Tuesday, February 19, 2013

හලාල්ද ,අපිද, එළවළුද, මස්ද, එහෙමත් නැත්නම් මහරගම ප්‍රකාශයද?


මේ දිනවල තියෙන ආන්දෝලනාත්මක මාතෘකාව ගැන යමක් ලිය යුතුයි කියලා හිතුනා... බොදු බල සේනාව, ජිහාඩය, වගේ ආගමික සංවිධාන ගැන දැඩිව කථා වෙන තරමට මේ ප්‍රශ්ණ ඉතාම උග්‍ර තත්ත්වයකට ඇද වැටිලා වගේම, කැබිනට් මණ්ඩලයේ කථා විය යුතු ජනපතිගේ මැදිහත්වීමක් අවශ්‍ය තත්ත්වෙකට මේ ප්‍රශ්ණය පත් වෙලා.. එහෙම නැත්නම් පත් කරලා... මුස්ලිමුන්ට අත තිබ්බොත් අඩු කඩලා හරි නවත්වනවා කියලා එක ඇමතිවරයෙක් කියලා තිබ්බා... ඒ අස්සේ තව ඇමතිවරයෙක් මුස්ලිමුන්ට විරුද්ධව ඉතා දැඩි ප්‍රකාශ නිකුත් කරලා තිබ්බා... ඒ අතරේ මහරගම ප්‍රකාශය කියලා ප්‍රකාශයකුත් නිකුත් කලා.. ගෲප් එකක ත්‍රෙඩ් එකක් විදිහට ගිය නිසාත් මූණූ පිටුවේ ගොඩාක් අදහස් එහෙට මෙහෙට විසි වෙන නිසාත් මේ ගැන මගේ පෞද්ගලික අදහස මගේ බ්ලොග් එකේම කියන්න හිතුවා.....


මම ජීවත් වෙන්නේ ශ්‍රී ලාංකික කියන කුලකයේ සින්හල කියන උප කුලකය ඇතුලේ තියෙන බෞද්ධ කියන තවත් උප කුලකයක ඇතුලේ ඉඳන්.. නමුත් ඒ සීමා මායිම් අත ඇරලා ශ්‍රීලාංකික කියන ඇහින් මම මේ ප්‍රශ්ණේ දිහා බලන්න නිතරම පුරුදු වෙලා හිතියා.. අදටත් බලන්නේ ඒ ඇහින්.. ඒ නිසා මම තරයේ විශ්වාස කරනවා අපි අදහන ආගමක් අනුන්ට කරදරයක් නොකරගෙන අදහන්න.. අපි නියෝජනය කරන ජාතියක් අනුන්ට කරදරයක් නොකරගෙන ජීවත් වෙන්න.. ඒ නිසා අපි සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි කියන ජාතීන් නියෝජනය කිරීම මෙන්ම බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගම් ඇදහීමද කිසිවෙකුට කරදරයක් නැතිව කරගෙන යා යුතුයි... ඒ වගේම තව අයෙක් අදේව වාදීද, එහෙම නැත්නම් අදහන්නේ සත්‍ය ශ්‍රී සායි බබාද, අර පහු ගිය දිනවල ගාල්ල පැත්තේ හිටපු මෛත්‍රී බුදු හාමුදුරුවෝද කියන ඒවා ගැන කිසිවෙක් විසින් කලබල විය යුතු නැත කියලයි මගේ පුද්ගලික හැගීම.. හැබැයි ඒකෙන් අනුන්ට කරදරයක් වෙනවානම් ඊට එරෙහි වන්නටත් අනෙක් අයට හැකියාව තිබිය යුතුයි.. මේ ගැන කියන්න හොඳම උදාහරණය තමයි බොදු බල සේනා විසින් නිකුත් කරපු මහරගම ප්‍රකාශය.. මම දන්න විදිහට එහි කරුණු හය පහත පරිදියි...   


1. ජමියතුල්ලා උලමා සංවිධානය මෑතකසිට සදාචාර විරොධී ලෙස සහ ප්‍රජාතන්ත්‍ර විරොධී ලෙස  භාන්ඩ සඳහා ඉස්ලාම් ආගමික සම්ප්‍රධායට අනුව යැයි පවසමින් හලාල් සහතික නිකුත්කරන අතර මෙවන් සහතික නිකුත් කිරිමට ලක් රජයට ලංකා ප්‍රමිති කාර්යංශය තිබෙන බැවින් උක්ත සහතික නිකුත් කිරිම වහාම නතර කරවීම

2. 2013 සිංහල අලුත් අවුරුද්ද වනවිට ආගමික බලහත්කාරයෙන් තොරවූ භාණ්ඩ නිදහසේ මිලදී ගැනිමට හැකිවන පරිදි වෙළඳ පොලට නිකුත් කළ යුතුය

3. හලාල් ඉස්ලාම් බැතිමතුන්ට පමණක් බලපාන්නාවු ආගමික ප්‍රමිතියක් වන බැවින් බෞද්ධ, හින්දු , කතෝලික හා ක්‍රිස්තියානි ජනතාව හලාල් බදු ගෙවිය යුතු නැති බැවින් එම භාන්ඩ මිලදිගැනිමෙන් ඔවුන් වැලකිය යුතුය 

4. මැදපෙරදිග ප්‍රමුඛව විදේශ රටවලින් පැමිණෙන මුදල් මගින් පල්ලි ඉදිකිරිම ව්‍යපාර අත්පත් කරගැනිම ඉඩම් මිලදි ගැනිම ඇතුළු රටේ ආරක්ෂාවට හා සංහිඳියාවට තර්ජනයක් වන්නාවු සියලූම ක්‍රියා වහා නතර කල යුතුය.මෙරටට ගලා එන උක්ත මුදල් පිළිඹඳ රාජ්‍ය නියාමනයක් කලයුතුය

5. සාමයට හා සංහිදියාවට බලපාන ආගමික මුලධර්ම වාදීන් සහ අන්තවාදි කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය පිළිබඳව සුවිශේෂී අවධානය යොමු කරමින් ඒවා තහනම් කල යුතු අතර නීතිය සැමට සමාන විය යුතුය යන මුලධර්මය උල්ලංඝනය කරමින් ආගමික හා ජනවාර්ගික පදනමින් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල ක්‍රියාත්මක කරනා නිතී අහොසි කල යුතුය

6. මැදපෙරදිග ගෘහ සේවා සඳහා කාන්තාවන් යැවීම මේරට සමාජීය ගැටළු රාශියක් පැන නැගීමට හෙතුවන බැවින්ද අදාල කාන්තාවන් අනාරක්ෂිත තත්වයකට ඇදවැටෙන බැවින්ද මැදපෙරදිග සඳහා කාන්තාවන් යැවීම වහාම නතර කළ යුතුය.

 මෙය කියවූ ගමන් සිහියට එන්නේ මෙම ප්‍රකාශය තවත් එක් ආගමක් පදනම් කරගෙන ඊට එරෙහිව බිහිකල ප්‍රකාශයක් බවයි... මට හිතෙන ආකරයට තවත් වැකි මේ සඳහා ඇතුල් කල යුතුය.. ඒවා මෙන්න මේ ආකාරයේ වගන්ති විය යුතු යැයි මට නිකමට සිතේ...

* ඉපැරණි බෞද්ධ සිද්ධස්තාන වලට යන ගමන් මාර්ගයේ පිහිටුවා ගෙන තිබෙන මුදල්  ගැරීම අරමුණු කරගත් අහිකුන්ඨික ආගමික ස්ථාන ඉවත් කල යුතුය.. (උදාහරණ : ශ්‍රීපාදස්තානය)

* දැරිය නොහැකි තරමේ සත්ව හිංසාවක් ලෙස කෙරෙණ කෝවිල්වල බිලි පූජා වලට එරෙහි විය යුතුය...

* මුදල් ගෙවා, නේක උදව් පදව් කරමින් මිනිසුන් අසරණ වන වෙලාව බලා අන්‍ය ආගම්වලට ජනතාව බලෙන් හරවා ගැනීමට එරෙහි විය යුතුය...

මම ඔය උඩ කීවේ උදාහරණ තුනයි.. ඒවා කියවපු ගමන් තේරෙනවානේ හැමෝගෙම කිල්ලෝටවල හුණු ඩිංග ඩිංග තියෙනවා කියලා... හරි නැවතත් මහරගම ප්‍රකාශය දෙට හැරෙමු... පළමු කාරණය ගැන මම අවසානයේ කථා කරන්නම්... එහි අංක දෙක, තුන, හතර, හය කියන කරුණු ගැන මම එකඟ වෙන්නේ නැහැ... පස්වෙනි කරුණට එකඟයි... ඒ පහත හේතු නිසා...

2. මේක ප්‍රායෝගික කරුණක් කරන්න ව්‍යාපාරිකයින්ට කෙසේ හැකි වෙයිද කියලා අපි දන්නේ නෑ.. ඔවුන්ගේ ඇසුරුම් ආදී විවිධ ප්‍රායෝගික ගැටළු විසඳීම සඳහා විකල්ප, බොදු බල සේනාවට තිබේදැයි මම දන්නේ නෑ...

3. ඉස්ලාම් භක්තිකයින් හැර අනිත් අය හලාල් භාණ්ඩ ගැනීමෙන් වැලකිය යුතුය කියන එක හරි වැරදියි.. කැමති අය ගත්තාවේ.. අකමැති අය නොගත්තාවේ... ඒක ඒ මිනිසුන්ගේ කැමැත්ත..

4. තමන්ගේ මැට්ටම් තම් මැට්ටම්.. ඔවුන් හොයනවා.. ඔවුන් වියදම් කරනවා.. අපිත් හොයනවා අපිත් වියදම් කරනවා.. ඒ මොකටද කවද්ද කියන එක තීරණය කරන්නේ සල්ලි අතේ තිබෙන අය කියලයි මම විශ්වාස කරන්නේ...

5. මීට මම එකඟයි... මෙය විය යුතු දෙයක් කියා මට හිතෙනවා...

6. මේකනම් දුප්පත් ජනතාවට ආගම් භේදයක් නැතිව ගහපු කණේ පහරක්.. සිදුවීම් අතලොස්සක් නිසා බහුතරයක් දියුණු වන ගම් වාසීන් තවත් අගාධයට පත්වීම්ක් මෙයින් සිදුවෙන බව මට හැඟේ.. විසදුම නැවැත්වීම නොව රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් සොයා ගැනීම ලෙසයි මට හිතෙන්නේ...

දැන් පලවෙනි කාරණය ගැන කතා කරමු... මම මේකට එකඟ වෙනවා වර්තමාන පසුබිම තුල.. ඒ ඇත්තටම මෙම හලාල් සහතිකය යටින් දුවන තව භයානක සිදුවීම් රැසක සෙවනැලි දකින නිසාත්, එවැනි සහතිකයක් නිකුත් කිරීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති නිසාත්. නමුත් මම පළවෙනි වාක්‍යටත් එරෙහි වෙනවා හලාල් සහතිකය මෙන්න මේ පදනමෙන් නිකුත් කරනවානම්....

"අඩංගු ද්‍රව්‍ය ගැන පමනක් සලකා බලා වෙන කිසිදු කොන්දේසියක් මත නොපිහිටා මුදල් අය නොකර ලබාදෙන සහතිකයක් වුනානම්..."

ඒ වගේම ඊයේ මූණු පොතේ දුකා අයියාගේ ස්ටේටස් එකකට දාපු කමෙන්ට් එකකුත් මෙතන දැමිය යුතුයි කියලා මම හිතනවා...

කිසිවෙක් කිසිවෙක් මත යමක් බලෙන් පැටවිය යුතු නෑ.. බෞද්ධ පන්සල්වල පින් පෙට්ටි තියෙනවා.. ඒකට සල්ලි දමා යා යුතුමයි කියලා කිසිවෙක් ඔවුන්ට බල කරන්නේ නෑ... පින් පෙට්ටිය දිහා බලලා අහක බලන් යනවා.. ආගමට අධාර දෙන අයට ප්‍රමුඛතාවක් තියෙනවා තමයි.. කතරගම දෙවාලෙත් පූජාවට්ටිවල දාහේ කොල තිබ්බොත් තමයි ඉක්මනට ඇතුලට යවන්නේ.. නමුත් හැම පූජාවට්ටියක්ම ඇතුලට යනවා.. ඒක සාමාන්‍යයි...

ඒ වගේම කෑම කඩ.. අපි මස් නොකනවා කියලා ඒ කඩේට මස් උයන්න එපා කියනවානම් ඒක වැරදියි.. මස් මාලු නතුව එළවලු කෑම ඉල්ලන කොච්චර ඉන්නවද? එහෙමත් අවිශ්වාස අය සයිවර් කඩවලට යනවා.. තවත් අවිශ්වාසනම් මගුල් ගෙදරට යද්දිත් ගෙදරින් කෑම එකක් අරන් යනවා.. ඒක ඉතින් ඒ ඒ අයගේ කැමැත්ත...

ඒත් විරුද්ධ විය යුතු දේට විරුද්ධ විය යුතුයි...

මම මේ ලිපියේ ලිව්වේ මගේ පුද්ගලික අදහස.. අනෙක් අයගේ මතත් පහලින් සටහන් වේවි... ඉතා විනීතව අදහස් පවසනවානම් අගය කරනවා.. මොකද ඊයේ සෝඩා ගුනේ කිව්වා "තමන්ගේ හැරමිටිය වැනීමේ නිදහස අනෙකාගේ නහය කෙළවරින් අවසන් විය යුතුයි" කියලා 

Sunday, February 17, 2013

මේවා දැක්කම ලංකාවේ ලමා ලිංගික අපචාර වැඩි නොවී තියෙයිද?

ලංකාවේ ලිංගික අපරාධ ගැන දැන් කතා වෙන තරම බොහොමයි.. ඒ අතරින් කුඩා ගෑණු දරුවන්ට වෙන අපරාධ බොහොමයි.. මේකට විවිධ විවිධ හේතු බලපෑවත් මට ඊයේ සහ අද උදේ හිතුණු දේවල් ටිකක් කියන්න ඕනමයි කියලා හිතුනා.. පහුගිය දවස්වල පියා සහ සහෝදරයා වෙතින් විවිධ අඩන්තේට්ටම් වලට ලක්වෙච්ච දියණියක් ගේ කතාවකුත් හෙලි වුනා.. පියා, සහෝදරයින්, අසල්වාසීන්, ගුරුවරුන් අතින් අතවරයට පත්වන ගැහැනු දරුවන් එමටයි.. අවුරුදු හතේ අටේ කිරි සුවඳවත් නොගිය දරුවන් දූශණය කිරීම් කියන්නේ සාමාන්‍ය දෙයක් වන තරමට වගේ එවැනි සිද්ධීන් අපට අහන්නට ලැබෙනවා...  


එක්තරා නාලිකාවක් විසින් පවත්වන පොඩි එවුන් සඳහා වන නැටුම් තරඟයක් (පොඩි එවුන් තරු කරන ) මම ඊයේ බැලුවා.. අද උදේත් වෙන නාලිකාවක එවැනිම තරඟයක් (පොඩ්ඩන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියන) බැලුවා.. ඒක බලපුහාම මට හිතුනා ඇයි මේ වග කිය යුතු මාධ්‍ය හරක් වගේ හැසිරෙන්නේ කියලා.. අපි පොඩි කාලේ ලමා නැටුම් බලන්න ආසයි... හුරතල් විදිහට ඇඳගෙන හුරතල් බසින් සින්දු කියමින් නටන නැටුම් බලන් ඉන්න ආසයි... එහෙම කියලා මම කියන්නේ නෑ ලංකාවේ බාල පරම්පරාව හැමදාම ලී කෙලි නැටුනුයි, කළගෙඩි නැටුනුයි නටන්නඕන කියලා.. ඒත් අර නැටුම් වල මිශ්‍ර වෙලා තිබ්බ ලිංගිකත්වය නම් ළමා වයසට කිසිසේත්ම ඔරොත්තු නොදෙන්නක් බවයි මගේ පුද්ගලික හැඟීම.. ඒ විතරක් නොවෙයි.. කැමරා කෝණ පොඩි ගෑණු ළමයින්ගේ බඩවල්වලටයි දෙපා වලටයි ඉලක්ක කරමින් අනුරාගී විදිහට ප්‍රදර්ශ්ණය කිරීමෙන් මට හිතා ගන්න බැහැ මේ රුපවාහිණී නාලිකා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා.. මෙහි වරද එහෙමත් නැතිනම් මානසික අසහනය කැමරා කරුවන්ගෙද එහෙම නැත්නම් නලිකා ප්‍රධානීන්ගෙද කියලා අමුතුවෙන් හිතන්න දේකුත් නෑ මම හිතන්නේ...

දෙමවුපියන්ට බනින්නත් බෑ මේවට ළමයි යවනවා කියලා.. තම දරුවාගේ හැකියාවට අත දීමත් එම දරුවා රටේ ජනප්‍රිය තරුවක් කිරීමත් කියන කඩතුරාවෙන් ඔවුන්ගේ දෑස් වැසිලා තියෙන්නේ.. දරුවා පියවරෙන් පියවර ඉදිරියට යද්දි ඇරිලා තියෙන ටිකත් වැහෙන්න පටන් ගන්නවා.. ඉතින් මේකට විසදුම කවදා ලැබෙයිද...?

තමන්ගේ ගෙදර,අල්ලපු ගෙදර ඉන්න ගෑනු දරුවගේ වගේ වයසේ ගෑණු ලමයෙක්ගේ පොඩ්ඩක් ඇරිච්ච බඩ ගෙදර රූපවාහිනියෙන්ම පෙන්නද්දි, අඩ නිරුවත් දෙපා ගෙදර රූපවාහිනියෙන්ම පෙන්නද්දි, පොඩි කෙල්ලක් භාගෙට ඇදන් ශකිලාගේ වක වක සින්දුවට පස්ස කරක කරක නටනවා පෙන්නද්දි හිත දුර්වල ශක්තිමත් පිරිමින්ගේ ගොදුර වෙන්නේ කවුද? 

මේක ගැන කථා කරන්න ගියොත් ලිපි දහයක්වත් ලියන්න වෙයි.. මම පෞද්ගලිකව හිතනවා මේ ළමා රියැලිටි වැඩසටහන් වෙනුවෙන් ප්‍රමිතීන් හා සීමා හදුන්වා දිය යුතුයි කියලා... එහෙම නැත්නම් ජනප්‍රියත්ව හඹා යන පොඩ්ඩෝ ඊට කලින් අළු දූවිලි වෙලා යාවි...

Thursday, February 7, 2013

බ්ලොග් ගොසිප් - හිස් අහසේ සඳරූගේ පෙම්වතිය මෙන්න....

මීට ටික කලකට කලින් අපි ප්‍රවෘත්තියක් ගෙනාවා හිස් අහස දෙකඩ වෙයි කියලා.. කතන්දර කාරයාටත් කුමාර සංගක්කාරටත් පින් සිද්ද වෙන්න හිස් අහසේ සඳරූ පෙම්වතියක් හොයාගත්ත බවක් තමයි ඒ ලිපියෙන් දැක්වුනේ... මායා රංජන් පරපුරේ අළුත්ම පුරුක ලෙසත් සඳරූව හැඳින්වුනා.. ඒ වගේම අසෙනිය කුසුම සම්මාන උළෙලෙදි හොඳම බ්ලොග් අඩවියට හිමි සම්මානයත්  හොඳම පෞද්ගලික බ්ලොග් අඩවියට හිමි සම්මානයත් හිස් අහස බ්ලොග් අඩවියට හිමි වුනා... ඒ විතරක් නොවේ... පුද්ගලික බ්ලොග් අඩවි අතරින් හිට්ස් මිලියනයකටත් අධික සංඛ‍යාවකටත් හිස් අහස උරුමකම් කියනවා... එවන් දක්ශයකුගේ පෙම්වතියගේ ඡායාරූප කිහිපයක් අප වෙත ලැබී තියෙනවා.. පහතින් දැක්වෙන්නේ ඔබ ආදරය කරන සඳරූ ආදරය කරන තැනැත්තියයි... 







හැබැයි අප්සෙට් සීන් එක කියන්නේ මේකයි.... මෙන්න මෙහෙම සීන් එකකුත් තියෙනවා.....


ප.ලි. රංගයාත් දැන් නොලියන එකේ මොකෙකුට හරි මඩක් ගහන්න එපායැ...

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...