බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Monday, September 10, 2012
සමුගන්න කාලේ හරි වගේ.. බලෙන් මෙච්චරම ඉන්නත් බෑ නෙවැ....
ඕනේම ක්ෂේශ්ත්‍රයක එල්ලිලා ඉන්න පුළුවන් කාලයක් තියෙනවා... ඉතින් ඒක නිසා වෙලාව ආවොත් යන්නම වෙනවා... බ්ලොග් ක්ෂේශ්ත්‍රයේ වුනත් එහෙමයි.. එක එක විවිධ හේතු නිසා සමහර අය බ්ලොග් ලියන එක නැවැත්තුවා.. ආයේ පටන් ගත්තා.. සමහර ඒවා සාධාරණ හේතු.. සමහර ඒවා අනේ මම දන්නේ නෑ කියන තාලේ හේතු.. බ්ලොග් විතරක් නෙමේ.. ලෝකයේ ඕනෑම ක්ශෙශ්ත්‍රයක මිනිසෙක්ගේ පැවැත්ම තියෙන්නේ ටික කාලයයි.. වැඩිම වුනොත් අවුරුදු 50ක් විතර තියෙයි.. නමුත් යම් යම් අවස්ථා තියෙනවා කොච්චර එල්ලිලා ඉන්න හැදුවත් බාහිර හේතූන් නිසා දැන් මම මෙතනින් යා යුතුයි කියලා හැගෙන... ඒ නිසා ඕනෑම කෙනෙක් ආවාට වඩා වේගෙන් යනකොට යන්න ඕන.. මටත් ඒ ධර්මය පොදුයි...
මේක ගොඩාක් දකින්න තියෙන්නේ දේශපාලනේ.. විවිධ අමාත්‍යාංශවල සිදුවන දූශිත ක්‍රියා නිසා එවාට වග කියන ඇමතිවරු.. කෝ ගියාද ගියේ නෑ.. මට මතක විදිහට මේ ලඟදි ඉල්ලා අස් වුනේ හේම කුමාර නානායක්කාර ගොයියා.. අර නුවර එළියේ ගුවන් තොටුපල සිද්ධියට.. ඒකෙත් හරි වැරැද්ද කොච්චරද දන්නේ නෑ... අපි නිකම් උදාහරණ කීපයක් ගමු...
1. හෙජින්, බාල පෙට්‍රල් වගේ ඒවා සම්භන්ධයෙන් සුසිල් ප්‍රේම ජයන්ත
2. විභාග අංජබජල් වීම සම්භන්ධයෙන් බන්දුල ගුණවර්ධන
3. විශ්ව විද්‍යාල ගැටළු සම්භන්ධව එස්.බී. දිසානායක
මේ වගේ තව ඕන තරම් සිද්ධි කියන්න පුළුවන්...
මම ඉතින් දැන් කියන්න හදන්නේ දැන්නම් ඇතිම කියලා හිතෙන මනුස්සයෙක් ගැන...
ඉස්සර මහින්ද ඡන්දෙ දිනද්දි අපි හිතුවේ රනිල් ඉන්න එකමයි හොඳ කියලා... ඒත් දැන් දැන් වර්ධනය වන අකටයුතුකම් හමුවෙත් හඬ නොනගන විපක්ශයේ දුර්වල නායකත්වය නිසාත්, ආණ්ඩුව ගැන මිනිස්සු කළකිරිලා ඉන්න වෙලාවකදිවත් ඒ ඡන්ද ටික ඔබා ගන්න දැනුම් තේරුම් නැති නිසාත් මටනම් හිතෙන්නේ රනිල් වික්‍රමසිංහ ලාංකික දේශපාලනයේ හිටියා ඇති කියලමයි...
දැන් නම් හොඳටම ඇති... ඒ නිසා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමනි.. සමුගන්න කාලේ හරි වගේ.. බලෙන් මෙච්චරම ඉන්නත් බෑ නෙවැ....
මේ සඳහා මම දකින්නේ හේතු දෙකයි...
1. කොච්චර හිටියත් දිනන පාටක්වත් නොපෙනීම....
2. නොදින්නත් කමක් නෑ.. සද්දයක්වත් දාගෙන හිටු... කෝ ඒකත් නෑනේ...
මේ ඔහු සම්භන්ධව මම අහපු සිරාම කථාවක්....
අතේ ඇගිලි පහ එකතු කරලා අප්පුඩියක් ගහන්න බැරි මිනිහෙක් කොහොමද බන් පලාත් පහක්වත් එකතු කරලා රටක් කරන්නේ....
අනේ මන්දන්නේ නෑ.. ඒත් යන පාටකුත් පේන්නේ නෑ....
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
දැං නං පැරදිලාම එපා වෙලා...
ReplyDeleteමම මේ දුවගෙන ආවෙ උඹ බ්ලොග නවත්වන්න යනවා කියලා.
ReplyDelete+++++++
Deleteමමත් හිතුවෙ එහෙමයි. බලනකොට එහෙම නෙවෙයිනේ.. :(
Deleteමමත් හිතුවෙ එහෙමයි. ඒත් තමන් තවම රැදිසිටිම සධාරණිකරණය කරලා විතරනේ.... :(
Deleteලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයි කියනවා නේ. රනිල්ට විතරක් නෙමෙයි ලැජ්ජාවක් නැති වැඩ කරන හැමෝටම ඕක අදාලයි :)
ReplyDeleteරනිල් තමයි ඉන්න බුද්ධිමත්ම දේශපාලකයා අනික් උන් සාමාන්‍ය ජනතාව ගැන දන්නේ නැති හොටු කොල්ලෝ. ඌට අප්පුඩි ගහන්න බැරි එක ඇත්ත. ඒත් මීටින් වල බයිලා කියන්නේ නෑ නේ. ලොක්කා තාම ඉන්නේ පීක් එකේ ඕකට ලොකු හේතුවක් තියෙනවා. මම පෝස්ට් එකක් දාන්නම් ළඟදීම.
ReplyDeleteමෙන්න මේ මාතලන් වගේ පාක්ෂිකයෝ ඉන්නකම් රනිල් ලොක්ක ගොඩ.පක්ෂේ වලේ.
Delete@ඇනෝ
Delete++++++++ :)
fuck
ReplyDeleteමම බැලුවා මොකද කියලා.....හික්....
ReplyDeleteඔන්න පුතෝ මමත් තැටිය රත් වෙච්ච වෙලාවේ රොටියක් පුච්චනෝ....
http://pitavana.blogspot.com/
චිහ්...බ්ලොග් ලියන්න පටන් අරන් අවුරුදු 2ක් වෙලත් තාම ලින්ක් එකක් දාගන්න බෑනේ..බලමු මේ පල්ලෙහා එකවත්....
Deleteඅනන්තය....
man hithuve oya abitha valin yanava kiyala ehema ekak nemeyine me?
ReplyDeleteඅතේ ඇගිලි පහ එකතු කරලා අප්පුඩියක් ගහන්න බැරි මිනිහෙක් කොහොමද බන් පලාත් පහක්වත් එකතු කරලා රටක් කරන්නේ....
ReplyDeleteකතාව සහතික ඇත්ත
මේ ඉන්නෙ බුද්ධිමත් මහජනතාව. අනේ උඹලාගෙ පිහිටෙන් මරාණ්ඩුව තව තව වැජඹේවා.
Deletepalayanna gon atampahuraa. ane' umba danna politics. pala ballo yanna.
Deleteඔව්. මේ බ්ලොග් අවකාශයේ ඉතාම බුද්ධිමත් ඡන්දදායකයින් අතරින් කෙනෙක්. කිසිම සැකයක් නෑ.
DeleteAnonymousSeptember 11, 2012 4:23 PM
Deleteඔව්. මේ බ්ලොග් අවකාශයේ ඉතාම බුද්ධිමත් ඡන්දදායකයින් අතරින් කෙනෙක්. කිසිම සැකයක් නෑ
අනේ මචං මම බ්ලොග් අවකාශයේ ඉන්න හොදම බ්‍රුරුවා කියලා හැමෝම දන්නවනේ බං. වැරදියට හිතන්න එපා.මම කියුවේ මාමා හොදයි කියලා නෙමෙයි.අනිත් තූමාගේ නොහැකියාව. උඹ මොකද බං මා එක්ක ඔච්චර තරහා.
අත්පුඩි ගහන්න පුලුවන් එවුන් රට කරන නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ
ReplyDeleteරැවුලටයි සරමටයිත් සාටකේටයිත් දෙනවා ++++
Deleteනැතුව රත්තෝ බලහන්කෝ මල්ලියේ රැවුලේ ලස්සන
Deleteඅනේ මන් දන්නේ නෑ අප්පා.. මෙයෑයි කොචර කිවත් අහන්නේ නෑ නොවෑ....
ReplyDeleteඅපොච්චියේ ..... මං හිතුවේ බ්ලොග් එකවත් නවත්තන්න යනව කියල .............එහෙම නෙවෙයිනේ !!....... රනිල් උන්නැහේ ගැන කථා නොකර ඉමු
ReplyDeleteමම හිතුවෙත් ඔයාට ඇති වෙලා කියලා.
ReplyDeleteඅනේ මන්දා...අනේ කාලේ වනේ වාසේ!!!
ReplyDeleteපළාත් 9ක් තියෙනවනෙ බං????????????? :O
ReplyDeleteමං කුණුහරුපෙන් බැනල ඇනෝ කමෙන්ට් එකක් දාන්නද බං මේ පෝස්ට් එකට. ඇනෝ කමෙන්ට් දාලම නෑ මං.......... :D
අපි කිව්වා කියලා ඕකා අයින් වෙයි ඈ
ReplyDeleteනියම කතාව. +++++++++++++
Deleteඅප්පේ බය වෙච්ච තරමක්.මාත් හිතුවේ බ්ලොග් එක නතර කරන්න යන්වා කියලා.ඉදල ඉදලා අභිත අයියත් හාර්ට් ඇටෑක් තමයි දෙන්නේ.
ReplyDelete....
ReplyDelete//අප්පේ බය වෙච්ච තරමක්.මාත් හිතුවේ බ්ලොග් එක නතර කරන්න යන්වා කියලා//
ReplyDeleteane nawattapan ban... 25laks dennam