Monday, July 11, 2011

සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ...

සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ...
අහපන් රියල් කතා ගුනේ අයියගේ කාමරේ....
ඉඳපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ...
මස්කට් පැණි බූන්දි තියෙනවා මේ කාමරේ....


මේක ගුනේ අයියගේ බජව් දාන කාමරේ....//


 පද පෙල ලියලා තෙරුමක් නෑනේ.... හේමසිරි හල්පිටයන්ගේ පද රචනයක්... මගේ ගීත විචාර කිහිපයක්ම මේ බ්ලොග් එක කියවන ඔයාලා කියවලා තියෙනවනේ... මේක තමයි අළුත්ම එක.... අහ්. කලින් ඒවා කියවලා නැද්ද? එහෙනම් මෙන්න මේවා තමයි ඒ විචාර... විචාර කිව්වට විචාර නෙමෙයි... ඒත් විචාරත් තමයිද කොහෙද?


1. ප්‍රේමකීර්ති ද අල්විස් ගැන ලියපු ලිපියක්....


2. කල්ලඩි පාලම පාලම පාමුල සිංදු කියපු යාළුවෝ..


3. ආදර හැඟුම්....



ඉතින් මේ ලියන්න යන්නේ ඒ සිංදු වලට වඩා වෙනස් සිංදුවක් ගැන.. හේමසිරි හල්පිටයන් වගේම නිහාල් නෙල්සන් කියන ගායකයවත් ලංකාවේ මිනිස්සු අයත් කරලා තියෙන්නේ මොන ගනයටද කියලා කවුරුත් දන්නවනේ... ඒත් මෙහි පද රචනයේ තියෙන අපූර්වත්වය ඔබට පේනවද? 


බජව්වක් දාන තැනක ඉඳලා තියෙන කෙනෙකුට මේකෙ අපූර්වත්වය වටහා ගන්න පුළුවනි... අනික මේක මුඩුක්කුවක තිබ්බ සුපිරි බූරු පොට් එකක්... මේ පද රචනයේ හැම වචනෙකම තියෙන්නේ ඒ කාමරේ ඇතුලේ තියෙන දේවල්... පොඩි මිනිස්සුන්ගේ පාතාල ලෝකයක සිරිය අරගෙන තිබ්බත් සිංදුව අහද්දි අමුතු ගතියක් එනවා නේද? මම කියන නිසා තව පාරක් අහලා බලලා මට කියන්න මොන වගේ කික් එකක්ද එන්නේ කියලා...


මීට වඩා කියන්න මට තේරෙන්නේ නෑ.. මේ සටහන ලියන්න මා පෙලඹෙව්වේ උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ විචාරයක්.. ඒත් මටත් ඒ කථා ඇත්ත කියලා හිතුනු නිසා තමයි මේක ලිව්වේ....


ප්‍රශ්ණයක් අහලම ඉවර කරන්නම්... මේ සිංදුවේ හතර වෙනි පේලියේ තියෙනවා "මස්කට් පැණි බූන්දි තියෙනවා මේ කාමරේ" කියලා.. කවුද දන්නේ ඒවා මොකටද තියෙන්නේ කියලා.. දැන් තේරෙනවද සිංදුව කොච්චර සුන්දරද ව්‍යාංගාර්ථද කියලා....


මෙන්න සිංදුව.. මෙතනින් බා ගන්න........

මෙතනින් බලාගෙනම අහන්න.....


ප.ලි. : බ්ලොග් එකේ හිට් අඩුවෙනවා වගේනම් පාල මාමගේ කතන්දරයක් දාන්න.... අත්දුටුවයි සත්තයි... බොරුනම් මගේ ලෝකය ලියන රංගගෙන් අහලා බලන්න...


ප.ප.ලි. :  ප.ලි එකට අවධානය දෙන්නෙ නැතුව කථාව ගැන හිතන්න.

37 comments:

  1. ඇත්තටම මක්කටෙයි මස්කට් පැණි බූන්දි?.... වැඩි සීනි ප්ලේන්ටියෙ සීන් එකමද?...

    ReplyDelete
  2. මෙතනින් බාගන්න කිව්වට එතන තියෙන්නෙ උඩ කිව්ව සින්දුව නෙමෙයි අභීත අයියෙ... :)

    ReplyDelete
  3. අභියෝ.. මාරම කෝඉන්සිඩෙන්ටුවක්නේ බොල.. මම දවස් දෙක තුනක් ඔය සිංදුව ඩවුන්ලෝඩ් කරගෙන ඔය ගැන ලියන්නම් කියල හිත හිත හිටියේ.. මේං මූ මේක දාලා.. (ආය බොරුවක් නෙමෙයි... බොරුවක් නම් උඹට හෙනයක් ගහනව ඕං..)
    ආය ඉතින් ඔය පැණි රස කෑම වෙන මොනවටද.. ඔව්වා ඔක්කම මල් පැණි බොන බඹරුන්ට තමයි ඉතිං..

    ReplyDelete
  4. බයිලා කියද්දි ඉතින් නිහාල් නෙල්සන්ව අමතක කරන්නෙ කොහොමද ? ගුණෙ අයියගේ කාමරේ සින්දුව කොයි කාලේ ඉඳන් හිට් වෙච්ච එකක්ද ?

    අභියෝ, ගණන් ගන්න එපා බං... ඵල ඇති රුකටලුනේ ගල් වදින්නෙ. අනේ මට ගලක් වැදියන් වැදියන් කිය කිය ඉන්න ගස් තව කොච්චර තියෙනවද ගලක් තියා වැලි කැටයක් වත් ලඟින් නොයන.

    උඹ උඹේ සමාජ සත්කාරය දිගටම කරගෙන පලයන්. අපි ඉන්නවා උඹත් එක්ක...!

    ReplyDelete
  5. පාල මාමා ගැන ලියලා බ්ලොග් එක හැක් කරගන්න ඕන නැති නිසා මම සද්ද නොකර ඉන්නවා .

    මේ මොකද්ද බං මේ මේක ගුනේ අයියගේ සින්දුව නෙවේ...! අභී අයියා ඔන්න ලිංක් එක වැරදිලා . මෙතනින් බාගන්න බෑ එතන තියෙන්නේ හද්ද පරන සින්දුවක් !.. ඒ හැබැයි ඒකත් පොඩි කික් එකක් තියනවා ..මම ඒක ජීවිතේට අහලා නෑ ..ඒකත් පට්ටයි !

    ReplyDelete
  6. ඕකෙ දෙවෙනි කොටසකුත් තියෙනව, මොලෝ රහක් නෑ ඒකනං.

    ReplyDelete
  7. තනිකඩයෝ කාලේ සැර පාන බාගෙට පිරි වීදුරු හිස් කරමින්, කබරයා අදිමින් සිංදුව ගැයූ අය තට්ටය පැදී, කොණ්ඩය සුදු වී, ඇස් කණ්ණාඩි පිස දමමින් ඔය ගීතයම ගයා දරුමල්ලන් කර පින්නාගෙන පිට වී යන හැටි දැක ඇත්තෙමි. මුඩුක්කු වලට ගිහින් ඇත්තෙමි, ඒත් //සුපිරි බූරු පොට්// එකක් නම් දැක නැත්තෙමි!!!

    ReplyDelete
  8. මස්කට් පැණි බූන්දි ඉතින් පොඩි බබාලට කන්න දෙන්න
    මිසක් වෙන මොනාටද ?

    ReplyDelete
  9. අපේ පැත්තේ මස්කට් පැණි බූන්දි වෙනුවට කිරි ටොපි ජුජුබ්ස් වගේ දේවල් තමා පාවිච්චි කරන්නේ. බුන්දි ගන්න සති පොළටම යන්න එපැයි. :)

    මමත් ආසම කරන ගායකයෙක් තමයි නිහාල් නෙල්සන් මහත්තයා කියලා ලියන්නේ. ගීතය ගායනා කරන්නේ ඒක තුලටම දැහැන් ගතවෙලා. අතපය වලින් රඟ දක්වනවා.

    ගීතයක තේරුම සරල වෙන එක හොඳයි. බැරෑරුම් සිංදු අහලා නියෝ නියෝ ඉන්නවට වඩා මේ වගේ ගීයක් තේරුමත් එක්ක අහලා රස විඳින එක ලේසියි. !!!

    ReplyDelete
  10. @Gimhani :
    ඒ ඉතින් ඔයා දන්න තරම තමයි. ගුණේ අයියගෙන් ඇහුවනම් හරි මොනාටද ඕනේ වෙන්නේ කියලා. :)

    ReplyDelete
  11. අඩේ දුමී අයියා බොරු කියන්න එපා බොල අර ඕනයා & මඩයා ගහලා තිබුනේ ගල් නෙවේද....

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. අනේ ඇත්තටම මට තේරුනේ නෑනෙ මස්කට් පැණි බූන්දි කතාව?

    ReplyDelete
  14. හත්තිලව්වේ මොකද මේ කට්ටිය මස්කට් පැණි බූන්දි වලට ටියුබ් ලයිට් වෙලා, කොහොම උනත් එල සිංදුව ඔන්න මම වීඩියෝ එක බා ගත්තා .........

    තෑන්ක්ස් .......

    ReplyDelete
  15. එක පාරටම අභි අයියට ගුණේ අයියා මතක් වෙලා තියෙන්නේ මොකද බොලේ

    ReplyDelete
  16. පට්ට සිංදුව, මාත් බාගත්ත.

    ReplyDelete
  17. දෙරණේ මේ සිංදුව කියපු කොල්ලට පිං සිද්ද වෙනව මේක නැවතත් ජනතාව අතරට ගෙනාවට. ඌත් සුපර් ටැලන්ට් එකක්..

    මේ සිංදුව කොච්චර රස වින්දද කියනවනම් තවමත් මස්කට් පැණි බූන්දී කකා හඳ පැත්තෙ යනකොට අනිවාර්යයෙන් මතක් වෙනව..

    මේ කාමරේ කස්ටියම තමයි අන්කල් ජොන්සන්ගේ සිංදුවෙත් ඉන්නේ..

    පෝස්ට් එකක් දැම්මට උඹටත් පින්....

    ReplyDelete
  18. හෙහ්! පැණි බූන්දි ඈ! හික්..හික්..

    ReplyDelete
  19. රොකට් එකයි මස්කට් කෑල්ලයි... වෙන මොනවද ඉතිං....
    (රොකට් ඉන්ධන = පිරිසිදු ගංජා/කංසා -ටියුබ්ලයිට් කාරයින්ට දැන ගැනීම සඳහා)

    ReplyDelete
  20. පෙරලියක් කරපු ගායකයෙක් තමයි....
    හිර වෙන්න දෙකක් ඇද ගත්තනම් මස්කට්, පැනි බූනිදි වානා....හික් හික්

    ReplyDelete
  21. මම මේ කම්පනා කරන්නේ පැණිරස ගැන කතා කරනවද ගුණේ අයියා ගැන කතා කරනවද එහෙමත් නැත්තම් ප.ලි කොටස ගැන කතා කරනවද කියලා :D

    ReplyDelete
  22. බොරු කියන්න එපා මාතලන්..මේ කාමරේ කොහෙද ආරියරත්නල, ආචාර්යවරු මහාචාර්යවරු සහ ප්‍රබුද්ධයො උන්නෙ?

    නිහාල් නෙල්සන් කියන්නෙ ජෝතිපාල, මිල්ටන් වගේම ජීවත්වෙලා ඉන්දැද්දි නිසි ගෞරවයක් නොලැබෙන උතුම් ගායකයෙක්..!

    ReplyDelete
  23. @ ඉන්දික.... “ජීවත් වෙලා ඉන්දැද්දි“ කිව්වේ නිහාල් නෙල්සන් මැරිල ද ?

    තාමත් බොහෝ උත්සව සාද අවසන් වෙන්නේ නිහාල් නෙල්සන්, ඇන්ටන් ජෝන්ස් වගේම වොලී බැස්ටියන් වාගේ ගයකයින්ගේ ගීත වලින් තමයි...

    ජය !!!

    ReplyDelete
  24. අපෝ පනපිටන් ඉන්න මිනිස්සු මරන්න එපා බස්සෝ :D

    ඒ මනුස්සයා යහතිං ඉන්නවා තාම.. එත් ලෙඩ ගානේ.. දැන් දැක්කාම අදුර ගන්නත් අමාරුයි.. මං මේ මූනට මූන දැක්කා ටිවි එකේ :D

    අබේ අයියා.. ස්තුතියි මේක බාගන්න දැම්මාට.. :D

    ReplyDelete
  25. ප.ලි. : බ්ලොග් එකේ හිට් අඩුවෙනවා වගේනම් පාල මාමගේ කතන්දරයක් දාන්න.... අත්දුටුවයි සත්තයි.

    මාත් රීඩර් කෑල්ලෙ ටොපිකය දැක්ක ගමන් ආව...සිරා කතාව

    ReplyDelete
  26. නිහාල් නෙල්සන් ගැන මට පලවෙනි වතාවට පුදුම හිතුනේ රිසර්ච් එකකට යාපනේ ගියාම. යුද්ධෙ ඉවරවුනා විතරයි වගේ. අපිට නවතින්න ලැබුනේ යාපනේ ගෙවල්වල. පුදුමේ කියන්නේ දකුණේ සිංහල ගායකයෝ කවුරුත් දන්නේ නැති යාපනේ මිනිස්සු නිහාල් නෙල්සන්ගේ කැසට් පීස් පතුරු ගහනවා. ඒක තමා නිහාල් නෙල්සන්ගේ හැකියාව. පපර් බෑන්ඩ් වලිනුත් වදින පපරවල දෙමල සින්දු වලට අමතරව තිබුනේ නිහාල් නෙල්සන්ගේ සින්දු..

    ReplyDelete
  27. @ ඉන්දික උපශාන්ත..

    ලොක්කො උඹ එහෙනම් ආචාර්යවරු මහාචාර්යවරු ගැන දන්නෙම නෑ වගේ.... උන් විතරක් නෙමෙයි රටේ නම ගිය ඇත්තෝ හඳට යන හැටි බලන්න.. වසන්ත සමයට නුවර-එළියේ හිල් ක්ලබ් එකට වරෙන්....

    ReplyDelete
  28. ane abi aiye cmnt eke danda tharam welawak na...sorry wewa...:)

    ReplyDelete
  29. නියමය් අභීත.....

    ReplyDelete
  30. ඇත්තටම මොකක්ද අභීත අයියේ "මස්කට් පැණි බූන්දි තියෙනවා මේ කාමරේ" කියන එකේ තේරුම.

    ReplyDelete
  31. මස්කට් පැණි බූන්දි Thiyan inne Ganja gahana nisai

    ReplyDelete
  32. මෙච්චර අහල තියෙනවා මස්කට් ටෝල්ක් එක ඔලුවට ආවෙම නෑ නොවැ... හික් හික්....

    ReplyDelete
  33. අබිත අයියා සුවර් එකට මේක නම් ලියලා තියෙන්නේ මස්කට් තොලගාලා තමා....

    ඇත්තට මේ වගේ සිංදු හෙන අඩුයිනෙව....

    ReplyDelete
  34. මාතලන්,

    මං කිව්වෙ ලොක්ක අන්කල් ජොන්සන්ගෙ සින්දුව ගැන.ඒකෙ ගුණේගෙ කාමරේ ඉන්න උන් නෑ.

    ඔය ලොක්කො සොක්කො කවුරුත් ඉතින් තරුණ කාලෙ පහු කරලනෙ ඔතන්ට ඇවිත් ඉන්නෙ. ඉතින් හීනියට හරි මලක් ඇදල නැතුවයැ!

    ReplyDelete
  35. මචං . . . මේ සින්දුවෙ කියන ජොයින්ට් එක (ගුනේ අයියගෙ කාමරේ) බුරු පොලක් නෙමේ . . . . බුරු පිටිය ගැන තියෙන්නෙ වෙනමම සින්දුවක් (පනස් දෙකේ කොළ කූට්ටම ජෙමාගේ වත්තේ).
    මේ කියන ජොයින්ට් එක බජවුවක් දාන ගමන් වෙන ආතල් එකක් දාන තැනක්. "පච්ච සිරාලා . . එතකොට කොච්චි අලා ලා . . . ගුස්පි රොබාලා . . . එයි මෙහෙ සොමිය සොයලා . . ."
    එතැනින්ම හිතාගනින් තැන මොකද්ද කියල. කොටුවෙ මාළු කඩේ එක කාමරයක් තිබුණා ඔය වගේ . . . ඒ කාමරේ අයිතිකාරයා තමයි නැසීගිය ගයක එච්. ආර්. ජෝතිපාල මහතා. එතනත් ඔය සින්දුවෙ කියනවා වගේම තැනක්.
    ඔය ශයිලියේම සින්දුවක් තියනවා "බයිලා සැන්ටි"ගෙ

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...