Saturday, May 7, 2011

මෙන්න තවත් පුංචි රස කතා.... ටේල්ස් ඔෆ් ජීවන්තස් ඉන්ග්ලිශ්

විවිධ රස කථා අතරේ එක එක පුද්ගලයින් ගැනත් මම කතා සීරීස් එකක් ලියලා තියෙනවනේ.... මතකනේ නේද ජනකගේ උපුල්ගේ කතා මාලාවන්... ඔව්.. අර වෙසක් කූඩු ජනකයි එබ්‍රෝඩ් ගිය උපුලුයි තමයි.... ඒ කතා මාලාව ටිකක් ජනප්‍රිය වුන හින්දා මම හිතුවා අපේ ජීවන්ත මල්ලි ගැනත් සීරීස් එකක් ලියන්න.... ජීවන්ත කියන්නේ මට අවුරුද්දක් බාල අපේ පාසැලේ බාලදක්ෂ කණ්ඩායමේ හිටපු දක්ෂයෙක්... ඕනෑම කණ්ඩායමක එක එක අවුරුදු වලට කණ්ඩායමක් ඉන්නවනේ.. ඉතින් අපේ ඉස්කෝලේ බාලදක්ෂ කණ්ඩායමේ 99 අවුරුද්දේ කණඩායමට හිටියේ ජීවන්ත මල්ලි විතරයි... ඉතින් තනියම ඉන්න බැරි නිසා ෆන් ගන්න 98 කණ්ඩායම එක්කයි කටු කන්න 2000 කණ්ඩායම එක්කයි එකතු වෙන්න සිද්ද වුන නිසා මූ ගන්ධබ්බ අවස්ථාවක තමයි හිටියේ.....




හරි.. දැන් ඉතින් ජීවන්ත මල්ලිගෙ කථා නේ කියන්න හැදුවේ... මිනිහා නාන තරමක් නාන්නේ ඉංග්‍රීසි හින්දා.. පහළ තියෙන්නේ ඒ වගේ කතා කිහිපයක්.... මේ කියන දවස්වල ජීවා එයාගේ වෙඩින් එකට ලෑස්ති වෙනවා... ඒ අතරේ මට කෝල් එකක් එනවා...


අයියේ මට වෙඩින් එක දවසටයි හෝම් කමින් දවසටයි හොඳ කාර් එකක් හොයා ගන්න ඕන


හරි මල්ලි දෙන්නම්... මොන වගේ කාර් එකක් ද බැලුවේ...


ටෙයොටා ඒලියන් එකක්නම් හොඳයි අයියේ..


එහෙනම් උඹට අඟහරු ලෝකෙන් තමයි ගේන්න වෙන්නේ...


ඈ.. ඒ මොකද?


ඒලියන්ලා ඉන්නේ එහෙනේ බන්... උඹ කියන්නේ ඇලියොන් එකක් නේද?


අහ්.. ඒක ඇලියොන්ද? මම හිතුවේ ඒලියන් කියලා....


ඊලඟ කතාවත් ඒ වගේ.. කොහොම කොහොම හරි මුගේ මඟුලට දින ලං උනා.... කොහොමත් පොරගෙ අයියා වගේ එදාත් අදත් ඉන්නෙ මම නිසා මට දුරකථන ඇමතුමක් ආවා.....


අභීත අයියේ.... හනිමූන් එක... මාර සීන් එක....


මොකක්ද මාර සීන් එක.. ඇයි මොකද අවුල....


නෑ.. මට ඩ්‍රයිවින් බෑනේ.. ඉතින් කාර් එකක් ගන්නවනම් ඩ්‍රයිවර් එක්කමයි ගන්න වෙන්නේ....


ඕකනේ උඹට නැව් එලවන්න පුලුවන් උනාට ඕවා බෑනේ..හරි මොකක්ද කෙරෙන්න ඕන....


අයියෙ පුළුවන්නම් උඹේ කාර් එක අරගෙන වරෙන්කෝ.. පුළුවන්නම් රංජුලා අක්කත් එක්ක වරෙන්.... මම ඔක්කොම වියදම් දරන්නම්.....



හරි උඹ දැන් කොහෙ කොහෙද යන්නේ..... 


පලවෙනි දවසේ අයියේ ටොපෑස්, දෙවෙනි දවසේ හුන්නස්, තුන්වෙනි දවසෙ මීගමුවේ...


රංජුලා එක්ක එන්න බෑ මල්ලි මේ දවස්වල.. ඒත් මට තනියම එන්නත් බෑ.. මම තම්මිටයා එක්ක එන්නම්.... ඌත් එක්ක කන්දක්වත් නගින්න පුළුවන්නේ උඹලා ඉන්නකන්....


හා.. අයියේ කමක් නෑ..... එහෙනම් ඒ ප්‍රශ්නෙත් හරි....


කොහොම හරි මඟුල දවස ආවා.... ඊට පස්සේ හනිමූන් ගමන නොවැ..... ඉතින් ඒ ටික ඊලඟ කතාවෙන් බලාපොරොත්තු වන්න....


23 comments:

  1. ඊ ගාවට ඉතුරු හරිය මන් කියන්නද?

    ReplyDelete
  2. බය වෙන්න එපා මං විහිළුවක් කලේ, ඒ වුනාට මාලක මොනවද කියන්න දත කනව.

    ReplyDelete
  3. විකාරයි..... තම්මිට මල්ලිත් එක්ක ගියා නම් ආයෙ ඉතින් අහන්න දෙයක් නෑ බොලා දෙන්න අලුගුත්තේරු වැඩක් අනිවා කරන්නම ඇති

    ReplyDelete
  4. ජීවන්තට ඉංග්‍රීසි බැරි වගේම හොඳටම පිස්සුද. පැණි හඳේ යද්දී තව ය එක්ක යන්න.

    ReplyDelete
  5. මට හිතා ගන්න ඇහැකි...පව් අසරණ ජෝඩුව...

    ReplyDelete
  6. මේකේ ඉතිරි කොටස බලද්දී මට ළමයිත් ඉඳියි මයෙ හිතේ(ඉක්මනට ලියන්න ඕනෑ හරි!) ...

    අභීත අයියා කොහොම හරි එයාට කාර් එකක් තියනව කියලත් අපිට කියාගත්තා .

    ReplyDelete
  7. යකෝ අර ටොපෑස් හොටෙල් එක මීගමුවෙම නේද තියෙන්නේ,,

    ReplyDelete
  8. නියමයි. ඉතුරු ටිකත් ඉකමනට දාන්න.....

    ReplyDelete
  9. බගාගෙන ගියාම අභිත අයියා මල්ටිනැෂනල්නේ....

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. බිසිනස් එකේ බෝඩ් එක මාරු කර ගනින්.
    රට වටේ සවාරි එක්ක යනු ලැබේ එකට අමතරව
    "හනිමූන් යන්න එනු ලැබේ"
    "කඳු නග්ගවනු ලැබේ"
    "ලොකු වුනු ළමයි නාවනු ලැබේ"
    "මගුලේ දෙවෙනි ගමනට එනු ලැබේ"
    හප්පා උඹේ බිසිනස් තමයි බිසිනස් . .
    හික් හික් හික්

    ReplyDelete
  13. oyala dannawada abeethata kiyanne abilin kiyala....

    ReplyDelete
  14. හික්ස් ඉක්මනට ඉතුරු ටික කියන්නකෝ..........

    ReplyDelete
  15. හිකිස්.... ටොයොටා ඒලියන්......... ලොල්ය.....

    ReplyDelete
  16. ඉක්මනට ඉතුරු ටිකත් ලියන්න අයියා.

    ReplyDelete
  17. ඇයි යකෝ අබේපාලත් එක්ක හනිමූන් යන්න අරූට පිස්සුද හැබෑටම. රංජුලා අක්කවත් එක්කං එන බෑ කිව්වමවත් අර මනුස්සයට තේරුනේ නැද්ද මූ මොකාටද එන්නෙ කියල. දැං ඉතිං ඉතුරුටික ආයෙ මොකට කියනවද.....

    ReplyDelete
  18. හෆොයි අරූගේ හනි මූන් එක.... අපරාදේ සංසාරේ.... ජීවිතම දෙකක් නේද ?

    ReplyDelete
  19. මොන මඟුලක් කර ගනිද දන්නෙ නැහැ ...........

    ReplyDelete
  20. මොකක්ද අනේ.. කතාව නැවැත්තුවෙ?

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...