සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ...
අහපන් රියල් කතා ගුනේ අයියගේ කාමරේ....
ඉඳපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ...
මස්කට් පැණි බූන්දි තියෙනවා මේ කාමරේ....
මේක ගුනේ අයියගේ බජව් දාන කාමරේ....//
පද පෙල ලියලා තෙරුමක් නෑනේ.... හේමසිරි හල්පිටයන්ගේ පද රචනයක්... මගේ ගීත විචාර කිහිපයක්ම මේ බ්ලොග් එක කියවන ඔයාලා කියවලා තියෙනවනේ... මේක තමයි අළුත්ම එක.... අහ්. කලින් ඒවා කියවලා නැද්ද? එහෙනම් මෙන්න මේවා තමයි ඒ විචාර... විචාර කිව්වට විචාර නෙමෙයි... ඒත් විචාරත් තමයිද කොහෙද?
1. ප්‍රේමකීර්ති ද අල්විස් ගැන ලියපු ලිපියක්....
2. කල්ලඩි පාලම පාලම පාමුල සිංදු කියපු යාළුවෝ..
3. ආදර හැඟුම්....
ඉතින් මේ ලියන්න යන්නේ ඒ සිංදු වලට වඩා වෙනස් සිංදුවක් ගැන.. හේමසිරි හල්පිටයන් වගේම නිහාල් නෙල්සන් කියන ගායකයවත් ලංකාවේ මිනිස්සු අයත් කරලා තියෙන්නේ මොන ගනයටද කියලා කවුරුත් දන්නවනේ... ඒත් මෙහි පද රචනයේ තියෙන අපූර්වත්වය ඔබට පේනවද?
බජව්වක් දාන තැනක ඉඳලා තියෙන කෙනෙකුට මේකෙ අපූර්වත්වය වටහා ගන්න පුළුවනි... අනික මේක මුඩුක්කුවක තිබ්බ සුපිරි බූරු පොට් එකක්... මේ පද රචනයේ හැම වචනෙකම තියෙන්නේ ඒ කාමරේ ඇතුලේ තියෙන දේවල්... පොඩි මිනිස්සුන්ගේ පාතාල ලෝකයක සිරිය අරගෙන තිබ්බත් සිංදුව අහද්දි අමුතු ගතියක් එනවා නේද? මම කියන නිසා තව පාරක් අහලා බලලා මට කියන්න මොන වගේ කික් එකක්ද එන්නේ කියලා...
මීට වඩා කියන්න මට තේරෙන්නේ නෑ.. මේ සටහන ලියන්න මා පෙලඹෙව්වේ උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ විචාරයක්.. ඒත් මටත් ඒ කථා ඇත්ත කියලා හිතුනු නිසා තමයි මේක ලිව්වේ....
ප්‍රශ්ණයක් අහලම ඉවර කරන්නම්... මේ සිංදුවේ හතර වෙනි පේලියේ තියෙනවා "මස්කට් පැණි බූන්දි තියෙනවා මේ කාමරේ" කියලා.. කවුද දන්නේ ඒවා මොකටද තියෙන්නේ කියලා.. දැන් තේරෙනවද සිංදුව කොච්චර සුන්දරද ව්‍යාංගාර්ථද කියලා....
මෙන්න සිංදුව.. මෙතනින් බා ගන්න........
මෙතනින් බලාගෙනම අහන්න.....
ප.ලි. : බ්ලොග් එකේ හිට් අඩුවෙනවා වගේනම් පාල මාමගේ කතන්දරයක් දාන්න.... අත්දුටුවයි සත්තයි... බොරුනම් මගේ ලෝකය ලියන රංගගෙන් අහලා බලන්න...
ප.ප.ලි. : ප.ලි එකට අවධානය දෙන්නෙ නැතුව කථාව ගැන හිතන්න.
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
ඇත්තටම මක්කටෙයි මස්කට් පැණි බූන්දි?.... වැඩි සීනි ප්ලේන්ටියෙ සීන් එකමද?...
ReplyDeleteමෙතනින් බාගන්න කිව්වට එතන තියෙන්නෙ උඩ කිව්ව සින්දුව නෙමෙයි අභීත අයියෙ... :)
ReplyDeleteඅභියෝ.. මාරම කෝඉන්සිඩෙන්ටුවක්නේ බොල.. මම දවස් දෙක තුනක් ඔය සිංදුව ඩවුන්ලෝඩ් කරගෙන ඔය ගැන ලියන්නම් කියල හිත හිත හිටියේ.. මේං මූ මේක දාලා.. (ආය බොරුවක් නෙමෙයි... බොරුවක් නම් උඹට හෙනයක් ගහනව ඕං..)
ReplyDeleteආය ඉතින් ඔය පැණි රස කෑම වෙන මොනවටද.. ඔව්වා ඔක්කම මල් පැණි බොන බඹරුන්ට තමයි ඉතිං..
බයිලා කියද්දි ඉතින් නිහාල් නෙල්සන්ව අමතක කරන්නෙ කොහොමද ? ගුණෙ අයියගේ කාමරේ සින්දුව කොයි කාලේ ඉඳන් හිට් වෙච්ච එකක්ද ?
ReplyDeleteඅභියෝ, ගණන් ගන්න එපා බං... ඵල ඇති රුකටලුනේ ගල් වදින්නෙ. අනේ මට ගලක් වැදියන් වැදියන් කිය කිය ඉන්න ගස් තව කොච්චර තියෙනවද ගලක් තියා වැලි කැටයක් වත් ලඟින් නොයන.
උඹ උඹේ සමාජ සත්කාරය දිගටම කරගෙන පලයන්. අපි ඉන්නවා උඹත් එක්ක...!
පාල මාමා ගැන ලියලා බ්ලොග් එක හැක් කරගන්න ඕන නැති නිසා මම සද්ද නොකර ඉන්නවා .
ReplyDeleteමේ මොකද්ද බං මේ මේක ගුනේ අයියගේ සින්දුව නෙවේ...! අභී අයියා ඔන්න ලිංක් එක වැරදිලා . මෙතනින් බාගන්න බෑ එතන තියෙන්නේ හද්ද පරන සින්දුවක් !.. ඒ හැබැයි ඒකත් පොඩි කික් එකක් තියනවා ..මම ඒක ජීවිතේට අහලා නෑ ..ඒකත් පට්ටයි !
ඕකෙ දෙවෙනි කොටසකුත් තියෙනව, මොලෝ රහක් නෑ ඒකනං.
ReplyDeleteතනිකඩයෝ කාලේ සැර පාන බාගෙට පිරි වීදුරු හිස් කරමින්, කබරයා අදිමින් සිංදුව ගැයූ අය තට්ටය පැදී, කොණ්ඩය සුදු වී, ඇස් කණ්ණාඩි පිස දමමින් ඔය ගීතයම ගයා දරුමල්ලන් කර පින්නාගෙන පිට වී යන හැටි දැක ඇත්තෙමි. මුඩුක්කු වලට ගිහින් ඇත්තෙමි, ඒත් //සුපිරි බූරු පොට්// එකක් නම් දැක නැත්තෙමි!!!
ReplyDeleteමස්කට් පැණි බූන්දි ඉතින් පොඩි බබාලට කන්න දෙන්න
ReplyDeleteමිසක් වෙන මොනාටද ?
අපේ පැත්තේ මස්කට් පැණි බූන්දි වෙනුවට කිරි ටොපි ජුජුබ්ස් වගේ දේවල් තමා පාවිච්චි කරන්නේ. බුන්දි ගන්න සති පොළටම යන්න එපැයි. :)
ReplyDeleteමමත් ආසම කරන ගායකයෙක් තමයි නිහාල් නෙල්සන් මහත්තයා කියලා ලියන්නේ. ගීතය ගායනා කරන්නේ ඒක තුලටම දැහැන් ගතවෙලා. අතපය වලින් රඟ දක්වනවා.
ගීතයක තේරුම සරල වෙන එක හොඳයි. බැරෑරුම් සිංදු අහලා නියෝ නියෝ ඉන්නවට වඩා මේ වගේ ගීයක් තේරුමත් එක්ක අහලා රස විඳින එක ලේසියි. !!!
@Gimhani :
ReplyDeleteඒ ඉතින් ඔයා දන්න තරම තමයි. ගුණේ අයියගෙන් ඇහුවනම් හරි මොනාටද ඕනේ වෙන්නේ කියලා. :)
අඩේ දුමී අයියා බොරු කියන්න එපා බොල අර ඕනයා & මඩයා ගහලා තිබුනේ ගල් නෙවේද....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅනේ ඇත්තටම මට තේරුනේ නෑනෙ මස්කට් පැණි බූන්දි කතාව?
ReplyDeleteහත්තිලව්වේ මොකද මේ කට්ටිය මස්කට් පැණි බූන්දි වලට ටියුබ් ලයිට් වෙලා, කොහොම උනත් එල සිංදුව ඔන්න මම වීඩියෝ එක බා ගත්තා .........
ReplyDeleteතෑන්ක්ස් .......
එක පාරටම අභි අයියට ගුණේ අයියා මතක් වෙලා තියෙන්නේ මොකද බොලේ
ReplyDeleteපට්ට සිංදුව, මාත් බාගත්ත.
ReplyDeleteදෙරණේ මේ සිංදුව කියපු කොල්ලට පිං සිද්ද වෙනව මේක නැවතත් ජනතාව අතරට ගෙනාවට. ඌත් සුපර් ටැලන්ට් එකක්..
ReplyDeleteමේ සිංදුව කොච්චර රස වින්දද කියනවනම් තවමත් මස්කට් පැණි බූන්දී කකා හඳ පැත්තෙ යනකොට අනිවාර්යයෙන් මතක් වෙනව..
මේ කාමරේ කස්ටියම තමයි අන්කල් ජොන්සන්ගේ සිංදුවෙත් ඉන්නේ..
පෝස්ට් එකක් දැම්මට උඹටත් පින්....
හෙහ්! පැණි බූන්දි ඈ! හික්..හික්..
ReplyDeleteරොකට් එකයි මස්කට් කෑල්ලයි... වෙන මොනවද ඉතිං....
ReplyDelete(රොකට් ඉන්ධන = පිරිසිදු ගංජා/කංසා -ටියුබ්ලයිට් කාරයින්ට දැන ගැනීම සඳහා)
පෙරලියක් කරපු ගායකයෙක් තමයි....
ReplyDeleteහිර වෙන්න දෙකක් ඇද ගත්තනම් මස්කට්, පැනි බූනිදි වානා....හික් හික්
මම මේ කම්පනා කරන්නේ පැණිරස ගැන කතා කරනවද ගුණේ අයියා ගැන කතා කරනවද එහෙමත් නැත්තම් ප.ලි කොටස ගැන කතා කරනවද කියලා :D
ReplyDeleteබොරු කියන්න එපා මාතලන්..මේ කාමරේ කොහෙද ආරියරත්නල, ආචාර්යවරු මහාචාර්යවරු සහ ප්‍රබුද්ධයො උන්නෙ?
ReplyDeleteනිහාල් නෙල්සන් කියන්නෙ ජෝතිපාල, මිල්ටන් වගේම ජීවත්වෙලා ඉන්දැද්දි නිසි ගෞරවයක් නොලැබෙන උතුම් ගායකයෙක්..!
@ ඉන්දික.... “ජීවත් වෙලා ඉන්දැද්දි“ කිව්වේ නිහාල් නෙල්සන් මැරිල ද ?
ReplyDeleteතාමත් බොහෝ උත්සව සාද අවසන් වෙන්නේ නිහාල් නෙල්සන්, ඇන්ටන් ජෝන්ස් වගේම වොලී බැස්ටියන් වාගේ ගයකයින්ගේ ගීත වලින් තමයි...
ජය !!!
අපෝ පනපිටන් ඉන්න මිනිස්සු මරන්න එපා බස්සෝ :D
ReplyDeleteඒ මනුස්සයා යහතිං ඉන්නවා තාම.. එත් ලෙඩ ගානේ.. දැන් දැක්කාම අදුර ගන්නත් අමාරුයි.. මං මේ මූනට මූන දැක්කා ටිවි එකේ :D
අබේ අයියා.. ස්තුතියි මේක බාගන්න දැම්මාට.. :D
ප.ලි. : බ්ලොග් එකේ හිට් අඩුවෙනවා වගේනම් පාල මාමගේ කතන්දරයක් දාන්න.... අත්දුටුවයි සත්තයි.
ReplyDeleteමාත් රීඩර් කෑල්ලෙ ටොපිකය දැක්ක ගමන් ආව...සිරා කතාව
නිහාල් නෙල්සන් ගැන මට පලවෙනි වතාවට පුදුම හිතුනේ රිසර්ච් එකකට යාපනේ ගියාම. යුද්ධෙ ඉවරවුනා විතරයි වගේ. අපිට නවතින්න ලැබුනේ යාපනේ ගෙවල්වල. පුදුමේ කියන්නේ දකුණේ සිංහල ගායකයෝ කවුරුත් දන්නේ නැති යාපනේ මිනිස්සු නිහාල් නෙල්සන්ගේ කැසට් පීස් පතුරු ගහනවා. ඒක තමා නිහාල් නෙල්සන්ගේ හැකියාව. පපර් බෑන්ඩ් වලිනුත් වදින පපරවල දෙමල සින්දු වලට අමතරව තිබුනේ නිහාල් නෙල්සන්ගේ සින්දු..
ReplyDelete@ ඉන්දික උපශාන්ත..
ReplyDeleteලොක්කො උඹ එහෙනම් ආචාර්යවරු මහාචාර්යවරු ගැන දන්නෙම නෑ වගේ.... උන් විතරක් නෙමෙයි රටේ නම ගිය ඇත්තෝ හඳට යන හැටි බලන්න.. වසන්ත සමයට නුවර-එළියේ හිල් ක්ලබ් එකට වරෙන්....
ane abi aiye cmnt eke danda tharam welawak na...sorry wewa...:)
ReplyDeletehik hik
ReplyDeleteනියමය් අභීත.....
ReplyDeleteඇත්තටම මොකක්ද අභීත අයියේ "මස්කට් පැණි බූන්දි තියෙනවා මේ කාමරේ" කියන එකේ තේරුම.
ReplyDeleteමස්කට් පැණි බූන්දි Thiyan inne Ganja gahana nisai
ReplyDeleteමෙච්චර අහල තියෙනවා මස්කට් ටෝල්ක් එක ඔලුවට ආවෙම නෑ නොවැ... හික් හික්....
ReplyDeleteඅබිත අයියා සුවර් එකට මේක නම් ලියලා තියෙන්නේ මස්කට් තොලගාලා තමා....
ReplyDeleteඇත්තට මේ වගේ සිංදු හෙන අඩුයිනෙව....
මාතලන්,
ReplyDeleteමං කිව්වෙ ලොක්ක අන්කල් ජොන්සන්ගෙ සින්දුව ගැන.ඒකෙ ගුණේගෙ කාමරේ ඉන්න උන් නෑ.
ඔය ලොක්කො සොක්කො කවුරුත් ඉතින් තරුණ කාලෙ පහු කරලනෙ ඔතන්ට ඇවිත් ඉන්නෙ. ඉතින් හීනියට හරි මලක් ඇදල නැතුවයැ!
මචං . . . මේ සින්දුවෙ කියන ජොයින්ට් එක (ගුනේ අයියගෙ කාමරේ) බුරු පොලක් නෙමේ . . . . බුරු පිටිය ගැන තියෙන්නෙ වෙනමම සින්දුවක් (පනස් දෙකේ කොළ කූට්ටම ජෙමාගේ වත්තේ).
ReplyDeleteමේ කියන ජොයින්ට් එක බජවුවක් දාන ගමන් වෙන ආතල් එකක් දාන තැනක්. "පච්ච සිරාලා . . එතකොට කොච්චි අලා ලා . . . ගුස්පි රොබාලා . . . එයි මෙහෙ සොමිය සොයලා . . ."
එතැනින්ම හිතාගනින් තැන මොකද්ද කියල. කොටුවෙ මාළු කඩේ එක කාමරයක් තිබුණා ඔය වගේ . . . ඒ කාමරේ අයිතිකාරයා තමයි නැසීගිය ගයක එච්. ආර්. ජෝතිපාල මහතා. එතනත් ඔය සින්දුවෙ කියනවා වගේම තැනක්.
ඔය ශයිලියේම සින්දුවක් තියනවා "බයිලා සැන්ටි"ගෙ
ගංජා ගංජා
ReplyDelete