Meemure Jungle Resort

Thursday, December 26, 2013

බීච් පාටි වගේ නෙමෙයි මෙන්න මෙව්වා......

ඔබේ බිරිඳ ඔබ බොනවට අකමැතිද කතාවේ දෙවෙනි එක ලියන එක පොඩ්ඩක් පැත්තකින් තියලා වෙන මාතෘකාවක් ලියන එකට සමාව දෙයි කියලා හිතනවා කියවන කට්ටිය.. පහුගිය දවස්වල තිබ්බ සයිබර් බීච් පාටි එකට යන්න හිතාගෙනම හිටියත් අධික කාර්‍ය බහුලත්වය නිසා ඒකට යන්න බැරි වුනා.. ඒත් ඉතින් අද මාතෘකාව දැක්ක ගමන් කට්ටිය එයාලගේ ආතල් කුඩු කරන්න හදනවා කියලා රෙදි උස්සගෙන බනින්න හැදුවත් කරන්න දෙයක් නෑ.. මේ කථාව කියන්නම වෙනවා...

කියවන හැමෝම දන්නවනේ මම මේ දවස්වල මීමුරේ කඳවුරු භූමිය නිසා ඉතාම කාර්‍ය බහුලයි කියලා.. මේ මාසෙටම කොළඹ ඉන්න තුන්වෙනි දවස තමයි අද.. ඒ නිසා ඒ දවස් තුනෙන් ලැබුණු පොඩි වෙලාවෙදි බ්ලොග් එක නොලිව්වොත් මේ මාසෙට බ්ලොග් ලිපියක් දාන්නම වෙන්නේ නෑ.. ඒ මම ආයෙත් හෙට මීමුරේ ගියාම එන්නේ ලබන අවුරුද්දේ නිසා... හරි.. දැන් ඇති නේ වටේ ගියා.. කථාවට යමු..

ගිය මාසේ එක්තරා දවසක විදේශ ගත වෙලා හිටපු බ්ලොග් කරුවෙක් මගේ මීමුරේ කඳවුරු භූමියට ආවා... ඔහු ඇවිත් මගේ සේවකයින් සමඟ ඉතාම කුළුපඟ වුනා වගේම මීමුරේ ගැන සැබෑ අවබෝධයකුත් ලබා ගත්තා කිව්වොත් ඉතා නිවැරදියි... එදා තමයි මීමුරේ කුඹුරු හරක් නැතිව හෑවෙත්... මගේ සේවකයින් වෙච්ච සුදු මල්ලිගෙනුයි, තිලකෙගෙනුයි ඔහු අහපු ප්‍රශ්ණේ තමයි 

"මචන්.. මේ ගමට අපෙන් මොනාද වෙන්න ඕන" කියන එක..

තිලකෙගෙයි, සුදු මල්ලිගෙයි උත්තරේ වුනේ

" ළමයි 21ක් ඉන්න ඉස්කෝලෙට මොකක් හරි ආධාරයක් කරන්න පුළුවන්නම් හොඳයි මචන්" කියන එක..

ඒ ගැන පොරොන්දු වෙලා ඔහු කොළඹ ආවා.. දින කිහිපයක් යද්දි මට අමතපු ඔහු සහ මම අතරේ වෙච්ච දෙබස තමයි මේ..

මචන් අභියා.. මම මගේ යාළුවොත් එක්ක කතා කලා.. උන් රෙඩි මොනවහරි කරන්න.. උඹ විදුහල්පති තුමාට කතා කරලා වෙන්න ඕන මොකද්ද කියලා කියහන්...

එල මචන්.. මම කියන්නම්.. මට විනාඩි කිහිපයක් දියන්...

හැරෙන තැපෑලෙන් මම ගත්තා විදුහල්පති තුමාට..

සර්.. මම අභීත.. මගේ ගිය සතියේ ආපු යාළුවෙක් කැමතියි ඉස්කෝලෙට ටිකක් ලොකු අධාරයක් කරන්න.. දැනට වෙන්න ඕන ව්‍යාපෘතිය මොන වගේ එකක්ද?

අනේ පුතා.. වැඩ තුනක් තියෙනවා.. එකක් වැසිකිලි ප්‍රශ්ණේ.. අනික ඉස්කෝලෙට විදුලිය ගන්න වයරින් කර ගන්නත් ඕන.. තව එකක් මගේ හිතේ තියෙනවා.. ඒ තමයි වේදිකාවක්.. මේ ලමයි ඩෙස් එකට තියලා බැඳලා තමයි වේදිකාව හදාගන්නේ... ඉතින් උත්සවයක් ඉවර වෙනකම් ඇගේ ලේ නෑ කොයි වෙලාවේ කවුරුහරි ඇදගෙන වැටෙයිද කියලා.. ඒක තමයි මම හිතන්නේ කරන්න පුළුවන්නම් හොඳම දේ කියලා...

හරි සර්.. මම මේ ගැන එයාට කියලා බලන්නම්...

මම මේ තත්වේ මම ඔහුට කිව්වා.. අන්තිමේ අපි ඔක්කොම එකතු වෙලා වේදිකාව හදන වැඩේ කරමු කියලයි කතා වුනේ..

ඊට දවස් දෙක තුනකට පස්සේ ඔහු මීමුරේට ආවේ අවශ්‍ය මුදල් එකතු කරගෙන.. මම බොහොම පොඩි ගානකින් සම්මදම් වෙලා ගනන රවුම් කරලා දුන්නා... පොඩි උත්සවයක් තියලා එක භාර දීලා ඔහු විදේශ ගත වුනා.. 

සති දෙකකට පස්සේ වේදිකාව විවෘත කලා.. ඒ හරියටම දෙසැම්බර් පස් වෙනිදා...

මේ තියෙන්නේ මීමුරේ පොඩි එව්වෝ වේදිකාව උඩ දක්වපු දක්ෂතා...




මේක දැකපු මට මතක් වුනේ සුනිල් එදිරිසිංහගේ මේ සින්දුව..

කළගෙඩි නැටුමට කළගෙඩි සොලවති
නල වතුරෙන් සැනහුනු දරුවෝ...
ගොයම් නැටුමකට දෑකැති ළෙලවති
කුඹුරක් ඇහැ නොගැටුණු දරුවෝ...

දෙපා සැලෙන මුත් බෙර පද තාලෙට 
කරළිය හිමි නැති අපේ ළමයි...
හේනට කුඹුරට ගත සවි දිය කර 
කරළිය අභියස බලා හිදියි...

මේ සින්දුවේ නියම අරුත මම ඇහෙන් දැක්කේ එදා.. මේ ඒ ළමයි ගැන විදුහල්පති තුමෙක් ලියපු අපූරු කවි පන්තියක්.. උපුටා ගත්තේ චින්තක අබේරත්න අයියගේ මීමුරේ ඇල්බම් එකෙන්.. මේ තියෙන්නේ ඒක...




මෙහෙව් දරුවන්ගේ කුසලතා ලෝකයට පෙන්නන්න පොඩි හරි අඩියක් තිබ්බ එකට උඹලට පින් මචන්... නම සඳහන් නොකලේ උඹලටත් මොකටද නිකන් ලේබල් අලවන්නේ කියලා හිතුන නිසායි...


ප.ලි. බීච් පාටි එකට එන්න බැරි වෙච්ච එක ගැන දුක හිතෙනවා... ඒත් වෙනදා වගේම මෙවරත් මගෙන් ලැබිය යුතු සහයෝගය දුන්න නිසා හිතට සතුටුයි ටිකක් විතර.. 

Saturday, November 30, 2013

ඔබේ බිරිඳත් ඔබ බොනවට අකමැතිද? මෙන්න මෙහෙම වෙලා තියෙනවද?



මේකට තියෙන්නේ ඉතා සරල උත්තරයක්.. 

කොයි බිරිඳද තමන්ගේ මිනිහා බොනවට කැමති.. 

ඉතින් බීලා ආපු දවසට ගෙදර තියෙන අඬහැරවල නිමක් නෑ ගොඩාක් ස්වාමිපුරුශයන්ට.. ගොඩාක් ස්වාමි පුරුෂයෝ බිරිඳගේ චුරු චුරුව අහන්න බැරි නිසාම කසාඳ බැන්ද ගමන් බීම නවත්තනවා... ඇයි බොන එක නැවැත්තුවේ කියලා බිරිඳ අහපුහාම...

 "ඔයාට තියෙන ආදරේට අනේ මම බොන එක නැවැත්තුවේ.." 

කියලා තව ලකුණකුත් දාගන්නවා.. ඔන්න ඔහොමයි රටේ තත්වේ... බීපු ස්වාමි පුරුශයොයි නොබීපු බිරිඳයි අතර ඇති වෙන නොහොඳ නෝක්කඩු ගොඩාක් සාමන්‍ය සිදුවීමක්.. ඔය දේ මටත් පොදුයි.. ඒත් මම ඉතා කලාතුරකින් මත්පැන් පානය කරන ගොඩට අයිති වෙන නිසා, එච්චර නෙවෙයි කොහොමත් අවුලක් වෙලා නෑ තවම...   

අද ඉතින් කියන්න යන්නේ ඒ වගේ සිදුවීම් කිහිපයක්.. අද මේ කතාවේ ප්‍රධාන චරිත තුන හමුවෙලා සොඳුරු මොහොතක් ගත කල නිසා මේ අතීත සිද්ධි මතක් උනා.. වටේ නොයා පඳුරු නොතලා කථාවට යමු නේද?

ධනායි මායි සමුද්‍රයි කියන්නේ පාසැල් කාලයේ ඉඳලම යාළුවෝ.. එක ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිටීම නිසා ඒ බැඳීම දෙගුන තෙගුන වුනා.. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෝ වෙද්දි, ධනෙයා ප්‍රධාන ශිෂ්‍ය නායකයා වුනා.. ඉතින් ඌ යටතේ අපිත් වැඩ කරගෙන ගියා.. මේ ටික සහ ඉදිරියේ ටික මම කියන්නේ අපි තුන්දෙනා ගැන කියවන ඔයාලට වටහා ගැනීම පිණිස.. ධනෙයා අපි ගන්න ආතල්ම ගත්තේ හරිම මොලේ ඇති විදිහට.. ඌත් කරන්න තියෙන ඔක්කොම නොසන්ඩාලකම් ටික කලා.. ඒත් කවදාවත් මාට්ටු වුනේ නෑ.. සමුවයි මමයි එහෙම නෑ.. උපරිම ආතල් අරගෙන හත්පොලේ ගා ගෙන තමයි වැඩ කලේ.. මොනව වුනත්, වෙන්න තිබ්බත් අපිට ඒකේ වගක් තිබ්බේ නෑ.. අද ධනෙයා රජයේ ප්‍රධාන බැංකුවක නීතිමය පැත්තේ ටිකක් තදයෙක්.. සමුද්‍ර පුද්ගලික ආයතනයක විධායක නිළධාරියෙක්.. මම ගැන ඉතින් ඔයාල දන්නවනේ.. පාසැල් ජීවිතෙන් පස්සේ අපි තුන් දෙනාම එක බෝඩිමේ හිටියේ.. එකම කාලෙක විවාහ උනේ.. ඒත් අද මුණ ගැහුනේ අවුරුදු 2කට විතර පස්සේ.. හරි දැන් කථාව..

අපි තුන් දෙනා එකට ඉන්නකොට පොඩි මධුවිතකින් දෙතොල තෙමන්න අපි අමතක කලේ නෑ.. විවාහයෙන් පස්සේ උනත් අපි ඒ පුරුද්ද අත ඇරියේ නෑ..    මමයි රන්ජුයි විවාහයෙන් පස්සේ පුංචි ඇනෙක්ස් එකක පදිංචි වුනා.. මට කලින් ධනෙයා විවාහ වෙලා හිටියේ.. ඉතින් මමයි රංජුයි කතා වුනා මුන් ටිකට පොඩි සාදයක් පවත්වන්න අපේ ඇනෙක්ස් එකේ.. සාදයට පස් දෙනයි.. කෑම බීම අපිත් ගොඩාක් ගෙනත් තිබ්බා.. මුන් තුන් දෙනත් තව ගෙනත් තිබ්බා.. ඊට අමතරව මුන්  දෙන්නා අපි ප්‍රියකරනම වර්ගයේ මත් පැන් බෝතලේකුත් අරගෙන ආවා.. එයාලට බැරි වෙලාවත් බැරි වුනොත් කියලා, මමත් ඒ වර්ගෙන්ම භාගයක් ගෙනත් තිබ්බේ.. දැන් සාදය යනවා.. නොයෙකුත් විහිළු තහළු, අනාගත ජීවිත සැලසුම්, මඩ ගහ ගැනීම් ආදී විවිධ මාතෘකා ඔස්සේ කථාව යද්දි කෑම වර්ගත් එක එක මේසෙට ආවා.. නිසි වෙලාව එද්දි අර බෝතලෙත් ආව අනෙක් විච්චූරණ ටිකත් එක්ක... ධනෙයගේ බිරිඳගේ මූණ ඇබුල් වුනත් අපට විරුද්ධ වෙලා තේරුමක් නැති නිසා කට පියාගෙන හිටියා ඔන්න ඔහේ... බෝතලේ භාගේ සීමාව පනිද්දි ඔන්න ධනෙයගේ බිරිඳගේ කමෙන්ට් ටික ටික මතු වෙනවා...

මේ ඇති නේද දැන් බීවා....

දැන් නම් මෙයාලට හොඳටම වෙරි වගේ.. නේද රංජුලා...

ඔහොම බොන්න එපා මනුස්සයෝ...

අපි තුන් දෙනාගේ කටවලුත් ටිකක් හොඳ නිසා උන්ඩ ටික වලකාගෙන බෝතලේම හිස් වුනා... මේ ඊට පස්සේ අපේ වචන...

අභියා.. මදි වගේ නේද?

තව භාගයක් නම් තියෙනවා.. ඔන්න ඔහෙ එකත් ගහමුද?

අනේ ගෙනෙන් බන්.. මොකෝ අපි හැමදාම බොනවයැ..?

හිටහන් මන් අරන් එන්නම්..

ඒ එක්කම ධනෙයගේ බිරිඳගේ කට...

මේ බීවා ඇති දැන් ඔයාලා...

මොකටද ඔහොම බොන්නේ...

ඔය බීපු ටික ඇතිනේ....

වැඩේ ටිකක් නැගලා යනවා... මම කොහොම හරි භාගේ ගෙනත් තිබ්බා මේසේ උඩින්... තිබ්බ ගමන් ධනෙයගේ බිරිඳ ඒක උදුරගෙන දිව්ව කුස්සියට...

අපි ඉතින් සීරියස් ගත්තෙ නෑ... 

ඒත් පරක්කුයි කියලා දැනෙද්දි අපිත් දිව්ව මොකද මේ කරන්නේ බලන්න.. අපේ පපුව සීතල වෙලා ගියා දැක්ක දසුනට.. අනේ අර භාගේ හච හච ගාලා මෙයා සින්ක් එකට හලනවා... අයියෝ සල්ලි කියලා හිතුනා.. ඒ වෙලාවේ නිකන් දුකයි වගේ දැනුනත් මදි නොවුන නිසයි හලපු එකත් සාධාරන නිසත් අපි ඒක විහිලුවෙන්ම අමතක කරලා දැම්මා..

අද මුණ ගැහුනම ධනෙයා අළුත් ආරන්චියක් කීවා..

මම බොන එක නැවැත්තුවා මචන්... දැන් අවුරුද්දක් විතර ඇති..

මගෙයි සමුවගෙයි දෙන්නගෙම කටින් එක පාරටම පැන්නේ එකම වාක්‍යයක්..

ඔව් ඉතින් සල්ලි දීලා ගෙනත් සින්ක් එකට හලනවට වඩා ඒක හොඳයි මචන්...

ධනෙයගේ බිරින්ඳගේ මූන ලැජ්ජවෙන් පිරෙනවා මම ඇහේ කොනින් දැක්කා...

දෙවෙනි කථාවට ඉඩ මදි වගේ... ඒක දාන්නම් පස්සේ.. තව දවස් දෙකක් දෙන්නකො....

ප.ලි. :ඔය උඩ පින්තූරේ තියෙන්නේ අපි ඒ කාලෙ ආසම බ්‍රෑන්ඩ් එක තමයි...

Wednesday, November 27, 2013

මොන මගුලකටද බන් මේ සයිබර් ගෙට් ටුගෙදර්......

ඡායාරූප අයිතිය වැපා සතු වන අතර නිර්මාණීය අයිතිය රන්දිකා සතුය...
දැන් මේ බ්ලොග් අවකාශෙ ඇතිවෙලා තියෙන අළුත්ම හා හූව තමයි ඊලඟ 21 වෙනිදා තියෙන බ්ලොග් සුහද හමුව.. මටත් කීප දෙනෙක් කථා කලා... ඒත් සති අන්ත ගොඩාක් ගෙවෙන්නේ මීමුරේ නිසා තවමත් සැකයි එන්න පුළුවන්ද බැරි වෙයිද කියලා.. මම අද කියන්න කතා කලේ ඇයි මේ ගෙට් ටුගෙදට් සංවිධානය කරන්නේ කියලා.. මෙලෝ වැඩකට නැති වැඩක් මේක... මොන කරුමෙකට මේවා සංවිධානය කරනවද මන්දා.. කාලා බීලා ජොලි කරලා නටලා ගෙදර ගිහින් ෆොටෝ ටිකක් දාලා.. අනේ මන්දා ඉතුරු ටික නම් ඉතින්... 

මතකද මේ බ්ලොග් සෙට් වීම් වල සුල මුල...

මේ තියෙන්නේ ඒ ඡායාරූප....

මේ තියෙන්නේ පළවෙනියටම මම සෙට් වුන බ්ලොග් කට්ටිය... මේ 2010 සැප්තැම්බර් මාසේ පොත් ප්‍රදර්ශනේ...

මෙන්න පින්තූර ටික... පේන්නේ නැති අය වැප් නිශාන්ත මල්ලිට මිතුරු ඉල්ලීමක් කරන්න....

මේ තියෙන්නේ දෙවෙනි එක... වැද්දයි වැද්දියි කොළඹ ආපු එක අපි සැමරුවේ මෙන්න මෙහෙම.... 

මෙතන තියෙනවා ඔන්න පින්තූර ටික....

මේ තියෙන්නේ පළවෙනි සුහඳ හමුව... මෙතනත් ඉන්නෙත් බ්ලොග් කියන කන්සෙප්ට් එක කණපිට හරවපු සෙට් එකක්.. මේ තැන නම් හොඳට හුරු පුරුදු තැනක් මගේ හිතේ...

මෙන්න ඒකේ පින්තූර ටික...

මේ ගෙට් වල අවසන් ප්‍රතිපලය උනේ වයික්න් බස් එකක් පුරෝලා 15ක් විතර ට්‍රිප් එකක් ගිය එකයි.. මට දත් දොස්තර කියලා කාඩ් එකක් වැදිච්ච එකයි.. මේ තියෙන්නේ ඒ සොඳුරු ගමනේ පින්තූර..

මෙතනින් බලන්න..

ඊට පස්සේ ඉතින් සයිබර් ෆෙස්ටිවල්.. විවිධ හමුවීම් ආවනේ ඔයාල දන්න.. ඒවා මම මෙතන කියලා වැඩක් නෑනේ...

එහෙනම්.. කට්ටිය සෙට් වෙන්න 21 වෙනිදට.. වැඩි විස්තර සංවිධායකයන්ගෙන් අහගන්න... මමත් ඉඩක් ලැබුනොත් අනිවාර්යයෙන් එනවා...

එහෙනම් ජය වේවා කිව්වා... මොනවා වුනත් සයිබර් හමුවීම් හරිම සුන්දරයි....

Monday, November 25, 2013

ඉස්කෝලෙදි බත් එක කාපු හැටි මතක අය ඉන්නවද?


මට මේක ලියන්න මතක් වුනේ හර්ශන මල්ලිගේ පෝස්ට් එකක් කියවමින් ඉද්දි... පාසැල් කාලය ගැන මම ගොඩාක් ලිව්වත් අමතක වෙලා තිබ්බ එක සීරීස් එකක් තමයි අපි ඉස්කෝලෙදි බත් කාපු හැටි.. කියවන හැම කෙනාටම පොදු හින්දද කොහෙද මේක ගැන ලියවෙලාම නැති තරම්.. ඒත් මේක හරිම සුන්දර මාතෘකාවක්.. බත් පතට පොර කාපු නැති කවුරුත් බ්ලොග් අවකාශෙ ඉන්නවද කියලත් මට සැකයි...

එක වසරෙ ඉදන් පහ වසරට එනකන් මේ මාතෘකාවෙදි අපි හරිම විනීතයි.. අම්මලා ගෙදරින් ගෙනත් දෙන බත් පැකට් එක කාලා ඒක අයෙත් ඔතාගෙන ගෙදර ගියා.. පහ වසරෙන් පස්සෙ බාලදක්ෂ, පැසි පන්දු වගේ ඒවා නිසා ටිකක් අසංවර වුනාට ලොකු බලපෑමක් උනේ නෑ.. 9 හා 10 වසරට එද්දි මතකද අපි පන්තියේ අනිත් උන්ගේ කෑම එකට එබුනා අපි කන්න කැමති කෑම තියෙනවද බලන්න.. හාල් මැස්සෝ කන්න කොච්චර කැමති වුනාද කියනවානම් මට හාල් මැස්සා කියලා කාඩ් එකකුත් වැටුනා ඒ කාලේ.. අන්තිමට මොකෙක් හරි හාල්මැස්සෝ ගෙනාවොත් මට ගෙනත් දෙන ප්‍රවනාතාවකුත් ඇති වුනා.. අප්ප.. 11 වසර.. ඒ ගැනනම් කතා කරලා වැඩක් නෑ.. තත්ත්වේ වඩා බර පතල වුනේ උසස් පෙළදි.. කතා එනවා මතකෙට හෝ ගාලා.. ඒකෙන් කිහිපයක් තෝරා ගන්න එක තරම් අමාරු වැඩක්.. මතකෙට එන පිළිවෙලට ඔන්න ලියනවා ඔන මල ඉලව්වක් කියලා...

ඉස්සර, ඒ කියන්නේ 10,11 වසරෙදි මගේ බත් එක පන්තියේ තිබ්බ හොඳමබත් කිහිපයට අයත් වෙච්ච එකක්.. බාලදක්ශ කාමරයට, ශිෂ්‍ය භට කාමරයට ගිහින් එන පමාවට ඒක අතුරුදන් වෙලා තිබ්බා.. හප්පා.. බත් එක නෑ කියලා දැනෙනකොට පනින මල ගැන නම් කියලා වැඩක් නෑ.. අම්මත් ඉස්කෝලෙම හිටපු නිසා වැඩි කල් නොගොස්ම විකල්පයක් හොයා ගත්තා,, ඉන්ටවල් එකට ගිහින් අම්මගෙන් බත් එක අරන් ඇවිත් කනවා.. එතකොට බත් එක ආරක්ෂා වෙනවනේ.. දවසක් ඉන්ටවල් දෙනකොට මම බාලදක්ෂ කාමරේ.. එතන ඉඳන් ගුරු විවේකාගාරෙට එන්න මට පොඩි වෙලාවක් ගත වුනා.. මේ මමයි අම්මයි අතරේ වුන දෙබස..

මැඩම්.. බත් එක... (ඉස්කෝලෙදි මම අම්මට කතා කලේ මැඩම් කියලා.. )

එක අරන් ගියානේ කමල්..

ඈ.....?

ඔයා ස්කවුට් රූම් එකේ ඉන්නව කියලා බත් එක අරන් එන්න කියලා කිව්ව

දැන් ඉතින් මොකේදැයි දන්වලදන්නේ.. අරූව පාවලා දෙන්නත් බෑනේ..

අහ්.. මට අමතක වුනා මැඩම්.. මම එතනට ගිහින් බලන්නම්...

මම කෙලින්ම ගියේ පන්තියට.. ඔය කට්ටිය වට වෙලා දෙන්නේ අපූරුවට.. මම පන්තියෙන් ඇතුලට යනවා දැක්ක ගමන් අවදි වුනේ කමල් ගේ කට..

මචන්, උඹ පරක්කු වෙන නිසා මම ගිහින් උඹලගේ අම්මගෙන් කෑම එක අරන් ආවා.. උඹටත් ඕනනම් ඉක්මනට වරෙන්.. තව එක කටක් ඉතුරුයි..

අනේ උඹේ.. $%^#&##***#... මම ආපහු හැරිලා කැන්ටින් එකට ගියා..

මහේශ්.. (ලොම්බා..) අපේ උසස්පෙළ පන්තියේ හිටපු සිරාම චරිතයක්.. ඒ ලෙවල් කරද්දි අපි බත් ගෙනාවෙම නෑ.. ඒත් මූ විතරක් ගේනවා.. මූට බත් එක පරිස්සම් කරන්න වෙන්නේ ඉතාමත් කලාතුරකින් දවසක.. හැබැයි අනිවා බිත්තරයක් තියෙනවා.. මේකට විසදුමක් නැති තැන මූ පොඩි බෑග් එකක දාගෙන ඌ යන යන තැන අරන් යනවා.. කන වෙලාව වෙද්දි කොල්ලෝ ටික උගේ පස්සෙන් කඨින පෙරහැර වගේ.. දැන් මේකත් මූට අරිම වදයක්.. බත් එක දිග ඇරපු ගමන් අත් දහයක් විතර එනවා.. කලින්ම අත දාපු එකා බිත්තරේටමයි ශොට් එක දෙන්නේ..

මේකට පිළියමක් විදිහට මූ කලේ බත් එක ඇරපු ගමන් බිත්තරේ අරගෙන කට ඇතුලට දාලා ආපහු එළියෙන් තියන එක.. එකෙක්වත් බිත්තරේට අත දාන්නේ නෑ.. අපේ උන්ට ඉතින් මලේ උපරිම ඒ වෙලාවට...

එදත් සුපුරුදු පරිදි ලොම්බා බිත්තරේ කටේ දාලා ආපහු තිබ්බා.... මලේ උපරිම හිටපු කෝට්ටයා කලේ ඒ බිත්තරේ අරගෙන ඌත් කටේ දාලා පැත්තකින් තියපු එක...

ඔන්න ඕකෙන් පස්සෙ තමයි අපේ පන්තියේ තිබ්බ අන්තිම කෑම පර්සලෙත් අපට අහිමි වුනේ...

ප.ලි. මට හිතෙන්නේ මේ කෑම පිළිබඳ අත්දැකීම් බොහොම දෙනෙකුට ඇති... කමෙන්ට් වැටෙයි මම හිතන්නේ ඒ ගැන කියලා...

ප.ප.ලි : ඇනෝ ඩිසේබල් කලා.. දැන් ගහපල්ලකෝ පිනුම්..... :D :D :D

Friday, November 22, 2013

නමේ හැටියටද වැඩ.. අපරාදේ බුද්ධ කාලේ ඉඳන් පැවතගෙන එන ශ්‍රේෂ්ඨ චරිතේ....

ජීවිතේ හරිම පුදුමාකරයි... ඒක විශ්මයජනකයි... ගොඩාක් වෙලාවට අපි අතින් ගොඩාක් වැරදි වෙනවා.. ඊට වඩා අපි අතින් හොඳ දේවල් වෙනවා... ඒත් නරක හොඳ වලට වඩා ඉස්මතු කරලා ගන්නවා අපේම යාළුවෝ වෙලා හිටපු අය... මම අද කියන්න හදන්නේ කතා තුනක්.. හිනා වෙන්න නොවුනත් මේ කතාව තමයි මට ජීවිතේ ගොඩක් පාඩම් උගන්නපු කථාව... අද දවසේ උදේම මම අහපු කතාවකින් මගේ සිතේ විශ්මයක් ඇති උනා කිව්වොත් තමයි හරි... මේ තියෙන්නේ ප්‍රසිද්ධ බ්ලොග් කාරයෙක් එක්ක අද උදේ ඇති වුන දුරකථන සංවාදය

මචන්.. ගුඩ් මෝනින්ග්...

ගුඩ් මෝනින්ග් පුතා..

උඹ දැක්කද ****ගේ ස්ටේටස්...

නෑ.. ඌ මාව බ්ලොක් කරලා.. ඌ වැඩක් නෑනේ බන් මටත්.. 

උඹ ගාව කවුරුහරි බ්ලොග් ලියන එකෙක් වැඩද?

ඔව්.. **** මල්ලි මම ලඟ වැඩ...

ආ.. ඒක තමයි.. ඌ මෙහෙම ස්ටෙටස් එකක් දාලා...

අනේ බන්.. මම දෙන පඩිය ඌට දෙන්න පුලුවන්නම් ඌට අපි ඌ ලඟට ගන්න කියමු...

මෙන්න මෙහෙමයි මිනිස්සු හැසිරෙන්නේ... බ්ලොග් කාරයෝ කීප දෙනෙක් එකතු වෙලා මාව මේකෙන් එලියට දාන්න හදනවා... ඇනෝ ඇවිත් උඩ පැන පැන නටන්න හදනවා.. නමුත් බහුතරයක් බ්ලොග් කරුවෝ මම කවුද කියලා දැනගෙන මාත් එක්ක එදා වගේම ඉන්නවා.. ඒත් අවුල තියෙන්නේ පරන කුණු ගොඩවල් අවුස්සලා හීනි ආතල් ගන්න තරම් පටු ආකල්ප වලින් හෙබි මිනිස්සු මමත් විනශ කරගෙන මමත් එක්ක ඉන්න අනිත් උනුත් විනාශ කරගෙන යන්නයි හදන්නේ... ඒත් එයාල දන්නේ නෑ තමන් හෙන පොරක් වගේ ලොකු ටෝක්ස් දුන්නට ඒ ටෝක් වලින් අදාල උන්ගෙ මයිලකටවත් දනෙන්නේ නෑ කියන එක..

මම ඒත් මේකට හේතුව කල්පනා කලා කාලයක් තිස්සේ.. පහුගිය දවසක එකම පොලීසියේ හතර දෙනෙක් අත් අඩංගුවට ගත්ත කතාවේ ඇතුල හොයන්න ගියාම මගෙ ඔලුවට ආවා යම් පමණකින් ඇයි මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ කියලා.. ඉන්න මම කථාවකින්ම පැහැදිලි කරන්නම්.. වඩා පැහැදිලි කරන්න බ්ලොග් කියන වචනෙත් සම්භන්ධ කරගන්නම්...

ඔන්න එක මනුස්සයෙක් ඉන්නවා නිකම් එදා වේල ටුවර්ස් රස්සාවක් කරගෙන.. කොහෙන් හරි ලැප් එකකුයි ඩොන්ගල් එකකුයි අරගෙන බ්ලොග් එකකුත් ලියනවා.. සිංහල බ්ලොග් එකක්ම කියමුකො.. මේක කියවන බ්ලොග් රසිකයෝ ඔහු පස්සෙන් වැටෙනවා.. අනේ අයියේ කියාගෙන ඉතින් මිනිහා පස්සෙන් සෙනගක් එකතු වෙනවා... දැන් මූට මැජික්...  එදා මෙදා තුර අත්දැක නැති සමාජ තත්වය බ්ලොග් හරහා ගොඩ නැගෙනවා.. ඊට පස්සේ තමන්ට විතරක් අනන්‍ය ක්ශේෂ්ත්‍රයක් හරහා මිනිහා තවත් මේ රසිකාවියො වට කරගෙන දැන් පොරක් වෙනවා.. අර සමහරු මට කියනවා වගේම බ්ලොග් හරහා ලිංගික වාසි, හිත මිතුරන්, විදේශීය මිතුරන් සුරුට්ටුවේ ඉඳන් තෑගි බෝග මේ නොයෙක් දේවල් වරප්‍රසාද හැටියට මනුස්සයාට ලැබෙනවා.. ඒවා නොපෙනෙන්න වැහෙන්න අනිත් උන්ගේ පොඩි සිද්ධි අල්ලගෙන උන් එහෙම කරනවා කිය කිය චෝදනා කර කර උන්ව හොරු කරනවා.. ඒ අතරේ පොර හින්දා අදාල ක්ශේශ්ත්‍රයේ කාන්තාවන් අතර ගැටුම් හට ගන්නවා.. ඔහු වෙනුවෙන් වලි දාගන්නවා... මේ තත්ත්වය ඔහුව මුසපත් කරන්නට සමත් වෙනවා.. අවසානයේ හොඳ වෘත්තියක් කරන කෙනෙකුගේ පිහිටෙන් ඔහු වෘත්තිමය ජීවිතයක ඉදිරිය පිළිබඳවත් සාර්ථකත්වක් තියන්න සූදානම් වෙනවා... දැන් මනුස්සයාට හිතෙන්නේ තමන් බ්ලොග් ලෝකේ "පොරක්",, ඉතින් මේ හැම දෙයක්ම ඔහු නිසා වෙනවානම් ඔහු අවංකවම "පොරක්" විය යුතුයි... ඔහුගේ අතීතය කෙසේ උවත් ඔහු ඉතා හොඳ වෘත්තීය මට්ටමකට පැමිනීම නිසා ඔහු ඇත්තට "පොරක්" ලෙස හැඳින්විය යුතුමයි...

නමුත් ගැටළුව තියෙන්නේ "ඔහු ඒ පොරත්වය පවත්වාගෙන යන ආකාරයයි...." එය නිසි මනසින් පවත්ගන්නට බැරිව පිස්සු කෙලිනකොට ඔහුගේ හිතේ පැලපදියම් වෙච්ච පටු ආකල්ප ලෝකයාට පේන්න පටන් ගන්නවා... කොච්චර වෘත්තීය පැත්තට බර උනත්  මේ වගේ එක සිද්ධියකින් ඒ සියළු දේ වෙනස් වෙන්න පුළුවන්...

මෙන්න මේ සිද්ධිය මතකද ඔයාලට.. ජොනී විල්කින්සන් 2003 රග්බි අවසන් තරගයේ අවසන් මිනිත්තුවේ එල්ල කල ඩ්‍රොප් කික් එක..


මේ ලෝක කුසලානෙන් පස්සේ ජොනීගේ ජනප්‍රියත්වය ඉතා ඉහල ගියා.. ඒ ආපු හදිසි ජනප්‍රියත්වය ගැන එන්ගලන්ත පාපන්දු පිලේ නයකත්වය දරපු ඩේවිඩ් බෙකම් පැවසුවේ මෙහෙම දෙයක්..

"ජොනී කියන්නේ විශිෂ්ඨ ක්‍රීඩකයෙක්.. ඔහුගේ ජනප්‍රියත්වය ඔහුට හිමි ලැබිය යුතු දෙයක්.. නමුත් මේ ජනප්‍රියත්වය නිසි විදිහට පවත්වා ගන්න අපි ඔහු පුහුණු කල යුතුයි.. අපි ඔහුට උදව් කල යුතුයි" 

මේ රග්බි පාපන්දු වචනේ අයින් කරලා බ්ලොග් කියන වචනේ දාපුහාම මටත් ඒ වගේ පුද්ගලයෝ ගැන කියන්න තියෙන්නේ ඒ වගේ දෙයක්..

මම මීට කලිනුත් මෙන්න මේ ලිපියෙන් ඒ හා අදාල දෙයක් කිව්ව.. මම බලා පොරොත්තු වෙනවා මීට පස්සෙ මේ වගේ ලිපි නොලියන්න... මෙතනින් එහාට ඒ ගැන ලියනවනන් ඉතින් කියවන ඔබට පැහැදිලි වෙන්න ස්ක්‍රීන් ශොට් එහෙමත් දාලම ලියන්න වෙනවා... 

දැන් මම හොරෙක් අරකෙක් මේකෙක් කියන අය ඉන්නවනේ.. මම එහෙමමයි කියලත් කියමුකො, ඒත් ඒ කියන එයාලගේ නම බෝදිසත්වද, අජාසත්තතද, සුද්ධෝදනද එහෙමත් නැත්නම් මාරයාද කියන එක නෙවෙයි අදාල... නිකන් පජාත වැඩ කරන්න ගියාම බුද්ධ කාලේ ඉදන් එන ශ්‍රේශ්ඨ නමුත් පජාත වෙලා යනවා.... ඒක නිකන්  ඉඳිකට්ටකට යුද්ධ ටැන්කියක් කියනවා වගේ වැඩක්...

ප.ලි. පුද්ගල නාම, අපහාස සහ අසභ්‍ය වචන නැති කමෙන්ට් විතරක් පලවන බව සලකන්න..

Tuesday, November 19, 2013

බ්ලොග් එක පාලුවට යන එක වැලැක්වීම පිණිස....

ගොඩාක් අය ගොඩාක් කථා මම ගැන කියනවා... ඒකට දෙන්න තියෙන සරලම උත්තරය මට හම්බ වුනේ අද... නමින් කියන්න කොන්ද පණ නැති අය වගේම නමින් කියන අය කමෙන්ට් බොක්ස් එකේ ලියන සටහනුත් මම ඉතාම අගය කරනවා... ගොඩාක් අය මගෙන් ඇහුවා පහුගිය අවුරුද්ද පුරාම මිනිස්සු මෙච්චර අනන් මනන් කියද්දි උඹ කොහොමද උඹට නෙවේ වගේ ඉන්නේ කියලා... මේ තියෙන්නේ උත්තරේ,,,




ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්.. නමුත් අපි යන්නේ අපේ ගමන... ඒක එච්චරයි....

Sunday, September 29, 2013

හොඳම එකට කලින් පොඩි චූටි එකක්... (වීඩියෝ සහිතයි...)

මේකේ වැඩිය ලියන්න දේවල් නෑ..  මීමුරේ ධීර වැඩසටහනේ තිරෙන් පසුපස කොටසේ වීඩියෝ පටය යූ ටියුබ් වෙත මුදා හැරලා තියෙනවා තිසර මල්ලි.. මම දැන් සාමාන්‍ය සටහන් ලිව්වම ඇනෝලා ඇවිල්ලා ටිකක් හිනායන කමෙන්ට් දාල යන නිසා මට මගේ බ්ලොග් එකෙන් කරන්න දෙයක් නැතිම තරම්.. ඔන්න ඇනෝලට ආතල් ගන්න මම පොඩි ෆොටෝ එකකුත් දානවා.. මිනිස්සුන්ට කුහක ආතල් එකක් ගන්න ඉඩ දෙන එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා...

මෙන්න කියපු වීඩියෝ පටය...



මෙන්න ෆොටෝ එක...



ප.ලි. එන්න ඇනෝනිමස්... මල් පිපීදැයි බලන්න.....

Wednesday, September 25, 2013

අභියෝග දිනීම, ජයග්‍රහණ හා ඇනොනිමස්ගෙන් දිරි ගැනීම..


ජීවිත අත්දැකීම් වලින් ජීවිතය දිනන්නට ලැබීම මම නම් හිතන්නේ සැබෑ වාසනාවක් කියලයි... මමත් බොහෝ දුරට ජීවිතය සාර්තක කරගත්තේ ජීවිත අත්දැකීම් වලින්.. එහි සැබෑ ඵලය විදීමේ සුවය හිතට ගෙන එන්නේ අපූරු හැඟීම් සමුදායක්.. මම මේ දිනවල ඒ වගේ අපූරු මිහිරි සුවදායක හැඟීම් හා සිතිවිලි එක්ක සිර වෙලා.. බාධාවන් ගොඩාක් එක්ක ඒ අභියෝග ජය ගැනීම මෙතරම් විනෝද ජනකයි, තෘප්ති ජනකයි කියලා මම කවදාවත් හිතිලා නෑ.. දැනිලත් නෑ.. ඇත්තටම ඒක හරි සුන්දර අත්දැකීමක්.. මේ ඒ කථාව...

කාලයක් තිස්සේ මගේ හිතේ ඇදිච්ච හීනයක් වෙච්ච Adventure Reality TV Show එක යථාර්ථයක් වෙන්න දැන් ඉතා ලඟයි... මේ වැඩසටහනේ Pilot Episode එක.. ඒ කියන්නේ පූර්ව රූගත කිරීම.. මේකෙදි මම විසින් කලයුතු වැඩ සටහන් රාශියක් තිබුනා.. පූර්ව රූගත කිරීම් සඳහා පිරිස සොයා ගැනීම.., ඔවුන්ට ප්‍රවාහන, නවාතැන්, කෑම බීම සැපයීම, වීඩියෝ කණ්ඩායම සම්භන්ධීකරණය කිරීම, මගේ හිතේ ඇඳුනු වැඩසටහනම ඔවුන්ගෙන් එළියට ගන්න ක්‍රියා කිරීම වගේම මේ වැඩසටහන සඳහා ආයෝජනය කිරීමත් මගේ කාර්‍යභාරයක් වුනා... ඉතින් මේ සියළු දේම සති දෙකකට කලින් නිසි විදිහට සැලසුම් වුනා.. මමත් හිතේ ප්‍රීතියෙන් යුක්තව වැඩේට ලැහැස්ති වුනා.. දැන් තමයි කණ කොකා හඩන්න පටන් ගත්තේ... මෙන්න ඒ සිද්ධිය..

අංක එකටම වුනේ ලංකාවේ බැංකුවක් විසින් මට දෙන්න තිබ්බ ණය මුදල එක අත්සනක් නොමැති කම නිසා නිසි දවසට ගන්න නොලැබීම.. එතනින්ම හිතේ සැනසුම නැත්තට නැති වෙලා.. ඊලඟට වුනේ සහභාගිත්වයට එන්න හිටපු මගේ සඟයන්ට නොවැලැක්විය හැකි දින තුනක වැඩ මුළුවක් ඒ දිනවලටම සෙට් වෙච්ච එක.. දැන් වැඩෙන් 75% ක්ම ඉවරයි.. අන්තිමට වුනේ එන්න හිටපු වීඩියෝ කණ්ඩායමට අත්‍යාවශ්‍ය කර්තව්‍යයක් නිසා ඒ දිනවලට කොළඹ රැදෙන්න සිදුවීම... වැඩේ ඉවරෙටම ඉවරයි... නමුත් මේ සඳහා මම සියළුම දේවල් සූදානම් කරලා තිබ්බ නිසා මගේ හිතේ කිසිම අදහසක් ඇති වුනේ නෑ මේ කාර්‍යය කල් දමන්න.. හිතේ තිබ්බේ මොන දහං ගැටේ දාල හරි මේක කරනව කියන එක විතරයි.. අභියෝග ගොඩක්.. එකක් නම් මොනවහරි කරගත්තැකි.. මෙන්න ඒවා විසදුන හැටි..

අංක එකට ප්‍රශ්ණේ උනේ සල්ලි.. ලක්ශ දෙකක් විතර වැයවෙන වැඩසටහනක් නිසා මේක තමයි ලොකුම ප්‍රශ්ණේ.. හැමෝටම කථා කරලා සති දෙකකට ක්‍රෙඩිට් එකක් ගත්තා.. අතේ තිබ්බ සල්ලි වලින් මූලික දේවල් කර ගන්න හිතා ගත්තා.. සල්ලි ප්‍රශ්ණේ හිතුවට වඩා ලේසියෙන් විසදගත්තා...

ඊලඟ ප්‍රශ්ණේ කට්ටිය.. බ්ලොග් එකෙත් පෝස්ට් එකක් දැම්මා.. ඒක තමයි ටර්නින් පොයින්ට් එක.. ඒකට ඇනෝලා දාපු කමෙන්ට් වලින් මම හිතුවා දැන්නම් ආපහු හැරෙන්නේ නෑ.. මේ වැඩේ ඉවර කරනවමයි කියලා.. ඇනෝලාට අවංකවම ස්තූතියි මාව ගොඩ දැම්මට.. මැලවිලා තිබ්බ මගේ හිතට ජීවය පිම්බේ උඹලා.. ඒකට නම් පට්ට ස්තූතියි.. බ්ලොග් පෝස්ට් එක හරහා එක දවසෙම ටීම් එකක් සෙට් වුනත් මම හිතුවා බ්ලොග් එකෙන් ටීම් හොයන්නේ නෑ.. වෙන අතක් බලාගන්නවා කියලා.. ඇනෝලා නිසා මට මාර කික් එකක් ඇවිත් තිබ්බේ මේ වැඩේ ගොඩ දාන්න.. මේ ගැන කල්පනා කරද්දි එක පාරටම හිතට ආවේ අපේ බ්ලොග් ෆෙස්ටිවල් එකටත් ලොකු උදව්වක් කරපු කෙනෙක්ව.. එක කෝල් එකකින් ඒ වැඩේත් ගොඩ... දැන් දැන් හිතට සතුටු හිතෙනවා.. ඒ අතරේ ඇනෝලාට පින් දෙනවා හිත ධෛර්යමත් කරලා දුන්නට..

ඊලඟ ප්‍රශ්ණේ වීඩියෝ ටීම් එක.. වීඩියො කියපු ගමන් බ්ලොග් ලියන කියවන අයට ඔලුවට එන්නේ අනන්තය ලියන අනුරාධ මල්ලිනේ.. මගේ ඔළුවට ආවෙත් එයා.. ඒ එක්කම කෝල් කලා.. සංවාදය පහත විදිහට අවසන් උනා..

පණුවා.. පොඩි හදිස්සියක්, ලොකු උදව්වක්..

කියන්න අභීත අයියා..

මගේ මෙහෙම වැඩක් තියෙනවා දවස් තුනක් තියෙනවා.. අඩු වියදමින් කරගන්න ඕන.. කැමරා දෙකක්වත් ඕන වෙයි.. උඹට පුලුවන්නන්ම් වැඩේ ඩිරෙක්ට් කරලා කරගෙන පලයන්.. මට ඔය සම්භන්ධ අයිඩියා එකක් නෑ.. බ්ලා.. බ්ලා...

අයියේ, කැමරා රෙන්ට් කරන්න ගියොත් නම් ලොකු වියදමක් යනවා.. ඔයා පුළුවන්නම් HD High Quality Vedio තියෙන DSLR කැමරා කීපයක් හොයා ගන්න.. අපි ඒවගෙන් වැඩේ කරමු.. මම එන්නම් වැඩේට..

උඹට ශුවර්ද වැඩේ..? මම එහෙම ඇහුවේ මට නිකන් කිචි කිචි වගේ තිබ්බ නිසා...

යකෝ දැන් ටෙලිත් ගහන්නේ ඒවගෙන්.. උඹ බඩු ටික හොයාගනින්.. මම වැඩේ කරලා දෙන්නම්..

එළ...

ඊලඟට කතා කලේ මූණු පොතේ හොම්බ දිග කැමරා වලින් වැඩ දාන උන් ටිකට.. කැමරා crew එක වෙනුවෙන් ගිය මේල් ත්‍රෙඩ් එකේ අපි සතුවන කැමරා පිළිබඳව සටහන් වුනේ මෙහෙමයි...

කැමරා අංක 1


මගෙ කමරාව Canon 60D 1k
lens 18-200mm
50mm  1.8/f
tripod 1k tino

කැමරා අංක 2

i have a gorpo so im nt sure if it conts as a normal camera. basically if you want to mount the camera or take underwater shots it will help.

කැමරා අංක 3

Nikon D5100 එකයි.
18-55mm lens එකයි.
tripod එකයි.
Canon Legria FS20 කැමරාවයි.

Dell Insprion i5  6GB x64 OS Laptop එකයි
clip on mike එකයි.

කැමරා අංක 4


01. Naked Eye,
02. තාරක අයියාගේ එක් කැමරාවක් පාවිච්චි කිරීමේ හැකියාව
03. Nikon P510 Camera Can be use as HD Video Recording

කැමරා අංක 5

Nikon D5100 එකයි.
18-55mm lens එකයි.
Asus F 80q ලැප්ටොප් එකයි..

මේ ටික අනුරාධට දුන්නම ඌ කිව්වේ මේ ටික ඕනවටත් වැඩියි කියලා.. මේ ටිකට අමතරව පනුවා ක්ලිප් ඕන් මයික් එකකුයි වොයිස් රෙකෝර්ඩර් එකකුයි ගෙනත් තිබ්බා.. 

දැන් ඉතින් වැඩේ කරන්න විතරයි ඕන.. අන්තිමට මේ වැඩේ මම හිතුවටත් වඩා හොඳට ඉවර වුනේ ලංකාවේ රූගත ගත කෙරුන සුපිරිම Adventure Video Program එකක සියළු හිමිකම් මා වෙත හිමිවෙමින්... 

ඊලඟට ස්තූතිය.. සහභාගී වන්නන් සම්භන්ධීකරණය කරන්න මට ඉතා විශාල සහයෝගයක් එක් දුරකථන ඇමතුමකින් පමණක් ලබා දුන් ජාතික තරුණ සේවා සභාවේ ක්‍රියාකරී අධ්‍යක්ශ මිලින්ද රාජපක්ශ මැතිතුමාට, තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සචින්ත අබේසූරිය මැතිතුමාට හා වැඩ සටහන සාර්ථක කරදීමට ඒ සඳහා සහභාගී වූ විමුක්ති රත්නායක, තිලිණි ආශා, සමීරා කමිල්ඩීන්, අමිල ප්‍රදීප්, ඉනෝකා ප්‍රියදර්ශනී, නයෝමි වැරැල්ලගම, තිළිණි ලක්මාලි, භවන්තිනී තඹවිට, රංදුල ගුණතිලක, දුශ්‍යන්ත රත්නායක, ඉන්දික රත්නායක, කෝසල ප්‍රේමරත්න, ගයාන් විජේසිංහ යන නංගිලා මල්ලිලාට

ඉතා අනර්ඝ ආකාරයේ වීඩියො පටයක් ලබා දීමට කටයුතු කරන ලද මාගේ වීඩියෝ කෲ එක අධ්‍යක්ශණය කල අනුරාධ නානායක්කර මල්ලිට, ඒ වගේම කැමරා අටවගෙන ගිනිඅව්වේ දහ දුක් විදිමින් කැමරා හැසිරවූ ඔශාන් රූබසිංහ මල්ලිට, බනිගෙ සිතුවිලි ලියන අනුශ්ක ලක්මාල් මල්ලිට, ගයාන් තාරක මල්ලිට, යසන්ත හෙන්නායක මල්ලිට වගෙම මෙම කටයුත්ත සම්භන්ධීකරණය කරමින් මගේ කටයුතු වලින් 50%ක කටයුතු වෙනුවෙන් උරදුන් තිසර මධුවන්ත (සිහින) මල්ලිට මේ වෙලාවේ මගේ විශේ ස්තූතිය පුද කරන්න මම මේ වෙලාවේ පොඩ්ඩක්වත් පැකිලෙන්නේ නෑ..

ඒ වගෙම මට සහය වූ ගිහාන් කටුපිටිය මල්ලිට වගේම තීක්ශණ ගුණරත්න මල්ලිටත් මීමුරේ සුදු මල්ලි, තිලකේ මල්ලි හා අප්පෝ අයියටත් මගේ විශේෂ ස්තූතිය පුද කල යුතුමයි...

ඒ වගේම උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ උප සභාපති කිත්සිරි විජේකෝන් මැතිතුමා ප්‍රමුඛ මී මුරේ ගම්වාසීන් මට දැක්වූ සහයෝගයට ඔවුන්ටද මගේ හදවතින් නැගෙන ස්තූතිය ප්‍රකාශ කල යුතුමයි..

එහෙනම් මෙන්න.. අර කලින් පෝස්ට් එකේ ඇනෝලා දාලා තිබ්බනේ මී මුරේ මිනිස්සුන්ට ගැන්බැන් එහෙමත් බලන්න පුළුවන් කියලා... මේ තියෙන්නේ එහෙම වීඩියෝ එකක්...


මෙන්න අපේ ඉදිරි දින කිහිපය ගැන යසන්ත මල්ලිගේ වචනයෙන්...  






Tuesday, September 17, 2013

අත අරගෙන අත දීම... පරණ ලිපියක පූට්ටුවක්...

මම මේ ගැන කලින් ලිව්වා.. නමුත් ඒ ලිපි අප්ඩේට් කරන්න පුළුවන් වුනේ නෑ කාලෙකින්... ඒ නිසා මීට අවුරුද්දකටත් එහා ලියපු ලිපියක දෙවෙනි කොටස ලියන්න තමයි මම මේ හදන්නේ... මේ ලඟදි බ්ලොග් ලියන චූටි මල්ලි කෙනෙක් මට ඉතා ලොකු උදව්වක් කලා.. ඒ වචනයෙන් කරන්න බැරි තරම් දෙයක් මට.. ඉතින් ඌට උදව් කරන්නෙ කොහොමද කිය කියා ඉන්න අතරේ තමයි මගේ මේ ලිපි පෙලෙහි මේ අවුරුද්දෙ ලිපිය දාන්න හිතුනේ...

දන් ඔයාලට ඕන මොකද්ද මේ උදව්ව කියලා බලන්නනේ නේද? ඒකට මෙතන කොටලා බලන්න.. මෙන්නපොඩි කොල්ලගේ වැඩ.. හැබැයි උගේ ඇග විතරයි පොඩි... එතනින් කම්මැලි නම් මෙතනින් යන්න  


කොල්ල කවුද කියලානේ දැන් දැන ගන්න ඕන.. ඒ තමයි අපේ සිහින මලයා... එයා දැන් රැකියාවෙන් අයින් වෙලා තමන්ගෙම වැඩකට අත ගහලා තියෙනවා.. ග්‍රැෆික්, වීඩියෝ එඩිටින්ග් වගේ දේවල්.. මට තිබ්බ හදිස්සියට මෙයා ඒක පැය තුනකින් වගේ ඉවර කරලා මට එව්වා.. වෙලාව තිබ්බනම් මීටත් වඩා නිර්මාණශීලී වීඩියෝ එකක් ඔයාලට නරඹන්න තිබ්බා.. මේ තියෙන්නේ උගේ ප්‍රොෆයිල් එක.. පොඩි කැමරාවකින් ලොකු දෙයක් කරන හැකියාවක් තියෙන කොල්ලෙක්... මෙන්න තියෙනවා සම්භන්ධ කරගන්න තියෙන දුරකථන අංකය +94715764205..


ඊලඟ කෙනා තමයි අපේ බස් රේඩියෝ එකේ ටකරන් සද්දෙ... අයේශා නංගි... මම අර උඩම ලින්ක් එක දාපු ලිපියේ තියෙනවා මෙයාගේ මනුස්සයාගේ වැඩ.. තමන්ගේ ආදරවන්තියට අඩු මුදලට, ඇය ඉතා කැමති වෙන  විදිහේ තෑග්ගක් එයාගේ අතටම යවන ඕනනම් මෙන්න කෙනා... මේ තියෙන්නේ තැන.. මෙතනට ගිහින් බලන්න පුලුවන් එයා ලඟ තියෙන තොරොම්බල් ටික.. ඕනනම් මෙයාව මේ අංකෙන් සම්භන්ධ කරගෙන වැඩි විස්තර අහගන්න +94775310954... ව්‍යාපාරේ නම ලේඩීස්.. 


ඊලඟ ප්‍රචාරනය දෙන්නේ නිසූපා නන්ගිට.. එයයි බට්ටියි තමයි මේ වැඩේ කරන්නේ.. සිව්මාන ක්‍රියේශන්ස් කරන්නෙ මෙයාලා.. මගේ වැඩක් කරලා දුන්න සුපිරියටම, ඉතා අඩු මුදලකට.. ඒ මුදල ගෙවලා වැඩේ දිහා බලපුහාම අදහගන්නත් බෑ.. එයාලගේ වැඩේ තවස් දෙක තුනකින් මගේ මූණු පොතෙ දකින්න පුළුවන් වේවි.. ඉතා හොඳ නිර්මාණාත්මක ඇහැක් මෙන්ම හැකියාවක් තියෙන්න ඕන මේ වැඩේ ඔවුන් ඉතාම නිවැරදියට නිසි විදිහට කරගෙන යනවා... මෙන්න එයාලගේ තැන.. මෙන්න නිසූපා ගේ මූණු පොත.. පණිවිඩේකින් වැඩේ භාර දෙන්න.. වැඩේ නිකන් කිරි ගහට ඇන්න වගේ තියෙයි...


ඊලඟට කියන්න යන්නේ මගේ බඩට වදින සීන් එකක්... මගේ ව්‍යාපාරෙම කෑල්ලක් මෙන්න මූත් පටන් අරගෙන... බඩට වැදුනත් යාලුවෝනේ අම්මපා... ඔයාලගේ වෙඩින් එක කරගන්න... පුංචි පුංචි පාටි කර සංවිධානය කර ගන්න.. ට්‍රිප් අරව මේවා සංවිධානය කර ගන්න කතා කරන්න ඕන රසික නානායක්කාරට.. ඔව්.. අපේ මන්ත්‍රීතුමාට තමයි... මේ තියෙන්නේ දුරකථන අංකය +94718252735.. මෙන්න මූණු පොත.. ඉතා ලස්සනට වැඩේ වේවි..


ඊලඟට සඳරු.. නැගෙනහිර පාලාතේ ඕන කෙනෙකුට අවශ්‍ය ලැප්ටොප්, විදුලි උපකරණ, ඉලෙක්ට්‍රොනික් උපකරණ සියල්ල ගෙදරට ගෙන්වාගන්න කතා කරන්න අපි කවුරුත් දන්න සඳරුට.. ඔව්.. හිස් අහසේ සඳරු තමයි.. අර මම රස්සාවක් දුන්නේ.. අන්න ඌ.. මේ තියෙන්නේ දුරකථන අංකය 0774939199.. කොළඹ ඇවිල්ලා වංචාකාරයින්ට අහුවෙන්නේ නැතුව ඔබේ පලාතෙ විශ්වාසවන්ත යහලුවෙක් අමතා විශ්වාසනීය සේවාවක් ලබා ගන්න ඔබට ඉහල දුරකථන අංකයෙන් පුළුවන්... මෙන්න සඳරුගේ මූණු පොත...


අන්තිමට මගේ ලුත් ව්‍යාපාරේ.. ලංකාවෙ මෙතෙක් නොතිබුන ධීර ක්‍රියා (Adventure Sports) අපි පටන් අරන් තියෙන්නේ මීමුරේ.. දියඇලි වලින් ලිස්සලා යන එක ලංකාවේ පලවෙනි පාරට අපි හදුන්වලා දීලා තියෙනවා.. මේ තියෙන්නේ වීඩියෝ එක.. තව සතියකින් විතර මීමුරේ ජන්ගල් රිසෝට් කියන පේජ් එකේ අපූරු පින්තූර බලා ගන්න ඔබට පුලුවන් වේවි.. මේ තියෙන්නේ මගේ රස්නේ රේඛාව (Hot Line) +94729900069... මෙතනින් කතා කරලා වැඩි විස්තර දැන ගන්න...

එහෙනම් හැමෝටම ජයවේවා....

ප.ලි. : තව කියවන ඔයාලගෙ ව්‍යාපාර තියේනම් කමෙන්ට් හරහා දාන්න විස්තරත් එක්ක..

ප.ප.ලි. : පරන පෝස්ට් එකේ සමහර ෆොටෝ, ලින්ක්, වැරදියි වගේ.. අලුත් ඒවා එවන්න.. මම එඩිට් කරන්නම්..  

Sunday, September 15, 2013

තවත් එක අසැබි බෝඩිම් කථාවක්.. පොඩි එවුන් කරුණාකරලා බලන්න එපා...

ඉස්සර මගේ බ්ලොග් එකට ආපු කට්ටිය ටිකක් හිනාවුනා.. ඒත් මෑතකදි ඉදලා මම මේ බිස්නස් ගැනයි අනන්මනන් ගැනයි ලියපු නිසා මගේ බ්ලොග් එක තේමාවෙන් පිට ගිහින් කියලා මටම හිතුනා... මේක ටිකක් නානවා බලපු කතාවක්.. නානවා බලපු කතා කිව්වම පරණ බ්ලොග් පෝස්ට් එකක් මතක් වෙනවා නේද? ඒ අර අපේ බ්ලොග් කාරයෙක් ගෙයක් හදලා අල්ලපු ගෙදර නාන ලිඳ දැක්ක පාර ඒ පැත්තෙන් බැල්කනියකුත් හදපු කතාව..   මතක නැද්ද...? ආ.. මේ තියෙන්නේ...

කාලෙකට ඉස්සර මගේ බ්ලොග් එකේ හිට් වුන සීරීස් එකක් තමයි බෝඩිම් කතා ටික.. අළුතෙන් මාත් එක්ක එකතු වුන අයට මම දානවා මෙන්න ලින්ක් ටික.. ගිහින් කියවලා එන්න....




හරි දැන් කතාවට බහිමු.. බෝඩිමේ පසුබිම මම කියන්න ඕන නේ.. නැත්නම් මේක හරියට තේරුම් ගන්න බෑ... අපේ බෝඩිම 100% පිරිමි සංයුතියක්.. මේ කියන්නේ මගේ දෙවෙනි බෝඩිම ගැන.. ඒ කියන්නේ ආතල්ම බෝඩිම ගැන.. බෝඩිමේ අයිතිකාර ලොක්කයි.. අපි කොල්ලෝ සෙට් එකයි තමයි හිටියේ.. බෝඩිම් කතා අංක 1 තියෙනවා ඒ බෝඩිම ගැන තව විස්තර කරලා... භූමියේ පිහිටීම මෙහෙමයි.. ඉඩමෙන් වම් පැත්තේ පුද්ගලික ඉඩමකට අයත් නාන ලිඳක්.. ඒ ගෙදර ඉන්නේ පට්ට කැත නංගි කෙනෙකුයි පට්ට ලස්සන අක්ක කෙනෙකුයි දෙමවුපියොයි.... ඉඩමෙන් දකුනු පැත්තෙ වැටෙන් එහා පැත්තෙම තියෙන්නේ පොදු ඉඩමක පිහිටි පොදු නාන ලිඳක්... දෙන්න දෙපැත්තෙන් සාංචි මැද්දෙන් වගේ තමයි... දැන් ඉතින් මේ කොල්ලන්ගේම බෝඩිමක් වෙද්දි ඔය ලිං දෙකට ඇහැ දාන එක අතිශය සාමාන්‍ය දෙයක්නේ ඒ වයසට.. ඉතින් අපේ කොල්ලෝ ඔය ලිං දෙක ගැන ටච් එකේ හිටියේ.. අක්කයි නංගියි නාන ලිඳ හැමෝටම කාමර වල ඉඳලා ජනේලෙන් බලන්න හැකියාව තිබ්බා.. නමුත් පොදු ලිඳ තිබ්බේ අපේ බෝඩිමේ අග හරියට වෙන්න.. එතන ලොකු ජනේලයක් තිබ්බා.. ආවරණය කරලා තිබ්බේ කලු ඉටි රෙද්දකින්.. ඒ ඉටි රෙද්දේ තැන් තැන් වලින් බෝල්පොයින්ට් තුඩින් හිල් කරපු හිල් කිහිපක් තිබ්බ විතරක් නෙවෙයි, ඒවට අඩාගේ හිල, සුද්දගේ හිල, අභියගේ හිල, ඩමියගෙ හිල, තට්ටයගේ හිල, පොඩ්ඩගෙ හිල, පබාගෙ හිල අදී වශයෙන් නමුත් දාල තිබ්බා.. තම තම උසේ හැටියට තමයි මේ නම් ටික හිල් වලට වැටිලා තිබ්බේ... (දැන් එහෙම හිල් වලට නම් තිබ්බේ ඇයි කියලා අහන උන් ඉන්නවද..? ඒක තමයි උඩින්ම කිව්වේ පොඩි එවුන් බලන්න එපා කියලා.. පලයව් යන්න..) මේ පොදු ඉඩමට එහා පැත්තෙ තිබ්බෙත් කොල්ලො නතර වෙච්ච බෝඩිමක්.. ඒකේ උන් මේ ලිඳ පැත්තට ඇහැ දාල ගමේම චාටර් වෙලා තිබ්බේ.. ඉතින් සියළු සිනමා පට අපේ බෝඩිමට ඉතා විවෘතයි...

වටේම තලලා තලලා දැන් තමයි කතාව කියන්නේ හදන්නේ.. අපි කතා නායකයා කසුන් කියලා ගමු.. මොකද අපේ බෝඩිමේ එහෙම එකෙක් හිටියේ නෑ.. කතා නායකයගේ නම කියන්නත් බෑ.. බෝඩිමේ උනුත් මේ කතාව දන්නෙ නැති උනාට දැන් කියෙව්වම කවුද කියලා දැන ගන්නවා... මොකද මෙහෙම චරිත හිටියේ එකයි.. ඒ නිසා උගේ නම කියලා කමෙන්ට් කරන්න එපා මචන්ලා... ආයෙත් වටේ යනවනේ.. ඔන්න දැන් නම් කතාවට.. මේ බෝඩිමේ මම විතරයි රස්සාවක් කලේ ඒ කාලේ.. දවසක් මම හාෆ් ඩේ එකක් දාල බෝඩිමට යන ගමන් කැම්පස් එකට ගොඩ වුනා.. අපේ සෙට් එකම හිටියා ජිම් එකේ... මම යතුර ඉල්ලද්දි රුවන් කිව්වා... "මචන් කසුන් ගියා බෝඩිමට.. ඌට හවස ලෙක්චර්ස් නෑ.. උඹ කෑම එකකුත් අරගෙන පලයන්.. ඌ කෑම එකකුත් අරන් ගියේ කියලා.." ඒත් මම ජිම් එකෙන්ම බත් එකක් අරගෙන උනුත් එක්කම කාලා පොඩ්ඩක් කඩේකුත් දාගෙන ඉදලා බෝඩිමට ගියා...

බෝඩිමේ දොර හායි ගාල ඇරලා දාලා.. ඒ කියන්නේ ලොක්ක නෑ.. ලොක්ක හිටියනම් බෝඩිමේ දොර ඇරලා තියපු එකාට බනිනවා ඇදන් ඉන්න රෙද්දෙ කක්ක යන්න... මමත් කාමරේට ගිහින් ඇදුම් මාරු කරගෙන වොශ් එකක් දාන්න ලෑස්ති වෙලා ලිඳ ලඟට යන්න හිතාගෙන කාමරෙන් එලියට ආවා.. එනකොටම මට ඇහුනා වතුර වැක්කෙරෙන සද්දේ... කසුන් ඉන්නෙ කොතනද කියන එකයි, දොර වහන්නවත් මූට අමතක වුනේ කොහොමද කියන එකටයි උත්තර මගේ ඔලුවට එන්න වැඩි වෙලාවක් ගියේ නෑ.. දැන් මම යනවා ඒ පැත්තට.. මූ තාමත් හිතාගෙන ඉන්නේ බෝඩිමේ කවුරුත් නෑ කියලනේ... ඔන්න කතාවේ කිලි පොලා යන හරිය..

බෝඩිමේ කුස්සිය පහු කරලා වමට හැරිලා පඩි තුනක් බැහැලා තමයි මේ ජනේලේ ගාවට යන්න තියෙන්නේ.. මම කුස්සිය පහු කරලා වමට හැරුනා විතරයි දැක්ක දේට මට හිනාව නවත්ත ගන්න බරි වුනා.. බලන්න මෙ චිත්‍රය හිතේ මැවෙනවද කියලා.. 

කන්න බෙදා ගත්ත බත් එක, එක අතකින් මල් වට්ටියක් වගේ උරහිසට උඩින් රදවාගෙන... එක ඇහැක් වහගෙන අනිත් ඇහැ අර බෝල් පොයින්ට් තුඩින් හිල් කරපු හිලට තියාගෙන නිදහස් අත සරම අස්සටත් දාගෙන කොල්ල හරිම බැරෑරුම් වැඩක.. මම හිනාව තද කරගෙන සිද්දිය බලාගෙන හිටියා.. නමුත් උගේ වැඩේ උපරිමේටම එද්දි ඒ කියන්නේ ඇස් වහගෙන කෙඳිරි ගාගෙන දත් මිටි කා ගෙන එද්දි මම ඌට මෙහෙම කිව්වා..

මේ මොකද කසුන් මේ......?

 කොල්ලගේ ඇස් උඩ ගියා, දිව එලියට පැන්නා, කම්මුල රතු වුනා.. තව තව ඒවා බිත්තිය පුරා විසිරුනා... මල පැනලා, ඒ වගේම අසරණ වෙලා... දැන් ඉතින් මොනා කරන්නද? මගේ හිනාවේ කෙලවරක් පේනතෙක් මානෙකත් නෑ...

තෝ මගේ ආතල් එක කෑවා පරයා... ලැජ්ජ නැද්ද යකෝ කොල්ලො කරන වැඩ දිහා හොරෙන් බලාගෙන ඉන්න... බ්ලා බ්ලා... ඒ උගේ කේන්තිය පුපුරපු හැටි....

අඩේ අභිය.. ප්ලීස් මචන් කාටවත් කියන්න එපා බන්.. මම චාටර් වෙනවනේ.. ඒ ලැජ්ජාව එලියට පැනපු හැටි..

මම මෑතක් වෙනකන් ඔය කතාව කිව්වේ නෑ කාටවත්.. මීට මාස දෙකකට විතර උඩදි ආයෙත් බෝඩිමට ගිය වෙලාවක සුද්දයි අඩයි ලොක්කයි එක්ක තමයි පළවෙනි පාරට ඔය කතාව කිව්වේ... ඒ කියන්නේ අවුරුදු 12කට පස්සේ... 

ප.ලි. මගෙම බ්ලොග් එකේ පලවෙනි ලිපියෙ ඉදන් කියවද්දි අතීත රසවත් සිද්දීන් මතක් අලුත්වෙලා ජයසේන ජයකොඩි මහත්තයගේ "පිච්ච මල" කහා මාලාවම කියෙව්වටත් වඩා සිත සැහැල්ලු වෙනවා.. මූඩ් ෆික්ස් කරගන්න හින්ජර් බිස්කට් කුමට..?  

Thursday, September 12, 2013

ආත්ම ශක්තියෙන් පිරිපුන් තරුණ ඔබටයි මේ ආරාධනා...

ටිකක් හිනාවෙන්න බ්ලොග් එක කියවන, ජවයෙන් ශක්තියෙන් පිරි තරුණ පිරිවරට අපූරු අවස්ථාවක් දෙන්න තමයි මම මේ හදන්නේ.. මේක මෙතෙක් ටිකක් හිනාවෙන්න බ්ලොග් එකේ නොලියවුන ජාතියේ ලිපියක්.. කොල්ලන්ට විතරක් නෙවෙයි.. කෙල්ලන්ටත් සම අයිතිය අපි දෙනවා මෙතනදි.. ඒ නිසා ඔබ ජව සම්පන්න නම්, ඔබ ආත්ම විශ්වාසයෙන් යුක්ත නම්, ඔබ ධෛර්යවන්තනම් මෙන්න ඔබට අවස්ථාව ලැබෙනවා ජීවිතය ජය ගන්න... දැන් ඔයාලට ඉවසිල්ලක් නෑ නේද මේ මොකක්ද කියලා දැන ගන්නකන්.. හරි අපි යමු කථාවට....

ඉදිරි මාස තුන ඇතුලත ලංකාවේ ප්‍රමුඛ පෙළේ රූපවාහිණී සමාගමක් මගින් ධීර ක්‍රියා (Adventure Sports) සම්භන්ධ රියැලිටි වැඩසටහනක් විකාශය කරන්න නියමිතයි.. එය මෙතෙක් නොවූ විරූ අයුරින් කෙරෙන අති දැවැන්ත වැඩසටහනක්.. අති විශාල මුදල් තෑගි, කාර් රථ, යතුරු පැදි වගේම ජයග්‍රාහකයින්ට විධායක ශ්‍රේණියේ රැකියාවන්ද හිමිවෙන මෙම වැඩසටහනේ පූර්ව ප්‍රචාරක පටයන් ඔබට ලබන මාසයේදී දැක ගන්නට හැකිවේවි... වටේමනේ යන්නේ.. ඔන්න දැන් කතාවට බහිමු...

මේ මාසයේ 20, 21, හා 22 යන දින තුනෙහි තියෙනවා මෙම වැඩසටහනේ පූර්ව රූගත කිරීම් (Pilot Shooting).. තියෙන්නේ ලංකාවේ සම්ප්‍රාදයකම ගම්මානය නමින් විරුදාවලිය ලද සුන්දර මීමුරේ ගම්මානයේදී... මේ සඳහා ඔබට ඇරයුම් කරන්නටයි මම මේ සූදානම් වෙන්නේ.. මම මේ සඳහා කණ්ඩායම් හතරක් සහභාගී කරවන්නට බලපොරොත්තු වෙනවා.. ඉතින් ඔබට පුළුවන් ඔබේ මිතුරු මිතුරියන් එක්ක සහභාගී වෙන්න.. මෙම වැඩසටහනෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම පරීක්ෂණ වලින් තොරවම අදාල ධීර රියැලිටි වැඩසටහන සඳහා සුදුසුකම් ලබනවා... දැන් ඔබට අවශ්‍ය නීති රීති නේද? මේ පහත තියෙන්නේ ඒ නීති රීති තමයි....

කණ්ඩායමක් ගෑණු ළමයි දෙදෙනෙක් ගෙන් හා පිරිමි ළමයි දෙදෙනෙක්ගෙන් සමන්විත යුතුයි...

ඔවුන්ගේ වයස අවුරුදු 19ට වැඩි විය යුතු අතර අවුරුදු 30ට අඩු විය යුතුයි...

මනා සෞඛ්‍ය සුවතාවකින් යුක්ත විය යුතුයි..

ඔබට අදාල උපදෙස් පහත පරිදි වේ...

කණ්ඩායමේ ගෑණු ලමයින්ගේ ආරක්ශාවට එක් වැඩිහිටියෙක් ගමනට සම්භන්ධ කර ගැනීමේ හැකියාව ඇත..

සම්භන්ධ වන ආකාරය මෙසේයි...

කණ්ඩායමේ සාමජිකයින්ගේ නම් සහ ජාතික හැඳුනුම්පත් අංක ඇතුල් කර, කණ්ඩායම් නායකයාගේ විස්තර සහ සම්භන්ධ කර ගත හැකි සංනිවේදන තොරතුරු සමඟ abeetha0325@gmail.com කියන විද්‍යුත් ලිපිනයට විද්‍යුත් ලිපියක් යොමු කරන්න..

ඉල්ලුම් කල හැකි අවසාන දිනය 2013 සැප්තැම්බර් මස 16 වන සදුදා වේ..

මේ සඳහා සහභාගී වන සියළුම දෙනාට ප්‍රවාහන පහසුකම්, නවාතැන්, ආහාර පාන ආදිය නොමිලේ සැපයේ..

පිටත් වීම 2013 සැප්තැම්බර් මස 20 වනදින හවස 4ට කොට්ටාවෙන් වන අතර 2013 සැප්තැම්බර් මස 22 වන දින රාත්‍රී 8ට නැවත කොළඹට පැමිණීමට අපේක්ෂිතයි..

දැන් ඔබට අවශ්‍ය මේක මොන විදිහේ වැඩසටහනක්ද කියලා දැන ගන්නනේ... මෙන්න මේ පහත තියෙන රූප රාමු වලින් ඒ පිළිබඳ අවභෝධයක් ලබා ගන්න පුලුවන් වේවි...






බය වෙන්න එපා.. ඔයාලට මේවා කරන්න වෙන්නේ ආරක්ෂිත කබා මෙන්ම ජීවිතාරක්ෂක භටයින්ගේ උපකාරද සමඟයි...



පැහැදිලියි නේද? වැඩි විස්තර දැන ගන්න අවශ්‍යනම් 0729900069 අංකනය කර අභීතව අමතන්න...

Tuesday, September 3, 2013

මේ දවස්වල මම පොරක්.. අළුත්ම බ්ලොග් ආතල් ගොඩාක්...


කාලයක් බ්ලොග් නොලියා හිටියේ තිබ්බ දැඩි කාය්ර්‍බහුලකම හින්දා.. දැන් මීමුරේයි, මගේ ව්‍යාපාරයයි දෙකම එක විදිහට පිළිවෙළකට දුවන නිසා දැන් ඉතින් ආයෙත් බ්ලොග් කෙරුවාවට එන්න පුළුවන්... 

ඒ නිසා දැන් ආයෙත් ටිකක් හිනාවෙන්න බ්ලොග් එක කලින් සැරේ වගේ වැඩ. ඒ නිසා ඔයාලට පුළුවන් ආයෙත් ටිකක් හිනාවෙන්න.. .. ඇනෝලට ආයෙත් උඩ දාගෙන පිනුම් ගහන්න පුළුවන්.. මම මේ ප්‍රවේශය ගන්න හදන්නේ මේ දවස්වල මට විරුද්ධව තියෙන චෝදනා වලට උත්තර දෙන්න.. එදා මෙදා තුර මට චෝදනා දාන්නයි මඩ ගහන්නයි ආතල් දෙන්නයි ගොඩාක් කට්ටිය හිටපු නිසා එයාලටත් කම්මැලි ඇති කියලත් හිතුන නිසා ඔන්න මම ආයෙත් ලියනවා.. මේ දවස්වල මම ගැන කතා වෙන්නේ කාරණා 2යි.. මම කියන්නේ බ්ලොග් ලෝකේ.. ඉතින් ඔන්න දැන් ඒ ගැන කියන්නයි යන්නේ.. මේ තියෙන්නේ මම ගැන තියෙන අළුත්ම කතා දෙක...

1. අභීත හොරෙක්.. ඌ වරෙන්තු පිට ඉන්නේ...

2. අහිංසක සඳරුවා අමාරුවේ දාලා වැඩට අරගෙන.. ඌට පඩි නොගෙවා ඉන්නයි මූ හදන්නේ...

දැන් බලමු පළවෙනි කාරණේ... ලංකාවේ වරෙන්තු පිට පොලීසියට අසු නොවී ගෙදරටම වෙලා ඉන්නේ සිරා කන්ටැක්ට් තියෙන නියම පොරවල්.. සුධර්මන් රදලියගොඩ අදටත් එලියේ ප්‍රසිද්ධියේ හැසිරෙමින්.. මමත් එහෙම ප්‍රසිද්ධියේ හැසිරෙමින්.. මට මම ගැනම හෙන ආඩම්භරයක් දැනෙනවා මචන්ලා... මම මාර පොරක්නේ බලාගෙන ගියාම... ඔන්න මට දැන් හිනා යනවා... අනික ඔය කියපු කෙනා කරුණාකරලා මට හොයලා කියනවාද මට වරෙන්තුව තියෙන උසාවිය හරි ඒක ක්‍රියාත්මක කරන්න අදාල පොලිසිය මොකක්ද කියලා හරි... ගේමට නෙමෙයි... නිකම් එහෙම එකක් තියෙනවානම් නීතිඥ්ඥයෙක් මාර්ගයෙන් හරි ගිහින් භාර වෙන්න...

දෙවැනි කාරණේ තමයි මේ සඳරුගේ පලහිලව්ව.. ඒකේ කථාව මෙහෙමයි.. සඳරූට පොඩි පෞද්ගලික ප්‍රශ්ණෙකට මුහුන දෙන්න වෙලා ඌ කීප දෙනෙකුට කෝල් කලා.. මමත් ඒ දවස්වල හිටියේ මීමුරේ නිසා මිනිහට මාව සම්භන්ධ කරගන්න බැරි වුනා.. සඳරූ බ්ලොග් ලියන ගොඩ දෙනෙකුට කතා කරලා අන්තිමට දුලිප් (ඕනයා)ට කතා කලාම, දුලිප් කිව්ව "අභියා ඉන්නවා මීමුරේ.. උඹ ඌට කථා කරපන්.. ඌ උඹට ඔය ප්‍රශ්නෙට උත්තරයක් දෙයි." කියලා.. වාසනාවට මම එහෙ ඉදන් මොකක් නමුත් කාරණේකට දුලිප්ට කථා කරද්දි තමයි ඌ කිව්වේ "සඳරුවාට කෝල් එකක් දියන්" කියලා.. මම එහෙ ඉඳන් සදරූට කථා කලාම සඳරූ මට එයාගේ ප්‍රශ්ණේ කිව්වා.. ඊට පස්සේ මම කීවා " කිසි අවුලක් නෑ, මම ලඟට වරෙන්" කියලා.. දින දෙකක් තිස්සේ මීමුරේත් ඉඳලා, අපි කොළඹට ඇවිල්ලත් දවස් තුන හතරක් සිටියා.. ඊට පස්සේ ඌ ගෙදර ගියා.. මමත් එක්ක සඳරූ හිටපු ආරංචිය දැනගත්තු සමහර අමන ගොන් හරක් ඇනොනිමස් බ්ලොග් කාරයෝ පුංචි ස්වයං ආතල් එකක් ගත්තා... ඒකට මට හිනා... ඔන්න ඔහොමයි කථාව සිද්ධ වුනේ... පව් හලෝ උන්...

ඔන්න ඔහොමයි තත්වේ... සදරුගේ අර පෝස්ට් එකකට කට්ටිය දාපු කමෙන්ට් වලට මට.. නෑ.. ඒ ටික ඕන නෑ.. මොනා උනත් අසරණ මිනිස්සුනේ...

අනික් කාරණේ තමයි මේ බ්ලොග් ලෝකේ කිසිම හැපනින්ග් එකක් නැතිකම.. කිසිම ප්‍රති උත්තරයක් ලියැවෙන්නේ නෑ.. හැම පෝස්ට් එකකටම "නියමයි", "මරු", "ඕවා ඔහොම තමයි" වගේ ඒවා කියනවා ඇර කිසිම ගෝ එකක් තියෙන කිසිම දෙයක් නෑ.. කතන්දරගේ, බියොන්ඩ් ද ෆ්‍රේම්ගේ, W3ලංකාගේ,පොඩි කුමාරිහාමිගේ, මගේ ;), අසේලගේ, වැප් නිශාන්තගේ වගේ ඉස්සර පෝස්ට් වලට ගිහින් බලන්නකෝ කොහොමද කට්ටිය සංවාද ගොඩ නගන්නේ කියලා.. එතකොට තමයි බ්ලොග් කරුවනුත් බ්ලොග් පාඨකයොත් බ්ලොග් වල ඇලිලා ගැලිලා ඉන්නේ ..

හරි දැනට ඇති.. අද මූණු පොතේ දැක්ක ස්ටේටස් දෙකක් නිසා, බ්ලොග් ලෝකේ කළඹපු පෝස්ට් ගොඩාක් මතකෙට ආවා.. ඉතින් අද නොලියන බ්ලොග් කුමට කියලා හිතුනා.. මේ තියෙන්නේ ඒ ස්ටේටස් දෙක... මෙන්න එක.. මෙන්න අනික..

එහෙනම් ජය වේවා.. පරණ පුරුදු විදිහට ඉස්සරහට හම්බෙමු....

Saturday, August 31, 2013

කිතුල් මල මදින එකේ අන්තිම කොටස.... රාද? හකුරුද? පැණිද?

බ්ලොග් පටන් ගත්ත දා ඉඳලා බ්ලොග් පෝස්ට් දෙකක් අතරට ගතකල වැඩිම කාලය තමයි මේ.. ජූනි මාසේ මුල දාපු පෝස්ට් එකෙන් පස්සෙ අද තමයි ඊලඟ එක.. මල මදින්න පටන් ගත්තු අය ඊලඟ මල මදින්න ලැහැස්ති වෙන්න.. පෝස්ට් එක ලියන්න කලින් මට මේ අනන්මනන් මේල් වලින් කමෙන්ට් වලින් ඇයි උඹ ලියන්නේ නැත්තේ.. උඹට හිට් නෑ නේද වගේ ප්‍රශ්ණ අහන අයටත් උත්තර දෙන්න ඕන... උත්තරේ තමයි පහත පින්තූරේ තියෙන්නේ...



පේනවනේ ටෙස්ට් පෝස්ට් එකත් කී දෙනෙක් කියවලා තියෙනවද කියලා...

හරි.. දැන් යමු මල මදින එකේ ඉතුරු කොටසට... දැන් ඔයාලා මලට බෙහෙත් තියලා මුට්ටිය එල්ලන්න සියළු කටයුතු කරලා ඉවරයි.. ඔන්න එහෙනම් අද එතැන් සිට...

මුට්ටිය එල්ලා තැබීමෙන් පසු පළමු දින දෙකේ එන සාරය පාවිච්චි කරන්නේ නැහැ... ඉන් පසුව එන සාරය (තෙලිජ්ජ, ඇල්) තමයි භාවිතයට ගන්නේ.. මුට්ටියේ අඩියේ අළුහුණු තවරා එල්ලන එක පැණි හකුරු නිපදවන්නන් කරන වැඩක්... එතකොට තෙලිජ්ජ රා වෙන වේගය අඩු වෙනවා... මේ තෙලිජ්ජ මුට්ටියකට හලා නොනැවතී ගින්දර දමමින් දවසක් දෙකක් පෑස්සවීමෙන් පසු තමයි කිතුල් පැණි එන්නෙ.. එය තව දුරටත් උකු වන තුරු රත් කර පොල්කටුවකට වක්කර ඝන වන්නට තැබීමෙන් තමයි ගැමියන් හකුරු නිපදවා ගන්නේ...

රා බෝතලය යට ඉතුරු වන කුඩු ටික ඔබ දන්නවනේ.. අපි කියන්නේ මණ්ඩි කියලා.. එය තමයි රා සාදන්නට මදින්නාට උපකාරී වෙන්නේ... තෙලිජ්ජ ගෙනවිත් ඔවුන් එය මණ්ඩි සමඟ කලවම් කරනවා.. පැය දෙකකට පසුව ඉතා හොඳ රා ටිකක් රස විදින්නට අවස්ථාව ලැබෙනවා.. ඒ බෝතලයේ ඉතුරු වෙන මණ්ඩි හෙට දවසේත් ප්‍රයෝජනය්ට ගන්නවා.. ඉතින් මේ චක්‍රය නිතරම කැරකෙනවා...

මම කලින් කිව්වනේ රා මදින්නන් දිනකට දෙවරක්වත් මල කපනවා කියලා.. ඒ කියන්නේ මුට්ටිය එල්ලන්න කලින්  ඔවුන් මලේ කෙලවරින් මිලි මීටර් භාගෙක වගේ ප්‍රමාණයක් කපා අයින් කරනවා.. පදමට පණ පොවපු මල් පිහිය හා හුරු පුරුදු වෙච්ච අතක් ඒ ක්‍රියාවලිය කිරීම සැබැවින්ම බලා සිටින්නට ආසා කරන දසුනක්... ඉතින් මෙහෙම මල කපාගෙන කපාගෙන එද්දි මල උඩට හැරෙන්නට බලනවා.. ඊට විකල්පයක් ලෙස ඔවුන් කරන්නේ මල බිට කර තව රැහැනක් ගැට ගැසීමයි... මලේ කෙළවරට එනකන් කැපීමෙන් පසු මේ ක්‍රියාවලිය අවසන් වෙනවා... ඉන්පසු දෙවියන්ට බුදුන්ට වූ භාරහාර ඔප්පු කිරීමෙන් පසුව තවත් අළුතෙන් පීදෙන මලක් වෙත යනවා..

ඔබට තේරෙනවා නේද? ඔබ සුළු මුදලක් දීලා ගන්න විනෝදය වෙනුවෙන් රා මදින්නෙක් කොපමණ මහන්සි වෙනවද කියලා.. කතාවට ඔවුන් කියන්නේ " මලකට බෙහෙත් තියන එක දරුවෙක් හදනවාට වඩා අමාරුයි" කියලයි...

ඔන්න එහෙනම් තම තම මල් තම තමන් මැද ගන්න...

විශේෂ ස්තූතිය :

ඊ. එම්. එම්. ජී. සෙනෙවිරත්න,
මීමුරේ..

ප.ලි.. : මේ ලින්ක් එක මගේ ඉරිසියාකරයින් සඳහායි...

Wednesday, June 5, 2013

බීගෙන ජෝනා වැටීලා වලේ.... කාගෙද පෙණ දාන මේ රා කලේ.....

මතකයි නේද මේ පරණ සිංදුව.. බොහෝම කාලෙකට කලින් ජනප්‍රිය බයිලා ගීතයක්.. කිතුල් රා, පැණී හකුරු හදන හැටි ගැන ලියන දෙවෙනි ලිපිය තමයි මේ යන්නේ..  පළවෙණි ලිපියටත් හොඳ ප්‍රතිචාර තිබ්බ නිසා ඔන්න දෙවෙනි ලිපියත් ලියන්න පටන් ගත්තා.... නොබලපු කට්ටියට මෙතනින් පළවෙනි ලිපිය බලන්න පුළුවන්... ගොඩාක් කට්ටියගේ කමෙන්ට් වල මගේ ලිපියේ තිබ්බ බෙහෙත් වර්ග වලට විකල්ප බෙහෙත් වර්ග ලියලා තිබ්බ නිසා තමන්ට පහසු බෙහෙත් හොයා ගන්න ඔයාලට පුළුවන් වෙයි... ඔන්න එහෙනම් දෙවෙනි කොටස..

හරි එහෙනම් පාඩම පටන් ගනිමු.... අපි ගිය සතියේ නැවැත්තුවේ බෙහෙත් හදලා ඉවර වෙලානේ.. දැන් තමයි වැඩේ තියෙන්නේ.. ගහට නැගලා බෙහෙත් තියන භාර දූර රාජකාරිය තමයි දැන් කරන්න තියෙන්නේ.. උපකරණ විදිහට පාවිච්චි කරන්නේ මල් පිහිය, නියන් කටුව සහ කෙකි පිහිය කියන උපකරණ තුන... ගස දිගේ ඉහලට යන මදින්නා කළින්ම කරන්නේ මල සුද්ද කරන එක.. මලේ ප්‍රමාණය අනුවයි මල කපන්නේ කොතනින්ද කියන එක තීරණය වෙන්නේ.. ඒ ප්‍රමාණය පිරිසිදු කරලා ( ඒ කියන්නේ හනස්ස ඉවත් කරලා රැහැන් පාදගෙන ) අග කෙළවරේ සිට රැහැන් එකතු කර ඉත තදින් වෙලාගෙන මලේ මුලේ සිට අගල් හතරක් වගේ දුරට එනවා... ඉන්පසු අර සුඹුළු කැබලි හනසු කෑලි ඉවත් කර මල පිරිසිදු කර ගන්නවා... මතක තියා ගන්න ඕන කාරණය තමයි සම්පූර්ණ මල මේ වෙද්දිත් තියෙනවා...

ඉන්පසු තියෙන්නේ මලේ බෙහෙත් කුහරය සෑදීම.. මල පටන්

 ගන්න තැන් ඉඳන් අඟල් තුනක් හතරක් දුරින් තමයි මේ කුහරය සාදන්නේ... මලේ දිග ප්‍රමාණය අනුව මේ දුර ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්.. මලේ මුල සිට අගල් හතරක් පමණ දුරින් මලේ යටි පැත්තෙන් තමයි මේ කුහරය සාදන්නේ.. අඟල් තුනක් පමණ දිගට අඟල් දෙකක් පමණ පළලට තමයි මේ කුහරය හාරන්නේ. මලේ උඩ පැත්තට අඟල් කාලක් තියා මෙහි ගැඹුර අවසන් වෙනවා.. අවසානයේ මල දෙපැත්තට සොලවා බලා එහි නම්‍යශීලීත්වය අනුව තමයි කුහරය ප්‍රමාණවත්ද නැත්ද යන එක තීරණය වෙන්නේ... මල එතනින් ගැලවෙන නොගැලවෙන ගානට ඔවුන් මේ කුහරය හාර ගන්නවා... ඉන්පසු තමයි බෙහෙත් ගැල්වීම තියෙන්නේ... එය වෙන්නේ පහත පරිද්දෙන්..

ඉස්සෙල්ලාම අර සම්බෝලය කියන බෙහෙත අරගෙන දෝතට මැදි කරලා මලේ මුළ ඉඳන් අගට හෙමීට අත ගලා දෙවියන් බුදුන් සිහිකර මල දෙවියන්ට බුදුන්ට පිදීම ගැමියන්ගේ සිරිතක්.. දැන් අර හාරපු කුහරය ඇතුලට සම්බෝලය දාලා තද කරනවා.. කුහරයේ සෑම තැනකම ගැටෙන පරිදි මේ සම්බෝලය ගල්වමින් ඇතුල් කිරීමයි කෙරෙන්නේ...  ඇතුලට සම්බෝලය පුරවා අවසන් වීමෙන් බෙහෙත් ගැල්වීමේ පළමු අදියර අවසන් වෙනවා.. ඉන් අනතුරුව අර අළු බෙහෙත් ගෙන කුහරයේ මදි පාඩුවට පුරවා ඉතිරිය මදක් දිය කර කුහරය මුද්‍රා තැබීම සිදු කරනවා.. මෙතැනින් පස්සෙ තමයි පැහැදිලි කරන්න අමාරු හරිය... මම අමාරුවේ වැටෙන්නේ මේ වෙලාවෙදි.. බලමු මට පුළුවන් වෙයිද කියලා මෙය සාර්තකව පැහැදිලි කරන්න... මෙය මලේ රැහැන් කැපීම මල පොළවට බර කිරීම මල වෙළීම වගේ වැදගත් කාරණා ගොඩකින් සමන්විතයි... හොඳයි ඒ ටිකත් පැහැදිලි කරන්න උත්සහා කරමු...


මතකයි නේද අර අපි මලේ දිග ප්‍රමාණ්ය අනුව බලලා එක තැනකින් ගැට ගැහුවා.. එතනින් එහාට වියතක් විතර තියලා කොහු ළණු වලින් ඉතා තදින් වෙලනවා... මේකට හොඳටම හරියන්නේ නහපට්ට වැල් කියන එක.. අනතුරුව වෙලීම අවසන් වන තැන සිට අඟල් කිහිපයක් දුරින් (මලේ එතනින් එහාට වැඩක් නොවේවි කියා සිතෙන තැන..) තව ලණුවකින් තදට ගැට ගසා එහි අනිත් කෙළවර මදින්න ලඟ තියෙන අත්තක ගැට ගසා එතනින් මල ඉතා තියුණුව කපා දමනවා.. එතකොට ඔබට වැටහෙනවා නේද අර අවසාන කෙළවරින් ගැට ගහපු ලණුවේ කෙළවර මදින්න ලඟ තියෙන අත්තක ගැට ගසපු නිසා ඒ කපා දමමු රැහැන් ටික බිමට වැටෙන්නේ නෑ.. එය අර ලණුවෙන් එල්ලිලා තියෙනවා.. ඉන් පසුව ඉහලට ඇදගන්නා මදින්න එම රැහැන් ටික අර අපි කලින් මල ඔතපු තැන ගැට ගහනවා.. එයින් බලාපොරොත්තු වෙන්නේ මල මුලින් බරවී පොළව දෙසට පහත් වී තිබීමයි... පහත් වූ ප්‍රමාණය මදිනම් මල තවත් රැහැනක් යොදා බිමට බර වෙන්නට ඇද ගැට ගැසීමත් ගැමියන්ගේ ක්‍රමයක්... දැන් මෙතනින් මලේ සාත්තුව අවසන්... මදින්නා මලේ කෙළවර රෙද්දකින් ඔතා ගසෙන් බහිනවා... මෙන්න මෙතනින් පසුව තමයි ඔබ පුල පුලා බලා සිටි රා පෙරීම තිබෙන්නේ.... 

ඒ විස්තරත් එක්ක ලඟදිම ඊලඟ ලිපියෙන් මුණ ගැහෙමු.. තව එක ලිපියකින් ඉවර කරන්න පුළුවන් වෙයි මගේ හිතේ...


Tuesday, May 28, 2013

කිතුල් රා ගැන අහලා තියෙනවද? උඩ පැනගෙන බීවාට හදන හැටි දන්නවද? 1 කොටස...


රා... ගොඩාක් දෙනෙක්ගේ කටට කෙළ උනන මාතෘකාවක්.. ඒකට ගෑණු පිරිමි භේදයක් නැති තරම්... තල් රා, පොල් රා, ආදී නොයෙකුත් රා වර්ග ගත්තම ගොඩාක් දෙනෙක් කැමති කිතුල් රා වලට.. ඉතින් මේ "රා" හදන හැටිත් බොන තරම්ම ලේසියි කියලයි ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නේ.. ඒත් මේ ලිපි පෙළ කියෙව්වට පස්සෙ හිතෙයි රුපියල් 75කට 100කට ඔයාලා රස කර කර බොන මේ පානය හදන්න රා මදින මනුස්සයා කොච්චර නම් මහන්සි වෙනවද කියලා... කාන්තාවන්ගේ හිතේ දැන් ඇතිවෙන ප්‍රශ්ණෙත් මම දන්නවා.. ඔව්.. පැණි හකුරු හදන හැටිත් මේකෙන් කියනවා... මේ ලිපි පෙළ කියෙව්වාට පසු ඔබට පුළුවන් තමන්ගේ වත්තේ තියෙන කිතුල් මලට ඉතාම හොඳින් බෙහෙත් තියන්න.. දැන් එහෙනම් පටන් ගමු....

සාමාන්‍යයෙන් කිතුල් ගහක් පීදෙනවා කියන්නේ එයාගේ පළමු ගොබ ය සහ මල් දෙක එළියට එන එකට... මෙතනින් පස්සෙ තමයි කට්ටිය මල් මදින්න පටන් ගන්නේ.. ගමක තියෙන කිතුල් ගහක් පළමුවෙන්ම පීදෙන්න අවුරුදු 10ක් පමණ යන බවයි ගැමියන්ගේ විශ්වාසය.. කැලේ තියෙන ගහක් ඊට වඩා කල් ගන්න බවයි සාමාන්‍ය මතය... ගහ පීදෙන බව ගහ මුල සිටම බලන්න පුළුවන්.. ලා කොල පාට කිතුල් ගොබ දෙකක් දෙපැත්තට විහිදෙනවා දකින්න පුළුවන්.. ඊට මඳක් පහලින් හනස්සකින් ආවරණය වුන නොපිපුරුණ කිතුල් මල් දෙකක් දකින්න පුළුවන්... ගොබ දෙක මොරන විට උඩ තියෙන මල පුපුරණවා.. එතකොට තමයි උණ ගහක් එහෙම තියලා වැඩේ පටන් ගන්නේ.... 

මම කලින් කිව්වනේ මල් දෙකක් එන බව.. උඩ මල පිපිරුනාට පසුව ගැමියන් ඒ පළමු මල ගස වෙනුවෙන් අත හරිනවා.. යටින් එන මලට එහෙම නැත්නම් දෙවෙනි මලට බෙහෙත් තැබීමෙන් තමයි ගැමියන් ගස මැදීම ආරම්භ කරන්නේ.. රා, පැණි, හකුරු වෙනුවෙන් රා මැදීම ආරම්භ කිරීමට පෙර බුදුන් දෙවියන් සිහිකර තමන් කපන මලට සහ ගහට නමස්කාර කිරීමද ගැමියන්ගේ සිරිතක්...

මල මැදීමට ගහට යන්න කිතුල් මල් මදින්නන් භාවිතා කරන්නේ උණ ලීයක්.. ශක්තිමත් උණ භටයක් ගෙන වේ රැහැන් වලින් හා කිරි වැල් වලින් ගහට හේත්තු කරලා ගැට ගහනවා.. උණ ලීයේ තියෙන පුරුක් තමයි ඔවුන් ඉහලට නගින්න භාවිතා කරන්නේ... උණ ලීය දිගේ ඉහලට නගින ගැමියා පළමුවෙන්ම කරන්නේ මල මැදීමට නිසි තත්ත්වයේ තිබේදැයි පරීක්ෂා කිරීමයි.. ලා කොළ පාටට තිබේනම් කෘමි උවදුරක් නැත්නම් ගැමියන් මලට බෙහෙත් තැබීම ආරම්භ කරනවා... බෙහෙත් බැඳීම යන්නෙන් අදහස් කරන්නේ මලෙන් වැඩි ඵලදාවක් ලබාගැනීම සඳහා යම් යම් ඖෂධ මලට තබා බැඳීමයි.. දැන් මොනවද මේ බෙහෙත් කියලා තමයි ඔබේ හිතට නැගෙන ප්‍රශ්ණේ නේද? මෙන්න මේක තමා වැදගත්ම පාඩම.. එහෙනම් මෙන්න බෙහෙත්...

බෙහෙත් වර්ග දෙකයි.. එකක් හඳුන්වන්නේ සම්බෝලය කියලා.. අනෙක හඳුන්වන්නේ පස් ඇඹුල කියලා.. සම්බෝලය සඳහා අමුද්‍රව්‍ය වෙන්නේ අරං කහ, මුරුංගා පොතු, අං කැන්ද කොළ සහ පොතු, පැපොල් මුල්, කුඩු මිරිස් කොළ සහ පොතු, ඇඹුල් දොඩම් කොළ සහ පොතු. මේ ටික අරගෙන වන්ගෙඩියේ කොටාගන්නවා සම්බෝලයක් ගාණට එනතුරු... ඉන් පසුව කෙසෙල් කොලේක ඔතලා උණු අළු පල්ලේ තම්බා ගන්නවා... උණු අළු පල්ලේ කියන්නේ නේද? ලිපේ අළු යට අර පොට්ටනිය තියලා ඊට උඩින් දර දාලා පත්තු කරනවා.. ඊට පස්සේ විනාඩි 20ක් විතර තැම්බෙන කල් ඉඳලා එය ඉවත් කරගන්නවා.. ඔන්න සම්බෝලේ ඉවරයි... ඊලඟ බෙහෙතත් මේ එක්කම හදාගන්න ඕන.. පොල් ලෙලි අළු, ලිපේ අළු, බැටරි කුඩු අරගෙන පුහුඩුළු ඇඹුලෙන් අනාගෙන එයත් පැත්තකින් තියෙනවා..

ඔන්න බෙහෙත් හදාගෙන ඉවරයි.. දැන් ඉතින් මල් හොයාගෙන බෙහෙත් හදාගෙන රෙඩි වෙලා ඉන්න.. ඊලඟ සඳුදට කියනවා මල කපලා බෙහෙත් තියන හැටි...

තව කොටස් තුනක් වත් ලියන්න වෙයි මුළු ලිපි පෙළම දාන්න....

Wednesday, May 22, 2013

ඔබේ තොල් සෙක්සි පාට නැත්නම් මෙන්න උපදෙස්...... කොල්ලන්ට ස්පෙශල්...



ධනුක ගේ චැට් ඩික්ශණරි එකෙන් "සෙක්සි" කියන එකේ තේරුම අහපුහාම කිව්වේ "ලිංගික ආකර්ෂණය ඇති" කියන එක තමයි ඒකේ තේරුම කියලා.. ඉතින් අපි කවුරුත් කැමතිනේ "ලිංගික ආකර්ශණය ඇති" පිරිමියෙක් හෝ කාන්තාවක් වෙන්න. ඉතින් ඔය සෙක්සි කියන එක ගත්තම නොයෙකුත් ගැජමැටික් තියෙනවනේ.. හමේ පාට ඉඳලා ගත්තොත් කොන්ඩේ, ඇගේ හැඩය සහ එකී මෙකී නොකී දේවල් කොච්චර තියෙනවද? මාතලන් පහුගිය දවසක කතා කලේ ටෑන් පාට කාමුකද කියන ටොපික් එකනේ... අද මම කථා කරන්නේ කොහොමද ඔබේ තොල් සෙක්සි පාට කරගන්නේ කියලා.. මටත් මේක ලැබුනේ අහම්බෙන් කෝච්චියේ කතා කර කර එද්දි ගෑණු ලමයෙක් එක්ක.... 

මේ දවස්වල මම නිතරම මීමුරේ යනවනේ.... අළුත් සංචාරක නිකේතනයේ වැඩ වලටයි ඒකෙ පටන් ගත්ත වගා කටයුතු ව්‍යාපෘතියයි මේ ටිකේ නිතරම ඉන්නෙ එහේ.. ඉතින් ගොඩාක් මම පාවිච්චි කරන්නේ කෝච්චිය... උදේ 7.30ට නුවරට තියෙන ඉන්ටසිටි එක තමයි මේකට මම යොදාගන්නේ.. පහුගිය දවසකත් මේකේ එද්දි වේයන්ගොඩ හරියෙදි බ්‍රේක් බයින්ඩ් වෙලා පැය 2ක් විතර ප්‍රමාද වුනා.. ඉස්සරහා අසුනේ හිටපු ගෑණු ළමයත් එක්ක මම ඉතින් කතාව පටන් ගත්තා.. සතියේ දවසක් නිසා මුළු දුම්රිය මැදිරියටම හිටියේ මගීන් 10ක් විතර... අපි දෙන්නා මූණෙන් මූණ බලාගන්න සීට් එකක.. දැන් ඉතින් කයිය..


කෝච්චිය ගොඩාක් පරක්කු වෙයි වගේ නේද?

ඒක තමයි.. මටනම් හොඳටම පරක්කු වෙනවා... 10 වෙද්දි මම නුවර ඉන්න ඕන...

එහෙම නම් මෙතනින් බැහැලා නිට්ටඹුවට ගිහින් බස් එකේ යන්න තියෙන්නේ...

මම දන්නේ නෑ අයියේ....

ඔහොම පටන් ගත්ත කථාව සමාජ, දේශපාලන, විනෝදාත්මක ආදී විවිධ කතා දිගේ ඇදී ගියා..   මගේ විවාහක තත්ත්වය, ඇයගේ පෙම්වතාගේ සමුගැනීම, වෙන කොල්ලො පස්සෙන් ඇවිත් කරදරයක් වෙන හැටි ඔය ආදී ඉතා පෞද්ගලික මාතෘකා වලටත් ඇවිත් දැන් කතාව ගලාගෙන යනවා..  ඒ අතරේ කෝච්චිය බලන දුම්රිය ස්ථානයේ නතර කලා ඉදිරියෙන් එන දුම්රියකට ඉඩ දෙන්න... "දිවි නැගුම" ජැකට් එකක් දාගෙන හිටපු වෙළෙන්දෙක්ගෙන් එයා වතුර බෝතලයක් ගත්තා.... මම බුලත් විටක් ගත්තා...

අයියා බුලත් විට කනවද?

ඔව්..

දුංකොලත් කනවද?

ඔව්.. ඇයි ඔයා බුලත් විට වලට අකමැතිද?

අනේ නෑ. මම කැමතියි බුලත් විට කන අයට...

ඒක ටිකක් අසාමාන්‍යයි වගේ.. වෙන ගෑණු ළමයි කැමති නෑනේ බුලත් විට කණ අයට...

ඒ උනාට මම කැමතියි.. විට කන අයගේ තොල් මාරම "සෙක්සි" පාටයි.....

කියපුහාම විශ්වාස කරනවා ඕයි... මම ලැජ්ජාවෙන් ඇඹරුනා...... (මොකද අහන්ඩද "මගේ තොලුත් සෙක්සි පාටද නංගි" කියලා..)

Friday, April 26, 2013

සයිබර් ෆෙස්ටිවල්, ලොක්කෝ, කබ්බෝ සහ මම.....

අද කවුරු හෝ මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාලා තිබ්බා.. ඒ පහුගිය ටෙස්ට් පෝස්ට් එක වෙනුවෙන්.. ඇනෝ දාලා තිබ්බත් ඔන්න ඔහේ මේ ගැන ලියනවා කියලා හිතාගෙන කැෆේ එකකටම ලොග් වෙලා ලියන්න පටන් ගත්තා.. මාරයා, ආගන්තුකයා වගේ ලඟදි පදින්චිය මාරු කරපු ගොඩට මමත් මේ ලඟදි එකතු වුන නිසා තවම අන්තර්ජාල පහසුකම් ලබාගෙන නෑ.. බ්ලොග් කරුවන්ගෙන් වංචා කරපු සල්ලි ටික එකතු කරලා මගේම කියලා සංචාරක නිකේතනයක් පටන් ගත්ත නිසා මේ දිනවල නිතරම නුවර - කොළඹ දුවනවා.. ඒ අතරට ලැබිච්ච පුංචි විවේකයේදි තමයි මේ ලිපිය ලියන්න පටන් ගත්තේ....            

පහුගිය දෙවාරයටම වඩා කල්ලි ගැසීම බලවත්වම පෙන්නුම් කරපු සයිබර් ෆෙස්ටිවල් එක කියලයි මම මේ පාර සයිබර් සැණකෙළිය දකින්නේ.. එක එක විදිහේ ටී ශර්ට් ඇදගෙන පිරුණ කට්ටිය ගොඩාක් තැන්වල හිටියා.. බස් රේඩියෝ, ලාස්ට් රෝ, වගේම ඇනොනිමස් සංකල්පය උදෙසා ලෙසින් ටීශර්ට් කල්ලි තුනක් තිබ්බා.. ඒත් හැමෝම බලාපොරොත්තු වුනේ මේක නෙවෙයි.. කබ්බෝ කියන අයගෙයි අනිත් අයගෙයි වලිය.. ඒත් දකින්නට ලැබුනේ නිකන්ම නිකන් ගෑණු වලියක්.. ඒක ගැන කියන්න ගියොත් මුළු සයිබර් ෆෙස්ටිවල් එකම චාටර් වෙන බව මගේ හැඟීම...

පළවෙනි සයිබර් සැණකෙළියේදිම මම කිව්වා මේක අපේ දෙයක් කියලා.. ඒ අපේ දෙයක් ලෙස මෙම උළෙළ මාකට් කරපු එක මම මේ පාර ඉතා හොඳින් දුටුවා.. පහුගිය දෙපාරම සයිබර් සැණකෙළිය ගැන සඳහන් උනේ "අභීත අයියාගේ සිහිනයෙන් එළියට ආපු" වගේ වැකි.. මේ පාර එය ඉතා ලස්සනට අපි, ඒ කියන්නේ බ්ලොග් කාරයෝ කරපු සයිබර් ෆෙස්ටිවල් එකක් ලෙස මුල සිටම මාකට් වෙච්චි එක ගැන බොක්කෙන්ම සතුටු විය යුතු වෙනවා...

ඒ වගේම සමරු කලාපයටත් සෑහෙන බ්ලොග් කරුවන් පිරිසක් මුදල් ලබා දීලා තියෙනවා මම දුටුවා.. එයත් මම හිතන්නේ, සින්හල සයිබර් අවකාශය ගැන කවුරු මොනවා කිව්වත් උන්ගේ හිත්වල ඒ පිළිබඳව හැගීම් තියෙනවා කියන්නට සාධකයක්.. 

ඊලඟට මේ සයිබර් උළෙලට මගේ දායකත්වය... රුපියල් පන්දහසක් දෙනවා කියලා පොරොන්දු වුනත් අන්තිමේදී "සල්ලිත් දීලා පවුලටත් එක්කම බැනුම් අහගන්නේ මොකටද" කියලා හිතුන නිසා එය වලක්වන්නට කටයුතු කලා.. ඒත් සංවිධායක මණ්ඩලය පිටු භාගෙක ඇඩ් එකක් දාලා තිබ්බා.. උන්ට බැන බැන ඒකට 1000.00ක් දුන්නා... මුලදී ග්‍රවුන්ඩ් එකක් නැතුව සංවිධායක මණ්ඩලය පොඩ්ඩක් හිර වුනා.. ඒ වෙලාවේ තමයි ප්‍රදීප් මල්ලි මට කතා කලේ... මමත් ඒ වෙනුවෙන් ටිකක් මහන්සි වුනා.. ඒත් අපිට සුදුසු තැනක් හම්බ වුනේ නෑ.. ඒ වෙලාවම තමයි මගේ ඉතාම ලඟ මිත්‍රයෙක් වෙච්ච තරුණ සේවා සභාවේ ක්‍රියාකාරී අධ්‍යක්ශ මිලින්ද රාජපක්ශව මතක් වුනේ.. දුරකථන ඇමතුම පහත පරිදියි..

මිල්ලා.... මට පොඩි උදව්වක් ඕන...

කියන්න අභීත අයියේ... මොකෝ සීන් එක...

මචන් අපෙ අවුරුදු උත්සවයක් තියෙනවා... ඒකට යූත් එකේ පිට්ටනිය ඕන.. උඹලගේ ස්පොන්සර්ශිප් එකෙන් ඒක අරන් දියන් අපිට...

කවද්ද අභීත අයියේ දවස...

අප්‍රේල් 22..

හරි.. උඹ වැඩේ වුනා කියලා හිතා ගන්න අභීත අයියේ... මට එ-මේල් එකක් දෙන්න රික්වෙස්ට් එකක් විදිහට..

එල.. තැන්ක් යූ මිල්ලා....

ඔන්න ඔහොමයි ඒ ප්‍රශ්නේ විසදුනේ... එක කෝල් එකකින්, දවසට රුපියල් 33000.00ක් අය කරන ක්‍රීඩා පිටිය අපට ලබා දීමටත් ඒ වගේම ඊට අවශ්‍ය සියළු අවශ්‍යතා ලබා දීමටත් ප්‍රධාන ආරධිතයා ලෙස එම අව්ස්ථාවට සහභාගී වීමත් යන කරුනු වලට ජාතික තරුණ සේවා සභාවේ මිලින්ද රාජපක්ෂ මැතිතුමාට ඉතාම ස්තූතිවන්ත වන අතර ඒ සම්හන්ධ උපදේශකත්වය ලබා දුන් ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරෙරා මැතිතුමාටද ගෞරව පූර්වක ස්තූතිය පුද කරනවා...

ඉතින් ක්‍රීඩා පිටියෙන් පස්සේ මාව ඕන වුනේ කඹේටනේ... ඒකත් සපයලා දුන්නා.. ඇනෝ ඇවිදින් මට බනින සමහරු මගේ කඹේ හති දාගෙන ඇඳපු හැටි මම උපේක්ෂා සිතින් බලාගෙන හිටියා.. අභීතයා සම්භන්ධ වෙනවානම් අපි ඕකට එන්නේ නෑ කියපු අය එදා ඇවිල්ලා උඩ පැනපු හැටිත් මම උපේක්ශාවෙන් බලාගෙන හිටියා.. ඒ විතරක් නෙවෙයි... මට එක එක අතවර කරනවා කියලා පාරම් බාපු සමහරු මට මූණවත් නොදී පැත්තකට වෙලා ඉන්නවා දැකපු මට, උන් ගැන දුකත් හිතුනා...   


කොහොම වුනත් මෙවර සයිබර් සැණකෙලිය හොඳින් ඉවර වුනා.. සුපුරුදු පශ්චාත් කටයුතුත් කොට්ටාව කැසබ ලංකා එකේදි පැවැත්වුනා.. ඒක ගැන නම් කතා කරලා වැඩක් නෑ... මම දැක්ක අවුරුදු උත්සවය ඔච්චරයි... අන්තිමට කාරණා තුනක් ගැන කියන්න ඕන...

1. කබ්බෝ නරක නෑ... එයාලා හරිම අහිංසක සමණල ලමයි ටිකක්...... ප්‍රදීප්, ගයාන් වගේ උන් එතනින් බැබලිය යුතු චරිත.....

2. බ්ලොග් ලියන පරණ උන් අභීතයාත් එක්ක තරහයි කියපු අයට එදා දවසෙදි එහි සැබෑ තත්ත්වය දැකගන්නට ලැබෙන්න ඇති... මට එක එක ඒවා කරනවා කියපු අයට පුළුවන් වුනේ මගේ හෙල්මට් එක හන්ගලා පොඩි සිඟිති ආතල් එකක් ගන්න විතරයි... 

3. මේක තමයි වැදගත්.. මෙවර සමාජ සත්කාර්‍යය උදෙසා තිබෙන මුදල මදි කියන එක තමයි මගේ පෞද්ගලික මතය... එයටත් මොකක් හරි වැඩ පිලිවෙලක් අවැසි වෙනවා.. ඒකට දරුවනේ දැන්ම ඉදන් පෙළ ගැහියල්ලා... 

එහෙනම් මගේ කථාව මෙයින් අවසානයි... අවශ්‍ය අයගෙන් අහන්න ඕන එක ප්‍රශ්ණයක් විතරක් මම අහලා යන්නම්....

කෝ... දැන් උඹලා මට කලාද?