පොඩි කාලේ ගුටි නොකා ලොකු මහත් වෙච්ච උදවිය ඉන්නවානම් ඒ අතලොස්සයි... මදි නොකියන්න ගුටි කාලා තියෙන උන් අත උස්සන්න කිව්වොත් මටත් සිද්ද වෙන්නෙ අත උස්සගෙනම ඉන්න. අප්පච්චිගේ අමතක නොවෙන ගුටි, අම්මාගේ ස්වීට් ගුටි, අක්කලාගේ ඇන ගුටි, ගුරුවරුන්ගේ ආතල් ගුටි වගේම කොල්ලන්ගේ ජල ගුටි සහ ගැන්සි පිටින් කාපු අමර ගුටිත් මම අනන්තවත් කාලා තියෙනවා.... ජල ගුටි සහ අමර ගුටි නම් ගහලත් තියෙනවා..
අද කියන්න යන්නේ හැමදාම ස්වීට් ගුටි කන අම්මගෙන් කාපු අමතක නොවෙන ගුටි කිහිපයක් ගැන.. කියවන අයටත් මතක් වෙයි තම තමන්ගේ කන් අඩි, පොඩි කාලෙදි රත් වෙච්ච හැටියි කරපු තක්කඩි කම් ටිකයි.. හරි පළවෙනි කතාව මෙන්න....
අපේ අම්මා ඉගැන්නුවේ මම ඉගෙන ගත්ත පාසලේමයි.... ඉතින් කරන්න ඕන මගඩි අම්මට හොරෙන් කරලා සර්ලාගෙන් කාලා ඊට පස්සේ අම්මාගෙනුත් කාලා ගෙදර ඇවිත් මදි නොකියන්න අප්පච්චිගෙනුත් කනවා.. මම මේ කල්පනා කලේ පොඩි කාලේ වැඩියෙන්ම කෑවේ ගුටිද බත්ද කියලා.. බත් කෙසේ වෙතත් පොඩි කාලේ ඉඳන් පිළිවෙලකට කාපු එකම දේ තමයි ගුටි කියන්නේ..... ඉස්සෙල්ලාම අම්මගෙන් ගුටියක් මතක හිටින්න කෑවේ මෙන්න මේ වෙලාවෙ...
අපේ ගමට තිබ්බේ එක බස් එකයි... ඒක නැති දවසට මරු ආතල්... ගමෙන් නගරයේ පාසැල් වලට ගියේ අතලොස්සයි... මම හිතන්නේ දහ දෙනෙකුට වඩා නෑ... ඉතින් මේ එකම එක බස් එක නැති දවස්වලට මේ ඔක්කොම දෙනා ගස් වලට පොලු ගගහා තිරගම බේකරියෙන් රසම රස පාං කෑලි අරගෙන යනවා අර තිරගම මහා විද්‍යාලේ ගාවට... එතනින් තියෙනවා 7.15ට බස් එකක්... අපි හිතා මතාම 7.15 පන්නලා තමයි යන්නේ... ඊට පස්සේ ඒ පාරෙ බස් එකක් යන්නෙ 8ට.. ඒකෙ ගිහින් ඉස්කෝලෙ ගිහින් හරි යනවද? ආයෙත් ගස් වලට පොලු ගගහා පාං කෑලි කකා ගෙදර එනවා... එදාට ඉතින් තෛපොංගල් තමයි.... කට්ටිය ගමේ ඉස්කෝලෙ පිට්ටනියට ගිහින් උන්ට පේන්න සෙල්ලම් කරනවා... අරුන් හූල්ල හූල්ල බලාගෙන ඉන්නවා.... ඒ ඉස්කෝලේ විදුහල්පතිතුමාගේ ලමයත් අපිත් එක්ක ඉන්න නිසා ඒ ගුරුවරුත් මොකුත් කියන්නෙ නෑ.... ඉතින් ඔහොම දවස් ගෙවීගෙන යනකොට එක දවසක් අපේ ඉස්කෝල බස් එක මගදි කැඩුනා.... ප්‍රධාන පාරට මීටර් සීයයි තිබ්බේ... අම්ම එදා නිවාඩු දාලා හිටපු නිසා පාසැල් යෑම පිළිබඳ කිසිම ගැටළුවක් තිබ්බේ නෑ... කොල්ලො කෙල්ලෝ ටික මීටර් 100ක් ගිහින් බස් එකක නැගලා ඉස්කෝලෙ නොයා කිලෝ මීටර් 4ක් ආපහු පයින් ආවා බස් එක මගදි කැඩුනා කියාගෙන.... ගෙදර ඇවිත් ඔය ඔක්කොම විස්තර කියලා බස් එක කැඩුනු තැන කියද්දි කණ පුපුරන්න අම්මගෙන් වැදිච්ච පාර මට තවම මතකයි....
10 වසර 11 වසර කියන අවුරුදු දෙකේදිම මට ඉස්කෝලෙදිත් ගෙදරදිත් සමාජ අධ්‍යයනය ඉගැන්නුවේ මගේ අම්මා.. කට් කරන්නේ නැතුව ඉගෙන ගන්න වෙන එකම පීරියඩ් එක (මොකද අම්මා දන්නවනේ ගෙදරින් ආවා...ඒත් පන්තියේ නෑ කියලා) සමාජ අධ්‍යයනය නිසා ඒ විශයයට මම පන්තියේ ඉස්සරහින්ම හිටියා... දෙයියනේ කියලා ලකුනුත් වැඩි වුනා...
වර්තමානයේ අපේ පන්තියේ හිටපු අයගෙන් දැන් හොදම ජීවිතයක් ගත කරනා කිහිප දෙනාගෙන් කරුණාසිංහයා ඉදිරියෙන් ඉන්න පොරක්... ඌ ඒ කාලේ පන්තියේ මෙලෝම වැඩක් කලේ නෑ... ෆුල් ෆන් එකේ සින්දුවක් කියාගෙන පන්තියේ මුල්ලකට වෙලා කොපි පාරක් ගහගෙන ගෙදර වැඩ ගොඩ දාගෙන හිටපු කොල්ලෙක්.. සමාජ අධ්‍යයනයත් එක්ක එන සිතියම් අධ්‍යයනය කොටසට මූ කොච්චර ආසද කියනවනම් සිතියම් අධ්‍යයනය පොත දිහා මූ බලන්නෙවත් නෑ.. ඉතින් මම තමයි පොරට සිතියම් ඇදලා දෙන්නේ..... සිතියමත් ඇදලා ඒවට හරිත් දාලා අම්මගේ කෙටි අත්සනත් ගහලම උට දෙනවා..... මොකද නැත්නම් අම්මා උනත් කරදර වෙන්න ඕනනෙ වැඩිපුර පොතක් බලන්න... අනික උගෙ පොතෙයි මගෙ පොතෙයි තියෙන්නෙ එකම දේ... ඒ නිසා මමම හරි දාලා අත්සන් කරලම දුන්නා... ඔහොම ඉද්දි එක දවසක අම්මයි කරුණාසිංහයි අතරේ යනවා මෙහෙම දෙබසක්.....
කරුණාසිංහ තමුසේ සිතියම පෙන්නුවාද?
ඔව් මැඩම් ඇයි කළින්ම පෙන්නුවේ....
බොරු කියන්න එපා.... මට මතක නෑ තමුසෙ පෙන්නුවා... දැන් සිතියම් කීයක් ඇදලා ඉවරද?
ඔක්කොම ඇදලා ඉවරයි මැඩම්... අන්තිම එක තමයි අද මැඩම්ට පෙන්නුවේ... (මූ ඇත්ත වගේ කියනවා දැන්..)
අහ්.. එහෙමද? නෑ.. එක්කොත් ගේනවා බලන්න පොත.....
පෙන්නුවා කියලා අවුලක් නෑ.. කවදාවත් මම ගහපු අත්සන් අම්මට මාට්ටු වෙලා නෑ.. මේකත් මෙහෙමම යයි කියලා හිතාගෙන මමත් චූන් එකෙ ඉන්නවා... මොකද ඒ අත්සන ගහපු වෙන අයගෙ පොතුත් අම්මා බලලා යවලා තියෙනවා... පොත බලලා අම්මා කරුණාසිංහට මෙහෙම කිව්වා...
තමුසේ මෙලෝ වැඩක් නොකර හිටියට හොඳයිනේ... හා හා යනවා...
දැන් මටත් ෆිට්.. උටත් ෆිට්... පන්තියේ අනිත් උන්ටත් ෆිට්... කොල්ලා පොතත් අරගෙන තමංගෙ මේසේ ගාවට එන්න ගියාට පොඩි දුරයි එන්න උනේ.... ආයෙත් අම්මා කතා කලා....
කරුණාසිංහ.. මෙහෙ එනවා.. ඔය පොතත් අරන්... තමුසෙට බෑ මාව තම්බන්න.....
මෙන්න මෙතන ඉදන් තමයි මේ කතාවේ විසිල් හා බල්ටි තියෙන්නේ.... පොත ආයෙත් බලන ගමන් අම්මා මෙහෙම අහනවා...
කරුණාසිංහ කවුද කියනවා මේවා බලලා හරි දැම්මේ..
ඇයි මැඩම්, මැඩම්මනේ බැලුවේ...
තමුසේ මාව තම්බන්න හදන්න එපා මනුස්සයෝ.... කියනවා කවුද මේ හරි දැම්මේ....?
මූත් අරින්නේ නෑ....
ඇයි මැඩම්, මැඩම්මනේ දැන් ටිකකට කලින් දැම්මේ...
චට් ට් ට් ටාස්ස්ස්ස්.......... අන්න පළවෙනි වෙඩි මුරය පත්තු උනා... දැන්නම් අපිත් ටිකක් බියෙන් සලිත උනා.. මොක්ද අම්මාට කේන්ති යන්නෙ නෑ.. කේන්ති ගියා කියන්නේ නම් අඹ සරණයි ඉතින්.. ඒත් අරු කියන්නේ නෑ කියලා දන්න නිසා අවුලක් නැහැ...
ඇත්ත කියනවා..... කවුද මේ හරි දැම්මේ...?
කරුණාසිංහ නිහඩයි.....
කරුණාසිංහ.. තමුසෙ කට වහගෙන හිටියට මම දන්නවා මේ හරි දැම්මේ මම නෙමේ කියලා... මම හරි දාන්නේ දකුණු පැත්තට.... ඒත් මේ හරි තියෙන්නෙ වම් පැත්තට..... කවුද මේක කරපු වමත් කාරයා.... කියනවා තමුසෙව ප්‍රින්සිපල් ගාවට එක්ක යන්න කලින්...
කොහොමද තර්කෙ... ඔන්න මට හීන් දාඩිය දාන්න පටන් ගත්තා....මාව අහුවෙන අවස්ථාව අත ලඟ වගේ.... සැනසිල්ලකට තියෙන්නෙ කරුණාසිංහ නිහඩයි...
දෙවෙනි වෙඩි මුරයත් පන්තිය දෙවනත් කරමින් කරුණසිංහයාගෙ කණ මතටම පතිත උනා.... ස්වරය යක්ශයා ආරූඪ උනා.... ඒත් අරූ නෙවෙයි කටක් ඇරියේ... අන්තිමේ මමම නැගිටලා කිව්වා මමමයි ඒ වැඩේ කලේ... අම්මා රතු වුනා.... එදා මෙදා තුර මම අම්මගෙ දැක්ක භයානකම මුහුණ දැක්කේ එදා.. පන්ති නායකයා ගොඩයා.. අම්මා ගොඩයාට කතා කලේ අම්ම දන්න නපුරුම විදිහට....
ගොඩමුන්න... මෙන්ඩිස් සර්ගෙ කාමරෙන් මහත වේවැල ගේනවා ගිහින්... විනාඩියකට වඩා පරක්කු උනොත් තමුසෙටත් දෙනවා ඒ වේවැලෙන්ම....
ගොඩයා පිටත් වෙද්දි අම්මා මගේ ලඟට ආවා... පන්තිය මීයට පිම්බා වගේ... කොල්ලො මොන ලොකු ටෝක් දුන්නත් මේ වගේ වෙලාවට භයේ ගැහෙනවා...
චට්ටාස්ස්ස්.... චට්ටාස්ස්.... පට්ටාස්...... මෙන්න බොලේ මල්ටි බැරල්.... අම්මගේ අල්ල මගේ කම්මුල් සිසාර එහෙට මෙහෙට යනවා..... අරූ වේවැල ගේද්දිම බෙල් එක වැදුන නිසා ඒකෙන් ශේප්... ඒ ගුටිය අදට මට හොදටම මතකයි... අම්මා ගෙදර ඇවිත් සිද්ධිය කීවට පස්සේ අප්පච්චිගෙන් කාපුවා මට ඊටත් වඩා මතකයි....
දැනටත් ඒ සිද්ධිය මතක් කලාම අම්මට තරහා යනවා.... ඒක මතක් උනහම අම්මා මට මෙහෙම කියනවා.....
ගොඩමුන්න පුතා පීරියඩ් එක ඉවර වෙන්න කලින් වේවැල ගෙනාවනම් උඹ තවමත් මගෙන් කනවා...
ප.ලි. එහෙනම් ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා..... අපි ගමේ ගිහින් ආයෙ එන්නේ සදුදා....
පින්තූරේ ගත්තෙ මෙතනින්...
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
සුභ උලුත් අවුරුද්දක් වේවා අභීත අයියා
ReplyDeleteසුභ උලුත් අවුරුද්දක් වේවා
ReplyDeleteඇයි අප්පා ලමයින්ට තමුසෙ කියල කතාකරන්නෙ :( පුතා කියල කතා කරානම් කොච්චර දඩබ්බර ලමයෙක් වුනත් මෙල්ල වෙනවලු.
ReplyDeleteඅය්යටත් සුභ අළුත් අවුරුද්දක් වේවා!
තෝ හමගහලා මදි..!! :P
ReplyDeleteසුභ උලුත් අවුරුද්දක් වේවා අභීඅයියේ :D :D
හිකිස්....... බලාගෙන ගිහාම මම හිතං හිටියේ ඔය ජාතියෙ එහෙකුට ඉන්නේ මං විතරයි කියලා, ඒ කියන්නේ ලොවම එකයි, අම්මල දෙන්නම සමාජ අධ්‍යනෙමයි (අපේ භූගෝලෙ පොඩි වෙනසයි) එක පන්ති වලමයි එක ගුටිමයි. නියමයි අභීත අයියා.....
ReplyDeleteඑහෙනං අපි දෙන්නටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....
උඹලා ඔක්කෝටමත් සුභ අළුත් අවුරැද්දක් වේවා....
ReplyDeleteමගේ අම්මා මට කවදාකවත් ගහලා නෑ . තාත්තා ගෙන ගුටියක් කන්න වාසනාව මට තිබුනෙත් නෑ . මම ගුටි කෑවේ ඉස්කෝලෙනුයි වටේ පිටේ තව ඔය තැනකින් දෙකකිනුයි විතරයි ...ආ එක පාරක් පොලීසියෙන් .
ReplyDeleteඑහෙනම් අවුරුද්ද කාලා එන්ඩ ආභීත අයියේ !
සුබ අලුත් අවුරුද්දක් වේවා !!
ඈ....හ්!
ReplyDeleteයකෝ ඒ කාලේ ඉදන්ම අන්ඩපාලයා නේද ?. අභේපාල නැතිව අන්ඩපාල කියලා දාමු ....................:D අයියටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.
ReplyDeleteරතිඥ්ඥා හඬ ගිඟුම් දෙන සුභ අලුත් අවුරැද්දක් වේවා..
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා
ReplyDeleteහික් හික්!! අපරාදෙ තව ටිකක් කන්න තිබුනෙ
ReplyDeleteසුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සහෝ!!!
අප්පේ මටත් නම් අපේ අම්මා ගහලම නැ.... මගේ අම්මෝ වේවැලකින් ඔහෝම කන්න...අනේ අම්මේ..
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ..
තව ගුටි කන්න තිබ්බේ අපරාදේ හික්ස්
ReplyDeleteසියළුදෙනාටම සුබ අළුත් අවුරුද්දක් වේවා...!
සුබ අලුත් අවුරුද්දක් වේවා !
ReplyDeleteඑච්චර ගහලත් මට මුව හදාගන්න බැරි වුණානේ?
ReplyDelete-අම්මා
ප/ලි
තාමත් යාළුවන්ට උදව් කරන්න ගිහින් ගුටි කනවා.
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...
ReplyDeleteමේක මගේ මුල්ම කොමෙන්ට් එක...
අඩෝ එතකොට උඹලද බස් එකට නගින්න අපේ ඉස්කෝලෙ ගාවට ආපු සෙට් එක . . . .??? ඔය 7.15 බස් එක පාරට දාපු හේතුව දන්නවද ??? මගෙ ලොකු මාමා තමයි ඒ දවස් වල කුරුනෑගල උතුරෙ දාවන කලමනාකරු (ඔබ්සර්වර් අයියගෙ හොඳ ෆිට් එකක්). . . පොරට ට්‍රාන්ස්පෝට් දීල තිබුනෙ ජීප් එකක්, ඒක නැති දාට බ්‍රේක් ඩවුන් එක. බස් එකක් ගෙන්න ගත්තෙ ඔය ජීප් එකයි බ්‍රේක් ඩවුන් එකයි වෙනුවට මාමගෙ දුවල දෙන්න (මම කතාවක් දාල තිබුනෙ "වතී" කියල . . . ඒ තමයි පොඩි දුව) මලියදේව ආදර්ශෙට යනකොට ඒදෙන්නයි අනිත් කුරුනෑගල ඉස්කෝලෙ යන ලමයිංවයි ගෙනියන්න. මාම විශ්‍රාම යනකන් ඔය බස් එක තිබුන මම දන්න විදියට.
ReplyDeleteඅනේ අනේ මෙහෙමත් ළමයි.......... මේ අම්මලගේ අත්සන් පුතාලට හොඳටම හුරුයි වගේ. අපේ අයියගේ අර මොකක්ද පොතෙත් 10ට 12ට ගෙදර ආපුවා හෝගාලා. අම්මා අත්සනුත් කරලා. හැබැයි අම්මා නෙමෙයි. දැනටත් සමහර වෙලාවට අම්මට හොයා ගන්න බැ අම්මද අත්සන් කලේ අයියද කියලා...........
ReplyDeleteඅයියටයි පවුලේ හැමෝටමයි සුභ අළුත් අවුරුද්දක් වේවා.......!!!!!
එල එල.... ඔය කියලා තියන ගුටි ජාති වලින් එක එක හරි මමත් කාලා තියනවා. හැබැයි තාත්තාගෙන් ඇරෙන්න. තාත්තා වැඩි කාලයක් හිටියේ පිටරටනේ. නිවාඩුවට ආවහම වැඩිය සද්ද දාන්නේ නෑ. අනික අපිත් ඒ මාසේ බොහොම පරිස්සමට ඉන්න මාර ගේමක් දෙනවා. වැඩි කාලයක් නෙවෙයිනේ මාසෙනෙ.... හැබැයි තාත්තාට අහු වුනා නම් අනිවා මාව හම ගහනවා. ෂුවර් එකටම ඔය ගොඩයා ගැන තමයි ඉස්සර පාදෙනිය මැඩම් මගෙන් නිතරම අහන්නේ නෑදෑයෝද කියලා. හැබැයි පොර ගොඩමුන්න, මම ගොඩමුණේ. දෙන්නම ගොඩොයෝ.......
ReplyDeleteසුභම සුභ නව වසරක් වේවා අභීත අයියා !!!
අපරාදෙ වේවැල ටිකක් කික්මනට ගේන්න තිබුනනෙ ;) සුභ අලුත් අවුරුද්දක් වේවා සහෝ...!!!
ReplyDeleteසුභ අළුත් අවුරැද්දක් වේවා...........
ReplyDeleteඇඬෙනවාය.................
ReplyDeleteසුභම සුභ අලුත් අවුරුද්දක් වේවා......
http://aluthkolla.blogspot.com
සුභ අළුත් අවුරුද්දක් වේවා අභීතයියේ !
ReplyDeleteලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ReplyDeleteලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම
දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!
-කතන්දරකාරයා
හී හී
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා !! :)
සුබ අලුත් අවුරුද්දක් වේවා !!
ReplyDeleteහී... හී.. අයියණ්ඩි පොඩි කාලේ බත් නොකා ගුටි කාපු නිසා වෙන්න ඔනි ඔය සයිස් එකට ඉන්නේ... අපේ අප්පුච්චාත් ඉගැන්නුවේ සමාජ අධ්‍යයනය මාත් වැඩිම ලකුණු ඒකට තමා.. සමාජ අධ්‍යයනය ගුරුවරු සැරයි හප්පා.... හී. හී..
ReplyDelete අයියණ්ඩිටත් පවුලේ හැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා
ගුරුවරු ළමයින්ට කම්මුලට කනට ගහන එකට නම් මම තදබල විරුද්ධයි . .
ReplyDeleteකමක් නෑ උඹේ අම්මා උඹට නේ ගැහුවේ .. ඒක නිසා අවුලක් නෑ . .
ඒත් අර කොල්ලා පව් . .
මම නම් තාත්තගෙන් එක ගුටියක් වත් නොකාපු එකෙක්. කාපු තරමක් කෑවේ අම්මගෙනුයි අක්කගෙනුයි තමයි ඉතිං . .
සුභම සූභ අලුත් අවුරුද්දක් වේවා
ReplyDeleteෙම් කථාවක් ටිකක් විතර ඔය කථාවට සමානයි. මෙකෙ කථානායකයා මෙගේ ඉස්කොලෙ යෙලුවෙක්. අපි ඒ කාලෙ හොරෙන් ඉස්කොලෙන් ෙව්ලාසනින් පනින කාෙල. හැබැයි අපි ඒ පැන්නෙත් හරිම සාධාරණ විදිහට ෙග්ට්ටුවෙන්, හැබැයි ටීචර්ෙග හෙර අත්සන් ගහලා. කොහොම හරි මෙග් යායෙලුවත් ඉස්කොලෙන් පැන්නා හෙර අත්සන් ගහලා. ඊට පහුෙවනිදා මිනිහා ඉස්කොලෙත් අාවා. ටීචර් උදේ පංතියට අැවිත් අපි හෙැෙමා්ගෙම වාර්ථා ොත් ෙචක් කරා.
අරෑ මාට්ටු. සික්කා ෙග්ම දීලා. අරැෙග වාර්ථා ෙපාෙත් ෙව්ලාසනින් ෙගදර යන්න අවසර දීලා ගහපු ෙහාර අත්සන ටීචර් දැකලා ෙමෙහම කිව්ෙව නැතෑ
පුතා ෙම් අත්සන නම් මෙෙග් ඒත් ෙම් පෑන නම් මොග් ෙනෙෙම ෙමකද මම නිල් පැන් පාවිච්චි කරන්නැ පුතා,,,,,,,,,
බලාෙගන ගියාම මු අත්සන ගහල තිෙයන්ෙන නිල් පැනකින්
ලැජ්ජාෙව බෑ........
අඩේ මම ඔයා තරම්නම් කාලා නෑ.:D.මතක හිටින කෑමක් අන්තිමට කෑවේ ඕ ලෙවල් කාලේ.
ReplyDeleteසුනාමි ඇවිල්ලා මාස තුන හතරකට පස්සේ අර කෝච්චි යන්නෙ නැතුව තියෙලා මුලින්ම දුවන්න ගත්ත කාලේ.මම එදා ගෙදරට නොකියා සුනාමි කේස් එක බලන්න හොරෙන් කෝච්චියේ ගාලු ගියා ඉස්කෝලෙ යාලුවෝ තුන හතර දෙනෙක් එක්ක.
ඇවිල්ලා මහන්සියට නින්දගියා.තාත්තට කලිසමේ සාක්කුවේ තිබිලා කෝච්චි ටිකට් මාට්‍ටු .එදා ස්කෝලෙ නොගිහින් තමයි ගාලු ගියේ. එදානම් බන්ඩි ෆුල් වෙන්නම කෑවා.
අහ් අහන්න බැරි උනා
ReplyDeleteඋඩ පින්තූරේ උඹේ අම්මා නම් දැක්කා.
උඹ ඉන්නෙ කොයි රෝ එකේද?? කීවෙනියටද??
අපිටත් ඔය මැඩම්ම තම ඉගැන්නුවෙ,පන්තියේ හිටිය දවස් වලට වඩා නොහීටිය දවස් වැඩී (board meeting,scouting,band,etc) ඒකලෙත් editing copy paste වලට දක්ෂ නිසා ගුටි නොකා බේරුනා(මාසෙකට සැරයක් අපේ notebook බලනවා).කොහොම හරි අන්තිම මාසෙ ගේමට බැහැල සබ්ජෙට් 10ටම Aඅකුරු ටික දාගත්තා.
ReplyDeleteඋමෙ විතරක් නෙමෙයි බං...
ReplyDeleteඔය ජාතියෙම මවු වරු.....
අපිට ගැහුවට එයාලට පස්සෙ දුක හිතෙනව....
ඔය උබ කරපු වගෙ වැඩවලටනම් දුක හිතෙන්න නැතුව ඇති...
ජය...
මට එහෙම ගහන්න ආවොත් කුක්කු බෝතලෙන් ගහල රිටර්න් එක දෙනවා ! මාත් ලේසියෙන් අරින්නෙ නෑ !
ReplyDeleteඅයියෝ අයියා මෙක දැක්කෙ දැන්නෙ ........ මමත් ඉතින් අපේ අම්මගෙයි තාත්තගෙයි හොර අත්සන් ගහන්න ඉගෙන ගත්තා මොකද හදිස්සියකට "කම්ස් ඉන් හැන්ඩි"..... ඉස්කෝලෙදි ඇබ්සන්ට් ලෙටර් මමම ලියා ගන්නව පව් නෙ අම්මලට වද දෙන එක.
ReplyDeleteඅයියටත් පවුලේ සියළු දෙනාටත් සුභ ඇලුත් අවුරුද්දක් වේවා!
සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ. මම නම් අම්මගෙ අත්සන ගහන්න පුරුදු වෙලා හිටියෙ ගුරු දෙගුරු සම්බන්ධතා පොතේ ඉස්කෝලෙ ආවෙ නැති ඒවට හොර අත්සන් දාගන්න. ඉස්කෝලෙ එන්න කලින් ඕවා මතක් වෙන්නෙ කාටද. ආවට පස්සෙ තමා මතක් වෙන්නෙ.
ReplyDeleteඅලේ මාමේ දැන්නේ දැක්කේ...
ReplyDeleteපොඩි කාලෙ ඉඳලා පිළිවෙලකට කෑව එකම දේ ගුටි! :D
ReplyDeleteඑසේ මෙසේ අණ්ඩපාල කෙනෙක් නෙවෙයි වගේ.
අය්යෙ,
ReplyDeleteඉස්සර මමයි මගෙ හොදම යලුවා ..ශානියි ඔයාගෙ අම්මගෙන් සමාජ අධ්‍යයනය අහගන්න එනවා..බස් එකේ..
ඔයාලගෙ පාරෙ එ දවස්වල හරියට වලවල් තිබ්බා.. ඉතින් ..ශානිගෙයි මගෙයි ප්‍රියතම දේ තමා, බස් එක වලවල් වලට වෑටෙද්දි වෑටෙන්න යන මගීන්ට හිනා වෙන එක..(ඒ කාලෙ අපිට ඔනෙම දේකට හිනා වෙන්න පුලුවන් වයසක නෙ හිටියෙ..)
ඔයාගේ POST එක ලස්සනයි.. ගොඩක් දේවල් මතකෙට ආවා..
දිගටම ලියන්න..සුබ පෑතුම්!!!
උත්පලා..