හරි.. දැන් ඉතින් ජීවන්ත මල්ලිගෙ කථා නේ කියන්න හැදුවේ... මිනිහා නාන තරමක් නාන්නේ ඉංග්‍රීසි හින්දා.. පහළ තියෙන්නේ ඒ වගේ කතා කිහිපයක්.... මේ කියන දවස්වල ජීවා එයාගේ වෙඩින් එකට ලෑස්ති වෙනවා... ඒ අතරේ මට කෝල් එකක් එනවා...
අයියේ මට වෙඩින් එක දවසටයි හෝම් කමින් දවසටයි හොඳ කාර් එකක් හොයා ගන්න ඕන
හරි මල්ලි දෙන්නම්... මොන වගේ කාර් එකක් ද බැලුවේ...
ටෙයොටා ඒලියන් එකක්නම් හොඳයි අයියේ..
එහෙනම් උඹට අඟහරු ලෝකෙන් තමයි ගේන්න වෙන්නේ...
ඈ.. ඒ මොකද?
ඒලියන්ලා ඉන්නේ එහෙනේ බන්... උඹ කියන්නේ ඇලියොන් එකක් නේද?
අහ්.. ඒක ඇලියොන්ද? මම හිතුවේ ඒලියන් කියලා....
ඊලඟ කතාවත් ඒ වගේ.. කොහොම කොහොම හරි මුගේ මඟුලට දින ලං උනා.... කොහොමත් පොරගෙ අයියා වගේ එදාත් අදත් ඉන්නෙ මම නිසා මට දුරකථන ඇමතුමක් ආවා.....
අභීත අයියේ.... හනිමූන් එක... මාර සීන් එක....
මොකක්ද මාර සීන් එක.. ඇයි මොකද අවුල....
නෑ.. මට ඩ්‍රයිවින් බෑනේ.. ඉතින් කාර් එකක් ගන්නවනම් ඩ්‍රයිවර් එක්කමයි ගන්න වෙන්නේ....
ඕකනේ උඹට නැව් එලවන්න පුලුවන් උනාට ඕවා බෑනේ..හරි මොකක්ද කෙරෙන්න ඕන....
අයියෙ පුළුවන්නම් උඹේ කාර් එක අරගෙන වරෙන්කෝ.. පුළුවන්නම් රංජුලා අක්කත් එක්ක වරෙන්.... මම ඔක්කොම වියදම් දරන්නම්.....
හරි උඹ දැන් කොහෙ කොහෙද යන්නේ.....
පලවෙනි දවසේ අයියේ ටොපෑස්, දෙවෙනි දවසේ හුන්නස්, තුන්වෙනි දවසෙ මීගමුවේ...
රංජුලා එක්ක එන්න බෑ මල්ලි මේ දවස්වල.. ඒත් මට තනියම එන්නත් බෑ.. මම තම්මිටයා එක්ක එන්නම්.... ඌත් එක්ක කන්දක්වත් නගින්න පුළුවන්නේ උඹලා ඉන්නකන්....
හා.. අයියේ කමක් නෑ..... එහෙනම් ඒ ප්‍රශ්නෙත් හරි....
කොහොම හරි මඟුල දවස ආවා.... ඊට පස්සේ හනිමූන් ගමන නොවැ..... ඉතින් ඒ ටික ඊලඟ කතාවෙන් බලාපොරොත්තු වන්න....
ඊ ගාවට ඉතුරු හරිය මන් කියන්නද?
ReplyDeleteබය වෙන්න එපා මං විහිළුවක් කලේ, ඒ වුනාට මාලක මොනවද කියන්න දත කනව.
ReplyDeleteවිකාරයි..... තම්මිට මල්ලිත් එක්ක ගියා නම් ආයෙ ඉතින් අහන්න දෙයක් නෑ බොලා දෙන්න අලුගුත්තේරු වැඩක් අනිවා කරන්නම ඇති
ReplyDeleteජීවන්තට ඉංග්‍රීසි බැරි වගේම හොඳටම පිස්සුද. පැණි හඳේ යද්දී තව ය එක්ක යන්න.
ReplyDeletehmm ඉතිරි ටිකත් දාමු... :)
ReplyDeleteSinhala Music Videos, Online Watch, New songs, Sinhala songs,Online watch videos ,
Sinhala Music ,Sinhala videos, Hindi music Videos, Hindi movie songs, Hindi Songs
Download music albums , videos and audios...
Sinhala songs , English Songs, Hindi Songs.. Any Song Free Download...100% FREE
Do you like to Enjoy?
A collection of interesting articles , Read nice things here
Funny , Tragedy stories, Love stories, Love Quotes , Life Quotes, Allegory,
Fairy tales, Friendship , Something to learn for life.
මට හිතා ගන්න ඇහැකි...පව් අසරණ ජෝඩුව...
ReplyDeleteමේකේ ඉතිරි කොටස බලද්දී මට ළමයිත් ඉඳියි මයෙ හිතේ(ඉක්මනට ලියන්න ඕනෑ හරි!) ...
ReplyDeleteඅභීත අයියා කොහොම හරි එයාට කාර් එකක් තියනව කියලත් අපිට කියාගත්තා .
යකෝ අර ටොපෑස් හොටෙල් එක මීගමුවෙම නේද තියෙන්නේ,,
ReplyDeleteනියමයි. ඉතුරු ටිකත් ඉකමනට දාන්න.....
ReplyDeleteබගාගෙන ගියාම අභිත අයියා මල්ටිනැෂනල්නේ....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteබිසිනස් එකේ බෝඩ් එක මාරු කර ගනින්.
ReplyDeleteරට වටේ සවාරි එක්ක යනු ලැබේ එකට අමතරව
"හනිමූන් යන්න එනු ලැබේ"
"කඳු නග්ගවනු ලැබේ"
"ලොකු වුනු ළමයි නාවනු ලැබේ"
"මගුලේ දෙවෙනි ගමනට එනු ලැබේ"
හප්පා උඹේ බිසිනස් තමයි බිසිනස් . .
හික් හික් හික්
oyala dannawada abeethata kiyanne abilin kiyala....
ReplyDeletemeke double meaning thiyenwane :)
ReplyDeleteහික්ස් ඉක්මනට ඉතුරු ටික කියන්නකෝ..........
ReplyDeleteහිකිස්.... ටොයොටා ඒලියන්......... ලොල්ය.....
ReplyDeleteඉක්මනට ඉතුරු ටිකත් ලියන්න අයියා.
ReplyDeleteඇයි යකෝ අබේපාලත් එක්ක හනිමූන් යන්න අරූට පිස්සුද හැබෑටම. රංජුලා අක්කවත් එක්කං එන බෑ කිව්වමවත් අර මනුස්සයට තේරුනේ නැද්ද මූ මොකාටද එන්නෙ කියල. දැං ඉතිං ඉතුරුටික ආයෙ මොකට කියනවද.....
ReplyDeleteහෆොයි අරූගේ හනි මූන් එක.... අපරාදේ සංසාරේ.... ජීවිතම දෙකක් නේද ?
ReplyDeleteමොන මඟුලක් කර ගනිද දන්නෙ නැහැ ...........
ReplyDeleteමොකක්ද අනේ.. කතාව නැවැත්තුවෙ?
ReplyDeleteabitha ayya ela ela
ReplyDelete