Thursday, December 12, 2024

කතානායක වරයාගේ ආචාර්ය උපාධියේ වංචාව නිසා, මාස තුනක් යන්නටත් ප්‍රථම ගිරයට අසුවන මාලිමා ආණ්ඩුව.



ඉතිහාසයේ කෙටිම කාලයක් ඇතුලත දැවැන්තම දේශපාලන අර්බුධයක් ඇති වෙන රජය ලෙස ජාතික ජන බලවේග රජය ඉතිහාස ගත වෙනු ඇත.


ජාතික ජන බලවේගයෙන් එන නිල නොලත් ආරංචි මාර්ග අනුව, පාර්ලිමේන්තු ජයග්‍රහණය සමඟ කතානායක පුටුව සඳහා දැවැන්ත මෙහෙයුමක් ජවිපෙ මන්ත්‍රීවරු සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු අතර සීතල යුද්ධයක් ඇති වී තිබිණ. මුලින්ම කතා නායක ලෙස නිර්දේශ වී තිබුනේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්තිය. මීට ජාතික ජන බලවේගය පාර්ශ්වය විරුද්ධ වූ අතර, ඔවුන්ගේ තර්කය වූයේ උගත් පුද්ගලයෙක් කතා නායක පුටුවේ අසුන් ගත යුතු බවයි. ජවිපෙත් බේරාගෙන, උගත් කතාවත් බේරාගෙන, පැරණිම ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වූ "ආචාර්ය අශෝක සපුමල් රංවල" කතා නායක පුටුවේ, වාඩි කරවීමට ජවිපෙ පාර්ශ්වය සමත් විය. කෙසේ වෙතත් මෙම සිදුවීම ජාතික ජන බලවේගය හා බැඳුන සිවිල් සංවිධානවල කෝපයට හේතු වීම මෙම සංසිද්ධියේ ආරම්භය බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් එම ආරංචි සත්‍ය බව පසක් කරමින්, සමාජ මාධ්‍ය ඔස්සේ, කතානායකගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්ණ කිරීමත් සමඟම, ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරී ආචාර්ය නිර්මාල් දේවසිරි එම ප්‍රවෘත්තියට අත්තටු ලබා දුන්නේය. මේ වනවිට එම මතභේදාත්මක කාරණය නිසා, ජනතා විමුක්ති පෙරමුණ පාර්ශ්වය සහ ජාතික ජන බලවේග පාර්ශ්වය එළිපිට කැම්පේන් කරන මට්ටමට පැමිණ ඇත. දෙපැත්තේ මෙම කැම්පේන් නිසා දෙපැත්තේම රෙදි ලෙහී ගැලවී යාමට පටන් ගෙන තිබේ. කතා නායක ගැටළුවෙන් මිදීමට ජනතා විමුක්ති පාර්ශ්වය ඇඟිල්ල දිගු කලේ බලශක්ති අමත්‍ය "ඉංජිනේරු පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි" වෙතයි. ඔහුගේ ඉංජිනේරු උපාධියක් නොමැතිව, ඉංජිනේරු ලෙස භාවිතා කරන බව හෙළිවිය. ඒ සමඟම වරක් ඉස්මතුව යට ගිය, පැරණිම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු වූ, වත්මන් බෞද්ධ කටයුතු, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සිදුකල බුද්ධිමය දේපල හොර කමත්, ඔහු ඒ සඳහා අධිකරණයෙන් වැරදිකරු කර ඇති බවත් හෙළි විය. ඊයේ උදේ වරුවේ සමාජ මාධ්‍යය තුල රජ කලේ එම පුවතයි. එසැණින් ක්‍රියාත්මක වූ අනෙක් පාර්ශ්ව තවත් ඡෝදනා කලේ වත්මන් නාගරික සංවර්ධන හා නිවාස ඉදිකිරීම් අමාත්‍ය "ආචාර්ය අනුර කරුණාතිලක" විසින් භාවිතා කරන "ආචාර්ය" පට්ටම බොරුවක් බවත් හෙළිවිය. වැඩි දුරටත් ලැබෙන ආරංචි මාර්ග අනුව ඊලඟ ලැයිස්තුවේ සිටින්නේ, ජනතා විමුක්ති පෙරමුණ පාර්ශ්වය නියෝජනය කරන, වත්මන් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ වත්මන් මුදල් නියෝජ්‍ය අමාත්‍ය "ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම" දෙදෙනායි. එරංග ගුණසේකරගේ සාමාන්‍ය පෙළ ප්‍රතිපලත්, හර්ෂණ සූරියප්පෙරුමගේ "ආචාර්ය" පදවියත් ගැන ඉදිරියේදී සමාජ ගත වීමට නියමිත බව, පැලවත්තෙන් ඇහෙන නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ කතාවේ බරපතලම තැන කොතනද?

1. මේ වනවිට කතානායක වරයාගේ ආචාර්ය උපාධිය නිසා මාලිමා රජය දෙලොවක් අතර තනි වී සිටින්නේ ඊලඟ පාර්ලිමේන්තු දිනයේදී, විපක්ෂ මන්ත්‍රීවරුන් මේ පිළිබඳව ප්‍රශ්ණ කිරීමට ඇති සූදානම නිසාය. ඒ අනුව මෙවන් ආචාර්ය උපාධියක් නැති බව කතා නායක වරයාට පිලි ගැනීමට සිදුවන බව අනිවාර්ය සිදුවීමකි. එය එසේ නොවීමට ඉඩ ඇත්තේ කතා නායක වරයා, සිය කතානායක ධූරයෙන් සහ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පමණි.

2. කතා නායක වරයා, කතා නායක ධුරයෙන් හෝ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් නොවූවොත් හෝ කතා නායක ධූරයෙන් පමණක් ඉල්ලා අස් වුවහොත්, එය ගැටළුවක් නොවේ. මන්දයත් කතා නායක ධූරය හෝ මන්ත්‍රී ධූරය දැරීමට ආචාර්ය උපාධියක් තිබීම අනිවාර්ය නොවන බැවිනි. නමුත් කතා නායක වරයා ඉල්ලා අස් නොවුනහොත් පහත කාරණා ඔස්සේ, කතා නායක වරයාට හෝ කතා නායක ධූරයෙන් ඉල්ලා අස් වූ මන්ත්‍රීවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය මේ වන විටත් සූදානම් වී සිටී.

📍 තමන් පිළිබඳ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින්, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සහ මහ ජනතාව නොමඟ හැරීම.

📍 මැතිවරණ කොමිෂන් සභාව වෙත තමන් පිළිබඳ ව්‍යාජ තොරතුරු සැපයීම

📍 උත්තරීතර පාර්ලිමේන්තුවට ව්‍යාජ තොරතුරු සැපයීම හරහා පාර්ලිමේන්තුවේ ගරුත්වය කෙලෙසීම

සහ තවත් ඡෝදනා රාශියක් එල්ල කිරීමට විපක්ෂයේ පාර්ශ්ව කිහිපයක්ම සූදානම්ව සිටී.

3. මෙම විශ්වාසභංගය සමඟ ජාතික ජන බලවේගය මුහුණ දෙන්නේ, "මඟ සිටියොත් තෝ නසී - ගෙදර ගියොත් අඹු නසී" වැනි ඉරණමකටය. කතානායකට පක්ෂව, විශ්වාසභංගයට විපක්ෂව ඡන්දය භාවිතා කලහොත්, මාලිමා රජයේ කන්‍යා පටලය කුඩු වී, සුවිසල් මහජන කල කිරීමට සහ විරෝධයට ලක්වෙනු ඇත. විශ්වාසභංගයට පක්ෂව සහ කතානායකට විපක්ෂව ඡන්දය භාවිතා කලහොත්, කතා නායකට ගෙදර යන්න වෙනවා පමණක් නොව, හොර උපාධි ලේබල් අලවන් ඉන්න මන්ත්‍රීවරුන්ට, කතා නායකගේ සිද්ධිය පූර්වාදර්ශයක් කරගෙන ගෙදර යන්න සිදු වනු ඇත. එසේ වුවාත් මහජන විරෝධය සහ කලකිරීම ඉතාම ප්‍රභල අයුරින් මාලිමා රජයට එල්ල වෙනු ඇත. ඒ වගේම අනාගත වසර පහ පුරාවටම, වංචනිකයන් පාර්ලිමේන්තුව නියෝජනය කරවීමේ ඡෝදනාව, විපක්ෂ විසින් දිගින් දිගටම එල්ල කරනු ඇත. උදාහරණයක් ලෙස, මාලිමාවේ කයි කතන්දර අවසන, විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් නැගිට, "හොර ආචාරියාව කතානායක කරපු අයනේ ඔයාලා", "ඔබතුමාට තියෙන හොර උපාධිය මොකක්ද", "ඔයාලාගෙ උපාධි ගැන අපි දන්නවානේ.. කතා නායක සිද්ධිය මතකනේ" වැනි සමච්චල් කතා වලින්, ආණ්ඩු පක්ෂය දරුණු ලෙස අසරණ කරනු ඇත.

4. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය තුල මාලිමා රජයේ ජාතික ජන බලවේග පාර්ශ්වය පරදා ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණය කිරීම සිදුවන බවට අවිශ්වාසයක් නැත. ඒ පසුගියදා ඡොදනා එල්ල වූ ජනතා විමුක්ති පෙරමුණ පාර්ශ්වයේ හිනිදුම සුනිල් සෙනෙවි අමාත්‍යවරයාටත්, ඡෝදනා එල්ල වීමට නියමිත යැයි සැක කෙරෙන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරටවත් ඉහත තත්ත්වය බල නොපාන බැවිනි. කතා නායක පුටුවෙන් ඉවත් කරත්, ජනතා විමුක්ති පෙරමුණේ නිහාල් ගලප්පත්ති මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කතා නායක අසුනේ වාඩි ගනු ඇත.

ඒ අනුව මාලිමා රජයේ ජාතික ජන බලවේග පාර්ශ්වය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර තිබෙන සීතල යුද්ධයෙන්, උගත් බුද්ධිමත් ජාතික ජන බලවේග පාර්ශ්වය පරදා, ත්‍රස්ත ඉතිහාසයක් ඇති, කපටි නූල් සූත්තරකාර ජනතා විමුක්ති පෙරමුණ පාර්ශ්වය, සර්ව සම්පූර්ණ ජයග්‍රහණයක් අත් කර ගනු නියතය. ඔවුන්ගේ ජයග්‍රහණය තුල, "ආණ්ඩුකරණයට ඇති අකමැත්ත" යන සිතුවිල්ල පවා ජයග්‍රහණය කිරීමට ඉඩ ඇති බවද කිව යුතුය.

අවසාන වශයෙන් යමක් කිව යුතුය.

"බොහෝ පිරිසක් කුඩා කාලයකටත්, කුඩා පිරිසක් බොහෝ කාලයකටත් රැවටිය හැකි නමුත්, බොහෝ පිරිසක්, බොහෝ කාලයකට රැවටිය නොහැකිය" යන්න පාලකයාත්, පුරවැසියාත් නිතර නිතර මෙනෙහි කල යුතු කාලය පැමිණ තිබේ.

අභීත එදිරිසිංහ
2024 දෙසැම්බර් 12

#අශෝකරංවල #ජාතිකජනබලවේගය #ජනතාවිමුක්තිපෙරමුණ #පුන්‍යශ්‍රීකුමාරජයකොඩි #අනුරකරුණාරත්න #එරංගගුණසේකර #හර්ෂණසූරියප්පෙරුම #හිනිදුමසුනිල්සෙනෙවි #AshokaRanwala #HinidumaSunilSenevi #ErangaGunasekara #AnuraKarunarathna #HarshanaSooriyapperuma #PunyaSriKumaraJayakodi #JathikaJanaBalawegaya #JanathaVimukthiPeramuna #JVP #NPP #SriLanka #ශ්‍රීලංකාව

No comments:

Post a Comment

ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.

  අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...