Sunday, November 18, 2012

රිමාන්ඩ් භාරයට පත් වෙන ඔබට උපදෙස්....


මේ දවස් වල මාතෘකාව හිර ගෙදර... එක දවසක් රිමාන්ඩ් භාරයේ පසු වූ පුද්ගලයෙක් හැටියට මටත් තියෙනවා උපදෙස් කීපයක් ඔබට දෙන්න.. කොච්චර වැරදි වැඩ වලින් වැලකිලා හිටියත් ඔබටත් සිරගත වෙන්න දිනයක් උදාවෙන්න පුළුවන්.. මෙම කථා මාලාව කොටස් දෙකකින් යුක්තයි.. මෙච්චර කාලයක් නොකියා හිටියේ ඒ සඳහා අවස්ථාවක් සහ හරි වෙලාවක් නාපු නිසයි.. මාතලන් වගේම කෝරලේ මහත්තයාත් පෝස්ට් එකක් දාපු නිසාත් ඔබේ අවධානය ඒ වෙත තවම රැඳී තිබෙන නිසාත් මම ඒ (අ)සුන්දර (මට තාම හිතාගන්න බෑ ඒ දිනය සුන්දරද අසුන්දරද කියලා..) මොහොත ආවර්ජනය කරන්නයි සූදානම... පලවෙනි කොටස කොහොමද මම රිමාන්ඩ් උනේ කියන එක.. දෙවෙනි කොටස රිමන්ඩ් එක ඇතුලේ ඉන්න මගේ යාළුවෝ සහ උන් කියපු දේවල්... වටේ යන්න ඔන නෑනේ.. මෙන්න පටන් ගත්තා වැඩේ...

මේ කාලය 2009 දෙසැම්බර් වගේ කාලයක්... මගේ හොඳම මිතුරෙකුගෙන් මට ආවා දුරකථන ඇමතුමක්...

අභියා.. මගේ බිස්නස් එක පොඩ්ඩක් හිරවෙලා.. මට සල්ලි ටිකක් ඕන...

කියපන්...

ලක්ශ පහක් හොයාගන්න ඕන... පොලියට හරි කමක් නෑ..

එච්චර නම් ශුවර් නෑ මචන්... මගෙත් සබ්බ සකලමනාවම බිස්නස් එකට දාල තියෙන්නෙ... මම ඒත් හොයලා බලන්නම්...

අනේ පොඩ්ඩක් බලපන් මචන්....

ඕකෙ මචන්...

දින තුනක් ගිය පසු නැවතත් මේ දුරකථන ඇමතුම ආවා.. මගේ ලඟ තිබුන සම්භන්ධතා හරහා එය පහසුවෙන් ඉටු කරගැනීමට හැකි අයුරක් ඔහු දකින්නට ඇති නිසා එම දුරකථන ඇමතුම දිගින් දිගටම ආවා..

අවසානයේ මම මගේ අදුරන ව්‍යාපාරිකයෙක් හරහා මොහුට මසකට 5% පොලිය මත එම මුදල අරන් දෙන්නට කටයුතු කලා... ඇපයට තැබුවේ චෙක්පතක්... ඊට මාස හයකට පස්සේ මගේ මිතුරු ව්‍යාපාරිකයාගෙන් දුරකථන ඇමතුමක් ආවා...

අභීත මල්ලි, මොකද මේ පාර සල්ලි ටික පරක්කු...

මේ පාර සතියක් විතර යනවා අය්යා... පොඩ්ඩක් ඉන්න හොදේ..

හරි හරි.. ඒව අවුලක් නෑ... මේ අර ඔයාගෙ යාලුවා මාස දෙකකින් විතර සල්ලි දුන්නේ නෑ... මොකද කරන්නේ...

මම කතා කරලා බලන්නම් අයියේ.. මට කතා කලෙත් නෑ ඌ.. මගේ යාලුවෙක් කියලා බලන්න එපා.. ඔයාට අවුලක්නම් සුපුරුදු පිලිවෙලේ යන්න...

නෑ මම යන්න කලින් තමයි උඹට කිව්වේ.. ඌත් එක්ක කථා කරලා කියන්න මල්ලි මට...

දැන් ඉතින් මෙහෙම දෙපැත්තට කර කර අවුරුදු ගානක් ගියා.. අන්තිමේදි මගේ මිතුරා තියෙන තියෙන වෙලාවට සල්ලි අදාල ව්‍යාපාරිකයාට ලබා දුන්නත් ඒ හැම සතයක්ම පොලියට කැපිලා මුළු මුදල් ප්‍රමාණය ඉතිරි වුනා... 2011 මැද භාගය වනවිට මෙම ගණුදෙනුව සම්භන්ධයෙන් කොළඹ නගර සීමාවේ වූ පොලීසියක් විසින් ඔහුව අත් අඩංගුවට ගත්තා... ඊට පසුදා ඔහුව උසාවියටත් ඉදිරිපත් කෙරුනා...

අදාල ව්‍යාපාරිකයා සමඟම මමත් උසාවියට ගියා.. මිතුරාගේ යහලුවෙකුත් පැමිණ හිටියා.. අවසන ඔහු නීතිඥ්ඥයකු මාර්ගයෙන් උසාවියට දන්වා සිටියේ ඔහුගේ ව්‍යාපාර මදක් පසුගාමී වන නිසා මෙම මුදල් එකවර දීමට නොහැකි බවත් මසකට දස දහස බැගින් දීමට හැකි බවත්ය.. අවසානයේ දෙපැත්තේ නීතිඥ්ඥවරුන් හරහා මසකට විසි දහස බැගින් පියවා අවසන් කරන්නට කටයුතු සිද්ධ වුනා.. ඒ වෙනුවට ඔහුට ශරීර ඇප දෙකක් නියම වුනා.. ඒ වෙනුවට මමත් ඔහුගේ යහලුවත් ශරීර ඇප තබ ඔහුව රිමාන්ඩ් භාරයෙන් මුදවාගනු ලැබුවා.. ඉතින් මෙහෙම තවත් කාලයක් ගියා.. දැන් සෑම මසකම නඩු දිනේට මොහු 20000.00ක් ගෙවමින් ගියා...

2012 මාර්තු මාසය වන විට මට උසාවියෙන් සිතාසි ආවා... ඒ මගේ මිතුරා අධිකරණය මඟ හැර සිටින නිසාත් ඔහුගේ පළමු  ඇපකරු ලෙස ඔහු වෙනුවෙන් උසාවියේ පෙනී සිටින ලෙසටත් පවසමින්.. ඒත් සමගම ඔහු වෙත දුරකතන ඇමතුමක් දුන්නත් ඔහු පැවසුවේ ඉදිරි නඩු වාරයට ඉදිරිපත් වන බවත් ඉදිරි මාස තුනක කාලය ඇතුලත මේ ගණුදෙනුව අවසන් කරන බවත්, මම උසාවි පැමිණීම අනවශ්‍ය බවත්ය.. මේ වන විට මේ කරුණ සම්භන්ධයෙන් සියළු පාර්ශ්ව වලින් මට බැනුම් එල්ල වෙන්න පටන් අරන් තිබුනා.. ඒත් ලිං කටින්ම ගොඩ එන්නට ඕනෑ යැයි මම තරයේ සිතා ගත්තා...


අනතුරුව 2012 ජූලි මාසයේ 31 වගේ දිනක මහ රෑ ගෙවල් අසල පොලීසියෙන් මට දුරකථන ඇමතුමක් ආවා...

අභීත මහත්තයාද?

ඔව්..

මම ***** පොලීසියෙන්... සාජන් ***** කතා කරන්නේ...

ආ.. මොකෝ සාජන් මහත්තයා... මොකෝ මේ මහ රෑ.. 

කොහෙද ඉන්නේ.... පොඩ්ඩක් පොලීසියට එන්න පුළුවන්ද?

දැන්නම් මම කොළඹින් පිට ඉන්නේ... මොකද සීන් එක... 

නෑ එහෙනම් හෙට පාන්දරම එන්නකෝ.. පොඩි පැමිනිල්ලක් තියෙනවා... 

හරි මම උදේ 7 වෙද්දි එන්නම්... මොකක්ද පැමිණිල්ල.. 

නෑ.. පොඩි එකක්.. ලොකු ප්‍රශ්ණයක් නෙමෙයි...

සාජන්ට් මහත්තයාත් හිතවතා නිසා ගෙවල් ලග පොලීසියත් අදුරන නිසාත් මම ප්‍රශ්ණයක් නොකරගෙන එදා උදෙන්ම පොලීසියට ගියා.. ගියාට පස්සේ මම හිතේ තියාගෙන ගිය කාරණයට වඩා ටිකක් බර පතල කාරණයක්..

මොකෝ සාජන් මහත්තයා මට එන්න කිව්වේ...

අහවල් පොලීසියෙන් වොරන්ට් එකක් තියෙනවා... අද උසාවි දාන්න ඕනලු.. ඇප දුන්න සිද්ධියක්.. මොනවද මේ දා ගන්න විකාර.. 

අප්පට සිරි.. මූ යනවා කිව්වනේ උසාවි...

මහත්තයෝ... ඇප වෙන්න හොද නෑ අම්මට තාත්තටවත්.. බලමු මොනාද කරන්නෙ කියලා.. ඕ අයි සී මහත්තයත් පුදුම වුනා මේක දැකලා.. ඕනනම් ගිහින් මුණ ගැහිලා එන්න..

ඕ අයි සී මහත්තයත් එක්කත් කතා කරලා නීතිමය පැත්තත් දැනගෙන, ගෙදරටත් විස්තරේ කියලා හැම පැත්තම සමබර කරගෙන නීතිඥ්ඥ මහත්තයෙකුත් අල්ලගෙන ගෙවල් ලඟ උසාවියට මාව ඉදිරිපත් කලා.. නීතියේ හැටියට ඊලඟ නඩු වාරය දක්වා මාව රිමාන්ඩ් කල යුතුයි.. නමුත් නීතිඥ්ඥ මහතාගේ කරුණු දැක්වීම මත සහ පොලීසිය විසින් ලබාදුන් සුභවාදී නිර්දේශයන් මත විනිසුරු තුමා මෙන්න මේ විදිහට එතුමාගේ තීරණය ලබා දුන්නා... 

අද දින බන්ධනාගාර භාරයේ තබා හෙට දින අළුත්කඩේ මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඉදිරිපත් කල බවට ලියවිලි ඊලඟ නඩු දිනයේදී  මා වෙත ඉදිරිපත් කල යුතුයි...

ඊලඟට හදිසියේ ඇප දෙන්න වුනොත් යැයි කියා ගෙන්වාගෙන සිටි මගේ මිතුරා මා වෙත ආවා...

අභීත අයියේ... ලෝයර් කියනවා ආයෙත් මෝශන් එකක් දැම්මොත් ඇප ගන්න පුළුවන් වෙයි කියලා.. මොකද කියන්නේ... දාන්නද?

එපා මචන්.. එක දවසනේ.. මම ඇතුලත් බලාගෙන එන්නම් මොන වගේද කියලා... මෙන්න අරුන්ගේ නම්බර් එක.. ඌට කියහන් ඌ නිසා මට මෙහෙම වුනා කියලා.. මේ නම්බර් එක මගෙ ලෝයර්ගේ.. පොරටත් කතාකරල කියහන් හෙට උදෙ 8.30ට එන්න කියලා, ආදී වශයෙන් ඌට උපදෙස් ගොඩාක් දීලා ගෙදරටත් දුරකථන ඇමතුමක් දීලා එතනත් බය නැති කරලා මම උසාවි බන්ධනාගාරය වෙත පිටත් උනේ හවසට ලබන්නට තිබෙන අළුත් අත්දැකීම ගැන සිතමින්...

ප.ලි. දෙවෙනි කොටස බදාදා දානවා.. ඉතාම කාර්ය බහුල කාලයක් ගෙවී යන බැවින් බ්ලොග් පැත්තෙ එන්න අවස්ථාව ඉතා අඩුයි.. 

46 comments:

  1. interesting one, keep it going

    ReplyDelete
  2. අඩේ!එල එල! හොඳට මතක තියා ගන්න ඕනේ! ළඟදීම යන්න උනොත්??

    ReplyDelete
    Replies
    1. වෙලාව කොහොමද කියලා බලාගන්න ඕන කලින්...

      Delete
  3. විෂ්ණු දෙවියනුත් බටකොළ කාපු එකේ අපි වගේ පහඳන්ට මොනවා වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. පහුගිය දවස්වල මගේ කටේම තිබ්බේ ඔය කතාව වෙද මහත්තයා...

      Delete
  4. කන පාත් වෙන්න බීල, බයික් එකේ ගෙදර යන ගමනකදි, මාත් පොලිස් කූඩුවක හිටිය පැය බාගයක් විතර, හැබැයි පුදුමෙ කියන්නෙ කිසිම ඇඳුනුම් කමකුත් නැති ව, පොලීසියේ "මහත්තුරු" මට තේ එකකුත් ගෙනත් දීල, "මහත්තයට ඔතන ඉන්න අමාරුයිනෙ. තව ටිකකිං අර පුටුවට ගන්නං" කියලත් කිව්ව.
    කොහේද ඒ ආතල් එක විඳින්න දුන්නෙ නෑනෙ අපේ අර රණවීර මහත්තයා.....!!

    ReplyDelete
    Replies
    1. අර ටික අහු වුනානම් ආයෙත් යන්න තිබ්බා අපූරුවට ලොකු අයියේ..... :D :D :D :D

      Delete
  5. හිරේ එන්න ඉන්න මිනිස්සු නම් අපමණ අහලා / දැකලා තියෙනවා..දත කට මැදගෙන ඇතුලට යන්න හදපු බුවෙක්ව දැක්කමයි...

    හැබැයි ඉතින් ඇතුලෙ ඔය කියන එව්වා වෙනවද බලන්නනම ඉතින් යන්නමඕනේ නේ.. ( ඒකෙත් පොඩි මෙව්වා එකක් නැත්තේමත් නෑ )

    ReplyDelete
    Replies
    1. ඒක හරිම අපූරු අත්දැකීමක්... ආයේ යන්න ඕන නැති වුනත් එක පාරක් ගිය එක ගැන සතුටුයි....

      Delete
  6. happa........... niyama poriyal ekka lokka kala thiyenne... mamath kala thiyenawa harima asundara widiyata....

    ReplyDelete
    Replies
    1. මේවා නෙවෙයි පෝරියල්... තව කියන්නම්කෝ ඉස්සරහට....

      Delete
  7. අනිත් කෑල්ලත් ලියපන්කෝ...

    ReplyDelete
    Replies
    1. අද නිවාඩු නිසා ලියලම තිබ්බා... බදාදාට පබ්ලිශ් කරනවා.....

      Delete
  8. මගේ යාලුවෙක්න්ම් නම් ගියා ඕක ඇතුලට.දවස් ගානකුත් හිටියා. ඒත් ඒකා ඇතුලේ තත්වේ ගැන වැඩිය කිව්වේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇතුලේ තත්ත්වය සියල්ල නොවලහා....

      Delete
  9. මටනම් ඕවා එච්චර අමුත්තක් නෑ.

    මිහිපිට නියම අපාය මම දැක්කෙ, අවිස්සාවේල්ල උසාවියේ පිස්කල් කූඩුව ඇතුලෙදියි, හිරේ හිටපු සම්පූර්ණ අවුරුදු 4 හමාරත් හරි, ඒකෙ හිටපු පැය 4ත් හරි.

    ReplyDelete
    Replies
    1. ඔය අත්දැකීම එක්ක බලපුහාම සුමිත් අයියේ අපි දෙන්න නිකන් ගලිවර් සහ ලිලිපුට් වගේ..

      Delete
  10. බලනකොට අභීතටත් අමුතුම වැඩනෙ සිද්ධවෙලා තියෙන්නේ.....
    මම සමකය වටේ (samakaya wate)රවුමක් දාන්න එන්න

    ReplyDelete
    Replies
    1. මට වෙච්ච අමුතු වැඩ තාම කිව්වේ නෑ නලීන්.. දැන් ඒවා ලියන්න කාලේ හරි...

      Delete
  11. මම ඉතින් වැඩ කරන්නෙම රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා ඉන්න උදවිය එක්කනේ. ඒ නිසා කතන්දර නම් ඕන තරම්. නමුත් අභීත අයියගේ තමන්ගෙම අත්දැකීම තරම් හොදට ලියන්න පුළුවන් වෙන එකක් නෑ. ජය...!

    ReplyDelete
    Replies
    1. ඔයා කරන්නේ සේවයක්නේ මල්ලි.. මම මේ අහන්නම හිටියේ.. උන් කියන කතා ඇත්තම ඇත්තද? එහෙම බලපුහාම ඔක්කොටම තියෙන්නේ මහ සංවේදී චරිත කතානේ,,,,

      Delete
    2. සමහර කතා ඇත්ත. වැඩිදෙනෙක් ඒ තත්වයට පත් වෙලා තියෙන්නේ එයාලගෙවටපිටාවේ ආශ්‍රය කරපු අය, පවුල් පසුබිම, දුප්පත්කම වගේ දේවල් නිසා. සමහර අය ඉන්නවා මානසික ආබාධ නිසා අපරාධ කරලා බන්ධනාගාර ගත වුන අය. ඇත්තටම සිරකරුවන් කියන්නෙත් මිනිසුන් කොටසක්. ඉතින් එයාලගෙත් සංවේදී කොටසක් තියෙනවා. නමුත් කොහේ හරි වුන වැරැද්දක් නිසා එයාලගෙ ජීවිතේම නැති නාස්ති වෙලා යනවා. ඒකයි මට පේන විදිය.

      Delete
  12. බලන් ගියාම බ්ලොග් කාරයෝ ගොඩක් ඇතුලට ගිය අයනේ.

    ReplyDelete
    Replies
    1. දැනට 6ක් විතර ඉන්නවානේ... කියන්නේ නැති අයත් ඇති ගොඩ දෙනෙක්...

      Delete
  13. තමුන් කාපු කටු දැනදැනම අනුන්ටත් කවන එකයි වැරැද්ද

    ReplyDelete
  14. ඉතුරු කෑල්ල ලියනතුරු නොඉවසිල්ලෙන්

    ReplyDelete
    Replies
    1. ලියලා තියෙන්නේ.. බදාදාට පබ්ලිශ් වෙනවා...

      Delete
  15. එතකොට ඔබතුමා හොර වැඩ ඉගෙන ගත්තෙ යාලුවගෙන්ද නැත්නම් ඇතුලෙදිද? ආයෙත් යන්න ආසාවෙන්ද එක එකාට පොලු තියතිය යන්නෙ?

    ReplyDelete
  16. මාත යන්න ඔනා වෙලාවක :P

    ReplyDelete
    Replies
    1. මම දෙන අවවාදය.. මෙහෙම චාන්ස් එකක් වැදුනොත් මිස යන්න එපා මල්ලියේ...

      Delete
  17. දැං ලෝකෙ යන විදිහත් එක්ක බැලුවම බොහොම ප්‍රයෝජනවත් පෝස්ට් එකක් මචං. ඊතුරු කෑල්ල විගහට දාන්න බලහංකො.

    ReplyDelete
  18. ඉතිරි ටිකත් දෙන්ඩකෝ ඉක්මනට?? මෙ පොලිසිය කුරුණෑගල පැත්තේ එකක් වෙන්ටෑ මයෙ හිතේ.. :ඩී

    ReplyDelete
  19. ammo..hiragewal,,,tani ahta adyenawa.ituru tikat liyana,
    Jayawewa,
    Sajith

    ReplyDelete
  20. ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයෙක් වෙන්න ඒකත් අවශ්‍ය වෙයි වගෙ.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මෙන්න මේකට ඔව්ද නැද්ද කියන්න මට තවම තේරෙන්නේ නෑ හෙන්රි.. දෙපැත්තටම සාධාරණ කරුණු කාරනා තියෙනවා..

      Delete
  21. ඒ අත්දැකීම කලින් ලැබිලත් නැහැ ඉදිරියේදී ලබාගන්න අදහසකුත් නැහැ. ඒත් දැනගන්න කැමතියි :)

    ReplyDelete
    Replies
    1. පොඩි කතාවක් කියන්නම්.. ගාල්ලේ මගේ යහලුවෙක් හිටියා හරිම අහිංසක කොල්ලෙක්.. අරක්කු සිගරට් තියා මස් මාළුවත් කන්නේ නෑ..ඉගෙන ගත්තේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ.. පිකට් එකකට ගිහින් පොලීසිය ගහනකොට මූවත් අහුවුනා... දවස් 21ක් වැලිකඩ කිසිම වැරැද්දක් නැතිව.. මූට දුවන්නවත් බැරි නිසා පොලීඑසිය මුව අරන් ගියා...

      ඔන්න ඔහොමයි මල්ලි කරුම පලදෙන්නේ... ඒවා වලක්වන්න බෑ කාටවත්...

      Delete
    2. ඔය කරුම කිව්වාම මතක් වුණේ එක පාරක් 4 වෙනි තට්ටුවට යන්න කරුමයක් ඵල දීලා ඉෂ්ටකාමී දෙවියෙක් ඇවිත් බේරලා දුන්නා :D

      Delete
  22. අම්මට උඩු!ඉතිං ඉතිං!!

    ReplyDelete
  23. ඒකනම් අනුන්ගේ කුණු කේස් එකක්. අද කාලේ යාලුවොත් හිතාගණන් බහ බොක්ක දීගෙන වගේ හිටියත් යන්තම් චාන්ස් එකක් ආවොත් යන්නේ අපේ බොක්කත් ගලවගෙනයි. පුළුවන් ඉක්මනට අකෙන් කොටසත් දාන්නම්. මගේ කතාවේ දෙවැනි කොටසත් දැම්ම යන්න උන හේතුවත් එක්ක.
    http://chithula.blogspot.com/

    ReplyDelete
  24. පිස්සු හැදෙනවා. මමත් කතාවක් අහල තියෙනවා දින 14කට ගිය කෙනෙක්ගේ ඒකත් දාන්නම්. මේක නිසා මතක් වුනේ.

    ReplyDelete
  25. එපා මචන්.. එක දවසනේ.. මම ඇතුලත් බලාගෙන එන්නම් මොන වගේද කියලා..//

    ඇත්තම කියහන් අයියේ...බීල නේද හිටියෙ.......

    ReplyDelete
  26. Boru Karaya. okkoma boru, Salli nodi Polis antry ekak dala mu here hitiye. ane paw

    ReplyDelete
  27. ඔහොම තමයි අභීත මල්ලී ජීවිතෙට පන්නරයක් එන්නෙ ඕවට මූණ දීලම තමයි.

    ReplyDelete
  28. මාර යාලුවෝ තමයි..!! සික් ආ..!!

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...