Friday, July 15, 2011

සිංහල බ්ලොග් ලොවේ අළුත්ම ඕපාදූපය.... හිස් අහස දෙකඩ වෙයි....

අපිට කියවන්න කතා ලියපු සඳරු... කෙල්ලෝ බෑ කිව්වයි කියලා අඩා වැටිච්ච සඳරූ.... ඩබල් ක්ලික් එකෙන් ඔකඳවෙලා ආයෙ කෙළවෙච්ච සඳරු.... අද පස්වනක් ප්‍රීතියෙන් මීට මොහොතකට කලින් බුකිය හරහා මට චැට් මැසේජ් එකක් එව්වා.... මෙන්න සිද්ධිය ඇත්ත ඇති සැටියෙන්.......


අයියේ හදිස්සියක්.....


ඔව් මල්ලි.. කියන්න....


අඩේ අයියේ උඹට තමයි මේ ඉස්සෙල්ලාම කියන්නේ....


මොකක්ද බන්.....


අද සිට මම තනිකඩ නැත.. මට කෙල්ල හා කිව්වා....


අම්මට සිරි.. මරුනේ.... කවුද කෙල්ල...


උඹලා දන්නේ නෑ... මගේ උසස්පෙල කාලෙ එකට ක්ලාස් ගිය යාළුවෙක්...


හරි මල්ලි සුභ පැතුම්....


ඔන්න ඊට පස්සෙ මම පොඩ්ඩක් දැල දාල බැලුවා කොහොමද මේක උනේ කියලා.... ලව් එකට උදව් කරලා තියෙන්නේ අපි කවුරුත් අදුරන ප්‍රසිද්ධ ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක්... ඒ වෙන කවුරුත් නෙවෙයි... සිංහල බ්ලොග් කලාවේ පතාක යෝධයෙක් වෙන කතන්දර කාරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාරයන්.... දැන් ඔයාලට එනවා නේද මෙන්න මෙහෙම ප්‍රශ්නයක්....

ඈ.. හත් ඉලව්වේ.. මේ දෙන්න කොහොමද සම්භන්ධ මේ වැඩේට....

මෙහෙමයි කථාව.... සඳරු සර් උගන්නන ආයතනය ලග තියෙනවා භාහිර උපාධියට අමතර පංති පවත්වන ආයතනයක්... ඉතින් මේ අපේ සඳරූ කොල්ලත් එක්ක එකට උසස්පෙල පංති ගිය ගැටිස්සියක් ඔතනින් නිතර එහෙ මෙහෙ යනවා සඳරූට ඇහැ ගැහිලා තියෙනවා.. කොල්ලගේ හිතත් මේ කෙලීට ඇදිලා ගිහින් ඉතින් පොඩ්ඩ පොඩ්ඩ..ඔන්න ඔය අතරෙ තමයි පහුගිය දවසක කකා දාපු පෙම් කිරීමට උපදෙස් කියන පෝස්ට් එක සඳරූ කියවලා තියෙන්නෙ.... මෙන්න මෙතනින් එහාට තමයි සොයුරු සොයුරියනේ මේ කථාවේ විසිල් බල්ටි....

කථාවේ ඉතිරි කොටස ... මෙන්න මේ විරාමයෙන් පසුව.......


 සිද්ධාලේප වෙද මහතෙකි ඔබෙ ගෙදර... 

සැම වේදනාවන් කැක්කුම් යයි පැහැර.... 

වා, පිත්, සෙං සමනය කර දෙමීන... 

සිද්ධාලේප ඔසුවකි සනසන සිරුර....


සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්තයා...            "සිද්ධාලේප"

ඔන්න දැන් අර කකාගේ පෝස්ට් එක කියවපු සඳරූ මලයත් ගහලා අහිංසක සැලැස්මක්.... අර ගෑණු දැරිවිත් එක්ක ඇල්ලුවා ඔට්ටුවක්.. මොකක්ද මේ ඔට්ටුව... සංගක්කාර අයියා බැඳලා නෑ කියලා.... කෙල්ල හැපි හැපී කියනවා බැඳලා කියලා.... කොල්ලා කියනවා.. පිස්සුද බැඳලා නෑ කියලා... අන්තිමේ ඔට්ටුව පැරදිලා රුපියල් දෙසීයක්ම වටිනා චොකලට් එකක් පුදලා ඇවිත් රෑ වෙලා කෝල් එකක් දෙනවා.. කතන්දරගේ කතාවේ විදිහටම පොරත් කියනවා මම ඔයාට චොකලට් එකක් දෙන්න ඕන නිසයි අර විදිහේ ඔට්ටුවක් අල්ලලා හිතල පැරදුනේ කියලා....

ඔහොම දිගට යන කතාව 2011.07.14 වෙනිදා රාත්‍රී 11.15ට කෙල්ල සඳරුවාට "හා" කීම නිසා ඒ කථාව නිමා වෙනවා.....

හෙට ඉතින් කොල්ල තමන්ගේ පෙම්වතිය බලන්නට යන පලවෙනි දවස.... මොනවද අරන් යන්නේ කියලා අහපුහාම කිව්වෙනම් මාරි පැකට් එකක් අරන් යනවා කියලයි.... හරි එහෙනම් ඕපෙ ඉවරයි....

එහෙනම් සඳරූ මල්ලි...., උඹටත් අනූ නංගිටත් සුභ අනාගතයක් වේවා............... මතකනේ මම මේ වගේ අයට ලියන කවිය....

සියළු සැප උතුරන....
දරුවන් ගෙදර පොරකන.....
ගෑණි බෙරිහන් දෙන....
දිනය නුඹටත් උදා වෙනු ඇත.....

ඔන්න ආයෙත් සුභ පැතුම්.....

84 comments:

  1. ආ....... සෝයි සෝයි... මගුලක් මගුලක්...
    දෙපලටම ජයවේවා....!!

    ReplyDelete
  2. මරු , මාත් ට්‍රය් එකක් දීල බලන්න ඕනි ,
    කොහොම හරි
    නව යුවලට ජය වේවා

    ReplyDelete
  3. මමත් එහෙනම් මේ ක්‍රියාව අත්හදා බලන්නම්

    ReplyDelete
  4. හරි හරි මේ පින්තූරෙ ඉන්නෙ ඔය අප්‍රසිද්ධව ඉඳපු සඳරු කොලුව එහෙනම්.
    තැන්කූ බන් මූව රටට පෙන්නුවට.

    ReplyDelete
  5. සඳරු මල්ලිට ජය සිරි මංගලම්...

    ඌ එක එක්කෙනාට වෙන වෙනම කිය කිය මහන්සි වෙන්නේ නැතුව ඉසිස්සෙල්ලාම අභියාට කිව්වේ ඇයි කියන එක ඉතා පැහැදිලියි... :D :D

    ReplyDelete
  6. අනේ බෝල අබේපාලයෝ.

    ReplyDelete
  7. එහෙනං සදරු කොළුව ගොඩගියා ආ.. වේවා ජයසිරි මංගලම් කිවුවලු..

    පලි: උඹට නම දාන්ට තිබ්බෙ අබේපාල නෙවෙයි, අබිලිං කියලා බොල.. :)

    ReplyDelete
  8. අනේ පව් සඳරූ....

    ReplyDelete
  9. කෙට්ටුයි .බත් නැහැ කොස් විතරයි කියා කියා අඬ අඬ හිටියට හොඳ හැන්ඩ්සම් කොලුවෙක්නේ මේ සඳරු මල්ලි. ඔය වැඩේ නම් හරි ඇතිම තමයි . නැත්නම් CNN එකට දෙයි යැයි උදේ පාන්දර . සුබ මංගලම් !!!!! බ්ලොග් එකේ ලියා ගන්න බැරි තරම් හදවත ඩිග් ඩිග් ගානවා ඇති . ඒකයි ප්‍රචාරණ කටයුතු වලට වෙනම ආයතනයක් යොදා ගන්න ඇත්තේ . අපිට හරීඊඊඊ සතුටුයි . එක දුකක් තියෙන්නේ උඹ දැක්ක දැක්ක ලස්සන කෙල්ලට ඔකඳ වෙච්ච හැටි ගැන කතා මිට පස්සේ රස කර කර කියවන්න නැති එක . ඒකට මොකද බොට හරියනවනම් .
    මේ අභීත අද අප්‍රේල් පළවෙනිදා නෙමේ නේද අපිට ලනුවක්ද දුන්නේ . ඔන්න එහෙම පිටින්ම ගිල්ල .

    ReplyDelete
  10. දෙපලටම ජයවේවා....!!

    ReplyDelete
  11. මුලින්ම සඳරුට සුභ මංගලම්..!

    දෙවනුව..මචං දැන් කීයක් ගන්නවද මේ දැන්වීම් දානවට..මං ඇහැව්වේ අර සිඳ්ධාලේප දැන්වීමට..?

    තුන් වැනුව... උඹටනං කිසිම දෙයක් කියන්න එපා කියල කියන්න හොඳ නැහැ නේද..? හුඹහකට හරි කට තියලා කියනකල් කට පොපියනවා වගේ ගතියක් තියේ නේද..?

    ReplyDelete
  12. ජය මංගලම් සදරු! ක.සු ගේ උපදෙස් වැඩකරලා නේද?

    ReplyDelete
  13. සඳරුට සුභ මංගලම් :) ,

    මේ ඇඩ් එකක් දාන්න කීයක් ගන්නවද , මගේ යාලුවෙක්ගේ ටොයිලට් පේපරුයි, වැසිකිලි හෝදන විසබීජ නාෂක දියර්යි හදන කොම්පැනියක් තියනව බැරි වෙයිද ඇඩ් එකක් දාගන්න

    ReplyDelete
  14. සුභ පැතුම් සදරූ... ඔඹත් නියම පොරට කිව්වේ.

    මාර ඇඩ් දැමිල්ලක්නෙ. කියක් ගෙවනවද අභීත අයියේ ඇඩ් එකට...

    ReplyDelete
  15. අඩේ සුභ පැතුම් සඳරුවො !...

    ReplyDelete
  16. sadaruta jaya wewaa....
    machan sadaru onna magenuth unusum suba pathum :)

    ReplyDelete
  17. හැමදාමත් ලවු කරන්න ගොස් කෙල වන උඹට මේ ආදරයවත් මගුලෙන්ම කෙලවර කරගන්න ලැබේවා...
    නැන්දාගේ, අම්මාගේ ආශිර්වාදය ලැබේවා.. !!!!

    ReplyDelete
  18. සුබ පැතුම් සදරු අයියා... ලගදීම කැමක්.. එල එල

    ReplyDelete
  19. හික් හික් ...ජය වේවා..... ඊයේ මහ රෑ හීනෙන් බය උනා වගේ මටත් කිව්ව....
    පාටි ඉල්ලුවම ගොයියා කිව්වා ඒ පැත්ටේ එන්නලු..අපි කෝමද දෙයියනේ ඒ පැත්තේ යන්නේ හරියකට අලින්ට මතුරන මන්තරයක් වත් දන්නේ නැති කොට....
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි....සදරු අයියේ....උඹ ඉවරයි බන්...
    ජය වේවා!!!

    ReplyDelete
  20. සදරු මල්ලි ගොඩ ගියා කියන්නේ අපට කතා ගොඩක් කියවන්න ලැබෙනවා කියන එකනේ. එහෙනම් මගෙනුත් දෙපලට සුබ පතනවා.

    ReplyDelete
  21. sadaru aiyata magenuth suba pathum....me adare wiwahaya dakwama pawathwagena yanna ashirwadaya labenna ona....

    ReplyDelete
  22. උඹ මේකද රෑ දෙගොඩහරි ජාමේ ඉඳන් කියන්න වැලි කෑවේ.., එල එල සිරාම නිවුස් එක.., අරුන් දෙන්නට ජය වේවා, උඹට ස්තූති වේවා..!! :)))

    ReplyDelete
  23. ජය වේවා සඳරුවෝ.... සුබ අනාගතයක් වේවා..


    යකෝ මේ සඳරුවා කොල්ල පොඩි කාලෙ වගේ පෙනුමක් තියෙන එකෙක් නොවැ...

    ReplyDelete
  24. අන්න දැන් තව මගුලක්

    ReplyDelete
  25. එහෙනම් ඒකත් ජයසිරි මංගලම්......... ජය වේවා ...........

    ReplyDelete
  26. සුභ පැතුම් සදරු...හැමදේම හොදින් සිද්ද වෙන්න කියල ප්‍රර්ථනා කරනවා...

    ReplyDelete
  27. සඳරු මලයට ‍මගෙනුත් සුබ පැතුම්..

    ReplyDelete
  28. පව් අප්පා එයා.. අහිංසකයා..

    දැවැද්දක් එහෙම ලැබුනොත් කතන්දරටත් පොඩි කොමිසොන්න් එකක් ලැබෙයි මයේ හිතේ...

    ReplyDelete
  29. අපොයි අසරණයා....:D
    අපිත් සුභ පැතුවයි කියන්නකෝ...!!!

    ReplyDelete
  30. අඩෝව්ස් සදරුවා සුභ පැතුම් කිව්වා.... බලමුකෝ කතාව ඇත්තනං දැං මූට පෝස්ට් එකක් දාන්නම වෙනවා අභියාට කියලා අපට හොරා ලව් කරන හිතං ඇති දැන් දීපන් අපටත් අයිසිං කේක්....

    ReplyDelete
  31. අපොයි අහින්සකයා මේ පාල මාමා ඒ පාර මේ කොල්ලව අල්ලගෙන ඕන වෙඩිමක් සුභ් පැතුම් මල්ලියා

    ReplyDelete
  32. ප්‍රියා මල්ලිත් කිව්ව වගේ අනේ අපොයි අසරණ කොල්ලා කියනව මිසක් වෙන මක්ක කියන්ටද . .

    හැබෑවට බින්දි කිව්ව වගේ දකින දකින කෙල්ලට ඔකඳ වෙලා පැනි හලන කතන්දර නැති වෙන එක ගැන නම් මටත් අම්බානක දුකයි ඈ . .

    කමක් නෑ . . .

    සෙනසුරා ලැබුවාම විශ්ණු දෙයියන්ටත් බටකොල කන්ට උනාලුනේ . .

    මූට මක්ක කන්ට වෙයිද දන්නෑ . . . .

    ReplyDelete
  33. සඳරුවෝ ඔන්න එහෙනම් අපෙනුත් සුභ පැතුම්.....!!! දෙන්නාගෙන්ම තමයි බොල... දුන්නම හරස් ප්‍රශ්න නැතිව ගනිං හොදේ....

    අපෝ අඹයට වැරදිලා වත් මුකුත් කියන්නේ නෑ.....

    ReplyDelete
  34. හොදයි.. හොදයි.. මනුස්සයත් අපි වගේ සිය කැමැත්තෙන්ම සිරභාරයට පත්වෙලා...

    ReplyDelete
  35. අඩඩා....
    එහෙනම් මෙයයි සඳරු.

    ReplyDelete
  36. හා හොදයි හොදයි.මමත් බැලුවා පහුගිය දවස් ටිකේ සදරු පේන්න හිටියෙ නැත්තෙ මොකද කියලා.එහෙනම් මේකට මහන්සි වෙලා.ජයසිරි මංගලම්..

    ReplyDelete
  37. හැබැයි කතන්දරගෙ බ්ලොග් එක කෙල්ල කියවපුදාට වැඩෙ අජපල් වෙයිද දන්නෙ නෑ..... :D

    සදරුට උඹට නිවන් සුව.... !!!

    ReplyDelete
  38. සඳරු කොල්ලට මගෙනුත් සුබ පැතුම්.. .වැඩේ කරලා නේද කිරිගහට ඇන්නා වගේ...

    ඒ උනාට අභියා මෙදා පාර සිද්ධාලේප මුදලාලිගේත් දතක් ගලවලාද කොහෙද... අනේ අනිච්චං

    ReplyDelete
  39. මීට වඩා හොඳ නැද්ද අභීත අයියේ උඹ මාව මරාගෙන කෑවනම් ? . මම උඹ ගැන රට්ටු කියන කතා තඹේකට මායිං කොලේ නෑ අනේ මම වගේ මීහරකෙක් ...

    උඹට ඉස්තූතියි බං . හම්බවෙයකෝ මට !

    ReplyDelete
    Replies
    1. එතකොට අර පත්තරේ ලිපිය දැකලා කතාකරපු මාමණ්ඩි කෝ දැන්??? මට පිස්සු වගේ අප්පා

      Delete
    2. හයියෝ කතන්දර සූරින්ගේ ලින්කුවකින් ආවේ මේ පරණ ආරංචියක්නේ හි හි

      Delete
  40. මෙන්න තවත් අනුග්‍රාහක නිවේදනයක්!

    ජන-අප්‍රිය කොණ්ඩ(නැති)දෙනියේ ගුරුකම්
    අප දුන් ගුරුකමක් වැරදුනේ නැත.
    හරි ගිය පසු ගාස්තුව
    පේ-පැල් පහසුකම් ඇත.

    විමසන්න පාල ඩෙන්ටල් බාරේ

    ReplyDelete
  41. සුබ පැතුම් සඳරු... ආහ් බන් මල්ලියේ. උම එය විදිහටමයි මටත් පණිවිඩය කීවේ...“ අක්කෙ මං අද ඉදල දෙකඩ වුනා, ඔන්න අක්කට තමයි ඉස්සෙල්ලම කීවේ“

    දැන් බැලුවම කාටත් ඉස්සෙල්ලම කියලා....හෙහ් හෙහ්..

    සුබ පැතුම් කොල්ලෝ...

    @ කතන්දර
    කොල්ලන්ට විතරද ඒ ආදර පාඩම.. ???

    ReplyDelete
  42. අම්මෝ ඇති යන්තම් සඳරුවා ගොඩ ගිහින්...

    ReplyDelete
  43. සුභ මංගල්‍යයක්

    ReplyDelete
  44. වැඩේ ඇත්තනම් සුභ මංගලම් කිව්වා. සඳරු බ්ලොග් එක වහයි වගේ එහෙනම් !

    ReplyDelete
  45. අනේ වාසනාවන් සඳරු අයියේ....එල එලැ

    ReplyDelete
  46. අහෝ අහිංසක හිස් අහස......

    ReplyDelete
  47. සදරුවෝ . . . ඕක කරගන්න නෙ උඹ මෙච්චර දවස් තෙපරබෑවෙ . . . . දැන් කාල වරෙන්කො . . . . . (සුබ පැතුම් ඈ . . .)

    ReplyDelete
  48. @ දුකා,
    මූට කන්න වෙන්නෙ ඉතිං කොස් තමයි.

    ReplyDelete
  49. එකත් ජයසිරි මංගලම් කිව්වලු! සුභ පැතුම් සඳරුවෝ. අර ගොඩක් අය කිව්ව වගේ මීට පස්සෙ ඇඬෙන කතා අහන්න වෙන්නෙ නැති එක තමා දුක. මොනව කරන්නද ඉතින්. දැන් ආදර කතා අහන්න පුලුවන් නෙ. සඳරුවෝ උඹට නිවන් සුව!

    ReplyDelete
  50. සඳරුට සුභ පැතුම්.
    (නියම තැනට පණිවිඩේ කියලා තියෙන්නෙ; වියදම් අඩු ප්‍රචාරක ක්‍රමයක්.)

    ReplyDelete
  51. සදරු මලයෝ ජයසිරි සුබ මංගලම්....!!!!

    මටත් කියන්න තියෙනේ දරුමල්ලෝ දුසිමක් විතර ලෑබි සෑපෙන් සනිපෙන් යුග දිවිය ගෙවන්න ලෑබේවා කියලා තමා..

    ReplyDelete
  52. හිස් අහස මින්මතු හිස්වනු නැත තවත්...

    සුභ පැතුම් !!!!

    ReplyDelete
  53. ජය වේවා සඳරු වෝ!!!! අභී අයියගේ සිද්ධාලේප ඇඩ් එක නම් නියමයි හොඳේ...

    ReplyDelete
  54. ඒ කියන්නේ අභීත අයියේ... අපිට හෙන ටුවර් එකක් යන්න වෙයි වගේ...
    දැම්ම තියා වාහන ටික ලෑස්ති කරගනින්...

    ReplyDelete
  55. සඳරූ මලයට සුභ පැතුම්....
    අභීත ප්‍රචාරක ෙස‍්වයට ප්‍රණාමය....

    ReplyDelete
  56. සඳරු මලේ නිකං වට් මේ පෝස්ට් එක ඒ කෙල්ල දැක්කොත් උඹ ඉවරයි. ඒ නිසා අර රංග බාරේ හැකර් කෙනෙක් වත් එවපන් මේ සයිට් එක කෙළවිලා යන්න.

    අබේ පාලගෙ කවිය තමා කවිය! ඕක ඝන පිහිටුවල කියපන්කො අර මාරයට!

    ReplyDelete
  57. අඩෝ වස් කවි කියලා එහෙම අහු වෙනවා නෙවෙයි..මරනවා..:D

    ReplyDelete
  58. වැව් ඉස්මත්තෙ ඉන්න ඇඩ්ඩිං මාමගෙ එලිච්චියො ටිකට නිදහසේ හිටියෑකි..:D

    සඳරු මලයා...

    behind every successful man there is a woman,
    behind every unsuccessful man there is women,

    සඳරු අලුතෙන් පෙරලූ ජීවිත පරිච්ඡේදයටත් අහීත මහතා අලුතින් ඇරඹූ ප්‍රචාරණ සේවයටත් උනුසුම් සුබ පැතුම් !!!

    ReplyDelete
  59. Maru maru godak sathutui.hangan hetapu face akath dakka.thanx.ok ok hadawathenma suba pathanawa sandaru ayiyata...

    ReplyDelete
  60. පවු සඳරුවා ඌත් ඉවරයි එහෙනම්.. ඔක කරගන්නකන් නින්ද ගියෙ නැහැනෙ.. දැන් විඳවපන්....

    ReplyDelete
  61. ඔන්න්.......න බලන්න්.......න, වාසනාවන්ත පාද දෙකක් ගම් තුලානට ඇවිත් ගියාම වෙන දේ...! හ්ම්ම්..හ්ම්ම්ම්..

    ReplyDelete
  62. දැන් ඉතින් අහස තවදුරටත් හිස් නොවනු ඇත. සුළං කුරුල්ලෝ ආදර උයනේ දොරටුව ඇරගෙන හිස් අහස පුරා හෙමින් ඉගිල්ලෙන බව පෙනේ.
    සිහින පොතේ පෙරළුණු පිටුවේ ආදරය ලියවී ඇත. සඳරුට ආදර බර හෙට දිනකට අසිරි!

    ReplyDelete
  63. පස් වනක් ප්‍රීති ..... ප්‍රීතී ........
    සඳරු මලයට ජයසිරි මංගලම් ..........
    හදවතින්ම සුබ පතනවා මලයා ......

    @අබේපාල මාමා,

    නරකද මංගල සේවයක් එහෙම පටන් ගත්තොත් .......

    ReplyDelete
  64. සඳරුව ගොඩ යාම ගැන හීනියගේ බලවත් ප්‍රීතිය ඕං......උඹට ජය...

    නැහැයි කිව්වට උඹටත් ජය අබේපල මාමේ....

    ReplyDelete
  65. විනාසයක් නේ.. නැනැ වෙඩිමක් :D :D

    ReplyDelete
  66. වැඩිය කාටවත් කියල නෑ.ජය වේවා !

    ReplyDelete
  67. ජය වේවා.. සඳරු මල්ලී.. දෙවෙනි පාරටද මංදා..

    ReplyDelete
  68. අඩ් ඩඩ්ඩේ සඳරුවෝ....සුබම සුභ අනාගතයක් මචං....

    ReplyDelete
  69. සඳරු ගේ බ්ලොග් එක කියෙව්වට ඒ පැත්තේ තම එක කොමෙන්ටුවක් වත් දැම්මේ නැහැ. ඉස්සෙල්ලම සඳරු ට සුබම සුබ අනාගතයකට wish කරන්න ලැබුන එක කොච්චර දෙයක් ද..
    සුබපැතුම් සඳරු මල්ලි...

    ReplyDelete
  70. දැන් ඉතින් එකක් සැට් උන හින්දා අලුත් එකක් දැක්කම ඔකද වෙන ගතිය මග ඇරිලා යයි මගෙ හිතේ...... කම්පියුටර් ඉගෙන ගන්න ආපු බිසෝ මැණිකෙලට තාම පාඩුව... ඩබල් ක්ලික් කරන හැටි දැන උවමනාවෙන් කියා දෙන එකක් නෑ මේ සදරැවා........ මගේ සුභ පැතුම් !

    ReplyDelete
  71. සියළු සැප උතුරන....
    දරුවන් ගෙදර පොරකන.....
    ගෑණි බෙරිහන් දෙන....
    දිනය නුඹටත් උදා වෙනු ඇත.....
    ඒක නන් එල :D

    ReplyDelete
  72. සයිබරේටම නිව්ස් එක අභීත අයියගෙන් දෙන්න පුලුවන් නිසා පටස් ගාලා මතක් වෙන්න ඇති සදරූට මෙයාව

    ReplyDelete
  73. සඳරූ.... අය්යගෙන් අපිට හෙල්ප් එකක් ගන්න බැරි වෙයිද ?

    ReplyDelete
  74. ධර්මදානය සඳහා මේ තොරතුරැ හිතවතුන් අතර බෙදා ගන්න ෴
    යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස .......
    http://dahamvila.blogspot.com/

    ReplyDelete
  75. සඳරුට ‍මගෙනුත් සුබ පැතුම්..

    ReplyDelete
  76. ඇයි බන් සදරුව දැන් ලියන්නේ නැත්තේ ?

    ReplyDelete
  77. සඳරු මලයාගේ නොම්බරයක් තියනවනම් කෝල් එකක් දීල බලන්න පුලුවනිද මු මොකද ලියන්නේ නැත්තේ කියල. උඹලා හැමෝගෙම බ්ලොග් කියෝන මමත් ඔන්න බ්ලොග් එකක් හැදුව. එත් උඹල තරම් වැඩ කෑලි දාන්නනම් දන්නේ නැහැ. පුලුවනිනම් උදව්වක් කරහල්ලකෝ මේක හද කරලා ගන්න.
    මේක තමයි බ්ලොග් එක http://ambalangodakatha.blogspot.com/

    ReplyDelete
  78. මචං please සඳරු ලියන්නේ නැත්ත්ඒ ඇයි බලනවද

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...