටපු උඹ අපෙන් සමු අරන් ආයේ නො එන්නම ගියා කියන එක.. උඹ සිහිය නැතුව ඉස්පිරිතාලේ ඉද්දි අපි හැමෝම උඹට ජීවිතය යැද්දා.... උඹේ කණ පිළිබඳ රෝගය අපිට අපේම රෝගයක් බවට පත් වුනා... ඒත් දැන් හැමදෙයක්ම වෙලා ඉවරයි... උඹේ කවි, නිර්මාණ අපිට ආයේ දකින්න නැතිවෙයි.. මුණ ගැහෙන හැම වෙලාවෙම අපිව හිනස්සවන්න උඹ ආයෙත් අපි ලඟට එන්නෙ නැතිවෙයි.... ඒත් දිළුම්, උඹේ සුවඳ ජීවිතය පවතිනතාක් කල් අපිත් එක්ක රැඳේවි.. ඒ සුවඳ තවත් වැඩි කරන්නට අපි ඉදිරියේදී කටයුතු කරාවි.... 


මගේ බ්ලොග් එකේ කෙටිම පෝස්ට් එක මෙය වේවි... මට උඹට කියන්න මහ ලොකු දේවල් නෑ මචන්, උඹට නිවන් සුව මම මුළු හඳින්ම ප්‍රාර්ථනා කරනවා... කලින් පෝස්ට් එකකත් කියූ පරිදි අදටත් මට නොවිසදෙන එකම ගැටළුව මෙයයි.....



අරුමේ කිම වඳවෙන සඳ සදිසි මිනිස්සු...?

Wednesday, May 18, 2011

මෙන්න තවත් පුංචි රස කතා.... ටේල්ස් ඔෆ් ජීවන්තස් ඉන්ග්ලිශ් II

හරි ඉති ජීවන්තගේ කතාවල පාට් වන් දාලා ගොඩාක් කල් යනකම් පාට් ටූ දාන්න බැරි උනානේ... ඇයි නිදහසක් තියෙන වෙලාවට රේඩියෝ එකක් කරන්න වෙලානේ.. කවුරුත් එකතු වෙලා කරන බස් රේඩියෝව අහන්න මෙන්න මෙතනින් යන්න... උදේ 5ට විතර පටන් ගත්තම රෑ 12ත් පහුවෙලා තමයි විකාශය නිමාවෙන්නේ... නව රැල්ලේ ගීත, සම්භාව්‍ය ගීත, නූර්ති ගී හා නාඩගම් ගී, බයිලා, නන්ස්ටොප් ආදී සියළුම වර්ගයේ ගීත එකම තැනකින් අහන්න ඔය ගොල්ලන්ට පුළුවන්.... එහෙනම් අමතක කරන්නේ නැතුව මෙතනින් අහන්න බස් FM.



කොහොම හරි ජීවන්තගේ වෙඩිමේ වැඩ කටයුතු ඉවර වුනා..... හෝල් එක ලඟ තිබ්බ ගෙදරකට ගිහින් ඇඳුම් මාරු කරගෙන හනිමූන් යන්න මගේ කාර් එකටත් ගොඩ වුනා... දැන් කාර් එකේ මෙන්න මේ කට්ටිය ගමන යනවා... මනාලයා, මනාලිය, රියැදුරු හා ගොලයා තමයි රථයේ ඉන්නේ. පළවෙනි නවතැන් පල නුවර ටොපෑස් හෝටලය.... දැන් ගිහින් පිළිගැනීමේ සැටියේ ඉඳගෙන ඉද්දි ලොකු වීදුරු දෙකක් ගෙනාවා.... මට නෑ.. අරුන් දෙන්නට විතරයි... ජීවන්ත මලයත් එකක් අරගෙන බීවා...


ඒ අබීත අයියේ මේ තේ එක පට්ට සීතලයිනේ.... බොරු නම් පොඩ්ඩක් බීලා බලපන්කෝ....


මම බැලුවා මේ මොකද කියලා.. මූ මේ තේ කියන්නේ කොහොමද? ප්ලේන්ටී දෙනවද වීදුරුවල දාලා.. අරගෙන පොඩ්ඩක් බීලා බැලුවා...


යකෝ.... මේ ප්ලේන් ටී නෙවෙයි.. අයිස් ටී... උඹ පාඩුවේ බීපන්.....


මට ඉතින් හිනාව අමාරුවෙන් නවත්ත ගන්න උනා..... ඉතින් ඊට පස්සෙ මුන් දෙන්නව හෝටලේ දාලා අපි තම්මිටගේ ගෙදර ආවා.... 



දෙවෙනි දවස උදා වුනා.. එදාත් මුගේ නැවතුම ටොපෑස් හෝටලේමයි.... ඒත් ඉතින් ශොපින් යන්න ඕන උනා.... මොකද හෙට හුන්නස් ෆෝල්ස් යන්න හිටපු නිසා  ඒකෙ පොටෝස් වලට අළුත් ඇඳුම් ගන්න ඕන කියලා.... ඊට කලින් බැංකුවකටත් යන්න ඕන කිව්වා සල්ලි ගන්න... දැන් බැංකුවට ගියා.... බැංකුවේ නමටත් වඩා ලොකුවට ගහලා තියෙන්නෙ ATM කියලනේ.... මූ ඒක ලඟටම ගිහින් ආරක්ශක නිලධාරියෙක්ගෙන් ඇහුවා.... ඉතින් කොල්ලා කාර් එකට නැග්ග වෙලාවෙම ආයෙත් ඌට අභාග්‍ය සම්පන්න කාලයක් උදා වුනා.....


ඊලඟට ගියේ නෝ ලිමිට් එකට වගේ මතක... දැන් ඇඳුම් ඔක්කොම අරගෙන කවුන්ටර් ලඟට ගියා.. එතන එක කවුන්ටර් එකක Counter Closed කියලා බෝඩ් එකක් දාලා ගෑනු ලමයෙක් සල්ලි වගයක් ගනිනවා.... මූ එතනට ගිහින් සල්ලි දික් කරන කොටම තම්මිට ඒ ගෑණු ළමයගෙන් මෙහෙම ඇහුවා...


නංගි මේ Counter Closed කියන බෝඩ් එක සිංහලෙන් ගහපු එකක් නැද්ද?


අර ගෑනු ලමයා තක්බීර් වෙලා තම්මිට දිහා බලනකොටම තම්මිට අනිත් පැත්තට මෙහෙම කිව්වා...


නෑ නංගි මේ අයියට ඉංග්‍රීසි තේරෙනවා අඩුයි...ඒකයි... ජීවන්ත අයියේ ඔය කවුන්ටර් එක වහලා කියලා ඔය ගහලා තියෙන්නේ..... 



හරිනේ නේද? ඌට අපිව කන්න කේන්ති.. ඔය වගේ සුළු සුළු සිද්දීන් නම් එමටයි.... මේ කතා ඔක්කොම මතක් උනේ මේ ලඟදි මිනිහට කාර් එකක් ගන්න ඕන වෙලා මට කෝල් කරපු නිසා..... දෙබස මෙහෙමයි....


අභීත අයියේ... වෑන් එක විකුනපු නිසා කාර් එකක් ගන්න කියලා බැලුවේ... ඔයාලා පොඩ්ඩක් ඔය ගැන දන්නවනේ.. 


අහ් මරුනේ ජීවා... මොකක් වගේද බලන්නේ...


අර ටෙයොට කොලරා වගේ එකක්නම් හොඳයි....


එහෙනම් මල්ලි ඉස්පිරිතාලෙකට වගේ තමයි යන්න වෙන්නේ...


ආ..ඒ මොකො බන්... ඩොක්ටර්ස්ලා ගාවද වැඩිපුර තියෙන්නෙ ඒවා....


නෑ මල්ලි කොලරා කියන්නේ වසංගත ලෙඩක්නේ බන්.....


නෑ බන් මොකක්ද අර තියෙන්නේ ඒ වගේ නමක්....


ටොයොටා කොරොල්ලාද?


ආ ඔව් ඔව්........


ඔන්න තව එකක් මතක් වුනා.... අපි ට්‍රිප් එකක් ගියා.. ඒ ගියෙත් මමයි මගේ ප්‍රිය බිරිඳයි තම්මිටයි ජීවන්තයි..... ට්‍රිප් එක යන්න බැරි වුන එකෙක් මඟදි අපට කෝල් කලා.... ඔක්කොම කතා කරලා අන්තිමට ෆෝන් එක ගත්තේ ජීවන්ත... කලබලේට මිනිහා මෙන්න මෙහෙමයි කිව්වේ...


හෙලෝ.. දිස් ඊස් ඉන් ස්පීකිං ඔෆ් දි ජීවන්ත හියර්.....


එතනින් එහාට කතා කරලා වැඩක් නෑනේ ඉතින්... 

Saturday, May 7, 2011

මෙන්න තවත් පුංචි රස කතා.... ටේල්ස් ඔෆ් ජීවන්තස් ඉන්ග්ලිශ්

විවිධ රස කථා අතරේ එක එක පුද්ගලයින් ගැනත් මම කතා සීරීස් එකක් ලියලා තියෙනවනේ.... මතකනේ නේද ජනකගේ උපුල්ගේ කතා මාලාවන්... ඔව්.. අර වෙසක් කූඩු ජනකයි එබ්‍රෝඩ් ගිය උපුලුයි තමයි.... ඒ කතා මාලාව ටිකක් ජනප්‍රිය වුන හින්දා මම හිතුවා අපේ ජීවන්ත මල්ලි ගැනත් සීරීස් එකක් ලියන්න.... ජීවන්ත කියන්නේ මට අවුරුද්දක් බාල අපේ පාසැලේ බාලදක්ෂ කණ්ඩායමේ හිටපු දක්ෂයෙක්... ඕනෑම කණ්ඩායමක එක එක අවුරුදු වලට කණ්ඩායමක් ඉන්නවනේ.. ඉතින් අපේ ඉස්කෝලේ බාලදක්ෂ කණ්ඩායමේ 99 අවුරුද්දේ කණඩායමට හිටියේ ජීවන්ත මල්ලි විතරයි... ඉතින් තනියම ඉන්න බැරි නිසා ෆන් ගන්න 98 කණ්ඩායම එක්කයි කටු කන්න 2000 කණ්ඩායම එක්කයි එකතු වෙන්න සිද්ද වුන නිසා මූ ගන්ධබ්බ අවස්ථාවක තමයි හිටියේ.....




හරි.. දැන් ඉතින් ජීවන්ත මල්ලිගෙ කථා නේ කියන්න හැදුවේ... මිනිහා නාන තරමක් නාන්නේ ඉංග්‍රීසි හින්දා.. පහළ තියෙන්නේ ඒ වගේ කතා කිහිපයක්.... මේ කියන දවස්වල ජීවා එයාගේ වෙඩින් එකට ලෑස්ති වෙනවා... ඒ අතරේ මට කෝල් එකක් එනවා...


අයියේ මට වෙඩින් එක දවසටයි හෝම් කමින් දවසටයි හොඳ කාර් එකක් හොයා ගන්න ඕන


හරි මල්ලි දෙන්නම්... මොන වගේ කාර් එකක් ද බැලුවේ...


ටෙයොටා ඒලියන් එකක්නම් හොඳයි අයියේ..


එහෙනම් උඹට අඟහරු ලෝකෙන් තමයි ගේන්න වෙන්නේ...


ඈ.. ඒ මොකද?


ඒලියන්ලා ඉන්නේ එහෙනේ බන්... උඹ කියන්නේ ඇලියොන් එකක් නේද?


අහ්.. ඒක ඇලියොන්ද? මම හිතුවේ ඒලියන් කියලා....


ඊලඟ කතාවත් ඒ වගේ.. කොහොම කොහොම හරි මුගේ මඟුලට දින ලං උනා.... කොහොමත් පොරගෙ අයියා වගේ එදාත් අදත් ඉන්නෙ මම නිසා මට දුරකථන ඇමතුමක් ආවා.....


අභීත අයියේ.... හනිමූන් එක... මාර සීන් එක....


මොකක්ද මාර සීන් එක.. ඇයි මොකද අවුල....


නෑ.. මට ඩ්‍රයිවින් බෑනේ.. ඉතින් කාර් එකක් ගන්නවනම් ඩ්‍රයිවර් එක්කමයි ගන්න වෙන්නේ....


ඕකනේ උඹට නැව් එලවන්න පුලුවන් උනාට ඕවා බෑනේ..හරි මොකක්ද කෙරෙන්න ඕන....


අයියෙ පුළුවන්නම් උඹේ කාර් එක අරගෙන වරෙන්කෝ.. පුළුවන්නම් රංජුලා අක්කත් එක්ක වරෙන්.... මම ඔක්කොම වියදම් දරන්නම්.....



හරි උඹ දැන් කොහෙ කොහෙද යන්නේ..... 


පලවෙනි දවසේ අයියේ ටොපෑස්, දෙවෙනි දවසේ හුන්නස්, තුන්වෙනි දවසෙ මීගමුවේ...


රංජුලා එක්ක එන්න බෑ මල්ලි මේ දවස්වල.. ඒත් මට තනියම එන්නත් බෑ.. මම තම්මිටයා එක්ක එන්නම්.... ඌත් එක්ක කන්දක්වත් නගින්න පුළුවන්නේ උඹලා ඉන්නකන්....


හා.. අයියේ කමක් නෑ..... එහෙනම් ඒ ප්‍රශ්නෙත් හරි....


කොහොම හරි මඟුල දවස ආවා.... ඊට පස්සේ හනිමූන් ගමන නොවැ..... ඉතින් ඒ ටික ඊලඟ කතාවෙන් බලාපොරොත්තු වන්න....


අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...