Meemure Jungle Resort

Tuesday, May 28, 2013

කිතුල් රා ගැන අහලා තියෙනවද? උඩ පැනගෙන බීවාට හදන හැටි දන්නවද? 1 කොටස...


රා... ගොඩාක් දෙනෙක්ගේ කටට කෙළ උනන මාතෘකාවක්.. ඒකට ගෑණු පිරිමි භේදයක් නැති තරම්... තල් රා, පොල් රා, ආදී නොයෙකුත් රා වර්ග ගත්තම ගොඩාක් දෙනෙක් කැමති කිතුල් රා වලට.. ඉතින් මේ "රා" හදන හැටිත් බොන තරම්ම ලේසියි කියලයි ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නේ.. ඒත් මේ ලිපි පෙළ කියෙව්වට පස්සෙ හිතෙයි රුපියල් 75කට 100කට ඔයාලා රස කර කර බොන මේ පානය හදන්න රා මදින මනුස්සයා කොච්චර නම් මහන්සි වෙනවද කියලා... කාන්තාවන්ගේ හිතේ දැන් ඇතිවෙන ප්‍රශ්ණෙත් මම දන්නවා.. ඔව්.. පැණි හකුරු හදන හැටිත් මේකෙන් කියනවා... මේ ලිපි පෙළ කියෙව්වාට පසු ඔබට පුළුවන් තමන්ගේ වත්තේ තියෙන කිතුල් මලට ඉතාම හොඳින් බෙහෙත් තියන්න.. දැන් එහෙනම් පටන් ගමු....

සාමාන්‍යයෙන් කිතුල් ගහක් පීදෙනවා කියන්නේ එයාගේ පළමු ගොබ ය සහ මල් දෙක එළියට එන එකට... මෙතනින් පස්සෙ තමයි කට්ටිය මල් මදින්න පටන් ගන්නේ.. ගමක තියෙන කිතුල් ගහක් පළමුවෙන්ම පීදෙන්න අවුරුදු 10ක් පමණ යන බවයි ගැමියන්ගේ විශ්වාසය.. කැලේ තියෙන ගහක් ඊට වඩා කල් ගන්න බවයි සාමාන්‍ය මතය... ගහ පීදෙන බව ගහ මුල සිටම බලන්න පුළුවන්.. ලා කොල පාට කිතුල් ගොබ දෙකක් දෙපැත්තට විහිදෙනවා දකින්න පුළුවන්.. ඊට මඳක් පහලින් හනස්සකින් ආවරණය වුන නොපිපුරුණ කිතුල් මල් දෙකක් දකින්න පුළුවන්... ගොබ දෙක මොරන විට උඩ තියෙන මල පුපුරණවා.. එතකොට තමයි උණ ගහක් එහෙම තියලා වැඩේ පටන් ගන්නේ.... 

මම කලින් කිව්වනේ මල් දෙකක් එන බව.. උඩ මල පිපිරුනාට පසුව ගැමියන් ඒ පළමු මල ගස වෙනුවෙන් අත හරිනවා.. යටින් එන මලට එහෙම නැත්නම් දෙවෙනි මලට බෙහෙත් තැබීමෙන් තමයි ගැමියන් ගස මැදීම ආරම්භ කරන්නේ.. රා, පැණි, හකුරු වෙනුවෙන් රා මැදීම ආරම්භ කිරීමට පෙර බුදුන් දෙවියන් සිහිකර තමන් කපන මලට සහ ගහට නමස්කාර කිරීමද ගැමියන්ගේ සිරිතක්...

මල මැදීමට ගහට යන්න කිතුල් මල් මදින්නන් භාවිතා කරන්නේ උණ ලීයක්.. ශක්තිමත් උණ භටයක් ගෙන වේ රැහැන් වලින් හා කිරි වැල් වලින් ගහට හේත්තු කරලා ගැට ගහනවා.. උණ ලීයේ තියෙන පුරුක් තමයි ඔවුන් ඉහලට නගින්න භාවිතා කරන්නේ... උණ ලීය දිගේ ඉහලට නගින ගැමියා පළමුවෙන්ම කරන්නේ මල මැදීමට නිසි තත්ත්වයේ තිබේදැයි පරීක්ෂා කිරීමයි.. ලා කොළ පාටට තිබේනම් කෘමි උවදුරක් නැත්නම් ගැමියන් මලට බෙහෙත් තැබීම ආරම්භ කරනවා... බෙහෙත් බැඳීම යන්නෙන් අදහස් කරන්නේ මලෙන් වැඩි ඵලදාවක් ලබාගැනීම සඳහා යම් යම් ඖෂධ මලට තබා බැඳීමයි.. දැන් මොනවද මේ බෙහෙත් කියලා තමයි ඔබේ හිතට නැගෙන ප්‍රශ්ණේ නේද? මෙන්න මේක තමා වැදගත්ම පාඩම.. එහෙනම් මෙන්න බෙහෙත්...

බෙහෙත් වර්ග දෙකයි.. එකක් හඳුන්වන්නේ සම්බෝලය කියලා.. අනෙක හඳුන්වන්නේ පස් ඇඹුල කියලා.. සම්බෝලය සඳහා අමුද්‍රව්‍ය වෙන්නේ අරං කහ, මුරුංගා පොතු, අං කැන්ද කොළ සහ පොතු, පැපොල් මුල්, කුඩු මිරිස් කොළ සහ පොතු, ඇඹුල් දොඩම් කොළ සහ පොතු. මේ ටික අරගෙන වන්ගෙඩියේ කොටාගන්නවා සම්බෝලයක් ගාණට එනතුරු... ඉන් පසුව කෙසෙල් කොලේක ඔතලා උණු අළු පල්ලේ තම්බා ගන්නවා... උණු අළු පල්ලේ කියන්නේ නේද? ලිපේ අළු යට අර පොට්ටනිය තියලා ඊට උඩින් දර දාලා පත්තු කරනවා.. ඊට පස්සේ විනාඩි 20ක් විතර තැම්බෙන කල් ඉඳලා එය ඉවත් කරගන්නවා.. ඔන්න සම්බෝලේ ඉවරයි... ඊලඟ බෙහෙතත් මේ එක්කම හදාගන්න ඕන.. පොල් ලෙලි අළු, ලිපේ අළු, බැටරි කුඩු අරගෙන පුහුඩුළු ඇඹුලෙන් අනාගෙන එයත් පැත්තකින් තියෙනවා..

ඔන්න බෙහෙත් හදාගෙන ඉවරයි.. දැන් ඉතින් මල් හොයාගෙන බෙහෙත් හදාගෙන රෙඩි වෙලා ඉන්න.. ඊලඟ සඳුදට කියනවා මල කපලා බෙහෙත් තියන හැටි...

තව කොටස් තුනක් වත් ලියන්න වෙයි මුළු ලිපි පෙළම දාන්න....

22 comments:

  1. උඹ ඒ පාර රා මදින්නත් ගත්තද?? :D

    ReplyDelete
  2. උබේ රා තැබැරුම කොහෙද තියෙන්නේ ...

    ReplyDelete
  3. මේක නම් හොද ලිපියක් ...

    ReplyDelete
  4. දැන් අභීත අයියත් "රා බොමු" කියල බෝඩ් එකක් ගහගෙනද ඉන්නේ?

    ReplyDelete
  5. ඉතා වටිනා දේශීය ශාස්ත්‍රයක් ප්‍රචලිත කිරීමේ වෑයමට මගේ ප්‍රමාණය !

    ReplyDelete
  6. බලමු මීළඟ කොටස වඩාත් රසවත්ද කියලා...

    ReplyDelete
  7. දැන් කොල්ලො ගහනවද?

    ReplyDelete
  8. නොදන්න දෙයක් දැනගත් ලිපියක්. අපේ ගෙවල් ගාව වත්තකත් තියෙනවා ලස්සනට වවපු කිතුල් ගහක්. එකේ කිතුල් මල දැක්කහමයි මට තේරැණේ ඉස්සර කවියෝ ඉස්සර කාන්තාවන්ගේ කොණ්ඩෙ කිතුල් මලකට සමාන කර තිබූ අපූරැව. දැන්නම් ෂැම්පු නිසා කිතුල් මලක්වන් කොණ්ඩයක් තිබීම අටපට්ටමට දාන අරැම පුදුම දෙයක් වෙලා.

    ReplyDelete
  9. සුද්දට එහෙම පොලු තියෙනවා නෙමෙයි

    ReplyDelete
  10. මේ බේත් වර්ග පළාතෙන් පළාතට වෙනස් වෙනවා. ඒ වගේම දැන් මේවා හද හද ඉන්න ඕන නෑ කෘෂිකර්ම දෙපාරතමේන්තුවෙන් රෙඩි මේට් බෙහෙත් හදලා තියෙනවා. එයින් රා අස්වැන්නත් වැඩියි කියලා මදින අය මා සමග පවසලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ "කැස්පර්" කියන බේත ගැන නේද? ඒක හරියන්නෙ 'උඩරට තෙත් කළාපයේ' දේශගුණේට විතරයි. පහතරට තෙත්/වියලි ප්‍රදේශවල 'කැස්පර්' භාවිතා කෙරුවාම වෙන්නෙ මුලින් දවස් 5ක් විතර රා ඇවිල්ලා ඊට පස්සෙ සම්පූණයෙන්ම හිඳිලා යන එක. පාරම්පරික බේත් තමයි හරියන්නෙ.

      Delete
  11. පොලුතිය තිය ඉන්නවට වඩා මෙහෙම දෙයක් කරන එකත් හොදයි.
    ඉන්දික උපශාන්ත අදුරනවද ?

    ReplyDelete
  12. ara kunu blog eka umbada karanne?

    ReplyDelete
  13. අපේ පැත්තෙ කින්නෙ අරං කහ නොවෙයි හරං කහ අනෙක අං කැන්ද කොල නොවෙයි අං කෙන්ද කොල තව බැටරි කුඩු වෙනුවට වියන් දුඹුලු ඒ කියන්නෙ කුස්සියෙ දුම යට බැ‍ඳෙන දුඹුලු. එක එක පලාතට අවේනික බෙහෙත් වර්ග තියෙනව.

    ReplyDelete
  14. කිතුල් රා පෙරන්න මාර කට්ටක් කන එකනම් දන්නවා. ඒත් ඔය බෙහෙත් ජාති ගැන නම් දැන ගත්තේ අදයි. මදින උන් කොච්ච්‍ර ඇහුවත් කියන්නේ නෑනේ. බේත් බඳිනවා කියලා විතරමයි කියන්නේ.. දිවිය ළෝකේ අමුර්තෙට දෙන්නෙත් ඕවලු නේ...

    ReplyDelete
  15. "රුපියල් 75කට 100කට ඔයාලා රස කර කර බොන මේ පානය"

    මේ මට කියපන්කො කොහෙද ඔය 75-100 ට රා බෝතලයක් බොන්න පුළුවන් තැන.

    ReplyDelete
  16. පාරම්පරික මි මුර රා ගෙන්වන්නෝ සහ බෙදා හරින්නෝ ......

    ReplyDelete
  17. බිව්ව කාලයක් මතක නැ

    ReplyDelete
  18. මේක නම් හොඳ වැඩක් වගේ.
    ලිපි පෙළ දාන්න ඉක්මණට

    ReplyDelete
  19. "අභීත රා ස්පොට්"

    මචන් කොහේද පොට් එක තියෙන්නෙ....

    ReplyDelete
  20. suddanata raa powala unge sesathama hura ganna epa machan.

    ReplyDelete
  21. වටිනවා මචං. මේවා සයිබරයේ පැවතිය(සේවු) යුතු දේවල්.නැත්තම් නැතිවෙලා යනවා අනාගතේදී.

    ReplyDelete