Meemure Jungle Resort

Tuesday, November 20, 2012

මෙන්න කතාවේ විසිල් සමඟ බල්ටි.. රිමාන්ඩ් එකට පිවිසෙන හැටි...

කලින් කතාවට තිබ්බ ප්‍රතිචාර නිසා ලියන්න පටන් ගත්තා ඔන්න දෙවෙනි කොටසත්.. ගෙවල් ලඟ උසාවියේ බන්ධනාගාරයට ගියාට පසු මගේ සඟයාට අවශ්‍යතාවක් ආවා මාව හමුවෙන්න.. ඔහු මේ බව එතන හිටපු ජේලර්ට කිව්වා.. ජේලර් මට ඇවිත් මෙහෙම කිව්වා...

අර මල්ලිට ඔයාව හම්බෙන්න ඕනලු... ඒ වුනාට අපිට ඒකට අවසර දෙන්න බෑ.. අපිට ඉතින් මොනා හරි සපෝට් එකක් දෙනවනන් ඉතින් ඒ ගැන සලකා බලන්න පුළුවන්..

හරි ජේලර් මහත්තයා.. ඌට එන්න කියන්නකෝ... මම කියන්නම් මිනිහට කාරණාව..

දැන් මමයි පොරයි කථාව ඉවර වෙනකන් මූ බලාගෙන හිටියා.. මම අරූට කිව්වා කීයක් හරි දෙන්න කියලා.. ඌ රුපියල් 200ක් දුන්නා..

මොකක්ද බන් මේ 200. මෙතනම ඉන්නවනේ තුන් දෙනෙක්.. 500ක්වත් දියන්..

ඔන්න 500ක් දුන්නා... දැන් ඉතින් අරූට මම ලඟට එන්න බාධා නෑ.. ඒ අතරේ එතන හිටියා නිමල් අයියා.. මාස තුනක් රිමාන්ඩ් භාරයේ ඉඳලා එදාම ඇප හම්බෙලා.. නිදහස් වෙලා ගෙදර යන්නයි සූදානම.. මගේ කතාව අහලා මට පොඩ්ඩක් බැනලා මිනිහා මට උපදෙස් දෙන්න පටන් ගත්තා.. රිමාන්ඩ් එක ගැන මූලික පාඩම එතනින් මට ලැබුනා.. මිනිහා ඔක්කොම කියලා අන්තිමේට මෙහෙම කිව්වා.. "මල්ලි, මම කියපු ක්‍රමයෙන් පිට මොනවවත් කරන්න කියන්න යන්න එපා.. ඒක ඔයාට කරදර වෙන්න පුළුවන්..." මම ඒ අවවාදය තරයේ හිතේ තියාගත්තා..

උසාවියේ නඩු අහලා ඉවර වුනා... දැන් තියෙන්නේ අපිව එක්කරගෙන යන්න... මේ අර රුපියල් 500ක් ගත්ත ජේලර්ලගේ හඬ..

නැගිටපියව්.. උඹලගේ අම්මට... කෝ.. ගනිව්.. වරෙන් මෙහාට...

මාත් සමඟ තව තුන් දෙනෙක් එදා බන්ධනාගාර කලා.. දැන් තුන් දෙනාවත් එක්ක යනවා බස් එකට..  

ආයෙත් සුපුරුදු ජේලර්ලාගේ හඬ..

නැගපියව් බස් එකට.. මුන්ගේ අම්මට... නැගපියව්.. පලයව් පස්සට... මුගේ අම්මට.. පල පස්සට.. කෝ කෝ.. ඉක්මනට.. පලයව්.. ඉඳගනියව්..

දැන් දොර වහගෙන කට්ටිය පිටත් වුනා.. ඒ අතරේ තමන්ගේ පොඩි එවුන් අති සුඛෝපභෝගී සෙල්ලම් බඩු වලින් කරන සෙල්ලම් තියෙන වීඩියෝ එකිනෙකාට පෙන්වමින් ඒ ගැන විස්තර කරනවා.. ගිය සති අන්තයේ කෑම කාපු කඩවල් (තරු හෝටල්) ගැනත් කියනවා.. නියමිත ගමනාන්තයට ආවා.. දැන් නැවතත් ජේලර්ලාගේ මිහිරි හඬ..

හා බැහැපියව්.. මුන්ගේ අම්මට.. ජනේල් වහලා බැහැපියව්ව්.. #$%@^ බැහැපියව් ඉක්මනට.. වරෙව් මගේ පස්සෙන්..

ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම පහලින් තියෙන වාක්‍යය තමයි ඇහුනේ..

අඩෝ අභීත මල්ලි... කොහෙද බන් උඹ මෙහෙ..

මම ජීවිතේට අදුරන එකම ජේලර්.. හරියටම උටම සෙට් උනානේ...

අනුන්ගේ පරිප්පුවක් කෑවා හිරන්ත අයියේ.. හෙට උසාවි දානවා කිව්වා...

පල යන්න.. හිටපන් මම උඹේ කොලේ බලලා එනකන්..

ඈ..? මේ මොකක්ද බන්.. උඹටත් වෙන්නෙම ඔහොම ඒවා.. හරි මොනාද වෙන්න ඕන..

මොකුත් වෙන්න එපා... හෙට උදේ මම යනවා.. විශේශයක් දක්වන්නේ නැතුව හිටහන් අයියේ.. පොඩ්ඩක් කියලා තියහන් මුන්ට මම උඹේ එකෙක් කියලා..

හරි හරි.. අවුලක් වෙන්නේ නෑ.. උඹව වැටෙන්නේ ඊ එකට.. මම උන්ට කියන්නම්...

එතන ඉඳන් මට ජේලර්ලගේ සද්දෙ නෑ.. ඒත් අනිත් උන්ට වුන හැටියට මට වුනා වගේ ලියන්නම්.. අළුත් සිරකරුවන් ලියාපදිංචි කිරීමෙන් පසු ඔවුන්ව යවන්නේ ත්‍රිවිධ හමුදාව ඉන්න කුටියකට.. ඒ ඔවුන්ව පරීක්ශා කිරීම සඳහා..

එන්න ඇතුලට.. යුධ හමුදා සෙබලාගේ මිහිරි වදන්...   තිර රෙදි වලින් ආවරනය වූ කුටියකට ඔහු මාව කැදෙව්වා...

කට අරින්න...

කමිසය ගලවන්න...

කමිසය අතට ගත් යුධ හමුදා සෙබලා එය වාටියක් නෑරම පරීක්ෂා කලා..

කමිසය ඇදගෙන කලිසම ගලවන්න.. යට කලිසමත් ගලවන්න...

එහිත් හැම සාක්කුවක්මත් වාටියක්මත් ඔවුන් පරීක්ශා කලා...

හරි දෙපාරක් ඉදගෙන හිටගන්න... මේක කරන්න කියන්නේ බන්කර් චෙක් කරන්න.. බන්කර් කියන්නෙ මොනාද කියන එක ඔබට පැහැදිලි වෙන්න ඇති කෝරලේ මහත්තයාගේ පෝස්ට් එකෙන්... මේ ඔක්කොම ඉවර වුනාට පස්සෙ නැවතත් අර හමුදා සෙබලාගේ ආදරණීය හඩ..

බොහොම ස්තූතියි...

ඔයාටත් ස්තූතියි...

අනික් කුටි වල හිටපු මිනිසුන්ටත් ත්‍රිවි හමුදා සෙබලු කතා කරපු ආකාරය මට ඇහුනා.. තාප්පයේ තියෙන "සිරකරුවෝත් මනුශ්ශයෝය" කියන එක ඉතාමත් හොදින් ප්‍රගුන කරපු පිරිසක්..  එතනින් එහාට තවත් ලොකු ගේට්ටුවකින් අපිව දැම්මා..

හා.. ඔතනින් පලයව් L එක හොයාගෙන.. ඒ අපිට... මුන්ට ගිහින් පෙන්නපියව් L එක තියෙන තැන.. එතන හිටපු අඩු වයස් හිර කාරයින් දෙදෙනෙකුට.. ඔවුන් දෙදෙනාට අවුරුදු 19කටනම් වැඩි වෙන්න බෑ..

වරෙන් මචන් යන්න..  මද දුරක් කැරකි කැරකි ගොස්.. මෙතන තමයි උඹලගේ පොට් එක.. මෙතනට කියලා පලයන්... කාර්යාලයක් වගේ එකක් පෙන්නමින් ඔවුන් කිව්වා..


එතන ගේට්ටුවෙන් අපි හතර දෙනා ඇතුල් වෙද්දිම පැරණි සිරකරුවෙක්ගෙන් ප්‍රශ්ණයක්.. ඔවුන් තමයි එම කාර්යාලයේ ලේඛණ කටයුතු සඳහා යොදවා තියෙන්නේ..

හෙට උසාවි ඉදිරිපත් කරන අය ඉන්නවද?

ඔව්.. ඒ මම.. මම විතරයි පහුවදාට උසාවි ඉදිරිපත් වෙන්නේ.. 

අනිත් අය යන්න.. ඔයා එන්න...

නම...?

මම ඉතින් නම කිව්වා... තවත් ගොඩාක් විස්තර ඇහුවා.. මව, පියා, පාසැල, රැකියාව ආදී බොහෝ පෞද්ගලික තොරතුරු ලේඛන ගත කලා.. කමිසය ගලවලා උපන් ලප තිබෙන තැන් පවා සටහන් කර ගත්තා...

හරි ඔතනින් බැහැලා ඊ වාට්ටුවට යන්න...

මම එතැනින් බහිනකොට රිමාන්ඩ් වූවන්ගේ විවේක කාලය.. හැමෝම තැන් තැන් වලට වෙලා සුහඳ සාකච්ඡා කරමින් හිටියා.. මට දැනුනේ මෙතන බොහොම නිදහස් තැනක් වගේ.. ඊ වාට්ටුව හොයන්න හිතාගෙන මම පහලට බැස්සා...

අඩෝ.. අභියා.. උඹ කොහෙද බන් මේ...

කවුද යකෝ රිමාන්ඩ් එකේ මාව පිලිගන්නේ... අප්පට සිරි... මාත් එක්ක නාරාහේන්පිට බෝඩිමේ හිටපු එකා.. ඌ දකිද්දිම මම දන්නවා ඌ මොකටද එන්න ඇත්තේ කියලා... ඒත් ඌ දන්නේ නෑනේ මම ආවේ ඇයි කියලා..

පොඩි කේස් එකක් වුනා බන්.. හෙට වෙනකන් රිමාන්ඩ් කලා..

හරි උඹ භය වෙන්න එපා.. උඹට අද ඉන්න වෙන්නෙ මම ඉන්න එකේ නෙවෙයි.. රුපියල් 1000ක් ලෑස්ති කරගනින් ගෙදරට කතා කරලා.. ඉතිරි ටික මම බලා ගන්නම්..

එල මචන්... කොහොම කෝල් ගන්නද බන්..

කෝල් මොනාද බන්... මේක ඇතුලේ මොනාද නැත්තේ.. වරෙන් යන්න... මම උඹව ගොඩ දාල දෙන්නම්..

මූ මාත් එක්ක ගියා.. කොන්ඩේ වවපු සිරා කොලු පාටක් තියෙන එකෙකුට අඬ ගැහුවා...

සුද්දා.. පොඩ්ඩක් වරෙන්...

අප්පා.. මොකෝ අයියා.. යාළුවෙක්ද? අළුතින්ද? කොහෙද? කවද වෙනකන්ද?

උඹට වැඩක් නෑ සුද්දා... මගේ බොක්කක්.. මූට හොඳට සලකපන්.. උඹ ලඟින් තියා ගනින්.. කරදර කරන්න දෙන්න එපා.. දත් ගලවන්න එපා.. මම මූට 1000යි කියලා තියෙන්නේ.. ඊට වඩා ගන්න එපා.. මූ අපේ සබ්ජෙක්ට් එකේ නෑ.. ඒක මූට පුරුදු කරන්න එපා..

හරි සුදු අයියේ... මම බලාගන්නම්... එන්න අයියේ...

අභියා... දැන් 5ට ගේට්ටු වහනවා.. හෙට උදේ වෙනකන් මට ආයේ එන්න වෙන්නේ නෑ.. උඹේ හිතේ ප්‍රශ්ණ තියෙනව මගෙන් අහන්න.. ඒවා හෙට උදේ අහපන්... කරන්න දෙයක් නෑ බන්.. ජීවිතේ ඔහොම තමයි.. මේක ඇතුලට ආවේ නවත්තන්න හිතාගෙන.. එලියට වඩා වැඩියි බන් මේක ඇතුලේ....

හරි චරියා.. තැන්ක් යූ... මම හෙට උදේ කතා කරන්නම්...

දැන් සුද්දා පස්සෙන් මම යනවා... 

අයියේ.. මම කියන විදිහට ඉන්න.. දැන් අපිව ඇතුලට දාන වෙලාව.. දෙන්න දෙන්න යන්නේ.. මගේ අත අල්ලගන්න..

එල මල්ලි....

ඊ වාට්ටුවේ ඔක්කොම දෙන්න දෙන්න අ අල්ලන් ඇතුලට යනවා.. හැමෝම දොරෙන් ඇතුල් වෙද්දිම සෙරෙප්පු අතින් අරන් තමයි ඇතුලට යන්නේ... ඒ අතරේ ජේලර්වරු ගනිනවා.. ඔවුන්ගේ වැඩ මුරය මාරු වෙද්දි නිතරම ගැනලා තමයි මාරු වෙන්නේ... වෙලාව 5යි...

අයියේ.. දැන් පන්සිල් ගන්න වෙලාව... කෝ දෙන්න සෙරෙප්පු දෙක... මේ ටීශර්ට් එක ඇඳ ගන්න.. ඕක දෙන්න... හොඳටම කිලුටුයි නේ.. මම හෝදලා දාන්නම්.. හෙට යනකොට ඇඳගෙන යන්න පුලුවන් එතකොට ඔයාට...

තෑන්ක්ස් සුද්දා..  මම ගිහින් ඉස්සරහින්ම වාඩි උනා..

බෙල්ලේ විශාල රිදී මාලයක් එල්ල ගත්තු හැඩි දැඩි සිරකරුඑක් ඇවිත් බුදු පිලිමෙට මල්, පහන්, හඳුන්කූරු පූජා කලා.. ඔහු තමයි මේ ඊ වාට්ටුවේ නායකයා කියලා ටිකක් වෙලා යද්දි මට තේරුනා.. හවත් වැඩිහිටි සිරකරුවෙක් පන්සිල් කියෙව්වා.. ඒ අතර තිසරන ගුන වගේම තුන් සූත්‍රය්ත් දෙවියන්ට පින් දීම මල ගිය ඥාතීන්ට පින්දීම ආදී සියලු ආගමික වතාවත් කෙරුනා.. ඇත්තට ඒ කටයුතු වලදීනම් මෙය රිමාන්ඩ් බන්ධනාගාරය කියා කිසි විටෙක සිතුනේ නෑ.. ආගමික කටයුතු අවසන් වුන ගමන් තිබෙන්නේ නවක සිර කරුවන් ඇමතීම...

අළුත් අය එන්න.... ඉඳගන්න... හරි.. මේ ටික අහගන්න...
යාළුවෝ ඉන්නවානම් එයාලත් එක්ක ඉන්න... බලෙන් කිසි දෙයක් දෙන්න එපා... තමන්ගේ කැමැත්තෙන් දෙන දෙයක් විතරක් දෙන්න... කාගෙවත් බලහත්කාරකම් වලට යට වෙන්න එපා.. එහෙම කවුරු හරි කලොත් මට කියන්න... මේ අවුරුදු 25ක විතර කඩවසම් කොල්ලෙකුගේ හඬ.... ඔහු තම කටින් ඊ වාට්ටුව මනාව පාලනය කරනවා... අපරාදේ තරුණ ජීවිත කියලා මට හිතුනා.. රෑ පුරාම දැක්ක ඔහුගේ නායකත්ව ගුණාංගයන් අපරාදේ විනාශ වෙලා යන්නේ කියලා මට සිතුනු වාර අනන්තයි....


මතු සම්භන්ධයි.....

ප.ලි. : කියන්න තියෙන දේ භාගෙට කියන්න හොඳ නැති නිසා තව කොටස් දෙකක්වත් දාන්න වෙයි.. ඊලඟ පෝස්ට් එකෙන් හිර ගෙවල් ඇතුලට සල්ලි, ජංගම දුරකතන, මත්ද්‍රව්‍ය එන්නේ කොහොමද කියන එක සවිස්තරාත්මකව කියන්නම්.. ඒ භාණ්ඩවල මිල ගණන් ඇහුවම තමයි ඔබට තරු විසිවෙන්නේ.... 

53 comments:

  1. නියමයි අභීත අයියේ ඔය සුද්ද කියන එකා කෙට්ටු පොයින්ට් එක තියපු එකෙක් නේද? මම හිටියෙත් CRP එකේ E වාට්ටුවේ. ඔක්කොම සැබෑ විදියටම ලියල තියෙනවා. ඔයාගේ දත ගැලෙව්වට මමනම් කීයක්වත් දුන්නේ නැහැ. දෙන්න තිබුනෙත් නැහැ ඒ දවස් වල.

    ReplyDelete
    Replies
    1. කෙට්ටු කොන්ඩේ වවපු උස කොල්ලෙක්... දත කිව්වට ඒ රුපියල් 1000න් මම ලබපු සැප කියන්නම් ඊලඟ ලිපියෙන්...

      Delete
  2. අම්මෝ හිරගෙදරත් තියෙන දේවල්

    ReplyDelete
    Replies
    1. තව තියෙනවා.. හොඳම ටික මඟ එනවා...

      Delete
  3. උඹටත් හැම තැනම යළුවෝනේ,

    මොකද්ද උගේ සීන් එක, ඇතුලට ආපුවාම වැඩියි කිව්වේ

    ReplyDelete
    Replies
    1. ඉස්සර කුරුනෑගල ටව්න් එකේ යද්දි අපේ අම්මා මාත් එක්ක එන්නේ නෑ බන්... ටොපි කාරයෝ කතා කරනවා කියලා.. අපිට සිංහල උගන්නපු ඥාණසිංහ සර්ගෙන් මම ඉගෙන ගෙන අදටත් පිළිපදින එක දෙයක් තියෙනවා.. ඒ තමයි මචන් "කුණුකූඩෙට දාපු කඩදාසියත් ආයෙත් ඕන වෙනවා" කියන එක..

      ඊලඟ ලිපියෙන් කියන්නම් මචන්.. උගේ කතාවත් තනිකර සුරංගනාකතාවක් වගේ.. ඒ කාලේ මම දන්නවා.. අපිත් කිව්ව ඒ කාලෙම ඌට මෙහෙම වෙයි කියලා.. ඇහුවේ නෑ බන්...

      Delete
  4. මේක ලියලා තියෙන විදිය කලින් එකට වඩා රහයි...

    ReplyDelete
    Replies
    1. තැන්කුයි මාතලන්...

      Delete
  5. ඇතුලට ජගම දුරකතන යවන බිස්නස් එකක් කරන්න බැරි වෙයිද බං???

    ReplyDelete
    Replies
    1. ජේලර් කෙනෙක් අල්ලාගත්තානම් බොහොම සිම්පල් හා අධි ලාභ ව්‍යාපාරයක්..

      Delete
  6. අභියෝ , හැමෝම ජිවිතේ හැම අංශෙකින්ම කප් උස්සල නෙමේ නේ මෙතෙන්ට කියවන්න එන්නේ. එක නිසා ව්‍යංගයෙන් කියන්නේ නැතුව කෙලින්ම කරුණු ලියනවනම් හැමෝටම තේරෙයි කියල හිතනවා.

    - මහසෝන් පිල්ලිය

    ReplyDelete
    Replies
    1. මම බන්කර් කේස් එක විතරයි මචන් නොකිව්වේ... ඒක කෝරලේ මහත්තයා කියලා තියෙනවනේ...

      Delete
  7. yako pissu hdena sada..mama nam jeewitheta yanna asa nethi thenak thami oya..issaranam wali hoya hoya yanawa..den nam ekak dekak kaala hari maaru wenawa..responsibility eka wedi appa...

    ReplyDelete
    Replies
    1. වයසෙ වැරැද්ද බන්.. අපිත් දැන් හරි අහිංසකයි.... :D

      Delete
  8. horu ekka heluwen....

    ReplyDelete
    Replies
    1. රෙදි ඇදන් හිටියේ බන්..

      Delete
  9. ඇත්තටම වටිනා තරුණ ජීවිත මේ බිත්තිවලටම දිය වෙලා යනවා තමා..
    සමකය වටේ (samakaya wate)

    ReplyDelete
    Replies
    1. ගොඩාක්... පාලකයින් නොසැලකිල්ලෙන් ඉන්නේ බන්...

      Delete
  10. කොච්චර හොඳද මෙහෙම පෝස්ට් දාන එක... හැම කෙනෙක්ම මේ දේවල් දන්නෙ නැහැනෙ...හොඳ වෙලාවට ඇතුලෙ අර යාලුව හිටියෙ නැත්නම් ලියන්න වෙන්නෙ මීට වඩා වෙනස් දෙයක්නෙ...

    ReplyDelete
    Replies
    1. ලොකු වෙනසක් නෑ බන්.. යාළුවා සහ රුපියල් දහස හින්දා ගෙදර ඉන්නවාට වඩා හොඳට ඇතුලේ හිටියා.. බලපන්කෝ ඊලඟ පෝස්ට් එක..

      Delete
  11. එලියට ආපු ගමන් සම්පුර්ණ විස්තරේ දැන ගත්තානේ අනිත් අයටත් දන ගන්න ලියන එක හොදයි.මේවා අහල හිරේ යන්න හිතෙයිද දන්නේ නෑ.මම හිතන්නේ රිමාඩ් එක ගැන ලියවෙන පළමු බ්ලොග් සටහන වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. නෑ.. කෝරලේ මහත්තයා මට කලින් ලිව්වා... ප්‍රහාරය ලියන සුමිත් අයියා ඔක්කොටම කලින් ලිව්වා.. සිරකරුවා ලියන එරන්ද ඊටත් කලින් ලිව්ව මට මතක හැටියට...

      Delete
  12. කටුක අත්දැකීමක් වුනත් නියමෙට ලියනවා..

    ReplyDelete
    Replies
    1. එක දවසක් කියන එක කටුක නෑ.. වෙනස් අත්දැකීමක්.. ඒත් ගොඩාක් කල් ඉන්න එකනම් හරිම අමිහිරියි...

      Delete
  13. 2ට කඩන්න්නැතුව එක පාරම කියලා දාන්න.

    ReplyDelete
    Replies
    1. දිග වැඩිවෙයි මචන්..

      Delete
  14. ආමි එකේ අය එහෙම හැසිරෙන එකනම් නියමයි.

    ReplyDelete
    Replies
    1. නියමයි නෙවෙයි.. විශිෂ්ඨයි....

      Delete
  15. එල එල! දැන් කට්ටියම හිර ගේ ගැන ලියනවනේ! මම මේ පැත්තේ ආපු පලවෙනි පාර. කෝරලේගේ එකයි මේකයි බැලුවම ලොකු දැනුමක් ආව ඇතුලේ වැඩ ගැන.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ඇනෝ.. ඔයා මාස කීපෙකට කලින් එන්න තිබුනේ... ඔයා ටිකක් අහිංසක ඇනෝ කෙනෙක් නේද? කලින් ආපු ඇනෝලා කොරහත් බිඳගෙනමයි ගියේ...

      Delete
  16. සිරාවටම හිරේ යන්න හිතෙනවා............

    ReplyDelete
    Replies
    1. චේන්ජ් එකට ඕනනම් දවසකට ගිහින් වරෙන්..ඒත් දිගුකාලීනව ඉන්නනම් යන්න හිතන්නවත් එපා...

      Delete
  17. ලඟදි ආයෙත් රිමාන්ඩ් එක පැත්තෙ රව්මක් දාන්න ආසා හිතිලා වගේ

    ReplyDelete
    Replies
    1. වෙන්නේ නෑ මචන්...

      Delete
  18. එල කතාව ඇ.ඉක්මනට අනිත් කොටසත් දාමු.පළවෙනියටම දන කොමෙන්ටුව මේ.වැඩ රාජකාරි අස්සේ බොහොම අමාරුවෙන් තම කියවන්නේ උනත්.ට්‍රය් කොරල ඉතින් අද දැම්ම කොමෙන්ටුව.

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ තැන්ක් යූ...

      Delete
  19. මරු අත්දැකීම මල්ලී. අපිටත් විස්තර දැනගන්න ලීවට ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. කියවන ඔයාලටනම් මරු අක්කේ... හිටපු මටත් ඇත්තටම මරු... ඒත් දීර්ඝ කාලයක් ඉන්න අයටනම් මරුවා පෙනි පෙනී...

      Delete
  20. පුලුවන්නම් එක පොස්ට් එකකට ලියන්න. ලියලා තියෙන විදිය එළ!

    ReplyDelete
    Replies
    1. දිග වැඩිවෙයි මචන්....

      Delete
  21. අඳුරන එවුන් ඇතුලේ ඉන්න එකේ වටිනාකම :D

    ReplyDelete
    Replies
    1. හැමතැනම අදුරන උන් ඉන්න එකේ වටිනාකම...

      Delete
  22. අනිත් ටිකත් ලියන්න ඉක්මනටම

    ReplyDelete
  23. හැම තනකම යාලුවෝ ඉන්න එකෙක් වටිනාකම..!!
    ඊලග එක ඉක්මනට දාන්ඩෝ ...!!

    ReplyDelete
  24. අභීත අයියෙ උඹ ඔය කතාව එන සැරෙන් කොහොම හරි ඉවර කරපන් මොකද මට සෑහෙන ෂුවර් එකක් තියනවා උඹ ඔය පසු ලිවීමෙ ලියලා තියන ටික ලියපු හැටියේ උඹට බඩු හම්බ වෙනවා කියලා, එහෙම උනොත් අපිට කුතුහලයක් තියාගෙන තමා ඉන්න වෙන්නෙ, ඒක නිසා කොහොම හරි එන පාර ඉවර කරපං ..........

    ReplyDelete
  25. හම්බෝ....
    යන්නෙනං නෑ ඇතුලට...

    ReplyDelete
  26. Your style is really unique in comparison to other folks I have read stuff from.

    Many thanks for posting when you have the opportunity,
    Guess I'll just bookmark this site.
    My page : CHEAP LEAFLET PRINTING

    ReplyDelete
  27. oyata adurana aya hitya ehama nati ayata hoben tami yanawewna neda?
    ituru tikat liyana,
    Jayawewa,
    Sajith.

    ReplyDelete
  28. හිර ෙගදර කතාවත්.... ෙපා්ස්ට් 2ම කිෙයව්වා

    ReplyDelete
  29. thawa dina 15y... we are watching you... kaawada me paara moora karanne

    ReplyDelete
  30. badu readyda machan Thawa dina 5yi

    ReplyDelete