උඩ තියෙන මාතෘකාව දැක්ක ගමන් මොකක්ද මේ කියලා හිතෙන්න පුළුවන්... ආයෙත් නිදහසේ ලියන්න පුළුවන් කියල කිව්වේ මම ටිකක් කාර්ය බහුලත්වයෙන් හිටපු නිසා දැන් ටිකක් නිදහසේ ලියන්න පුළුවන් කියන් එක.... මගේම වගේ හෝටලයකට අඩිතාලමක් දැමීම පිළිබඳ සිහිනය පසුගිය දිනවල ඉටුවීම නිසා ඒ දවස්වල ඉතා කාර්ය බහුල වුනා... දැන් ඔය හැමෝටම විවේකය ගත කරන්න තැනක් තියෙනවා කොත්මලේ.. විස්තර පසු ලිපියකින්....
හරි මෙතන ඉඳන් බ්ලොග් ලියන කියවන කිසි කෙනෙක් මේ ලිපිය කියවන්න එපා.... මොකද මේක මම ලියන්නේ බ්ලොග් නොලියන නොකියවන අය වෙනුවෙන්.... හරි නංගියේ මල්ලියේ, අම්මේ තාත්තේ, නැන්දේ මාමේ, බාප්පේ පුංචි අමම්මේ, අක්කේ අයියේ ඔයාල තව වෙනකන් බ්ලොග් ලියලා කියවලා නැද්ද? එහෙනම් අද පටන් බ්ලොග් කියවන්න පටන් ගන්න... හිතුනොත් ලියන්නත් පටන් ගන්න. ඔයාලගේ සියළු වැදගත් කටයුතු අතපසු වේවි.... දවසට පැය තුන හතරක් නැත්තටම නැති වෙලා යාවි... හැබැයි දැනුම උපරිම කර ගනීවි, බඩ පැලෙන්න හිනාවේවි... ඒ විතරක් නෙවෙයි ඔයාල වටේට සැපට දුකට ලඟින් ඉන්න යාළුවෝ ගොඩාක් එකතු වේවි...
ඔයාලා දන්න මූණු පොත වගේ නෙමෙයි.. ඔබේ ඕනෑම අවශ්‍යතාවයක් සඳහා ලියූ ලිපියක් ඔබට හමුවේවි.... මේ ඔක්කොම ගැන විස්තර ඕනනම් මෙන්න මේ පහල තියෙන වචන උඩ කොටන්න... සියළු වැඩ පසෙක ලා කියවා කියවා ඉන්න සිංහලෙන්ම ලියූ දහස් ගානක් බ්ලොග් ලිපි ඔබට හමුවේවි... මෙන්න ඒ වචන...
1. සිංහල බ්ලොග් කියවනය
2. ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනය
ඔන්න හරි නේද? දැන් ඔයාල ඕවට ගියාට පස්සෙ මේකට එන්නෙම නැතිවෙයි.... උදේට වැඩට ආපු ගමන් මේ ලින්ක් දෙකෙන් එකකට හෝ දෙකටම ගොස් වැඩ පටන් ගන්න.... දවල් වෙනකන්ම කිසිම වැඩක් කරගන්න අමතක වේවි....
ඉතින් මේ බ්ලොග් ලියලා කියවලා තවත් වේලාව ඉතිරි එක්කෙනෙක් ඉන්නවානම් කියන්න.. තව තියෙනවා දේවල් කරන්න.. ගූගල් බස් පැදිල්ල සහ ඔන්ලයින් රේඩියෝව විකාශය කිරීම වගේ දේවල් සහ තවත් ගොඩාක් වැඩ තියෙනවා.... ඒවත් පටන් ගත්තොත් දවසෙම වැඩක් කරන්න වෙන්නේ නෑ...
හරි එහෙනම් දුවලා එන්න.... අපිත් එක්ක බ්ලොග් කියවන්න.. අපිත් එක්ක බ්ලොග් ලියන්න... අපේ සමාජයට එකතු වෙන්න..
ප.ලි. කතන්දරගේ පියතුමාගේ මළගෙදර දවසෙත් මේ බ්ලොග් බලන ලියන කට්ටිය වැඩි කරගමුයි කියලා අපි කත වුනා.. දුකාගේ අද ලිපිය දැක්කමත් ඒක ආයෙ මතක් වුනා... ටිකක් හිනාවෙන්න නොවුනට එක් අයෙක් හෝ වැඩි කරගැනීමට සිතා ගත් පුංචි උත්සහයකි.
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
අයියේ මොනාද බ්ලොග් කියන්නේ.... මම කොම්පූටර් වලට අලුත්. මුල ඉදලා සරලව කියා දෙන්නකො....
ReplyDeleteමෙතනින් ඉගෙන ගන්න මල්ලි.
ReplyDeletehttp://ananthayata.blogspot.com/
බ්ලොග් ලියන එක නීති විරෝධී වැඩක් නෙවෙයි නේද ?
ReplyDeleteබ්ලොග් ලියන්න කලින් ජනමාධ්‍ය අමාත්‍යංශයෙ ලියාපදිංචි කරන්න ඕනෙ නෑ නේද ?
කියවන්න එපා කියපු හරියත් මම කියෙව්වා. :P
ReplyDelete"මගේම වගේ හෝටලයට" සුභ පැතුම්.
අලේ... අය්යට බොහොම පිං...
ReplyDeleteලියන කිව්වෙ දැං නොලියන නේ..
එහෙනම් කමක් නෑ.. :)
බ්ලොග් ලියන කෙනෙක් අර කියපු " කොත්මලේ " හෝටලේ නැවතුනොත් කෑම බීම නොමිලේ දෙනව කියන්නෙ ඇත්තද අය්යා?
ReplyDeleteතැන්කූ අභේපාල මාමේ...
ReplyDeleteඔන්න ඔයාගෙ උපදෙස් අරගෙන මං බ්ලොග් එකක්ම අලුතෙන් හැදුවා...
ඇත්තටම මොකද්ද මෙ කොත්මලේ කතාව???
ඔන්න අභීත අයියේ මමත් මගේ බොස් තුමා එක්ක කතා වෙලා මම අපේ ඉන්ස්ටිටියුට් එකේ සිලබස් වලට බ්ලොග් ගැන පොඩි කොටසකුත් එකතු කරා දැන් සතියක් විතර ඇති ඒ වැඩේට ..
ReplyDeleteමමනම් මේක කියෙවුවේ නෑ ..
.............................................
අභීත අයියේ මම තවම අර ගල් ආඳාව සොයමින් ..
සිරාවට ඕයි . . . මට අද වැඩ ඉවර උනේ හවස හතර හමාරට විතර . . . දැං වෙලාව රෑ 9.15යි . . . තාම ජංජාලෙ . . . . බ්ලොග් වලට කොමෙන්ට් දානව . . . ලාස්ට් රෝ එකේ කොමෙන්ට් දානව . . තව පැයකට විතර වැඩ තියනව . . .
ReplyDeleteකියවන්න එපා කියපු හින්දා මම නම් මේ ලිපිය කියෙව්වේ නෑ. අපී මල්ලිට කියලා කියවගෙන ඒක අහගෙන හිටියා. බ්ලොග් ලියන අපට කොත්මලේ නිවාඩු නිකේතනයක දිවා ආහාර වේලක් නොමිලේ !!!!!!
ReplyDeleteඔබත් අදම දිනයක් වෙන් කරවා ගන්න !!!!!
අලේ බ්ලොග් ලියන කොට වෙන වැඩ අමතක වෙනව කියපු කතාවටනං බොගේ කටේ කුකුලෙක් ඔබන්න ඕනෙ සහතික ඇත්ත.... අබියව ආදර්ශෙට අරන් හැදියල්ලා....
ReplyDeleteමගෙනුත් සුබ පැතුම් !
ReplyDeleteජය වේවා! මට නම් ඉතින් ටිකක් විතර කිට්ටු නිසා..නිවාඩු පාඩුවෙ ඇවිත් හොද අහාරවේලක් ගන්න පුළුවන් වේවි කියලා හිතෙනවා
අපෝ මේ ලිඉය කියවනකොටම මට තේරුණ දෙයක් තමයි බලොග් කියන්නේ ඇබ්බැහි වෙන දෙයක් කියලා. ඒත් ඒ ඇබ්බැහි වීමෙන් වෙන්නේ යහපතක් වගේ. ඉන්නකෝ මමත් මේ දැන් ඉඳන්ම් බ්ලොග් එකක් ලියන්න පටන් ගන්නවා :P
ReplyDeleteබ්ලොග් ලියන එවුන්ට කියවන්න එපා කියපු හන්දාම කියෙව්වා... හික්ස්.. බ්ලොග් ලියන එක තමා මාරම ආතල් වෑඩේ
ReplyDeleteබ්ලොග් ලියන අයට බලන්ට එපා කියලා තියන හන්දම කියවලා බැලුවා. :DDD
ReplyDelete//හැබැයි දැනුම උපරිම කර ගනීවි//දැන් ඉතින් උදේ ඉඳන් රෑ වෙනකල් මේකම තමා වැඩේ...
බ්ලොග් ලියන්නයි,කියවන්නයි,බස් පදින්නයි, තව රේඩියෝ අහන්නයි ගියාම දවසට පැය 36 ක් වත් තිබුනොත් හොදයි කියලා හිතෙනවා........
ReplyDeleteහොටෙල් එකේ වැඩේට සුභ පතනවා.ඒ පැත්තේ ආවොත් අනිවාර්යයෙන්ම නවතින්න එනවා.ඩිශ්කවුන්ට් එකක් දාලා දෙන්න හොදේ. :D
අයියා බුකියේ නම් ඉන්නවා.රේඩියෝත් අහනවා.....නමුත් බස් පැදිල්ලට නම් මට තාම තේරෙන්නේ නෑ.බ්ලොග් ලියන එකට හා කියවන එකට නම් දැන් යාන්තම් වෙලාව තියෙනවා....හොටෙල් වැඩේට සුභපැතුම්...කොත්මලේ පැත්තේ කියලා නේද කීවේ.අපේ අම්මගේ මහ ගෙවලුත් එහේ ඕං....
ReplyDeleteඅභීත අයියේ . මට ටිකක් හිනාවෙලා මදි. ගොඩක් හිනාවෙන්න ඕනෙ. ඒකට මොකද කරන්නේ ?...
ReplyDeleteසුබ පැතුම් ගන්න මගෙනුත්. ජය
මොකක්ද අයියේ බ්ලොග් එකක් කියන්නේ... මටත් එකක් ලියන්න ඕන...
ReplyDeleteමගේම වගේ හෝටලේට සුබ පැතුම් ඈ.. අපිත් එන්නම්කෝ ඒ පැත්තේ ;)
අලුත් වැට්ඩේට සුභ පැත්ම් කිව්වා ඕන් . . . ටික කලක් ගිහින් බලමු ඔය අපිත් මක්ක හරි උඹේ වැඩකට මුක්කුවක් ගහලා මේ කාන්තාරේ අතෑරල ඔහේම ඇවිත් පදිංචි වෙන්න ඇහැක් වෙයිද කියලා . . හ්හ්ම්ම්ම්
ReplyDeleteඅපි නං කියෙව්වේ නෑ ඕං...
ReplyDeleteබ්ලොග් ලියනවා කියන එකත් අර අබිං කෑවා හා සමානයි. දැන් ඒක ජීවිතේම කොටසක් වෙලා. අලුත් හෝටලේට සුභපැතුම් අයියේ..
ReplyDeleteසමහර විට දකින්නත් ඇති දුකාගේ මේ ලිපිය.දිවයින පත්තරෙන් බ්ලොග් අවකාශයට අභූත චෝදනා වගයක් එල්ල කරලා
ReplyDeletehttp://dukaa.blogspot.com/2011/05/blog-post_24.html
මේ ගැන කරුණු නිවැරදි කිරීම් ලිපියක් දිවයින පත්තරයට යවන්න පුළුවන්නම් හොඳයි කියලයි මට හිතෙන්නෙ. කවුද එහෙම ලිපියක් ලියන්න හොඳ කෙනා.
කවුරුහරි ඉදිරිපත් වෙනවනම් අපිටත් දන්වල අපෙනුත් අදහස් අරගෙන දිවයිනට නිවැරදි කිරීමේ ලිපියක් ලියන්න. දිවයිනේ මාධ්‍ය සදාචාරය බලාගන්නත් පුළුවන් වේවිනෙ
හෆෝයි... ලෙඩේ බෝ කරන්න හදන්නෙ තව දෙතුන් දෙනෙකුටත්... හිකිස් :)
ReplyDeleteපුංචි කොම්පැණියට සුබ පැතුම් :)
ReplyDeleteEvery best wish from me for your new venture.
ReplyDeleteඅයියේ ඔයා ඉගෙන ගන්න දීපු බ්ලොග් එක බලලා මමත් බ්ලොග් එකක් පටන් ගත්තා. බලන්නකො හොදද කියලා.....
ReplyDeleteමගේ බ්ලොග් එක
මෙන්න අභීතගේ කොත්මලේ කතා වස්තුව
ReplyDeleteඅනේද කියන්නේ අභීත අයියේ... මේ ටික කරාම වෙන වැඩක් කරන්න වෙලාවක් කොහේද ?.....
ReplyDeleteරංග නේද ඔය අලුත් පොට් එකට මුලින්ම ගියේ....
අභීත නිසා අද මගේ බ්ලොග් එකට ගොඩාක් කට්ටිය ඇවිත්. ස්තුති කරන්න වචන නැහැ. තාම පෘතග්ජනයෙක් නිසා හරිම සතුටුයි. :D
ReplyDeleteඔය බස් කතාව මොකක්ද ඇත්තට?
සහතික ඇත්ත දැන් වෙලාව පාන්දර 1.06 යි ....
ReplyDeleteතාම නිදි නැහැ ......
මේ බ්ලොග් කෙරුවාව හන්දා ....
හොඳයි හොඳයි අබේපාල මාමගේ බිස්නස් එකට ජයවේවා.......
ReplyDeleteඅනේ උන්නැහේ ඔයි බ්ලොක් කියන්නෙ මක්කැයි..... නාකි අපිටත් කොරන්න ඇහැක් එකක්යැ ඔයි බ්ලොක්?
ReplyDeleteඈ මොකක්ද අර මගේ වගේ හෝටලේ කතාව ?