බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Monday, April 28, 2014
ගෑණිට බයේ නොබී දුවන බ්ලොග් කරුවා කවුද?
ඔබේ බිරිඳත් ඔබ බොනවට අකමැතිද? මෙන්න මෙහෙම වෙලා තියෙනවද? මේ ලිපියේ දෙවෙනි කොටස දාන්න පහකට ආසන්න කාලයක් වුනා.. හදිස්සියේ අපේ කථානායකයා පිළිබඳ හදිසියේ වූ මතකයකින් තමයි මතක් වුනේ අම්මපා.. අරකේ දෙවෙනි කොටස ලියනවා කිව්වට ලිව්වේ නෑනේ කියලා... අද ලියන්න යන්නේ පවුලට බයේ නොබී දුවන බ්ලොග් කරුවා ගැනයි තවත් සූටි කථාවකුයි.... රස හරිය පස්සට තියලා සූටි කථාව කියලා ඉමු...
මම රජයේ සේවකයෙක් වෙලා වැඩ කරන කාලේ විදාතා කියලා ප්‍රදර්ශන දුම්රියක් රට වටේම දිව්වා.. එක එක දුම්රිය පොලවල් වල නවත්තලා සති ගනන් ඒකේ තියෙන දේවල් පාසල් සිසුන්ට පෙන්නන එක තමයි වැඩේ.. අවුරුදු 2ක් විතර මම තමයි ඒකේ සම්භන්ධීකරණ කටයුතු සියල්ල කලේ... ඉතින් හැම මාසෙකට සැරයක්ම මම දුම්රිය ස්ථානයක සතියක් විතර නැවතිලා ඉන්නවා... සමහර විට තවත් කවුරු හරි ඇදගෙන යනවා... හවස වැඩ ඉවර වෙලා ලඟම තියෙන මත්පැන්හලකට ගොඩ වෙලා හීනියට අඩියක් ගහගෙන ඒ ප්‍රදේශය පුරා පයින් ඇවිදින එක තමයි මෙහෙම තව එකෙක් ඉන්න දවසට අපි කරන රාජකාරිය..
දුම්රිය ගම්පහ තමයි නැවැත්තුවේ.. මම එදා එකතු කරගත්තේ මගේ පාසැල් මිතුරෙක්ව.. මිනිහගේ පෙම්වතිය ඉන්නෙත් ගම්පහ නිසා තමයි මිනිහා මාත් එක්ක එකතු වෙන්න ප්‍රධාන සීන් එක වුනේ.. මිනිහා දවල් ගිහින් පෙම්වතිය මුණ ගැහිලා ආවට පස්සේ අපි දෙන්නා පොඩි ශොට් එකක් ගහල ඉන්නකොට ආයෙත් එනවා පොරට කෝල් එකක්..
සුදූ ඔයා කොහෙද ඉන්නේ...
මම අභියත් එක්ක ස්ටේශන් එකේ....
කෝ.. මට කෝච්චි සද්දයක්වත් ඇහෙන්නේ නෑනේ..
ඇයි.. මේ කෝච්චි යන්නේ.. අපි එහා පැත්තේ කඩේ කන ගමන්...
මම දැන් අස්ගිරියේ ගාඩ්න් එක ලඟට එනවා.. ඔයාට එන්න පුළුවන්නේ..
හපෝ.. මේ වෙලාවේ.. කොහොම එන්නද?
ඇයි අනේ... මම කෙල්ලෙක් වෙලත් එන්න පුළුවන්නම් ඔයාට බැරි මොකද?
හරි හරි.. මම එන්නම්... අභියත් එක්ක එන්නේ..
හරි කමක් නෑ.. විනාඩි 15න් එන්න..
ෆෝන් එක තිබ්බ පොර මගේ පැත්තට හැරුනා....
අභියා මාර සීන් එක...
ඇයි මොකද?
කෙල්ල එන්නලු මල්වත්ත ගාවට...
ඉතින් පලයන්.. මම මේ ටික ඉවර කරන්නම්...
*&^*& කතා කරන්න එපා.. යමන් මාත් එක්ක...
එතකොට මේ ටික...
ඒ ටික අරන් යමන්....
හරි යමන්....
දැන් යනවා දෙන්නා... මූ යනකොට විනාඩි 5ක් විතර පරක්කු වෙලා.... මම එළියේ පාළමක් උඩට වෙලා අවට සිරි නරඹද්දි මුන් දෙන්නා අස්ගිරියේ ගේට්ටුව ගාව අයිනේ කථාව... විනාඩි 5 යනකොට අරූට ගස්සපු කෙල්ල පිඹගෙන මම ලඟට ආවා... එන පොට හොඳ නැති බව තේරුනත් මමත් බලාගෙන හිටියා... ලඟට ආපු කෙල්ල මට කිව්වේ මෙන්න මේකයි...
අභීත.. මම බලාගන්නම්කෝ ඔයා ගැනත්...
අනේ නන්ගි.. මම ගැන බලාගන්න කෙනෙක් ඉන්නවා... ඔයා අරූ ගැන විතරක් බලාගන්න.. මට දෙකක් කරන්න අමාරුයි...
තවත් මල පැනපු කෙල්ල යන්න ගියා ඉගිල්ලිලා...
අරු නිකම් මම ලගට ආවේ අශ්පයා මැරිච්ච කව් බෝයි වගේ... දෙබස මෙහෙමයි...
මොකෝ බන් අරකි වරම අතට අරන් ගියේ...
මාර සීන් එක අභිය... මල පැනලා ගියේ...
ඇයි...
විනාඩි දෙක තුනක් යද්දි කෙල්ල ඇහුවනේ යකාගේ ප්‍රශ්ණයක්...
එ මොකද්ද?
ඇයි ඔයා අද මට කිස් එකක්වත් දෙන්නෙ නැත්තේ...
ඉතින්.. උඹ හිටියද නිකන් ගල් බිල්ලා වගේ....
ඇහුවට පස්සේ දුන්නා බන්... කිස්ස් එකත් එක්කම තමයි ඔය උඹටත් බැනලා ගියේ...
ඒ මොකෝ බන්...
අරක්කු ගඳ දැනිලා බන්... රුපියල් 1000ක විතර බීලා කෝටියක විතර වෙරි හිදුනා බන්....
අයියෝ සල්ලි...
ඒ කථාව ඉවරයි... දැන් ප්‍රධාන මාතෘකාවට යමු... මීට අවුරුදු කීපෙකට කලින් අපේ කාලයේ බ්ලොග් ලියපු උන් එක්ක පොඩ්ඩ පොඩ්ඩ සෙට් වෙනවා සතියකට විතර සැරයක්... මේකේ අනිවා සෙට් වෙන එකෙක් හිටියා.. ටිකක් වැඩිමල් උනත් අපේම ලබැදියාවකින් අපිත් එක්ක හිටපු දැනටත් ඉන්න පොරක් තමයි මේ... සමාන්‍යයෙන් සෙට් වෙද්දි අපි ඌට කෝල් කරන එක අනිවා කරනවා... ඔන්න දැන් පුරුදු පරිදි සෙට් උනා නෙවෙයි.. සෙට් වෙනවා.. අදාල මනුස්සයා කොහොමත් කලින් යනව 90%ක් අවස්ථාවලදි... ගොඩාක් වෙලාවට ඒ පුද්ගලය එක පැත්තක් ගද්දි අනිත් පැත්ත ගන්නේ මමයි රංගයි ලසියයි තමයි ගොඩාක් වෙලාවට...
පොඩ්ඩක් මධුවිත පානය කරන මොහු විනාඩි 30කින් විතර පුරුදු කථාව එනවා මෙහෙම...
මචන්.. මම දැන් යන්නද?
ඒ මොකෝ බන්.. මේ තාම පටන් ගත්ත විතරනේ...
නෑ බන්.. ස්කයිප් කෝල් එකක් එනවා...
ඉතින් මෙතන ඉදන් කරපන්කෝ....
නෑ යකෝ.. ගෑණි කෝල් කරන්නේ.....
ඉතින් මැසේජ් එකක් දාල තව ටිකක් ඉඳල පලයන්...
බෑ බන්.. යන්නම ඕන....
එතකොට උඹ නොබී දුවන්නේ ස්කයිප් කෝල් එකක් නිසා.. ගෑනි ගෙදර හිටියනම් අපිට හිතාගත්තැකි උඹට වෙනදේ...
ඔන්න ඔහොමයි පොර ගෑනි ස්කයිප් කරද්දිත් නොබී ඉන්න හදන්නේ.. කවුද කියලානම් අහන්න එපා... හැබැයි මෙයාගෙන් මම මඩක් ගහල බ්ලොග් පෝස්ට් එකක් දාන්නද කියලා අහපුහාම ඊට කලින් උඩ පැනගෙන බ්ලොග් පෝස්ට් එකක් දැම්මා වගේ මතකයි... අයියා... මගේ පෝස්ට් කල එළි බහින්නෙ හෙමීට.....
ප.ලි. ඒ සුන්දර කාලේ මතක් උනේ ඊය ඔබා මාමා වෙනුවෙන් අන්තිම පේලිය කරපු ලේ දන් දීමට ගිය අතර තුර... මම බ්ලොග් කාරයොත් එක්ක පළවෙනි පාරට සෙට් වෙච්ච හැටි තමයි මේ තියෙන්නේ... අම්මපා මේ චරිත දැන් කොහෙද? ඒ කාලේ ගහගත්ත මඩ දැන් ගහ ගන්න වෙලාවක් නැති හැටි....
Subscribe to:
Posts (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...