Monday, November 18, 2024

ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.

 



අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න.

📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුනේ කොහොමද?
📍අනුර දිසානායක රනිල් වික්‍රමසිංහගේ පදයටම නැටවෙන්නේ ඇයි?
📍 අනුරගේ පාලන කාලය තුල ශ්‍රී ලංකාව රටක් වශයෙන් මුහුණ පාන අර්බුධ මොනවාද?

පහත සටහන තුල මේ සියළු ප්‍රශ්ණ වලට පිළිතුරු තිබෙනවා.. සැලකිල්ලෙන් කියවන්න.

මේ රටේ දේශපාලනය බොහෝ දෙනෙකුට කෙටි කාලීනයි. හැබැයි අතීත දේශපාලනය එක්ක වත්මන් සංසිද්ධි ගලපන කෙනෙකුට ඒ සංසිද්ධිවල තියෙන කරුණු සමඟ යම් ‍යම් තීරණ රටට සුබ දායකද, අසුබ දායකද යන්න සිතා ගැනීම අපහසු නොවේ.

තිස් වසරක යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතද, එහි පිල්ලි අදටත් හොල්මන් කරන බව අප පිළිගත යුතුය. 2008 අවසන් කාර්තුව යුධ ජයග්‍රහණයේ තීරණාත්මකම මාස තුනයි. ඒ යුධ ජයග්‍රහණයට වඩාත්ම බලපාන කාරණා සංසිද්ධීන් දෙක සිදු වූයේ මෙම කාර්තුව තුල දී වීමයි.

1. යුද්ධය නතර කිරීමට, ප්‍රධානතම ජාත්‍යාන්තර බලවේගය වූයේ ඉන්දියාවයි. 2008 අවසානය වන විට යුද්ධය නවතා දැමීමට හැකි උපරිම බලය යෙදවීමට ඉන්දියාව සූදානම්ව සිටියේය. මේ නතර කිරීමට ඇමෙරිකාව, නෝර්වේ වැනි රටවල් වලින් ජෝන් කෙරී, කමලා හැරිස්, එරික් සෝල්හයිම් වැනි බර ගණනක් මේ ව්‍යාපෘතිය පසු පස සිට ඉන්දියාවට දැවැන්ත සවියක් ලබා දුන්නෝය. නමුත් 2008 නොවැම්බර් 26 දින, ඉන්දියාවේ මුම්බායි නගරයේ තරු පන්තියේ හෝටලයක් වෙත දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ 188 දෙනෙකුට මරු කැඳවමිනි. ත්‍රස්තවාදයට එරෙහිව ප්‍රකාශ සිදු කිරීමට ඉන්දියාවට සිදුවුනේ මෙම ප්‍රහාරය නිසාය. එම ප්‍රහාරය නිසාම ත්‍රස්තවාදයට එරෙහි ප්‍රහාර නැවැත්වීමට, ලංකාවට බල කරන්නට ඉන්දියාවට නොහැකි විය.

2. 2008 වසරේ අයවැය පරාජය කිරීමට සැලසුම් කිරීම.

මෙහි මහ මොලකරු මංගල සමරවීරයි. ජෝන් කෙරී, කමලා හැරිස් වැන්නන්ගේ පෞද්ගලික මිතුරෙකු මට්ටමට මංගල ඒ වනවිටත් පත් ව සිටියේය. ඒ වගේම 2005 දී මහින්ද රාජපක්ෂ ජයග්‍රහණයේදී සේම, ජවිපේ චන්ද්‍රිකා සමඟ ආණ්ඩුව පිහිටවද්දීද මේ ජනතා විමුක්ති පෙරමුණ සමඟ කපුකම් කලේ මංගල සමරවීරයි. එනිසා මංගලට ජාත්‍යාන්තරය සමඟ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තරය සමඟද හොඳ අවභෝධයක් සහ සහයෝගයක් තිබිණ. මංගල ප්‍රධාන වශයෙන්ම ආණ්ඩුවේ කිහිප දෙනෙක්ගේ සහයෙන් අයවැය පෙරලන්නට මාන බැලූහ. කරු ජයසූරිය ප්‍රමුඛ 17 දෙනාගේ සහාය ගත් මහින්ද රාජපක්ෂ පළමුවර කියවීම ජය ගත්තේය. නමුත් එය දශමෙකින් ගිය ජයකි. දෙවෙනි වර කියවීමේදී මහින්ද, රත්නපුරේ මහින්ද රත්නතිලක බිලී බා ගත්තේය. තෙවන වර කියවීමේදී ජනතා විමුක්ති පෙරමුණේ විමල් වීරවංශ ප්‍රමුඛ 18 දෙනෙක් නිසා, මංගල සමරවීරගේත්, රනිල් වික්‍රමසිංහගේත්, අනුර දිසානායකගේත්, එල්. ටී. ටී. ඊ යේත්,කොටි හිතවාදී ජාත්‍යාන්තරයේත් යුධ ජයග්‍රහණය නවතා දැමීමේ අවසන් ප්‍රභලම උත්සාහය ව්‍යවර්ථ වී ගියේය.

එම සිද්ධියෙන් පසුව අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ රූකඩයක් සේ නැටවූයේ මංගල සමරවීර විසිනි. යුධ ජයග්‍රහණයෙන් පසුව ආ ප්‍රථම ජනපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ හිට ගත්තේ සරත් ෆොන්සේකා සමඟය. මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණට ලැබුණ අති විශාල ඩොලර් ප්‍රමාණය පිලිබඳව පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ලේඛණ වලද සටහන්ව ඇත. පසුව එසේ මුදල් ලැබුන බව මාධ්‍ය සාකච්ඡාවකදී අනුර කුමාර පිළිගත්තද, ඔහු ප්‍රකාශ කලේ ඒ පක්ෂයට සුබ පතන්නන් විසින් ලබා දුන් මුදල් බවය.

එතැන් පටන් යුද්ධයෙන් කර ගැනීමට නොහැකි වූ ඒකීය ශ්‍රී ලංකාව බෙදීමේ ක්‍රියාවලිය මැතිවරණ හරහා සිදු කිරීමට වෑයම් කරපු ජාත්‍යාන්තර බලවේග සමඟ ජනතා විමුක්ති පෙරමුණ හරි හරියට සිට ගත්තේය. 2015 ජනපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් නොවූයේත් මෙහි දිගුවක් ලෙසිනි. තමන්ගේ ලක්ෂ පහක ඡන්ද පදනම, සිරිසේනගේ සාක්කුවට ඔබන්නට කටයුතු කල අතර, මහින්ද රාජපක්ෂ පරාජය වූයේ ඡන්ද ලක්ෂ දෙක හමාරකට අඩු ගණනකිනි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දයට ඉදිරිපත් වූවා නම්, සිරිසේනට තවත් ඡන්ද ලක්ෂ හතර හමාරක් අඩු වූවත්, මහින්ද රාජපක්ෂ ඡන්ද ලක්ෂ දෙකකින් ජයග්‍රහණය කිරීමට ඉඩ තිබිණ.

යහපාලනය ගෙන ඒමට දැවැන්ත සවියක් ලබාදුන් ඉන්දියාව, 2016 වසර ආරම්භයේදීම ETCA (Economic and Technology Corporation Agreement - ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම) අත්සන් කිරීමට සැලසුම් සකස් කලේය. නමුත් 2016 ආරම්භයේ සිටම අපේ රටේ සෑම ක්ශේත්‍රයකම වෘත්තිකයන් මේ ගිවිසුමට ප්‍රබල විරෝධතාවයක් දක්වන ලදී. නමුත් රනිල්ගේ සුවච කීකරු ගෝලයා වූ අනුර දිසානායක ප්‍රමුඛ ජවිපේ මේ විරෝධතාවයට එක් වූයේ නැත. මේ එක් නොවීම ගැන මහ ජනතාවගෙන් ජවිපෙට එල්ල වූ චෝදනා නිසාම ඔවුන්ට මෙම විරෝධයට එක් වීමට නොහැකි විය. 2016 පෙබරවාරි ඇරඹූ එට්කා විරෝධයට, ජනතා විමුක්ති පෙරමුණ එකතු වන්නේ 2016 සැප්තැම්බර් මාසයේදීය. ඒත් එට්කා අත්සන් කිරීම මේ රටේ ජාතිකවාදී ජන එකමුතුව විසින් නොකෙරෙන තැනටම තල්ලුකර තිබිය දී, අවසන් මොහොතේ ලකුණු දමා ගැනීමටය. කෙසේ වෙතත් ජනතාව එට්කා පරාජය කර තිබිණි.

නැවත එට්කා කරලියට පැමිණියේ 2022 අවසානයේය. ජනතා ජයග්‍රහණයක් අභිමුව සිටි ජනතා විමුක්ති පෙරමුණ, කෙලින්ම එට්කා සටන් පාඨයක් කර ගත්තේය.

“ඉන්දියාව කියනවා චීනය එක්ක වෙළෙඳ ගිවිසුමක් ගහනවා නම් ඊට කලින් අපිත් එක්ක එට්කා ගිවිසුමක් ගහන්න කියනවා. දැනට අපේ මාර්කට් එකේ වැඩි පංගුවක් අරන් තියෙන්නෙ ඉන්දියාව. ඉන්දියාවේ එට්කා ගිවිසුමේ තියෙන්නෙ මොකක් ද? එට්කා ගිවිසුමේ තියෙන්නේ භාණ්ඩ වෙළෙඳපොළ විතරක් නෙවෙයි, සේවා වෙළෙඳපොළත් විවෘත කරන්න. ඉන්දියානු දොස්තර කෙනෙකුට ඇවිල්ලා මෙහෙ චැනල් සර්විස් එකක් දාන්න පුළුවන්. දැන් අපි බෙල්ලට ම හිර වෙලා තියෙන්නේ. ණය ගෙවන්නෙ නෑ කියල තීන්දුවක් අරන් තියෙනවා. ණයවලින් ටිකක් අපි කපා ගන්න වෙනවා. කපා ගන්න නම් ඉන්දියාවත් එක්ක මේක අත්සන් කරන්න වෙනවා.” (අනුර කුමාර දිසානායක - 2022 ඔක්: 30 ගාල්ලේදී)

මේ එදා අනුර කුමාර දිසානායක එට්කා ගැන කියූ කතාවයි.

නමුත් මෙවර අතිගරු ජනපතිවරයාගේ ඉන්දීය සංචාරයෙන් පසු, ඔහුව යාබද අසුනේ තබාගෙන, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි කෙලින්ම ප්‍රකාශ කලේ, මේ රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනා කරපු ප්‍රධාන මාතෘකා කිහිපයක් ගැනයි.

ඒ ජාතික ජන බලවේගයේ ප්‍රධානතම විවේචනයන් වලට ලක් වූ

1.එට්කා ගිවිසුම අත්සන් කිරීම,
2. නල මාර්ග හරහා ඉන්ධන සහ විදුලිය හුවමාරු කිරීම
3. දෙරට අතර සෘජු ගමන් මාර්ග ඇරඹීමට කටයුතු කිරීම. (නිව් රාම් සේතු)
4. ජවිපෙම විරුද්ධ වූ සාම්පූර් විදුලි බලාගාරය ඇරඹීම

නමුත් ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි ගැනවත්, ඉන්දියා ශ්‍රී ලංකා ධීවර ගැටළු ගැනවත් සාකච්ඡා කල බවක් කොහෙවත් සඳහන් වුනේ නැහැ. කියන්නම ඕන වුනත් කියවෙන්නෙ නැතිව යන්නත් ඇති සමහර විට.

මේ වත්මන් ජනපතිවරයාගේ පළමු සංචාරයයි. ඉන්දියාව පමණක් නොව, ඔහුගේ මේ පදවියට උදව් පදව් කල තව බොහො දෙනා හමුවීමට සිදුවනු නොඅනුමානයි. ඒ අනුව අනුර කුමාර දිසානායකගේ වසර පහක කාලය තුල ප්‍රධාන අභියෝග කීපයක් සමස්ත ශ්‍රී ලාංකිකයා සතුව තිබේ.

📍 ශ්‍රී ලංකා රාජ්‍යයේ ඒකීයත්වය ආරක්ෂා කිරීම
📍 රටට අහිතකර විදෙස් ගැති ගිවිසුම් අත්සන් කිරීම වළක්වා ගැනීම
📍 ශ්‍රී ලංකාවේ ජාතිකවාදය සුරක්ෂිත කර ගැනීම

කෙසේ වුවත්, ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි කඳවුරක නායකයෙකු, ඉන්දියානු ව්‍යාපෘතියක ඉත්තෙක් බවට පත් වීම දක්වා කරගෙන ආපු ඒ සුවිසල් ව්‍යාපෘතියට අපි ජස්තියක් වශයෙන් ඉන්දියාවට ස්තූති වන්ත විය යුතු නොවේද?

ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.

  අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...