Monday, September 10, 2012

සමුගන්න කාලේ හරි වගේ.. බලෙන් මෙච්චරම ඉන්නත් බෑ නෙවැ....


ඕනේම ක්ෂේශ්ත්‍රයක එල්ලිලා ඉන්න පුළුවන් කාලයක් තියෙනවා... ඉතින් ඒක නිසා වෙලාව ආවොත් යන්නම වෙනවා... බ්ලොග් ක්ෂේශ්ත්‍රයේ වුනත් එහෙමයි.. එක එක විවිධ හේතු නිසා සමහර අය බ්ලොග් ලියන එක නැවැත්තුවා.. ආයේ පටන් ගත්තා.. සමහර ඒවා සාධාරණ හේතු.. සමහර ඒවා අනේ මම දන්නේ නෑ කියන තාලේ හේතු.. බ්ලොග් විතරක් නෙමේ.. ලෝකයේ ඕනෑම ක්ශෙශ්ත්‍රයක මිනිසෙක්ගේ පැවැත්ම තියෙන්නේ ටික කාලයයි.. වැඩිම වුනොත් අවුරුදු 50ක් විතර තියෙයි.. නමුත් යම් යම් අවස්ථා තියෙනවා කොච්චර එල්ලිලා ඉන්න හැදුවත් බාහිර හේතූන් නිසා දැන් මම මෙතනින් යා යුතුයි කියලා හැගෙන... ඒ නිසා ඕනෑම කෙනෙක් ආවාට වඩා වේගෙන් යනකොට යන්න ඕන.. මටත් ඒ ධර්මය පොදුයි...


මේක ගොඩාක් දකින්න තියෙන්නේ දේශපාලනේ.. විවිධ අමාත්‍යාංශවල සිදුවන දූශිත ක්‍රියා නිසා එවාට වග කියන ඇමතිවරු.. කෝ ගියාද ගියේ නෑ.. මට මතක විදිහට මේ ලඟදි ඉල්ලා අස් වුනේ හේම කුමාර නානායක්කාර ගොයියා.. අර නුවර එළියේ ගුවන් තොටුපල සිද්ධියට.. ඒකෙත් හරි වැරැද්ද කොච්චරද දන්නේ නෑ... අපි නිකම් උදාහරණ කීපයක් ගමු...

1. හෙජින්, බාල පෙට්‍රල් වගේ ඒවා සම්භන්ධයෙන් සුසිල් ප්‍රේම ජයන්ත

2. විභාග අංජබජල් වීම සම්භන්ධයෙන් බන්දුල ගුණවර්ධන

3. විශ්ව විද්‍යාල ගැටළු සම්භන්ධව එස්.බී. දිසානායක

මේ වගේ තව ඕන තරම් සිද්ධි කියන්න පුළුවන්...

මම ඉතින් දැන් කියන්න හදන්නේ දැන්නම් ඇතිම කියලා හිතෙන මනුස්සයෙක් ගැන...

ඉස්සර මහින්ද ඡන්දෙ දිනද්දි අපි හිතුවේ රනිල් ඉන්න එකමයි හොඳ කියලා... ඒත් දැන් දැන් වර්ධනය වන අකටයුතුකම් හමුවෙත් හඬ නොනගන විපක්ශයේ දුර්වල නායකත්වය නිසාත්, ආණ්ඩුව ගැන මිනිස්සු කළකිරිලා ඉන්න වෙලාවකදිවත් ඒ ඡන්ද ටික ඔබා ගන්න දැනුම් තේරුම් නැති නිසාත් මටනම් හිතෙන්නේ රනිල් වික්‍රමසිංහ ලාංකික දේශපාලනයේ හිටියා ඇති කියලමයි...

දැන් නම් හොඳටම ඇති... ඒ නිසා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමනි.. සමුගන්න කාලේ හරි වගේ.. බලෙන් මෙච්චරම ඉන්නත් බෑ නෙවැ....


මේ සඳහා මම දකින්නේ හේතු දෙකයි...

1. කොච්චර හිටියත් දිනන පාටක්වත් නොපෙනීම....
2. නොදින්නත් කමක් නෑ.. සද්දයක්වත් දාගෙන හිටු... කෝ ඒකත් නෑනේ...

මේ ඔහු සම්භන්ධව මම අහපු සිරාම කථාවක්....

අතේ ඇගිලි පහ එකතු කරලා අප්පුඩියක් ගහන්න බැරි මිනිහෙක් කොහොමද බන් පලාත් පහක්වත් එකතු කරලා රටක් කරන්නේ....

අනේ මන්දන්නේ නෑ.. ඒත් යන පාටකුත් පේන්නේ නෑ....

31 comments:

  1. දැං නං පැරදිලාම එපා වෙලා...

    ReplyDelete
  2. මම මේ දුවගෙන ආවෙ උඹ බ්ලොග නවත්වන්න යනවා කියලා.

    ReplyDelete
    Replies
    1. මමත් හිතුවෙ එහෙමයි. බලනකොට එහෙම නෙවෙයිනේ.. :(

      Delete
    2. මමත් හිතුවෙ එහෙමයි. ඒත් තමන් තවම රැදිසිටිම සධාරණිකරණය කරලා විතරනේ.... :(

      Delete
  3. ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයි කියනවා නේ. රනිල්ට විතරක් නෙමෙයි ලැජ්ජාවක් නැති වැඩ කරන හැමෝටම ඕක අදාලයි :)

    ReplyDelete
  4. රනිල් තමයි ඉන්න බුද්ධිමත්ම දේශපාලකයා අනික් උන් සාමාන්‍ය ජනතාව ගැන දන්නේ නැති හොටු කොල්ලෝ. ඌට අප්පුඩි ගහන්න බැරි එක ඇත්ත. ඒත් මීටින් වල බයිලා කියන්නේ නෑ නේ. ලොක්කා තාම ඉන්නේ පීක් එකේ ඕකට ලොකු හේතුවක් තියෙනවා. මම පෝස්ට් එකක් දාන්නම් ළඟදීම.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ මාතලන් වගේ පාක්ෂිකයෝ ඉන්නකම් රනිල් ලොක්ක ගොඩ.පක්ෂේ වලේ.

      Delete
  5. මම බැලුවා මොකද කියලා.....හික්....
    ඔන්න පුතෝ මමත් තැටිය රත් වෙච්ච වෙලාවේ රොටියක් පුච්චනෝ....
    http://pitavana.blogspot.com/

    ReplyDelete
    Replies
    1. චිහ්...බ්ලොග් ලියන්න පටන් අරන් අවුරුදු 2ක් වෙලත් තාම ලින්ක් එකක් දාගන්න බෑනේ..බලමු මේ පල්ලෙහා එකවත්....


      අනන්තය....

      Delete
  6. man hithuve oya abitha valin yanava kiyala ehema ekak nemeyine me?

    ReplyDelete
  7. අතේ ඇගිලි පහ එකතු කරලා අප්පුඩියක් ගහන්න බැරි මිනිහෙක් කොහොමද බන් පලාත් පහක්වත් එකතු කරලා රටක් කරන්නේ....

    කතාව සහතික ඇත්ත

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ බුද්ධිමත් මහජනතාව. අනේ උඹලාගෙ පිහිටෙන් මරාණ්ඩුව තව තව වැජඹේවා.

      Delete
    2. palayanna gon atampahuraa. ane' umba danna politics. pala ballo yanna.

      Delete
    3. ඔව්. මේ බ්ලොග් අවකාශයේ ඉතාම බුද්ධිමත් ඡන්දදායකයින් අතරින් කෙනෙක්. කිසිම සැකයක් නෑ.

      Delete
    4. AnonymousSeptember 11, 2012 4:23 PM
      ඔව්. මේ බ්ලොග් අවකාශයේ ඉතාම බුද්ධිමත් ඡන්දදායකයින් අතරින් කෙනෙක්. කිසිම සැකයක් නෑ

      අනේ මචං මම බ්ලොග් අවකාශයේ ඉන්න හොදම බ්‍රුරුවා කියලා හැමෝම දන්නවනේ බං. වැරදියට හිතන්න එපා.මම කියුවේ මාමා හොදයි කියලා නෙමෙයි.අනිත් තූමාගේ නොහැකියාව. උඹ මොකද බං මා එක්ක ඔච්චර තරහා.

      Delete
  8. අත්පුඩි ගහන්න පුලුවන් එවුන් රට ක‍රන නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. රැවුලටයි සරමටයිත් සාටකේටයිත් දෙනවා ++++

      Delete
    2. නැතුව රත්තෝ බලහන්කෝ මල්ලියේ රැවුලේ ලස්සන

      Delete
  9. අනේ මන් දන්නේ නෑ අප්පා.. මෙයෑයි කොචර කිවත් අහන්නේ නෑ නොවෑ....

    ReplyDelete
  10. අපොච්චියේ ..... මං හිතුවේ බ්ලොග් එකවත් නවත්තන්න යනව කියල .............එහෙම නෙවෙයිනේ !!....... රනිල් උන්නැහේ ගැන කථා නොකර ඉමු

    ReplyDelete
  11. මම හිතුවෙත් ඔයාට ඇති වෙලා කියලා.

    ReplyDelete
  12. අනේ මන්දා...අනේ කාලේ වනේ වාසේ!!!

    ReplyDelete
  13. පළාත් 9ක් තියෙනවනෙ බං????????????? :O

    මං කුණුහරුපෙන් බැනල ඇනෝ කමෙන්ට් එකක් දාන්නද බං මේ පෝස්ට් එකට. ඇනෝ කමෙන්ට් දාලම නෑ මං.......... :D

    ReplyDelete
  14. අපි කිව්වා කියලා ඕකා අයින් වෙයි ඈ

    ReplyDelete
  15. අප්පේ බය වෙච්ච තරමක්.මාත් හිතුවේ බ්ලොග් එක නතර කරන්න යන්වා කියලා.ඉදල ඉදලා අභිත අයියත් හාර්ට් ඇටෑක් තමයි දෙන්නේ.

    ReplyDelete
  16. //අප්පේ බය වෙච්ච තරමක්.මාත් හිතුවේ බ්ලොග් එක නතර කරන්න යන්වා කියලා//
    ane nawattapan ban... 25laks dennam

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...