Sunday, April 10, 2011

සයිබර් සිහින උළෙලේ පසු විපරමක්...... හපොයි අම්මේ එහෙම දවසක්.....

එදා දවස තමයි දවස..... හික්.. මට තවම හිනා... ඔන්න ආයෙත් හිනා යනවා.... ඔන්න අදත් ලිපිය ලියන්නට කලින් කියන්නේ.. කාටවත් ලින්ක්ස් දාන්නේ නෑ මම... එහෙම උනොත් මට වෙන වැඩක් කර ගන්න වෙන්නෙම නෑ.... මම මේ ගැන ලියන්නේම නෑ කියලා හිතාගෙන හිටියේ.. මොකද ගොඩාක් දෙනා මේ ගැන ලියපු නිසා මට ලියන්න දෙයක් ඉතුරු වෙලා නෑ කියලයි මට සිතුනේ.... ඒත් දුකා අයියගේ සයිබර් සිහින උළෙල ගැන ලියැවුනු පෝස්ට් එකට තමන්ගෙ නම කියන්නවත් කොන්දක් නැති මිනිස්සු දාලා තිබුනු සමහර කමෙන්ට්ස් දැක්කම මට හිතුනා මමත් මොනව හරි ලිවිය යුතුයි කියලා... මේ පෝස්ට් එක ටිකක් දිග එකක් වෙයි... කම්මැලි නැතිව කියවන්න ඉතින්... 


ඉස්සෙල්ලාම ස්තූති කරන්න ඕන... මම දැකපු සිහිනය යථාර්තයක් කර ඔබ සැමට... පොලිස් අධිකාරී රණවීර මහතා සහ ආරාධිතයින් වූ ඉන්ද්‍රනාත් තේනුවරයන්ට, සනත් විජේවර්ධනයන්ට, චින්තක අබේරත්නයන්ට සහ හිමු ආරියවංශයන්ට ප්‍රධාන වශයෙන් ස්තූති වන්ත විය යුතුයි... ඒ වගේම අනුග්‍රාහකත්වයන් ලබාදුන්න රවි අයියා, අරුණි අක්කා ඇතුළු ඔබ සැමට ස්තූතියි...... තමන්ගේ වටිනා කාලය කැප කරපු සංවිධායක මණ්ඩලයටත්, වචනයකින් හෝ දිරි දුන්න නුඹටත්, විවේචන වලින් අපිව දිරිමත් කල නුඹටත්, අනේක වාරයක් ස්තුතියි... ඇවිත් පට්ට ආතල් ගත්ත පිස්සු කෙළපු හැමටමත් ඉතාම ස්තූතියි... මේ ස්තූතිය මගේ සිහිනයක් සැබෑ වීමක් නිසා නෙමෙයි.... මගේ වචන ටිකක් පියවරෙන් පියවර අපි හැමෝගෙම වැඩක් බවට පත් කරපු නිසාමයි ඔබට මේ ස්තූතිය.  නම් කියවූ නොකියවූ හැමටමත් ආයෙමත් පාරක් ස්තූතියි....



මඩ ටිකකුත් නොලිව්වොත් අඩුවක් නේ.. රංග ලොක්කා මට උගේ බ්ලොග් එකෙන් සෘජුව පහර දෙන නිසා මිනිහා ගැන මේ මාසේ අන්තිමට ඉතා ලස්සන පෝස්ට් එකක්ම දෙන්නම්.... වැපා ගැනත් අවුලක් නෑනේ... හොදම මඩ පාර දෙන්න වෙන්නේ අතීතයෙන් ගඟ ගලා බසී ලියන තුශාර රවීන්ද්‍ර මල්ලිට... තනිකඩයානේ ඉතින්.. ගොඩාක් බලාපොරොත්තු තියාගෙන තමයි උළෙලට ආවේ.... උදේම ඇවිත් පොඩි අහිංසක ඉල්ලීමක් කලා.. මෙහෙමයි කථාව...


අභීත අයියේ... අද මේ එන හැම ගෑණු ළමයෙක්වම මට බදාගෙන අදුරගන්න ඕන...


හරි මල්ලි.. ඉන්න මම කතා කරලා දෙන්න... කාවින්ධ්‍යා නංගී.. පොඩ්ඩක් එන්නකෝ... මේ නංගි රවා අයියා.. අතීතයෙන් ගඟ ගලා බසී ලියන්නේ... රවා.. මේ මචන් කාවින්ද්‍යා... සුදු හංසි කියලා බස් එකේ ඉන්නේ...


මෙන්න මේ පහල පිංතූරේ තියෙන්නේ රවා ඒ නංගිව බදාගෙන අදුර ගත්ත හැටි.....



මේ තවත් ඒ වගේම කථාවක්... අනන්තය ලියන අනුරාධ මලයා...භාරව හිටියේ කණා මුට්ටිය බිදීම සහ සයිබරයේ සිහින කුමරා, කුමරිය තේරීම... කණා මුට්ටිය කෙසේ වෙතත් කුමරා කුමරිය තේරීම නම් අනුරාධ ඉතා කැමැත්තෙන් භාර ගත්තා.. ඒකෙනුත් කුමරිය තේරීම... මූණුපොතේ පොටෝ එහෙම බලලා, හොඳම එක තමන් සතු කර ගැනීමේ කූඨ උපායක් ක්‍රියාත්මක කරත්, නානායක්කාර මිය පත් කිරීම සුපුරුදු පරිදි 2012 සයිබර් සිහින උළෙල දක්වා කල් ගියා.. මේකට ඉත සිතින් සහයෝගය දුන්න දිල්ශාරා නංගිගේ උත්සහයත් වතුරේ ගියා..... මඩ ඇති.... අනිත් මඩ ඔක්කොම වගේ දැන් දන්නවනේ කට්ටිය....

සයිබරය නම් වූ මඟුල් සක්වල....... අප්පා මෙහෙම සයිබරයෙන් ගොඩ යෑමක්.... සයිබර් කපල් ගමකට ඇවිත් හිටියා... පසන් ඉනෝශා, ජේඩී ශානිකා, පාසැල් කොට ජීවිතේ, පැතුම් දිල්ශාරා, ස්වප්නා අංජන, ඉශානි කුප්පයා, එදින නාවත් මේ දෙන්නා ගැනත් කියන්න ඕන.. කවුද මේ ..ලෝකයේ කොටම සයිබර් යුවල හසියා සහ හා පැටික්කි.... (හසියත් අයිය පාට් එක දාලා ගොඩ ගියා... ) ඉතින් මේ ඔක්කොම ඇවිත් සතුටු වෙලා අනිත් උන්ට පණිවිඩයක් දීලා ගියා කියලා තමයි මට හිතෙන්නේ.. එහෙම හිතුනෙත් වැප්නි සාන්ත මල්ලි කියපු කතාවකින්... යකෝ මුන් ඔක්කොම ගොඩ යන එකේ අපිත් ඉන්ටනෙට් එකෙන්වත් එකක් හොයා ගන්න ඕන... පව් නේද එයා... ඔන්න කෙල්ලනේ චෑන්ස් එක... 

අඩුපාඩුත් ගොඩාක් තිබ්බා.. ඒත් මට හිතෙන්නේ ඒක අවමයි.... මේ ගැන කතා කරද්දි දුකා අයියගේ පෝස්ට් එකක තිබ්බ කමෙන්ට් එකක් මම මෙතන දානවා.. මේකටත් උත්තරයක් දෙන්න ඕන....

මේ කමෙන්ට් දැක්කහම ඇත්තටම හිනා යනවා. ඔය සංවිධායක මල්ලිලාට කාලිංගගෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා කියන එක තමයි කියන්න පුළුවන්.

කාලිංග SBU ටී-ෂර්ට් එක ගහන්නෙත් මුලින් අතට සල්ලි අරගෙන. නැතුව දෙන්නම් කාසි වලට නෙවෙයි. මොකද එයා ඔය ගොල්ලන්ට වැඩිය හොඳින් දන්නවා බ්ලොගර්ස්ලා කියන උන්දෙලා ගැන. ඔය ගොල්ල නොදන්නවනම් ඉතින් කරන්න දෙයක් නෑ.

ලෝකෙ කොහේවත් මේ වගේ එකකට සල්ලි නොගෙන රෙජිස්ටර් කරලා ඒ තොරතුරු මත දේවල් ඔර්ගනයිස් කරන්නෙ නෑ. මොකද එනවයි කියන කෙනෙකුට පොල්ලක් තියන්න කිසිම බාධාවක් නෑ. අනෙක පළපුරුදු ඔර්ගනයිසර්ලා නම් දන්නවා යම් ගානක් ඔඩර් කරන ගමන්ම ඉතින් ටිකක් වැඩිපුර ගන්න ඕනැ වුණොත් නම්‍යශීලීතාවයක් තියා ගන්න හැටි. ඒව නොදන්නව නම් ඉතින් වැඩිපුර ඕඩර් කරළා ඇණ ගන්න තමයි වෙන්නේ. අත්දැකීම් වලින් ඉගෙන ගන්න මීට පස්සෙ හරියට කරන හැටි.

මීට පස්සෙ මේ වගේ දෙයක් කරන කොට ටිකට් ගහල විකුණලා, හැමෝටම කලින් ටිකට් අරං එන්න කියන්න. එතකොට කවුරු හරි නාවත් ඒක පාඩුවක් වෙන්නෙ නෑ. දැන් මෝඩ ප්‍රශ්නයක් අහන්න එපා දුර පළාත් වල ඉඳලා එන අය කොහොමද ටිකට් ගන්නෙ කියලා. ඒ සුළු පිරිසට විතරක් විශේෂයක් කරන්න පුළුවන්. නැත්නම් ෆැක්ස් මනි ඕඩර් එකක් යවන එක සිම්පල් දෙයක්. ඒත් නැත්නම් එකවුන්ට් එකකට දාන කියන්න පුළුවන්. මෙච්චර ක්‍රම තියෙද්දිත් ඒවා පාවිච්චි නොකර අඬ අඬා ඉන්න එපා.

මට මේක ගැන කියන්න තියෙන පළවෙනි දේ මේකයි..... අපි ඔක්කොම එකතු වෙලා කරපු දේ රුස්සන්නේ නැති කුප්ප කුජීත තිරිසන් හිතක් තියෙන කෙනෙක් අපි සහ කාලිංග සහෝදරයාව කොටවන්න ගන්න උත්සහය අපතේ ගියා කියන එක විතරයි... දෙවෙනි කාරණය අපි කතා කලේ කෑම ඉතුරු උන එක ගැන විතරයි.... මේ උත්සවයෙන් දිලුම්ගේ ගිණුමට රුපියල් 69000.00ක මුදලක් අපිට බැර කරන්න පුළුවන් උනා.. අපි හිතනවා එය ප්‍රමාණවත් කියලා.... ඒ නිසා අඩ අඬා ඉන්නවානම් ඉන්නේ, නම කියාගන්න කොන්ද පණ නැති ඊර්ශ්‍යාවෙන් හිත පුරව ගත්ත ඔබයි... අපිට ඔබ ගැන දුකයි.. එන්න.. අපිත් එක්ක එකතු වෙන්න.... අපිත් එක්ක එකතු වෙලා අපේ උන් ලඟ තියෙන හොඳ ගතිගුන විතරක් අරගෙන ජීවත් වෙන්න...

මේ ලිපියට කමෙන්ට් වැටෙන්නත් නොවැටෙන්නත් පුළුවන්... නමින් ලියන්න... කොන්ද පණ නැති ඇනෝනිමස් කමෙන්ට් දාන්න එපා.. අපි එකතු වෙලා කතා කරමු... අපේ ඊලඟ වැඩේටත් අත් වැල් බැඳ ගමු.... මොකද අපි ඔක්කොම අපිමයි... අපි අනුන් වෙන්න දැන් තියෙන ඉඩකඩ අඩුයි....

ගොඩාක් ලියපු නිසා අදට නවතිනවා... අවුරුදු සුභ පැතුම් එක්ක නැවත හමුවෙමු.... 

ප.ලි. මඩ පාර.... : සයිබර් සිහින උළෙල ගැන ඇනෝනිමස් ලිපියක් නොවැටෙන්න රට්ටු කියන්නේ මෙහෙම හේතුවක්.... ඇනෝනිමස් ආතල් ලියන දෙතුන් දෙනත් සංවිධායක මණ්ඩලේම ඉද්දි කොහොමද බන් ඇනෝනිමස් ලිපි වැටෙන්නේ.... 


පින්තූර : අපේම උන්ගේ මූනු පොත් වලින් හොරකම් කරණ ලදී....

41 comments:

  1. ලබන පාර ඇහැකිනම් අවුරුද්දට කලින් සති අන්තෙ කරන්ට බලන්ට... අපිටත් ඒ ගන්ඩ විදිහක් හදාගන්ට.......

    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  2. බුදුහාමුදුරුවන්ටත් දේවදත්තලා හිටියානේ අයියා ඒ වගේ තමා මෙහෙම කමෙන්ට් දාපු අයත් කාලෙකින් හොඳට විනෝද උන දවසක් තමා එදා

    ඔයාට ඔය වගේ හීන හැමදාම පෙනේවා අයියන්ඩී වෙසක් එකටත් මොනා හරි කොරන්න හොඳ හීනයක් පෙනේවා අද රෑට

    ReplyDelete
  3. එදා තමා දවස..... මොනවා උනත් හීනේ දැකපු එක්ට තැන්කූ අයියා... ආයෙත් මේ වගේ දවසක් එනකම් මඟ බලාන ඉන්නවා... වැපා ගේට් එකේ ඉදලාත් කාවවත් සෙට් කරන් නැද්ද හැබැට :P

    ReplyDelete
  4. දුකා අයියා කිව්වා වගේ කෑම ඉතුරු වීම ඇර වෙන අඩුපාඩුවක් වෙලා කියලා මම නම් හිතන්නේ නෑ අභීත.... මට සහභාගිවෙලා ඒ අක්දැකීම විඳගන්න බැරිවුණත්, දැකපු ෆොටෝස් වලින්, බ්ලොග් පෝස්ට් වලින් දැනුන දෙයක්... බ්ලොග් රචකයෙක් නොවුනත්. පාඨකයෙක් විදියට මමත් උඹලා කළ මේ වැඩේ වටිනාකම ගොඩාක් අගය කරනවා... මීළඟ උත්සවේ මෙයටත් වඩා හොඳික් කරන්න සුභපැතුම් සමගින් එයටවත් සහභාගී වෙන්න උත්සාහ කරනවා...

    ReplyDelete
  5. දෙයක් පළවෙනිපාරට කරනකොට සුළු සුළු අඩුපාඩු වෙන එක සාමාන්‍යයි. ඒ ඒ අතදෑකීම වලින් තමයි ආයෙමත් සැරයක් ඒ දේ වඩා සාර්ථකව කරන්න පුළුවන්. ඒ නිසා මම නම් කියන්නේ මේ දේවල් විවේචනය කරන අයත් ඉන්න ඕනේ. එතකොට තමයි ඊළඟ සැරේ වඩා හොදට සංවිධානය කරන්න පුළුවන් :)

    ReplyDelete
  6. මචෝ . . . . බයිල ගහන එවුංට ලේසියෙංම පදවැල් හොයාගන්න පුලුවං . . . .ඇයි දන්නවද ???? උන්ට ගත්ත ආතල් එකක් නැති නිසා මතක් කරකර හිනා වෙන්න දෙයක් නෑ . . . . අපි ගත්ත ආතල් දිහෑ බලල . . . අපේ ආතල් කුඩුකරන්න ඕනෙයි කියන ඊරිසියා පාර විතරයි උන්ට ඉතුරු වෙන්නෙ . . . . යකෝ . . . මුං හරියට කතාකරන්නෙ ඉතුරු උන බත් පැකට් ටිකෙං මුලු උත්සවේම කෙලවගත්ත වගේ නෙ ???? අනිත් වැඩ ඔක්කොම තිතට කෙරෙද්දි . . . . එකක් හරි අවුල් යන්න එපැයි . . . මම නං හිතන්නෙ ඔය වගේ වැඩක් කාටවත්ම 100%ක් හරියට කරන්න බෑ කියලයි . . .
    ඔය කන්ද නැති ඇනෝ ඇවිල්ල බනින එවුංට ඕනෙ කුදයක් ගහගන්න කොයල . . . . උඹ ගිහිං බුදියගනිං . . . . බලපං ආයෙත් ඔය වගේ මැක්සා හීනයක් . . . .

    ReplyDelete
  7. මම ඉස්සෙලාම අර රතු කොටසට යමක් කියන්නම්

    හරි එතකොට කියන්නේ 10ක් එනවා නම් කෑම 5ක් ගේන්න කියලද ?
    ________________________________________________
    වැපා කිව්ව කතාව හරි ( හැබැයි මට නම් තව අව්රුදු දෙකක් වත් ඉන්න වෙයි :D )

    අබී අයියාටත් සුබ අලුත් අව්රුද්දක් ප්‍රාර්තනා කරනවා

    ලගදී හීනයක් එහෙම පෙනුනේ නැද්ද :D

    ReplyDelete
  8. පැන්ඩගෙන් නම් උණුසුම් සුභ පැතුම්..හරිම සතුටුයි ,...අවසානය නිකං කාල බීල කතා කරල සතුටු වීමක් විතරක්ම නෙවෙ නෙ අපේ ඉලන්දාරිය වෙනුවෙන් කරපු දේ ගැන සතුටු වෙන්නත් අවස්ථාවක් ඔයාල දුන්න කට්ටියටම..

    ReplyDelete
  9. වැඩේ ගොඩ අයියා. ආයේ කථා කරන්න දෙයක් නෑ. නියමෙට ගියා.

    ReplyDelete
  10. මටත් එදා ඉන්න පුලුවන් වුනේ පැය දෙකක් විතර පොඩි කාලයක් වුනත් හිටපු කාලේ ඇතුලත මම නම් පුදුම සතුටක් ලැබුවා . . .

    හරිම සුන්දර අත්දැකීමක් අපි හැමදෙනාට ලබා දෙන්න ඉඩ සලස්වපු හැමදෙනාටම ගොඩක් පින් . . .

    ReplyDelete
  11. අයියෝ සල්ලි,(දෙවැනි පාරට ටයිප් කරන ලදී) මෙන්න මේකයි උනේ,

    එතෙන්ට සෙට් වෙන්න මට ටිකක් පරක්කු උනා, ආවේත් ෆට්ට නිදිමතේ එදා ඉස්සෙල්ල දවසෙ මැච් එක බලලා. එනකොටම සෝරො ගොයියට කතා කරා මම එනව කියන්න, එතන්ට ආවා විතරයි දැක්ක ෆට්ට කෙල්ලො සෙට් එකක් ඉන්නවා

    ඇත්තම කියනව නම් ආවෙත් ඒකටමනේ (හික්ෂ්) හොද වෙලාවට සෝරො ආවා ඉස්සරහට, ඌ වැපාව අදුන්වල දුන්නා, උන් බිසී හින්දා මමයි මගේ සගයයි ගියා ඇතුලට, කස්ටිය ෆුල් ෆන් එකේ කනා පුට්ටියට සෙට් වෙලා, (දුක තමයි, මුන් එකෙක්වත් අදුරන්නෙ නෑ)

    බලෙන් ගිහින් කතා කරන්නත් හිතුනා, ඒත් වට පෝරියල් එකක් සෙට් උනොත්? ඒක හින්ද මම බලන් හිටියා, ඔක්කොම ෆුල් ෆන් එකක් ගන්නවා දැක්කා, නියමයි වැඩේ නියමෙට තිබ්බා

    ම්ම්ම් මම පොඩි දෙයක් කියන්නම්, මම හිතනවා කලින්ම කස්ටියවම අදුන්නලා දුන්නනම් මීට වඩා ෆන් එකක් ගන්න තිබ්බා, මොකද කස්ටිය අදුන්වල දීලා තියෙන්නේ හවස ලැබිච්ච ආරංචි මාර්ග අනුව. එතකොට මම ගිහින් (සෑඩ් සීන්)

    දැන්වත් මම ආවා කියල විශ්වාස කරෆියව්!!!

    ReplyDelete
  12. ඔය ඇනෝල කියන ඒව ගනන් ගන්න ගියොත් ඉතිං වෙන වැඩක් කරන්න වෙලාවක් නැතිවෙයි!! හික් හික්.. :D

    ReplyDelete
  13. අයියෝ බං මේ මං කෙලින්ම ඕය අවුරුදු උළලේ වැරදි දාලා බ්ලොග් පොස්ට් එකක් දාන්න උන්නෙ.. විසෙන්ම අර අභීත කියන එකාගේ කුප්ප කම පැහැදිලි කොරන්න.. ආයේ තිං මං නිකා උන්නා.. නැත්නම් ඕකා මකබානවා.. ඒ වගේම අර මඩයා.. මට කැම පැකට් දෙකක් දෙනවා කියලා ඌ දුන්නෙ 1ක යි.. ඔකත් මකබාවනවා.. බලාගමුකො.. !!!

    හික් හික් හික්

    ඊලග එක මීට වඩා සාර්තකව කරමු අපි.. අයියෝ මේ අර DJ එක නම් ඔන්නැ හරියේ..!!

    ReplyDelete
  14. උත්සවය එළටම ඕගනයිස් කරපු අභියා ඇතුලු සෙට් එකට මෙන්න විසිල් පාරක්....! ඊලඟ අවුරුද්දෙත් මෙහෙම හීන පේන්න වැඩියෙන් බුදියගනින්....! ජූනි අග, ජූලි මුල, අගෝස්තු අග වගේ හීනයක් දැක්කොත් මට කියපන්....!

    ReplyDelete
  15. අබීත අයියා.. නොසෑලී අබීතව ඉදිරියට යන්න මෙයා... ඔය එක එකාලා කොහොමත් කතා කියනවනේ හොඳට කලත්...

    ඒ උත්සවය මට නම් හිතෙන්නේ , ගූගල් බස් එක, බ්ලොගර් එක, ට්විටරය, මූනු පොත යන එකී මෙකී නොකී සමාජ ජාල ගනනාවකින් ගොඩ නෑගිච්ච අපූරු එකමුතුවක් හෑටියටයි මට නම් දෑනුනේ. ..

    තව තවත් මෙවෑනි උත්සව ඉදිරියේ ඒවි.. ඒ හෑමෙකකටම මෙන්න අපේ සහයෝගය උපරිමයෙන්...
    ජයෙන් ජය !

    ReplyDelete
  16. රටෙත් නැති මට නම් ඉතින් එන්න බැරි උනා. ඒත් පින්තූර දැකකහම නම් හිතුනා කට්ටියම හොඳ ආතල් එකක් අරන් වගේ කියලා. මේ පාර එන්න බැරි උනානේ. කමක් නෑ අභීත අයියා. මේ පාර ලැබුන අත්දැකීම් එක්ක ඊළඟ පාර වැඩේ අනිවා අතිසාර්ථකව කරන්න පුළුවන්. ඉතින් ඊළඟ අවුරුද්දේ සංවිධානය වන අතිසාර්ථක සයිබර් සිහිනයවත් හැබැහින් දකින්න මමත් සිහින දකිනවා.

    ReplyDelete
  17. අබීත අයියේ, වයිෆ් අක්කට වද නොදී රෑට ටිකක හොඳට නිදාගෙන මේ වගේ ආතල් හීන තව තව දැකපන්. කාටද බොල ආඩම්බර... හිතපංකෝ පොඩ්ඩක්...

    අවුරුදු කටේ තියලා මාත් මේ තුං හිතින්ම හිතන්නේ උඹට හොඳට නින්ද ගිහින් තව තව හීන දකින්න ලැබෙන සුභ අළුත් අවුරුද්දක් වේවා කියලායි... ඕං

    ReplyDelete
  18. එදා නම් පට්ට... මොනව කියන්නද මමත් ඔය කමෙන්ට්ස් ටික දැක්ක.. ඔව්වොන්ට නිකන් ආතල් දෙන්න ඕනි නෑ කියල හිතිල මොකුත් නොකිය හිටියා.

    මේ ආයේ දැකපන් හීනයක්

    ReplyDelete
  19. තව තවත් සුන්දර සිහින දකීවා.

    @වැප් - පව් නේද උඹ ?

    ReplyDelete
  20. වැරදි වෙන්නෙ වැඩ කරන මිනිස්සු අතින් :)
    ඒ නිසා ගණන් ගන්න එපා.
    There is nothing called "perfect". There is always a probability of error.
    දෙයක හොඳ දකින්න පුළුවන් අයට විතරයි ඉස්සරහට යන්න පුළුවන්, අඩු පාඩුවක් උනා නං ඒවා හදාගෙන.
    එදා උත්සවය මට නං හොඳයි. කෑම ඉතිරි බව නං මමත් දැක්කා. But that cannot be taken a big deal :D.
    නොදුටු මිතුරන් මිතුරියන් කී දෙනෙක් දැක ගත්තද .. ඒකත් මදැයි :)

    ReplyDelete
  21. අඩේ උඹ මෙච්චර හොඳ උනේ කොහොමද කියලා මම මේ තාම කල්පනා කරනවා...
    අනේ මංදා බං අභිතයෝ..උඹ වෙනස් වෙලා බං...

    අඩුපාඩු ගැනනං කනා කරන්න එපා..සෑම අතින්ම අසාර්ථක වැඩක් මේක..හැබැයි උඹලට නෙවෙයි මට..තරගාවලියේ වීරයා වෙන්න හිටිය මං අනිත්මේදී නිකංම ගෙදර ආවා..දිනන කුසලානත් එක්ක මාප පිළිගන්න මල් මාලා හදාගෙන හිටිය උං අනාත උනා..ෂෙහ්...කුජීතයි..

    (උඹට බැරිද බං මාස දෙකතුනකට සැරයක් ඔහොම හීන දකින්න..රුපියල් සීයට බත් කාලා..බඩ පැලෙන්න කේකුත් කාලා තව උඹටම මඩකි ගහලා යන්න මෙහෙම චෑන්ස් ආයෙ කොහේද..?
    ස්තූතියි මචං උඹලා ඔක්කොටම...හප්පා හොඳක් කියන්න මට කට ඇරෙන්නෙම නැද්ද මංදා..)

    ReplyDelete
  22. කවුද යකෝ ඔය කොන්ද පන නැති අනෝ...නොදකින් මෙහෙම උන්..වැඩක් කරන්න දන්නෙත් නෑ කරන එකාට කරන්න දෙන්නෙත් නෑ..
    මේක මම වගේ හොද ඇනෝලට කොරන කුප්ප කමක්.,ඉකේයියා මෙහෙමත් උන්

    ReplyDelete
  23. හ්ම්ම්ම් හ්ම්ම් බලමු බලමු ඉතින්............. ලබන පාරම බලමු...........

    ReplyDelete
  24. මුන්ගේ ඊරිසියාව පුපුරන්න ගිහාම ඔහොම වෙනවා,,අනික ඔයාල මේක කලේ බිස්නස් එකක් නෙමේ නේ,,මම දැක්ක පොටෝ වලින් ලස්සනම ලස්සන උත්සවයක් දැක්කේ,,,ඔයාලගේ මේ වගේ කරන උත්සවේකට සහබාගිවෙන්න මගෙත් හීනයක් තියනවා...

    ReplyDelete
  25. මමනම් ඇත්තටම ඕකට ආවේ අඩු පාඩු හොයන්න නෙමෙයි. විනෝද වෙලා යන්න. ඒ අරමුණ නම් හිතුවටත් වැඩිය හොඳින් ඉ‍ටු උනා.

    පොඩි පොඩි අඩුපඩු තියෙන්න ඇත්තේ මීට කලින් අපි මේ වගේ දෙයක් කරපු නැති නිසා වෙන්න ඇති. අඩු පාඩු වලට කුලල් කා ගන්නේ නැතුව, ඊළඟ වැඩ සටහන අඩු පාඩු නැතුව කලහම හරි.

    ඔයාටයි, ඔයාගේ සංවිධායක මඩුල්ලටයි ගොඩක් ස්තූතියි, මේ වගේ දෙයක් සංවිධානය කලාට.

    ඔය මෝඩ කමෙන්ට් දාන අයට තේරෙයි හරියටම වැඩේ කරන්න ගියානම්. එයාලත් කරන්නේ ක්‍රිකට් ගහනවා බලන් ඉඳලා බොරුවට බනින එක විතරයි. ඒවට සැලෙන්න එපා. එයාලා ගැන පව් කියලා හිතුවහම හරි. මුකුත් කර ගන්න බැරි කමට, හිතේ තියෙන දුකටනේ ඔහොම කියන්නේ..... :D

    ReplyDelete
  26. ලොල්ය... මම නාපු එකට මට ව්අඩා සමාව ඉල්ලුවෙ මගෙන් අයියන්න්.. :D හික් ය... ඒත් ඉතින් මාත් කටවහන් උන්නනම් මමත් මේ වගේ පෝස්ට් එකක් දාල.. :D ඒත් දැන් මක්ක කරන්නදෑ.. :/ කමක් නෑ.. 2012දි සිහින උළැලට මම ඇඟිල්ල ගහන්නම් කෝ.. ;)

    ඒත් ඉතින් මේ වැඩ පිලිවෙලේ නම සයිබර් පෙස්ටිවල් නේද?? මේ අවුරුද්දටම තියෙන පෙස්ටිවල් එක අවුරුද්ද විත්‍රක් නෙවෙනෙ.. :D මෙන මුකුත් සන්විදානය කරන්න බලාපොරොත්තුවක් නැද්දෑ...???

    ReplyDelete
  27. අපේ පැත්තේ කට්ටිය (ගාල්ලේ) කියනවා ,
    මොන තරම් හැඩ කෙල්ලෙක්ගෙ හරි පොඩි ඇදයක් කුදයක් තියෙන්න ඕනලු ඇස්වහ කටවහ යන්න.
    ඔන්න ඔහේ කියන එවුන් කියපුවාවේ ඇස්වහ කටවහ යන්න.
    (ලස්සන හීනයක්‌ දකින්න අයෙමත් දැන්ම දොයිය ගන්න....)
    වැඩේ නම් සුපිරි එකෙත් උඩම සුපිරි එක...

    ReplyDelete
  28. "දුකා said...
    මටත් එදා ඉන්න පුලුවන් වුනේ පැය දෙකක් විතර පොඩි කාලයක් වුනත් හිටපු කාලේ ඇතුලත මම නම් පුදුම සතුටක් ලැබුවා . . .
    හරිම සුන්දර අත්දැකීමක් අපි හැමදෙනාට ලබා දෙන්න ඉඩ සලස්වපු හැමදෙනාටම ගොඩක් පින් . . ."

    දුකා අයියනම් පුදුම සතුටක් සහ සුන්ද‍ර අත්දැකීමක් ලබපු බවනම් අපි හැමෝම දැක්කා. අපි විත‍රැක්යැ. නිසි බලධාරිනියත් දැක්කනෙ අන්තිමේ. :D

    බැනුම් වලට බය වෙලා බෑ. අඩුපාඩු කියන ඒවා නිහතමානීව බාරගමු. ඒවා හදාගමු. ඒත් චෝදනා ක‍රන අයටනම් කියන්න වෙන්නෙ අර කොලම්බස් කිව්ව කතාව තමයි.
    අහ්. ඒ කතාව දන්නෙ නැද්ද? එහෙනම් මෙතනින් ගිහින් ඒ කතාව බලලා එන්නකො. :D
    කොලම්බස්ගෙ බිත්තරේ කතාව

    ReplyDelete
  29. අපිත් ෆොටෝ දැක්කා අයියේ . වැඩේ නියමෙට ගිහිල්ලා තිබුනා . නම අහලා තිබුනු අයගේ ෆොටෝ සේරම බැලුවා මම ගෙදර ඉඳගෙන . වැඩේ එල ඔය වගේ හීන තව තව උඹට පෙනේවා අභීත අයියේ. ඔයා දැක්ක එක හීනයක් උනත් . හරිම සුන්දර සැබෑවක් බවට පත්වෙච්ච හීනයක් ...ඒ හීනේ කොටස් කාරයෙක් වෙන්න බැරි උනාට දුකයි ..ඒත් ගානක් නෑ උඹට තව දවසක හීනයක් පෙනේවි . එදාට මමත් එන්නම්

    ඒක නෙවේ අර වැටේ නැගලා උන්න එකා කවුද බං ?

    අවුරුදු උත්සවය සාර්ථකව අවසන් උනා ..කවුරු මොන්වා කීවත් ඕව ගනං ගන්න එපා ...වැඩක ඇද දකින එක මිනිස්සුන්ගේ හැටියක් .

    ReplyDelete
  30. යකෝ අර අපේ සුදාරක මලයට කෙල්ලෙක් සැට් වුනාම මම නෙවේ ඔය වාර්තාවට වග කියන්නේ....

    අවුරුදු උත්සවේද....කියලා වැඩක් නෑ....නොකියා ඉන්න එක හොදයි.නැතිනම් තිබ්බ ෆන් එකේ අගේ නැති වෙනවා....

    වැපාටද....ම්මම්ම්ම් ඌ නම් කීවේ උට අවුරුදු අසූවක අනූවක නාඩි වැටෙන්නේ නැති කෙනෙක් සැට් වුනොත් හොදටම ඇති කියලා....(ඇත්තනේ ඉතිං වයසට ගැලපෙන්නත් එපායෑ....)

    ReplyDelete
  31. මුලින්ම උණුසුම් සුභපැතුම් පිරිනමනවා මචං! තව තවත් මේ වගේ දේවල් ඕගනයිස් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

    ඒ වගේම එන්න බැරිවුණ එකට මම උඹෙන් හදවතින්ම සමාව ඉල්ලනවා. ඊලග එකටවත් අනිවාර්යයෙන්ම එන්න ඕනෙ. ජය ශ්‍රී...!!!

    ReplyDelete
  32. අභීත අයිය මෙහෙම කතාවක් අහල තියෙනවද?
    "ඵල ඇති රුකටලු ගල් ගහන්නෙ"

    මොනදේ ආවත් සැලෙන්න එපා.. තව තව ධෛර්යමත් වෙනව මිස.

    ඒක නෙවි අර පින්තූරේට ඉන්න කියල මං දුකා අයියට කොච්චර නං කීවද.. මොන අර ඉගිල්ලෙන එකක් අල්ලන්න තියෙනවා කියල සුටුස් ගාල මාරු උනානේ..

    අනික අයියා අර විදියට ඩීජේ කරන්න පුරුදු උනේ කොහොමද? :p

    ReplyDelete
  33. එදා නම් සුපිරිම දවසක්. අමතකවෙන්නෑ කවදාවත්. 2012 සයිබර් සිහින උළෙලත් අනිවාර්යෙම්ම කරමු. විවිධ අයගෙ විවිධ අදහස් වලින් අපි හැඩ ගැහෙමු අලුත් දෙයක් කරන්න. නියමයි....

    අක්ෂරය වෙනුවෙන් පොඩි මහත්තයා ;)

    ReplyDelete
  34. මචන් අභිතයි අයියා..
    කෙනෙකුට අඩුවක් පෙන්වන්න පුලුවන්..
    අපි එතන වෘත්තියමය හමුවක් නෙමෙ උනෙ..
    අපි ලොකෙට කිව්වා අපිට ආසයි මෙහෙම කතා බහා කරන මිනිස්සුන්ව හමුවෙලා ටිකක් කතා බහ කරලා එකතුවෙලා විහිලුවක් දෙකක් කරලා ආපහු ගෙවල් වලට තට්ටුවෙන්න ආසයි කියලා.. සල්ලි තියන මිනිස්සු එ එ අයට පුලු පුලුවන් විදියට උදව් කරා.. සමහර අය මහන්සියෙන් උදව් කලා.. ගොඩක් අය එනවා කිව්වා.. නැවිත් හිටියා.. කැම නහස්ති වුන එක ගැන එච්චර ලොකු දෙයක් කරගන්න නරකයි.
    අපි අන්තිම මොහොතෙදිත් උත්සහා කරානෙ එවා ටික කාට කාට හරි බෙදලා දාන්න. ඇනො ඇවිල්ලා හොල්ලන්න දෙන්න එපා.
    අපි එතන අපෙ ලොකුකම් පෙන්නන්න ආවෙ නැහැ. කැමති අයට කැමති විදියට හැසිරෙන්න ඉඩදුන්නා සිමාවන් ඇතුලෙ. තම තමන්ගෙ සෙට් ඇතුලෙ එ එ අය විනොද වුනා. එච්චරයි.
    බලමු ඉලඟ පාර මෙ දෙවල් නහස්ති නොවන විදියට ක්‍රමවෙදයක් හදාගන්න.

    ReplyDelete
  35. “හපොයි අම්මේ එහෙම දවසක්..... “ ඇත්ත තමා එහෙම දවසක් මටනම් මගෙ ජීවිතේට තිබිල නැ... අනේ මන්දා...

    විනෝද වෙන්න.. ඇඟ මහත්වෙන්න මොටද බෙහෙත් බොන්නේ...
    හිනාවෙන්න හිනාවෙන්න එතකොට තර වෙන්නේ...

    ReplyDelete
  36. හිස් අහස, වැටේ නම් නැග්ගෙ අභියයි මමයි විතරයි. උඹ හූනෙක් සයිස් එකෙක් ගැන නම් අහන්නෙ ඒ අභිය තමා.

    අභියා : ඇනෝ කමෙන්ට් ඩිසේබල් කරපන් බන්

    ReplyDelete
  37. අභියා : මඩ ගහද්දි පොඩ්ඩක් කල්පනාවෙන් ගහපං, අර උඹගෙ මම දන්න යාලුවෙක් ඉන්නව කුරුණෑගල :D

    ReplyDelete
  38. අතයට ගහපු, හංගල ගහපු ඇජෙන්ඩා නැතුව පිරිසිඳු හිතින් කරපු මේ වගේ වැඩකට ඇනෝලට කියන්න දෙයක් ඉතුරුවෙලා නෑ බං අභීත අය්යෙ. හැබැයි උඹ නොදන්නවට ඔතන පිටිපස්සෙ පේලි වලට වෙලා උඹලට පලු යන්න බැනපු දෙන්නෙකුත් උන්න. මං උන් කවුද කියල හොයන්න නොගියේ වැඩක් නැති නිසා.

    ReplyDelete
  39. ඇනි නංගිගෙ කොමෙන්ටුව ගැන කියනව නම්

    අනේ ඌ දන්න ඕගනයිසින් කියලා තමා. දහසක් වැඩ රාජකාරි මැද්දේ මේ ටික කරපු උන්ට ස්තූතියි. මමත් හිටපු සුලු වෙලාව තුල හොඳටම උත්සවේ වින්දා.

    ඔන්න ඔය මගුල අමතක කොරල හොඳ නින්දක් දාල හීනයක් බලහන් බන්. හැබෑ කොරගන්න සෙට් වෙන්න ආපහු.

    ප.ලි.

    රංග ගෙන් ගේම ඉල්ලන්නෙ බලාගෙන කුරුනෑගල යාළුවා ඌ නම් එළ කොල්ලෙක්.......:)

    ReplyDelete
  40. දුක තමා.............

    ReplyDelete
  41. ආයෙත් එකක් තියෙනවා නම් අපිටත් කියන්න..අනිවා අපිත් එනවා...

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...