Saturday, May 10, 2014

අපි වෙනුවෙන් අපි.... නොදැකපු හදවත් වල බිහිවුන අධිෂ්ඨාන ලේ බැම්ම...... 2

බ්ලොග් ලියන කියවන අපි... කාලෙකට සැරයක් දකින එහෙම නැත්නම් කවදාවත් නොදැකපු මිනිස්සු... බ්ලොග් ලියන්න කාලෙන් කාලෙට එක එක අය ආවා.. සමහරු ගියා.. සමහරු ඉන්නවා... මොන ප්‍රශ්ණ තිබ්බත් අපි එකා වගේ එක පවුලක උන් වගේ හිනාවෙවී, කකාබිබී, රණ්ඩු වෙවී, තරහ වෙවී තාමත් එකට ඉන්නවා... ඒක අපේ හැටි.. ඒත් මේ කෙනෙකුට කරදරයක් උනහම අපි ඔක්කොම එකතු වෙන්නේ ඒ අපේම එකෙක් කියලා අපේම හදවත් වලට දැනෙන හින්දා... අද මම මේ ලියන කථාව ඒ වගේ එකක්... මේකේ හිනාවෙන්න තැනක් නෑ... නමුත් අපේ එකෙක් වෙනුවෙන් දුක් වෙන්න හඬා වැටෙන්න උදව් කරන්න එකතු වෙන්න ඔයාලට පුළුවන්...

ඇය ජනිතා රාජපක්ෂ... 2010/2011 කාලෙදි බ්ලොග් ක්ශේශ්ත්‍රයත් එක්ක ලඟින්ම වැඩ කල චරිතයක්.. ඇය මේ වෙලාවේ ඉන්නේ රෝගීව... ජයවර්ධනපුර රොහලේ ප්‍රධාන දැඩි සත්කාර ඒකකයේ 6 වෙනි ඇදේ ප්‍රතිකාර ගනිමින් ඉන්නේ... මේ වෙද්දි ගත වෙන්නේ 46 වෙනි දවස... ඇය කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත් වෙන බව තමයි වෛද්යවරුනම් පවසන්නේ..

මතකද අපි... එදා දිළුම් වෙනුවෙන් එකතු වුනා.. ඊට පස්සේ ජෙරූශා වෙනුවෙන් එකතු වුනා... තව ගොඩාක් අය වෙනුවෙන් එකතු වුනා... අද අපිට ජනිත වෙනුවෙන් එකතු වෙන්න කාලය ඇවිත්... ඔබ කරන්න ඕන දේ දුකා අයියගේ මෙන්න මේ පෝස්ට් එකේ තියෙනවා.. ඊට අමතරව ඔබට පුළුවන්නම් මේ දේත් කරන්න....

ඔබ අදහන ආගමෙන් ඉල්ලන්න ජනිතා රාජපක්ෂට නිරෝගී සුවය.. වෙසක් දවසේ පහනක් පත්තු කරද්දි කූඩුවක් එල්ලද්දි මලක් පූජා කරද්දි හඳුන් කූරක් ගහද්දි අධිශ්ඨාන කරන්න ජනිතට ඉකමන් සුවය....

හැම දේටම වඩා අධිශ්ඨානය හයියයි... ඔබට ලේසියෙන් දිය හැකි දේත් එයයි... අද සිට නොකඩවා පතමු උදේට....

ජනිතා රාජපක්ෂ රාජපක්ෂ සොයුරියට ඉක්මන් සුවය ලැබේවා....

මූල්‍යමය ආධාර කරන්න ශක්තිය තියෙන අයට ඒක කරන්නේ කොහොමද කියන එක දුකා අයියගේ මෙන්න මේ පෝස්ට් එකෙන් බලාගන්න පුලුවන්.. මොකද ජනිතාගේ එක බෙහෙතකට විතරක් රුපියල් 7000කට අධික මුදලක් වැය වෙනවා...

ඒ වගේමයි... ජනිතාගේ දෙමවුපියන් හා සම්භන්ධීකරණය වීමට අවැසි අයට මගෙන් ඒ ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවන්...

නැවත නැවතත් ජනිතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..

14 comments:

  1. දුකා අයියගේ පෝස්ට් එකෙන් මේ ගැන කියෙව්වා. අපි කොහොමහරි මේ වෙනුවෙන් එකතුවෙන්නෝනි. මේ සහෝදරිය වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටුකරමු. හැමෝම පුලු පුලුවන් විදියට උපකාර කරමු. හැමෝටම ලේසියෙන් දැනගන්න බෑන්ක් ඩිටේල්ස් දාමුද අභීත අයියේ?

    ReplyDelete
    Replies
    1. දුකා අයියගේ පෝස්ට් එකේ එකවුන්ට්ස් ඩීටේල්ස් තියෙනවා මල්ලි...

      Delete
    2. අභීත අයියේ.. ඔයාගෙ බෑන්ක් ඩීටේල්ස් ටිකවත් දාන්න.... තව ගානක් ගරා ගන්න නේද හැදුවේ...

      Delete
  2. Replies
    1. haraka wage yana yana thana spam karanna epa...

      Delete
  3. ඇයට ඉක්මන් සුවය ලැබෙවා.හරි පුලුවන් දෙයක් කරමු

    ReplyDelete
  4. ape yaluwa eye dawase apen sadahatama samu gaththa

    ReplyDelete
    Replies
    1. මොකක් ?? ඔය ඇත්තද ..

      Delete
  5. Is this true? Are you serious? I can't believe this. Please tell us more.

    ReplyDelete
  6. She got a virus and then a germ entered her body & had other complications. Organs failed & got 2 heart attacks, pressure dropped.
    This is to inform u guys that our beloved friend Janitha Rajapaksha passed away due to an illness. Will update regarding the funeral details.

    It is not gonna be at home,funeral will be on Tuesday at d 75 Dehiwala Rd Boralesgamuwa. Boralasgamuwa mal shalawa. In front of commercial bank boralasgamuwa.

    ReplyDelete
  7. ජනිතා අක්කේ ඔබට නිවන් සුව පතමි ...........!

    ReplyDelete
  8. නිවන් සුව අත්වේවා !

    ReplyDelete
  9. හරිම දුකයි... ඇයට සදාතන සැනසුම හිමි වේවා...

    ReplyDelete
  10. සොයුරියේ ඔබට නිවන් සුව!

    ReplyDelete

ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.

  අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...