Tuesday, December 11, 2012

රිමාන්ඩ් එකේ ගත කරන රාත්‍රියේ මිහිරියාව... අද තුන්වන කොටස...

මගේ මේ සීරීස් එකේ තුන්වන කොටස ඉතාම පරක්කුයි කියලා දැන දැනත් මම මේ ලියන්නේ පටන් ගත්ත වැඩේ ඉවර කරන්න ඕන නිසා.. ඒ නිසා කල් ඉකුත් වූ මාතෘකාවක් වුනත් මම මේ ගැන ලියලා ඉවර කරනවා කියලා හිතුනා... පන්සිල් අරගෙන අළුත් අය අමතන තැනට එනතුරු මම ලියලා තිබ්බ.. දැන් ලියන්න යන්නේ රිමාන්ඩ් බන්ධනාගාර දිනයේ ලබපු අපූරුම හා අමුතුම අත්දැකීම් ටික.. එහෙනම් මෙන්න...

පන්සිල් අරන් කට්ටියම තමන් තමන් ඉන්න තැන් වලට ගියා.. සුද්දාත් ඒ පිටිපස්සෙන් මමත් ගියේ ඔවුන්ගේ කණ්ඩායම හිටපු තැනට.. ඔක්කොම වටවෙලා ඉඳගත්තා.. පහන් තිරයක් දැල්වුන පුංචි පහණක් රවුම මැදට ආවා... ඊයම් කොල, දුඹුරු පැහැ කුඩු ස්වල්පයක් දමා තිබුණු පුංචි කුඩු පැකට් එකක් රවුම මතට ආවා කියලා කියනවාට වඩා කණ්ඩායමේ කට්ටිය වැඩැම්මුවා කිව්ව කියලා කීවොත් තමයි හරි.. ඒ ආම්පන්න ටිකට ඒ තරම්ම පුද සත්කාර ලැබුනා.. කුඩු බින්දුවක්වත් අපතේ යන්න ඔවුන් ඉඩ දුන්නේ නෑ.. මොන හේතුවකටද මන්දා ඒ පහන දැක්කම මට මතක් වුනේම ඇලඩින්ගේ පුදුම පහන... කොච්චර අයථා වැඩ කලත් කිසි දිනෙක කුඩු නොබීපු මට කුඩු ගසන ආකාරය සියැසින් දකින්නට මට වාසනාව ලැබුනා.. අපේ කණ්ඩයමේ වැඩ බලන ගමන් මම අවට නෙත් හෙළුව.. මෙතනනේ දිව්‍ය ලෝකේ.. එක තැනක බූරුවා ගහනවා හතර දෙනෙක් වට වෙලා.. ගොඩාක් තැන්වල තිබ්බේ අපේ කණ්ඩායම වගේ කුඩු රවුම්... ගංජා ගහන අය වගේම දුම්කොලයක් කඩදාසියක ඔතලා අඩු වියදම් සූස්ති අදින වුනුත් අනන්තවත් එතන හිටියා.. ඒ අතරේ මාව පුදුමයට පත්කරමින් වෙළෙන්දෝ දෙන්නෙකුත් මැදින් ගමන් කලා... මේ ඔවුන් එහා මෙහා ගමන් කරමින් කෑ ගසමින් විකුණපු භාණ්ඩ...

කේ ජී තියෙනවා... ඕන අය ඉල්ලන්න... කේ ජී තියෙනවා ඕන අය ඉල්ලන්න....

හිරියාලේ දුංකොල ගෙනාවා... පිටිපස්සට එන්න....

මේ ඔවුන් විකුණපු හැටි..ඒත් එදා කවුරුත් ඒවා ගන්න ගියා කියලා මම දැක්කේ නෑ.. මේ අසිරිය නරඹමින් ඉද්දි සුද්දා මගේ ලඟට ආවේ අහසේ පාවීගෙන... මේ ඊලඟ කොටස....


සුදු අයියේ.. අර අයියා කීවා නේද පොඩි දෙයක්. අපිට පොඩි උදව්වක් ඕනේ..

කියන්න සුද්දා.. මොකක්ද සීන් එක...

මෙහෙමයි, මෙතන ඉන්නේ ස්ථීර පස් දෙනෙක්.. ඉතින් ඔයාට ඉඩ දෙන්න ඕන නිසා මෙතන එකෙක් යනවා අයින් වෙලා.. ඌට මොනාහරි කරන්න ඕන...

ම්ම්ම්ම්..... කියන්න සුද්දා...

මෙහෙමයි රුපියල් දාහක් දෙන්න... එතකොට මම අනිත් ඔක්කොම බැලන්ස් කරන්නම්..

සල්ලි ගේන්න දුන්නේ නෑනේ සුද්දා..

අයියෝ.. ගෙදරට කෝල් කරලා අපි දෙන නම්බර් එකට රුපියල් 1100ක් ඊසි කෑශ් කරන්න කියන්න...

කෝල් කරන්න? මගෙන් ප්‍රශ්ණයක්..

ඔව්. ඉන්න මම දෙන්නම් ෆෝන් එකක්... ඒ ගජියා.. උඹේ ෆෝන් එක අරන් වරෙන් මෙහෙට....

මේ ක්‍රියාදාමය මාව ඒ වෙලාවේ විස්මයට පත් කලා.. අළුත් තාක්ෂනය සිර කරුවන් ප්‍රයෝජනයට ගන්න හැටිනම් හරිම අපූරුයි...

අයියේ මෙන්න මේ නම්බර් එකට සල්ලි දාන්න කියන්න.. අවුලක් නෑ නේද? සුද්දා මගේන් විමසුවේ කොල කෑල්ලක ලියා තිබුන දුරකථන නොම්මරයක් පෙන්වමින්.. මම මගේ සගයෙකුට කථා කොට එම කාර්‍යය විනාඩි කිහිපයක් තුල ඉටු කලා.. අන්න එතන ඉඳන් තමයි සැලකිලි පටන් ගත්තේ...

අයියේ නා ගත්තේ නෑ නේද තවම... එන්න යන්න..

අයියේ කලිසම මම හේදුවා.. ටී එකත් හේදුවා.. හෙට යන්න පුළුවන් වෙන්න වේලලා දෙන්නම්.. බය වෙන්න එපා...

හිටගෙන ඉන්න එපා දෙවියෝ... ඉඳගන්න... මෙන්න කොට්ටේ..

හරි අයියේ.. ඔයා ටොයිලට් එකට යන්න.. මම වතුර එක ගෙනත් දෙන්නම්...

ඉන්න අයියේ.. මම එලන්නම් ශීට් එක.. මෙතනින් නිදා ගන්න...

මේ අයුරින් සියළු දේවල් මට අවැසි විදිහට ඉටු වුනා.. රුපියල් 15000ක් වැය කරන්න පුළුවන්නම් හැමදාම මේ ආකාරයෙන් වැජඹෙන්න පුලුවන් බව මම පිටව එන්නට කලියෙන් මගේ මිතුරා මට කිව්වා.. ඒ නිසා අර රුපියල් දහ්සේ ආනුභාවයෙන් ඉතා සුව පහසු රිමාන්ඩ් දිනයක් මට උදාවුනා... දැන් ඔයාලට ප්‍රශ්ණේ තියෙන්නේ එහෙම සල්ලි නොදුන්න අයට වුන දේ සහ ඒ ගන්න සල්ලි වලට ඔවුන් කරන්නේ මොනාද කියන එක වෙන්න ඇති...

එහෙම නොදුන්න අයට නිදාගන්න වෙන්නේ ඉතා සීමිත ඉඩක.. ඒක නිදා ගන්නවට වඩා ඉදගන්න තරම්වත් ප්‍රමානවත් නැති ඉඩක්.. උසාවියේ සිට එනවිට රාත්‍රී කෑම බෙදා අවසන් නිසා රාත්‍රී අහාරය ගැනීමට ක්‍රමයක් ඔවුන්ට නැහැ... මූණ හේදීමට හෝ වැසිකිළි අවශ්‍යතාවන් ඉටු කර ගන්නවත් සෑහෙන දුක් ගොන්නක් ගෙවන්න වෙනවා... මේ ආකාරයේ නොයෙකුත් ගැහැට විඳින්න ඕන කියන එක රිමාන්ඩ් බන්ධනාගාරයට අළුතෙන් යනවානම් සිහි තබා ගත යුතුයි...

රාත්‍රී ආහාර වෙලාව උදා වෙලා.. හතරට විතර ගිහින් ගෙනාපු රාත්‍රී කෑම එක කට්ටියම වට වෙලා කන්න පටන් ගත්තා... මමත් අත දාන්න හැදුවේ...

ඔයා ඉන්න අයියා.., අපි කවන්නම්... පුදුමයෙන් කීකරු වුනා හැර මම ඔවුනට විරුද්ධ වෙන්න ගියේ නෑ..

රාත්‍රී අහාරයෙන් පසුව මම එවපු රුපියල් දහසෙන් ඔවුන් තවත් මත්කුඩු පැකට් දෙකක් මිලදී ගත්තා.. එය පානය කර අවසන් වනවිට මමනම් සුව නින්දේ... නැවත මට අවදි වුනේ පාන්දර 6ට... ඒ රූපවාහිනියේ පිරිත් සද්දයෙන්...

ආ.. ගුඩ් මෝනින් අයියා.... මෙන්න ඇඳුම් ටික.


ඉතා පදමට සෝදා වේලා මැද තිබූ ඩෙනිම හා ටී ශර්ට් එක සුද්දා මගේ අතට පත් කලා..

තැන්ක් යූ සුද්දා...

එන්න අයියේ... ටක් ගාලා ගිහින් මුහුණ හෝදා ගමු...

සියළු උදව් කරමින් මා හට පිහිට වූ සුද්දා මගෙන් සමුගත්තේ මෙහෙමයි...,

හදිසියේවත් ආයෙත් ඇප දුන්නේ නැත්නම් බය නැතුව ඉන්න.. මට තව මාස හයක් විතර ඉන්න වෙයි... උදේට කන්න අර අයියා එවන්න කිව්ව ඔයාව එයාලගේ එකට... බුදු සරණයි අයියේ... පරිස්සමින් ගිහින් එන්න..

බොහොම ස්තූතියි සුද්දා.. මම යනවා එහෙනම්...

ඊ වාට්ටුවෙන් එලියට බැස්සේ ඇත්තටම පුංචි දුකක් හිතේ තියාගෙන... මැර වැඩ කලත් මොන මොන දේ කලත් බොක්කෙන් පිරිසිදු කොල්ලො සමූහයක් එතන හිටියා.. ඒ වගේමයි නරකට සීමාව ඉක්මවා කේන්ති ගන්නවා එතන ඉන්න 90%ක්. ගොඩාක් අය රිමාන්ඩ් ගත වෙන්න ලොකුම හේතුව එය කියලායි මට හිතුනේ...

ඊ වාට්ටුවෙන් සමුගත් මම එළියට එනකොට චරියා මාව පිළිගන්න ගේට්ටුව අසලට ඇවිත් හිටියා..

උඹට ඊයේ රෑ මොනා හරි අවුලක් උනාද?

නෑ මචන්, ගෙදර ඉන්නවාට වඩා හොඳට හිටියා.. 

සුද්දා හොඳ එකා.. ඒකයි මම උඹව ඌටම භාර දුන්නේ.. වරෙන් යන්න.. උදේට අපිත් එක්ක කමු.. 

උගේ වාට්ටුවට ගිහින් පොඩි පිගන් දෙකකට බත් බෙදාගත්ත අපි දෙන්න කතාවට වැටුනා...

අභියා.. උඹට අළුතින් කියන්න ඕන නෑනේ මම මොකටද මේකට ආවේ කියලා...

නෑ මචන්, මම ඒ කාලෙත් උඹට කිව්වනේ අරක්කු සිගරට් ඕන දෙයක් බීපන්.. ඒත් ඕක කරන්න එපා කියලා...

මම නැවැත්තුවා බන්... එතකොට පරක්කු වැඩියි..

අනේ පලයන් බන් යන්න... නැවැත්තුවානම් කොහොමද පොලීසියට අහුවෙන්නේ...

මම දවස් දෙක තුනක් පොලීසියට චාටර් වුනා බන්.. උන් දවසක් නිකන් බෝඩිමේ ඉද්දි මාව අල්ලගෙන ඇවිත් කුඩු පැකට් එකක් එක්ක ඇතුලට දැම්මා බන්... (මේ කතාව කොච්චර දුරට ඇත්තද කියලා මම දන්නේ නෑ..) අන්තිමේට මේක ඇතුලට ආවට පස්සේ වෙනදට වැඩියි මචන්. 



කොහොම හරි උසාවි යෑම සඳහා අපි ඊ වාට්ටුවෙන් එළියට ආවා.. ජේලර්ලා එනවා අපිව ගන්න...

ආ ළමයි.. අද ගෙදරින් එහෙම එනවා ඇති උඹලගේ නේ...

එනවා සර්..., සර් ද අද උසාවි... ලොකු දෙයක්.. මෙහෙම කියන සිරකරුව පස්සෙ එකිනෙකාට මෙහෙම කියනවා.. අහන හැටි විතරක් *&^& ගානක් කඩාගත්තැකිනෙ ගෙදර උන් ආපුහාම.. හරියට අපිට ආදරේට වගේ...

හරි හරි.. වරෙල්ලා වරෙල්ලා.. මේ උඹලගේ දම්වැල් දාගනිල්ලා.. 

මුන් උදේ වරුවට නම් හාමුදුරුවරු... ගාන කඩා ගත්තට පස්සේ අපිටමයි අරින්නෙත්... මේ සිර කරුවන්ගේ මුනුමුනුව..

නාම ලේඛනය පරීක්ශා කරපු අපිව බස් එකට දාගෙන උසාවියට ගෙනත් උසාවි බන්ධනාගාරයට දැම්මා..

එතනදි තමයි මම බන්කර් ගහන හැටි ඇස් දෙකට දැක්කේ... පිළිවෙල වෙන්නේ මෙහෙමයි... ඉස්සෙල්ලාම ජේලර් කෙනෙක් එළියට ගිහින් සිරකරුවාගේ ගෙදර මිනිස්සුන්ගෙන් සන්තෝසම ලබා ගන්නවා.. ඊට පසුව සාමාන්‍ය කැන්ටින් ආහාරයක් එක්ක අවශ්‍ය බඩු පොලිතීන් එකක ඔතලා කෑම එක වගේ පවුලේ උදවිය විසින් හිර කූඩුව ඇතුලට ලබා දෙනවා... එම පාර්සලය යන්නේ පලපුරුදු බන්කර් කරුවකු අතට... ඔහු සිර කුටියේ මුල්ලට ගොස් කලිසම පහත් කර ඉදගෙන අර පාර්සලය තම ගුද මාර්ගය අස්සේ සඟවා ගන්නවා...

මගේ නඩුව කියවෙනකොට මම ඇප තියපු මිතුරා අවසන් වතාවට විශ්වාසය රකිමින් උසාවියට ඉදිරිපත් වීම නිසා මාව නිදහස් කරන්නට කටයුතු යෙදුනා... නමුත් ජේලර්ලා මාව එලියට දැම්මේම නෑ.. මමත් දැනගත්තා එන්නේ මොකාටද කියලා.. ඒ නිසා පසුපසටම ගොස් මාව එලියට දානකන්ම හිටියා.. අවසානයේ එක් ජේලර්වරයෙක් මාව ඇමතුවා..

ඔයාව නිදහස් කලානේද?

ඔව්..

යන්න නම් පුළුවන්... ඒත් අර උසාවියෙන් කොලයක් ගන්න ඕන.. මම ඒක ගෙනත් දෙන්නම්.., පොඩි සපෝට් එකක් දෙන්න ඉතින් අපි කට්ටියට...

අතේ සතයක් නෑ.. මගෙ යාලුවත් ගියා.. එහෙනම් අදත් යමු.. මොකද ගෙදර ගියා කියලත් ලොකු වැඩක් නෑ කරන්න...

එහෙම කරන්න එපා..

හරි, එහෙනම් එලියට දාන්නකො.. මම බැන්කුවෙන් සල්ලි අරන් ගෙනත් දෙන්නම්...

අපේ එක්කෙනෙක්ව එවන්නද බැංකුවට....

හා.. ඒත් කමක් නෑ....

මම එලියට ඇවිත් මාත් එක්ක ආපු ජේලර්ට කිව්වා ඔයා අපහු යන්න.. මම වීල් එකක ගෙදර ගිහින් ගෙදරින් සල්ලි ඉල්ලගෙන තමයි වීල් එකට ගෙවන්නෙ කියලා...

ඔන්න ඔහොමයි රිමාන්ඩ් කතන්දරේ සිදුවුනේ... ආයෙත් රිමන්ඩ් එකට යන්න ආසයි.. ඒත් හිරේට යන්නනම් මෙලෝ ආසවක් නෑ..

ප.ලි. අද කතාව දිග වැඩියි කම්මැලියි කියලා මටත් හිතෙනවා.. ඒත් කතා කරන්න මාතෘකා ගොඩාක් තියෙන නිසා මෙහෙම හරි ඉවර කරන්න වුනා.... අපහසුතාවක් උනානම් සමාව ඉල්ලනවා ඔන්න..  

ප.ප.ලි. : ප්‍රශ්ණ අහන්න.. උත්තර දෙන්නම්....

Tuesday, November 20, 2012

මෙන්න කතාවේ විසිල් සමඟ බල්ටි.. රිමාන්ඩ් එකට පිවිසෙන හැටි...

කලින් කතාවට තිබ්බ ප්‍රතිචාර නිසා ලියන්න පටන් ගත්තා ඔන්න දෙවෙනි කොටසත්.. ගෙවල් ලඟ උසාවියේ බන්ධනාගාරයට ගියාට පසු මගේ සඟයාට අවශ්‍යතාවක් ආවා මාව හමුවෙන්න.. ඔහු මේ බව එතන හිටපු ජේලර්ට කිව්වා.. ජේලර් මට ඇවිත් මෙහෙම කිව්වා...

අර මල්ලිට ඔයාව හම්බෙන්න ඕනලු... ඒ වුනාට අපිට ඒකට අවසර දෙන්න බෑ.. අපිට ඉතින් මොනා හරි සපෝට් එකක් දෙනවනන් ඉතින් ඒ ගැන සලකා බලන්න පුළුවන්..

හරි ජේලර් මහත්තයා.. ඌට එන්න කියන්නකෝ... මම කියන්නම් මිනිහට කාරණාව..

දැන් මමයි පොරයි කථාව ඉවර වෙනකන් මූ බලාගෙන හිටියා.. මම අරූට කිව්වා කීයක් හරි දෙන්න කියලා.. ඌ රුපියල් 200ක් දුන්නා..

මොකක්ද බන් මේ 200. මෙතනම ඉන්නවනේ තුන් දෙනෙක්.. 500ක්වත් දියන්..

ඔන්න 500ක් දුන්නා... දැන් ඉතින් අරූට මම ලඟට එන්න බාධා නෑ.. ඒ අතරේ එතන හිටියා නිමල් අයියා.. මාස තුනක් රිමාන්ඩ් භාරයේ ඉඳලා එදාම ඇප හම්බෙලා.. නිදහස් වෙලා ගෙදර යන්නයි සූදානම.. මගේ කතාව අහලා මට පොඩ්ඩක් බැනලා මිනිහා මට උපදෙස් දෙන්න පටන් ගත්තා.. රිමාන්ඩ් එක ගැන මූලික පාඩම එතනින් මට ලැබුනා.. මිනිහා ඔක්කොම කියලා අන්තිමේට මෙහෙම කිව්වා.. "මල්ලි, මම කියපු ක්‍රමයෙන් පිට මොනවවත් කරන්න කියන්න යන්න එපා.. ඒක ඔයාට කරදර වෙන්න පුළුවන්..." මම ඒ අවවාදය තරයේ හිතේ තියාගත්තා..

උසාවියේ නඩු අහලා ඉවර වුනා... දැන් තියෙන්නේ අපිව එක්කරගෙන යන්න... මේ අර රුපියල් 500ක් ගත්ත ජේලර්ලගේ හඬ..

නැගිටපියව්.. උඹලගේ අම්මට... කෝ.. ගනිව්.. වරෙන් මෙහාට...

මාත් සමඟ තව තුන් දෙනෙක් එදා බන්ධනාගාර කලා.. දැන් තුන් දෙනාවත් එක්ක යනවා බස් එකට..  

ආයෙත් සුපුරුදු ජේලර්ලාගේ හඬ..

නැගපියව් බස් එකට.. මුන්ගේ අම්මට... නැගපියව්.. පලයව් පස්සට... මුගේ අම්මට.. පල පස්සට.. කෝ කෝ.. ඉක්මනට.. පලයව්.. ඉඳගනියව්..

දැන් දොර වහගෙන කට්ටිය පිටත් වුනා.. ඒ අතරේ තමන්ගේ පොඩි එවුන් අති සුඛෝපභෝගී සෙල්ලම් බඩු වලින් කරන සෙල්ලම් තියෙන වීඩියෝ එකිනෙකාට පෙන්වමින් ඒ ගැන විස්තර කරනවා.. ගිය සති අන්තයේ කෑම කාපු කඩවල් (තරු හෝටල්) ගැනත් කියනවා.. නියමිත ගමනාන්තයට ආවා.. දැන් නැවතත් ජේලර්ලාගේ මිහිරි හඬ..

හා බැහැපියව්.. මුන්ගේ අම්මට.. ජනේල් වහලා බැහැපියව්ව්.. #$%@^ බැහැපියව් ඉක්මනට.. වරෙව් මගේ පස්සෙන්..

ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම පහලින් තියෙන වාක්‍යය තමයි ඇහුනේ..

අඩෝ අභීත මල්ලි... කොහෙද බන් උඹ මෙහෙ..

මම ජීවිතේට අදුරන එකම ජේලර්.. හරියටම උටම සෙට් උනානේ...

අනුන්ගේ පරිප්පුවක් කෑවා හිරන්ත අයියේ.. හෙට උසාවි දානවා කිව්වා...

පල යන්න.. හිටපන් මම උඹේ කොලේ බලලා එනකන්..

ඈ..? මේ මොකක්ද බන්.. උඹටත් වෙන්නෙම ඔහොම ඒවා.. හරි මොනාද වෙන්න ඕන..

මොකුත් වෙන්න එපා... හෙට උදේ මම යනවා.. විශේශයක් දක්වන්නේ නැතුව හිටහන් අයියේ.. පොඩ්ඩක් කියලා තියහන් මුන්ට මම උඹේ එකෙක් කියලා..

හරි හරි.. අවුලක් වෙන්නේ නෑ.. උඹව වැටෙන්නේ ඊ එකට.. මම උන්ට කියන්නම්...

එතන ඉඳන් මට ජේලර්ලගේ සද්දෙ නෑ.. ඒත් අනිත් උන්ට වුන හැටියට මට වුනා වගේ ලියන්නම්.. අළුත් සිරකරුවන් ලියාපදිංචි කිරීමෙන් පසු ඔවුන්ව යවන්නේ ත්‍රිවිධ හමුදාව ඉන්න කුටියකට.. ඒ ඔවුන්ව පරීක්ශා කිරීම සඳහා..

එන්න ඇතුලට.. යුධ හමුදා සෙබලාගේ මිහිරි වදන්...   තිර රෙදි වලින් ආවරනය වූ කුටියකට ඔහු මාව කැදෙව්වා...

කට අරින්න...

කමිසය ගලවන්න...

කමිසය අතට ගත් යුධ හමුදා සෙබලා එය වාටියක් නෑරම පරීක්ෂා කලා..

කමිසය ඇදගෙන කලිසම ගලවන්න.. යට කලිසමත් ගලවන්න...

එහිත් හැම සාක්කුවක්මත් වාටියක්මත් ඔවුන් පරීක්ශා කලා...

හරි දෙපාරක් ඉදගෙන හිටගන්න... මේක කරන්න කියන්නේ බන්කර් චෙක් කරන්න.. බන්කර් කියන්නෙ මොනාද කියන එක ඔබට පැහැදිලි වෙන්න ඇති කෝරලේ මහත්තයාගේ පෝස්ට් එකෙන්... මේ ඔක්කොම ඉවර වුනාට පස්සෙ නැවතත් අර හමුදා සෙබලාගේ ආදරණීය හඩ..

බොහොම ස්තූතියි...

ඔයාටත් ස්තූතියි...

අනික් කුටි වල හිටපු මිනිසුන්ටත් ත්‍රිවි හමුදා සෙබලු කතා කරපු ආකාරය මට ඇහුනා.. තාප්පයේ තියෙන "සිරකරුවෝත් මනුශ්ශයෝය" කියන එක ඉතාමත් හොදින් ප්‍රගුන කරපු පිරිසක්..  එතනින් එහාට තවත් ලොකු ගේට්ටුවකින් අපිව දැම්මා..

හා.. ඔතනින් පලයව් L එක හොයාගෙන.. ඒ අපිට... මුන්ට ගිහින් පෙන්නපියව් L එක තියෙන තැන.. එතන හිටපු අඩු වයස් හිර කාරයින් දෙදෙනෙකුට.. ඔවුන් දෙදෙනාට අවුරුදු 19කටනම් වැඩි වෙන්න බෑ..

වරෙන් මචන් යන්න..  මද දුරක් කැරකි කැරකි ගොස්.. මෙතන තමයි උඹලගේ පොට් එක.. මෙතනට කියලා පලයන්... කාර්යාලයක් වගේ එකක් පෙන්නමින් ඔවුන් කිව්වා..


එතන ගේට්ටුවෙන් අපි හතර දෙනා ඇතුල් වෙද්දිම පැරණි සිරකරුවෙක්ගෙන් ප්‍රශ්ණයක්.. ඔවුන් තමයි එම කාර්යාලයේ ලේඛණ කටයුතු සඳහා යොදවා තියෙන්නේ..

හෙට උසාවි ඉදිරිපත් කරන අය ඉන්නවද?

ඔව්.. ඒ මම.. මම විතරයි පහුවදාට උසාවි ඉදිරිපත් වෙන්නේ.. 

අනිත් අය යන්න.. ඔයා එන්න...

නම...?

මම ඉතින් නම කිව්වා... තවත් ගොඩාක් විස්තර ඇහුවා.. මව, පියා, පාසැල, රැකියාව ආදී බොහෝ පෞද්ගලික තොරතුරු ලේඛන ගත කලා.. කමිසය ගලවලා උපන් ලප තිබෙන තැන් පවා සටහන් කර ගත්තා...

හරි ඔතනින් බැහැලා ඊ වාට්ටුවට යන්න...

මම එතැනින් බහිනකොට රිමාන්ඩ් වූවන්ගේ විවේක කාලය.. හැමෝම තැන් තැන් වලට වෙලා සුහඳ සාකච්ඡා කරමින් හිටියා.. මට දැනුනේ මෙතන බොහොම නිදහස් තැනක් වගේ.. ඊ වාට්ටුව හොයන්න හිතාගෙන මම පහලට බැස්සා...

අඩෝ.. අභියා.. උඹ කොහෙද බන් මේ...

කවුද යකෝ රිමාන්ඩ් එකේ මාව පිලිගන්නේ... අප්පට සිරි... මාත් එක්ක නාරාහේන්පිට බෝඩිමේ හිටපු එකා.. ඌ දකිද්දිම මම දන්නවා ඌ මොකටද එන්න ඇත්තේ කියලා... ඒත් ඌ දන්නේ නෑනේ මම ආවේ ඇයි කියලා..

පොඩි කේස් එකක් වුනා බන්.. හෙට වෙනකන් රිමාන්ඩ් කලා..

හරි උඹ භය වෙන්න එපා.. උඹට අද ඉන්න වෙන්නෙ මම ඉන්න එකේ නෙවෙයි.. රුපියල් 1000ක් ලෑස්ති කරගනින් ගෙදරට කතා කරලා.. ඉතිරි ටික මම බලා ගන්නම්..

එල මචන්... කොහොම කෝල් ගන්නද බන්..

කෝල් මොනාද බන්... මේක ඇතුලේ මොනාද නැත්තේ.. වරෙන් යන්න... මම උඹව ගොඩ දාල දෙන්නම්..

මූ මාත් එක්ක ගියා.. කොන්ඩේ වවපු සිරා කොලු පාටක් තියෙන එකෙකුට අඬ ගැහුවා...

සුද්දා.. පොඩ්ඩක් වරෙන්...

අප්පා.. මොකෝ අයියා.. යාළුවෙක්ද? අළුතින්ද? කොහෙද? කවද වෙනකන්ද?

උඹට වැඩක් නෑ සුද්දා... මගේ බොක්කක්.. මූට හොඳට සලකපන්.. උඹ ලඟින් තියා ගනින්.. කරදර කරන්න දෙන්න එපා.. දත් ගලවන්න එපා.. මම මූට 1000යි කියලා තියෙන්නේ.. ඊට වඩා ගන්න එපා.. මූ අපේ සබ්ජෙක්ට් එකේ නෑ.. ඒක මූට පුරුදු කරන්න එපා..

හරි සුදු අයියේ... මම බලාගන්නම්... එන්න අයියේ...

අභියා... දැන් 5ට ගේට්ටු වහනවා.. හෙට උදේ වෙනකන් මට ආයේ එන්න වෙන්නේ නෑ.. උඹේ හිතේ ප්‍රශ්ණ තියෙනව මගෙන් අහන්න.. ඒවා හෙට උදේ අහපන්... කරන්න දෙයක් නෑ බන්.. ජීවිතේ ඔහොම තමයි.. මේක ඇතුලට ආවේ නවත්තන්න හිතාගෙන.. එලියට වඩා වැඩියි බන් මේක ඇතුලේ....

හරි චරියා.. තැන්ක් යූ... මම හෙට උදේ කතා කරන්නම්...

දැන් සුද්දා පස්සෙන් මම යනවා... 

අයියේ.. මම කියන විදිහට ඉන්න.. දැන් අපිව ඇතුලට දාන වෙලාව.. දෙන්න දෙන්න යන්නේ.. මගේ අත අල්ලගන්න..

එල මල්ලි....

ඊ වාට්ටුවේ ඔක්කොම දෙන්න දෙන්න අ අල්ලන් ඇතුලට යනවා.. හැමෝම දොරෙන් ඇතුල් වෙද්දිම සෙරෙප්පු අතින් අරන් තමයි ඇතුලට යන්නේ... ඒ අතරේ ජේලර්වරු ගනිනවා.. ඔවුන්ගේ වැඩ මුරය මාරු වෙද්දි නිතරම ගැනලා තමයි මාරු වෙන්නේ... වෙලාව 5යි...

අයියේ.. දැන් පන්සිල් ගන්න වෙලාව... කෝ දෙන්න සෙරෙප්පු දෙක... මේ ටීශර්ට් එක ඇඳ ගන්න.. ඕක දෙන්න... හොඳටම කිලුටුයි නේ.. මම හෝදලා දාන්නම්.. හෙට යනකොට ඇඳගෙන යන්න පුලුවන් එතකොට ඔයාට...

තෑන්ක්ස් සුද්දා..  මම ගිහින් ඉස්සරහින්ම වාඩි උනා..

බෙල්ලේ විශාල රිදී මාලයක් එල්ල ගත්තු හැඩි දැඩි සිරකරුඑක් ඇවිත් බුදු පිලිමෙට මල්, පහන්, හඳුන්කූරු පූජා කලා.. ඔහු තමයි මේ ඊ වාට්ටුවේ නායකයා කියලා ටිකක් වෙලා යද්දි මට තේරුනා.. හවත් වැඩිහිටි සිරකරුවෙක් පන්සිල් කියෙව්වා.. ඒ අතර තිසරන ගුන වගේම තුන් සූත්‍රය්ත් දෙවියන්ට පින් දීම මල ගිය ඥාතීන්ට පින්දීම ආදී සියලු ආගමික වතාවත් කෙරුනා.. ඇත්තට ඒ කටයුතු වලදීනම් මෙය රිමාන්ඩ් බන්ධනාගාරය කියා කිසි විටෙක සිතුනේ නෑ.. ආගමික කටයුතු අවසන් වුන ගමන් තිබෙන්නේ නවක සිර කරුවන් ඇමතීම...

අළුත් අය එන්න.... ඉඳගන්න... හරි.. මේ ටික අහගන්න...
යාළුවෝ ඉන්නවානම් එයාලත් එක්ක ඉන්න... බලෙන් කිසි දෙයක් දෙන්න එපා... තමන්ගේ කැමැත්තෙන් දෙන දෙයක් විතරක් දෙන්න... කාගෙවත් බලහත්කාරකම් වලට යට වෙන්න එපා.. එහෙම කවුරු හරි කලොත් මට කියන්න... මේ අවුරුදු 25ක විතර කඩවසම් කොල්ලෙකුගේ හඬ.... ඔහු තම කටින් ඊ වාට්ටුව මනාව පාලනය කරනවා... අපරාදේ තරුණ ජීවිත කියලා මට හිතුනා.. රෑ පුරාම දැක්ක ඔහුගේ නායකත්ව ගුණාංගයන් අපරාදේ විනාශ වෙලා යන්නේ කියලා මට සිතුනු වාර අනන්තයි....


මතු සම්භන්ධයි.....

ප.ලි. : කියන්න තියෙන දේ භාගෙට කියන්න හොඳ නැති නිසා තව කොටස් දෙකක්වත් දාන්න වෙයි.. ඊලඟ පෝස්ට් එකෙන් හිර ගෙවල් ඇතුලට සල්ලි, ජංගම දුරකතන, මත්ද්‍රව්‍ය එන්නේ කොහොමද කියන එක සවිස්තරාත්මකව කියන්නම්.. ඒ භාණ්ඩවල මිල ගණන් ඇහුවම තමයි ඔබට තරු විසිවෙන්නේ.... 

Sunday, November 18, 2012

රිමාන්ඩ් භාරයට පත් වෙන ඔබට උපදෙස්....


මේ දවස් වල මාතෘකාව හිර ගෙදර... එක දවසක් රිමාන්ඩ් භාරයේ පසු වූ පුද්ගලයෙක් හැටියට මටත් තියෙනවා උපදෙස් කීපයක් ඔබට දෙන්න.. කොච්චර වැරදි වැඩ වලින් වැලකිලා හිටියත් ඔබටත් සිරගත වෙන්න දිනයක් උදාවෙන්න පුළුවන්.. මෙම කථා මාලාව කොටස් දෙකකින් යුක්තයි.. මෙච්චර කාලයක් නොකියා හිටියේ ඒ සඳහා අවස්ථාවක් සහ හරි වෙලාවක් නාපු නිසයි.. මාතලන් වගේම කෝරලේ මහත්තයාත් පෝස්ට් එකක් දාපු නිසාත් ඔබේ අවධානය ඒ වෙත තවම රැඳී තිබෙන නිසාත් මම ඒ (අ)සුන්දර (මට තාම හිතාගන්න බෑ ඒ දිනය සුන්දරද අසුන්දරද කියලා..) මොහොත ආවර්ජනය කරන්නයි සූදානම... පලවෙනි කොටස කොහොමද මම රිමාන්ඩ් උනේ කියන එක.. දෙවෙනි කොටස රිමන්ඩ් එක ඇතුලේ ඉන්න මගේ යාළුවෝ සහ උන් කියපු දේවල්... වටේ යන්න ඔන නෑනේ.. මෙන්න පටන් ගත්තා වැඩේ...

මේ කාලය 2009 දෙසැම්බර් වගේ කාලයක්... මගේ හොඳම මිතුරෙකුගෙන් මට ආවා දුරකථන ඇමතුමක්...

අභියා.. මගේ බිස්නස් එක පොඩ්ඩක් හිරවෙලා.. මට සල්ලි ටිකක් ඕන...

කියපන්...

ලක්ශ පහක් හොයාගන්න ඕන... පොලියට හරි කමක් නෑ..

එච්චර නම් ශුවර් නෑ මචන්... මගෙත් සබ්බ සකලමනාවම බිස්නස් එකට දාල තියෙන්නෙ... මම ඒත් හොයලා බලන්නම්...

අනේ පොඩ්ඩක් බලපන් මචන්....

ඕකෙ මචන්...

දින තුනක් ගිය පසු නැවතත් මේ දුරකථන ඇමතුම ආවා.. මගේ ලඟ තිබුන සම්භන්ධතා හරහා එය පහසුවෙන් ඉටු කරගැනීමට හැකි අයුරක් ඔහු දකින්නට ඇති නිසා එම දුරකථන ඇමතුම දිගින් දිගටම ආවා..

අවසානයේ මම මගේ අදුරන ව්‍යාපාරිකයෙක් හරහා මොහුට මසකට 5% පොලිය මත එම මුදල අරන් දෙන්නට කටයුතු කලා... ඇපයට තැබුවේ චෙක්පතක්... ඊට මාස හයකට පස්සේ මගේ මිතුරු ව්‍යාපාරිකයාගෙන් දුරකථන ඇමතුමක් ආවා...

අභීත මල්ලි, මොකද මේ පාර සල්ලි ටික පරක්කු...

මේ පාර සතියක් විතර යනවා අය්යා... පොඩ්ඩක් ඉන්න හොදේ..

හරි හරි.. ඒව අවුලක් නෑ... මේ අර ඔයාගෙ යාලුවා මාස දෙකකින් විතර සල්ලි දුන්නේ නෑ... මොකද කරන්නේ...

මම කතා කරලා බලන්නම් අයියේ.. මට කතා කලෙත් නෑ ඌ.. මගේ යාලුවෙක් කියලා බලන්න එපා.. ඔයාට අවුලක්නම් සුපුරුදු පිලිවෙලේ යන්න...

නෑ මම යන්න කලින් තමයි උඹට කිව්වේ.. ඌත් එක්ක කථා කරලා කියන්න මල්ලි මට...

දැන් ඉතින් මෙහෙම දෙපැත්තට කර කර අවුරුදු ගානක් ගියා.. අන්තිමේදි මගේ මිතුරා තියෙන තියෙන වෙලාවට සල්ලි අදාල ව්‍යාපාරිකයාට ලබා දුන්නත් ඒ හැම සතයක්ම පොලියට කැපිලා මුළු මුදල් ප්‍රමාණය ඉතිරි වුනා... 2011 මැද භාගය වනවිට මෙම ගණුදෙනුව සම්භන්ධයෙන් කොළඹ නගර සීමාවේ වූ පොලීසියක් විසින් ඔහුව අත් අඩංගුවට ගත්තා... ඊට පසුදා ඔහුව උසාවියටත් ඉදිරිපත් කෙරුනා...

අදාල ව්‍යාපාරිකයා සමඟම මමත් උසාවියට ගියා.. මිතුරාගේ යහලුවෙකුත් පැමිණ හිටියා.. අවසන ඔහු නීතිඥ්ඥයකු මාර්ගයෙන් උසාවියට දන්වා සිටියේ ඔහුගේ ව්‍යාපාර මදක් පසුගාමී වන නිසා මෙම මුදල් එකවර දීමට නොහැකි බවත් මසකට දස දහස බැගින් දීමට හැකි බවත්ය.. අවසානයේ දෙපැත්තේ නීතිඥ්ඥවරුන් හරහා මසකට විසි දහස බැගින් පියවා අවසන් කරන්නට කටයුතු සිද්ධ වුනා.. ඒ වෙනුවට ඔහුට ශරීර ඇප දෙකක් නියම වුනා.. ඒ වෙනුවට මමත් ඔහුගේ යහලුවත් ශරීර ඇප තබ ඔහුව රිමාන්ඩ් භාරයෙන් මුදවාගනු ලැබුවා.. ඉතින් මෙහෙම තවත් කාලයක් ගියා.. දැන් සෑම මසකම නඩු දිනේට මොහු 20000.00ක් ගෙවමින් ගියා...

2012 මාර්තු මාසය වන විට මට උසාවියෙන් සිතාසි ආවා... ඒ මගේ මිතුරා අධිකරණය මඟ හැර සිටින නිසාත් ඔහුගේ පළමු  ඇපකරු ලෙස ඔහු වෙනුවෙන් උසාවියේ පෙනී සිටින ලෙසටත් පවසමින්.. ඒත් සමගම ඔහු වෙත දුරකතන ඇමතුමක් දුන්නත් ඔහු පැවසුවේ ඉදිරි නඩු වාරයට ඉදිරිපත් වන බවත් ඉදිරි මාස තුනක කාලය ඇතුලත මේ ගණුදෙනුව අවසන් කරන බවත්, මම උසාවි පැමිණීම අනවශ්‍ය බවත්ය.. මේ වන විට මේ කරුණ සම්භන්ධයෙන් සියළු පාර්ශ්ව වලින් මට බැනුම් එල්ල වෙන්න පටන් අරන් තිබුනා.. ඒත් ලිං කටින්ම ගොඩ එන්නට ඕනෑ යැයි මම තරයේ සිතා ගත්තා...


අනතුරුව 2012 ජූලි මාසයේ 31 වගේ දිනක මහ රෑ ගෙවල් අසල පොලීසියෙන් මට දුරකථන ඇමතුමක් ආවා...

අභීත මහත්තයාද?

ඔව්..

මම ***** පොලීසියෙන්... සාජන් ***** කතා කරන්නේ...

ආ.. මොකෝ සාජන් මහත්තයා... මොකෝ මේ මහ රෑ.. 

කොහෙද ඉන්නේ.... පොඩ්ඩක් පොලීසියට එන්න පුළුවන්ද?

දැන්නම් මම කොළඹින් පිට ඉන්නේ... මොකද සීන් එක... 

නෑ එහෙනම් හෙට පාන්දරම එන්නකෝ.. පොඩි පැමිනිල්ලක් තියෙනවා... 

හරි මම උදේ 7 වෙද්දි එන්නම්... මොකක්ද පැමිණිල්ල.. 

නෑ.. පොඩි එකක්.. ලොකු ප්‍රශ්ණයක් නෙමෙයි...

සාජන්ට් මහත්තයාත් හිතවතා නිසා ගෙවල් ලග පොලීසියත් අදුරන නිසාත් මම ප්‍රශ්ණයක් නොකරගෙන එදා උදෙන්ම පොලීසියට ගියා.. ගියාට පස්සේ මම හිතේ තියාගෙන ගිය කාරණයට වඩා ටිකක් බර පතල කාරණයක්..

මොකෝ සාජන් මහත්තයා මට එන්න කිව්වේ...

අහවල් පොලීසියෙන් වොරන්ට් එකක් තියෙනවා... අද උසාවි දාන්න ඕනලු.. ඇප දුන්න සිද්ධියක්.. මොනවද මේ දා ගන්න විකාර.. 

අප්පට සිරි.. මූ යනවා කිව්වනේ උසාවි...

මහත්තයෝ... ඇප වෙන්න හොද නෑ අම්මට තාත්තටවත්.. බලමු මොනාද කරන්නෙ කියලා.. ඕ අයි සී මහත්තයත් පුදුම වුනා මේක දැකලා.. ඕනනම් ගිහින් මුණ ගැහිලා එන්න..

ඕ අයි සී මහත්තයත් එක්කත් කතා කරලා නීතිමය පැත්තත් දැනගෙන, ගෙදරටත් විස්තරේ කියලා හැම පැත්තම සමබර කරගෙන නීතිඥ්ඥ මහත්තයෙකුත් අල්ලගෙන ගෙවල් ලඟ උසාවියට මාව ඉදිරිපත් කලා.. නීතියේ හැටියට ඊලඟ නඩු වාරය දක්වා මාව රිමාන්ඩ් කල යුතුයි.. නමුත් නීතිඥ්ඥ මහතාගේ කරුණු දැක්වීම මත සහ පොලීසිය විසින් ලබාදුන් සුභවාදී නිර්දේශයන් මත විනිසුරු තුමා මෙන්න මේ විදිහට එතුමාගේ තීරණය ලබා දුන්නා... 

අද දින බන්ධනාගාර භාරයේ තබා හෙට දින අළුත්කඩේ මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඉදිරිපත් කල බවට ලියවිලි ඊලඟ නඩු දිනයේදී  මා වෙත ඉදිරිපත් කල යුතුයි...

ඊලඟට හදිසියේ ඇප දෙන්න වුනොත් යැයි කියා ගෙන්වාගෙන සිටි මගේ මිතුරා මා වෙත ආවා...

අභීත අයියේ... ලෝයර් කියනවා ආයෙත් මෝශන් එකක් දැම්මොත් ඇප ගන්න පුළුවන් වෙයි කියලා.. මොකද කියන්නේ... දාන්නද?

එපා මචන්.. එක දවසනේ.. මම ඇතුලත් බලාගෙන එන්නම් මොන වගේද කියලා... මෙන්න අරුන්ගේ නම්බර් එක.. ඌට කියහන් ඌ නිසා මට මෙහෙම වුනා කියලා.. මේ නම්බර් එක මගෙ ලෝයර්ගේ.. පොරටත් කතාකරල කියහන් හෙට උදෙ 8.30ට එන්න කියලා, ආදී වශයෙන් ඌට උපදෙස් ගොඩාක් දීලා ගෙදරටත් දුරකථන ඇමතුමක් දීලා එතනත් බය නැති කරලා මම උසාවි බන්ධනාගාරය වෙත පිටත් උනේ හවසට ලබන්නට තිබෙන අළුත් අත්දැකීම ගැන සිතමින්...

ප.ලි. දෙවෙනි කොටස බදාදා දානවා.. ඉතාම කාර්ය බහුල කාලයක් ගෙවී යන බැවින් බ්ලොග් පැත්තෙ එන්න අවස්ථාව ඉතා අඩුයි.. 

Tuesday, November 6, 2012

කේන්දර ගැලපෙන්නේ නැද්ද? ඒත් කසාද බදින්නත් ඕනද? මෙන්න විසදුම....

අළුත විවාහ වෙන්න ඉන්න ගොඩාක් අයට ඇති ප්‍රශ්ණයක් තමයි මේ තියෙන්නේ.. මීට අවුරුදු පහකට කලින් මම විවාහ වෙන්න සූදානම් වූ වෙලාවෙත් ඔය ගැටළුව මට ආවා..ඒත් මම කිසිම දෙයක් මත ඕනවට වඩා යැපෙන්නේ නැති නිසා එය අභියෝගයක් විදිහට අරගෙන ඕන මඟුලක් කියලා විවාහය කලා.. අනේ අද වෙනකන්නම් කිසි ගැටළුවක් වුනේ නෑ.. දැන් මොකක්ද ආපු ගැටළුව කියලා ප්‍රශ්ණයක් ඔයාලට එනවා නේද...? මම ඒක ලිපිය අවසානයේ කියන්නම්.. දැන් බහිමු මාතෘකාවට....

සෑහෙන තරමේ ක්‍රියාන්විතයකින් පස්සේ පෙම්වතෙක් හෝ පෙම්වතියක් ඇති කරගෙන ඇය හෝ ඔහු සමඟ අවුරුදු ගානක් තිස්සේ අනාගතය ගොඩ නගලා අන්ති මොහොතේ කේන්දරය කියන එක මත වෙන්වෙලා යනවා කියන එක හරිම ශෝචනීය සිද්ධියක් නේද? මේ ලඟදි (ලඟඳි කිව්වට ඊයේ හවස..) මම යාළුවෙක් එක්ක පොඩි කථාවක් දාගෙන ඉන්නවා මුහුදු වෙරලක් කිට්ටුව.. අපේ තවත් යාළුවෙක් සම්භන්ධව ඔතනදි පොඩි කථාවක් ඇදුනා.. ඌ ඉතාම හොඳ කොල්ලෙක්.. ආරක්ශක සේවයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන්නේ... නමුත් කසාදයක් හරියන්නේ නෑලු උගේ කේන්දරේ ප්‍රශ්ණයක් නිසා... මේ නිමිත්ත මූලික කරගෙන අපි දෙන්නා අතරේ ගිය සංවාදය තමයි පහත තියෙන්නේ...

මචන්, අභියා.. ඇයි අරූ බඳින්නේ නැත්තේ...

උගේ කේන්දරේ ප්‍රශ්ණයක් කියලා මඟුල් හරියන්නේ නෑලු බන්...

අනේ බම්බුව.. මගේ කේන්දරත් ගැලපුනේ නෑ බන්.. මේ ඉන්නේ යස අගේට...

මගේත් ගැලපුනේ නෑ බන්.. මේ මමත් ඉන්නේ අපූරුවට...

මචන්, කේන්දර ගැලපෙන්නේ නැත්නම් අපි ටිකක් ප්‍රවේශමෙන් පවුල් ජීවිතේ ගෙනියන්න ඕන... රිස්ක් ගන්න නරකයි.. හදිසියේවත් අපි වෙන් වුනොත් කියන එක යථාර්ථයක් විදිහට හිතේ තියාගෙන වැඩ කලාම ඉවරයි...

ත්ත මචන්... අනිත් එක මචන්, දික්කසාදය කියන හේතුව නිසා නොමැරී මැරිච්ච මිනිස්සු ඉන්නවානම් ඒ කිහිප දෙනයි... දික්කසාදයෙන් ගොඩ ගිය වුනුත් ඉන්නවා... මේ ඔක්කොම මිනිස්සුන්ගේ හිත මචන්...

නෑ අභියා.. උඹට මම කියපු එක හරියටම තේරුණේ නෑ.. උඹ දන්නවද මගේ කේන්දරේ ගැලපෙන්නේ නෑ කියපු ගමන් මම අපේ ගෑණිත් එක්ක කතා කරපි දේවල්..

මම කොහොමද බන් දන්නේ.. උඹනේ ගෑනිත් එක්ක කථා කලේ..

ඒකත් ඇත්ත.. තොගේ කට නම් තාම වෙනස් වෙලා නෑ..

හරි කට මම බලාගන්නම්.. උඹ කියපන් මොනාද ගෑනිට කිව්වේ.. මම නොකියපු දෙයක්නම් අදම ගිහින් මගේ ගෑනිටත් කියන්න..

නෑ මචන්... මම එදාම ගෑනිට කිව්වා අපි කසාද බැන්ද දවසට පස්සේ මම මලොත් හිත හදාගන්න ලෑස්ති වෙන්න කියලා... තව කාරණා ගොඩාක් කිව්වා මචන්... මෙන්න මේ තියෙන්නේ ඒවා.. උඹ බලලා කියහන් මම මේ කියපු කථා වැරදිද කියලා...

හ්ම්ම්...

කසාදයට පෙර අපේ නමට තියෙන කිසිම වත්කමක් මචන් අපි හුවමාරු කරගන්න ඕන නෑ... හදිසියේවත් මියගියොත් එහෙම නැතිනම් මොනා හරි කරදරයක් වුනොත් කියන හේතු මත දෙන්නගේ නමටම සැලකිය යුතු ඉන්ශුවරන්ස් එකක් දාගමු කියලත් මම කීවා.. හවුලේ කරන ගෙවල් හැදිලි ඉඩම් ගැනිලි ඔක්කොම කසාද බැන්දයින් පස්සේ අපි උපයන මුදලින් සහ ණය මුදලින් විතරක් කරමු කියලත් කීවා... මොනා හරි කරදරයක් කාට හරි වුනොත් තමන්ගේ හා යැපෙන අනික් වුන්ගේ යහපත පතා ගත හැකි හොඳම ක්‍රියා මාර්ගය ගනිමු කියන එක.. ඒ කිව්වේ මචන් මම මැරුනොත් මගේ ගෑනිට හිතුනොත් ගෑනිටයි ලමයටයි ආරක්ශාව මදි, වෙන මිනිහෙක් ගන්න ඕන කියලා, එයාට ඒක හරි කියලා තේරෙනවනම් ඒක කරාට කමක් නෑ කියන එක.. කොටින්ම මචන් මම හදිස්සියෙන්වත් මලොත් දේපල ඉඩ කඩම් වලට මගේ පවුලේ වුනුත් මරා ගන්නේ නැතුව දරුවාටත් උගන්නගෙන ස්වාධීන ජීවිතයක් ගත කරන්න පුලුවන් වෙන විදිහට අපි ජීවිතේ සැලසුම් කරන්න ඕන.. ඊට අමතරව ආගමික පැත්තෙනුත් බෝධි පූජා වගේ පින් දහමුත් කරන්න ඕන... මෙච්චර විකල්ප තියෙන ලෝකේ ඇයි බන් කේන්දරේට විතරක් විකල්පයක් නැත්තේ.. ඔය තියෙන්නේ විකල්පනේ...

ඇත්ත තමයි බන්... ඔය කතාව මිනිස්සු තේරුම් ගන්නේ නෑනේ...

ඔව් මචන්.. මිනිස්සු මේ යතාර්ථයට බයයි..  ඒත් මිනිස්සු ඒක චැලෙන්ජ් එකක් විදිහට ගන්න කැමති නෑ.. මම ඔය උඩ කියපු ක්‍රියාමාර්ග ඔක්කොම අරන් තියෙන්නේ.. දැන් මට මැරෙන්න උනත් බයක් නෑ.. ඒත් අදටත් අපි මොකක් හරි කරද්දි අපේ කේන්දර ගැලපෙන්නේ නෑ කියා එක ගැනත් හිතනවා.. 

ඇත්ත.. මමත් ඔය තරම් නැති වුනාත් උඹේ ඔය වැඩ සටහනින් කිහිපයක් දැනටමත් ක්‍රියාත්මක කරලා තියෙනවා...

අනේ පල.. උඹ ඔය කියන්නේ ඉන්ශුවරන්ස් එක ගැනනේ... තෝ ඔය රට පටලවන විදිහට ඒක දාපු එකනම් හොඳටම හොඳයි...


ඉතින් මේ කථාව අන්තිමට මට හිතුනා ඇත්තටම ඒක ඇත්ත තමයි කියලා.. පෙර සූදානම රටක් වටී කියනවනේ... අහ්.. මම උඩින් කිව්වනේ අර මගේ කේන්දරේ ගැන ප්‍රශ්ණේ අප්පච්චිත් එක්ක විසඳ ගත්ත හැටි කියනවා කියලා.. මෙන්න මෙහෙම දෙබසක් තමයි ගියේ...

කසුන්, මේ කේන්දර ගැලපෙන්නේ නැහැනේ...

ඇයි අප්පච්චි.. මොකද වෙන්නේ....

මෙයාව බැන්දොත් අවුරුද්දක් ඇතුලත ඔයා මැරෙන්න පුළුවන්...

ඉතින් අප්පච්චි, නොදන්න ගෑනියෙක් බැඳලා මැරි මැරි ජීවත් වෙනවට වඩා හොඳ නැද්ද දන්න ගෑනියෙක් බැඳලා, අවුරුද්දක් ජීවත් වෙලා මැරෙන එක...

කථාව එතනින් ඉවර වුනා... අපි බැන්දා.. අපි ඉතා හොඳින් ඉන්නවා...

ප.ලි. සංවාදයට විවෘතයි... පෞද්ගලික පලි ගැනීම් නම් කරන්න එපා ඔන්න....

Friday, November 2, 2012

මේවා කුණුහරප කවිද? නැද්ද? 18ට අඩු ටියුබ් ලයිට් නොවෙන උන්ට තහනම්....


සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම විදිහට ඇලුම් කලා.. තාමත් ටිකක් වල් පැත්තට බර වෙච්ච කවි කට පාඩමින් කියන්න පුළුවන්.. නමුත් මේ කවි කියන්න කලින් ස්වාධීන රූපවාහිනී සේවයේ ගිය වැඩසටහනක් ගැනත් කියන්න ඕන. ඒ තමයි සංහිඳ කියන වැඩසටහන.. අපූරු වැඩසටහනක්.. පරන ගායකයින්ගේ ගීත ප්‍රවීනයින් ලවා ගායනා කරවනවා.. හරිම මිහිරි ගීතයක්.. පහුගිය සතියේ ගියේ වොලී බැස්ටියන්ගේ ගීත. මේකෙදි ප්‍රවීන කණ්ඩායම් ගායකයෙක් වෙච්ච සුනිල් පෙරේරා "රටක් වටිනවා මගේ මවුපියෝ දෙන්නා" කියන ගීතය ගැන මෙහෙම කිව්වා... (සුනිල් පෙරේරාගේ සම්මුඛ සාකච්චාවක් ගැන මම මෙතනදි කිව්ව මතකනේ..)

" මිනිස්සු නිකන් මේක බයිලා කියලා ලේබල් එකක් අලවලා බල්ලට දාලා.. නටන්න විතරයි මේක අහන්නේ.. ඒත් මේ වගේ පද රචනය වෙනම බලපුහාම මේක හරිම සංවේදී ගීතයක්.."

ඇත්තටම ඒක හරිම අපූරු ගීතයක්.. මම මේ වගේම තවත් ගීතයක් වෙච්ච "සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ.." ගීතය ගැනත් කලින් ලිව්වා ඔයාලට මතක ඇති.. ඉතින් කවිත් එහෙමයි.. සංදේශ කවි වල ඉදන් ඇම්ඩන්ගේ කවි වෙනකන් රස විදින්න දේවල් ඕන තරම්.. ඒත් අපි අපේ පොරත්වය උඩ දාගන්න "මම නම් අහන්නේ මේවා විතරයි, කියවන්නේ මේවා විතරයි" කියල කියවගෙන අපටම රැවටීගෙන ඉන්නවා.. හරි ලියන්න ආවේ කවි ගැනනේ.. උපහාසාත්මක කවි කියපු ගමන්ම මතකෙට ආවේ අන්දරේ.. මතකනේ අන්දරේ රජ බිසවට කියපු කැත කවිය...


කට කැඩි කලේ දිය උකුලේ තබාගෙන...
ලොට තන දෙකක් රෙදි කඩකින් වසාගෙන...
තඹත් ලෝකඩත් දෙවගේ පැළඳගෙන..
රොඩී කෙල්ල කොහි යනවද උදෑසන....

මල පැන්න රජ කුමරි ගිහින් දුන්නා මුට්ටිය රජතුමාට.. නිදහසට කරුනුය කියලා අන්දරේ කිව්වේ මෙහෙමයි...

රන් කලයේ දිය උකුලේ තබාගෙන...
රන් කුඹු දෙකක් රන් සළුවෙන් වසාගෙන...
රිදිත් රත්තරන් දෙවගේ තබාගෙන...
මල්මද බිසව් කොහි යනවද උදෑසන...

ඔය වගේම ගෙදර බිරිඳගෙනුත් සිද්ධියක් අන්දරේට වුනා.. අන්දරේ වටේම ඉන්න කෙල්ලන්ට කවි කියනවා අහලා නප්පියට තද වෙලා හිටපු අන්දරේගෙ බිරිඳ අන්දරේට කිව්ව.. 

මටත් කවියක් කියන්නකෝ අනේ.. 

හරි එහෙනම් මැනිකේ වතුර කලයක් පුරවගෙන එන්න..  

දැන් පවුලත් ආවා වතුර කලෙත් ඉනේ තියාගෙන කැට් වෝක් එකකුත් දාගෙන.. අන්දරේ පවුලට මෙහෙම කිව්වා..

ඔන්න මැනිකේ මම කියනවා කවිය.. ඉවර වෙනකොටම ගහන්න කලේ පොලවේ ඇස්වහ යන්න...

හරි.. ඔයා කියන්නකෝ... මම ගහන්නම් කලේ පොලවේ...

හිස දෙස බැලිමි රන් කෙදි වැන්න පීරනා.....
තන දෙස බැලිමි තැබිලිය වැන්න මෝරනා....
බඳ දෙස බැලිමි රන් කඳ වැන්න දිලිසෙනා..
ලඳ නුඹ බැලිමි දෙව්ලිය වැන්න රුසිරෙනා....

දැන් ඉතින් මොන කල පොලවේ ගැහිලිද? තමන් ගැන මේ වර්ණනාව අහපු අන්දරේ බිරිඳ පැද්දි පැද්දි ඉන්නවා ඒ ගැන හිත හිතා.. දැන් කොහොමද ඇස් වහ යවන්නේ.. නහුතෙට නැගපු අන්දරේ හැරෙන තැපෑලෙන් දුන්නා මේ කවිය...

හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා....
තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා....
බඳ දෙස බැලිමි කොස් කද වැන්න ආරනා...
ලඳ නුඹ බැලිමි වැදිරිය වැන්න දලු කනා....

"දඩොස්" ගාලා කලයක් බිඳෙන සද්දයක් ආවා.. කලේ වැදුනේ බිමද? නැත්නම් අන්දරේගේ ඔළුවෙද කියන එක කිසිම පොතපතක සඳහන් වෙලා නෑ...

ඊලඟට එන්නේ ගජමන් නෝනා... පික්ශු හැදෙන කවි.. ගජමන් නෝනට කවි කියපු වුනුත් එකයි, ගජමන් නෝනාත් එකයි, කියලා හිතෙන්නේ මෙන්න මේවා කියවද්දි... මේ තියෙන්නේ පොරක් ලොකු ටෝක් දීලා ගජමන් නෝනාගෙන් ලාවට වගේ අහගත්ත හැටි...

පාලා සරඹ ජයකොඩි බඳිති සැම දිනේ...
සීලාචාර කම්සේ පාන අවගුනේ....
බාලා ගෑනුන්ගේ තව් කපන තොරපනේ...
ගාලා කොතන මුවහත් කොරමිද නෝනේ...

මේ තියෙන්නේ උත්තරේ...

පසන් නැණ ගුණැති මිතු සඳිනි සසොබනේ...
සපන් පිරිමින්ගේ ඔද බිඳින ජල බනේ...
වසන් කර තිබෙන මගේ පලිඟු ගල් වනේ...
නිකන් ගා දිනන්නට නොදෙමි තොරපනේ...

මේකේ ගජමන් නෝනාගෙන අහලා තියෙන්නේ අර මගේ සඳ බ්ලොග් එක ලියන පසන් මල්ලිද කොහෙද? පිළිතුරු කවියේ උඩින්ම පසන් කියලා තියෙන්නේ ඔය... 

කාන්තාවක් දැක්කම පිරිමින්ට දන්න වැඩත් අමතක වෙනවා.. හොදටම දන්න වැඩක් අමතක වෙලා ඒක කරන්නේ කොහොමද කියලා ගජමන් නෝනාගෙන් මනුස්සයෙක් ඇහුවේ මෙහෙමයි...

රුති රති ලඳ ලියෙනි අප අසන පැනෙකිය...
නැති විය බාල කාලේ සිට රති කෙලිය...
ඇති විය මෙමට දැන් සිල් රැකපු අවදිය...
රති සැප විඳින හැටි මට කියව ලඳලිය...

මේක කිව්වේ ඇලපාතම් උදලි කියලත් පොඩි විශ්වාසයක් තියෙනවා.. ඒ වැල් බයිලා මොකටද නේද? උත්තරේ ඉක්මනට දාන්නද? .. හරි හරි.. මෙන්න පිළිතුරු කවිය... 

වහා තිබු සලුව උනමින් කර අහකා....
රහා ලෙස අමුතු බොජුනක් බුදින ලකා...
පහා නොව හඬන කොව්ලිඳු හඬ වලකා...
කහා කොටන වැනි ඉඳගෙන මිරිස් කකා...

ඔන්න ඔහොමලු ඒ වැඩේ.... ඊලඟට අහපු කවිය මතක නෑ... මතක එකෙක් ඉන්නවනම් දාන්න පහලින් කමෙන්ට් එකක් විදිහට.. අහන ප්‍රශ්නේ නිකන්, නෝනට කැමතියි.. නිකන් ඉශ්ඨ කර ගන්න තේරෙන්නේ නෑ වගේ... කොහොමද වැට පනින්නේ වගේ තේරුමක්.. මෙන්න ගජමන් නෝනගේ උත්තරේ...

බොන්නෝ මෙගඟ දිය බොර කරලා බොද්ද?
යන්නෝ මෙමඟ රැය දහවල හිඟ වෙද්ද?
දෙන්නෝ පහස ගෙට අඬ ගහලා දෙද්ද?
දන්නෝ උපා මිණි බැඳි දොර නාරිද්ද...?

කොහොමද? පුලුවන්නම් කොරහන්.. බැරිනම් නිකන් හිටහන් වගේ... මේ වගේ කවි ලියන්න ගියොත් තව කොච්චර ලිපි ලිව්වැකිද? කොළඹ යුගයේ කවියෙක් සමන්මලීව දැකලා මෙහෙම කිව්වලුනේ...

සමන්මලිගේ පියයුරු දෙස නැවත හැරී....
තබන්නෙමි නැවත උවමක් කොහොම හරී..
සුලං පිරී පිපිරෙන්නට ලංව ඇතී....
ජපන් බැලුං යුවලක් ඊට නොවෙද සරී....

මේ කියන්න හඳන්නේ අන්තිම කවිය... මේක තිබ්බේ කැලෑ පත්තරේක කියලයි ආරංචි.. මම වැඩි විස්තර දන්නේ නෑ... නමුත් ගැමියාගේ කවි හැකියාව බලනවනම් මෙන්න කවි...

සිංහල නොකියවෙන ලිඳ ගාවා ගෙදර...
ඉංග්‍රිසි මහත්තයා කුමටද වී දබර....
අමනාපයට බී මැස්සන්ගේ වතුර.....
ඉකි බිද බිද හැඩුවා සුදු සූකිරි පතුර...

"සුදු සූකිරි පතුර.." මැවෙනවා නේද හිතේ.....

ප.ලි. මෙන්න තවත් සුපිරි බ්ලොග් එකක් ඇරඹුමක්.. මට ලියන්න වෙලාවක් නැති වුනාට කොල්ලා ලියනවා එළකිරි වගේ.. මෙතනින් යන්න...

Wednesday, October 31, 2012

මගේ පවුල මට වඩා අවුරුදු 14ක් වැඩිමල් මහත්තයෝ.... (18+ නැත.)


මතකද මම කිව්ව දවසක් මම මගේ ජීවිතේ අඳුරු දවස් ගැන ලියනවා කියලා... ඉතා ඈත කාලයේ මගේ වයසේ ගැටව් 25කට වැඩි පිරිසකට පොලිසියේ රැඳෙන්න වුනා පැය හයකට ආසන්න කාලයක්... කූඩුවට යන්න වුනේ නෑ, මොකද එතකොටත් එහි සිර මැදිරිය පාසැල් දෙකක සිසුන්ගෙන් පිරිලා තිබ්බා... මහා ක්‍රිකට් තරඟය දවසේ පොලිසියේ රාජකාරී වලට බාධා කිරීම එහෙම නැත්නම් පොලිස් නිළධාරීන්ට අවමන් කිරීම, ඔවුනුත් සමඟ ගැටීම වගේ මහා ක්‍රිකට් තරගයක් සමයේ ඇතිවන සාමාන්‍ය චෝදනා තමයි අපිට එල්ල වෙලා තිබ්බේ.... නමුත් අද දවසේ ලංකාවේ ප්‍රසිද්ධ චරිතෙකුත් මේ කට්ටිය එක්ක හිටපු නිසා අපිට වැඩි වෙලාවක් මෙහි රැදෙන්න උවමනාවක් නෑ කියලා අපිට හිතුනා... මෙතන තිබ්බ හොඳම සිද්ධිය තමයි මෙතන අපිත් එක්ක සාමාන්‍ය වරදකාරයොත් රඳවලා තිබ්බා සිර මැදිරියේ ඉඩ නැති නිසා.. මීට අවුරුදු 11කට කලින් මුණ ගැහුණ ක්ලිෆර්ඩ් පෙරේරාගේ සංවේදී කතාව තමයි මම මේ කියන්න යන්නේ.... ක්ලිෆර්ඩ් එදා අපිත් එක්ක පොලීසියේ හිටියේ ඊට පහුවදා බෝගම්බර යන්න බලාගෙන...

මදුවිත නිසා ඇති වූ මත් ගතියත් තුරන් වෙලා තිබ්බ නිසාත්, පොලිස් නිළධාරීන් අපිට ආතල් ගන්න ඉඩ නොදුන්න නිසාත්, හැමෝම බලාගත්ත අත බලාගෙන අනන් මනන් කොදුර කොදුර හිටියා... මමත් බිම ඉඳගෙන ඔහේ බලාගෙන හිටියා... ගලවපු ෂර්ට් එක ඔලුවට තියාගෙන අවුරුදු පනහක විතර මනුස්සයෙක් මම ලඟ නිදාගෙන හිටියා... ටික වෙලාවකින් ඔහු මගේ පැත්තට ඔළුව හරවලා මෙහෙම ඇහුවා...

බොසා... ගිනි පෙට්ටියක් නැද්ද?

ඒ කාලේ කොයි වෙලේද ගිනි පෙට්ටියක් නැත්තේ.. මම සාක්කුවෙන් ගිනි පෙට්ටියක් අරන් දුන්නා...

බොසා.. මම මේක තියාගන්නවා.. මාව ඇතුලට දාද්දි මුන් මගේ ගිනි පෙට්ටියයි සිගරට් ටිකයි ඔක්කොම ගත්තා... බොසා... සිගරට් එකක් නැද්ද?

අපිව හෝල් සේල් ඇතුලට ගෙනාපු නිසා අපිව පරීක්ශා කලේ නෑ.. ඒ කාලේ තිබ්බා මැටහෝන් කියලා මෙන්තෝල් සිගරට් එකක්... ඒ පැකට් එකක් මගේ සාක්කුවේ තිබ්බා.. ආයේ සිගරට් එකක් බොන්න හිතක් තුන් සිතකවත් නොතිබ්බ නිසා මම ඒක පිටින්ම ඔහුට දුන්නා...

බොසා.... බොසා නම් දෙවියෙක්....

ඔහු මට එසේ කුළුපඟ වෙද්දි මට හිතුනා ඔහුත් එක්ක ටිකක් කතා කරන්න...

අයියා.. ටිකක් කතා කරමුද?

මොනාද...? ඔහුගේ ගැඹුරු හඬ මට අදටත් ඉතා පැහැදිලිව මතකයි...

කොහෙද ඉන්නේ....

එළුගලේ....

මොකෝ අද මෙහෙ එක්ක ආවේ...

වරෙන්තු...

මොකටද?

කසිප්පු තමයි ඉතින්...

අප්පට සිරි...

වරෙන්තු දෙකක් බොසා... මට ඒත් මතක එකයි... මුන් තමයි කියන්නේ වරෙන්තු දෙකක් කියලා...

කවුරුත් ආවද ගෙදරින්...

මම එන්න එපා කිව්වා බොසා... හෙට කෙළින්ම යනවා ඇතුලට... මාස හයක් විතර ඉඳලා එනවා ආපහු... මොහු නිකම් සාමාන්‍ය දෙයක් වගේ කියවනවා...

නම මොකක්ද අයියේ...? මම කථා කරන එක බාධාවක්ද? 

බොසා... මගේ මල්ලිත් මට අයියේ කියන්නේ නෑ.. ඉතින් මට අයියේ කියපු මල්ලි කතා කරන එක මට අවුලක් නෑ.. අහන්න... දැන් අපේ වුනුත් වට වෙලා කථාව අහන්න...

නම?

ක්ලිෆර්ඩ්.. ක්ලිෆර්ඩ් පෙරේරා..

මෙහෙමද ගෙවල්..?

වත්තල... ගෑනි මෙහෙ...

දැන් කෝ..

රට ගියා...

ඒ මොකෝ...

එයා ගුරුවරියක්.. සයිප්‍රස් ගියා.. දෙපාරක් ආවා මට ටිකට් හදාගෙන.. මම යන්න බෑ කිව්වා බොසා... ඊට පස්සෙ ලමයිනුත් අරගෙන එයා ගියා...

ඇයි යන්න බෑ කිව්වේ..

එතකොට මම කුඩු ගහන්න ඇබ්බැහි වෙලා.. ගියොත් ඒක නැති වෙනවානේ...

එතකොට දැන් ඉන්නේ...

දෙවෙනි ගෑනිත් එක්ක...

අප්පට සිරි.. ඒක කොහෙන්ද සෙට් වුනේ...

කසිප්පු බොන්න ගිහින්....

ඒ කිව්වේ...

එයා තමයි කසිප්පු හැදුවේ... මම බොන්න ගිහින් උදව්වට ඉදලා අන්තිමේ එතනම නැවතුනා... මට නිකන් අවුල් වගේ මේවා අහලා.. අපේ වුන්ගේ ඇස් උඩ ගිහින් මේ වෙද්දි...

පොඩි කාලේ කොහෙද හිටියේ..

වත්තල..

ඉස්කෝලේ...

වත්තල ******* ( ඉස්කෝලේ නම අහපු අපිට නිකන් පිස්සු වගේ වුනා..)

අම්මයි තාත්තයි...

තාත්තා ඩොක්ටර්.. අම්මා නර්ස්... ආයෙත් තරු පැන්නා අපේ ඔළුවලින්.. දැන් මේක සාමාන්‍ය දෙයක් වුනාට ඒ කාලේ අපිට නිකන් ඔළුවට කුළු ගෙඩි පාරවල් වදිනවා වගේ..

දැන් අයියා හිරේ ගියාම කවුද බිස්නස් එක කරන්නේ...

මගේ පවුල කරයි... එයා දැන් අවුරුදු 31ක් මේ රස්සාවේ...

අයියට දැන් කීයද වයස....

48යි...

එතකොට පවුල අවුරුදු 17 ඉඳලා කසිප්පු පෙරනවද?

මගේ පවුල මට වඩා අවුරුදු 14ක් වැඩිමල් මහත්තයෝ... 

ඈ..... *&*#@*&? තරු පොකුරු පොකුරු අපේ වුන්ට.... වෙරි හිදිලා ඔක්කොටම... දැන් හෙට මොකද කරන්නේ...

මුන් උසාවි දායි.. මම ඇතුලට යයි... 

පොලීසියේ දුරකථනය නාද වුනා... පොලිස් සැරයන්ගේ උත්තරේ මෙහෙමයි...

ආ.. හරි සර්... මැච් එක ඉවර වෙච්ච ගමන් එලියට දාන්නම්.. ඔව් සර්.. රෑ වුනොත් මෙයාලට බසුත් නැති වෙනවනේ.. හරි සර්.. තව විනාඩි පහලොවකින් විතර දාන්නම් එලියට....

නිදහස් සුසුම් හෙලුවත් අපි එකෙකුටවත් ක්ලිෆර්ඩ් දාල යන්න හිත නෑ.. මැච් එක ඉවර උනාට පස්සේ අපිව පිටත් කරා.. එන්න ලැහැස්ති වෙලා මම අන්තිම ප්‍රශ්නේ ඇහුවා...

අතීතය මතක් වෙද්දි දුක නැද්ද අයියේ...?

මොකටද? මේ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් කියවන ඔබ ලඟ තියෙනවද?


Wednesday, October 17, 2012

ඔන්න නංගි ඔයාගේ ඩෙනිමේ ****........ දැන් හැදෙන උන් නම් මේවා කරන්න එපා....

පහුගිය දවසක පෝස්ට් එකක මම කීවා මම ඉස්සර කරපු පොඩි පොඩි චාටර් වැඩ ටිකකුත් බ්ලොග් එකේ ලියනවා කියලා... ඉතින් ඒ වැඩේ පටන් ගන්න තමයි මේ හදන්නේ.. දැන් හිතෙනවා මේ වැඩ හරිම වැරදියි කියලා... නමුත් වයසේ වැරැද්ද කියලා හිත හදා ගන්නවා.. කවදහරි දවසක මගේ දරුවොත් ඊටත් එහා අනාගතයේදී ඔවුන්ගේ දරුවොත් මේ විදිහෙම වැඩ කලෑකි.. ඒ කාලෙට අපේ තරුණ කාලේ මතක් කරලා ඉවසලා ඉන්න මේ වැඩත් උපකාරී වේවි..

මේ 1999 හෝ 1998 බිග් මැච් දවස....  ටෙස්ට් මැච් එකත් නෙවෙයි.. වන් ඩේ මැච් එක දවස... ශිෂ්‍ය නායක වගකීම් වලිනුත් මිදිලා දැන් කට්ටිය වැඩ වලට සෙට් වෙලා උදේම.. ආයේ බිග් මැච් එක දවසට අපි තරම් චන්ඩි නෑ.... කොහොමහරි ඇතාගලේ අපිටම කියලා අනන්‍ය වෙච්ච බිං කොහොබ ගහයට සෙට් වුනා.. අමාරුවෙන් හැට් කලෙක්ශන් දාලා ගත්ත ගල් බෝතලෙයි ( මට මතක හැටියට ඒ කාලේ 220යිද කොහෙද) සිගරට් පැකට් තුන හතරයි අරගෙන දැන් කට්ටිය ගජ රාමෙට වැඩ.. බයිට් සැන්ඩි ගන්න සල්ලි නැති නිසා අමුවෙන්ම තමයි වැඩ... මොකක් හෝ කරුමෙකට වෙන උන් බොන අතරේ මම ගල දිහා බලාගෙන දුම් වැටියක් උරමින් උන්නා... වත්හිමිය පිටිපස්සෙන් පැනලා අපිට නොදැනෙන්න අපේ ලගටම ආපු අපේම ආදරණීයම ගුරු පියතුමෙක්ව අන්තිම මොහොත වෙනකන් නොදකින්න අපි හරිම අවාසනාවන්ත වුනා.. 

ආ.. කොල්ලො ටික බොනවා නේද?

සර්ගේ තිබ්බ දරුණුකම නිසා අපිට චූ නොගිය ටික විතරයි....

ඔව් සර්.. අද ඉතින් බිග් මැච් නේ...

බය වෙන්න එපා යකෝ... කෝ ගනින් මටත් ශොට් එකක්.. මේක අරන් ගිහින් සෝඩා බෝතලයක් ගෙනෙන්...

අදටත් මේ ගුරුතුමා බීමට ඇබ්බැහි වෙලා වගේ ඉන්නේ... ඒ කාලේ අපි හිතුවේ ගුරුතුමෙක් එක්ක සෙට් වෙන එක හරි වීර වැඩක් කියලා...

අපි 13 වසරේ ඉද්දි අපේ පන්තියට දොරවල් දෙකක් තිබ්බා... ඉන්ටවල් එකේ පන්තියේ සියළුම ආතල්, මම ඇතුලු තව හතර දෙනෙකුට මිස් වෙන්නෙ අපිට ශිෂ්‍ය නායක රාජකාරී වලට යන්න වෙන නිසා... දවසක් ප්‍රිෆෙක්ට් ඩියුටි ඉවර වෙලා එනකොට අපේ පන්තියේ උන් ඇතුලෙන් ලනුවක් දාලා පන්තියේ දොරවල් දෙකම එකට ගැට ගහලා අරින්න බැරිවෙන්න... අපිටවත් ඇතුලට යන්න විදිහක් නෑ.. කට්ටිය පට්ට ෆන් එකක් ගන්නවා ඇතුලේ... ඊලඟ පීරියඩ් එකේ තිබ්බේ ඉංග්‍රීසි.. සර් ඇවිල්ලා දොර ලඟ... සර් එක පාරට හැරිලා මෙහෙම කිව්වා...

එදිරිසිංහ, ගිහින් ගෙනවා බ්ලේඩ් එකක් මේ ලනුව කපන්න...

කොහෙන් හොයන්නද සර් මේ වෙලාවේ බ්ලේඩ්....

ඒක කියන කොට කලා වාණිජ අංශයේ ගුරුවරු ඔක්කොම එතනට ඇවිත් මේක මහා කලබගෑනියක් වෙන පෙර ලකුණු පහල වෙලයි තිබ්බේ... පිටි පස්සෙ දොර ලඟම හිටියේ කෝට්ටෙයා.. දොරේ හිඩැසින් එබිච්ච මමයි ඌයි අතරේ වෙච්ච දෙබස මේ....

කෝට්ටේ.. දොර ඇරපන්.. වැඩේ වන වෙන්න යන්නේ...

අනේ උඹ **** නැතුව හිටපන්... අපි මේ ආතල් එකේ ඉන්නවා... උඹ මෙතන මඟුලක් කියනවා...

මම ඉතින් පාඩුවේ ඉන්නවා... ඒ අතරේ අංශ ප්‍රධාන සර් ගියා බ්ලේඩ් එකක් ගේන්න.. මම ආයෙත් එබුනා දොරෙන්....

කෝට්ටේ දොර ඇරපන්.... සර් ගියා බ්ලේඩ් එකක් ගේන්න... ඔක්කොටම ශොට් එක හම්බෙන්න යන්නේ...

අභියා පාඩුවේ හිටපන්.. තව එක පාරක් එබුනොත් මම උබට කෙල ගහන්නේ.... 

එහෙම කියලා මූ කාරලා කෙල තලියක්ම කටට ගත්තා.. අනේ නිකන් මම මොකටද කෙල පාරවල් කන්නේ කියලා මම පාඩුවේ පැත්තකට වුනා... 

කවුද එදිරිසිංහ දොර ලඟ ඉන්නේ...?  ඒ තව සර් කෙනෙක්ගේ කටහඬ...

දන්නෙ නෑ සර්.. පේන්නේ නෑ.. මම කියපු ගමන් සර් එබුනා දොර අස්සෙන්...

අහ්.. කොට්ටෙගොඩ.. අරිනව දොර....

ක්‍රෑස්.... තුහ්.....

කෙළ තලියයි සර්ගේ මූණ පුරා... අරූ මම කියලා හිතුවට එබුනේ සර් කෙනෙක් කියලා හිතුවේ නෑ... එතනින් එහාට තත්ත්වය හරිම සෝචනීයයි...

මේ අන්තිම කතාව... මේක සිද්ධ වුනේ අපි කොළඹ ආපු කාලෙමයි.. බොරැල්ලෙ උමං මාර්ගය විවෘත කලෙත් ඒ කාලෙමයි.. ඉස්සර අපිට ඕක හරි කරදරේ.. යන්න ඕන පැත්ත නෙමේ යැවෙන්නේ... අන්තිමට විකල්පෙකට කලේ ඇතුලට බහින්න කලින් යන්න ඕන පැත්තේ වහලේ පාට බලා ගන්නවා.... ඊට පස්සේ ඇතුලට ගිහින් බලනව ඒ පාට වොල් ටයිල් අල්ලපු පැත්ත.. ඊට පස්සේ ඒ පැත්තට යනවා.. මේ සිද්ධිය සිද්ද වුනෙත් ඔය බොරැල්ලේ මගී පාලම යටදි...

මගේ කතා කිහිපයකම හිටපු ජනකයයි මායි බොරැල්ලේ එක පැත්තෙන් පහලට බැස්සා.. ඒ බොරැල්ලේ බස් ස්ටෑන්ඩ් එකට යන්න බලාගෙන... මගී පාලම යටින් ගිය අය දන්නවනේ, යන්න තියෙන්නෙ හරි කෙලින්.. අපි පඩි පෙල බහිනකොටම බස් නැවතුම්පොල පැත්තෙන් ලස්සනම ලස්සන නංගිලා දෙන්නෙක් පහලට බහිනවා... අපිට නිකන්ම හිනාවක් ගියා.. ඒක දැකපු කෙල්ලො දෙන්නා හරියට ලෝකේ ඉන්න අන්තිම ගෑනු ලමයි දෙන්න වගේ රවලා ගස්සලා අහක බලා ගත්තා... ඒක සමාන්‍ය දෙයක්නේ... ඒත් මේ දෙන්නා පමනට වැඩියෙන් මාර ගැම්මක් අරගෙන ඒ වැඩේ කලා....

බලපන්කො බන් මුන් දෙන්නගෙ ගෑස්.. ඉදපන්කො මම දෙන්න වැඩේ.... ජනාට මල පැනලා....

කෙල්ලෝ දෙන්නා අපි ලඟට එද්දිම ජනා එක ගෑණු ලමයෙක්ගේ කණට කරලා බොහොම හෙමින් මොනාදෝ කියලා උගේ ගමන ගියා....

හෑ...යි...... කියලා බෙරිහන් දුන්න ඒ ගැහැණු ලමයා අත් දෙක උකුල උඩ තියාගෙන එතනම ඉඳ ගත්තා... ජනා නවතින්නේ නැතුවම උගේ ගමන යනවා... මමත් ඉතින් මොකුත් උනේ නෑ වගේ ඌත් එක්කම ගියා... ඉවසලා බැරිම තැන මම උගෙන් ඇහුවා මොනාද බන් උඹ අර කෙල්ලට කිව්වේ....

"ඔන්න නංගි ඔයාගේ ඩෙනිමේ සිප් එක ඇරිලා....." කියලා කීවා බන්....


හොඳ කෑමක් නූලෙන් මිස් වෙලා තියෙන්නේ එදා.. දැන් මේව මතක් වෙද්දි අනේ අප්පේ කියලා හිතෙනවා.. වයස නිසා වෙන්න ඇති....


Monday, September 10, 2012

සමුගන්න කාලේ හරි වගේ.. බලෙන් මෙච්චරම ඉන්නත් බෑ නෙවැ....


ඕනේම ක්ෂේශ්ත්‍රයක එල්ලිලා ඉන්න පුළුවන් කාලයක් තියෙනවා... ඉතින් ඒක නිසා වෙලාව ආවොත් යන්නම වෙනවා... බ්ලොග් ක්ෂේශ්ත්‍රයේ වුනත් එහෙමයි.. එක එක විවිධ හේතු නිසා සමහර අය බ්ලොග් ලියන එක නැවැත්තුවා.. ආයේ පටන් ගත්තා.. සමහර ඒවා සාධාරණ හේතු.. සමහර ඒවා අනේ මම දන්නේ නෑ කියන තාලේ හේතු.. බ්ලොග් විතරක් නෙමේ.. ලෝකයේ ඕනෑම ක්ශෙශ්ත්‍රයක මිනිසෙක්ගේ පැවැත්ම තියෙන්නේ ටික කාලයයි.. වැඩිම වුනොත් අවුරුදු 50ක් විතර තියෙයි.. නමුත් යම් යම් අවස්ථා තියෙනවා කොච්චර එල්ලිලා ඉන්න හැදුවත් බාහිර හේතූන් නිසා දැන් මම මෙතනින් යා යුතුයි කියලා හැගෙන... ඒ නිසා ඕනෑම කෙනෙක් ආවාට වඩා වේගෙන් යනකොට යන්න ඕන.. මටත් ඒ ධර්මය පොදුයි...


මේක ගොඩාක් දකින්න තියෙන්නේ දේශපාලනේ.. විවිධ අමාත්‍යාංශවල සිදුවන දූශිත ක්‍රියා නිසා එවාට වග කියන ඇමතිවරු.. කෝ ගියාද ගියේ නෑ.. මට මතක විදිහට මේ ලඟදි ඉල්ලා අස් වුනේ හේම කුමාර නානායක්කාර ගොයියා.. අර නුවර එළියේ ගුවන් තොටුපල සිද්ධියට.. ඒකෙත් හරි වැරැද්ද කොච්චරද දන්නේ නෑ... අපි නිකම් උදාහරණ කීපයක් ගමු...

1. හෙජින්, බාල පෙට්‍රල් වගේ ඒවා සම්භන්ධයෙන් සුසිල් ප්‍රේම ජයන්ත

2. විභාග අංජබජල් වීම සම්භන්ධයෙන් බන්දුල ගුණවර්ධන

3. විශ්ව විද්‍යාල ගැටළු සම්භන්ධව එස්.බී. දිසානායක

මේ වගේ තව ඕන තරම් සිද්ධි කියන්න පුළුවන්...

මම ඉතින් දැන් කියන්න හදන්නේ දැන්නම් ඇතිම කියලා හිතෙන මනුස්සයෙක් ගැන...

ඉස්සර මහින්ද ඡන්දෙ දිනද්දි අපි හිතුවේ රනිල් ඉන්න එකමයි හොඳ කියලා... ඒත් දැන් දැන් වර්ධනය වන අකටයුතුකම් හමුවෙත් හඬ නොනගන විපක්ශයේ දුර්වල නායකත්වය නිසාත්, ආණ්ඩුව ගැන මිනිස්සු කළකිරිලා ඉන්න වෙලාවකදිවත් ඒ ඡන්ද ටික ඔබා ගන්න දැනුම් තේරුම් නැති නිසාත් මටනම් හිතෙන්නේ රනිල් වික්‍රමසිංහ ලාංකික දේශපාලනයේ හිටියා ඇති කියලමයි...

දැන් නම් හොඳටම ඇති... ඒ නිසා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමනි.. සමුගන්න කාලේ හරි වගේ.. බලෙන් මෙච්චරම ඉන්නත් බෑ නෙවැ....


මේ සඳහා මම දකින්නේ හේතු දෙකයි...

1. කොච්චර හිටියත් දිනන පාටක්වත් නොපෙනීම....
2. නොදින්නත් කමක් නෑ.. සද්දයක්වත් දාගෙන හිටු... කෝ ඒකත් නෑනේ...

මේ ඔහු සම්භන්ධව මම අහපු සිරාම කථාවක්....

අතේ ඇගිලි පහ එකතු කරලා අප්පුඩියක් ගහන්න බැරි මිනිහෙක් කොහොමද බන් පලාත් පහක්වත් එකතු කරලා රටක් කරන්නේ....

අනේ මන්දන්නේ නෑ.. ඒත් යන පාටකුත් පේන්නේ නෑ....

Friday, September 7, 2012

කමෙන්ට් ඇරපන් රමීෂා ........












හිතේ සිතිවිලි අකුරු කරනට 
තෝරාගත්තා අපි මඟක්.....
බ්ලොගීන් කියලා කිව්වා ඒකට
ඒක හරි සුන්දර වැඩක්....

කීප දෙනෙකුගේ පුංචි වැඩකට 
රිද්දගෙන නුඹ සිත ටිකක්..
කමෙන්ට් වැහුවා කරනු බැරි ලෙස 
ඒකනම් මහ චොර වැඩක්....

සිරාවට බ්ලොග් ලියන එව්වෝ  
හිඟ වෙලා ඇති කාලයක්...
නුබේ ලිපි වෙත සෙනෙහෙ බන්දන 
එවුන් වෙත හරි මදී  කමක්....

වෙඩි තියන්නට සමනලෙකු වෙත
නුබ හරිම හරි සූරියක්.....
සමාජයේ ඇති ගොඩාක් දේවල්
වෙනම ‌‍දැකි ඒක පැතිකඩක්....

නුබේ සමහර ලිපි කියෙවු අපි
බැරිව දෙන්නට අදහසක්....
ලතැවී ආපසු පිය නැගූවෙමු
නොමැති හින්දා ඉඩ පොදක්...

කලින් තිබු මොඩරේට් ක්‍රමයට 
බැහැලා සතුටින් එක් බිදක්.. 
අපේ අදහස් පල කරන්නට
යළිත් දීපන් පොඩි ඉඩක්...

නුබේ ගෙපැලට ගොඩවුනේ  අපි 
සිඳව ගන්නට පිපාසා...
එවැනි උන්ගේ තිබහ නිවනට 
කමෙන්ට් ඇරපන් රමීෂා....

Sunday, September 2, 2012

මගේ බ්ලොග් එක හරහා ඔබට ව්‍යාපාරික අවස්ථාවක් මෙන්න.......

මට මේක ලියන්න හිතුනේම දුකා අයියා දාපු අන්තිම පෝස්ට් එක වෙච්ච, බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙල අවශ්‍යමද? කියන බ්ලොග් ලිපියේ තියෙන එක වාක්‍යයක් දැකලා... ඒ තමයි "ව්‍යාපාරික කටයුතු, වෙන වෙන ඇජෙන්ඩා වෙනුවෙන් බ්ලොග්ස් භාවිතා කල හැකි උනත් පුද්ගලික බ්ලොග් එකක් ලිවීම කියන්නේ බ්ලොග් කලාවේ නියැලීමක් කියලා මම නම් අනිවාර්යෙන් විස්වාස කරනවා." කියන වාක්‍යය... ඒත් ඉතින් ව්‍යාපාර කරන අපි කවුරුත් තමන්ගේ පුද්ගලික බ්ලොග් අඩවි වලත් තම ව්‍යාපාරය ගැන සඳහන් කරනවා.. ඒක සාමාන්‍ය දෙයක්... ඒ නිසා බ්ලොග් කලාවේ නිරත වන අපිටත් ඔබටත් කළ හැකි ව්‍යාපාරික අවස්ථාවන් කෙරෙහි අවධානයක් යොමු කරවන්න තමයි මම මේ ලිපිය ලියන්නේ....

ඊට කලින් මේ බ්ලොග් හරහා කෙරෙන ව්‍යාපාර ගැනත් ඔබ දන්නවා ඇති.. බ්ලොග් ලියන ව්‍යාපාරිකයෝ ගැන මම මේ පෝස්ට් එකෙන් ඔයාලට එක පාරක් කිව්වා.. එහි පෝස්ට් එකේ මෙන්ම කමෙන්ට් වලිනුත් අපේ අය කරන ව්‍යාපාර ගැන අවබෝධයක් ලබාගත හැකියි.. මගේ බ්ලොග් එකේ දකුණු පැත්තේ පහළින් තියෙන දැන්වීම් වලිනුත් ඒ ගැන අදහසක් ඔබට ගන්න පුළුවන්.. කියවලා බලන්නකෝ... ඒ වගේම සයිබර් උළෙළට ආපු අයත් දකින්න ඇති ඒ වගේ දේවල් වලට බ්ලොග් කරුවෝම අනුග්‍රහය දක්වනවත්... විශේෂයෙන්ම මගේ ''එක්ස්ප්ලෝර් ලංකා ඉන්ටනැශනල්'' ආයතනය වගේම දුකා අයියගේ ''විරූස් ඩිසයින්ස්'' ආයතනයත්...

ඉතින් බ්ලොග්කරණයේ යෙදෙන ඔබ යම් ව්‍යාපාරයක් කරනවානම් තමන්ගේ බ්ලොග් හරහා ඒ ගැන ප්‍රසිද්ධියක් දෙන්න මැලිවෙන්න අවශ්‍ය නෑ.. ටිකක් හරි පරණ බ්ලොග් කරුවන් කිහිප දෙනෙකුත් මෙය සිදු කරන දෙයක්.. උදාහරණ වශයෙන් ගත්තම ප්‍රධාන වශයෙන් මම සංචාරක ව්‍යාපාරය හා සම්භන්ධ දේවල් බ්ලොග් එක හරහා විකුනනවා.. මාරයා, ජ්‍යෝතිශ ලංකා වගේ අය ජ්‍යෝතිශය වගේ වැඩ කටයුතු බ්ලොග් හරහා කරගෙන ආදායමක් ලබනවා.. ඕනයා මාළු පිළිබඳ හසල දැනුමක් ඇති බ්ලොග් එකක් කරමින් ඒ හා සම්භන්ධ උපදේශන වලින් අදායමක් ගන්නවා.. දුකා අයියා සපත්තු අලෙවි කරනවා.. තව උදාහරණ ඕන තරම් දෙන්න පුළුවනි... ඉතින් ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් බ්ලොග් එක භාවිතා කරන එකේ වැරැද්දක් මම දකින්නේ නැති නිසා මම මගේ වෙළඳ දැන්වීමක් දමන්න තමයි මේවා කිය කිය මෙච්චර තැටමුවේ... මේ ලින්ක් එකෙන් යොමුවන ලිපියේ කමෙන්ට් වලින් මගෙන් සේවය ලබාගත් අයගේ අදහස් දැනගන්න පුළුවන්.. බ්ලොග් කරුවෝ කිහිපදෙනෙකුත් ඒ අතර ඉන්නවා.. නමුත් මේ සේවාව අපි පසුගිය අගෝස්තු මාසයේ නවතා දැමුවේ ආයතනයේ ප්‍රතිසංවිධානයත් සමඟ.. නමුත් ඔබට අවශ්‍යනම් ඒ සඳහා උදව් කරන්න අපිට පුළුවන්.. ආයතනයේ ප්‍රතිසංවිධාන කටයුතු වලින් පසු විස්තර තමයි පහත තිබෙන්නේ... 


මගේ ව්‍යාපාරය ගැන දැනටමත් ගොඩාක් දෙනෙක් දන්නවා.. ඒ තමයි එක්ස්ප්ලෝර් ලංකා ඉන්ටනැශනල් කියන ව්‍යාපාරය.. මම දැන් හදන්නේ ඒ පිළිබඳ පොඩි ඉදිරිපත් කිරීමක් බ්ලොග් එකෙන් කරන්න...

මගේ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස් තුනයි..



1. උත්සව සංවිධාන කටයුතු (Event Management)


අපි ප්‍රමුඛතාවක් දෙන්නේ මේ ගැන.. ඒ නිසා විවිධ සමාගම් වල වාර්ශික සුහද හමු (Annual Get together), විවිධ සම්මන්ත්‍රන (Other Conferences) , නව නිශ්පාදන හඳුන්වාදීම් (Product Launch), වාර්ශික චාරිකා (Annual Trips) වැනි දේවල් ආයතනික වශයෙන් අපි ඉටු කරනවා... පුද්ගලික කටයුතු වලින් විවාහ මංගල්‍යයන් (Weddings), උපන් දින සාද (Birthday Parties) වැනි කටයුතුත් අපි විසින් මෙහෙයවනවා.. ඔබේ හිතේ තියෙන ප්‍රශ්ණෙට මට උත්තරයක් දෙන්න පුලුවන්..නෑ.. අපි අවමංගල්‍ය කටයුතු අධ්‍යක්ෂණය කරන්නේ නෑ... අපි විසින් සංවිධානය කරපු එක් සමාගමක වාර්ෂික රැස්වීම හා තෑගි බෙදාදීම මෙතැනින් බලන්න ඔබට පුළුවන්.. මේ තියෙන්නේ එක් සමාගමක වාර්ෂික චාරිකාවක්...

2. පුහුණු හා සංවර්ධන කටයුතු.. (Training and Development)


මෙය ගොඩාක්ම කෙරෙන්නේ ආයතනික වශයෙන්... බැහැරගත පුහුණු වැඩමුළු (Outward Bound Trainings), නායකත්ව පුහුණු වැඩමුළු (Leadership Trainings), කුසලතා වර්ධන වැඩමුළු (Skills Development Programmes) වැනි පුහුණු වැඩමුළු අපි වෙතින් සංවිධානය කෙරෙනවා.. දැනට ලංකාව තුල තියෙන ගුණාත්මක වශයෙන් ඉහළම පුහුණු වැඩමුළුව ලබා දෙන්නෙත් අපි කියන කාරණය ඔබට කියන්නේ හද පිරි සතුටෙන්.. ලංකාව තුල කෙරුණු වැඩිම සාමාජිකයින් පිරිසක් එක් දිනක පුහුණු කිරීම අප සමාගම විසින් සිදු කල හැටි තමයි මෙතන තියෙන්නේ... මේ තවත් එකක්... රාජ්‍ය අංශයට අපගේ සේවාව සැපයුන හැටි තමයි මේ ඇල්බමයෙන් දැක්වෙන්නේ....

3. සංචාරක කටයුතු සම්භන්ධීකරණය...

මෙහි කොටස් තුනයි...


i . ලාංකිකයින් විදේශයන්ට සංචාරය සඳහා යනවිට එහි සියළුම සම්භන්ධීකරණ කටයුතු.. (Outbound Tours)

ii . විදේශිකයින් ලංකාවට සංචාරය සඳහා පැමිණීමේදී ඒ සම්භන්ධ සියළුම සම්භන්ධීකරණ කටයුතු... (Inbound Tours)

iii . ලාංකිකයින් ලංකාව වටේ කරන සංචාරයන් හිදී ඒ හා සම්භන්ධ සියළුම සම්භන්ධීකරණ කටයුතු... (Local Tours)

ඉතින් ඔන්න ඔය ටික තමයි සංචාරක සම්භන්ධීකරණ කටයුතු වශයෙන් අපි කරන්නේ... මේ තියෙන්නේ එවැනි එක් ඇල්බමයක්... යාල වනෝද්‍යානයේ කූඩාරම් සහිතව එක් රැයක්...

දැන් ඉතින් ඔබේ හිතේ තියෙන්නේ මේක කොහොමද ඔබට ව්‍යාපාර අවස්ථාවක් වෙන්නේ කියලා... එය මෙසේයි... දැනටමත් අප ආයතනය සතුව නිදහස් අලෙවිකරුවන් දහ දෙනෙකු සේවය කරනවා.. බ්ලොග් කරුවන් කිහිප දෙනෙකුත් ඒ අතර දැනටමත් සිටිනවා.. ඉතින් මේ හා සම්භන්ධ වීමට කැමති ඔබටත් පුළුවනි නිදහස් අලෙවිකරුවෙකු වශයෙන් අපත් එක්ක සම්භන්ධ වෙන්න.. ඔබගේ අධ්‍යාපන කටයුතු වගේම රැකියා කරන ගමන් මේ හා සම්භන්ධ වීමට ඔබට පුළුවන්... ඒ සඳහා ඔබට ආයතනික නාම පත්‍රයක් (Company Visiting Card), ආයතනික ආකෘතියක් (Company Profile), විවිධ පැකේජ පිළිබඳ පුහුණුවක් (Package Details) ලැබෙනවා...

මේ වෙනුවෙන් ඔබට ලැබෙන්නේ මොනවද? එය මෙසේයි...

මසකට ඔබ කරන ව්‍යාපාර වෙනුවෙන් කොමිස් මුදලක් හා වෙනත් ත්‍යාග ලබන්නට ඔබට පුළුවන්... එය පහත පරිදි සිදුවෙනවා...

* මසකට රුපියල් දහසේ සිට මිලියන තුන දක්වා..

 මුළු වෙළඳ වටිනාකමින් 5%ක මුදලක් ඔබ සතු වෙනවා.. මගේ ව්‍යාපාර කටයුතු වල මෙම ඉලක්කය මහන්සි වෙන අලෙවිකරුවෙකුට ඉතා සුළු දෙයක්...

** මසකට රුපියල් මිලියන තුනේ සිට මිලියන පහ දක්වා...

 මුළු වෙළඳ වටිනාකමෙන් 10%ක් හා දින දෙකක ඉන්දියානු සංචාරයක්..

*** මසකට රුපියල් මිලියන පහට වැඩි නම්..

 මුළු වෙළඳ වටිනාකමෙන් 10%ක් හා දින තුනක මැලේසියානු සංචාරයක්...

මීට අමතරව තවත් දේවල් තිබෙනවා.. එය ඔබ කැමති විදිහට අපත් සමඟ සාකච්ඡා කරගත හැකියි.. ඒ සඳහා අමතන්න මගේ ජංගම දුරකථන අංකය වන 0714449162 අංකයට.



ප.ලි. ඔබගේ ව්‍යාපාරික කටයුත්තක් නම් ඔය තියෙන මුදල අඩු වෙනවා කියන එකත් අමතක කරන්න එපා..

ප.ප.ලි. පහුගිය රැස්වීමකදි ආපසු මතක් වෙච්ච බෝඩිම් කතා කිහිපයක් තියෙනවා ලියන්න... ඒවා ඉදිරියට..

Friday, August 31, 2012

වටේ යන්න කැමති අය ඇවිත් කියවන්න... අවසන් කොටස සහ ලස්සන අලුත් බ්ලොග්

මන්නාරම් කතාවේ අවසාන කොටස අරන් එන අතරේ ලස්සන අළුත් බ්ලොග් එකක් ගැනත් කට්ටිය දැනුවත් කරන්නයි හදන්නේ.. ඒ වගේම පරණ යාළුවෙක් අළුතෙන් ඇවිත් ඉන්නවා...ඉස්සෙල්ලා මන්නාරම් ගමන අවසන් කරලා ඒ විස්තර ටික කථා කරමු..

ගමනේ අවසන් දවස... අද දවසේ අපි බලන්න හිතාගෙන යන්නේ පහත සඳහන් තැන්...

1. තිරුකේතීශ්වරන් කෝවිල
2. බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන
3. මඩු පල්ලිය
4. මඩු ගල් පාලම
5. මඩු එල්ලෙන පාලම
6. මන්නාරම් කොටුව

පිළිවෙලට කථා කරමු.. අදත් සුපුරුදු පරිදිම ගියේ ත්‍රිරෝද රථයේ නිසා අපි කෙළින්ම සංචාරක ස්ථාන වලට යමු..

තිරුකෝදීශ්වරන් කෝවිල 

ඊශ්වර දෙවියන් සඳහා වූ කෝවිල් කිහිපයක් ලංකාවේ සිව්දිග් භාගයේ පිහිටා ඇත.. හලාවත මුන්නේශ්වරම්, ත්‍රීකුණාමලයේ කෝනේශ්වරම්, හා මන්නාරම තිරුකේදීශ්වරම් කෝවිල් මේ අතර ප්‍රධානව වේ.. ඉන්දියාවේ රාමේශ්වරම් කෝවිලද ඒ හා බැදී පවතී.. අප නරඹන මන්නාරමේ, ඒ-32 මාර්ගයේ පිහිටා තිබෙන තිරුකේදීශ්වරම් කෝවිල රාම රජුගේ මාමන්ඩියකු වන මායන් විසින් ඉදි කල බවට විශ්වාසයක් ඇත.. ස්නානය සඳහා මෙන්ම සියළු පහසුකම් සමඟ සකසා ඇති මෙම කෝවිලේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ..











2. බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන

තිස් වසරක ශාපලත් යුද්ධයේ අමිහිරිතම අත්දැකීමක් වූ බිම් බෝම්ම ගොඩ දැමීමේ කාර්යයේ තවමත් කට්ටිය නියැලෙනවා... විදේශ ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරෙන මෙම ක්‍රියාවලියේ සියළු කටයුතු ඉතාම හොඳ  අධීක්ෂණයකින් කෙරෙනවා අපි දුටුවා.. ජීවිත කාලයේ අපිට අඳින්න ලැබෙන ඇඳුම් විවියි.. සමහර ඒවා දුර්ලභයි.. මේ එවැනි ඇඳුමක් ඇඟලාගත්ත අවස්ථාවක් තමයි...









මඩු පල්ලිය


මරිය දේව මතා පිළිරුව තැන්පත් කල ඇති මෙම මඩු පල්ලියේ ඉතිහාසය පෘතුගීසි කාලය දක්වා දිව යනවා.. රුදුරු එල්ටී ටී ඊ ග්‍රහණයට නතුව තිබී 2008 අප්‍රේල් 25 වනදා මේජර් ජනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුතු වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ 57 වන සේනාංකය විසින් මඩු පල්ලිය මුදවා ගනු ලැබුවා.. දැන් එය නිතරම වන්දනා කරුවන්ගෙන් පිරී පවතින ස්ථානයක්... මගේ ගමන් සගයා වූ අමිල කිතුණු බැතිමතෙක් නිසාම ඔහුටනම් මේ ගමන ඉතාම වැදගත් එකක් වුනා.. මේ තියෙන්නේ පින්තූර....








4. මඩු ගල් පාලම

සංචාරකයින් අතර එතරම් ප්‍රසිද්ධ නැති මෙම පාලමේ, ඡායාරූප තමයි මේ තියෙන්නේ.. මෙහි ඉතිහාසය කීමට කිසිවෙක් අපිට සොයා ගන්නට ලැබුනේ නෑ.. දන්න කෙනෙක් සිටීනම් යටින් කමෙන්ට් කරයි කියලා හිතෙනවා.. මේ තියෙන්නේ ඡායාරූප...








5. මඩු එල්ලෙන පාලම

මෙහිත් විස්තර කියන්න ඒ පිළිබඳව දන්න කෙනෙක් සොයා ගැනීම අපහසු වුනා.. මන්නාරම බලන්න යනවානම් යා යුතුම තැනක්.. එතරම්ම එය ලස්සනයි... මෙන්න ඡායාරූප..







6. මන්නාරම් කොටුව

1505 පෘතුගීසින් විසින් සාදන ලද මේ මන්නාරම් කොටුවේ අද ඇත්තේ කොටු බැම්ම පමණි.. කලපුවට මුහුන ලා ඇති කොටු බැම්ම තමයි මේ...




මේ තවත් ඡායාරූප... 





මාගේ ඊලඟ සිහිනය... ඒ 32 පුත්තලමේ සිට යාපනය බලා..
මම කලින් කිව්වනේ අළුත් බ්ලොග් එකක් හදුන්වලා දෙනවා කියලා.. ඒ තමයි ගැඹුර සරලව හා සුගමව කියන බ්ලොග් එක.. ලස්සන කථාවක් එහෙමත් යනවා... ඒ වගේම වයිට් කණ්ණාඩි කියන පරන හිතවතියකුත් මේ දවස්වල උසස්පෙළ ඉවර වෙලා කල එලි බැහැලා ඉන්නවා.. බ්ලොග් ලෝකේ සමාන්‍ය තියරියක් අනුව ඉදිරියේදී මේ බ්ලොග් එකේ හිට් වැඩි වෙන එක ගැන නම් ආයේ අහන්න දෙයක් නෑ.. ඔය දාල තියෙන පාරවල් දිගේ ගිහින් බලන්න එහෙනම්...

ප.ලි. දේශාටන ඉවරයි.. මම කියපු ජීවිතයේ අඳුරු පැත්ත අරන් මම එනවා ලබන සතිය දිහාවට.. අමාරුවෙන් මේ මාසේ පෝස්ට් 4ක් ලියා ගත්තා...

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...